Saturday, April 11, 2015

බ්ලොග් වසන්තයේ කුගෑගීප ළකුණ - ''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න''



වසන්තයක් නවාලූ කොහෙන් කොහෙට කාට
හතුපිපෙන්නා හේ ලියැවෙන බ්ලොග් ලිපි දෙක තුනට
ඉඩෝරයෙන් ඉරි තලලා වතුර යදින බිමට
දොහකට දෙකකට වැහැලා නවතීනම් මොකට


මල් පිපෙනවා දළු දානවා අවුරුදු කාලේ හැටී
වෙසක් මහේ කූඩු හැදෙයි නෑ මතකේ පෙර සැටී
කක් දෙකක් කුරුටු ගාලා අලු ගසලා නැගසිටී
නමුත් යටින් යටට ගොහින් සින්ඩියේ පතුලට වැටී


හෙට අනිද්දා සෙට් වෙනවා බ්ලොග් ලියනා ගොන්න
මමත් හිටපු බ්ලොග් කෙරුමෙකි දැනට බුකියේ ලගින
වසන්තයක් නැතිව බෑනේ බ්ලොග දිහාට යන්න
''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න''



කුරුටු ගෑ ගී පවුර 


.

16 comments:

  1. අහ්, අදහස මරු.. ඔය ගැම්මෙන්ම කාලයක් කට්ටිය්ම ලියනවනම් තමයි අපිත් කැමති..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ්........................

      අපිටත් ඔ්න ඒකයි.. මේ කවිය ඒක විදිහක ඉල්ලීමක් තමයි.... අවශ්‍ය වෙන්නේ කට්ටියම දිගට ම ලිවීමයි.... ඒහෙම වුනොත් හැමදාම අවුරුදු තමා.......

      Delete
  2. ගහෙන් ගහට මල් පිපේලු දළු ලා ගස් ගොන්න..
    ඉරත් හඳත් දඟ දායිළු තව තව දිලෙසෙන්න..
    කැවුම් කොකිස් රස දැනෙයිලු ගෙන් ගෙට සරසන්න
    තුන් තිස් පැයෙ බලා හිඳිමි අනේ ඇවිත් යන්න
    ..

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ති......................

      මුලින් ම සාදරයෙන් පිළිගන්නවා.... ඔබේ බ්ලොගය පැත්තටත් ගියා... හරිම සතුටුයි ප්‍රියන්ති

      Delete
  3. " ඔවා දෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට "

    ඔන්න තරහා උනත් කාරි නැහැ කියලා කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා. අර සංඝා කියනවා වගේ විවිධත්වය අලංකාරයි නේ .. හි .. හි .. හී .. ඒ නිසා අපි මනාපයි, මේ ගී පවුරෙ පිටිපස්සේ හැංඟිලා ඉන්න ඈයෝ සේරම නිර්මාණ කරනවා නම් ..

    දළුලනවා , මල් පිපෙනවා සේම නිසි කලට
    කොළ හැලෙනවා කලෙක , අවනත වී සෝබාදහමට
    ලෝ දහම පොදු වුවත් ගහ-කොලට මෙන්ම සතහට
    වාවනු බැහැ ඉඩ දී ඉන්නා එක නම් " කම්මැලිකමට"

    - සඳරු -
    ( ගූගල් දෙවියෝ කෝප වෙලා )

    ReplyDelete
    Replies
    1. අගේ අැති කවි පබැදුම සදරුවෝ...... අපිටත් තගක් දාලා තියෙනවා නෙවැ... මං කට්ටියට ම මැසේජ් ඒක දෙන්නම්...... මොනවා වුණත් සොබාදහමට අවනත වෙන්න වෙනවා නෙවැ

      Delete
  4. දැනට බුකියේ ලගින -- දැනට බුකියේ ඉන්න/ බුකියෙ බැහැපු බින්න/ බුකියේ ලැග ඉන්න

    ReplyDelete
    Replies
    1. අඩෝ අැනෝ......................

      ඔබේ තේරීම් ටික අගෙයි.. මමත් අන්තිම පදේට දැම්මේ මේ විදිහට

      ''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් අැවිත්/කාලා/බීලා/නටලා යන්න''

      Delete
  5. ඇත්තෙයි..., එහෙම දෙයක් වෙනවයි...?

    ReplyDelete
    Replies
    1. නැතෙයි..... ඒහෙම දෙයක් වෙන්නැතෙයි....?

      Delete
  6. බුකියෙ ලැගල ඉන්න නිසා බ්ලොග් කාරයො ගොන්න
    ලියවෙන්නෑ උංගේ බ්ලොග් අපිට වෙන්නෙ බොන්න
    වසන්තයගෙ පිහිටෙන් දැන් ලියවෙනවා මෙන්න
    නවතින් නැතිවම ලියපං යටගිය බ්ලොග් ඔන්න

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රසා...............

      ඒක තමයි විය යුත්තේ.... මේක ඒක විදිහක විහිලුවක් විතරයි.. කට්ටිය වැරදියට ගත්තාද දන්නෑ..... කොහොම වුණත් අවශ්‍ය වෙන්නේ බ්ලොග් අවකාශය තුළ බොහොමයක් දෙනා ගැවසීම සහ මේක විවිධත්වයකින් යුතු වගේ ම බුද්ධිමය සංවාදයන් සිදුවන තැනක් වීමයි.... ඒකට අපි කළ හැකි දෙයක් කරමු.... ජයවේවා

      Delete
  7. අපිනම් එහෙම නෑ හරී..

    නිකං මට කිව්ව වගේ. ඉඳින්කො, ලඟදිම දානවා එකක්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි......... උඹටත් දැන් වසන්තයක් ම ඒන්න වෙනවා බ්ලොගය කුරුටු ගාන්න....

      Delete
  8. බොන්ඩ බැ මං මැරෙයි

    ReplyDelete
    Replies
    1. ඒහෙම වෙන්නෑ අටමෝ...............

      ඒහෙනම් දැන් උඹලා මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා හිටං

      Delete

Related Posts Plugin for WordPress, Blogger...