Wednesday, March 23, 2016

අවාරේ වසන්තය එලඹුනා...............


මා හැඟුම් පිබිදුනා
ඔබ සිතුම් හෙළි වුනා
අපි අපේ ලෝකයේ
මොහොතකට තනි වුනා

ලෝකයේ නෙත්වලින් 
මුවා වුනු විරාමේ
නිශා කල හමා එන 
පෙමාතුර සුයාමේ
අවාරේ වසන්තය එලඹුනා
සිත් යදම් වැට කඩොලු සුන් වුනා

වස්සාන මේඝයන් 
වසාගත් ආකහේ
ගුගුරුවන හෙන හඬින් 
යුග සවන් පිබිදුනේ
සිනාසුනු තත්පරය ගිලිහුනා
මුලාවුනු සිත කිලිටි තැවරුනා


ඉසූ


.

43 comments:

  1. දැන් අර නිදහස චතුරශ්‍රයේ සික්කා වැරදිය කියනවද?

    ReplyDelete
    Replies
    1. එයා හරි කියන්න පුලුවන්ද උපේක්ෂා? හැබැයි පව් මනුස්පයා

      Delete
    2. මම කිව්වේ මගේ මතය නෙවෙයි. මේ කවියට උත්තරේ...

      හි හි.... වැඩිය හිතන්න එපා

      Delete
    3. ආ කව්ද දන්නේ....... කවිය දැක්ක ගමන් අපේ උපේක්ෂට ගැළපෙනම එකක් මතක් වුන හැටි......අගෙයි අගෙයි

      Delete
  2. Replies
    1. හෑ හෑ, කට්ටිය බය වෙලා වගේ

      Delete
  3. ඈ....විභාගෙ නේද??:P

    ReplyDelete
    Replies
    1. ඔව් රසික විභාගේ......මොකෝ මේ ගැටලුසහගතව? මේක හරියට විචලතා විශ්ලේෂණය වගේ

      Delete
  4. සිල් බිඳිලා... හෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස් ලබු අයියේ.......

      Delete
  5. Replies
    1. ස්තූතියි ලලිත්......

      Delete
  6. ජීවිතේ සුන්දරයි :D

    ReplyDelete
    Replies
    1. ඔව් පත්තර මල්ලියේ...

      Delete
  7. පරිකල්පනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න කියලා බෝඩ් එකක් ගහන්න වෙයි වගේ, හෆොයි...........

    ReplyDelete
    Replies
    1. හරි එහෙම හිතාගන්නම්කෝ............

      තුෂාර

      Delete
    2. අනේ අයියේ................ඊ..............ඊ

      Delete
  8. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රේ......

      Delete
  9. තේරුණෙත් නැද්ද මන්දා. සැඟවුණු අරුතක් නැතිනම් අගෙයි නිර්මණය. :) සැඟවුණු අරුතක් තියෙනව නම් තේරුණෙ නැහැ කිව්වෙ අප්පා

    ReplyDelete
    Replies
    1. හංසමාලී කවිය කියවලා ක්ලැරන්ස් විජෙවර්ධනගේ 'රෑ තාරකාවෝ' ගීතය අහල බලන්න. එහෙමත් තේරෙන්නෙ නැත්නම් සොරි තමයි

      Delete
    2. මළසේක කිව්වලු.... මටත් ඔය සිංදුව පොඩ්ඩක් අවුල් බව තේරුනා , ඒ උනාට කාගෙන් කියල අහන්නද... ? එහෙනම් වැඩේ ඇත්තයි!

      Delete
    3. වියන්ගෙන් කිව යුත්ත වියන්ගෙන් නොපැවසීම වාරණයට ලක් වීමට හේතුවක් ලු හංසමාලියේ......

      ඉයන් අයියා කිව්ව සිංදුව මාත් අහන්න ඕනි

      Delete
    4. රෑ තාරකාවෝ බැලුවා එබී
      කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
      ඊයේ දවාලේ අපගේ ලොවේ
      ආශා ගඟුල් යා වුණා

      කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
      මමමයි කවදා හෝ ඔය දෑත ගන්නේ
      ආශා විශාලයි ඉවසීම හීනයි
      දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

      හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
      ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
      හදවත කොනේ මා කඳුලක් තියෙනවා
      කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

      Delete
    5. ස්තූතියි මනෝජ්..........

      හරි ලච්චනයි.....සිංදුව

      Delete
  10. කුරැටු නියමාාාාාායි

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා කිඹුලී

      Delete
  11. මුලා වෙලා ඉන්න තරමට ජිවිතේ සුන්දරයි....

    ReplyDelete
  12. මේ මං නිකමට අහන්නෙ
    කුරුටු පවුර මේ ඉසු කියල දැරිවිටයි අර තුසාරයටයි සින්න වෙලාද..
    හැක් හැක්...

    කවිය ලස්සනයි උපරිමයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එදාට තව කට්ටියක් එක්කං එන්නම්...... ඕවා උන්ගේ මූණට ම අහං....... ආය මං හැමදාම කියනවා... කෝ මුන්ව අල්ලන ඒක ලේසි නැහැනේ.....

      තුෂාර

      Delete
    2. අඩෝව්... ඉසුට මක්කවත් දොඩනව නෙවෙයි...

      Delete
    3. ස්තූතියි මහේෂ්......

      ස්තූතියි විදාන අයියේ.....

      Delete
  13. ලැජ්ජයි අප්පා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා විදාන අයියේ.........

      Delete
  14. මාර සීන් එක හැබැයි.. හිකිස්..

    ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්මි.........

      Delete
  15. ඉසුරි නගා ලඟදි ඉඳන් ටිකක් අමුතු අමුතු එව්ව ලියනවා...නිකම් කුච් කුච් හෝතා හේ වගේ...පොඩ්ඩක් හිටිංකො මූණට මූණ හම්බුවෙනකම් උඹව...හැහ්..හැහ්...හෑ...

    අසංක

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ දිල් මා පාගල් හේ......වගේ
      හි.......හී,
      කෝ ඉතිං අයියා දැන් ලියන්නෙම නෑ නෙ

      Delete
    2. අන්න අයියා කොරවෙන ප්‍රශ්ණයක් නංගි ඇහුවා.... හැක් හැක් හෑ“......

      තුෂාර

      Delete
  16. ගින්දරයි පුළුනුයි ලං වුනාම ගිනි ගන්න බව දැනගෙන ඉන්න ඕනි.. :)

    ReplyDelete
    Replies
    1. වහා ගිනි ඇවිලෙනසුලුයි!!

      Delete
  17. කුරු කුරු කුරු කුරුටු කුරුටු කුරුටු කවියො හැම දෙනා
    26දා කොලඹ ඇවිත් බ්ලොග් මිතුරන් හමු වෙනා!!

    ජය වේවා!!
    (මෙය චිත්තප්‍රීතිය උදෙසා සටහන් කළ මම ඉසූ)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...