ලවන පහසින් සැනින් කුල්මත් වී
සවන අමදින සුගායන සන් වී
දුවන සිත මහ මේරුවට සම වී
පවන සිප නැවතී නිසොල්මන් වී
නයන ඉඳුවර කොමල රේඛාවේ
ගයන සුමියුරු ප්‍රේම ගී රාවේ
පියන නෙතු රැය පහන් කර යාවේ
කියන නොකියන රහස් ඇසුනාවේ
මදුර කෝමල වුවන සිප සැනසී
අමර සුව ගෙන ගත පුරා ගැවසී
මයුර ලීලා මඬලකට පිවිසී
පවර තුනු සිත කළණ ගුණ පැවසී
ගතින් වෑහෙන මදන මී සුවදී
යහන් සරහා අමා සුව ගෙනදී
ඉඳින් මල්සර දැහැනකට රැයදී
සිතින් පැන සෝ සුසුම් යයි පැරදී
ඉසූ
.
//ගතින් වෑහෙන මදන මී සුවදී
ReplyDeleteයහන් සරහා අමා සුව ගෙනදී
ඉඳින් මල්සර දැහැනකට රැයදී
සිතින් පැන සෝ සුසුම් යයි පැරදී//
ටික කලක් ගිය පසුයි තේරෙන්නේ
මිරිඟුවක් බව ඔය කියන සෙනෙහේ
එදාටයි යළි සෝ සුසුම් එන්නේ
නෙත වියළුනත් සිතින් වැලපෙන්නේ
හැමවිටම එලෙස වන්නේද? ඉයන් ඔබට එලෙස වී ද? අහෝ දුකකි! මා සිත් බියපත් වේ
Deleteපවර තුනු සිත 'කළණ' ගුණ පැවසී
ReplyDeleteමේ කියන්නෙ අර කමිය ගැනද? අනේ උගේ ගුණ. හැක්..
මාත් බැලුවෙ ඒක තමා.. "කලණ නුහුගුණ" කිව්ව නං ඕන්න හිතාගන්න තිබ්බ...
Deleteගුණසේකරනෙ පවසල තියෙන්නෙ
Deleteඅඩෝව් මේ.. එන්න ටිකක් පරක්කු උනාම උඹල මාව නැති කරන්න නේද හදන්නේ.. මොනව උනත් ඉසූ නංගි දන්නව කලණ අයියා ගැන.. හැක්
Deleteඅනේ ඔව් අයියේ.........
Delete// ඉඳින් මල්සර දැහැනකට රැයදී
ReplyDeleteසිතින් පැන සෝ සුසුම් යයි පැරදී///
කාලයත් එක්ක නෙස් වීමක්...
අ පූඍුපද පෙළ..
මොකක්ද අප්ප අර අන්තිමට කියල තියෙන්නෙ.
Deleteඒක එහෙම ලේසියෙන් පැහැදිලි කරන්න අමාරුයි ප්‍රසන්න අයියේ..
Delete@නිර්මාණි
ස්තූතියි නිර්මාණි
//ගතින් වෑහෙන මදන මී සුවදී
ReplyDeleteයහන් සරහා අමා සුව ගෙනදී
ඉඳින් මල්සර දැහැනකට රැයදී//
ඉක්මනින් එයාගෙ කටයුත්ත කරල දෙන්න කියල ඉඟි කරන්න ඉසුරිකා දැන් කවි කීයක් ලිව්වද? කුරුට්ටන්ට මේක තේරෙන්නෙ නැහැ නෙ , හැක්
කී පාරක් නං කිව්වද හෆ්ෆා....... මට දැං ඇතිවෙලා ඉයන්......
Deleteඅපූරුයි...
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජිත්...
Deleteලස්සණයි .....
ReplyDeleteස්තූතියි ලලිත්...
Deleteඋණුසුම සිසිල පිරි නැගෙනා සුසුමන්ද
ReplyDeleteඅම මී වෑහෙනා මිමිණුම් ඇසෙන සද
රති මිහිරකට දෙදෙනට හී සර නොවිද
යන්නට ඉඩ නොදේ පෙම්බර මගේ හද....
------මල්සරා-----
ජයවේවා!!!
මල්සරා එහෙමද කියන්නේ? ස්තූතියි දුමින්ද
Deleteඅපට ඉතිං එහෙම සැප නෑනෙ බං! ලස්සනයි :)
ReplyDeleteතනි අලියනේ භයානක.......
Deleteමේක මරු බං...
ReplyDeleteතෑන්කූ රසික......
Deleteආදර සිහිනය දෑසක උතුරන
ReplyDeleteකඳුළු ගඟක් වන දිනයේ
ජීවිත්යට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන් වී
ජීවිත ගමනෙහි කොතැනකදී හෝ
අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුලැළි වියැකුනු දෑසින්
හිනැහෙනු මැන පේර සේ...
හරිම ලස්සනයි ඉසූ ...
ස්තූතියි හීන දකින්නී.......
Deleteඅයියලා ටික මෙලෝරහක් නෑ...ඒ දවස්වල ලියනකොට කිවුවා විභාග භීතිකාව කියලා. මේ දරුවාගැන කිසි සැලකිල්ලක් නෑ.ඒ නිසාමද මන්දා දැන් දැන් මේ දරුවා බර බර වචනදාලා කවිලියන්න පටන් අරන්.
ReplyDeleteඅයියලා මේ දවස්වල හරි කා.බ නේ කටුසු.මං ගැන හෙවිල්ලක් නෑ.
Deleteකාලෙකින් ගොඩවුනෙ බ්ලොග් පැත්තෙ. අමුතු අමුතු කවිමයි පේන්නෙ අප්පා
ReplyDeleteඑහෙම තමානේ ලේ පාට හීන......ස්තූතියි මේ දිහා ආවට
Deleteසෝ සුසුම් පැරදිලා පැනලා යනවනම් තව මොනවද? අගෙයි.. මාවත් මතක් කරලා තියෙන්නේ.. හැබෑට කෝ උඹලෑ අර පෝරිසාද අයියලා ටික?
ReplyDeleteතැන්කූ තැන්කූ,හැමදාම එන අය අගේ කරන්න එපැයි..
Deleteඅයියලා මේ ටිකේ කා.බ නේ අයියේ, විභාගේ විභාගේ..
හරිම ලස්සනයි ඉසු,යොදාගෙන තියෙන වචනත්,යොදා ගෙන තියෙන විදියත් හරිම මිහිරි ගීතයක් වගේ සුන්දරයි.
ReplyDeleteස්තූතියි මනෝජ්.......ලොකු අගය කිරීමක්
Deleteඑල
ReplyDeleteඅර පින්ටුරේට ගැනු ළමයෙකුත් හිටියනම් මරු
තැන්කූ මෙන්ඩා අයියේ......
Deleteබර කතාවක් කෙටියෙන් තියෙන්නේ. මේ වගේ කවි ලස්සනට align කර ගන්න පුළුවන් සිව්පද බ්ලොග් එකට ගියානම්.
ReplyDeletehttp://siwpada.blogspot.com/
ස්තූතියි සුදීක......අපි බලන්නම්
Delete