Tuesday, March 29, 2016

එකක් නොව අත පුරා සම්මාන ත්‍රිත්වයක් - නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ

තෙවසරක බ්ලොග් දිවිය 
විඩාබර කාලයක්
බැලූ කල ආපස්ස
දුක සතුට මතකයක්

ජීවිතේ පොරබැදපු 
දාහකුත් දින තිහක්
අත්දැකපු දේ අරන්
කවි කෙරුණු පද ගොඩක්

බලා අදහස් කියූ 
බ්ලොග් සොහොයුරන් රැලක් 
ළග ඉදන් දිරිදුන්නු 
සහෝදර බැදීමක්

මුල් වරට බ්ලොග් ලොවේ
දිරිය සම්මානයක්
එකක් නොව අත පුරා
සම්මාන ත්‍රිත්වයක්

නෙලුම්මල් පිපුණු දින
සතුට පිරි සාදයක්
හිතේ තිබු පැතුම් පොදි
හැබෑ වුණ දාවලක්...............




2015 වසරේ හොදම බ්ලොගය - කුසලතා සම්මානය


















2015 වසරේ හොදම ප්‍රහසන පෝස්ටුව - දෙවන ස්ථානය













2015 වසරේ හොදම 18+ පෝස්ටුව - දෙවන ස්ථානය



















සටහන - සම්මාන උලෙළ උපරිම මට්ටමින් සංවිධානය කිරීම ගැන සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් (අජිත් අයියා කමියා ඇතුළු), සම්මාන දෙන්න ආ කතානායකතුමාටත්, සහය දැක්වූ පරණවිතාන මහතාටත්, සංගීතය සැපයූ මනා සාජ්ජා ඇතුළු බ්ලොගාලාටත්, නිවේදක කටයුතු සිදුකළ ඉවාන් සහ එම සහෝදරියටත් (වැරදියට හිතන්න එපා), සම්මාන ඇතත් නැතත් බ්ලොග් සම්මාන උලෙළ වෙනුවෙන් තම කාලය කැප කරමින් පැමිණි සියලු බ්ලොග්කරුවන්ට සහ බ්ලොග් කිවයන්නන්ටත්, කුරුටු පවුරේ සහභාගීත්වය වෙනුවෙන් දුසිමක් නියෝජනය කරමින් පැමිණි දුසිම් භාගයක කුරුට්ටන්ටත් හදපිරි සතුට මෙසේ දන්වා සිටින්නෙමු...........

සාධාරණ විනිශ්චයක් ලබා දීම වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයටත්, සම්මාන ලැබූ සියලු බ්ලොගාලාටත්, අප ලැබූ සම්මාන වලට අගයක් දෙමින් සාධාරණ තරගයකට සහභාගී වූ සියලුම බ්ලොග් සහෘදයන්ටත්, සම්මාන නොලබා වුවත් ලබන වසර ගැන හිතේ ප්‍රාර්ථනා පොදිබැදගත් ඔබ සියලු දෙනාටත් අපේ සුභ පැතුම්............


හමායන මද පවන මුහුකොට
අපේ සුසුවද බෙදා ලෝකෙට
නෙලුම් යායක් නේක පෑයට 
පිපී හිනැහෙනවා ............................... පිපී හිනැහෙනවා


කුරුට්ටෝ


.

119 comments:

  1. ඇත්තටම තුෂාර මම කවදාවත් හිතුවේ නෑ බ්ලොග් ලෝකය මේ තරම් විශාලයි කියල මේ සම්මාන උළෙලට එනකම්...ඒ වගේම කියාගන්න බැරි සතුටක් දැනෙනවා අපි හැමෝම අතරේ තියන උණුසුම් බැඳීම ගැන...

    ඒ වගේම අපේ දෙයියන්ගේ රටේ අඩවියේ එම්.පී.පී ගුණසිංහ මහතාත් විශේෂයෙන් මේ සහෘදයන්ට සුභ පැතුම් සහ මතු දියුණුව ප්‍රාර්ථනා කළා...එතුමා තව විශේෂ දෙයකුත් කිව්වා...ඒ තමයි මේ බ්ලොග් ලෝකය හැදිලා තියෙන්නේ පිරිසිදු අදහස් තියන අවංක මිනිසුන්ගෙන් කියලා...මම හිතන්නෙත් අපි මේ එකතු වෙලා ඉන්නේ ඉතාම හොඳ අනාගත ලෝකයක් දකින බ්ලොග් මිතුරන් පිරිසක් සමග...

    ඉතින් නෙළුම් අජිත් අයියාගේ අතිශය කැපවීමත් සමග අනිත් සියළු සහෘදයන්ගේ එකතුව හැමදාමත් බැබළේවා කියල ප්‍රාර්ථනා කරන අතර ඉදිරි සියළු කටයුතු වලටත් ඇති හැකි උපරිමයෙන් සහයෝගය දෙන්නත් අපි ලෑස්ති බවත් මතක් කරන්නම්...

    අසංක

    ReplyDelete
    Replies
    1. /.ඒ තමයි මේ බ්ලොග් ලෝකය හැදිලා තියෙන්නේ පිරිසිදු අදහස් තියන අවංක මිනිසුන්ගෙන් කියලා.../

      පෙනෙන තරම් පිරිසිදු වත් අවංකවත් නෑ කියන එක තමයි මගෙ නම් අත්දැකීම...

      Delete
    2. ඒක ඇත්ත ඩ්‍රැකී...පේන තරම් කවුරුත් පිරිසිදු නැති වුණාට මෙහෙම අවකාශයක් පවත්වගෙන යම්කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් අනුව, වෙලාවකට ගහ මරා ගත්තත් ඕන අදහසක් ඩෝං ගාලා කියල දාන්න පුළුවන් මාධ්‍යක් කොහෙද තියෙන්නෙ...ඒ විදිහට ගත්තොත් නම් යම්කිසි විදිහක හොඳ එකතුවක් විදිහටයි මට බ්ලොග් අවකාශය පේන්නෙ...

      Delete
    3. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
    4. මේ දුක මාතාට ම කිව්වානං හරි උත්තරේ හම්බෙයි ඇනෝ........

      Delete
    5. //පෙනෙන තරම් පිරිසිදු වත් අවංකවත් නෑ කියන එක තමයි මගෙ නම් අත්දැකීම...//
      ++++++++++++++++++++++++++++++++++++++++
      දැතියත් එක්ක එකඟයි ....

      දිය යට විස්කම් බල බල කිමිඳෙන
      මුළු දවසින් වරුවක්..
      මහ සයුරේ මුතුපර අතරේ
      මම ඉස්සර කිමිඳෙන්නෙක්...
      ඒ කාලෙ දිය යට කිමිඳෙද්දී
      එකෝම එක දවසක්...
      දෑසින් දුටුවා මෙලෝ කෙනෙක්
      නොදැකපු පුවතක් මෙතුවක්...
      මාලු යාලු වී පරඬැල් පාසී
      ගල් මල් ගෙන ආවා...
      ගොඩබිම තොරතුරු බිලී බාන කටු
      දැල් ගැන විමසූවා...
      තෝරු මෝරු බලයා ඉස්සා
      මඟ දිගට ම හමු වූවා...
      දිය යට ලෝකේ සුන්දරතාවය
      පැහැදිළි කර කීවා
      කරට අත දමන් මාලුන් මැද්දේ
      වින්ඳා ලොකු සතුටක්...
      උන් හිටි හැටියේ මුන් පැන දිව්වා
      දැකලා කලබලයක්...
      දියසුළි බිඳ ගෙන ඈතින් එකවර
      මට පෙනුණා එළියක්...
      මොකක්ද බැලුවම වතුරේ ගින්දර
      ගෙන යනවා මිනිහෙක්......

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : ෆ්‍රෙඩී සිල්වා

      Delete
    6. පට්ට සින්දුවෝ.............. පට්ට..... හොද උත්තරයක්.......

      මේ ප්‍රේමකීර්ති ලියලා වික්ටර් සංගීතවත් කරපු ගීතත් ෆ්‍රෙඩී කියලා තියෙනවා නේද එහෙනං..... ඇත්තට ම ඒ ගැන දැනන් හිටියේ නැහැ.....

      Delete
    7. හැම දෙයක්ම, හැම කෙනෙකුම පරිපූර්ණ ලෝකයක් හරිම බෝරිං තැනක් වේවි නේද?

      Delete
    8. රසිකඅයියේ..............

      ලෝකයේ විවිධත්වය තමා පැවැත්ම. ඒත් ඒක නොතේරෙන මිනිස්සු විවිධත්වය ඉලක්ක කරගත් ප්‍රහාර එල්ළ කරනවා. මොනවා වුණත් රසිකයියේ ඔය මනුස්සයා කියන සතා ටිකක් අමුතුයි නේද?????? හැක්

      ලැබූ සම්මාන වෙනුවෙන් ඔබටත් සුභ පැතුම්......

      ජයවේවා

      Delete
    9. ස්තූතියි මේ සංවෙදි සටහනට අසංක. ඒ වගේම කුරුට්ටන්ගේ ලිපියට. අද වැඩට ආපු පළමු දවස ලංකාවේ ඉඳන් ඇවිත්. ගෙදර ගියහම පොස්ට් කරන්න ලිපි ගොඩක්. ඒ වගේම අත්දැකීමත් ලියාගෙන යනවා. රසික කිව්වා වගේ මගේ අදහසක් නැහැ මේ හැමදේම මාර ලස්සනයි හොඳයි පරිපුරණයි කියල. නමුත් උත්සහ කරනන් පුළුවන් එතනට එන්න. එච්චරයි.

      Delete
  2. උබලට සුබ පැතුම්.
    එන්න බැරි උනේ මාව හදිසි වැඩකට හිර උනා

    ReplyDelete
    Replies
    1. උඹව හම්බෙයි කියලා මගබලාන හිටියා........ ඊළග පාරක හමුවෙමු..

      Delete
  3. ඔබලා සියළු දෙනාටම මගේ සුභ පැතුම්. දවස් තුනක් කැපකර සහභාගී වීම ඉතාමත් අනර්ඝයි. පෞද්ගලිකව කථා කරන්න නොලැබීම ගැන සමා වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්.....

      තාම සින්දු ටික අහනවා.... ගුණ දොස් කියන්නම් ඉක්මනින් ම .... ඔබ හමුවෙලා කතා කරන්න ලැබුණාට අර කිව්වා වගේ පුද්ගලික ව විස්තර ටිකක් නිදහසේ කතා කරගන්න බැරි වුණා. ඒකට ඊළග වතාවේ සෙට් වෙමු..... හිතුවාට වඩා ඔබ ටිකක් උස වුණාට සහෝදරගතියක් තමා දැනුනේ... ඒක නිසා අවුලක් නැතුවම ඉයන් අයියා කිව්වා... හැක්

      Delete
    2. ඩයි වලට පින්සිද්ද වෙන්න තාම අයිය කියනවා කට්ටිය. හැක්. සිංදු වල තියෙන දුර්වලතා ගැන විචාර බලාපොරොත්තුවෙනවා. මට එමඉල් කරන්න.
      ඊලඟ වර කෙසේ හෝ කථා කිරීමට නෝට් කර ගත්තා.

      Delete
    3. අනිවා අනිවා කතා කරමු....... සින්දු ගැන පුද්ගලික ව විස්තර කියන්නම්.. හැබැයි ඉතින් අපේ දැක්ම තමා හරිද?????? ඔබ 18 කොල්ලෙක් වගේ සීඩි ටිකත් අරන් එහෙ මෙහෙ දුව පැනපු විදිහට අයියා නොකියා පුළුවනෑ........ ජයවේවා..

      Delete
  4. Replies
    1. ස්තූතියි වැසි....................

      Delete
  5. පුළු පුළුවන් විදිහට කුරුට්ටො ටික හම්බවෙලා කතා කරන්න ලැබීම ලොකු සතුටක්.. දෝත පුරා ලැබුන සම්මාන වලට කුරුට්ටො හැමෝටම මගෙන් සුබපැතුම් :) :) :)

    ReplyDelete
    Replies
    1. හංසි.................

      හමුවී කතා කරන්න ලැබීම ලොකු සතුටක්... ඒත් මුලින් ම දැක්ක වෙලාවේ හදුනා ගන්න නොහැකිවීම ගැන සහ කතා කරන්න ටිකක් පරක්කු වීම ගැන නං දුකයි..... මොනවා වුණත් ඔබේ පැමිණීම සතුටුයි.... ජයවේවා.. නැවත හමුවුණාම විස්තර කතා කරමු....... ඔබේ බ්ලොග් දිවියට සුභ පැතුම්....

      Delete
  6. කුරුට්ටො කුරුට්ටො කියපුවාම මං හිතං හිටියෙ ලස්සන ලස්සන ඩින්සි කාටූන් ටිකක් හයියෝ මුං ඇවිල්ල මාව බලෙං බදාගෙන කරල මගෙ හිතේ මවං හිටිය රූප ටික නැතිබංගස්තාන කොරල දැම්ම නෙව..
    අර හිතේ තිබ්බ ඇනිමේෂන් වලට වැඩිය ඇත්ත කුරුට්ටො කුරුට්ටියො සුන්දරයි කියල හිතුණ ඉතිං
    (ඕව නං කියන්නත් හොද නෑ ඔව් ඉදගෙන)
    හමුවීම සතුටක් මතංලා... නැවත දවසක හමුවෙමු.
    ලැබුණ සම්මාන ත්‍රිත්වයටම සුභ පැතුම්.. කුරුටු පවුර තව බොහෝ කලක් වැජමේවා
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්.................

      උඹ හමුවීම ගැන මාර සතුටුයි.... ගිම්මියි, රස්තියාදුකාරයයි කලින් ම කිව්වා මහේෂ් අයියා කොටුවේ හිරවෙලා තාම ඇවිත් නැහැ කියලා.... අපි හිතුවා කොටුව පනින්න ටිකක් පරක්කු වෙයි කියලා..... කොහොම හරි වෙලාව පැන්න ගමන් ආවානේ... ඒ ගැන සතුටුයි.... ඇත්තට ම මහේෂ් හමුවීම ගැන සතුටුයි.... අපි බ්ලොග් කෙරුවාවට ආපු කාලේ ඉදලාම කමෙන්ටුවකින් අපිව දිරිමත් කරපු මහේෂ් හැබැහින් හම්බුණාම ඉතින් බදාගන්නැතුව කොහොමෙයි.........

      ඒක නෙමෙයි අර බෑග් එක හම්බුණායැයි...??????

      Delete
    2. අඩෝ මහේෂයා...උඹව දැක්කම බදාගන්නමයි බං හිතෙන්නේ...ඇයි කියල තේරෙන්නෙ නෑ...හැහ්...හැහ්...

      කොහොම වුණත් උඹ අපිට නොකඩවා දිරිමත් කරපු එකෙක්...ඒ ගැන මෙන්න අපේ බොහොම ස්තුතිය...

      අසංක

      Delete
    3. ඒක නෙමෙයි අර බෑග් එක හම්බුණායැයි.///
      පහුවදා උදේ තමයි ඒක හම්බුණේ.. හිහි..

      අපි හිතුවා කොටුව පනින්න ටිකක් පරක්කු වෙයි කියලා//
      හම්මේ ඉතිං නේ... කියන කතා...

      අඩෝ මහේෂයා...උඹව දැක්කම බදාගන්නමයි බං හිතෙන්නේ...ඇයි කියල තේරෙන්නෙ නෑ.//
      දැං නං බයත් හිතෙනව... හැක්..

      Delete
    4. අපි දැක්කම සතුටු නැතෙයි?? (ඔය ඉතින් මන්න පාරක් කන්න තමයි මගෙන්.හික්z..) සුභ පැතුම් බොසාගෙන් ළමයි ....

      Delete
    5. @ මහේෂ්..............

      ඇයි සපත්තු දෙක මාරු කරලා දාගෙන ද කියලා හිතෙනවාද???? හැක්


      @ දබොස්.........

      යකෝ රූපේ ඉන්නවාට වඩා මහා දරුණු කෙනෙක් නොවැ දබොසා..... අපි බය වෙලා ගියා...... මොනවා වුණත් කතා කරලා හදුනා ගන්න ලැබීම ගැන සතුටුයි.... කමෙන්ටු වලින් විතරක් දැකලා තිබුණ නිසා අපි උත්තර දෙද්දි වැරදි දේවල් හෙම කිව්වද මන්දා.......

      Delete
    6. මොකට මේ මහේෂයා බදා ගත්තද ???????

      Delete
    7. ඇයි සින්දුවෝ හිතාගෙන හිටියේ මහා උස මහත් ලොකු බඩක් එහෙම තියෙන එකෙක් කියලා මේ මහේෂයා පොඩි ඇගක් හිමි අයෙක් නොවැ...... අඩුම අර කසුට්ටා, ඇනෝපිලීසා වගේ වත් ඇගක් තියෙන්න තිබ්බා.... ඉතින් චූටියට දැක්කා ම ෆිට් එකටත් එක්ක බදාගන්න හිතුණා...... අවුලක් නැහැනේ... සපත්තු හරි පැත්තට දාගෙන හිටියේ.....

      Delete
    8. කුරුට්ටෝ කුරුට්ටියෝ ටික නම් හරිම සුන්දර සෙට් එකක් තමා. වැඩිය කතා කරනන් බැරිවීම ගැන තමා කණගාටුව.

      Delete
  7. කුරුට්ටො සෙට් එක හදුනා ගන්න ලබුනු එකට ගොඩක් සතුටුයි. ඒ වගේම ලැබුනු සම්මාන වලටත් සුභ පැතුම්. තවත් දවසක හමුවෙමු.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා ගැනත් උඹේ පර්ෆෝර්මන්ස් ගැනත් අපි හැමෝටම තියෙන්නේ ඉතා ඉහළ ඇගයීමක්...බොරුවකින් තොරව උඹේ සහ සජ්ජාගේ හැකියාවන් අපි රසවින්දේ දැහැනකට සමවැදිලා වගේ...ඒක තමයි අපේ අවංක අදහස...

      සජ්ජා එක මේල් එකකින් එදා මියුසික් සම්බන්ධයෙන් වුණු සමහර දේවල් ගැන ගොඩක් කතා කරල තිබුණ...අවංකවම කිව්වොත් ඒ කියනකම් අපි දන්නෙත් නැහැ එහෙම ඒව වුනා කියල...ඒව නොදැනෙන්න තරම් හොඳට අපිව රසවත් කළාට උඹලාට අපේ ප්‍රණාමය...ඒක තමයි උඹලගෙ හැකියාව...

      Delete
  8. තිබුනු ගායේ හැටියට සම්මාන හත අටක් වත් කුරුට්ටන් ට ලබා දිය යුතු බව ස ර ස තුමා ගේ හැඟීමයි!

    සැමදා ස ර ස තුමා සමග කොක්කට සෙට් වන කුරුටු සැට් එකට ලැබූ සම්මාන වලට ස ර ස තුමා ගේ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සා රාස තුමාගේ උණුසුම් සුභ පැතුම් වලට බොහොම ස්තුතියි...

      සා රස තුමත් එක්ක කොක්කට සෙට් වෙන එක ඉතිං හරිම රමණීය අත්දැකීමක්...හැක්...හැක්...

      Delete
    2. සරසාගේ සුභ පැතුම් වලට සහ ඔය තියෙන බොක්ක ගැන සතුටුයි... ජයවේවා....

      Delete
    3. // සරසාගේ සුභ පැතුම් වලට සහ ඔය තියෙන බොක්ක ගැන සතුටුයි... ජයවේවා...//

      ජයවේවා.. :D

      Delete
    4. එහෙනං අපි සාධාරණ සංවාදයන් කරන යුගය අරඹමු........ එදා සරසත් හම්බෙන්න තිබුණානං හොදයි කියලා හිතුනා.... වෙලාවක හමුවෙමු.....

      Delete
  9. සුබ පැතුම් මිතුර ! 

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි මහේෂ්...

      Delete
  10. Replies
    1. ස්තුතියි උපෙක්ෂා...

      Delete
  11. සුභ පැතුම් කුරුට්ටො !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය සහෝ......... සුභ පැතීමට ස්තූතිය...

      Delete
  12. හරිම සතුටුයි.. කුරුටු පවුලේ හැමෝටම මගේ උනුසුම් සුබ පැතුම් :) :)

    ReplyDelete
    Replies
    1. අන්ධකාර තාරකාවට ආලෝකමත් ස්තූතියක්...

      Delete
  13. කුරුටු තුෂාරය සහ කුරුටු කාන්චනා විතරනෙ හම්බෙලා කතා කරන්න ලැබුනෙ. අනිත් අයත් ඉක්මනින්ම හමු වෙමු.

    සම්මාන ත්‍රිත්වයටම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අනේ බොලේ අපිත් එතන හිටියට උඹ හිටියෙ අහසෙනෙ...හැක්...හැක්...ඉතිං අපිත් එක්ක කතා කරාවියැ... බොහොම ස්තුතියි කසුවෝ...

      අසංක

      Delete
  14. ලද සම්මාන ත්‍රිත්වය වෙනුවෙන්ම හෘදයාංගම සුභාශිංෂන ...!

    මේ ඔබලාගේ බ්ලොග් අඩවියට ලැබිය යුතුම ඇගයීමක් .. මේ ඇගයීමෙන් තව තවත් දිරිමත් වෙලා, ඔය නොලියා ඉන්න සෙට් එකත් එකතු කරගෙන් තව තවත් ලස්සන , වටිනා නිර්මාණ බිහිකරන්න හැකිවේවා ...!

    ඊළග සම්මාන උළෙලේදී මීටත් වඩා සම්මාන ලැබේවා ...!

    ඇත්තටම මම එන්නම හිටියේ '' කුරු‍ටු ගෑ ගී පවුරේ සහෘදයෝ '' හඳුනගන්නමයි. ඒත් මොනවා කරන්නද එන්න බැරි උනානේ, දුක තමයි.

    ReplyDelete
    Replies
    1. සඳරු දැකගන්නත් අපි හුඟක් බලා හිටියා...ඒත් ඊළඟ සැරේවත් හම්බුවෙමු...

      ඔබේ දිරිමත් කිරීමට සහ සුභ පැතුම් වලට බොහොම ස්තුතියි...

      Delete
  15. සුබ පැතුම්! සුබ පැතුම්!! සුබ පැතුම්!!!

    මුළු සිංහල බ්ලොග් ලෝකය පුරාම සුවඳ විහිදෙන්න නෙළුම් යාය වැඩේ තිතට කළා.

    ReplyDelete
    Replies
    1. ඉතින් තමුසෙට පාන් වුනාට අපිට මේවා පුකදිග රෝස්පාන්

      Delete
    2. විචාරක තුමාටත්, ලද සම්මානය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්...

      ඔබ කිව්ව විදිහට නෙළුම් යාය මේ කළ වැඩේ හැමෝටම හොඳ වටිනා වැඩක්...

      Delete
  16. අනේ පිං සිද්දවෙයි මට තියෙන්නේ කුරුටු පැටලැවිල්ලක් . ලෙහහාං ඊලග පොස්ට් එකේවත්

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩියෙං පාවිච්චි කරල බලහං. ඕක ලෙහාගන්න පුලුවන් වෙයි. හැක්..

      Delete
    2. පොඩ්ඩක් හිටින්කො අපි ඇවිත් ලෙහනකං...හැක්...හැක්...

      Delete
  17. ෂ........කුටුට්ටො සැට් එක හම්බුන එකට නම් සතුටුයි.....ආපුවෙලේ ඉදන් මහේෂයගෙන් අහ අහ හිටියෙ කුරුට්ටො කෝ කියල...අන්තිමට එද්දිනෙ දැක්කෙ.....මම හිතන් හිටියෙ සූටි කෙල්ලො කොල්ලො ටිකක් කියල.....පස්සෙනෙ දන්නෙ නාකි දෑ ටික්ක් කියල :D :D.........සම්මන වලට උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. යකෝ මීට අවුරුදු 30 කට විතර කලියෙන් අපිත් හොඳ පුංචි කුරුට්ටො ටිකක් තමයි හරිය...හැහ්...

      උඹේ උණුසුම් සුභ පැතුමට ගොඩක් ස්තුතියි රසිකයෝ...

      Delete
  18. ආයේ,ආයෙත් සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ආයෙ ආයෙ ස්තුතියි...

      Delete
  19. කුරුටු කට්ට්ය අඳුර ගන්න ලැබීමත් එහෙදිම සුබ පතන්න ලැබීමත් සතුටක්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ අපිටත් ගොඩක් සතුටුයි තුශනිව හැබැහින් දැකගන්න ලැබීම ගැන...ඔබේ සුබ පැතුමටත් බොහොම ස්තුතියි...

      අපිනම් හිතුවේ තුශානි ගොඩක් මහත කෙනෙක් කියල...බලනකොට බොහොම කෙට්ටුයිනෙ හප්පා...හොඳට කාලා බීලා ඉන්න එපාය ඔය වයසෙ ළමයි...හැහ්...හැහ්...(අමතර විහිළුවක් හොඳේ...)

      Delete
  20. බොලා දොළහටම මගෙ සුභපැතුම්. මං තුෂෘර එක්ක කිව්ව වගේම, උඹලගෙ මේ එකමුතුව හරි වටිනව.

    ReplyDelete
    Replies
    1. උඹල වගේ එවුන්ගෙ අවංක දිරි ගැන්වීම හින්දම තමා අපි මේ තැන ඉන්නේ...බොහොම ස්තුතියි ඩ්‍රැකී...

      Delete
  21. මට මතක විදිහට කුරුටු ගෑ ගී පවුර තමයි සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බ්ලොග් අඩවිය. කුරුට්ටෝ හැමදෙනාටම උණුසුම්ම උණුසුම් සුභ පැතුම්! මුණ ගැහිලා කතා කරන්න නම් බැරි වුණා මේ සෙට් එක එක්කත්.
    අඩේ ඇත්තටම කුරුට්ටෝ කියපු ගමන් ඔලුවට එන්නෙම අර Snow White කතාවේ වගේ කට්ටියක්, ඒ වුණාට සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමක් තිබ්බෙ හැමෝටම.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ යකෝ...උඹට අදහගන්න බැරි තරම් අපි සිරියාවන්තයි නෙහ්...ගොඩක් අය කිව්වා අපි සෙට් එක මාර ලස්සනයි කියලා...හයියෝ...හයියෝ...කෝ මේ වහ කුප්පිය...

      බොහොම ස්තුතිය් අශානයෝ සුභ පැතුම් වලට...

      Delete
  22. කුරුටු පවුලටම ගස්ලබ්බගේ උණුසුම් සුභ පැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ ලබ්බිත් එක්ක එයි කියලා හිටියේ...... කසාදෙට සුභ පතන්නත් එක්කයි අපි ආවේ.... කෝ ඉතින් උඹ නෑනේ...... මොනවා වුණත් සුභ පැතුම සතුටින් භාරගන්නවා..... ඊළග වතාවේ හමුවෙමු....

      Delete
  23. කුරුට්ටො සෙට් එකට ජයවේවා...
    කවියො දුසිමක් එකට තෙරපිලා එක තැනක ඉන්නව දකින්න ලෑබීමම සතුටක්...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ එතැන හිටියද???????? ඇයි හත්තිලව්වේ කතා නොකරේ.......

      Delete
  24. උඹලගෙ තුනට (වෙන මොනවත් නෙමෙයි බොල, සම්මාන තමයි) මගේ සුබ පැතුම් !!
    ඇත්තටම බොලාල සෙට් එකක් එකමුතුවෙලා කරගෙන යන මේ වැඩේ අගනායි.

    මටනං එදා පොලේ යන්න තිබ්බ හින්ද එන්න උනේ නෑ. ඊගාව පාරවත් බලමු. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔහෙ පොළ තියෙන්නේ සෙනසුරාදාදැ???????? ආයේ පාරක් පොල්ලක් තිබ්බොත් කඩේ පැත්ත එන්න වෙනවා අපිට හරිය.........

      Delete
    2. සෙනසුරාද විතරක් නෙමෙයි අඟහරැවාදත්.

      එච්චර මහන්සිවෙන එකේ ඔය තියෙන දෙයක් අර විදානය අතේ එවහං. හැක්...

      Delete
  25. මොකද්ද මේ සෙට් වෙලා කරගෙන යනවා කියන්නෙ? මේක කීප දෙනෙක් ලියන බ්ලොග් එකක්ද?

    එනිවේ... ජයග්‍රහණ වෙනුවෙන් මගේ සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. තිසර සහෝ...............

      මේ බ්ලොගය ලියන්නේ පවුලේ සෙට් එකක්. හරියට ම කිව්වොත් 11ක් ඉන්නවා. අපි ටික ටික මේ ගැන විස්තර හෙලිපෙහෙළි කරා....

      මේ තමා අපේ කස්ටිය

      හසිත හර්ෂණ වීරසිංහ
      තුෂාර විතාරණ
      කාංචනා චන්ද්‍රසේකර
      සුරංග එස් විජේසූරිය
      අසංක ගයාන් අබේසිංහ
      ඩබ්.ටී වීරසිංහ
      කසුප් අනුරාධ
      චතුරිකා චන්ද්‍රසේකර
      මෙත්මල් සුබසිංහ
      ඉසුරිකා උත්පලානී
      වික්මල් සුභසිංහ

      ජයවේවා.... සුභ පැතුමට ස්තූතියි තිසර සහෝ......

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. බොහෝම ළගින්ම දැක්කත් කතා කරන්ට බැරි උණා.බ්ලොග් ලෝකයට ආගන්තුක මම ගොඩක් අය නොහදුනන නිසාද මන්දා ටිකක් චකිතෙයන් උන්ෙන්.ලබන පාර මුණගැෙසමු කුරුට්ෙටා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයට කවුරුත් ආගන්තුක නැහැ...... අපිත් පළවෙනි වතාවට තමා පිරිස අතරට ගියේ. හම්බෙන හම්බෙන හැමෝම හොය හොය ගිහින් අපිත් කතා කරා... හදුනාගන්න ලැබෙන එකම අවස්ථාවනේ. මොනවා වුණත් ඔබට කතා නොකිරීම ගැන නං අපිටත් කණගාටුයි. ආයෙ හමුවුණ වෙලාවක අනිවා කතා කරමු.... ආය මොකට ලැජ්ජා බය හිතනවාද අපි අපිට කතා කරන්න නේද??????

      Delete
  28. කුරුට්ටන් මගේ ළඟ හිටියෙ! 
    දැක්ක අඳුනගත්ත ඒත් කතාකරන්න බැරිවුණා

    ReplyDelete
    Replies
    1. යකෝ ඒ ඇයි,,,,,,?????? උඩුවා ඇවිත් හිටියා කියලා දැනගත්තෙත් පස්සේ... ඒත් ඇයි සෙට් වුණේ නැත්තේ කියලා බැලුවා..... කතා කරන්න තිබුණානේ.... අපිට හදුනා ගන්න බැරිවීම ගැන කණගාටුව.... ඔන්න ඊළග පාර නං එහෙම බෑ මචං හරිය.....

      Delete
  29. සුභ පැතුම් කුරුටු සහෝදරයන්ට.

    අසංක නමි මුන ගැහුනා. අනිත් කුරුට්ටෝ එක්ක තමයි කතා කරන්න බැරි වුනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි හත්තිලව්වේ තුෂාර........... ඔන්න ඕකනේ කියන්නේ කසුනා එක්ක ඇතුළට එද්දිම මං මග අහුරලා කතා කරා මතක නැද්ද..... ඊට පස්සේ ආයෙමත් සෙට් වුණා.... මනෝ ඒ වෙලාවේ මනෝ ගහලද හිටියේ...... අපි පස්සෙත් උඹ ගැන කතා කරා.... ජයවේවා..

      Delete
    2. ටැපලුනා බං. අසංකයා කියලනේ ටයිප් වෙලා තියෙන්නේ. සුදු තඩි තුෂාරයා අමතක වෙනවද එහෙම. උමලගේ සෙට් එකේ අනිත් අයව මුන ගැහෙන්න විදියක් නැති වුනා. ආයේ මුන ගැහෙන්න අවස්ථාවක් ලැබේවි අපිට.

      Delete
    3. මෙහෙමනේ මනෝ අපේ කාන්තා පාර්ශව කිහිපය කලින් ම පල්ලම් බැහැලා..... ඒකයි හම්බෙලා නැත්තේ.... පස්සේ එතනින් යන යන එකා අල්ලං හදුනා ගත්තා..... ඒත් එන ගමන් අහනවා දැන් කෝ කසුනා එක්ක ආවායැයි කියපු මනෝ කියලා... කසුනාටනං කතා කරලා තිබුණා...... ඒත් උඹ කොහෙන් ද බං ගියේ......

      Delete
  30. හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්........ මේ සුභ පැතුම් හදවතින්මයි කියලා අපි දන්නවා......

      Delete
  31. සුභ පැතුම් වේවා තුන් පාරක්ම!

    ReplyDelete
    Replies
    1. විභාගේ ඉවරයෑ.............. ඊළග පාර එහෙම විභාග දාගන්නවා නෙමෙයි පුතෝ..... හරිද????????? කෝච්චි ගැන කතා කරන්න තියෙනවා......

      Delete
  32. බ්ලොග් ස්ෆියරය හැඩ කරන නුඹලාට උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. දුමී.................... බොහොම ස්තූතියි....

      මේ වචන ලැබුණ සම්මාන වගේ ම අපිව දිරිගන්වනවා දුමියෝ....

      Delete
  33. dakkta katakatanna barI unane ...

    Suba paTim...

    Jayawewa?!!!!



    Umma

    ReplyDelete
    Replies
    1. මොකක්ද උඹ දැක්කේ................????????

      උම්මා උම්මා උම්මා..............

      Delete
  34. dakkta katakatanna barI unane ...

    Suba paTim...

    Jayawewa?!!!!



    Umma

    ReplyDelete
  35. මගේ අතින් කුරුට්ටාට සම්මාන දෙකක්ම පිරිනමන්න ලැබීම සතුටක්. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා............

      ඔබ අතින් සම්මාන ලැබීමට අවස්ථාව ලැබීම ගැන බොහොම සතුටුයි...... ඔබ වැන්නවුන් අපිට ශක්තියක්.... නිතර අපි ලියන දේ කියවමින් අපි වෙනුවෙන් කමෙන්ට් කරමින් ඔබ දක්වන සහයෝගය අපිට හයියක්...... සම්මාන ගත්තාට හරියට කතා කරන්න නොහැකි වීම ගැන නං දුකයි..... ඊළග වතාවේ අපි අනිවා කතා කරනවා..... ජයවේවා...

      Delete
  36. තුන්පාරක්ම සුබ පැතුම් එහෙනම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී..............

      රවීටත් ලැබුණ සම්මාන ලැයිස්තුව ගැන අපේ උණුසුම් සුභ පැතුම්......

      Delete
  37. කුරුට්ටන්ට මගෙන් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔබ හමුවීම සහ කතා කරන්න ලැබීම ගැන හරිම සතුටුයි මචෝ.......... ආයෙම හම්බෙලා තවත් ටිකක් විස්තර කතා කරමු.......

      Delete
  38. බොක්කෙන්ම සුභ පැතුම් කුරුට්ටෝ !!!!!!!!!!

    ලස්සන ලෝකෙක ඉපදීලා
    නූපන් හෙට ගැන නො තැවීලා
    හද සැණකෙලියේ වල්මත් වීලා
    රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

    ජීවන බරකින් පැටලීලා නෑ නෑ වෙන්නෙ මුලා
    සිතු දේ පැතු දේ කරලා 
    නිම් නැති ගමනක යෙදිලා
    අරමුණ කොහිදැයි නෑ දන්නේ
    රහයි ජීවිතේ

    දුක සැප කිර කිර බල බලා
    ඇතමුන් දිව රෑ තැවේ
    පල නැත හෙට ගැන සිත සිතා
    හිනැහෙනු ලස්සන ළඳේ
    උපතත් කුමට ද රජවී හඬ හඬ ඉන්නට සිදු වී
    විනෝද දහනක අපි ඉන්නේ
    රහයි ජීවිතේ

    ගායනය - එච් ආර් ජෝතිපාල
    පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
    සංගීතය - සරත් දසනායක

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම සින්දුවෝ එදා දවස ගැන මේ විදිහට තමා දැනුනේ.... අපි දැකපු අනික් දේ තමා ඒ වෙලාව ගියේ හරිම ඉක්මනට... අපි හිතාගෙන ගිය විදිහට කට්ටිය එක්ක නිදහසේ කතා කරන්න එහෙම ලැබුනේ නැහැ..... ඉක්මනට වෙලාව ගෙවිලා ගියා.... හිතන්නත් කලින් රෑ වුණා.... එතැනින් බ්ලොග් සෙට් එකත් ගිහිල්ලා සවුන්ඩ්ස් ගෙනාපු සෙට් එකත් ගියාට පස්සෙයි අපි ගියේ..... යන යන උන් ටික අල්ලං අපි කතා කරා...... ඒ තරම් ඒ ගමන වින්දා......

      ඒත් උඹත් හම්බුණානං තවත් සතුටුයි..... කමක් නැහැ.... ඊළග පාර බලමු නේද?????

      Delete
  39. අයියෝ දෙකද?
    //2015 වසරේ හොදම 18+ පෝස්ටුව - දෙවන ස්ථානය
    ජොලියට කිව්වෙ අා!
    සුභපැතුම් :)

    ReplyDelete
    Replies
    1. දෙක ලොකුයිනෙ එකට වඩා...නේද...හැහ්...හැහ්...

      බොහොම ස්තුතියි අලියෝ...

      Delete
  40. කුරුට්ටෝ සෙට් එකටම සුබ පැතුම්

    එදා අඳුනගන්න බැරිවීම ගැන දුකයි.
    කොහෙද අටමට සෙට් වෙලා හිටියනේ........

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අටමාගේ හරුප අහන වෙලාවේ ජීවන් සහෝ එතැන හිටියද????????????? ඇයි හත්තිලව්වේ කතා නොකරේ.... අපි හොය හොය ගිහින් බලෙන් කට්ටිය අදුරා ගත්තා... අනේ මග හැරුණා කියලා හිතෙන කොට දුක හිතෙනවා ජීවන් අයියේ.... ඇයි දැකලත් කතා නොකරේ...... කමන් නෑ ඊළග පාර නං මග හරිනවා බොරු හරිද?????

      Delete
  41. කුරුටු යාළුවො ටික දෙනෙක් හරි හමුවීම ලොකු සතුටක්...
    උණුසුම් සුභ පැතුම් හැමදෙනාටම...!!!

    ReplyDelete
    Replies
    1. ටික දෙනෙක් නෙමෙයි ගිම්මි..... ඇවිත් හිටි හැම දෙනාම කතා කරානේ..... ගිම්මි දැකීමට ලැබීම සහ කතා කිරීමට ලැබීම සතුටක්....... ගිම්මිලාත් ස්ටේජ් ගත වෙන දවසට අපි උඩ පැන පැන අත්පුඩි ගහනවා ෂුවර්..... ඒ වෙනුවෙන් සුභපැතුම්.....

      Delete
  42. දුසිම් බාගයක් කුරුට්ටෝ ඇවිත් හිටියත් කතා කරන්න හම්බුනේ එකෙක් එක්ක විතරයි...
    එහෙම හරි පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්..

    මගේ පොස්ට් එකේ උඹලා ගේ කමෙන්ට් එකට මම දීපු රිප්ලයි එකේ විදියට ම දවසක සැට් වෙමු ..

    -----------
    ලැබූ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් උඹලා ගැන්සි බැහැලා හැංගිලා ඉද්දිනේ හොයා ගත්තේ... බලෙන් පිටට ගහලානේ කතා කරගත්තේ..... හරි හරි........ කොහොම හරි කතා කරානේ... දැන් අදුරනවානේ..... දැන් ඉතින් මග ඇරලා යනවා බොරු හරිද???????

      Delete
  43. සුබපැතුම් සුබපැතුම් අපේ කුරුට්ටන්ට සුබපැතුම් එක්කම ඒ ගන්න විදිහක් නැතුව හිරවුන මා වෙනුවෙන් ගත් වෙහෙස වෙනුවෙන් තුති කුසුම් අපේ කුරුට්ටන්ට sugv.wordpress අනුන්ගෙ ලිපිනයකින්

    ReplyDelete
    Replies
    1. ඔබතුමාටත් සුබපැතුම්......

      පුතණුවන් ආවා.... අපිත් එක්කමයි හිටියේ..... ඉතිහාසය ප්‍රතමස්ථානය දිනූ සම්මානය ගත්තා... ඊළග වතාවේ හමුවෙමු.... අපි වෙහෙස වුනේ ඔබේ හැදුනුම්කම නිසා සහ නෙලුම්යායේ සාර්ථකත්වය වෙනුවෙනුයි.... පැමිණීම ඒ තරම්ම වටිනවා... ජයවේවා...

      Delete
  44. එදා හරියට කතා කරන්නත් වෙලාවක් නැති උනා.. මේකට කොමෙන්ට් එකක් දාන්නත් වෙලාවක් නැති උනා.. ජිවිතේ අවුරුද්දකින් පස්සට යන රිස්ක් එකක් තියාගෙන මේවා කරේ.. විඳින්නේ නැති ජිවිතයකින් වැඩක් නැති නිසා.. :)

    කුරුටු පවුල දිනේවා!

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං පස්සට යන කතාව...ඒ කොහොම වුණත් අපි හැමෝම එකමුතුව ඉන්නකම් කාටවත් පස්සට යන්න වෙන්නෙ නෑ...

      උඹලා එදා කළ කැපකිරීම්, සංවිධාන ශක්තිය අපිට මහමෙරක්...අපිට මේ දේවල් දෙන්න උඹලා කොයි තරම් මහන්සි වුණාද...හැමදාමත් අපි උඹලා සමගයි...ජයවේවා...

      Delete
  45. ජයග්‍රහණයට සුබ පැතුම්...

    කතා කරන්න ලැබුනේ නැති එක ගැන කනගාටුයි, ඉදිරියේදී මුණ ගැහෙමු...

    ReplyDelete
    Replies
    1. උඹටත් බොහොම ස්තුතියි ලොක්කෝ...ඉදිරියේදි අනිවා හම්බුවෙමු...

      Delete
  46. කුරුටු පවුලේ සොයුරු සොයුරියන්ට මගේ සුබ පැතුම්! මේ අඩවියේ තව තවත් ලස්සන නිර්මාණ ලියවේවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජයෙන් ජයම පතනවා තිලක...බොහොම ස්තුතියි...

      Delete
  47. ඇයි තවම කතානොකලේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...