Tuesday, March 8, 2016

මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේනේ සර්....... හත්තිලව්වයි ඒකද????



හෙලෝ.....................
මං මේ කතා කරන්නේ හිටපු කෙනා
මේ  මහනුවර මාලිගාවද????

ආනේ බුදු සර්.......
කොච්චර කාලෙකින් ද කටහඩ ඇහුවේ
දැන් ඉතින් සර් කට උත්තර දෙනවා විතරනේ
අපිට කටහඩ අහන්නවත් දෙන්නෑනේ....

මේ මේ විකාර කතා කරන්න එපා බං
ඔය මාලිගාව කොතනද තියෙන්නේ...?

මෙව්වත් මාලිගා ද සර්
සර්ලටනේ මාලිගා තියෙන්නේ.
කොළඹ එක නං කොල්ල කෑවා නේද...?
ඔය කොළඹ එක හදපු සල්ලි දාලා 
ගමේ එක හදාගන්න තිබ්බේ සර්..........

මේ මගුලක් කතා කරන්න එපා බං
ඔය මාලිගාවේ මොකක් ද තියෙන්නේ
හරියට ම කියහං මට මොකක්ද තියෙන්නේ.

ඇයි සර් මතක නැද්ද
මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ
දන්ත ධාතූන් වහන්සේනේ සර්.......
ඇයි අර ඒ කාලේ හැමදාම සර් ඇවිත්
බිම දිගාවෙලා වැදලා ගියේ හෝ ගාලා...

ඒ කියන්නේ ඕකේ තියෙන්නේ 
ජය ශ්‍රී මහා බෝධිය නෙමෙයි ද බං
බලහංකෝ මේ අමන හැත්ත මට කියන දේවල්.....

හරි හරි.......... දැන් කියහං  අපේ පොඩි එකා
අර ඒ දවස් වල උඩ යවපු රොකට් එකේ
කෑල්ලක් හරි ඔය පැත්තට වැටුණාද,,,,,?

නෑනේ සර් ඒක ආගිය අතක් නෑනේ
ඒකෙන් කාටවත් කරදරයක් වුණේ නෑ..

හරි එහෙනං අපේ දෙවැනියා මුහුදු යද්දි හරි
අර ඇඹරිච්ච බෝලෙට ගහද්දි හරි 
ඔය පැත්තට මොනවා හරි දෙයක් වුණාද.....?

නෑනේ සර් මෙහෙ මුහුද නෑනේ.
ගහපු බෝලයක්වත් මෙහෙට ආවේ නෑ...

එහෙනං අපේ ලොකු එකා............

අන්න ඒක තමයි සර් අවුල...
අර කාර්රේස් පැදපු සිද්ධියේදී
මාලිගාව ඉස්සරහා තමා ඒක කළේ.
නුවර ටවුමම වහලා වැලි කොට්ට දාලා
රුං රුං ගගා ලබ්බෝ ගිනි පැද්දේ...

ඔය ඔය.... කොහෙන් හරි මොකෙක් හරි 
කොතන හරි ගෑවිලා ඉන්නවා
හරි දැන් ඔය කියන පාරෙත් වැලි දාලා
ඔය ගිනි පැද්දද අපේ ලොකු එකා.

නෑ සර් අපි ඒ පාර දෙන්නම හැදුවා
ඒත් කොහෙත් ම ඕන නැති නිසා
ඒක එපාම කිව්වා සර් ලොකු බේබි

අන්න අපේ එකාටත් මොලේ තිබිලා
දැන් දාහං ලොකු අකුරින් පත්තරේ
ඔය පාර අරිනවාට මං විරුද්ධයි.................... 



කසුප් අනුරාධ


.

47 comments:

  1. වෙලාවට ලොකුඑකා එපා කිව්වේ ....

    ReplyDelete
    Replies
    1. අනිවා........... හා කිව්වානං මාලිගාව අස්සෙත් රූං රූං ගායි...

      Delete
  2. ඔන්න ඔය වෙලාවට තමයි ඉතිං උඩ යවපු රෝකට් එකේ කෑල්ලක් වැටුණනං හොඳයි කියල හිතෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. අම්මපා ප්‍රසන්න අයියේ මොකක් වෙන්න ඇද්ද ඒකට......

      Delete
  3. Replies
    1. අනිවා............ වෙලාවට නේන්නං.... නැත්තං ඕක කියන්නයෑ.....

      Delete
  4. මේක නියමයි බං....:)

    " මේකෙ තියෙන්නෙ බුදු හාමුදුරුවංගෙ දන්ත ධාතුවනෙ සෑර්….."

    " අම්මප ?.....කවුද දන්නෙ?..... කලිං කියන්ට එපාය....කිව්වම මොකද මම මේ අද වෙනකල් හිතාගෙන හිටියෙ ඕකෙ තියෙන්නෙ අර මැරිච්ච කවුද ඇතාගෙ දළ කුට්ටම කියලනෙ..හරිහරි..දැං මට කියනව බලන්ට ඔය පාර වැහුවෙ ඒ දවස්වල අපෙ නාමෝල් ළමයගෙ අර රේස් පැදිල්ල හින්ද වත්ද? "

    " නෑ..නෑ..ඒක හින්ද නෙවෙයි මේ පාර වැහුවෙ ලොකු බේබිගෙ රේස් පැදිල්ලට ගොඩක් ඉස්සෙල්ල.."

    " තමුසෙට ෂුවර් නේද?.....හරි එහෙනං හරි..මම ආන්ඩුවෙං ඔය පාර වහනවට එක හෙලාම විරුද්දයි..මේක අපේ සිංහල සයන්ස්කෘතිය, බවුද්ද සබ්බියත්වය…"

    " හෝව්, හෝව් ලොකු සෑර්..දැනටම පාර වහල යි තියෙන්නෙ.ආන්ඩුවෙං කරන්ට යන්නෙ පාර අරින්ට හදන එක.."

    " ආ..එහෙමද? හොඳ වෙලාවට තමුසෙ ඕක පැහැදිලිව කිව්වෙ..හරි මම එහෙනං එක හෙලාම විරුද්දයි පාර අරිනවට..අපේ සයන්ස්කෘතිය, සබ්බියත්වය මේකෙං...."

    ReplyDelete
    Replies
    1. අනිවා........... මේ දවස් වල පැත්ත මාරු වෙලා තියෙන්නේ..... කට උත්තර කොහොම දෙනවාද දන්නෑ..... අම්මපා නොකළ දේකටවත් හිරේ යයිද කියලත් හිතෙනවා....

      Delete
    2. රවියට මහින්දව දවසක හම්බුවුණොත් ඒ දෙන්න අතර දෙබස ගැන ලියපන්කො කුරුටු

      Delete
    3. රවි. කුජ. බුධ. ගුරුත් හම්බෙයි ඔහොම යද්දි නේද බං......... ලියමු ලියමු... ඕවා ඔක්කොම ලියමු... හෙට අනිද්දා තවත් රසවත් ඒවා තියේවී..........

      Delete
  5. අනේ උගෙ ලබ්බ
    &$*#=#&$&#&#*&!&!

    ReplyDelete
    Replies
    1. හ්ම්............ හ්ම්............

      Delete
  6. කොහොමටත් ඔය අරක මෙතෙන්ටයි මේක අතෙන්ටයි මාරු කොරලා හිටවන එක ඉස්සර ඉඳලා ඔය යකාගේ පුරුද්දනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං නේද විචාමාමේ............

      Delete
  7. Replies
    1. ඒකට මක්ක වෙයිද අගහරුවෝ.......... ඒක සටහන් කරා කියන්නෙත් අගහරුවාගේ හොද හිතනේ..... ජය...

      Delete
  8. ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...............

      Delete
  9. ලංකාවෙ දේශපාලඥය හැමදාම ඔහොමමයි...බේරෙන්ඩ තියන පොඩිම තැනින් හරි බේරෙනව....

    මාලිගාව වටේ
    කාර් රේස් ගියේ
    ඒක හින්ද අනේ
    නැතිඋනාලු සෙනේ..

    කවුරු උනත් පනේ
    මෙහෙම තමයි උනේ
    බලය අරන් අනේ
    අපිටම කෙල කරේ....

    හාමුදුරුවො අනේ
    නිවන් යයිද පනේ
    කොහොම උනත් අනේ
    මරලෝ බව පෙනේ....

    අපි කවුරත් අනේ
    එකට ඉම්මු පනේ
    එහෙම උනොත් අනේ
    අපි දිනාවි පනේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික අදහස් දැක්වීමට.......... අපිට ඉතින් ඉන්නේ සුපිරි දේශපාලු්‍වොනේ........

      Delete
  10. Replies
    1. හ්ම්.......... කාලේ හරි වගේ..

      Delete
  11. හිත කලබලයි.වෙන දේවල් වල හැටියට....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත........... ඉතින් ලබ්බෝ කොහොම අලුත් ජීවිතේ...

      Delete
  12. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  13. හහ් හා

    ReplyDelete
  14. Replies
    1. ඒ කසුනෝ මොකුත් ම කියලා නැහැනේ........

      Delete
  15. පට්ට ලියවිල්ල මචෝ...

    සෑර් මේ රතු පස්වලින් කතා කරන්නේ.

    ආ මට මතකයි මට මතකයි. අර මම පාර කාපට් කරලා තව..

    නෑ නෑ සර් අර වතුර කේස් එකකට හමුදාවෙන් අම්බානකට නෙලුවේ. මේ ඒ ගමෙන් කතා කරන්නේ.

    අනේ අම්මපා මට එහෙම එකක් නිකමටවත් මතක නෑනේ

    ReplyDelete
    Replies
    1. මේ ආරක්ෂක අමාත්‍යංශය ද ,,??
      රතුපස්වල තියෙන්නේ කොහෙද ඕයි..............

      Delete
  16. බලේ තියෙන කොට සමහර දේ අමතකයි,බලේ නැති කොටත් සමහර දේ අමතකයි.

    ReplyDelete
    Replies
    1. බලේ තියනකොට කවදාහරි දවසක තමන්ට බලේ නැති වෙනවා කියන එකත් අමතක වෙනවනේ බං. බලේ නැතිවුනාට පස්සේ තමන් බලේ ඉන්නකොට කරපු කියපුවා අමතක වෙනවා.

      Delete
    2. පට්ට සම්බන්ධතාවය නේද බං..... දැන් බැලුවා ම බලය කියන එක බලපෑමක් කරන්නෑ වගේ... ඒ කියන්නේ දේශපාලකයන්ට මුකුත් මතක නැති කේස් එකක් ද තියෙන්නේ.... අම්මපා මතකයක් තියෙනවානං මෙහෙම දේශපාලයක් කළ හැකිද නේද?????

      වැදගත් ම දේ ඒක නෙමෙයි බං ඡන්ද දායකයන්ටත් මතක නැති එකනේ.....

      Delete
  17. කල්පනාව අඩුකමට,අමතක වෙන එකට ,නින්ද නොයන එකට බෙහෙත් ගන්ඩ ගියේ 2010 තරම් ඈත් කාලේ ඉදලා අද ඊයේ නෙවේ

    ReplyDelete
    Replies
    1. අම්මපා............. ඇනෝ කොහෙමෙයි දන්නේ.....

      Delete
  18. ලොකු එකත් ළගදීම ඇතුලට යයි නේද?

    ReplyDelete
    Replies
    1. ලොකු පොඩි බේදයක් නෑ නේ බං....... යහපාලනේනේ....

      Delete
  19. දැන් නුවර ගියාම දළදාවයි සිරි මහ බෝධියයි දෙකම වැඳගෙන එතෑකී.... නැහ්නන් මාතලේ හරහා යන්න එපාය අනුරාජපුරේ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි බං............ මාතා...

      ඔය එහෙ මෙහෙ තියෙන චෛත්‍ය ටිකත් ඔතනට ම ගෙනාවං අහවරයිනේ...... දඹදිව යනවා වගේ මහනුවර වන්දනා කියලා යන්නයි තියෙන්නේ.......

      Delete
  20. ඇයි අර ඒ කාලේ හැමදාම සර් ඇවිත්
    බිම දිගාවෙලා වැදලා ගියේ හෝ ගාලා...//////////// ha ha ha ha

    ReplyDelete
    Replies
    1. හිටියෙම එහෙනේ........ අන්තිමට එහෙ තිබ්බ එකවත් දන්නෑ.... මොකට ද දන්නෑ වැන්දේ/////?????

      Delete
  21. දැන් තවමත් ඔය පාර අරින්නේ නැත්තේ කවුද හැබෑටම ? මට නම් ඕක ඇරියත් එකයි නැතත් එකයි. යන එකක්යැ ඔය පැත්තේ?
    http://nelumyaya.com/?p=5329

    ReplyDelete
    Replies
    1. දැන් දැන් ආරංචි එන විදිහට පාර ඇරෙයි වගේ.........

      ස්තූතියි අජිත් අයියා.........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...