ඉඳින් බැසපලයන්...............
තවත් කුමකට එබෙනවාදෝ වළාකුල් අතරින්
පළාතම රන් පෑ කෙරූ - මවා පෙන්නන්නට හැදූ
හීන ලෝකය තවත් පාරාවී
හඩන්නට කඳුළැල් නැතී
අහිංසක මගෙ නෙත්පෙතී............
මගබලා ඉඳලා..........
සියොලඟම වැහැරිලා කොළ හැලිලා.
නුඹේ උණුහුම මයෙ ළඟින් තියලා.
ගව් ගණන් අෑතින්............. පෙනී නාෙපෙනී නුඹ යන්න යනවා.....
නිල් ගුවන පීරා...........
නේක පෑයට වළාකුල් මැවිලා.
අදහ ගන්නට බැරි කතා කිව්වා.
ඒත් පහුවෙනිදා............ හිනා එක්කල නුඹ අැවිත් උන්නා....
හිතින් දුක්වින්දා..........
මට අයිති නැති හීනයක් දැකලා.
පූදින්න වෙර දැරූ මල් තලලා.
ඝණ අඳුර අැවිදින්.................. පැතූ පැතුමන් කඩා බිඳ දැම්මා.....
තුෂාර විතාරණ
.
ලස්සනයි.
ReplyDeleteමවා පෙන්නන හැම දේම ඇත්තටම වෙන්නෙ නෑනෙ.
Deleteප්‍රසන්න අයියාට තේරුණා.......
Delete//හිතින් දුක්වින්දා..........
ReplyDeleteමට අයිති නැති හීනයක් දැකලා.//
හීන වලට අයිතිකාරයොත් ඉන්නවනෙ
මගේ හිනයේ අයිතිකාරයා මමනේ
Deleteඅපි දකින ගොඩක් හීන අපිට අයිති නෑනේ ඉයන් මචං...... මෙන්ඩා දකින හීන නං මෙන්ඩාගෙලු..... හිතාගෙන ඉන්නේ ඒහෙම තමා..... ඒත් ඒවා අනුන්ගේ....
Deleteඇසට අසුවන මායිමේ
ReplyDeleteබමර සැණකෙළි මල් වනේ
ලසෝ ලැවිගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ
මනෝ...................
Deleteඒක අතකින් ගැලපෙන ගීතයක්......
කියවද්දී මොකද්දෝ අමුත්තක් දැනුනා.. ඒ එක්කම හිත ගියා මගේ පුංචි කාලේ 1990 දශකයට.. ඇයි කියල මම තාම හිතනවා.
ReplyDeleteඒහෙම තමා අගහරුවෝ......
Deleteඒ කියන්නෙම අගහරුවා දැන් ලොකු ළමයෙක් නේද ඒහෙනං.....????
:)
Deleteමහලු වෙලා ගත සවි දියවෙලා යනකනුත් පායපු නැති 'හිරු' මැරෙන්න මොහොතකට කලින් මොකට පායනවාද කියල හිතෙනවා ඇති.. සම්මත ප්‍රේමයට පටහැනි කවියක්.. අගෙයි..
ReplyDeleteප්‍රේමයට ඔය සම්මත අසම්මතකම් අදාළ නැහැනේ..... ප්‍රේමය ප්‍රේමය.... අපි ඒක කරන විදිහ විතරයි සම්මත හෝ අසම්මත වෙන්නේ..... ඔ්ක මාර මාතෘකාවක් කමියාේ...... ලෝකයේ වැඩිපුරම නිර්මාණ බිහිකරපු මාතෘකාව..... වැඩි පුරම මිනිස්සුන්ට තියෙන අත්දැකීම් වලිනුත් මූලික ම තැනක් ගන්නා මාතෘකාවක්...... තව දේවල් ඔ්න තරම්.....
Deleteකුරුටු මම මේ දවස් වල ලියාගෙන යන කටහ්වටත් මේක ගැලපෙනවා කියල හිතන. - ප්‍රේමය නම්වූ ................
Deleteඒ කතාවත් කියෙව්වා අජිත් අයියා...... ඒත් තාම ඒක යන පැත්ත හිතාගන්න අමාරුයි... තව කොටසක් කියෙව්වාම හරියයි.... මේක කොහොමත් සුන්දර මාතෘකාවක් වගේ ම සුන්දර සාකච්ඡා මවන්න හැකි මාතෘකාවක්...
Deleteහරිම ලස්සනයි..
ReplyDeleteමං කැමතිම මොකක් හරි පින්තූරයක් එක්ක හිතා ගන්න බැරි විදියට ජීවිතේ ගලපන අපූරුවට.. කියන්න තියෙන්නෙ ඉතින් නියමයි කියලා තමයි..
ස්තූතියි නිදහස්...................
Deleteඅැත්තට ම මේ නිර්මාණයෙන් වස්තුබීජය ඔබ ඔය කියපු කතාව ම තමා.... මේ රූපය දැක්කා ම හිතේ මැවුණ සිතුවිල්ල තමා මේ නිර්මාණය..... අැත්තට ම මේක තමා ජීවිතය.... මේක තමා අාදරය.... මේක තමා බලාපොරොත්තුව.... මේක තමා යථාර්තය.... හැමදේම....
නියමයි මචෝ...
ReplyDeleteතෑන්ක්ස් විභී.......................
Deleteසුපිරි///
ReplyDeleteතැන්කූ.............
Deleteමේක යටින් යන කතාව තේරුම්ගන්න උත්සාහකලත් බැරිවුණා. මොකක් වුණත් ඒක ඉරත් ඒක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එකනම් තේරුණා.
ReplyDeleteපද බැඳුම මනරම්, තුෂාරයා.
තුෂාර කොල්ල වෙන්න හැදුවට, වයසයි කියල නම් ඉඟියක් තිබුනා ... ☺ ☺ ☺
Deleteමේ හිස් අහසේ සදරැද?
Deleteනෑ ඔය වෙන එකෙක්.
Deleteහ්ම් .. වෙන එකෙක් .. හැබැයි බ්ලොග් වලට පොඩි නෑකමකුත් තියෙනවා ( තිබුනා )
Deleteමධාවියා.................. (පොදු ව්‍යවහාර නාමයම භාවිතා කරමි)
Deleteමේකේ කතාව මේකයි.... මේ රූපය දැක්ක ගමන් හිතට අාවේ තනිකමක් පාලුවක්... හැන්දෑව ඒක මතු කරනවා.. අනික් අතට කොළ හැළුණු ගහක්.... බැසගෙන යන ඉර..... රන්පාට මවපු අහන..... වළාකුළු..... මේවා තමා රූපය පුරා තියෙන වස්තුබීජ.....
ඉතින් මුලින් ම නිර්මාණයට පාදක වුණේ හැමදාම අහස දිහා බලාගෙන ඉදලා කොළ හැලිලා වයසට ගිය ගහ.... ඒත් කවදාවත් ඉර ගහක් ළගට ඒන්නෑ... හැබැයි තාමත් ගහ බලාගෙන ඉන්නවා ඉර දිහා..... වෙනදා වගේ ම ඉර පායලා දැන් අායෙම බැහැගෙන යනවා..... පළාතම රන්පාටට ලස්සන කරලා.... ඒත් තව ටිකකින් පේන්නෙම නැතුව යනවා කියලා ගහ දන්නවා.....
මේක තමා විස්තරය... මීටත් ඒහා කියන්න බැහැ ..... ඉතුරුටිකවත් උඹට තේරෙන්න වෙනවා......
සදරුවෝ......................
Deleteවයසට ගියාට හිත තාම තරුණයි බොල....
මෙන්ඩෝ... ප්‍රසා අයියේ...
මේකා මං දන්න විදිහට නං බ්ලොගයක් ලියන්නෑ..... නිදස කියලා ඒකක් අටවාගෙන විතරක් තියෙනවා... ඒත් ලියන්නෑ......
අරිංඩ එපා තුෂාරයා.........Old but not obsolete (Terminator-5)
Deleteඒ ගැන නෙමෙයි කිව්වේ, කලින් ලියපු බ්ලොග් එක ගැන කිව්වේ.
Deleteඒක අටෝගත්තෙත් ලියන්න තමා, ඒත්, කම්මැලියි අප්පා ...
මධාවියෝ....... දන්නවානේ ඉතින් අපි කවදාවත් බිමින් යන්නෑ....
Deleteසදරුවෝ..... අටවා ගත්තු ඒකේ ලියමුකෝ...... පටං ගනිමු... ඉතුරු ටික අපි බලාගන්නම්......
මම නුඹේ වියපත් බඹරා..
ReplyDeleteනුඹ හීනෙන්වත් නොදකින කුමරා....
මාතා....................
Deleteඔ්කෙම අනික් පැත්ත තමා සමනල සංධ්වනිය ඒකේ ගීතය....
//ඉකාගසා හඩන අතීතයක
කදුළු ඒක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන මගේ ම අාදරයක් තිබුණා..//
ඉර ( ? ) ඔහොම්මමය. යන්නට සැරසීත් ඉඟි පායි. හිතට බලාපොරොත්තුවක සේයාවක් තිළිණ කරයි. අපේ දුක ගැන වගක් නැති ගාණය. එනිසාම අළුත් දවසක අළුත් අහසක බැබළෙනවාය.
ReplyDeleteපද පෙළ හරිම අපූරුයි තුෂාර ...!
කවියක් කියන්නේ හැමෝට ම හැම ඔ්න දෙයක් හිතාගන්න හැකි විදිහේ නිර්මාණයක්.... ඔබ දුන්නූ පැහැදිලි කිරීමත් ඉතාමත් සුන්දරයි....
Deleteමටත් ටක්කෙටම තේරැනේ නෑ..
ReplyDeleteඒත් කයිය සහ පිංතුරය එල ද බ්‍රා
යකෝ තේරුණේ නැත්තං කොහොමෙයි හොදයි කියන්නේ....????????
Deleteඋඔව මුරංග අත්තෙ තිබ්බා නෙමෙයි..
Deleteපිංතුරය ලස්සනයි..
පද ලස්සනයි..
කමෙන්ට් සහ උඔගේ උත්තර බලලා තේරැම් ගත්තා
අපි නොදන්නවා යෑ උඹ ගැන....... යකෝ විහිලුවක් කරාම ඔය තරම් සීරියස් ගන්නේ අැයි?????? අපිට හැමදාම හයියට තියෙන වචන ඔ්වා තමයි.....
Deleteගෙදරින් ප්‍රශ්ණයක්වත් වුණාද????
බය වෙන්න එපා මට තරහා යන්නෙ නෑ..යාලුවෝ එක්ක තරහා වෙන්නෙත් නෑ..
Deleteඒ කියන්නේ අපි යාලුයි ??????
Deletehmmm :)
ReplyDeleteහිතින් රහසින් පෙමීන් වෙළුනද
ඇවිත් නෑවිත් දුරි හිටියද
කිස්ම දිනකදි අපි අපේ නොවුනට
එදා වගෙ මගෙ තාම හිත ළඟ
සමුගනිමි මම මරණෙ දොරකඩ
වාව්................................. නියම සිතුවිල්ලක්.... මේකත් තවත් විදිහක පැහැදිලි කිරීමක් තමයි.... ලස්සනයි ප්‍රියන්ති...
Deleteakuru weradila kalin honde :0
ReplyDeleteහිතින් රහසින් පෙමීන් වෙළුනද
ඇවිත් නෑවිත් දුරින් හිටියද
කිසිම දිනකදි අපි අපේ නොවුනට
එදා වගෙ මගෙ තාම හිත ළඟ
සමුගනිමි මම මරණෙ දොරකඩ
පොඩි පොඩි අඩුපාඩුනම් මොනවද ඉතින්...
Deleteඅඳුර එන්න ඔන්න මෙන්න... වරද පටවගෙන මිසක් පටවලා නොදෙන කොළ හැලී නාටු උන ගස..
ReplyDeleteජයවේවා..!!
අගෙයි ගස්............. අගෙයි....
Deleteහිතින් දුක් වින්දා ....
ReplyDeleteමට අයිති නැති හීනයක් දැකලා .....
ලස්සනයි කුරුටු . අපි දුක් විදින්නෙම අනුන්ගෙ හීන වලට
කොහොමත් අපේ ජීවිත ගෙවෙන්නෙම මේ දේවල් ඒක්ක තමයි..... ඒක අතකින් ජීවිතේ කියන්නෙත් ඒකට ම තමයි සබරේ.....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇද්ද අනුන්ගේ හීන බලන්ඩ ගිහින් තුෂාරට හොඳ වැඩේ. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න
ReplyDeleteඔ්ක රූපය දිහා බලාන ලියපු කවියක්... හා දැන් සාරිකා අනුන්ගේ හීන දැකලාම නෑ................... හා කියමු බලන්න.....
Deleteharima lassnai
ReplyDeleteස්තූතියි....................
Deleteඔයා නිනිද? ටිචැර්ද?
Deleteඅනුත්තරා නංගා නෑ..
ReplyDeleteඇයි මේ විෂ් ඉන්නෙ
Deleteමෙන්ඩෝ.................. ටිකක් ඉවසමු..... ඉවසමු.......
Deleteරෑ සිහිනේ...
ReplyDeleteඔබ ළග මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ලග සිත ලතවෙනවා
මේ බැදුනු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ
කෙදිනද අප හමුවන්නේ
රෑ සිහිනේ...
ඈ සනසමින්
ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ
සෙනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද
මා ගැන නොසිතන්නේ
රෑ සිහිනේ...
ගායනය /ගී පද /සංගීතය - නාමල් උඩුගම
ගැලපෙන ගීතයක්................. ලස්සනයි.... ස්තූතියි සින්දුවෝ....
Deleteඑක හීනයක් නොවේ නම් තව හීන දකිමු.
ReplyDeleteඅැස් පියාගත්තු ගමන් අායෙම හීනයක් දකිනවා....... ඒ අපේ හැටි.....
DeleteThis comment has been removed by the author.
Deleteලස්සනට - අමුතුවට ලියල තියේනවා..
ReplyDeleteස්තූතියි සහෝ.................. ස්තූතියි....
Deleteමචෝ...
ReplyDeleteමේකේ කතාව මේකයි.... මේ රූපය දැක්ක ගමන් හිතට අාවේ තනිකමක් පාලුවක්... හැන්දෑව ඒක මතු කරනවා.. අනික් අතට කොළ හැළුණු ගහක්.... බැසගෙන යන ඉර..... රන්පාට මවපු අහන..... වළාකුළු..... මේවා තමා රූපය පුරා තියෙන වස්තුබීජ.....
ඉතින් මුලින් ම නිර්මාණයට පාදක වුණේ හැමදාම අහස දිහා බලාගෙන ඉදලා කොළ හැලිලා වයසට ගිය ගහ.... ඒත් කවදාවත් ඉර ගහක් ළගට ඒන්නෑ... හැබැයි තාමත් ගහ බලාගෙන ඉන්නවා ඉර දිහා..... වෙනදා වගේ ම ඉර පායලා දැන් අායෙම බැහැගෙන යනවා..... පළාතම රන්පාටට ලස්සන කරලා.... ඒත් තව ටිකකින් පේන්නෙම නැතුව යනවා කියලා ගහ දන්නවා.....
මේක තමා විස්තරය... හැක් හැක්...
ජ ය වේ වා !!!
ඒ උඹ කොහොමද ඒ තරම් හරියට ම ඒක ගෙස් කරේ..... උඹනං මාරයි විදානේ.....
Deleteඅපි එහෙම තමයි...
Deleteකෝ බං මේල...
මේල හෙට ඒයි....... අද මේ දුවන්නේ අන්තිම ඩේටා කදුලෙන්..... මේක ඉවර වෙන්න ඔන්න මෙන්න..... ඉවර වුණා කියන්නේ ඉතින් මලා වගේ තමා.... හෙට උදේම සියලු විස්තර දන්වා සිටිනු ලැබේ........
Deleteඒක ඇත්ත අපිට අයිති නැති හීන දකින්න ගියාම ගොඩක් දුක් විඳින්න වෙනවා
ReplyDeleteපබැඳුම අනගියි
ජයවේ තුෂාරයෝ....
ස්තූතියි වර්ණ...................
Deleteඒහෙම වෙනවා තමා නේද?????
තුසාරයෝ.. ඔය විදියට හිතන්න එපා.. මේ විදියට හිතපන් .."වසන්තේ නිදා හුන් යොවුන් කෝකිලාවන්... ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේ" මං හරිද කයිය තෝරපු විදිහ..?
ReplyDeleteවාව්..................... ඒකත් පට්ට තේරීමක් තමා.....
Deleteවාව් වාව් ගාන්නෙ මොකෝ තුසාරයො... ටෝකන් එක වැටුනද?
Deleteහත්තිලව්වයි ටෝකන් ඒක.......
Deleteහිතට හිතන්න බල කරන මේ වගේ නිර්මාණ වලට මම කැමතියි.
ReplyDeleteනිර්මාණයේ අවශ්‍යතාවයත් ඒකම තමා අජිත් අයියා......
Deleteලස්සන නිර්මාණයක්...
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජීත්.......
Deleteඑළ
ReplyDeleteතැන්කූ.......... උඩු............
Deleteද බ්‍රා
Deleteබ්‍රා.......................?????
Deleteරෑට ලගින් ඉන්න බැරිබව මට තේරෙනව
ReplyDeleteඔයාට නයිට් ඩියුටි තිබ්බත් මම රෑ ගෙදර ඉන්න ඕනෙ,
දවල්ට ඉස්සර වගේ පෙම් කෙලින්න අවස්ථාවක් තාම තියනව
වයසට ගියත් තාම ඔයා මගෙ පෙම්වතී.