Thursday, March 24, 2016

කලින් ආණ්ඩුවයි දැන් ආණ්ඩුවයි අතර වෙනස


ඉස්සර කරන්ට් එක ගියාම
අම්මාගේ කටහඩ ඇහෙනවා 
කුස්සිය පැත්තෙන්,

ලොකු පුතා...... 
එළියට ගිහින් බලන්න
අනික් ලයින් එකේ 
කරන්ට් එක තියෙනවාද කියලා....... 

දැන් කරන්ට් එක ගියාම 
අම්මාගේ කටහඩ ඇහෙනවා 
කුස්සිය පැත්තෙන්,

චූටි පුතා........
මාතර නැන්දලාට
කෝල් එකක් දීලා බලන්න
එහෙටත් කරන්ට් ගියාද කියලා.......

ඉස්සර කරන්ට් එක ගියාම
තාත්තා ඉන්න තැන ඉදලා 
කෑ ගහලා කියනවා......................

ලොකු දුව......
ඉක්මනට ගිහින් ටීවී එක ඕෆ් කරන්න. 
අනික් අය හෙල්ලෙන්න එපා
ඔය ගිය පයින් ම කරන්ට් එක එනවා.............

දැන් කරන්ට් එක ගියාම
තාත්තා ඉන්න තැන ඉදලා
කෑ ගහලා කියනවා......................

ආ.............. ගියා
දැන් ඉතින් තම්බලා තියෙනා දෙයක් 
ගිලලා දාලා බුදිය ගනිල්ලා
ආය ඉතින් හෙට උදේට තමා............


කසුප් අනුරාධ



පසු සටහන - මේ කරන්ට් එක යන විදිහට කමිෂන් පත් කරන්න ගියොත් හෙට අනිද්දට අපිත් ඉතින් ජනාධිපති කොමිසමක සභාපති කෙනෙක් හරි සාමාජිකයෙක් හරි වෙනවා නියතයි..... (හදිසියේ කරන්ට් එක යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් තැබූ සටහනක් බව කරුණාවෙන් සලකන්න.)





.

44 comments:

  1. පුලුල් මාතෘකාවකට තැබූ පටු සටහනක්...
    මාතෘකාව අසාර්ථකයි එක්කො නැත්තං මාතෘකාවට අනුව කවිය අසාර්ථක යි

    ReplyDelete
    Replies
    1. මට පේන විදිහට මාතෘකාවවත් කවියවත් නෙමෙයි අසාර්ථක මහේෂ්........... හිතුවාට වඩා අලුත් තත්වය අසාර්ථකයි...... ඒ කියන්නේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු අසාර්ථකයි.....

      Delete
  2. meke bagayak mage

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹේ කොටහා දෙනවා.... මේකේ පසු සටහන කියන එක දැම්මෙම ඒ කතාව ලියන්න. ඒත් ඒක ලිව්වේ නෑ හැම කතා කරන රෙද්දම දානවා කියලා හිතයි කියලා.. හරි මං දැන් මෙතැන කියන්නම්කෝ.... ඊයේ කරන්ට් එක ගිය වෙලාවේ විදානෙගේ සම්පරීක්ෂණය මෙම නිර්මාණයට පාදක වූ බව කරුණාවෙන් සලකන්න......

      Delete
    2. හොඳ වෙලාවට විදානය ඒ වෙලාවෙ සපත්තු දෙක මාරු කරල දාගෙන ඉඳල නෑ. නැත්තං මේ කතාව සහමුලින්ම වෙනත් පැත්තක් ගන්නව හිටං.

      Delete
    3. හික් හික්

      Delete
    4. aaaaaaaaaaa..................... thawath ekak....... (balahallako.... me nelum magulata apu nisa sinhalath nethuwa giyane;;;;;;;;)))))) ajith ayya mewata wagakiyahan.....

      Delete
  3. හෙහ් හෙහ්, අන්න බලපං එදාට වැඩිය අද කොච්චර දියුණුද කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා...

      දැන් වෙනස්කොට සැලකීම් නෑනේ..... දෙන දෙයක් රටටම තමා..... නැති වුණත් ඒකත් රටටම තමා.....

      Delete
  4. දිනූ දේශය කලුවරේ...

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ජනගහණය වැඩි වෙනවා බලාගෙන ඉද්දි........

      Delete
  5. ආණ්ඩු දෙකේ වෙනස
    පරණ ආණ්ඩුව පව් කරනවා
    ඇලුත් ආණ්ඩුව පව් ගෙවනවා

    ReplyDelete
    Replies
    1. ඒකත් හොද කියැවීමක් ඉයනෝ.........

      Delete
  6. මේක ලැජ්ජාවත් එක්ක බැඳිලා තියෙන්නෙ.ඉස්සර කරන්ට් ගියාම ඒ මාසෙ බිල ලියන්න එන එකත් එන්නෙ ටිකක් ලැජ්ජාවෙන්.මොකක් හරි හේතුවක් හදාගෙන.. ඒකට දැං..
    එක්කො හිංදි,චීන තේරෙන්නෑ කියනවා.. ඔව්ව ඔහොම තමයි කියනවා.. වගවීමක්,වගකීමක් නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ දන්න දේවල්.............. එහෙනං හෙට වෙද්දි මූණ දැක්කහැකියි නේද??????? හැකි

      Delete
  7. ගොබ්බ ආන්ඩුවක්....

    ReplyDelete
    Replies
    1. ow ban................. (es waha yannada manda.....)

      Delete
  8. චැහ්.. අපරාදෙ ආසියාවේ ආස් වර්යට ගියානං ඔය මොනවත් නෑනෙ.
    බොලාට ඊයෙ රෑත් කරන්ට් ගියේ නැද්ද?

    යකෝ ජෙනියක් ගනිංකො. (මෙය සිංගර් ශ්‍රී ලංකා සමාගම මගින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි.)

    ReplyDelete
    Replies
    1. තව එකක්, ඔය විදානය එක්ක කරුවලේ අරව මේව පරික්ෂා කරන්න යන්න එපා. හැක්..

      Delete
    2. කරුවලේ කොරන්න ඇහැක් දේවලුත් තියනවනේ..

      ආං එතකොට තමයි සපත්තු මාරු වෙන්නේ..

      හික් හැක්

      Delete
    3. karuwala welawata vidani okawa gein eliyata danawa.... ethakota thama ring karage enne........ apiwa mathak wela......

      Delete
    4. මේව විදේශීය කුමන්ත්‍රණ යකෝ. කවුද ඉංග්‍රීසියෙන් කොමෙන්ට් රිප්ලයි කරන්න කිවුවේ. හැක්..

      Delete
    5. පොලේ ගියෙයි................... හිටු වෙලාවක ඇවිත් අල්ලගන්න.......

      Delete
  9. ඉසුරි නගාගේ එක ගලවලා මේ කබල් පොස්ටුවක් දැමීම ගැන මාගේ බලවත් විරෝධය

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. heta ennelu'''''''''''''''' uba wagakiyapan.............

      Delete
  10. මේක තමයි හොඳම වෙනස කොයි කවුරුත් හිතට ගන්න
    මුලු රටක්ම එක වෙලාවෙ ඉන්නෙලු කලුවරේ ඔන්න
    විපතක් නොව රටට ඒක අලුත් දෙයකි රස විඳින්න
    කොයි කවුරුත් ෆයිට් කරල ලබාගත්තු වෙනස මෙන්න

    (නසුරි ඉගා)

    ReplyDelete
    Replies
    1. a'''''''''''''''' isuri'''''''''''' api chathurilage gedara''''''''''''

      Delete
  11. වැහපන් දෙයියෝ කහපැන් දෙන්නම් කියලා අපේ කාලේ සිංහල මවුබස පොතක කවි පේළියක් තිබුණා. ඒ පැරැණි ලාංකික සමාජය.
    90 ගනන් වලදී කරන්ට් යද්දි රටම වැහි ඉල්ලා යැද්දා.
    අද අඳුරේ අත පත ගානවා. ජාතික ප්‍රශ්ණයක් ඇති බව පෙනි පෙනී වගකිව යුත්තන් අනුන්ට ඇඟිල්ල දික් කරමින් කාලය මරණවා. හැම දෙයටම කොමිසන්. එච්චරයි. වරක් බාප්පා කිව්ව විදියටම පුතනුවන් ද කිව්වත් පුදුම නැත තම තමන්ගේ පචර් තම තමන්ම සපයා ගතයුතුයි... කියලා

    ReplyDelete
    Replies
    1. aparade kiyanna be dawasata parak thamath me magula wenawa...........

      Delete
  12. අනුයාත අාණ්ඩු දෙකක් අතර වෙනසක් නැත

    ReplyDelete
    Replies
    1. eka hari aliyo............... ali petiyo oyai mamai kiyala thama ithin kiyanna thiyenne////

      Delete
  13. කොයි ආණ්ඩුව පත් වුනත් ඔව්වයේ ලොකු වෙනසක් ඇති වෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. නමුත් මේවා ඉතා ප්‍රාථමික දේවල් මනෝජ්...... අපි හිතුවා ඊයේ හම්බෙන්න ලැබෙයි කියලා...

      Delete
    2. යොදාගෙන තිබුන වේනත් කටයුත්තක් නිසා එන්න බැරි වුනා.ඊගාව වතාවේ නොවරදවා හමු වේම.

      සම්මාලාභින් කුරුට්ටෝ හැමටම නැවතත් උනුසුම් සුබ පැතුම!

      Delete
    3. ස්තූතියි මනෝජ්............ සම්මාන කිහිපයක් ලැබුණා... ඒක දිරිමත් කිරීමක් විදිහට භාරගත්තා.... අපි ඒත් කතා කරා මනෝජ් ඇවිත් හිටියේ නැහැනේ කියලා... අපු හැමෝම වගේ කතා කරා..... කට්ටිය හමුවීම ගැන සතුටුයි...

      Delete
  14. මේ වගේ දේවල් ඔහොම විවේචනය කරන එක වැරදියි කියල මට හිතෙනව. ලංකාවෙ විදුලි සැපයුම වර්ධනය වෙන්නෙ ඝාතීය ශ්‍රීතයක් වශයෙන් (an exponential graph). ඉතිං ඒ වගේ සීග්‍ර වර්ධනයක් තියන පද්ධතියක අඩු ලුහුඬුකම් ඇති වීම බලාපොරොත්තු විය යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට පේන දේ තමා මේ දේ වෙන්නේ මේ ඉතා මෑතක ඉදලා කියන දේ.... කලින් මේක නොවුනේ ඇයි????????? මේක සිද්ධ වුණ ගමන් මේක කඩාකප්පල්කාරි වැඩක් කිව්වේ ඇයි????????

      අර දුමින්ද නාගමුව කියනවා වගේ කලින් ආණ්ඩුව ප්‍රභාකරන් පෙන්න පෙන්න ආණ්ඩුව ඇදගෙන ගියා විදිහට ම දැන් මෙයාලා හිටපු ජනාධිපති පෙන්න පෙන්න ආණ්ඩුව ඇදගෙන යනවාද??????

      Delete
  15. අපේ ගෙදර
    "සදු" පොඩි මෙන්ඩ ට කන්න දීල ඉක්මනට නිදි කරන්න

    ReplyDelete
    Replies
    1. උඹ එනකල් බලාන හිටියේ...... කෝ ආවේ නෑනේ...

      Delete
    2. ඒ ගැන සමාවයන් මම රස්සාවට හිර උනා

      Delete
    3. කවදාද ආයෙ එන්නේ...............????

      Delete
  16. දීර්ඝ පෑවිල්ල නිසා ජලවිදුලිය නැතිවුනේ මේ ආණ්ඩුවේ වරදකින්ද? පහුගිය අවුරුදු 10 නඩත්තුවක් නැති ට්‍රආස්ෆොමර් පිපිරුවේ. අර මරාගේ කාලයේ තීන මජරකම නිසා නේද?

    ReplyDelete
    Replies
    1. අපිට විවිධ තර්ක කරන්න හැකියි ඇනෝ...........

      ඒත් ආණ්ඩුවක් පත් වුණාම කලින් ආණ්ඩුවේ වැරදි කිය කිය ඒ කාලේ කරපු දේවල් වල අඩුපාඩු කිය කිය ඉන්න බැහැ. ඒක සාධාරණ ආණ්ඩුවක ලක්ෂණයක් නෙමෙයි. අනික ඒවා නිදහසට කරුණුත් නෙමෙයි. වැස්ස නැති වෙන එක ඕනෙම කාලෙක වෙන්න හැකි දෙයක්.. ඒකට තමා කළමනාකරණයක් අවශ්‍ය වෙන්නේ. අනාගතයේ පැමිණිය හැකි අනපේක්ෂිත තත්වයන්ට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් විය යුතුයි....... ඒවාට තමා ජනතාව ආණ්ඩුවක් පත් කරලා යවන්නේ......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...