Thursday, March 10, 2016

ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්, මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්



පෙර වගේ යළි යළිත් නුඹ හිතට  එබෙනවා
අළු ඇතුළෙ වැහුනු ගිනි පුපුරු එලියට පනිනවා
හිත හොරෙන් දිව යන්න දොර අගුලු අරිනවා
ඇසිල්ලෙන් හිත නුඹේ පසු පසින් ඇදෙනවා

මගෙ වගේ නුඹෙ හිතෙත් ආදරේ තිබුණාද
නොකී රහසක් විලස දැවි දැවී උන්නාද
අපි අපිට හමු උනේ පතා ආ ලෙස නොවෙද
ඒ නිසා ළං වෙන්න වරම් අත නූනාද

ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්
මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්
යළි හැරෙනු බෑ සොඳුර එක හිතට නතු වෙමින්
සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්


ඉසූ


.

51 comments:

  1. ආයෙ ආයෙත් එන්න
    ඇවිදිල්ල හිනැහෙන්න
    ඒ වගෙම වෙන් වෙන්න
    පැතුම් මොකටද කියන්න

    මේ භවේ මේ වගේ වෙන්වෙන්න වුණා නම්
    මතු භවෙත් මේ වගෙම දුකක් නොම ඒවි යැයි
    කොහොම සහතික වෙමුද

    ආයෙ ආයෙත් ඉතිං ඕන නෑ අපිට අපි
    නුඹ මගේ නොව කියා නික්ම යමි සන්තොසින්
    එක්ව ගිය ලෙසින් ඔහු හාම
    හිදිනු මැන මතු භවෙත්...

    ටඩාං...............
    හිහි
    කවිය ලස්සනයි ඈ

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ලස්සනයි අදහස.. ස්තුතියි ස්තූතියි මහේශ්

      Delete
  2. පතාගෙන ආවනං ඔතාගෙන යන එකයි ඇත්තෙ. හැක්...

    කවිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. පතා ආ විලස යනවයි රැගෙන ඔතා
      එහෙම ඉන්නවාලුනෙ අර ප්‍රසන් පුතා
      හැම කටයුත්ත පැවරූවොත් කරුමෙ මතා
      හිස් අතින්ම ආපස්සට යන්න වෙතා

      ස්තූතියි ප්‍රසන්න අයියේ

      Delete
  3. Replies
    1. ඇයි මොකක් ද අවුල.................??????? විදානිවත් බැන්නද?????

      තුෂාර

      Delete
  4. Replies
    1. ඇයි බොල දෙක දෙක දාන්නෙ. අද දවල්ම ගත්තද වැඩිපුර. හැක්..
      බලාගෙන වටේ පිටේ තියෙන තාප්ප. හැක්.. හැක්..

      Delete
    2. විදාන අයිය කිව්වෙ මනමේ කියලද?

      Delete
  5. Replies
    1. ස්තූතියි ගිම්මි....

      Delete
  6. Replies
    1. ස්තූතියි විදාන අයියේ....

      Delete
  7. මොනව කරන්නද ඉතින් අපි වෙන් වෙමු.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද කසුන්....

      Delete
  8. //"සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්"//

    හෑ ඒ ගමන ලබන ආත්මෙත් කනක් ඇහිලා ඉන්න නැති කරන්නද හදන්නේ :P

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් මෙහෙම කියපු ගමන් කරන්න තියෙන්නේ කොහොම හරි භාවනා කරලා රහත් වෙන එකයි බං..... වෙන මොනවා කරන්නද නේද??????

      තුෂාර

      Delete
  9. සෙනෙහස විදිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ලග දුහුවිල්ලක් වත් වන්නට නොමැත වරම්

    එක තැන රැදුනද මනසින් හැගුමින් ඔබ මා එකම සිතින්
    කුමටද නිදිනැති යහනට නැති නම් ඔබගේ සුසුම් පවන්

    යලි යලි බැදුනද නොසැලෙන විලසින් ඔබ මා සිතට සිතින්
    කුමටද නැතිකල සෙවනට මොහොතක් ඔබ ලග රැදෙන වරම්.. :(

    අගෙයි ඉසූ..

    ReplyDelete
    Replies
    1. මේ සින්දුවට මං ගොඩක් ආසයි. අරුතට වඩා තනුවට.
      ස්තූතියි මිතුර

      Delete
  10. ඉස්සර වගෙම හිත අස්සෙම හීන ......ගොඩක්
    කොච්චර ළඟම හිටියත් හිමි නොමැති හැඩක්
    මෙච්චර සෙනෙහෙ හිත් පුරවා අපෙම වැඩක්
    කොච්චර පව්ද එක් වන්නට නොමැත.... ඉඩක්
    ..
    හමුවූ විටක නුදුටුව ලෙස යන්න........ එපා
    ලංවූ කෙළෙක දොඩමලු නොවි රවනු එපා
    හැඬවූ හිතට සෙනෙහස දෙමි සිනහ පපා
    මගෙවූ ඔබව හිමිකර ගමි පිටුද නොපා
    ..
    පායන සඳේ මගෙ පිළිරුව අදිනවදෝ?
    පාවෙන රළේ අනිතයත් බව හිතනවදෝ?
    ගෑවෙන නලේ මුදු සහනය විඳිනවදෝ?
    හාවෙන නුබේ මිරිඟුව බව දක්නවදෝ?

    ReplyDelete
    Replies
    1. නොලැබුනු දේ අපට මේ ලොව කොතරම්දෝ
      ඒ හැටි වෙතත් ඔලුවට පුරවා ගම්දෝ
      දයිවය එයයි කෙලෙසක එය වලකම්දෝ
      මොන දේ නැතත් අපි දිව්යෙන් පැන යම්දෝ

      අලංකාර කවි පෙලක්
      ස්තූතියි හංසි

      Delete
  11. Replies
    1. ස්තූතියි ලලිත්......

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. කොහොම නමුත් දෙදෙනාට මතු බවේ හමුවෙන්න පතමු. එත් අපේ තියෙන සමහර දේවල් නිසා කෙල්ලන්ට හිතේ තිබ්බත් අහන්න අවස්ථා නැ. ඒ නිසා ගොඩක් අය හිතෙන් දුක්වෙනවා. මම හිතන්නේ එකත් වෙනස් වෙන්න ඕනි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් සලිත ඔබ හරි..මම නිවැරදී
      ස්තූතියි

      Delete
  14. ආත්මයක් ආත්මයක් පාසා මම ඔයාව පතා ගෙන එනවා කිව්වලු ලතාට උඩ කැලේ ඇතා.. හ්ම්ම්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නැට්ට පිටින්නෙ අලි මැරෙන්නෙ කිව්වලු.ඇතාත් එහෙමදැ?
      ස්තූතියි ගස්ලබ්බ

      Delete
  15. //ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්

    මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්

    යළි හැරෙනු බෑ සොඳුර එක හිතට නතු වෙමින්

    සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්//

    ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්
    නුඹ කුමට මා ලගට ආදරේ ගුලි කරන්
    යලි හැරෙනු මගෙ සොදුර නුඹෙ හිතම නුඹ අරන්
    සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්

    ReplyDelete
    Replies
    1. //මගෙ වගේ නුඹෙ හිතෙත් ආදරේ තිබුණාද

      නොකී රහසක් විලස දැවි දැවී උන්නාද

      අපි අපිට හමු උනේ පතා ආ ලෙස නොවෙද

      ඒ නිසා ළං වෙන්න වරම් අත නූනාද//

      මගෙ සිතෙ තිබු සෙනේ නුබේ සෙනෙ පැරදූව
      නොකී රහසක්ව එය මගේ සිත පෑරූව
      අපිට අපි හමුවුනේ සරදමට ප්‍රේමයේ
      ඒ නිසයි වරම් නැති එක්වන්ට මේ භවයෙ



      Delete
    2. පිළිතුරු කවි අගෙයි රසික...තව ලියන්න
      ස්තූතියි

      Delete
  16. හරි ගීතවත් බවක් තියෙනවා.සශිකා නිසංසලාගේ හඬට ගැලපෙනවා කියා සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි එයාට මේ පද ටික දීල බලමු මනෝජ්

      ස්තූතියි අගය කිරීමට

      Delete
  17. හිත හොරෙන් දිව යන්න දොර අගුලු අරිනවා
    ඇසිල්ලෙන් හිත නුඹේ පසු පසින් ඇදෙනවා


    ලස්සනයි ගොඩාරියක් ......

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තූතියි මෙතූ...

      Delete
  18. //යළි හැරෙනු බෑ සොඳුර එක හිතට නතු වෙමින්
    සමු ගනිමු මතු බවෙක මුණ ගැසෙන තුරු ඉතින්//

    මොකට සසර දික්කර ගන්නවද?

    ReplyDelete
    Replies
    1. ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ...

      ඒ අතරේ ලැබෙන වරේ කරමු නිමල ආදරේ....

      Delete
    2. ooh extremely sry Ian..i didn't see that link,
      I'll check it

      Delete
  19. Replies
    1. සුන්දරත්වය මැවීමට අපි සැමදා කටයුතු කරමු

      ස්තූතියි දැරිය

      Delete
  20. ජීවිතේ උඩු අතට ඇදී ගිය ඉක්මනින්
    යාලුවෙක් ඉගිලුනා මට හොරෙන් උඹ අරන්
    කියාගනු නොහැකි දුක් පපු තුරේ හිරකරන්
    මම තාම එතනමයි ආදරේ ගුලිකරන් ..

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කිව්ව දුක්බරම කතාවක්
      ඇහුවාම ඉතින් මට දැනුනෙ වේදනාවක්
      පපු තුරේ හිර කරන් හිටියාලු මහ දුකක්
      පවු අපේ මිතුරාට වුනේ මහ කරුමයක්!!!

      Delete
  21. අලේ මන්ලන්නෑ ඉසුරිකා....අච්චර අයියලා අක්කලා ගොඩක් ඉන්නවා.ඒ එකෙක්ටවත් කිවුවනම් වැඩේ ගොඩදාලා දෙනවනේ.

    ආදරේ ප්‍රකාශකිරීමේදී ගෑනු ළමයෙක් වුන පලියට ඔච්චරම අසරන වෙන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. මං කිව්ව කටුසු...කොහෙද කවුරුත් ගනන් ගත්තෙ ලෑ නේ අයියෝ...අලේ

      Delete
  22. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජිත්.....

      Delete
  23. ලස්සන කවියක් ! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හන්චි.... ඔයාගේ නම ලස්සනයි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...