Friday, March 18, 2016

අයිතියක් පසක් කර තුරුලෙහිම හොවා හිඳ..........


මගෙම වූ සිහින දැක
මගෙම තුරුලේ නිදන සඳ
රැය මැවූ සිහිල් පිණි
දෙලවන් තෙමයි සිඹින ලෙද

නිමා වූ වසත් කල
අරුමයකි ගිමන් කල
මැකී යයි සරාසඳ
ඝන වලා වැතිරි සඳ

අයිතියක් පසක් කර
තුරුලෙහිම හොවා හිඳ
සුරැකි මුත් පන කෙන්ද
යලි අතැර නොයෙන ලෙද

කුලියට ගත් කුනප කය
කල් ඉකුත් වූ කලට
අප අතැර යයි දිනෙක
නොදන්වා රහසින්ම

ඉසූ


.

40 comments:

  1. සුපිරි ...!

    මුලින් හිතුනේ විරහා කවක් කියලා ..

    ඒත් නිර්මාණය ඇතුලේ සැඟවුනු අර්ඨයකුත් තියෙනවා වගේ.. ඒක හොයාගන්න ආපහු සැරයක් කියවන්න ඕනා ..

    ReplyDelete
    Replies
    1. අර්ඨයක් නෙමෙයි , අර්ථයක් හොඳේ ...

      හදිස්සියට වෙන වැඩනේ ........

      Delete
    2. බලන් යනකොට ජීවිතේම විරහවක් සඳරු...
      ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා අපිව දිරිමත් කරනවට,ස්තූතියි

      Delete
  2. කවියේ මුල් පද පේලි දෙක තුන කියවද්දි මේ ඉසුරිකා කියල කියන්න මට දැං පුළුවන්.. හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් දේශක අයියේ මට පුලුවන්ද මගේම අනන්‍යතාවයක් තිබේ කියා ප්‍රීතිවන්න දැන්??

      Delete
    2. ඉසුරිකා ?????????????

      Delete
  3. හයියෝ සල්ලි, කවදා හරි මේ කුණු කය දාල යන්ඩ වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ ලලිත්... මක් කරන්නද ඉතින්??

      Delete
  4. "කුලියට ගත් කුනප කය
    කල් ඉකුත් වූ කලට
    අප අතැර යයි දිනෙක
    නොදන්වා රහසින්ම"

    අද අද එයි මරු පිං කරගන්නේ..
    කෙලෙසද සෙට මරු නේති සිතන්නේ .. කිව්වලු..

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නෙ අඟහරුවෝ... කොයි ලෝකෙට ගියත් වෙන්නෙ ඒ ටිකනේ

      Delete
  5. මේ ටිකටනෙ ඉතින්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ගස් ලබු අයියේ........

      ස්තූතියි

      Delete
  6. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරපල්ලා කියල තමයි අලුත්ම සොයා ගැනීම.. :)

    ReplyDelete
    Replies
    1. මොන යථාර්ථයක් හමුවේ වුනත් අපි ඉන්නේ එහෙමනේ මිතුරෝ... ඒත් හිත කළකිරුන වෙලාවට දන්නෙම නැතුව සත්‍ය පසක් වෙනවා. ...නැද්ද හා??

      Delete
  7. විභාග පීඩනය නිසා ගෑණුළමයට අනිත්‍යත් මෙනෙහිවෙලා....

    ReplyDelete
    Replies
    1. අම්මෝ කටුසු අයියා කොහොමද ඒක හරියටම කිව්වේ...

      Delete
  8. මමත් දෙපාරක්ම කවිය කියෙව්වම තේරුනේ හරි ලස්සනයි කුරුටු :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ටිකක් බැරෑරුම්.......

      ස්තූතියි හංසි

      Delete
  9. ලියාගන්ඩ තරම් අදහසක් ආවෙ නෑ....
    අනිච්චා වත .....ඔච්චර තමයි..

    ReplyDelete
    Replies
    1. උප්පාධ වය ධම්මිනෝ...
      උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති...

      Delete
  10. ඉසු ළමය කුරුටු පවුර ආක්‍රමණය කරල වගේ තමයි හිහි...

    ReplyDelete
    Replies
    1. ඉතින් නරකද මහේෂ්.......? හි හි

      Delete
  11. බැරිද අතෑරල යන්න කලිංම එම්බාම් පාරක් දාගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ප්‍රසන්න අයියේ....හොඳ අදහසක්

      Delete
  12. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥ්ඤාණං අනිච්චංති :)

    ReplyDelete
    Replies
    1. සංඛිත්තේන පංචුපාදානඛ්ඛංධා දුක්ඛා!!

      Delete
  13. අපි කවුරුත් අනිතිමට යන දිහා = අගේ නිසදැස

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියන්ති......

      Delete
  14. ගොඩක් අය තේරුන් නොගන්නා කරුණක්

    ReplyDelete
    Replies
    1. ඔව් සලිත, අනිවාර්යයෙන්ම, අපි කවුරුත් ඒ ඇත්ත දකින්න බයයි

      Delete
  15. ඔය ටික කාලෙට කොච්චර කියල නාටක පානවද ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ගිම්මි..... රත් වෙනකන් හැලියේ දිය කෙලින කකුලුව වගේ

      Delete
  16. කවිය නම් ටිකක් බර වැඩි කොමෙන්ට් වලින් තමයි ටිකක් හරි තේරුම් ගත්තේ

    ReplyDelete
  17. විකාර කොමෙන්ට් කොටන්න දැන් බැහැ පොඩි මෙන්ඩ ලගට වෙලා අකුරු ගැට ගහනවා

    ReplyDelete
    Replies
    1. මේ වගේ බැරෑරුම් කාරණාවක් සුලුවෙන් කියන්නේ කොහොමද මෙන්ඩා අයියේ.....
      පව් නේ පොඩි මෙන්ඩා

      Delete
  18. ජිවිතය ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ කවුද කියලා හිතුවම ජීවිතේ කියන්නේ මොකක්ද කියල හිතෙනවා දිනේෂ්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...