Monday, December 7, 2015

අදත් බීලා අාවානේ .............?



බිරිඳ - මොකෝ ඔයා අැඹරෙන්නේ, අදත් බීලා අාවානේ?

ස්වාමියා - අපෙ ලොක්කගෙ සීයා මැරුණ හිතේ ශෝකෙ නිවාගන්න
                ජයසේනත් එක්ක ගියා බාර් එකට එකක් ගන්න

බි - එකක් ගත්තු හැටි පේන්නෙ ඉහෙන් කනෙන් වෙරි පෙරෙන්නෙ
      කිතුලට ගිය මිනිහාටත් කියන්න උත්තර තියෙන්නෙ
      ගෙදර තියෙන අගහිගකම් නෑනෙ ඔයාලට පෙනෙන්නෙ
      අායෙත් නෑ මං කියන්නෙ කවදාහරි මට්ටු වෙයිනෙ

ස් - ඊට වඩා ගොඩක් ප්‍රශ්ණ මගේ හිතේ කැකෑරෙන්නෙ
      ඒවට උත්තර හොයන්න එකක් දෙකක් ඕන වෙන්නෙ

බි - ළමයින්ගේ හෙට දවසයි මේ විදිහට දිය කරන්නෙ
      හම්බකරන කිසිම දෙයක් නෑ හරියට ඉතිරි වෙන්නෙ
      ඔය ජරාව තොල ගෑවම මොනාද ඔය හැටි ලැබෙන්නෙ
      ජන්මයටත් එහා ගියපු පුරුද්ද නෑ අතාරින්නෙ

ස් - වෙහෙස වෙලා ගෙට අා විට කියව කියව ඉන්නෙ නැතුව
      සුහද බිරිඳ වගේ ඉතින් උයපු දෙයක් බෙදල ගන්න

බි - උණ පුරුකේ ලා හැකිනම් බලු වලිගේ අැද අරින්න
      වෙණ වයලා පලක් වේද බීරි අලින් හට අැහෙන්න
      බොනවා නම් දහක් හේතු තිබේ නිදහසට කියන්න
      යනවා මං ගෙදර යන්න ඔයාම අද උයාගන්න

ස් - ඉතින් යනවා යන තැනකට මට හැකි ගේ බලාගන්න (තමන්ටම)
      එහෙම කියලා කොහොමද මට බෑ මේ වැඩපළ කරන්න

      යන්න එපා අනේ ගෙදර වැඳලා කියන්නම් හාමිනෙ
      මෙව්වා ඉතින් බිව්වා කියලා නෑ ඒ හැටි සැප ලැබෙන්නෙ
      ඔන්න කිව්ව අායෙත් නෑ මං මේ හැටි අඩි ගහන්නෙ
      ඉන්න ටිකේ දුක සැප දෙක ඔයා එක්ක බෙදා ගන්නෙ



ඉසුරිකා උත්පලානී


'

84 comments:

  1. හහ් කොහොමද කාලෙකින් මට එක වෙන්න ලැබුනෙ.

    ReplyDelete
    Replies
    1. ශහ් මරු අදහස්නෙ ඉසුරිකාට එන්නෙ. නියමයි ආයෙ කියල වැඩක් නෑ.

      Delete
    2. ඉස්තූතියි අහසෙන් එන්න...
      රටේ ලෝකේ වෙන දේවල්නෙ මේවා. හැමදාම කොමෙන්ටුවලින් දිරිමත් කරනවට ප්‍රණාමය

      Delete
  2. එක සත්තමෙන් මහත්තයා සරෙන්ඩර් නෙහ්.. :)

    ReplyDelete
    Replies
    1. සරෙන්ඩෙර් වෙලා ඉන්න එපැයි නේද කල්යාණ මිත්‍ර

      Delete
  3. වෙහෙස වෙලා ගෙට අා විට කියව කියව ඉන්නෙ නැතුව
    සුහද බිරිඳ වගේ ඉතින් උයපු දෙයක් බෙදල ගන්න

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉයන්.......

      Delete
    2. මම අදහස් කලේ යහපත් බිරිඳක් කල යුතු දේ ඒකයි කියල. දවස් දෙකක් විතර ගියාට පස්සේ පොඩ්ඩක් තොදොල් වෙලා කිව්වම, "ඔයා බීල එනකොට මොනවහරි වෙයි කියල මම බයයි ඒයි"කිඅයල මිනිහ සරෙන්ඩර්. බීල ඉන්නකොට වලි ඇදගැනීම වලි පෝලිමකට මුලයි

      Delete
    3. කොහොම හරි අන්තිමට දෙන්න ෂේප් වුනානෙ ඉයන්...........

      Delete
  4. හරියට හරි නගා අතාරින්ටෙපා. එනවා මෙතන බෝතලයක් කරේ ගහන්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියා...... ඉස්තූතියි ඇනෝ අයියා.....

      Delete
  5. ජයවේවා ! ඉසුරිකාට ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉස්තූතියි සාරිකා......... ඔබේ දිරිමත් කිරීම වටිනවා

      Delete
  6. හෑ..සදු මට කෑ ගහනවා ඇහිලා මේක ලිව්වට..කොස්සෙන් ගහනවා දැක්කෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මෙන්ඩට වෙච්ච දේ ඉසුරි කොහෝමද හරියටම දැනගත්තේ.මෙන්ඩගේ පොටෝ එකකුත් දාලා තියෙන්නේ.

      Delete
    2. දෙකම දැක්ක මෙන්ඩ අයියෙ.....මතුසම්බන්ධයි,
      මෙන්ඩා අයියගෙ පොටෝ එක දුන්නෙ අපේ තුෂාර අයියා මනෝ අයියෙ

      Delete
    3. මෙන්ඩ බීල කියවුනා දැන් සදූ ගහන්නෙ මෝල් ගහෙන් කියල. පව් බං මෙන්ඩ.

      Delete
    4. මෙන්ඩා කොසු අරං යන්නෙ තොග මිලටලු.

      Delete
    5. (කොස්සට චු කරලා ගහන ඒවා..සිනි බෝතලෙන් ඔලුවට ගහන ඒවා..බිත්තියේ ඔලුව අනින ඒවා..දන ගස්සලා තියන ඒවා..එලියට දලා දොර වහන ඒවා මුන් දන්නෙ නෑ හොද වෙලාවට)

      Delete
    6. ටිකක් එහා පැත්තෙන් විදානයායි අසංගයයි ඉයනුයි වැටිලා හිටියා..ඒ ෆෝටෝ එක කෝ තුෂාරයෝ?

      Delete
    7. නෑ මෙන්ඩෝ.....

      ඔය තියෙන කුණු බක්කි දෙකේ ඉන්නේ අපි තමා..... ගහන ඒක කුණු වෙන්න ගහනවා කියන්නේ ඒකට.... හැක්....

      Delete
    8. හැක්.. ඔය ඉන්නෙ සෙට් එකම.

      Delete
    9. අා............ කියන්න අමතක වුණා... ඒ රූපයේ තියෙන්නේ කුණු බක්කි දෙකක් වුණාට තවත් කීපයක් ඒහා පැත්තේ තියෙනවා... ප්‍රසා අයියා තුන්වෙනි ඒකේ ඉන්නවා..... (නැත්තං අාය තරහා වෙයි...)

      Delete
  7. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත...

    ReplyDelete
  8. //ඉතින් යනවා යන තැනකට මට හැකි ගේ බලාගන්න//
    මේක ඇහෙන්න කිවුවනං බලාගන්න තිබුණ වැඩේ... හැක්.

    ReplyDelete
    Replies
    1. දත් නැතිව බත් කන්න වෙයිද ප්‍රසන්නය්යෙ?

      Delete
    2. නෑ නෑ ප්‍රසන්නයා ෂේප් වෙනවා.නැත්තම් එළියට දාලා දොර වහනවනේ.

      Delete
    3. සැලකිය යුතු දුරක සිට ඕන ඒ වගේ ප්‍රකාශ කරන්න.

      Delete
    4. එහෙනං ගේ බලාගනිං කියලා දෑවැද්ද ඔක්කොම පටෝගෙන ගියාලු. දැං ප්‍රසන්නයා ගේ විතරක් බලාගෙන දෙයියනේ කියලා ඉන්නවා යස අගේට.

      Delete
    5. ගෙදරත් නෑ බං.... කඩේට වෙලා කඩෙන්කාලා... ඉස්සරහා හදන බිල්ඩිම දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්නවාලු......

      අා........... කියන්න අමතක වුණා.... අර බිරිදට බය නැති ෆීල්ඩ් මාෂල් මේ දවස් ටිකේ ඩොන්ගලය ඔෆිස් ඒකේ දාලා ගිහිල්ලා නිසයි සද්ද නැත්තේ... අද පටං ගනියි..... මං හිතන්නේ මාෂල් සතියට ම ඔෆිස් යන්නේ අද තමයි..... ඔය බොන ඒක ගැන සහ නෝනාගෙන් බේරී ජීවත් වීම ගැන විදානයාට පශ්චාත් උපාධියක් තියෙනවා.... පශ්චාත් කිව්වා ම තේරෙනවානේ....

      තුෂාර..

      Delete
    6. දෑවැද්ද බැංකුවෙ මදාවියො.
      එහෙනං මාෂලය අදත් දොලහට විතර වැඩ ඉවරකරල ගෙදර යයි.

      Delete
    7. අද............... වැස්සෙ නැත්තං වැඩට යයි.... ඒත් ෂුවර් නෑ අද බදාදානේ..... අනික් හැමෝම වැඩට ඒන දවස නිසා ඔ්කා අද යන්නෑ.....

      Delete
  9. දත් ටික ඉතුරු වුනොත් ඇති ඉසුරී . සාර්තක වේවි නේ ඔහොම හොඳවයින් දෙකක් කිව්වම ( කවි ටික නම් "සුපර්බ්" )

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉස්තූතියි හංසමාලි... දවසක අත්හදා බලන්න වෙයිද මංදා........

      Delete
  10. ඉසුරිගේ අත්දැකීමකි.

    ReplyDelete
  11. ලොක්කගේ සියා විකුනල කි වෙනි වතාවටද දන්නෑ බිවේ.

    ReplyDelete
    Replies
    1. මේකට කොමෙන්ට් කරන්න පුලුවන් අපේ තුෂාර අයියට තමයි

      Delete
    2. ආ......... මට දැන් තමයි වැටහුනේ බ්ලොග් පොස්ට් අහලා තියෙන්නෙ මොකක්ද කියල. ලොක්කගෙ පරම්පරාවම විකුණනව ඇති..

      Delete
  12. මෙ කාලෙ වැනෙන්ඩ බොනවා කියන්නෙ සල්ලිකාරයෙක් වගෙ!
    එලියට දැම්මා නම් හරි යන්ඩත් තිබුනා...

    ReplyDelete
    Replies
    1. ආ ගනන් ගිය හින්දද? මේ වගේ අයට ඒවා ගානට balance කරගන්න පුලුවන් කියල මං හිතනව රූපෙ.......

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. රූපෙටත් කම්මල සින්ඩ්‍රෝමය හැදිලෝ......... ‍‍

      තුෂාර

      Delete
    2. අඩෝ අයින් කලේ නෑ බන්!

      Delete
    3. ඒහෙනං අයින් වෙලාද????

      තුෂාර

      Delete
  14. නොබැඳපු එහෙත් බඳින්න අදහස් කරන පිරිමින්ට අවවාදය. බඳින්න කලින් කෙල්ලටත් බොන්න පුරුදු කරන්න.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ..එතකොට ඌන් බිලා අපිට ගේම ඉල්ලයි

      Delete
    2. මෙන්ඩට ඒකග වෙමි.......

      දැනට මෙහෙමනං..... ඒහෙම දෙයක් වුණානම් අපිට බඩුම තමා නේද මෙන්ඩෝ....

      තුෂාර

      Delete
    3. ලෑන් පිස්සු තද වෙලාද? කවුද එතකොට දෙහි ගාලා,කබරයා දානකොට කොන්ද පපුව අතගාලා දොයි කරවන්නෙ?

      Delete
  15. ලස්සනයි ඉසුරිකා... මම ලිව්වනම් මෙහෙමයි ඕක ඉවර කරන්නේ ..

    මේ රෑ තනි පංගලමේ පුලුවනිදෝ ගෙදර යන්න
    ත්‍රී විල් කොලුවෙකු හැකිනම් කෝල් කරල ගෙන්වගන්න
    ගෙන්වගන්න බැරි උනොතින් හැකි විගහින් මට කියන්න
    හනිකට ටවුමට දුවලා මට පුළුවනි රැගෙන එන්න

    නැන්දම්මත් මාමණ්ඩිත් මතක් කරා බව කියන්න
    මා වැනි බෑනෙක් ලැබුමත් වාසනාව බව කියන්න
    හදිස්සියේ ගෙදර එන්න කලබලයක් නැහැ ඕන්න
    මාසෙට තුන් හතර වරක් මං එන්නම් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට ගෙයි සිරිකත ඇයත් සමග යන්න යාවි
      ඊට පස්සෙ මුලු ගෙදරම සොහොන වගේ පාලු වේවි
      බඩගිනි වී ළමයි අඬයි කිරි පොවන්න සිද්ද වේවි
      අද විතරක් හපනා වෙලා හෙට ඇය ළඟ වැඳ වැටේවි

      ඉස්තූතියි අමබළන්ගොඩ කතා.......ඔයාගේ කවි ටික අපූරුයි

      Delete
  16. තුෂාරයාට / අසංකයාට සිදුවුණු මේ සත්‍ය සිදුවීම මනරම් ලෙස කවි කරවා ඔවුන්ගේ නෑනා / නංගී විසින් මෙසේ ප්‍රසිද්ධ කරන ලදි.

    ReplyDelete
    Replies
    1. නෑ .... නෑ මධුවෝ..

      මේක ලබන සතියේ සෙනසුරාදා රෑ වෙන සිද්ධියක්ලූ.. අනික් ඒක්කෙනෙක්ට නෙමෙයි... දෙන්නෙක්ට ම වෙනදෙයක්ලු.... ඉසුරි කලින් හිතලා දාලා තියෙන්නේ...... හා නෑ කියමු බලන්න...

      Delete
    2. උඹල දෙන්න හොරෙන් සෙට් වෙන්නද හදන්නෙ.

      Delete
    3. අාරංචි නැද්ද ප්‍රසා අයියා..... අපි නෙමෙයි ඔය පැත්තෙන් වැඩට යන ඒකා ඒක්ක....... අපි තමා වැඩේ අැණ කරන්න දත කන්නේ......

      Delete
  17. මට මේක දැක්කම මතක් වුනේ අර උඩරට තේ වතු පැත්තේ කඩවල හවසට බොන මිනිස්සු ගැන. ඒ අයගේ ළමයි එලියට වෙලා තාත්ත බොනකන් බලන් ඉන්නවා. ඒ බිල එලියට අවමා අතේ තියන කියා හරි ඉල්ලා ගෙන පන් ගෙඩියක් ගන්න යන්න.

    ReplyDelete
    Replies
    1. රා බොමු කියලා ගහලා තියෙන තැනට ගිහින් තාත්තා බිව්වාට අම්මලා හංගං හවසට බොනවා කියලත් මේ පොඩිඋන් දන්නවා.... අජිත් අයියා...

      තුෂාර

      Delete
    2. මිනිහ කාලක් ගහලා ගෑණිට කශිය පැකට් එක අරන් යන්නෙ.නැත්තං ගුටි කෙලියයි.කන්න තියෙන රොටිය හම්බෙන්නෙත් නෑ.

      Delete
  18. බීපු එකෙක් කවියක් කියාගෙන ගියා එකපාරක් පාරෙ... එක පදයක් මතකයි...."ගැහැණිය දළඹුවෙකි ගෑවුණු තැන කසන.... "

    ReplyDelete
    Replies
    1. 'සජ්ජා දත් නැතුව බත්කන හැටි පෙනින' කියල තිබුණෙ නැද්ද?

      Delete
    2. හැක්... මම නෙමෙයි නේ කිව්වෙ...

      Delete
    3. මොනවා වුණත් පට්ට කවි කෑල්ල......

      තුෂාර

      Delete
  19. ඔය කිවුවට නොබීම ඉදියිද?

    ReplyDelete
    Replies
    1. මේ හැටි බොන්නෙ නෑ කියල කිව්වෙ කපටිකමට.
      ඇත්තටම එහෙම වෙනව නම් අපේ රට ගොඩක් ලස්සන වෙයි නේද දිනේශ්.......?

      Delete
  20. අපිනම් නෑ ඕවට. අපිට අදාලත් නෑ. ඕ යේස්!

    ReplyDelete
    Replies
    1. එහෙම නම් ගොඩක් හොඳයි මහේශ්....

      Delete
    2. අදාල නෑ කිව්වේ කසාද බදින එක..බොන එක නෙමෙයි

      Delete
    3. ආ එහෙමද මෙන්ඩ අයියෙ.....? ඔයාලා අහිංසක කොල්ලො නරක් කරනවා පව්ව්ව්..........

      Delete
  21. ලෝකේ වැඩිම බේබද්දෝ ඉන්නේ ලංකාවේලු.

    ReplyDelete
    Replies
    1. ඇත්තට අඟහරුවෝ?? ලෝකෙන් උතුම් රට ලංකාවයි.......කියන්නෙ කොහොමද දැන්?

      Delete
    2. අපි ලගදිම අගහරැ ලෝකෙටත් පුරැදු කරනවා

      Delete
    3. ඒකත් කරයි වගේ තමයි......

      Delete
    4. ආ හා මෙහෙ ඕවා කරන්න ආවොත් බලන්න පුළුවන්..

      Delete
  22. Replies
    1. ඉස්තූතියි සින්දු.........

      Delete
  23. ඉඳලා... හිටලා.....පොඩ්ඩක්...... නොබී.... ආවට.... හැමදාම අඩ්ඩක් ගහන ඩෑල් කොච්චර ඉන්නවද හා..?? ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්න ඕනෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  24. ඉස්තූතියි ගස් ලබ්බ....ප්‍රජාතන්තර වාදයට ජය වේවා!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...