Sunday, March 13, 2016

වේදිකාවෙන් බැස ගියා නුඹ............


දනිමි ගෝසා නොකර යන වග
අහිමි වූවා යැයි කියා මම
පයට පෑගෙන වියලි කොලයකි
නුඹට මා දැන් දිරාපත් වුන

සෙනේ පිදුවා කියා සිතමින
වෙලී ඇදුනේ නුඹේ පසුපස
දැනෙන විට මං මුලා වුන වග
අස්සයා පැන ගොස් බොහෝ දුර

ප්‍රේමයේ දෙව්රුව කියා නුඹ
පිදුම් ලැබුවේ සිය දහස් වර
අමුතු දෙවියන් ලෙසින් රහසෙම
මරා දැමුවේ මගේ හදවත

ලොවේ මිහිපිට සිටින උත්තම
පරම පිව්තුරු පිරිමි චරිතය
හීන් සීරුවෙ රංගගත කොට
වේදිකාවෙන් බැස ගියා නුඹ


ඉසූ



.

38 comments:

  1. වාව් වාව් මරු. ........ .ඔහොම කවි ලියනවනන් දිගටම බූට් තියන්ඩ එකෙක් හොයල දෙන්ඩ හිතෙනව....

    ReplyDelete
    Replies
    1. කවි ලියන අසරණ මට එහෙම කියන්නෙපා රසික..ඇඬෙනව

      Delete
  2. ගොඩක් අය දක්ෂ නළු නිළියෝ එකවර නාට්‍ය කිහිපයක චරිත මවන..

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍ර ශේක්ෂ්පියර් කිව්ව වගේ....භූමිකා එමටයි

      Delete
    2. "All the world ‘s a stage, and all the men and women merely players. They have their exits and their entrances; And one man in his time plays many parts"

      Delete
  3. ඔව් ඔව් හැමදාම පිරිමි තමයි වැරදි ,හැක්
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. පිරිමි වැරදි නෑ කියමුකො එහෙනම් ඉයන්.......ඔබ හරි මම නිවැරදි
      ස්තූතියි

      Delete
  4. කාන්තාවන් ඉන්නේ මොකක් හරි උනාම බේරගනියෝ කියල කෑගහන්න විතරයි නේ.. නෝ ඇක්ෂන්.. ඒකයි අවුල.. කෑගහන වෙලාවේ බේරෙන්න උත්සාහ කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒක කාන්තාවගේ තියෙන සහජ සුකුමාලත්වයනෙ දේශක.....එතකොටනෙ සුන්දර, නැද්ද හා??

      Delete
    2. ඒත් දැඩි වෙන්න ඕන තැන සියුමැලි වෙලා වැඩක් නෑ කියල මේ ළමයින්ට තේරුං කරල දෙන්න බැ. ඒකනේ ඔය තරං මහිලා සමිති තියෙන්නේ.. හැක්

      Delete
    3. දේශා.............

      නෙලුම්යායට හොද ප්‍රචාරයක් දෙන විදිහක් තෝරලා... ජයවේවා....

      තුෂාර

      Delete
    4. මට හිතෙන්නෙ එහෙම සමිති හදන්නෙ එයාලට දැඩි බවක් ගොඩනගාගන්න වෙන්නැති දේශක... ස්වභාවධර්මෙන් ගොඩ නගපු දේවල් වෙනස් කරන එක අමාරුයිනෙ
      පුරුෂයාගේ දැඩි බව.....ස්ත්‍රියගේ ලද බොලඳ බව

      Delete
    5. එමා වොට්සන් වරක් මෙහෙම කියනව.. හොඳ සමාජයකට අවශ්‍ය දැඩි පිරිමියා හෝ ළඳ බොළඳ ගැහැණිය කියන සංකල්ප නෙවෙයි.සමාජ ප්‍රගමනය සඳහා එක් ව වැඩ කළ හැකි, කැප විය හැකි මේ දැඩි බවේත් - මෘදු බවේත් සංකලනයකින් යුක්ත ගැහැණු - පිරිමි..

      Delete
    6. අගය කළ යුතුයි, අගය කළ යුතුයි........

      Delete
  5. ඉසුරි..............

    කවිය ඇත්තට ම ලස්සනයි...... මටනං දැනෙන විදිහට මේ පද ගීතයකටත් උචිතයි..... ඒ නිර්මාණය තුළ නිර්මාණකරුවෙක් හැටියට ඔබ දෙයක් දිහා බලන්නාවූ වෙනස් වූ කෝණයයි අගේ....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාංචනා අක්කේ.... මගෙ යාලුවෙක් ඉන්නව එයාට මේක දීල බලමු.ගීතයක් කරන්න පුලුවන්ද කියල

      Delete
  6. කාලෙකට පස්සේ හිතට ටොකු අණින කවියක් කියෙව්වේ.Aru

    ReplyDelete
    Replies
    1. අරූ කියන්නෙ ඔයාගේ නමද? ස්තූතියි අරු....

      Delete
    2. අරූ.................

      ෙමාකෑ දැන් අර බ්ෙලාගය ලියන්නැද්ෙත්..... අපි නිතරම මතක් කරනවා... මුල්කාලේ අපිට ලොකු සහයක් වුණ හැටි තාම මතකයි...... අායෙත් ලියමුකෝ......

      කාංචනා....

      Delete
  7. ස්ටේෂන් එකක් දැක්කට කඩාගෙන බිඳගෙන ආවේ කෝච්චි ගැන මොනවා හරි ලියල ඇති කියල.

    ReplyDelete
    Replies
    1. බලාගෙන බලාගෙන අඟහරු....ඔයා ඔහොම ගියොත් අඟහරු ලෝකෙ නවතියි.. හිටන්

      Delete
  8. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. හැමදාම මේ පැත්තට ඇවිත් අපිව දිරිමත් කරනවට ස්තූතියි ඉන්ද්‍රජිත්.........

      Delete
  9. Lattanai
    Jayawewa !!!!!!

    ReplyDelete
    Replies
    1. ඉත්තූතියි විදාන අයියේ......



      Delete
  10. කෝ බං මේ ගෑණු ළමයාගේ අයියලා අක්කලා ටික....මෙලෝ රහක් නෑ මුන් ටිකනම්.සික් විතරක්....

    ගෑණු පිරිමි වෙනසක් නැතුවම දෙගොල්ලොම ලස්සනට රඟපානවා. ඇක්ටින් බැරි එවුන් හූල්ලනවා.කවිය ලස්සනයි ඉසුරිකා.....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. අඩේ කසුට්ටා.............

      අපි ඉන්නවා බොල. ඒත් ඉතින් ඔය නලුවොංට පවට පිණ දෙන්න බෑනේ බං...... (ඔය ලියුවාට කවුද දන්නේ ඇත්තම ලියනවාද කියලා...) ඉසුරිට මේ ලබන සතියේ සෙමෙන්ටර් එක්සෑම් පටන් ගන්නවා. කවි ගගුල මතු වෙලා තියෙන්නේ පාඩම් කරන අතර තමා. ඉතින් විභාග කාංසාවට මතුවුණ එකක් ද කියලා කවුද බං දන්නේ......

      තුෂාර සහ අසංක ඒකාබද්ධ ප්‍රකාශයකි..

      Delete
    2. ඔව් ඔව් අයියලා මේ විභාග භීතිකාව!

      Delete
  11. වේදිකාවේදීම අාත්මය සමග අද්ධ්‍යාත්මයද ක්‍ෂයව ගියේය

    ReplyDelete
    Replies
    1. මේකනං ටිකක් බරපතලයි වගේ......බලධාරින්ට දැනුම් දිය යුතුයි...

      thanx Trans...

      Delete
  12. යන අයට යන්න දෙන්න හිටං

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉවාන් ........ඔබ හරී..... ඔබ හරී..හිටං

      Delete
  13. මොකටද බැහැල යන්න දුන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. රංගනය නිමා කළ පාත්‍රවර්ගයා ඉන් අනතුරුව වේදිකාවෙන් බැස යයි. එය වැලැක්වීමට නම් නැවත රංගයක් ආරම්භ කළ යුතුය..
      ඒකයි ප්‍රසා අයියේ කියන්නෙ

      Delete
  14. අතාත්විකව රඟපාන්න ට්‍රයි කරනවාට වඩා තාත්වික රඟපෑම අවසානයේ බැහැල යන එකත් ලොකු දෙයක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තාත්වික රඟපෑම විශිෂ්ට කුසලතාවක්...එය අවභාවිතය නින්දිත කරුණක්

      නැද්ද ලබු අයියේ...

      ස්තූතියි....

      Delete
  15. හැමෝම වගේ හුගක් චරිත රගපාන හරි දක්ශයිනේ.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම භූමිකා ගොඩකට පණ දෙනවා. තව කෙනෙක් අමාරුවෙ දාන්න එහෙම කරන එක තමයි නරක......නැද්ද දිනේශ්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...