Saturday, April 18, 2015

අනේ නාමල් උයනේ සාදූ ................


බුදුරදුන් මග පෑදූ
ධර්මය රකින්නට හැදූ
සඟුන් තිරිවානා කඳූ
රකියි නාමල් උයනේ සාදූ ..............

ජීවිතය නෑ තුටක්
වේදනාවන් ගොඩක්
අාත්මය මහ දුකක්
නිවන සඟුන් යන මගක් ..............

හෙලා දෙව්දත් ගල්
නාලාගිරිට රා කල්
බුදුහිමිට රැකවල්
දුනිද එදා කොස්තාපල් ..............

අවි අතට ගත් උන්
නැසෙයි නම් අවියෙන්
රැකවරණ හොයපු උන්
අවියෙන් ම වෙනු පරිස්සන් ..............

අහෝ හිමියනී
නිවන් මග පෙනි පෙනී
ගල් කඳු වලට තනී
රැකුම හිනායන විහිළුවක් වැනී ..............



තුෂාර විතාරණ



.

59 comments:

  1. දිස් ඉස් ඇන් ඇක්සන්ට් පොයට්‍රී...

    කාලෙකින් ලිය උන වල්ලා පට්ට නිර්මාණයකි...

    ගොන් කොස්තාපල් කෙනෙක්.. ඉලක්කය ගනන් බැරි උන..

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුන්ට හරියට වෙපන් ට්‍රේනින්ග් ඒක දීලා නැහැ.... වෙපන් දුන්නට මදි.... ටාගට් ගන්නත් කියලා දෙන්න වෙනවා..... අර බයිසිකල් වල යන කොල්ලන්ට නම් ගානට වෙඩි තියනවා.. ඒත් මේවා මිස් වෙනවා

      Delete
  2. මේ සාදුත් බුද්ධාගම හැර අනික් හැමදේම කරන කෙනෙක් වගේ තමයි පෙන්නේ..

    //අහෝ හිමියනී
    නිවන් මග පෙනි පෙනී
    ගල් කඳු වලට තනී
    රැකුම හිනායන විහිළුවක් වැනී//

    ඇත්ත තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් විභී..................

      දැන් අපේ ලංකාවේ හාමුදුරුවරු නොකරන්නේ ධර්මය රැකීම විතරයි.... අාණ්ඩු රැකීම, ප්‍රජාතන්ත්‍රවාදය රැකීම, පක්ෂය රැකීම, ජාතිය රැකීම, වගේ ම තිරුවානා කදු රැකීමත් යස අගේට කරනවා.....

      Delete
  3. සිරාවටම 'හිනා යන විහිලුවක්'
    මුන්දෑ මක්කා කොරනවාද මන්දා ඔය ගල් වැටියෙ.ප්‍රේමදාස මහත්තයා කියාගත්ත ගමන්.මුන්නැහෙට බස් එකකුත් තිබුනා.දැන් නම් කොහොමද දන්නෙ නෑ..
    අහෝ 'නා ඝණ' නොදිටි මොක් පුර

    ReplyDelete
    Replies
    1. ඔව් ගස් ලබ්බා...... සිවුරත් අතේ අරගෙන ටීවී ඒකට විස්තර කිය කිය අැවිදිනවා දැක්කා ම මොකා ද වෙඩි නොතියන්නේ

      Delete
  4. හාමුදුරුවරු අනික් කෙහෙල්මල් අත ඇරල බුද්ධාගම රකිනවනම් අපේ රට කොච්චර ලස්සන වෙයිද
    කවද කවුරු මේ අමතර වැඩ හාමුදුරුවරුන්ට බාර දුන්නද මන්ද
    රට ජාතිය රැකීම , තිරිවානා ගල් රැකීම වැනි සියළුම වියගස් වලින් හාමුදුරුවරු මුදාහරින්න ඕන
    කපටි දේශපාලුවො කැමතියි හාමුදුරුවරු මේ වියගස් දරන එකට.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ම.ම

      හාමුදුරුවරු භාවිතා කරලා යස අගේට වයසක අාච්චිලා කඩේ යවා ගන්න පුළුවන් නිසයි දේශපාලුවෝ මුන්දැලෑ ලං කොරගන්නේ.. මෙයාලත් අාශාවන් අතහරිනවා වෙනුවට බඩ වඩා ගන්න තමයි දේශපාලකයන් ඒක්කලා සෙට් වෙන්නේ.. වෙන මොකට ද හා.....???

      Delete
    2. @MM & KGGP
      බුද්ධාගම එහෙම රකින්න ඕනෑ දෙයක් නෙමෙයිනේ , මිනිස්සුන්ගේ මනසේ තිබියයුතු දර්ශනයක්නෙ.

      මුන් ඒක රකින්න කියල සිවුරු උස්සගෙන පෙලපාලි හා මාද්ය සංදර්ශන තියන්න ඕනෙ ඕනෙ නෑ කොහොමවත්, බලන් ඉන්න උන්ට බෞද්ධ දර්ශනය ගැන වැරදි වැටහීමක් දෙන්නෙ නැතුව පංසලකට වෙලා හිටියහම හොඳටම ඇති

      Delete
  5. ඉඳ ඉඳ තිරුවානා වෙහෙර
    විඳ විඳ කොස්තාපල් රැකවරණ
    විද විද මුසාවාද ගොතමින
    අහෝ! මෙතුමෝ කවදා දකීද (රකීද) බුදු බණ..

    ReplyDelete
    Replies
    1. හැබැයි කමියා......

      ඔය සිවුර දාගත්ත ඒකේ මූලික අරුතවත් මුන්දැලෑ දන්නවාද දන්නෑ.... අර සංඝයාවහන්සේලා නැති ගනින්නාන්සේලා හිටපු කාලයක් තිබුනේ... .මෙයාලත් ඒ වගේ ගනින්නාන්සෙලා තමා.... පවුල පන්සලේ නැති අඩුව විතරයි

      Delete
  6. හමුදාව වගේ නෙමෙයි පොලිසිය.ඉස්සරහට ඒම් එක අරන් පස්සට වෙඩි තියන්නේ.එහෙව් ට්රෙනින් දෙන්නේ.
    ගනින්නාස්සෙලා තමා.. හැබැයි ගනින්නේ වෙන මොනවත්.

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ පොලීසියේ අලුත් ම වික්‍රමය නේද???

      Delete
  7. බුදු දහමට යන කල දසාව හිතගන්නත් අමාරුයි දැන් දැන්

    ReplyDelete
    Replies
    1. ඔව් තලා

      මේවා ක්ෂණික ව අැති වුණ දේවල් නෙමෙයි... කාලයක් තිස්සේ අපි මේවා නොදැක්කා වගේ හිටපු ඒකේ ප්‍රතිඵලයයි මේ....

      Delete
  8. ලංකාවෙ කොහෙද නීතියක් සම්ප්‍රදායක් ?.....ඕන පට්ට හොරෙකුට පුලුවන් ජාතික නාමල් උයනක්, ජාතික වදමල් උයනක්, නැත්තං ජාතික කෙහෙල්මල් උයනක් දාල ඒකෙ ලොක්ක වෙලා තමන්ට ඕන විදිහට ජීවත් වෙන්ට. කාගෙන්වත් තහනමක් නෑ. වනවාසී කියල අමුතු නමකුත් දාගත්තම වැඩේ තවත් ලේසියි. ලෙංවාසී, ගස්බෙණවාසී, අතුපැලවාසී, ගස්යටවාසී කියල ඉස්සරහට තවත් එයි උන්නාන්සෙලා. මේ උන්නැහේ නම් මට මතක විදිහට නිකායෙන් අයින් කරල දැම්මද කොහෙද...

    අනික ඔය රෝස තිරිවාණ කන්ද ද මොකක්ද එක ආරක්සා කරගෙන මොනව කරන්ටද? ඕක ඔය කියනතරං වටිනවනං ආණ්ඩුවට තියෙන්නෙ මේ කොහෙවත් නැති හොරෙකුට ඕක බාරදීල අතපිහදාගන්න එක නෙවෙයි ඕකෙන් රටට නිසි ප්‍රයෝජනයක් ගන්න එක...

    ReplyDelete
    Replies
    1. රවී........... සම්පූර්ණයෙන් ම ඒකගයි..... දැන් වෙලා තියෙන්නේ හාමුදුරුවරු තමන්ගේ වැඩේ පැත්තක තියලා වෙන වැඩ කරන ඒකයි.... යකෝ කවුද අපිට බණ කියන්නේ????

      Delete
  9. අනේ මන්ද...
    තවත් පැත්තක් තියනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්................ තව පැති කීපයක් ම තියෙනවා... අැයි මොකද???

      Delete
  10. පසුගිඅ මාර්තු මාසේ මටත් නාමල් උයන බලන්න අවස්ථාව ලැබුනා.ඔබ විදුදය මිතුරෝ blog එකබලුවා නම් නාමල් උයන පින්තුර බලන්න පුළුවන්.අට කියන්න තියෙන්නෙ ඒ කොටසේ විතරයි සංරක්ෂණය කරුපු කැලෑවක් තියෙන්නෙ. හරිම ලස්සන පරිසරයක් . ඒ ගස් වල් ඔක්කොම වාගේ මත කාලයේ හිටවා රක්ෂණය කරපු ඒවා බව හොඳින්ම පෙනෙනවා.රාහුල හාමුදුරුවෝ නොසිටින්න එවැනි මනරම් පරිසයක් ඉතුරුවෙයිද? කලැපාලුවන් ඒ අවට පරිසරයට කර ඇති විනාශය දිහා බලන විට පරිසරය රැකීමට ඒක රාහුල හිමි නමක් නොව දහසක් රාහුල හිමි වරුන් මේ රටට උවමනා බව ඔබට නොපෙනෙන්නේ ඔබ ඉරිසියාවෙන් අන්ධ වී ඇති නිසාය. ම එහිදී දැනගත් පරිදි රාහුල හිමියන්(ගිහි කාලයේ) 1980 දශකයේ jvp ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිට ඒ හේතුව ව නිසාම පසුව කැලෙ පැන මහණවූ අයෙකි.
    මා උන්වහන්සේ මුණගැසී නැත.උන්වහන්සේගේ ශිලය ගැන මට ගැටලුවක් නැත.ශීලයක් තිබුනා හෝ නැතා එය උන්වහන්සේගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ. මේ වගේ මේ රටේ කාගේවත් ඇස නොගැටුණු තැන් බොහොමයක් තියෙනවා. අනෙක් රෝස තිරුවානා නිධිය කියන්නෙ මතු පරපුරටත් දැකබලා ගැනීමට සංරක්ෂණය කල යුතු තැනක් මිස ගල් කොරියක් හෝ ටයිල් කම්හලක් දැමිය යුතු තැනක් නොවේ. ඇයි ඔබට බැරි මේ ඒක තැනක් සංරක්ෂණය කර එතනින් ඔබේ අනන්‍යතාවය ලොවට පෙන්වන්න. ඒ වෙනුවට ඉරිසියාවෙන් පුපුරා පුපුරා blog පිටු පිරවීම ඔබ සිතන්නේ හපන්කමක් කියලද?
    ඔබට වැඩක් කිරීමට මුල පිරීමට ආත්ම ශක්තියක් නැත්නම් අඩු තරමේ අනුන් විසින් කරන වැඩකින් සතුටු වීමට හෝ පුරුදුවන්නේ නම් එය රටට කරන ලොකුම සේවයකි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. //මා උන්වහන්සේ මුණගැසී නැත.උන්වහන්සේගේ ශිලය ගැන මට ගැටලුවක් නැත.ශීලයක් තිබුනා හෝ නැතා එය උන්වහන්සේගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ.//

      මාද උන්වහන්සේ මුණ ගැසී නැ.... ඒත් බුදුරදුන් දේශනා කළ ධර්මය අනුගමනය කරමින් නිවන් මග යෑම සගුන්ගේ කාර්ය වන්නේය... ඒසේ ම ඒ සංඝයා වහන්සේ විසින් ගිහි ජනතාවගේ හිතසුව පිණිස කළ යුතු කාර්යන් කොටස් ද වෙයි... නමුත් බුද්ධ දේශනාවේවත් මෙම උයන්පල්ලාගේ රාජකාරිය කිරීමට බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් පොලීසියේ කොස්තාපල්ලාගේ අායුධ සහිත අාරක්ෂාව යටතේ ජීවිතය කැපකර සිටීම අනුමත කරයි යැයි මම නොපිළිගන්නා නිසා මෙය ලිවීමි... ඒ පිළිබද ව ඔබේ අදහස පළ කිිරීම කිසිම ගැටලුවක් නැති කාරණාවකි..... නමුත් ඒයි ඒන

      //ඇයි ඔබට බැරි මේ ඒක තැනක් සංරක්ෂණය කර එතනින් ඔබේ අනන්‍යතාවය ලොවට පෙන්වන්න. ඒ වෙනුවට ඉරිසියාවෙන් පුපුරා පුපුරා blog පිටු පිරවීම ඔබ සිතන්නේ හපන්කමක් කියලද?//

      යන්න ලිවීම ගැනනම් කණගාටු වෙමි.... ඒය ඉහත ඔබ විසින් කියූ මා උපුටා ගත් කොටස සමග නොගැලපේ... රාහුල හාමුදුරුවන්ගේ නාඩගම් ඔබට අදාල නැති බව පවසන ඔබට මාගේ මොනම ක්‍රියාවක්වත් අදාල නොවනු අැතැයි මා විශ්වාස කරමි... රාහුල හාමුදුරුවන්ගේ රටම හිනාවෙන වැඩ වලට උපදෙස් නොදෙන ඔබ මට උපදෙස් දීම ගැන මා පුදුම වෙමි...

      Delete
  11. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා

    ReplyDelete
  12. මේක තමයි මා ඔබට නාමල් උවන නරඹීම ගැන කියූ blog ලිපිනය . පළමුව නාමල් උයන නරඹා ඉන්න.
    vidudayakanduratamithuro.blogspot.com

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...... ඒය මේ අාකාරයෙන් පවත්වා ගැනීම සහ සංඝයා වහන්සේ කෙනකුගේ කාර්යය අතර පරතරය ගැනයි මා කතා කරේ...

      Delete
  13. අපි අපේ උරුමයන් ආරක්ෂා කරනවාද නැද්ද කියන එකයි ප්‍රශ්නය.

    ReplyDelete
    Replies
    1. සංඝයා වහන්සේගේ උරුමය වෙනමම ඒකක්

      Delete
  14. ඕවයේ ඉතින් අපි නොදන්න මොනා මොනා හරිත් ඇතිනේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්................ හ්ම්...................

      Delete
  15. අනේ ඉතින් අපි නම් දන්නෑ ඔය ලොකු ලොකු කතා....

    ReplyDelete
  16. සිවරක් නැති සාමාන්‍ය් මිනිහෙක් හෝ සංවිධානයක් ඔය නාමල් උයන කියන පරිසර පද්ධතිය ආරක්ෂාකරන්න මුල් උනානම්, ඒ අයට හාමුදුරුවන්ට ලැබෙන සිවිල් බලය සහ පිළිගැනීම නැති නිසා ඒක කරගන්න වෙන්නෙ නෑ. මේ තිරුවාන ගල සහ නාමල් වනය අතර යම් සම්භන්ධය්ක් සමහරවිට ඇති, නැති වෙන්නත් ඇහැකි. නමුත් ගල කැඩුවොත් කැලේ ඉවරයි. ඒ නිසා සිවුරක් දාගෙන කැලෑ කපන, ජාතිවාදෙ අවුස්සන, ගුරුකං කට්ටඩි කං කරන අනෙක් හොරුන් ගැන තියෙන අප්‍රසාදය මට මේ හාමුදුරුවො ගැන නෑ. ඒ වෙනුවට, මොන ක්‍රමයකින් හරි පරිසරය රකින කෙනෙක් කියන ප්‍රසාදයයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ වැරැද්දක් නැහැ... ඒත් ඉන්දික සංඝයා වහන්සේ කියන චරිතය තුළින් සමාජය අපේක්ෂා කරන්නේ මේක නෙමෙයි... බුද්ධ ශාසනය තුළත් අපේක්ෂා කරන්නේ මේක නෙමෙයි...... ප්‍රශ්ණය තියෙන්නේ ඒතනයි....

      ඉන්දික බල්ලෙක් ගෙයක් මුර කරාට මට කිසි ප්‍රශ්ණයක් නැහැ.... ඒත් හරකෙක් ගෙයක් මුර කරන්න ගියාම ඒතැන ගැටලුවක් තියෙනවා... ඒ හරකාගෙන් සමාජයට තියෙන සියලු උදව් ඒමගින් මග හැරෙනවා.... මේකේ අාවස්ථික පිරිවැය වැඩියි.... අපරාදයක්.....

      Delete
    2. //ඒත් ඉන්දික සංඝයා වහන්සේ කියන චරිතය තුළින් සමාජය අපේක්ෂා කරන්නේ මේක නෙමෙයි... බුද්ධ ශාසනය තුළත් අපේක්ෂා කරන්නේ මේක නෙමෙයි...... ප්‍රශ්ණය තියෙන්නේ ඒතනයි.... //

      හොඳ දෙයක් කරන්නෙ සංඝයද ගිහියද, ඒකට උදව් කරන්න ඕන. එහෙම නැතුව ඒකට ගරහන එක බෞද්ධකම නෙමෙයි. ඔහොම හිතුවනං දිඹුලාගල මනම්පිටියත් විනාසයි. අනික බුදුහාමුදුරුවොත් ඔහොම කරානං වගේ ගොන් තර්ක දාල වැඩැක් නෑ. බුදුන් බුදු උනේ ඒ අරමුණෙන්. නමුත් උන්වහන්සෙ දවස් හතක් තම්න්ට සෙවන දුන්න ගසකටත් කළගුණ සැලකුවලු. එහෙව් දහමක හාමුරු කෙනෙක් වනයක් රකින එක, ජාතික පුෂ්පය වෙන නා වනයක් රකින එක සාසනේට සහ සංඝයට නිගාවක් කියන්නෙ කොහොමද කියන එකයි මගේ ප්‍රශ්ණෙ. අනික ඔය ආරක්ෂාව දීල තීන්නෙ හාමුදුරුවො මරන්න එන කැලෑ පාළුවො නිසා මිසක් ලොකු කමට තියාගන්න නෙමේ.

      නානසාරල, බද්දේගම සමිතල, කුංකුණාවේලා, විතරක් නෙමේ මහණදමයි බන භාවනාවයි නොකර ගෑනුන්ගෙ තන් ගැන ලියාපු වීදාගමල, වෑත්තෑවෙල උනත් කරල තියෙන්නෙ මහ ලොකු වැරැද්දක් ඔබේ තර්කෙන් බලත්දි.

      Delete
    3. //නානසාරල, බද්දේගම සමිතල, කුංකුණාවේලා, විතරක් නෙමේ මහණදමයි බන භාවනාවයි නොකර ගෑනුන්ගෙ තන් ගැන ලියාපු වීදාගමල, වෑත්තෑවෙල උනත් කරල තියෙන්නෙ මහ ලොකු වැරැද්දක් ඔබේ තර්කෙන් බලත්දි.//

      ඔව්.... ඒක අැත්ත... නානසාරලා ගැන මේ විදිහේ කවිත් අපි ලිව්වේ ඒකයි..

      http://kurutugegeepawra.blogspot.com/2014/04/blog-post_26.html

      අායෙම කියන්නේ තියෙන්නේ අර දේම තමා ඉන්දික

      ඔබ කියන දේ වැරැද්දක් නැහැ... ඒත් ඉන්දික සංඝයා වහන්සේ කියන චරිතය තුළින් සමාජය අපේක්ෂා කරන්නේ මේක නෙමෙයි... බුද්ධ ශාසනය තුළත් අපේක්ෂා කරන්නේ මේක නෙමෙයි...... ප්‍රශ්ණය තියෙන්නේ ඒතනයි....

      ඉන්දික බල්ලෙක් ගෙයක් මුර කරාට මට කිසි ප්‍රශ්ණයක් නැහැ.... ඒත් හරකෙක් ගෙයක් මුර කරන්න ගියාම ඒතැන ගැටලුවක් තියෙනවා... ඒ හරකාගෙන් සමාජයට තියෙන සියලු උදව් ඒමගින් මග හැරෙනවා.... මේකේ අාවස්ථික පිරිවැය වැඩියි.... අපරාදයක්.....

      ඔබ සමග ගැටෙනවා කියලා හිතන්න ඒපා... මේක හොද සංවාදයක්... ඒකට අපි කැමතියි...

      Delete
    4. සංවාදයට මමත් කැමතියි, ඒ නිසා ඔහොම යමු. නමුත් අපි පැහැදිලි කරගන්න ඕන "සංඝයාගේ කාර්‍ය් ලෙස ඔබ බලාපොරොත්තුවනේ කුමක්ද" කියන එක. ඉන් පස්සෙ ඉස්සරහට යමු.

      Delete
    5. ඉන්දික වෙෙද්‍යවරුන් ඉන්නේ මිනිස්සුන්ට බෙහෙත් දෙන්න.. නමුත් ඔවුන් ඒක විතරක් කරලා අතපිහදාගත්තොත් ඔවුන්ගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම වෙන්නේ නැහැ.... ඉතින් ඔවුන් අදේශපාලනික නොවී සමාජ වගකීමත් කරන්නට යනවාය කියමුකෝ....

      නමුත් රාජිත සේනාරත්නව හෝ ගුණදාස අමරසේකරව ගන්නකෝ. ඔවුන් මේ සමාජ වගකීම කරන්න ගිහින් අන්තිමට තමන්ගේ මූලික කාර්ය පැත්තකින් තියලා දේශපාලනය කරනවා.. වෙෙද්‍යවරයෙක් හැටියට ඒක හොදයි. ඒත් වෙදකම පැත්තකින් තියලා දේශපාලනය විතරක් කරනවානම් ඔහු දේශපාලකයෙක් මිසක් තව දුරටත් වෙෙද්‍යවරයෙක් වෙන්නෑ.... ඉතින් ගුණදාස අමරසේකර වෙෙද්‍යවරයා අදින කෝට් බෑය දාගෙන දේශපාලනය කරනවානම් ඒක විහිළුවක්..

      රාහුල හාමුදුරුවෝ ගැන කියන්න තියෙන්නෙත් මේකම තමයි ඉන්දික.... අර හරක් බලු උදාහරණයෙන් කිව්වෙත් මේකම තමයි... ඉතින් රාහුල හාමුදුරුවෝ සිවුර ගලවලා දාලා ගිහියෙක් විදිහට පොලීසියේ නෙමෙයි හමුදාවේ අාරක්ෂාව යටතේ අර කන්ද බදාගෙන හිටියත් අපිට කිසිම ගැටලුවක් නැහැ... අපේ ස්ථාවරය ඔ්කයි..

      Delete
    6. ඇත්තෙන්ම ඔබ දෙදෙනාම නිවැරදියිනේද?

      ඔය හාමුදුරුවෝ කැලය ආරක්ශාවට දායක වුන එක පාරිසරික හුඟක් හොඳ දෙයක්. සිවුර යොදාගෙන හෝ ඕන මලදානයක් යොදා ගෙන. (පුද්ගලිකව මට පරිසරය හුඟක් වටිනවා organized Buddhist religion වලට වඩා. එනිසා මං පොඩ්ඩක් ඒ පැත්තට අදිනවා ඇති )

      ගංගාරාමෙ පොඩි හාමුදුරුවොත් සමාජ සේවය, කෞතුකාගාර සංකල්පය ආදිය අතින් මං අගය කරන කෙනෙක්
      ඔය දෙන්නටම ඇති සීලයක් නෑ. බුද්ධාගම අතින් බලනකොට උන් දෙන්නම සිවුර නැතුව ඕක කලානම් බුද්ධාගමට හොඳයි.

      ඒත් ලංකාව වගේ ආගම් හා පූජකයින් පස්සෙ යන රටක වෙන හොඳක් කරන්නවුනත් සිවුර ප්‍රයෝජනවත්.උන් දෙන්නම සිවුර යොදාගෙන සිවුරට හානිකරමින් හොඳ දේවලුත් කරනවා.

      සමහර එවුන් සිවුර යොදාගෙන ආගම්වාදී ජාතිවාදී දේශපාලනය කරනවා කිසි හොඳක් නොකර හානියක් පමණක් කරමින්.

      අපිට ඉතින් තියෙන්නේ හොඳ අගය කරමින් නරක හෙලා දකිමින් ප්‍රායෝගික දෘෂ්ටිකෝණයකින් බලන එක තමයි

      Delete
  17. ඔය නාමල් උයනේ හාමුදුරුවෝ ගෝඨාගේ ලොකු ෆිට් එකක් මතක විදියට.
    හාමුදුරුවන්ගේ සීලේ මට නම් වැඩක් නැහැ.කැලේ බලාකියා ගෙන ඉන්න එක හොඳයි.එත් ඒ වෙනුවෙන් සන්නද්ධ හමුදා හෝ පොලිස් ආරක්ෂාව යොදවන එකනම් ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්...... මේක විහිලුවක්.... කැලයක් සහ තිරිවානා ගලක්... හාමුදුරු කෙනෙක් සහ පොලීසියේ අාරක්ෂාව.... කෝකද ගැලපෙන්නේ....?????

      Delete
  18. මං හිතන විදියට මේ පොලිස් ආරස්සාව යොදවල තියෙන්නෙ හාමුදුරුවන්ට නෙමේ. නාමල් උයනේ ආරස්සාවට. හාමුදුරුවෝ මේක අාරක්ෂා කරන්නැත්තම් කාටද මේක ආරස්සා කරන්න බාර දෙන්නෙ. ගිහියෙකුටද. රෝස තිරුවානා කන්දෙන් එක ගල් කැටයක් හොරෙන් විකුණලා තියෙනව කියල මං අහල නෑ..එහෙව් එකේ අපි මොකටද ඒකට එරෙහි වෙන්නෙ..හාමුදුරු වහන්සේ කෙනෙක් හරි ගනින්නාන්සේ කෙනෙක් හරි රෝස තිරුවානා කන්ද ආරක්ෂා කරනවනම් ඒක නෙමේද වටින්නෙ. බුදුන් වහන්සේ පරිසරයට කොතරම් ආදරය කරාද මට හිතෙන විදියට ඒ තරමටම මානව සමාජයටත් ආදරය කරා

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒත් බුදුහාමුදුරුවෝ තිරිවානා කන්දක් බදාගෙන රජ්ජුරුවන්ට කඩේ ගිහිං රාජපුරුෂයෙකුගේ අාරක්ෂාව යටතේ හිටියානම් ඉතින් බඩුම තමා නේද?????

      Delete
    2. buduhamuduruwo keles neti karapu uththamayek me hamuduruwo pruthagjanayek...nikan gon talk danna epa ban

      Delete
  19. දැන් කාලෙ සිවුරු පොරොගෙන කරන වැඩ දැක්කාම මේවාට මොනත් කියන්න බෑ බං...

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත මහේෂ්..........

      Delete
  20. දැන් හාමුදුරුවරුන්ට අපිට වඩා ප්‍රශ්න. ලොකු ලොකු දාන ශාලාවල්, අවාස,දාගැබ්,පිළිම, රන් වැටවල් හදන්න,ඒවා රකින්න. ඉතින් කොහෙද බණක් භාවනාවක් කරන්න වෙලාවක් වගේම හිතට නිදහසක්. රට යන අත ඔහොම තමයි. අනේ මන්ද...

    ReplyDelete
    Replies
    1. ඔව්..... හාමුරුදුරුවරු පව් කියලයි මටත් හිතෙන්නේ

      Delete
  21. මහනවෙනව කියන්නෙම සසර දික් කරගන්නෙක බං දැන්..

    ReplyDelete
  22. චැහැ හරියට වෙඩි තියාගන්න බැරි පොලිස් කාරයෝ.මේ වගේ චාතික කර්තව්‍යයකදි අවශ්‍යතාවයකදි හරියට ක්‍රියාත්මක නොවන පොලිස් නිලධාරියාව ගෙදර යවන්න ඔනේ..
    ඔය නාමල් උයනේ පොරයි අර අසපුවේ එවුනුයි එකට තියලා වෙඩි තියන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා මං බැලුවා අැයි උඹ පරක්කු කියලා... අවුරුද්දට අනුමත වෙච්චි පාර දැන්ද නැගිට්ටේ

      Delete
  23. issara hamuduruwo wihara pansal haduwe na..awa hadala dunne gihiyo....namuth dan

    ReplyDelete
    Replies
    1. දැන් ගිහියෝ මෙයාලට වැඩිය සිල්වත්....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...