Monday, March 21, 2016

බ්ලොග් පරිප්පු පාන් වගේ මෙතැන ලියන්න - නෙලුම්යාය වාද බයිලා මඩුව


කැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූ
බ්ලොග් ලි‍යනා කොල්ලෝ කෙල්ලෝ ගන්නවා නම්බූ
බ්ලොගර්ස් ඩෑල් ගිය ගිය තැන ගන්නවා නම්බූ
කැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූ

ගලක් උඩින් මලක් තියලා ගල මල කියපං
නෙලුම්යාය පැත්තේ ගිහින් ගල් මල් ගැණපං
නෙලුම්යාය පැත්තේ ඇහෙන ගල් මල් හොයපං
ගලක් උඩින් මලක් තියලා ගල මල කියපං

කෑමෙන් හොද කෑම තමයි ඉල්ලං කෑම
ගෑමෙන් හොද ගෑම තමයි බ්ලොග අතගෑම
රීමෙන් හොද රීම තමයි පෝස්ට් කිරීම
යෑමෙන් හොද යෑම තමයි විසි හය යෑම

යාය පිටින් නෙලුම් පිපිලා අර බලහල්ලා
අතපුරාම හිතපුරාම තෑගි ගෙනැල්ලා
දෙවැනි වරට බෙදන තෑගි බර හොයහල්ලා
යාය පිටින් නෙලුම් පිපිලා මේ බලහල්ලා

හිතේ නැගෙන කතා එපා හංගන් ඉන්න
බ්ලොග් පරිප්පු පාන් වගේ මෙතැන ලියන්න
බ්ලොග් කරියට පාන් බනිස් මෙතැන තියන්න
හිතේ නැගෙන කතා එපා හංගන් ඉන්න


මාතෘකාව - නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ
තාලය - ආස්මි තාලය (එ් කියන්නේ හෝ ගාලා වැක්කෙරෙන්න ලියන්න ඕනේ)



කුරුට්ටෝ


.

79 comments:

  1. ආපු කෙනෙක් හිනා පපා සතුටින් ඉන්න
    කාපු බීපු දේවල් ගැන එපා හිතන්න
    දාපු කොඩිය රැක ගෙන ඉමු එපා සැලෙන්න
    දීපු ජයද අරගෙන ගොස් ආයම එන්න .. අනේ ආඅයම එන්න

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ විසි හය දා ප්‍රියන්ති එනවා
      රටම දකින නෙලුම් යායේ කොඩිය දානවා
      අදට හෙටට අනිද්දාටත් කොඩිය දානවා
      ඒ කියන්නේ විසි හය දා ප්‍රියන්ති එනවා

      Delete
  2. බ්ලොග් ලියනා එවුවන් හට පුක රත්වෙන්න
    අපි ඉන්නව කොමෙන්ට් වලින් පරිප්පු දෙන්න
    සම්මාන නැතත් කොමෙන්ට් වලින් පුක රත්වෙන්න
    අපි ඉන්නව ලියන උංට පරිප්පු දෙන්න

    ReplyDelete
    Replies
    1. සැ.යු. © පුක යනු කුණුහරුපයක් නොවේ
      -කතන්දර නොහොත් රසිකොලොජිස්ට්-

      Delete
    2. හක පුරවා රත්නපුරේ පැත්තට වෙන්න
      අරිමු දෙකක් තුනක් වුණත් රත්වෙලා යන්න
      ප්‍රසා අයියා එනවානං නෑවිත් ඉන්න
      බෑ කාටත් අපි එනවා බලලා යන්න

      Delete
    3. රත්වුන කොංකිරිට් එකේ වාඩි වෙන්නට
      එන්න හිතෙනවා විසිහය කොළඹ දිහාට
      එන්න හිතෙනවා විසිහය කොළඹ දිහාට
      රත්වුන කොංකිරිට් එකේ වාඩි වෙන්නට

      Delete
    4. රත්වෙනවා විතරක් නොව දානව දාඩිය
      ඉහින් කනින් ගිනි පිඹ පිඹ පනිනවා දාඩිය
      ඉහින් කනින් ගිනි පිඹ පිඹ පනිනවා දාඩිය
      රත්වෙනවා විතරක් නොව දානව දාඩිය

      Delete
    5. කොංක්‍රීටය රත්උනාට කඩා වැටෙන් නෑ
      අපි කවදත් බ්ලොගර්ස්ලාව දාලා යන්නෑ
      අපි කවදත් බ්ලොගර්ස්ලාව දාලා යන්නෑ
      රත්උනාට කොංක්‍රීටය කඩා වැටෙන් නෑ

      Delete
    6. අන්න හයිය මෙන්න හයිය ප්‍රසා අයියා ෂා
      කොළ බොක්කත් උණු වෙනවා මෙන්න කතා ෂා
      සතුටු විලේ නෙලුම් පිපේ තව මොනවද ෂා
      එන්න යන්න නෙලුම් කඩමු පුප්පවන්ට ෂා

      Delete
    7. 26 වෙනිදට 1යි 2යි 3යි කියලා 4 ට ගැනපන්
      5හෙ ඉදලා එලි වෙනකන් කන පැලෙන්න බීපන්
      5හෙ ඉදලා එලි වෙනකන් කන පැලෙන්න බීපන්
      26 වෙනිදට 1යි 2යි 3යි කියලා 4 ට ගැනපන්

      Delete
    8. බෝතලයක් කටේ තියං ගහන්නට හැකි
      අපිත් එක්ක කාටවත් ම බොන්නට නොහැකි
      අපිත් එක්ක කාටවත් ම බොන්නට නොහැකි
      බෝතලයක් දෙකක් වුණත් ගහන්නට හැකි

      Delete
    9. කියන්නෙනම් ඔහොම තමයි කඳුරට අයියලා
      මූඩිය පෑගුනත් මුන්ට වැටෙනව වැඩිවෙලා
      මූඩිය පෑගුනත් මුන්ට වැටෙනව වැඩිවෙලා
      උස්සන් යන්නේ කවුරුද එතකොට මුන්දැලා

      Delete
    10. හරි ඔට්ටුයි බලමු එදා හවස් වෙනකොට
      මගේ කරෙන් මං කසුටුව ගෙනියනවා ගෙට
      මූඩි මොටද බෝතල් නොවැ තියාන අපෙ කට
      අපි ගහනවා වැනෙන්නැතුව තනිකකුලෙන් හිට

      Delete
  3. විසි හය වෙනිදාය කිව්වෙ තියෙන්නෙ දෙක ට,
    කුරුටු හතක් එනව කිව්ව නේද එතන ට.
    කුරුටු හතක් එනව කිව්ව නේද එතන ට,
    විසි හය වෙනිදාය කිව්වෙ තියෙන්නෙ දෙක ට.

    එහෙන් මෙහෙන් පෝස්ට් දදා සරසනවා මල්,
    අඩෝ අපිත් එනව දෙකට ගහන්න ගල් මුල්.
    අඩෝ අපිත් එනව දෙකට ගහන්න ගල් මුල්,
    එහෙන් මෙහෙන් පෝස්ට් දදා සරසනවා මල්.

    කුරුට්ටනේ වාද බයිල අපිටත් තේරෙනවා,
    නෙලුම් යාය වාද බයිල මඩුවට සෙට් වෙනවා.
    නෙලුම් යාය වාද බයිල මඩුවට සෙට් වෙනවා,
    කුරුට්ටනේ වාද බයිල අපිටත් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න කසුනෝ බයිලා නං කියන්න බයිලා
      එදා ඇවිත් සෙට් වෙමු අපි නැවෙන්න වැනිලා
      එදා ඇවිත් සෙට් වෙමු අපි නැවෙන්න වැනිලා
      කසුනා ඇවිත් අපිත් එක්ක කියමුද බයිලා

      Delete
    2. කුරුට්ටන්ට නොදෙන බයිල කොහෙන්ද මා ලඟ,
      වැනෙනවනම් වැනෙමු කුරුටු බීච් එකේ මැද.
      වැනෙනවනම් වැනෙමු කුරුටු බීච් එකේ මැද,
      කුරුට්ටන්ට නොදෙන බයිල කොහෙන්ද මා ලඟ.

      තුෂාරයයි අසංකයයි කන්චුයි සෙට් වෙනවා,
      අනුරාදයි ඉසුරි නගයි තව දෙන්නෙක් එනවා.
      අනුරාදයි ඉසුරි නගයි තව දෙන්නෙක් එනවා,
      තුෂාරයයි අසංකයයි කන්චුයි සෙට් වෙනවා.

      Delete
    3. උඹේ ගණන් ගොඩක් ළගයි චතුරිත් එක්කං
      අනුරාධයා එන්න බෑලු තැන ප්‍රසිද්ධනං
      අසංකගේ නෑනණ්ඩිත් එදාට දක්කං
      එන්න ඉන්නේ දැන් බලහං ගණං හරිද බං

      Delete
    4. ගනන් හැදුවෙ මමත් හොඳට දෙවරක් හිතලා,
      එකක් අඩුයි උඹ බොරුනම් බලපං හදලා.

      Delete
    5. ඒක හැබැයි අපේ ගාන තියහං මුල්ලෙන්
      උඹත් එක්ක තව කීයක් එනවද කියහන්
      උඹත් එක්ක තව කීයක් එනවද කියහන්
      ඒක හැබැයි අපේ ගාන තියහං මුල්ලෙන්

      (මේ කිව්වාට ඕවා හරියට ම තිතට බලාපොරොත්තු වෙන්නත් එපා. කොහොම හරි උපරිම ගාණ උස්සං එනවා...)

      Delete
  4. ආවුස් අප්පා ......මාර ලොල් ......පඩත්තල කොල්ලෝ
    පලයල්ලා අර යොවුන් පුරේත් හොයාගෙන

    ReplyDelete
    Replies
    1. කෝ තාලේ නෑනේ............. තරගයෙන් ඉවත් කරල ලද බව කරුණාවෙන් සලකන්න...

      Delete
    2. ඉදා මල්ලි සත දහයක් බීපන් සෝඩා
      බයිලා පොලේ රෙන්නේ නැතුව අන්ගෙඩිපෝඩා
      ඇනෝ මල්ලි .......
      බයිලා පොලේ රෙන්නේ නැතුව අන්ගෙඩිපෝඩා
      ඉදා මල්ලි සත දහයක් බීපන් සෝඩා......

      Delete
    3. මෙන්න බොලේ අපේ මෙන්ඩා බයිලා කියනවා
      පොඩි මෙන්ඩයි මෙන්ඩි අරන් එදාට එනවා
      26 දා මෙන්ඩා අැවිත් බ්‍රා විකුණනවා
      මෙන්න බොලේ අපේ මෙන්ඩා බයිලා කියනවා

      Delete
  5. දැන් අවුරුදු තුනක් තිස්සෙ නොලියන රඟහල
    වෙලා නැහැනෙ නිර්දේසය මට නම් දැන් මල
    එන්ඩ බැහැනෙ විසි හය මට, එවනව ඒ මල
    පලඳන්නට 'එයිටීන් ප්ලස්' දිනන එකා ගෙල

    ReplyDelete
    Replies
    1. නිර්දේශය දාමු තිසර අල්ලපු වත්තට
      එදා ඇවිත් සෙට් වෙමු අපි නෙලුම්යායකට
      එදා ඇවිත් සෙට් වෙමු අපි නෙලුම්යායකට
      නිර්දේශය දාමු තිසර අල්ලපු වත්තට

      Delete
    2. තිරේ වහල ඇයි අවුරුදු ගානක් තිස්සේ
      පෙන්නන්නට නැද්ද මොකුත් දැංවත් අස්සේ
      පෙන්නන්නට නැද්ද මොකුත් දැංවත් අස්සේ
      තිරේ වහල ඇයි අවුරුදු ගානක් තිස්සේ

      Delete
    3. තිරේ ඇරලා කරලියෙ අය හෙල්ලිලා යන්න
      රගදක්වමු රගහල අපි ඇඹරිලා යන්න
      26 අපි පට්ටාන් ගමු නැකත තියාගෙන
      තිරේ ඇරලා කරලියෙ අය හෙල්ලිලා යන්න

      Delete
  6. කවුරු කොහොම කෑ ගහගෙන බයිලා කීවත්
    කරන දෙයක් නෑනෙ අනේ නෙලුම් යායෙ උන් තරම්
    සම්මානත් දීලා සිත් සතුටුවන තරම්
    නෙලුම් යාය වැජබේ තව බොහෝ කල් හොදින්


    සිතේ සතුට ගතේ සවිය හොදින් රැදීලා
    තුරුණු අයත් මහලු අයත් හොදට සිතාලා
    අගයන්නට බ්ලොග් කරනා එවුන් සැදීලා
    කරයි මෙදා සැරෙත් ශනිද පෙලට සැදීලා

    ReplyDelete
    Replies
    1. අනිවා රසික ඒක අනිවා රසික
      එනවා නේද හම්බෙන්නට ඇහැකිද රසික
      එදාටවත් මූණ බලලා යන්නට හනික
      එනවා නේද පැල් බැදගෙන කියන්න රසික

      Delete
    2. පැල් බැදගෙන කියවන්නට මම නම් එනවා
      කුරුටු පවුරෙ දුසිම එක්ක කතා කරනවා
      බයිල ගොතන බයිල මඩුම නැගලම යනවා
      බයි නැතුව හිනැහෙන්නට ශනිදා මා නම් එනවා

      Delete
    3. එනවා නං රසික සහෝ කුරුට්ටන්ට හැපී
      දුසිම් නැතත් හයක් හතක් එනවානේ අපි
      දුසිම් මොකද බාගයක්ම එනවානේ අපි
      රසික සහෝ එනවානේ එකයි මේ හැපී

      Delete
    4. ගලුත් වදී මුලුත් වදී යාය පුරා නෙලුම්
      අජිය අපේ කෙලින් ඉදී පුප්පන්නට නෙලුම්
      කුරුට්ටො ටික බයිල කියයි යායක් ගැන නෙලුම්
      මටත් දැනේ පුසුඹ යායේ ඇති නෙලුම්

      Delete
    5. ගලුත් හොදයි මලුත් හොදයි පුප්පවන්ට නෙලුම්
      වටේ උනුත් උඩින් බලයි අමුතු කියුම් බැලුම්
      ඒ අස්සේ බ්ලොග් සෙට් එක ගහනවානෙ පිනුම්
      කොහොම වුණත් 26 අපි පෙන්නනවා කෙරුම්

      Delete
  7. කාලතුවක්කුද ඕනේ මල්ටි බැරල් ද
    එහෙමත් නැත්නම් දිලිසෙන දිග කඩුවක් ද
    කඩු පොළු වෙඩි බෝම්බ පොඩි අතහැර දාලා
    මම එනවා දැකල යන්න බ්ලොග් පොරවල්ලා
    අම්මප මම එනවා දැකල යන්න බ්ලොග් පොරවල්ලා
    කඩු පොළු වෙඩි බෝම්බ පොඩි අතහැර දාලා

    ReplyDelete
    Replies
    1. කමෝන් විචා කමෝන් විචා ඔන්න බයිලා රජු
      බයිලා මොකද නෙලුම් මොකද ඒවා දැන් කජු
      26 අපි සෙට් වෙනවා බල්ලෝ පූසෝ ඉජු
      කමෝන් විචා කමෝන් විචා ගොතමු බයිලා රජු

      Delete
    2. ආටිවලට වැඩිය සැරයි යුනිකෝඩ් අපේ
      කඩු බෝම්බ ඕනෙම නෑ ගන්න සැර අපේ
      කඩු බෝම්බ ඕනෙම නෑ ගන්න සැර අපේ
      ආටිවලට වැඩිය සැරයි යුනිකෝඩ් අපේ

      Delete
    3. කමෝන් රාජ් කමෝන් විචා ආටි යුනිකෝඩ්
      දැන් මොනවද වැඩිම සැරට යන්නේ අයිපෑඩ්
      දැන් මොනවද වැඩිම සැරට යන්නේ අයිපෑඩ්
      කමෝන් රාජ් කමෝන් විචා ආටි යුනිකෝඩ්

      Delete
  8. මටත් අනේ හිනා යනව මේවා දැක්කං
    කොහොම ඉතින් කොරන්නදෝ විභාගෙ එක්කං
    මේ ටික දොහ පොතේ ඉන්නෙ ගුල්ලි වගේ මං
    හැකි වුනොතින් එදා මාත් සබේට එඤ්ඤං...
    අයියෙ සබේට එඤ්ඤං

    ඉසුරි නගා....

    ReplyDelete
    Replies
    1. හැකිවුණොතින් කියන්නෙපා ගණන් හදා ඇත
      කාංචනා චතුරි එක්ක අසංකයත් ඇත
      තුෂාර තිළිණයි අසංක නෑනණ්ඩිත් ඇත
      නගා නාවොතින් කපෝති කුරුට්ටන්ගේ වත

      Delete
    2. ව්භාගනම් මොනවාදෝ මටත් ඇතේ නිතී
      පොතත් එකයි බ්ලොගත් එකයි එක වාගේ ඇතී
      උ.පේ ලියන්නට කඳු තරමට වැඩ ඇතී
      ශනිදාට ආවොත් ගොඩ යන්නට හැකී

      Delete
    3. ඉසුරි නගත් ඔය පැත්තෙම තමයි රසික මලේ
      වාසිටියෙයි කොළඹ රටේ ලාස්ට් ඉයර් මලේ
      සෙනසුරාදා එනවා කිව්වා එත් රසික මලේ
      සදුදා ඉදන් විභාග ටික පටන් ගන්න වලේ

      Delete
    4. විභාග වැඩ ගිනි රාමෙට ඇවිලිලා ඇත්තේ
      ඔලුවේ ගිනි නිවාගන්න ක්‍රමේකි නැත්තේ
      දෙවි පිහිටෙන් කවර් උනොත් පොත් ටික සත්තේ
      එනවා යාලුවො බලන්න මල් විල පැත්තේ...

      Delete
  9. එකයි දෙකයි තුනයි කියලා විසි හයටම ගැනපන්
    විසි හය දා දෙක වෙනකොට පෝලිමෙ හිටපන්
    දෙක වෙනකොට තුන වන වන පෝලිමෙ හිටපන්
    එකයි දෙකයි තුනයි කියලා විසි හයටම ගැනපන්

    ReplyDelete
    Replies
    1. නෙලුං යාය නැගල යන්න මේ අවුරුද්දේ
      බැක් ඉස්ටේජ් වැඩ එහෙමත් තියනවද බොලේ?
      බැක් ඉස්ටේජ් වැඩ එහෙමත් තියනවද බොලේ?
      නෙලුං යාය නැගල යන්න මේ අවුරුද්දේ

      Delete
    2. මොන බැක්දෑ ඉස්සරහින් තියෙනවා වැඩේ
      ඔලුව උඩින් දුං දාගෙන බැදෙනවා වඩේ
      මදි හරියට සැන්ඩි එක්ක ඔබනවා බඩේ
      මොන බැක්දෑ ඉස්සරහින් තියෙනවා වැඩේ

      Delete
  10. ලෝකෙ වටේ හතර කොනින් සෙනඟ ඇදෙනවා
    නෙළුම් යායෙ මල් පිපිලා රටා මැවෙනවා
    සුවඳ නෙළුම් යායෙ මල් පිපිලා රටා මැවෙනවා
    ලෝකෙ වටේ හතර කොනින් සෙනඟ ඇදෙනවා
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බෝ ගස් ලබ්බෝ මේ අහගන්න
      අලුත් මනාලිත් එක්කං නෙලුමට එන්න
      මොකට ද පුටු දෙකක් උඹලා දෙන්නට ඉන්න
      ළගදි බැදපු ජෝඩු නිසා ඔඩෙක්කෙ ඉන්න

      Delete
  11. විසි හයවෙනිදා වෙන්නට දවස් ටිකක් ඇත
    මටනම් නෝ ප්‍රොබ්ලම් තව වගේ වගක් නැත
    මගේ වයිපරේ වොරිවෙයි අඳින ඇඳුම් ගැන
    ඔන්න ඕක තමයි බොලේ කසාදයේ රඟ

    අසංක

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර මේ වෙනකොට ඇදුම් අදිනවා
      අරක හොදයි මේක හොදයි කියලා බලනවා
      අලුත් ඇදුම් දෙක තුනකුත් කඩෙන් ගේනවා
      මට පේන්නේ නෙලුම් යාය අපිට කෙලිනවා

      Delete
    2. කියන්න අමතක වුණානේ මං තුෂාර

      Delete
    3. නෙළුම්යායේ කුමාරියෙක් තෝරනවලු කමියා
      රෙඩිවෙන්නේ ඒකලු බං වයිපර් ඔය හැටියා
      දිනපු කෙනා අරන් යනව එංගලන්තෙ අජියා
      උඹට වෙන්නෙ හූල්ලන්න වාගේ බලු පැටියා

      Delete
    4. අනේ අජියා ඒ තරම්ම පින් කරනවානං
      කමියා දෙක තුනක් වුණත් බලාගනීනං
      අරං ගිහින් බැලුවෝතින් තේරෙයිනේ බං
      හිරෙන් ආවොතින් එළියට හූල්ලයිද මං

      Delete
  12. චීන පටස් අලිඩොන් සද්දේ ඇහෙනවා
    මෙන්න බොලේ කුරුට්ටෝ කසේ ගහනවා
    ආන් බලන් සකි මෙන් බලන් සකි කමියා නටනවා
    මෙන්න බොලේ නෙළුම් යායේ පෙරහැර එනවා.

    ReplyDelete
    Replies
    1. අලියා පිටේ අන්න බොලේ බ්ලොග්ගල එනවා
      නෙලුම්යාය කරඩුව දැන් අපිට පේනවා
      නෙලුම් පෙරහැරේ ලස්සන අපිට පේනවා
      අලියා පිටේ අන්න බොලේ බ්ලොග්ගල එනවා

      Delete
  13. Ufvbh nhcvg uvbjjvi ggcojvgg van

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේද බං............

      Delete
  14. Ufvbh nhcvg uvbjjvi ggcojvgg van

    ReplyDelete
  15. බයිලා තරගේ හොසෙට නැගලා යනවා
    අනේ අපි මොනා කියන්නද ඇවිදින් පමා වෙලා
    හොද හොද එවුන් ටිකක් එක්කහු කරලා
    දාපං බයිලා ටිකක් සම්මානය දා.

    ReplyDelete
    Replies
    1. මොකද පමා අපි තාමත් නැගිටලා ඉන්නේ
      දිනේෂ් නැතුව මොන රටේද බයිලා කියන්නේ
      දිනේෂ් නැතුව මොන රටේද බයිලා කියන්නේ
      මොකද පමා අපි තාමත් නැගිටලා ඉන්නේ

      Delete
  16. අනික් එවුන් ගැන හිතලා හිතට ගනින් නේ
    බොල සේරෝම එකතු වෙලා විසි ගානක්නේ
    ඩබල් දාල එන්නේ නැතුව තනිව වරෙන්නේ
    එන එවුන්ට වාඩි වෙන්න ඉඩ තියපන් නේ

    මම ඉන්නේ ලෝක ගෝලේ අනික් පැත්තේ නේ..
    එන්නට වෙන්නෑ අයියෝ හිතට දුකයි නේ..
    විසි හය දා උත්සවයේ වීඩියෝ අනේ..
    නොදැම්මොතින් තොපි සේරෝම හම ගහනවනේ..

    ReplyDelete
    Replies
    1. උඹ වෙනුවෙන් ගෙනැවිත් අපි දානවා මීඩියා
      ඊට පස්සේ ෆොටෝ ගහං උන් දගලන නියා
      ගහපු ෆොටෝ උන් විකුණන් කන්න හදන නියා
      ෆොටෝ ගහමු අපි හැමෝම අතේ ෆෝන් තියා

      Delete
  17. කළා බයිලා කළා අපි පත්තු කරමු නිලා
    උබේ මුණ තලා හදනවා බටනලා ....
    එදාට කුරුට්ටන්ගේ මුණ තලා හදනවා බටනලා
    කළා බයිලා කළා අපි පත්තු කරමු නිලා........

    ReplyDelete
    Replies
    1. නිලා මොට ද උඩ යනකොට අපියි අහස්කූරු
      මෙන්ඩා කොහොම ලංවෙන්නද කරනවා අච්චාරු
      මෙන්ඩා දාලා නෙලුමට අපි යවනවා අච්චාරු
      නිලා මොට ද රෑ අහසේ අපියි අහස්කූරු

      Delete
  18. ගලක් උඩින් මලක් තියලා ගල මල කියපන්
    කුරුට්ටන්ගේ සම්මානය මට දීලා මස්සින කියපන්
    අජිත් අය්යේ
    කුරුට්ටන්ගේ සම්මානය මට දීලා මස්සින කියපන්
    ගලක් උඩින් මලක් තියලා ගල මල කියපන්

    ReplyDelete
    Replies
    1. ගලක් උඩින් මල් තිබ්බට කමක් නෑ පුතේ
      දෙන්න උඹට සම්මානත් තාම දී නැතේ
      26 ආවාම ලැබුණොත් දෙන්න බැරි නැතේ
      හැබැයි බලලා අතගාලා තබනු අප අතේ............ හැක්

      Delete
  19. රටක් වටින බ්ලොගක් ලියන කොල්ලනි කෙල්ලන්..
    නමක් නොමැති කොමෙන්ට් ලියන ඇනෝල සෙල්ලං..
    අතින් කටින් නෝනල සහ ලමයින් එල්ලං..
    බ්ලොගාල එන හැටි බලන්න සුරංග එන්නං..

    ReplyDelete
    Replies
    1. උඹ ආවාම ගමේ කතා රොත්තක් අරගෙන
      අපි එනවා කවි පද බැද අහන්න ඒ ගැන
      උඹේ වදන් කියෙව්වාට දකින්න බැරි තැන
      ඒ ප්‍රශණය විසදාවී 26 දා එන

      Delete
  20. නෙළුම් සුවඳ විහිදෙනවා සතර දිගන්තේ
    ඇලුම් බැලුම් යා වෙනවා සොඳුරු වසන්තේ
    පිනුම් ගසයි ගී අහුරක් කුරුටු කවි පොතේ
    කැලුම් මැවෙයි සයිබරයේ සිනා අනන්තේ

    ReplyDelete
    Replies
    1. සිනා නැගෙනවා තරුවෝ කතා කියනවා
      නෙලුම් පිපෙනවා බ්ලොග්වල තරු එල්ලනවා
      පද මුමුණනවා කට්ටිය දකින්න එනවා
      තරුවත් එනවා අපි ටික එහෙ හමුවෙනවා

      Delete
  21. බ්ලොග් තරු පායා කොළඹම දිලෙන්නා
    එක කෙලියයි එදා මයේ පුතේ
    බ්ලොග් කාරයෝ සම්මානත් දින්නනා
    වැඩකාරයෝ බව පෙන්න්නා

    බොලා බලලා නැද්ද බ්ලොග් කාරයෝ ලියනා එව්වා
    පිස්සු හැදෙනවා ඉඳ හිට බඩ කොරවෙන්වා
    ලෝස් නැතුව නීති නීති නැතුව වාරණයක් ලොවෙත් නැතුව
    වදින එකා දුරිම්භූ වෙන්න ලියනවා...

    බ්ලොගර් ගොයියෝ වදන් තදයෝ
    බ්ලොග් සගිස්කෘතියේ මහා මොළ කරුවෝ
    තොපි නැති දාට අනේ මොන බ්ලොග් අපිට පනේ
    එල්ලිලා මැරෙනවා අපි බුකියේ බිත්තියේ

    විසිහය වෙනි හෙනහුරාද තව දින හතරයි
    රට වටේම බ්ලොග් කාරයෝ එකමුතු වෙනවයි
    මූන බලලා අඳුනගන්න කතා කරලා හිනා වෙන්න
    චාන්ස් එකක් ලොවෙත් ඇත්තේ මෙදාට විතරයි

    කස්ටිය සැට් වෙලා මැක්සා ෆන් එක ගන්න
    ලියලා දාපු එව්වට සම්මාන ලබන්න
    සයිබරෙයෙන් මහා පොළොවට බැහැල බලන්න
    විසි හය වෙනිදා නොවරදවා පැමිණෙන්න...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...පට්ට ගේමක් දුන්නා මේ ටික ලියා ගන්න..පුන්සඳ පායා සින්දුවත් ඇහුවා කියහන්කෝ වචන ටික ගානට ලයින් කරන්න///

      Delete
    2. අඩෝ විභියා මේක පට්ට මචං............ උඹේ එකේ දාහංකෝ පෝස්ටුවක් විදිහට..... අඩෝ........ මේක පෝස්ටුවකට ම දාහං....... අදම දාමු...... පට්ට මචං

      Delete
    3. ඔන්නඉතින් උඹලා ඉල්ලපු විදියටම දැම්මා...

      Delete
    4. ජයවේවා................. ඒක පට්ට බං........ එදාට තව ටිකක් හදලා බයිලා පාර කියමු......

      Delete
  22. බ්ලොග් ලියලා රට හොල්ලපු වැඩ්ඩො බලන්න
    tech සයුරේ මාත් එනව ඔන්න එදාට
    කුරු‍ටු....
    දුර නොබලම ක‍ටු කාගෙන එනව එදාට
    බ්ලොග් ලියලා රට හොල්ලපු වැඩ්ඩො බලන්න

    ReplyDelete
    Replies
    1. රොහාන් මල්ලි එනවානං තවත් මොනවද
      හමුබවෙලා කතා කරමු තවත් මොනවද
      හමුබවෙලා කතා කරමු තවත් මොනවද
      රොහාන් මල්ලි එනවානං තවත් මොනවද

      Delete

Related Posts Plugin for WordPress, Blogger...