කඳුළු හංගන දෙනෙත් අභියස
මතකයට නැගුනා ද කිසිවක්....
ජීවිතේ බර වුනත් දියණිය
ඔරුව මුවදොර බලා පැදපං....
වෙඬරු පිඩ සේ සැනින් උණුවන....
සිත් පොඩිය රිදුනාට ඉඳහිට
ලෝකයෙම බර වැටේ හිස මත....
දරාගන්නට වේ ය නුඹහට
නුඹ රැඳෙන්නේ යෙහෙන් මිහි පිට
කාගෙ හෝ වෙන නිසා තවමත්....
නමුදු සිහියට නගන් දියණිය
තනිවෙන්න සිදුවේ ය නුඹටත්....
ඉසුරිකා උත්පලානී
.
ජීවිතේ බර වුනත් දියණිය
ReplyDeleteඔරුව මුවදොර බලා පැදපං....
බොහොම ඉස්තූතියි බ්ලොග් පොස්ට්
Deleteමොකද හදිස්සියෙ ඔරු පදින්න මතක් උනේ. ගංවතුරටවත් යට උනාද?
ReplyDelete
Deleteඔරු පදින්න පහල ගඟට එන්න යන්න මාලි
මන් බොරු කරන්නේ නැනේ ඔබට ඇත්තයි මගේ මාලි
සරු දිවියක රස බලන්න කාලේ ලඟයි මාලි
පේරු රත්තරන් වාගේ අපේ ආදරේ මාලි
මා ප්‍රිය මාලි මා ලදී මාලි අදර මාලි
ඔයා මගේම මාලි ...
ගෙලට මාල අතට වළලු ඔබට ඕන නැ
කනට තෝඩු පයට ගිගිරි කිසිම පලක් නැ
හදට රුවට අමුතු ඇදුම් වලින් වැඩක් නැ
ඔබ ඇති නිවසට පහනක් ඕනා වෙන්නේ නැ
නැ .. නැ ඕන වෙන්නේ නැ ..
අහස ගැබේ හඳ හැංගිලා ඉඳලා පලක් නැ
දහස් ගණන් තරු තිබුනත් ආලෝකය නැ
මිනිස් ලොවේ සතුට සැපත ඔබ නැති තැන නැ
මාලි ඔයා ඇති තැන මට කිසි අඳුරක් නෑ
නෑ ..නෑ ..කිසි අඳුරක් නෑ
(මෙහි "මාලි" ලෙස සඳහන් තැන් වලට "ඉසුරි" ලෙස යොදාගත්තද වරදක් නැත)
//ඇදුම් වලින් වැඩක් නැ// මේක ගැනනං සෑහෙන්න හිතන් වෙනව.
Deleteඅඩුම ගානෙ අර මෙන්ඩ දුන්න බ්‍රා එකක්වත් නැද්ද?
මේ වගේ සංවාදයක් යන්න මේ දැරිවිගේ පොස්ට් ඒක තෝර ගන්න ඒක ඒච්චර හොද මදි..
Deleteඅපි තුෂාරයගේ හරි, අංකයගේ හරි, කසුපුවගේ හරි පොස්ට් ඒකක් තෝරගෙන මේක ඉදිරියට කරගෙන යමු...
මටත් ඕක හිතුන බං කොමෙන්ට් එක පබිලිස් කොළාට පස්සෙ. මොනව කරන්නද ඉතිං. ආතරය මැකුවොත් වෙන මොනව හරි හිතයි.
Deleteප්‍රසා.........................
Deleteමේලක් දමා අැත බලහං.................
මීට තුෂාර
/
ReplyDeleteසිනහා මල්, සිනහා මල් වට්ටියක්....
කඳුලු පැන්, කඳුලු පැන් කෙන්ඩියක්....
දෝතට ගෙන යා හැකි දුර, ගව් සියයක් වත් වේ නම්......
ප්‍රේමවන්තයෙක් උනාට කමක් නෑ මලේ...
ප්‍රේමවන්තියක් උනාට කමක් නෑ නගේ.....//
පිස්සු හැදෙයි....
ඉසුරිකා ලිව්වොත් ඉතිං එලකිරිම තමයි..
(තුෂාරයයි දනිස් පන නැති අසංකයයි තරහෙන් පුපුරයි ඉතිං.. හැක් හැක්..)
ජ ය වේ වා !!
අඩාේ.....................
Deleteඋඹලාටත් ඉතින් ගෑණු පරානයක් ගෑවුණොත් ඒක පතේ කාගෙන හිටපු අපිත් අමතක වෙනවා නේද????? හිටහංකෝ......... මාෂල්....
තුෂාර
ඉස්තූතියි විදානෙ අයියෙ.........ඔබේ දිරිමත් කිරීම සැමදා අපට අගනේය......
Deleteකිව්වත් වගෙ විදානෙ අයියන්ඩි අහල පහල වෙච්ච කොට හනික ගෙට යන්ට ඉසුරිකා නගා.
Deleteහා හොඳයි ඇනෝ අයියණ්ඩි
Deleteදුන්න දුනුෙගමුවේ...
Deleteඊතල කිතලගමුවේ...
රාල මීගමුවේ...
තිත් තිත් මුවෙක් පැන්නයි සබරගමුවේ
සපරගමුවේ කියලා කියන්නේ බොල....... ඒ කාලේ කිව්ව විදිහ ඒකයි...
Deleteඅනේද කියන්නේ කුරුටු කොහෙද ඒකත් හරියට බැ නෙව
Deleteඔරු පදින එකක් නෙම් ප්‍රසන්න අයියෙ,මට හිතෙන්නෙ ජීවිතේ තියන ප්‍රශ්න අමතක කරලා අලුතින් ජීවිතය පටන් ගන්න කියනවා වගේ....එහෙම නොවුණොත් කවදා හරි ඒ ළමයා ජීවිත සටන පැරදෙයි කියලා කියනවා.
ReplyDeleteඔයා කවියෙන් අදහස් කළේ එහෙම දෙයක්ද ඉසුරි...?
ඔය ප්‍රසන්නයා මෙලෝ විචාරයක් තියෙන යෝදයෙක්යැ..
Deleteඋෟ කියන දේවල් ඒච්චර හිතන්න ඒපා.. අපිටත් පිස්සු හැදෙයි...
හැක්.. හැක්... අන්න බොට තේරුනා.
Delete//අන්න බොට තේරුනා.//
Deleteබෝ යන්නෙන් අදහස් කළේ මාෂල්ද?? අනුත්තරා ගැහැණු දැරිවිද????
එහෙම දෙයක් වෙන්නත් පුලුවන් අනූ...එක එක කෝණවලින් බලන්න ඔයාලට අයිතිය තියෙනව.සමහර විට මං නොහිතපු විදියකට ඔයාලට හිතෙයි,ප්‍රශ්නයක් නෑ....හිතන්න, හිතන්න
Deleteඉස්තූතියි කොමෙන්ටුවට
බෝ යන්නෙන් අදහස් කළේ මාෂලයා බව සලකන්න.
Deleteප්‍රසා මේලක් දමා අැත බලහං........
Deleteකවියට වඩා කතාවක් කියල කවියක් අපූරුයි ඉසුරිකා..
ReplyDeleteඅාන්න ඔහේට තේරුනා...
Deleteවිදානෙද රිප්ලයි බාර ඇමැටි
Deleteඅාන්න ඔහේට තේරුනා...
Deleteතුෂාර
ඉස්තූතියි මහේෂ්......
Deleteගීතවත් බවක් රැඳුණු අර්ථවත් පැදිපෙළක්...
ReplyDeleteජයවේවා!
ඉස්තූතියි වර්ණ ඔබේ දිරිමත් කිරීමට
Deleteහමු වුනොත් වෙන්වී යා යුතුමය. කාලයේ ගමන නිසා හෝ වෙනත් කරුණක් නිසා එය සිදු වෙනවාමය. ඒ බැවින් කාටත් කෙදිනක හෝ තනිවන්නට සිදු වීම අනිවාර්යය. ඒ නිසා, හමු නොවී සිටීම වඩාත් හොඳ ය..
ReplyDeleteරේල් පීලි දෙක වගේ කියන්න මෙයාට අමතක වෙලා.
Deleteමේ ලෝකේ ගියොත් එන්න පුලුවන්
Deleteනොගිහින් හිටියොත් ආපහු එන්න බෑ
ටික කාලයයි තියෙන්නේ අපි හිමින් යන්න ඕනේ
අපි හිමින් ගියොත් පරක්කු වෙන බව ඇත්ත
හෙමින් ගියොත් අඩුපාඩු හදාගෙන හරියට යන්න පුලුවන්
හයියෙන් ගිහින් වැරදුනොත් ආයේ මුල ඉදලම යන්න වෙනවා
ඒක හින්දා හිමින් හරියට යන්න ඕනේ
ලොව තියෙන්නේ යාම සහ ඒම විතරමයි
(මහාචාර්ය දම්මික ගංගානාත් මහතා කල කතාවක මතකෙය් රුදුන ෙකාටසකි)
සුදු පූසෝ................ කෝච්චි යන ඒන ඒක ගැනද කිව්වේ.....
Deleteතුෂාර
ඉස්තූතියි අඟහරුවා, ඉස්තූතියි පූසා ඔබේ කොමෙන්ටුවලට.
Deleteසුදු පූසා කියන අදහස මහාචාර්ය සරත්චන්ද්‍ර 'මළගිය ඇත්තො' නවකතා පොතේත් සඳහන් කරල තිබ්බ වගෙ මතකයි.
මමත් කාලෙකට ඉස්සර අපේ හාමිනේට (ඒ දවස්වල වෙන්ඩ හාමිනේ අෑ) කීව ඔයි වගේම කවියක්. හැබැයි ඒ්කෙ අැතුලෙ තිබුන මතුපිටින් හිතෙනවට වඩා අරුතක්. මං ඒ කවිය මෙතන දැම්මට තරහ නෑනේ..
ReplyDeleteසෙනෙහස අපේ නිම් නැති මහ සයුර වැනි
ඒ සයුරේ පාවෙන මම ඔරුව වෙමී
ඔරුව ගසා රළ පහරේ යන්ට නොදී
රුවල ඔබයි රළ බිඳගෙන ඔරුව පැදී
බෙහොම අගෙයි ඉසුරිකා..
ආ කවි කියල අල්ලගත්ත නේද එයාව??
Deleteබොහොම ඉස්තූතියි තෙලිදිය වාඩිය.....
This comment has been removed by the author.
ReplyDeleteබොහොම ඉස්තූතියි ඉයන්........
Deleteසමාවෙන්න, කාගෙද ඇහුවෙ මොකක්ද?
කවිය වැරදියට තේරිලා දාපු එකක්. ආයි කියවල වෙන කමෙන්ට් එකක් යට.
Deleteලස්සනයි.............
ReplyDeleteබොහොම ඉස්තූතියි අවංක
Deleteදුවේ නුඹ මගෙ ප්‍රාණයයි
ReplyDeleteසැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරිවෙයි
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නෙ ඒ අභිමානයයි
ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
Deleteමේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනිවම හිනාවෙයි...
ඝන කලුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
"ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි..."
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
බොහොම ඉස්තූතියි සින්දු,
Deleteඒ මුල් ම සින්දුවට අපෙ අම්මත් හරි ආසයි
අපූරු කවිය.. තනිවෙන්න වෙන් වෙන්න කාගෙවත් වෙන්න කිව්වම මතක් උනේ.. අපේ උන්දැ කැන්දගෙන ආපු මුලම දවසක රෑ මෙන්න හෝ ගාල අඬනව.. "ගෙදර මතක් උනා සුදූ" කට බෙරි කරගෙන... ගෙදර උදවියත් කියපු නිසා රෑම උන්දැ එක්කගෙන උන්දලගෙ ගෙදර ගියා... නැන්දම්ම යනකොට එලියට ආවෙ ඇස් නලලෙ තියන්... දීගෙ ඉවර වෙලා කියල හිතිල...
ReplyDeleteරෑම ඔ්ක වුණ ඒකයි මට තියන අවුල...... දවාලක මතක් වුණානම් සාමාන්‍ය තත්වයක් හරි කියලා කියන්න තිබුණා...... අනේ මන්දා.....
Deleteතුෂාර
This comment has been removed by the author.
Deleteඒ කියන්නෙ බැඳල තියෙන්නේ ඇලෙක්සැන්ඩර් මහත්තය ටෙලිෆෝන් එක හොයා ගන්න ඉස්සෙල්ල?
Deleteබොහොම ඉස්තූතියි සජ්ජා........
Deleteදුර කථනය කරලා ඒ වෙලාවට වැඩක් නෑ නෙ ඉයන්. ඒ නිසා වෙන්නැති
තුසාරයො... මං කිව්ව කියල හිතාගම්මු... ඉයන්... බැල් මහත්තයගෙ මෙව්ව එකෙන් කතාකොලාට වැඩ වැඩක් උනේ නෑ...
Deleteහරි හිතාගත්තා............
Deleteඅනේ තුසාරයෝ &^%%$* **&^% (*&&^%$) &&^%$$
හරි නේද????
හැක් හැක්... එච්චර දරුණු නෑ බං මං....
Deleteඇත්තමයි නියමයි
ReplyDeleteබොහොම ඉස්තූතියි ඉවාන්
Deleteඉවාන් හොරා.. කියෙව්වෙ නෑ නේද?
Deleteඅපූරු පැදි පෙලක්.
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවෙ. මුලින්ම කියවන්න ලැබුන කුරුටු ගීය වගේම කුරුටු බ්ලොග් එකත් හරි ලස්සනයි.ඇහැට ප්‍රියයි.
අපි නං කීප පාරක් ම ඒ පැත්තේ ගියා..... අපේ සින්ඩියෙත් ඔබේ බ්ලොගය දාලා තියෙනවා..... ඉතින් අප්ඩේට් බල බල ඒ පැත්තට හැකි විට යනවා....
Deleteතුෂාර
බොහොම ඉස්තූතියි සඳ......
Deleteඔබේ අගය කිරීම වටිනව අපට.
ලස්සන කවිය සහ අදහස
ReplyDeleteබොහොම ඉස්තූතියි ඉයන්.......
Deleteආයෙත් කවි ලියන්න ඉසුරි .... ඔයා ලියන ශෛලියට මම ගොඩක් කැමතියි.අමුතු ලස්සනක් තියෙනවා පද ගැලපීම් වල.
ReplyDeleteඅයි ඕල් සෝ..
Deleteමං හිතන්නේ මාෂල්ගේ වචන ටිකක් වෙනස් වෙන්න වෙනවා...
Deleteඅයි ඔ්ල්ඩ් සෝ (මම පරණ ෆිල්ම් ඒකක්) කියලා නේද කියන්න ගියේ.... අපි ඒක දන්නවා.....
තුෂාර
බොහෝම ඉස්තූතියි අනූ...... ගොඩක් ලොකු ප්‍රසංසාවක්,මං හිතට දැනෙන අදහසක් ආවම කවියක් ලියන්නම් හොඳේ....
Deleteවිදානෙ අයියටත් ඉස්තූතියි........
This comment has been removed by the author.
ReplyDeleteලස්සන කවිය, ඉසුරිකා
ReplyDeleteබොහොම ඉස්තූතියි Indika.........
Deleteමේ දවස් ටිකේම කියවන්න ලැබුනු කවි ගීතමය හුරුවක් තියෙනවා. මොකෝ කට්ටියම සෙට් වෙලා සින්දු ලියනව ද? (ඉසුරිකාට රහසින්) අර තුශාරයගෙ, අනුරාදයගෙ, අසංකයගෙ කවි මේ වගේ නෑ. උං ලියන්නෙ කවිද? මෙන්න කවි.
ReplyDeleteකියනව එහෙම නෙවෙයි හරිය?
එහෙම කේලම් කියනවද අනේ අපි....මං ආසයි මගේ කවියක් ගීතයක් වෙනවනම්..කොහෙද ඉතින්,පෙර කළ පින් නැතුවා
Deleteබොහොම ඉස්තූතියි කසුන්
අඩෝ කසුනෝ...............
Delete&^% **&*^% $$@% &^%$ *(&^%$ &^*%
තේරුණා නේද?????
මෙම කමෙන්ටුව පැහැදිලි නැත..කරැණාකර වචන වලින් ප්‍රකාශ කරන්න....හී....
Deleteහයියෝ ඔයාට ඔකවත් තේරැනේ නැද්ද? මෙන්න මේකයි
Delete#^*(^$#@%&*(&%$ (^%#@%&*(^#
#%*&*&^$@
මේක සෙල්ලිපි වලින් හොයාගත්ත ඉතා පැරනි භාෂාවක්.සෙනරත් පරනවිතරණ මහත්තයටත් බැරි වුනා මේක පරිවර්තනය කරගන්න.
Deleteපරිවර්තනය මෙහෙමයි
කුරුටු
අඩෝ කසුනා
උඹට වදින්නම් මචං,කෙල්ලොත් ඉන්න තැන නොන්ඩ් කරන්න එපා බං
මෙන්ඩා
මචං කසුනා,ගල් බෝතලයක් ඉල්ලගෙන වැඩේ ෂේප් කරලා දාපං.
මනෝ.......................
Delete*&^$@% *&$^ *&^% *&^ $%$ @$*& $$% $^$*$
කිව්වා කියලා හිතාගනිං.......
එකෙන්ම සුපිරි :)
ReplyDeleteබොහොම ඉස්තූතියි කලා කොළය....
Deleteඉසුරිකා ලස්සන කවි පොඩිත්තක් ලියලා නොවැ....
ReplyDelete....//තනිවෙන්න සිදුවේ ය නුඹටත්//....
අපි හැමෝටම එහෙම තමයි නේද ?.
අත්තාහි අත්තනෝ නත්ථි - තමාට තමාවත් නැත..
ඔව් මනෝ..
Deleteඉස්තූතියි මනෝ......
එල ද බ්‍රා
ReplyDeleteකතාවක් ලියපන්කෝ..
ලියන්න ඉන්නේ....... නම කියන්නද???
Deleteමෙන්ඩා සහ කොම්පැණිය
"නුඹ රැඳෙන්නේ යෙහෙන් මිහි පිට
ReplyDeleteකාගෙ හෝ වෙන නිසා තවමත්....
නමුදු සිහියට නගන් දියණිය
තනිවෙන්න සිදුවේ ය නුඹටත්...."
මෙතනින් මිදිල
“තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි(නැගනිය) කොන්ත ගන්තොටින්“
ඉසුරුමත් නිමැවුමක් ඉසුරිකා
බොහොම ඉස්තූතියි සාරිකා.... අපි සැවොම පියාසර කරමු
Deleteහරිම ලස්සනයි!
ReplyDeleteබොහොම ඉස්තූතියි බස්සී......
Delete