බලය අැතිදා කරට ගත් උන් මෙදා ඔලුවෙත් නගිනවා
අගේ ඉදගෙන කන කාපු උන් අැහැට නහයට අනිනවා
කැඩූ මී හැම ලෙවකාපු උන් අාණ්ඩුව තුළ රැකෙනවා
පනින ගෙම්බන් කොයිතරම් නම් පජාතද දැන් හිතෙනවා
කොරපු දේවල් නොකෙරුවාහේ රටම අමතක කරනවා
නොකළ දේවල් නොහිතු දේවල් කළා වාගේ කියනවා
කරපු වැරදිත් නොකළ වැරදිත් එකම ගිණුමට වැටෙනවා
රිදෙනවා හිත රිදෙනවා එය හැම දෙනාටම දැනෙනවා
සුදෝ සුදුවට ගත වසාගත් සුදු රෙදිත් දැන් මඩ වෙලා
කරවටේ අත දමා හිනැහුණු සාටකෙත් නෑ ඉගිලිලා
ටොන් ගණන් බර උරමත්තේ ලූ තුන්කට්ටුවක් අයියලා
පැරදුනේ මං වගේ ඉන්නවා වරද මයෙ කර පටවලා
රජ වුණේ මම නොවෙයි මාගේ අයියා කෙනෙකිය අහල්ලා
මරපු හරියක් මැරුවේ මා නොව ඔහුත් එළියේ හොයල්ලා
රේස් පැද්දේ රොකට් අැරියේ මගේ උන් නොව බලල්ලා
පහුවදා මං ගියපු එකදැයි වරද මාගේ කියල්ලා ....................
කසුප් අනුරාධ
.
එහෙම තමයි මල්ලී.. බල්ලොත් එක්ක ලැගලා මී වගේ යැයි හිතලා පවු කරාම වතුර බහින්න ගන්නේ පහතම තැනින්ලු..
ReplyDeleteපහත් තැනින් යයි ගලා ජලේ......
Deleteපහත්ම කිව්වේ මෙතුමා බාලයා නිසාද???
Deleteමං හිතන්නෙ බාල ගති සිරිත් වෙබ්ඩ ඕනෙ
Deleteඒකත් හරි.... පහත් ම ගති තිබ්බ තැන ගැන තමයි කට්ටියට ම අවුල තිබුනේ
Deleteපවු අනේ...
ReplyDeleteඔව් දුකට මේක ලියුවේ... ඒ තරම් පව්
Deleteහොරා පොලිස් ගහල හොරා නිකම්ම ඇවිත් අහු උනා නේ.. හු හු
ReplyDeleteහොරා පොලිස් විතරක් නෙමෙයි තව තව සෙල්ලම් ගොඩක් කරා..... දැන් ඉතින් සෙල්ලම් ඉවරයි.... දැන් තිත්තයාගේ වරේ.. හා හා ඉන්ටර්වල් ඉවරයි.. දැන් හැමෝම ඔලුවෙන් හිටගන්න....
Deleteතව ඉන්නවා අයියලා,මල්ලිලා ඇතුලට ගන්ට.
ReplyDeleteතව ඉන්නවා... අයියලා මල්ලිලා... තාත්තලා පුතාලා... බාප්පලා පුතාලා..... ඔය වගේ නෑයෝ ගොඩාරියක්....
Deleteපිස්සුද අයියන්ඩි ඔයාගේ කිසි වරදක් නෑ..
ReplyDeleteඔයා ආපු එක මොනතරම් දෙයක්ද?
අපේ ප්‍රශ්ණ ඉවරයි.
එල ද බ්‍රා ඈ
බ්‍රෑන්ඩ් එක ගල් ඈ
අන්න මල්ලිලා.....
Deleteගල් නෙමෙයි මල්ලි මැණික් ගල් වුණත්
බොන්න තරම් සල්ලි තියෙනවා
අැමරිකාවේ
ඒහෙ වරෙන්.. මං දාලා දෙන්නම් අරවා කොම්පැණියක්
දවසකට දෙකකට අැතුළට නොගියොත් අවුල් කියලා
අයියා කිව්වා
ඒ් නිසා පොඩ්ඩක් හිටහං ඉක්මනට ම අාපහු යං...
ඔන්න ඔහේ රෝහල් බන්ධනාගාරයේ විවේක සුවයෙන් ටික දවසක් ඉන්න අනේ.
ReplyDeleteඔව් ලොක්කා............... ඔය හිරේ යනවා කියන වචනයට වඩා ගැලපෙන්බන්ධනාගාර රෝහලට යනවා කියන ඒකයි.... යකෝ ඒළියේ ඉන්නකල් ගෙදර ඉන්න උන්ට හිරේ ගියාම ලෙඩ හැදෙන හැටි.........
Deleteමෙයා කන්න ගත්තෝතින් තව කෙනෙකුට නැතේ ඉඩක්
ReplyDeleteඑහෙව් එකේ අනෙක් උන්ව ගාව ගන්න එක වරදක්
තනියෙන් කෑවානම් තනියෙන් බඩ යන එකත් සැපක්
සැකනම් තව කැළණියෙ මර්වින් දෙයි කට උත්තරයක්
දී කිරට බලලුත් දෙයි සාක්කි.............. අැයි කැළණියෙන්.... අපි දෙන්නම්කෝ මාතරින්... කලුතරින්.... අවිස්සාවේල්ලෙන්....
Deleteදේශපාලනේ.... :3
ReplyDeleteඔව් බොල අගහරුවෝ...... මේක තමා දේශපාලනය..... අපි විසින් අපේ කටයුතු බලාගන්න නියෝජිතයින් තෝරාපත් කර යවන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය.... නියෝජිතයෝ පත් කරලා අතපිහදාගන්නැති සවිඥානික ඡන්ද හිමියාගේ සමාජ වගකීම තමා මේ..... නැද්ද මං අහන්නේ???
Deleteඉස්පිරිතාලෙට වෙලා විවේක සුවෙන් ඇති දැන්..
ReplyDeleteඔව් රෑමයි ජාතික රෝහලට මාරු කරේ..... ගෙදර ඉන්නවා වගේ තමා ඉතින්... ඒත් වේදනාවක් දැනෙනවා අැති.... ඒ කාලේ අනුන්නට දුන්නු වේදනාව
Deleteඕයේ
ReplyDeleteඉල්ලං කනව කයන්නෙත් ඕකට
බල්ලොත් එක්ක නිදි වදින්න හොද නෑ කියන්නෙත් ඒකට
ඔව් ඉදගෙන
ඉදගෙන හිටං....
Deleteඅඩොව් අපේ ආර්ථිකේ සංවර්ධනය කරපු ඇමතිට කථා හදනවා නොවෙයි ඔන් .....
ReplyDeleteඅපේ අාර්ථිකේ කිව්වේ උඹ රාජපක්ෂ කෙනෙක්ද???
Deleteඅය්යෝ අපේ යුව රජතුමා නේද මේ?
ReplyDeleteනෑ නෑ අයියාවරුන් මරා රජ වෙන්න හිටපු රජතුමා
Deleteකවුරු හරි කැත වැඩක් කළේ එන්න කියලා...
ReplyDeleteදෙවැනි අයියා ද මන්දා....
Deleteමේපාර බැසිල්ගේ මන්ත්‍රීකම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ නිවාඩු ඉල්ලන්නේ කව්ද?
ReplyDeleteහිරේ යන්න නිවාඩුවක් දාගන්න බැරිද දන්නෑ
Deleteහරි තවත් කෙනෙක් අල්ල ගත්ත? ..ඊළඟ ඇම කාටද ? ..කවුද ඊළඟට යන්න ලෑස්ති ?
ReplyDeleteහා කියමු බලන්න
Deleteඅයුතු ලෙස ඉපැයූ මුදල් යනු ගිනි බවත් ඒවා යම් කාලයක උගුර පුළුස්සාගෙන වැමෑරීමට සිදු වන බව මොවුන් දැන සිටියානම් ?
ReplyDeleteමොවුන් පමණක් නොවෙයි ජනතාව විසින් බලය දී යවන හැමෝම මේ ටික අනිවාර්යෙන් ම දැනගත යුතුයි ට්‍රාන්ස්
Delete