Wednesday, December 23, 2015

කෝ අපිට නඩු............... කෝ FCID......



සිල්වා කොහොමද ඉතින්.......???
මේ සිල්වා එදාටත් වැඩිය හොදින් ඉන්නවා දැන්.....

ඒ වුණාට ඉතින් පැරදුනා නේද සිල්වා...???
මේ සිල්වා පරදින්න ඡන්දේ ඉල්ලුවා යෑ....
අනික කවුද පැරදුනේ...? 
මට පෙන්නන්න මෙන්න මෙයා පැරදුනා කියලා
කවුරුත් පැරදුනේ නැහැ.... 
හා කවුද පැරදි හොදයි.....???

හරි මං මෙහෙම අහන්නම්කෝ.

අනික් කට්ටිය දිනුවා නේද සිල්වා ......???
දිනුවා.......... හිහ්.. කවුද දිනුවේ.....??? 
මට පෙන්නන්න මෙයා දිනුවා කියලා.
කවුරුවත් දිනුවේ නැහැ.... 
හා කවුද දිනුවේ හොදයි......???

නෑ මං කියන්නේ හැම දේම වෙනස් වුණා නේද සිල්වා....???

පිස්සුද..? කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ... 
තිබ්බා වගේමයි....
හා වෙනස් වුණ දෙයක් මට පෙන්නන්න බලන්න.... 
මොනවද වෙනස් වුණේ....???

හිතාගෙන හිටපු දේවල් හරිගියේ නෑ නේද සිල්වා....???
කවුරු හිතාගෙන හිටපු දේද හරිගියේ....???
කිසිම කෙනෙක් හිතාගෙන හිටපු දේ වෙලා නැහැ.
හා කවුරු හිතාගෙන හිටපු දේද හරිගියේ හොදයි.......???

ඒ වුණාට සිල්වා අමාරුවේ වැටුණා නේද.....???

අමාරුවේ වැටුණා.... මේ සිල්වා....
දන්න හරිය තමා ඔය.....
අච්චර කට්ටියක් උසාවි ගානේ දැක්කුවත්
අපි කොච්චර පරිස්සමට ඉන්නවද බලන්නවා...
මහ දවල් මිනිස්සු ගස් බැන්දාට...
හමුදාවේ ලොක්කන්ට කණ පැලෙන්න ගැහුවාට....
දුටුගැමුණු වගේ ටවුම පුරා නාඩගං නැටුවාට...
කෝ අපිට නඩු............... කෝ FCID......
අැයි මගේ අහිංසක කොල්ලා. 
බලන්නකෝ අනික් දරුවෝ වගේද කියලා
ඉතින් අපි කොහෙද ඕයි අමාරුවේ වැටුණේ...........????


කසුප් අනුරාධ


.

48 comments:

  1. බලපුවම ඇත්ත තමයි

    ReplyDelete
    Replies
    1. කෝ නඩු................. කෝ...........

      Delete
  2. //Api koheda ooyi amaaruwe watune//
    aththane kathawa silva gaanata safe eke ennawa.....

    ReplyDelete
    Replies
    1. හැම ඒකාම උසාවිගානේ...... පරීක්ෂණ කොමිසම් ගානේ ගෙන්නුවාට සිල්වා පරිස්සමට ඉන්න හැටි............. අන්න කොල්ලෝ.....

      Delete
  3. මර්වින් සිල්වා
    කව්දබන් ඒ??
    මට මතක නැනේ......

    මට තියෙන්නේ සිංහ ලේ......

    ReplyDelete
    Replies
    1. සිල්වලා ඒහෙම තමා......... අමතක කරලා හරි ගොඩයනවා.....

      Delete
  4. ඇයි? අර අහිංසක කොල්ලගෙ .... මිරිකුවේ බඩ කොරවෙන්න. තාත්තා කරපුවා පුතාටනෙ වැදුනෙ. ඊට පස්සෙ ඔඩෙල් එක ළඟදි දුන්නෙ සිංගප්පූරු හරි රේමන්ඩ් හරි ගිහිං සනීප වෙන්නම. ඊට පස්සෙ සුද්දි දුන්නෙ ආයි බඩ කොරවෙන්න. මදිද තව?
    ඒ මොනවා වුණත්, ඡන්ද දායකයින්ට මූ මාර බොක්ක බං.

    ReplyDelete
    Replies
    1. අැයි අර නවනින්දන් නෝනාගෙන් කසාදයක් කරගමුද කියලත් අැහුවේ........?????? සිල්වා ඒ කාලේ කොරපුවා දැනටමත් අපිට අමතක වෙලා.... ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පැදපු ඒකයි, සතොසෙන් බඩු ගත්තු ඒකයි, රගර් ගහපු ඒකයි තමයි දැන් අැදලා යන වැරදි............... සිල්වා කරපුවා දැන් අමතකයි.....

      Delete
  5. නඩු නැත උසාවි නැත

    ReplyDelete
    Replies
    1. අපේ ෆයින් අදින්න කලින් අපි උන්ගේ ෆයිල් අැදීමෙන් අාරක්ෂාව සලසා ගත හැකිය........

      Delete
  6. Replies
    1. සිල්වා හිටියාට වඩා පරිස්සමට ඉන්නවා පුතා..........

      Delete
  7. පොඩි මාළු ගුණ වුනාට ලොකු මාළු රසයි - FCID

    ReplyDelete
    Replies
    1. අපිට නැට්ට පෙන්නලා යන මාලුත් ඉන්නවා ඔ්යි - FCID

      Delete
  8. ඒ... නියමයි කුරුට්ටා.. මැරවිය ඔය විදිහටම තමා උත්තර දෙන්නෙ ප්‍රශ්න වලට... එළ එළ

    ReplyDelete
    Replies
    1. අම්මපා බං.................

      දැන් බැලුවාම මේ මිනිහා කිසිම වරදක් කරලා නැහැනේ...... අැයි ඒහෙනං ඒ කාලේ මූට පලු යන්න බැන්නේ......

      Delete
  9. හෑ? කොහේ තියෙන නඩුවක්ද යකෝ? කොහේ තියෙන FCID එකක්ද යකෝ? මුට පිස්සු. අන්න හිරුනිකා නෝන නඩු බලෝනව.

    ReplyDelete
    Replies
    1. නඩු බාවලා අරං නඩු බලවනවා............

      //පිස්සුද..? කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ...
      තිබ්බා වගේමයි....
      හා වෙනස් වුණ දෙයක් මට පෙන්නන්න බලන්න....
      මොනවද වෙනස් වුණේ....???//

      Delete
  10. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...

    ReplyDelete
    Replies
    1. දැන් ඒහෙම නෙමෙයි....

      හාමුදුරුවන්ට නඩු....... අපිට බඩු.............

      Delete
  11. සිල්වා.. හැබෑටම බුවාව අමතකම වෙලා තිබ්බෙ. හරිම පව් අප්ප හිහි. ඔය යකාටම ගියපු කාලයක් තිබ්බ නෙව..
    දැං මර්වියාගෙ පාට් එක හිරුනගා ඇට් කොරන්නෙ යස අගේට.
    මර්වියා පරාදයි ඕයි..
    බුවාට දුක ඉතිලද දන්නෑ

    ReplyDelete
    Replies
    1. අතීතය අායෙමත් සිදු වෙනවා කියන්නේ ඔ්ක තමා මහේෂ්......

      දුක හිතෙන්නේ සිල්වාට නෙමෙයි මහේෂ් අපිටයි.......

      Delete
  12. දැන් ලිව්වට ඒ කාලෙ ලිව්වා නම් බලාගන්න තිබ්බා කුරුටු කුරුටුටම ගහගන්න අපූරුව.

    ඇත්තට මර්වින්ට දැන් මොනව වෙලාද පේන්නවත් නැත්තෙ

    ReplyDelete
    Replies
    1. ඔය සුදු වෑන් කලු ඩිෆෙන්ඩර් කතාව අාවාම මටනං මේකයි මතක් වුණේ.... මේ වෙන්නේ වෙන දෙයක් නෙමෙයි තිබුණ දේම තමයි.... කිසිම වෙනසක් වෙලා නැහැ..... මොකද උන් කරෙත් මුන් කරන්නෙත් දේශපාලනය..... ඒක දේශපාලනය මිසක් වෙනකක් නොවෙන තාක් මේ හැම දේම ඒ විදිහට ම සිද්ධ වෙනවා....... සුදු කලු වගේ පාට විතරයි වෙනස් වෙන්නේ...

      දැන් බලන්න නාමල්ට ගහන්න ඔ්නේ වුණාම මරණ සහතිකේත් දුන්නු තාජුඩීන්ව ගොඩගන්නවා...... ගිය අාණ්ඩුව තියෙද්දි අනතුරක් වෙච්චි තාජුඩීන් මරණය දැන් මිනීමැරුවක් වෙනවා...... මුං දෙගොල්ලෝ දෙපැත්තට වෙලා මේ දූෂණය කරන්නේ නීතියේ අාධිපත්‍යය කියලා කාටවත් තේරෙන්නෑ.... අපිට තියෙන අාරක්ෂාවයි මේ නැති වෙන්නේ........

      තාජුඩීන් ගොඩඅරන් නාමල්ට ගහන්න හැදුවාට සිල්වාට හෝ සිල්වාගේ පුතාට කිසිම සද්දයක් දාන්නේ නැහැ.... මොකද උන් යටත් වෙලා ඉවරයි..... යටත් නොවන අයට විතරයි නීතිය... උසාවි..... කොමිසම්..... මේකයි අැත්ත...... මේකම තමයි කලිනුත් කරේ.. ෆොන්සේකා කොච්චර උසාවිගානේ ගියාද?????? කෝ දැන් ඒ නඩු..... මේක තමයි අැත්ත...... අපි කොච්චර වහගෙන ගැහුවත් මේකයි අැත්ත......

      Delete
  13. Replies
    1. හත්තිලව්වයි.......... ඒකනේ තාම ගානට පදින්නේ....

      Delete
  14. අම්මප බොල සහතිකෙන්ම ඇත්තනේ... ඔය හාදයා අමතකකවෙලාම ගියානේ. අනේ අම්මපල්..

    ReplyDelete
    Replies
    1. අමතක වෙලා කියනවාටත් වැඩිය අමතක කරලා දැම්මා..........

      Delete
  15. අන්තිමට නිලධාරි ටිකක් නම් දක්කලා තියෙනවා... අනේ කාලේ වනේ වාසේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පව්බං අහිංසකයෝ.......... අන්තිමට පරිපාලන සේවයේ උන් ටික කූඩුවේ.......... හත්තිලව්වේ.....

      Delete
  16. හොඳ දේශපාළණ ඉවක් සහිත සතෙක්...

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ටුවේ අන්තිමට වචනය නං හරියට ම හරි.....

      Delete
  17. සිල්වා දක්ෂයෙක්..එතුමා මහින්ද පැත්තෙ හිටියනම අද ඇතුලෙ..ඇමතියෙක් වෙලා හිටියනම් නම් අද හෙන ගූගද අමාත්‍යාංශයක් අරගෙන නානවා..දැන් මොකුත් නැතිව සනීපෙට කලිං කරපු යටි මඩි බිස්නොස් ටිකක් කරගෙන සිල්වත්ව ඇති..

    ReplyDelete
    Replies
    1. මේ සිස්ටම් ඒකට දේශපාලනයෙන් අයින් කරලා පරිස්සම් කරපු චරිත යූඒන්පී අාණ්ඩු කාලෙත් හිටියා..... මේක මේ දැන් සිද්ධ වුණ අමුතු දෙයක් නෙමෙයි....... උදාහරණ ඉතින් අවශ්‍ය නැහැනේ...

      අනික තමා කෝ දැන් කරුණා..... ඡන්දෙ කාලේ උඩදාගෙන කෑ ගහපු කේපී කෝ දැන්......... අඩුම කෝ කියලා අහන ඒකවත් අපේ යුතුකමනේ..... ඒකයි අැහුවේ....... උත්තරේ හැටියට ඉතින් අනේ මට මතක නැහැනේ කියයි..... මොනවා කරන්නද මේක ලංකාවනේ..........

      Delete
  18. ඇත්ත කතාව.. අමාරුවේ වැටුනේ වැරදි නොකරපු උන්..

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ කමියා..........

      ඔය පරිපාලන සේවයේ කස්ටිය ඔය වැඩ පිළිවෙලට කරලා තියෙනවා... ඉතින් උන් ව අල්ලලා තිබ්බාම කොහොමත් වැරදි කරුවෝ නොවී බේරෙනවා.... ඒත් අැමතිලා අල්ලලා දුන්නොත් මේ මෝඩ රැළ අහුවෙනවානේ.... අරුන්ට මොලේ තියෙනවා.....

      මේකත් පොඩි ටැක්ටික් පාරක්..... දැන් ඉස්කෝල වලට ළමයි ගද්දි බලන්නකෝ.... ළගම ළමයි කපලා දුර උන් පළවෙනි වටයට කීපයක් ම අස්සෙන් අස්සෙන් රිංගවා ගන්නවා..... උන් අභියාචනා දැම්මාම කොහොමත් තේරෙනවානේ..... ඒ නිසා කලින් ම ගන්නේ දුර ඒවුන්... ඉතින් දෙගොල්ලොම අැතුළේ...... මේක තමා සිස්ටම් ඒක...

      Delete
  19. Replies
    1. තැන්කූ.............. කමියා....

      වෙනදා අජිත් අයියාගේ රූපයෙන් යන කමෙන්ටුව උඹම දාලා....ජයවේවා

      Delete
  20. Replies
    1. හික් හික්...................

      පෝයට නිවාඩුද හිටියේ..........????

      Delete
    2. ඔවු, විනාඩි කීපයක් විතරක් පෙනී හිටිය.

      Delete
    3. ඒක හරි............. සිල්ගන්න ඒපැයි නේද?????

      Delete
  21. පෙර දිනක එදා හමුවුයේ කොතැනකදෝ...
    මට මෙන්ම ප්‍රිෙය් ඔබටත් එය අමතකදේා....

    ලා ලාල ලා... ලා ලාල ලා.. ලා ලාල ලා..................................................................................................................................................................................


    මල මගුලයි මෙතැන කොටන්න හිටපු කොමෙන්එක වැටුනේ http://andhakaratharakawa.blogspot.com/2015/12/blog-post_49.html?showComment=1451020007114#c6723012507738275901 මෙතැන

    ගිහිල්ලා බලාපියව්...

    ජ ය වේ වා !!! කො සිල්වා !!!

    ReplyDelete
    Replies
    1. හරි හරි. ඒ කියන්නෙ උඹ උදේම මොනවහරි පාවිච්චි කරල.

      Delete
    2. නෑ........... නෑ අද ඔ්කා රෙපයාර් කරන්න යන්න හිටියේ.....

      Delete
    3. විදානේ............

      හරි උඹ ගානට වැඩේ කරලා.............

      Delete
  22. සිල්වා ගුරුසාමි හම්බවෙලා ගුරුකම් කරවාගන්න කට්ටිය පස්සෙන් යනවා ඇති දැනටමත්.

    දේශපාලනයේ සිල්වා න්‍යාය කියලා එකක් නොහැදුනොත් තමා පුදුමේ.

    ReplyDelete
    Replies
    1. විචා වටිනා න්‍යායක් තමා හදලා දුන්නේ......

      //සිල්වා න්‍යාය// හැබැයි අවුල තමයි දැන් දැන් සිල්වාට වඩා අගේට මේ ගේම ප්ලේ කරන අය බදුල්ල පැත්තෙන් ඒහෙම බිහිවෙමින් ඒනවානේ....... ඒ අය විතරක් නෙමෙයි දන්නෑ වගේ සද්ද නැතුව හිටපු පොරවලුත් මේ වැඩේම කරනවානේ........ ඒකයි ඔය න්‍යාය තාම හරියට හැදුන්නැත්තේ....... හැබැයි සිල්වා නං සුපිරියි නේද????????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...