අාදරේ සිහිනයක්..............
වැහුණු නෙත් යට සැගවිලා
ශ්වේත අංජන තැවරිලා
රැයක් එළිවෙන තුරා පෙනෙනා මම මාව දකිනා සිහිනයක් ........
ප්‍රේමයේ කඩතුරාවෙන්
වැහුණු දෙනුවන් නුරාවෙන්
හමායන සැඩ සුළං අැවිදින්
ගසාගෙන ගිය ජීවිතේ............
වළාකුලුමත සතපලා නැවත පණපොවනා සිහිනයක්..............
දිරාගිය දඩු මත හැදූ
මුලාවෙන් මම ගොඩනැගූ
සුනු විසුනු වී ඉකිගැසූ
මට අයිති නැති ජීවිතේ ............
අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක් ................
තුෂාර විතාරණ
.
අද මමයි එක. හිටහං කියවන්න.
ReplyDeleteකියවලා තේරුම ගැනත් කතා කරමුකෝ ඒහෙනං......
Deleteසිහිනයකට පාට දෙන්න.
ReplyDeleteලස්සනයි.
හීන අැත්තට ම කලු සුදුද ප්‍රසා අයියා..................?????
Delete70 දශකයේ වගේ එකක් පෙනුනොත් අනිවා කුරුට්ටො black and white.
Deleteමෑත කාලෙ හීනත් කළු සුදු නම් පාට 24 චෝක් පෙට්ටියක් කාපං (මතක ඇතුව 'හොම්රන්පැස්' කියා ඉල්ලන්න ) නැතිනම් ඔබේ සිහින බොදවී යා හැක.
හැක්.. තුන ඩී කණ්නාඩි දාගෙන එහෙම නිදාගන්න එපා. එතකොට හීන උනත් 3 ඩී වෙලා පේන්නෙ.
Delete@ කම්මලේ.....
Deleteඅැයි මේ ඒක කමෙන්ටුවක්..... කෝ අනික් ඒක....
ඒක නෙමෙයි කම්මලේ වෝටර් කලර්ස් බිව්වොත් තමා බොදවෙන්නේ.....
@ ප්‍රසා
මතකද අර හීන අස්සේ හීන පේන කතාව..... කාගෙද ඒ පෝස්ටුව.........???????
අන්න ඒ වගේ හීනයක් දැක්කා නම් සුපිරියි නේද???
අපේ ජීවිතේ අපිට අයිති නෑ තුෂාරයො. මේක කාන්චනා දැක්කද?
ReplyDeleteතාම නැහැ.............. දැක්කානං මං කොහොමද බං කමෙන්ට් කරන්නේ,,,,,????????
Deleteකසුන් ඒ්ක ලියුවේ කාටද කියලා මම අැහුවේ කැහැ.මම ලිව්වත් ලිව්වෙ කාටද කියලා තුෂාර අහන්නෙ නැහැ.ඒ් හින්දා අවුළක් නැහැ........
Deleteකාංචනා
...//මට අයිති නැති ජීවිතේ//...
ReplyDeleteඒකනම් ඇත්ත බං.තවත් පැත්තකින් බලනකොට අපි ජීවත් වෙන්නෙත් අනුන් වෙනුවෙන්.
වැඩිපුරම අපි කාලය ශ්‍රමය වැය කරන්නේ අනුන් වෙනුවෙන් තමා...... අනික අපේ ජීවිත හැම වෙලාවෙම හසුරුවලා තියෙන්නෙත් අනුන්ම තමා...........
Deleteඔය සිහිනෙ යථාර්තයක් කර ගත්තට ඒක හරිම වදයක්, සිහිනයක් විදියටම තිබුනනම් කියල හිතෙන්නෙ එතකොට තමයි.
ReplyDeleteහීන වලදී අපිට හැබෑ ජීවිතයේදී කරන්න බැරි දේවල් කරන්න අපිට පුළුවන් වෙනවා.... අැත්තට ම මිනිස්සුන්ගේ තියෙන පීඩනයන් අඩු කරන විදිහක් තමා ඒකත්...... කොහොමත් කම්මලේ අාදරය සහ සිහින අතර ලොකු බැදීමක් තියෙනවා....... හා නැද්ද හොදයි......?????
Deleteඅප්පා ....ඔව් හීනෙන් තරම් ආදරේ විදින්න වෙන හොද විදිහක් ඇත්තෙම නෑ.
Deleteප.ලි - නින්දෙන් නොකියවන තාක් සනීපයි.
අා............... ඒහෙම දේකුත් තියෙනවා නේද??????? කම්මලයා කියෙව්වොත් අනිවා මාට්ටු....... අැයි දෙපාරක්ම කියවනවානේ......
Deleteඅැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක්
ReplyDeleteඔන්න හොඳ හීන
ඉයන්ට නං පණ පොවන්නම වෙනවා දැන්......... අන්තිම අඩියෙනේද?????
Deleteඇත්තට බැරි වුනාට හීනෙදි කැසනෝවා තමයි හික්ස්
Deleteහහ්........... හහ්........ හා.........
Deleteමොනාද මේ ලියන කුනුහබ්බ.. මේ ක දීපං ලමෙකුට.. ඩී ඩී ඩී...
ReplyDeleteජ ය වේ වා !!!
අා............... තාම ඉන්නවා නේද???? මෙහෙම කියලා උඹ මේ බ්ලොගය ගසා කන්න නේද ට්‍රයි ඒක...... අපි අහුවෙයි ඔ්වාට....
Deleteලස්සනයි තුෂාරයෝ ගීතයකට හොඳින්ම ගැලපෙනවා...
ReplyDeleteජයවේවාූ
තැන්කූ තැන්කූ............. උත්සහයක් කරමුකෝ බලන්න නේද????
Deleteමේක කියවල සෑහෙන වෙලාවක් මං කල්පනා කලා මොනාද මං කියන්නෙ කියලා. ගීත, නිසැඳැස්, කවි තියෙනවා බොහොම ලස්සන අර්ථාන්විත. ඒත් ඒ බහුතරයකට තියෙන්නෙ එක කතාවක්. එක තේරුමක්.වැඩිම උනොත් මතුපිට තේරුමයි, යටින් යන තේරුමයිත් එක්ක තේරුම් දෙකක් තියේ. ඒත් මේකනම් දෙපැත්ට කැපෙන ආයුධයක් නෙවෙයි, හතර අත කැපෙන ඕදිරිස් හිරමණයක්!
ReplyDeleteඅති අලංකාරයි ගී පවුරේ.. ඇත්ටටම නියමයි. මට ඇහෙනව මේක ආත්මා ලියනගේගෙ හඬින්, ඇයිද මංද.
ස්තූතියි මනෝෂ්...............
Deleteමේ වචන තමා අපිට තියෙන සතුට..... අාත්මා.... අාත්මා..... තව ටිකක් හිතන්න ඔ්නේ... මගේ හිතේ තියෙන කටහඩ ටිකක් විතර වෙනස්.... අනේ මන්දා... මං කරන හැම නිර්මාණයකදී ම ඒ හඩට තමා ලියැවෙන්නේ..... අපි බලමුකෝ මොකක්ද හරියන්නේ කියලා......
/මේක කියවල සෑහෙන වෙලාවක් මං කල්පනා කලා මොනාද මං කියන්නෙ කියලා/
Deleteகனெப அளயைஙை2ா????
බොට පිස්සුද බං???
විදානේ -
අැයි විදානේ................ රූපෙ හොරකං කරලාද????
Deleteඕදිරිස් හිරමනේට තල අටයි. ඕව දන්නෙ ඉතිං පොල් ගාන උදවියනෙ. ඔය ගුරාල දන්නෑ ඔව්වා.
Deleteඅනේ මන්දා මේ දවස් වල හැමෝම මේ හීන ගැනමයි කථාව ...වැස්ස නිසා සැපට රෑට නින්ද යනවා ඇති ..හැක්
ReplyDeleteඈත අහසේ නැඟේ දිනිඳු පායා
සීත සුළඟින් ගෙනාවේ ආදරේ
ආදරේ
ආදරේ සිහින ඡායා
ඈත අහසේ නැඟේ දිනිඳු පායා
තරුණ ගොයමින් ගමේ වෙල් සිනාවේ
කවුරු සනසන්නදෝ මේ වෙලාවේ
පුරුදු ගතියයි කැලෑ මල් ගෙනාවේ
ලොවම සුවඳින් පිරේ වාසනාවේ
කවුද මට මේ සුවය දුන්නේ
හැංගි හැංගි පෙනේ රූප ඡායා
ගොපලු දරුවන් ගැයූ බට නළාවේ
මිහිර කවුදෝ අනේ මේ ගෙනාවේ
අඳුරු යුගයක් ගෙවූ වේදනාවේ
සුවය ලැබුවා ඔබේ මල් හිනාවේ
කඳුළු ගංගා සිඳී යන්නා
කවුද ඇන්දේ හදේ රූප ඡායා
ඈත අහසේ නැඟේ දිනිඳු පායා
ගායනය - සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න
පද රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - සිසිර සේනාරත්න
1965 දී තිරගතවූ "හඳපාන" චිත්‍රපටියේ ගීයක්.
හරිම ලස්සන ගීතයක් සින්දුවෝ............ තැන්කූ.....
Deleteharima lassanayi :)
ReplyDeleteස්තූතියි විශ්................
DeleteYathaarthayak wanathuru sihinayak, kaage hoo sihinayak.
ReplyDeleteඒක හරි.............. අනුන්ගේ හීන........
Deleteඅර මනෝෂ් කියනවා වගේ පැති කිහිපයක් තියන නිසාද මන්ද මට එක තේරුමක් ගන්න අමරුයි කුරුටු .
ReplyDeleteකවිය නම් ලස්සනයි කුරුටු
ස්තූතියි සබරේ.................
Deleteකොඳුරන වචන පේලි..
ReplyDeleteජයවේවා..!!
ඔව් ගස්............. කොදුර කොදුර ලියන පද........
Deleteඅපෙන් දුර අපේම සිහිනයක්.
ReplyDeleteඅපිට දුර අපේම හීන ගැන හැමෝට ම තියෙන තමන්ගේ ම හැගීම්.........
Deleteලස්සනයි...
ReplyDeleteස්තූතියි ඉන්දරේ........
Deleteආදරේ හීනයක් කියලා කිව්වාට සැබෑ වෙන වෙලාවලුත් තියෙනවා.
ReplyDeleteඔව් ඒක අැත්ත..... අපි ජීවත් වෙන්නේ ඒ හැබෑ වුණ හීන ඒක්ක තමයි....
Deleteදිරාගිය දඩු මත හැදූ
ReplyDeleteමුලාවෙන් මම ගොඩනැගූ
සුනු විසුනු වී ඉකිගැසූ
මට අයිති නැති ජීවිතේ ............
ව්‍යංගාර්ථවත් පැදි පෙළක්......ලස්සනයි අයියෙ. අනේ මට එදා donation 1ට එන්න වුණේ නෑ නෙ....අද තමයි මේ පවුර පැත්තෙවත් ආවෙ, welcome1 15 තිබ්බෙ මං තාම ගෙදර ගියෙවත් නෑ,
මට හරිම දුකයි එන්න වුණේ නැති එකට.
ඉසුරි තුෂාර අයියා මේ දවස් වල කාර්ය බහුලයි.මේ පැත්තට අාවම විස්තර කියයි..
Deleteතුෂාර.. පරක්කු උනා එන්න... අපූරුයි... ඇත්තටම. මේක ගේය පද රචනාවක් වගේ නේද?? මට දැනුනේ එහෙම... ජයවේවා...
ReplyDeleteස්තුතියි මචන්......
Deleteහරිම ලස්සනයි
ReplyDeleteතැන්කු ශානු......
Deleteම්හු...ශබ්ද රසය දැනේ. අර්ථ රසය නොදැනේ. මටත් මක්ක වෙලාද මන්දා.
ReplyDeleteමේකට නම් රිප්ලයි කරන්න තුෂාර ඉන්නම වෙනවා....
Deleteකාංචනා
සිහිය තියෙන වෙලාවක කියවලා බලහංකෝ.... ඒකත් තේරෙයි......
Deleteගොඩක් ලස්සනයි කාංචනා..
ReplyDelete