Sunday, November 15, 2015

කඳුළු හංගන දෙනෙත් අභියස......


කඳුළු හංගන දෙනෙත් අභියස
මතකයට නැගුනා ද කිසිවක්....
ජීවිතේ බර වුනත් දියණිය
ඔරුව මුවදොර බලා පැදපං....

වෙඬරු පිඩ සේ සැනින් උණුවන....
සිත් පොඩිය රිදුනාට ඉඳහිට
ලෝකයෙම බර වැටේ හිස මත....
දරාගන්නට වේ ය නුඹහට

නුඹ රැඳෙන්නේ යෙහෙන් මිහි පිට
කාගෙ හෝ වෙන නිසා තවමත්....
නමුදු සිහියට නගන් දියණිය
තනිවෙන්න සිදුවේ ය නුඹටත්....


ඉසුරිකා උත්පලානී


.

85 comments:

  1. ජීවිතේ බර වුනත් දියණිය
    ඔරුව මුවදොර බලා පැදපං....

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි බ්ලොග් පොස්ට්

      Delete
  2. මොකද හදිස්සියෙ ඔරු පදින්න මතක් උනේ. ගංවතුරටවත් යට උනාද?

    ReplyDelete
    Replies

    1. ඔරු පදින්න පහල ගඟට එන්න යන්න මාලි
      මන් බොරු කරන්නේ නැනේ ඔබට ඇත්තයි මගේ මාලි
      සරු දිවියක රස බලන්න කාලේ ලඟයි මාලි
      පේරු රත්තරන් වාගේ අපේ ආදරේ මාලි
      මා ප්‍රිය මාලි මා ලදී මාලි අදර මාලි
      ඔයා මගේම මාලි ...

      ගෙලට මාල අතට වළලු ඔබට ඕන නැ
      කනට තෝඩු පයට ගිගිරි කිසිම පලක් නැ
      හදට රුවට අමුතු ඇදුම් වලින් වැඩක් නැ
      ඔබ ඇති නිවසට පහනක් ඕනා වෙන්නේ නැ
      නැ .. නැ ඕන වෙන්නේ නැ ..

      අහස ගැබේ හඳ හැංගිලා ඉඳලා පලක් නැ
      දහස් ගණන් තරු තිබුනත් ආලෝකය නැ
      මිනිස් ලොවේ සතුට සැපත ඔබ නැති තැන නැ
      මාලි ඔයා ඇති තැන මට කිසි අඳුරක් නෑ
      නෑ ..නෑ ..කිසි අඳුරක් නෑ

      (මෙහි "මාලි" ලෙස සඳහන් තැන් වලට "ඉසුරි" ලෙස යොදාගත්තද වරදක් නැත)

      Delete
    2. //ඇදුම් වලින් වැඩක් නැ// මේක ගැනනං සෑහෙන්න හිතන් වෙනව.
      අඩුම ගානෙ අර මෙන්ඩ දුන්න බ්‍රා එකක්වත් නැද්ද?

      Delete
    3. මේ වගේ සංවාදයක් යන්න මේ දැරිවිගේ පොස්ට් ඒක තෝර ගන්න ඒක ඒච්චර හොද මදි..
      අපි තුෂාරයගේ හරි, අංකයගේ හරි, කසුපුවගේ හරි පොස්ට් ඒකක් තෝරගෙන මේක ඉදිරියට කරගෙන යමු...

      Delete
    4. මටත් ඕක හිතුන බං කොමෙන්ට් එක පබිලිස් කොළාට පස්සෙ. මොනව කරන්නද ඉතිං. ආතරය මැකුවොත් වෙන මොනව හරි හිතයි.

      Delete
    5. ප්‍රසා.........................

      මේලක් දමා අැත බලහං.................

      මීට තුෂාර

      Delete
  3. /
    සිනහා මල්, සිනහා මල් වට්ටියක්....
    කඳුලු පැන්, කඳුලු පැන් කෙන්ඩියක්....
    දෝතට ගෙන යා හැකි දුර, ගව් සියයක් වත් වේ නම්......
    ප්‍රේමවන්තයෙක් උනාට කමක් නෑ මලේ...
    ප්‍රේමවන්තියක් උනාට කමක් නෑ නගේ.....//

    පිස්සු හැදෙයි....

    ඉසුරිකා ලිව්වොත් ඉතිං එලකිරිම තමයි..
    (තුෂාරයයි දනිස් පන නැති අසංකයයි තරහෙන් පුපුරයි ඉතිං.. හැක් හැක්..)

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අඩාේ.....................

      උඹලාටත් ඉතින් ගෑණු පරානයක් ගෑවුණොත් ඒක පතේ කාගෙන හිටපු අපිත් අමතක වෙනවා නේද????? හිටහංකෝ......... මාෂල්....

      තුෂාර

      Delete
    2. ඉස්තූතියි විදානෙ අයියෙ.........ඔබේ දිරිමත් කිරීම සැමදා අපට අගනේය......

      Delete
    3. කිව්වත් වගෙ විදානෙ අයියන්ඩි අහල පහල වෙච්ච කොට හනික ගෙට යන්ට ඉසුරිකා නගා.

      Delete
    4. හා හොඳයි ඇනෝ අයියණ්ඩි

      Delete
    5. දුන්න දුනුෙගමුවේ...
      ඊතල කිතලගමුවේ...
      රාල මීගමුවේ...
      තිත් තිත් මුවෙක් පැන්නයි සබරගමුවේ

      Delete
    6. සපරගමුවේ කියලා කියන්නේ බොල....... ඒ කාලේ කිව්ව විදිහ ඒකයි...

      Delete
    7. අනේද කියන්නේ කුරුටු කොහෙද ඒකත් හරියට බැ නෙව

      Delete
  4. ඔරු පදින එකක් නෙම් ප්‍රසන්න අයියෙ,මට හිතෙන්නෙ ජීවිතේ තියන ප්‍රශ්න අමතක කරලා අලුතින් ජීවිතය පටන් ගන්න කියනවා වගේ....එහෙම නොවුණොත් කවදා හරි ඒ ළමයා ජීවිත සටන පැරදෙයි කියලා කියනවා.
    ඔයා කවියෙන් අදහස් කළේ එහෙම දෙයක්ද ඉසුරි...?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රසන්නයා මෙලෝ විචාරයක් තියෙන යෝදයෙක්යැ..
      උෟ කියන දේවල් ඒච්චර හිතන්න ඒපා.. අපිටත් පිස්සු හැදෙයි...

      Delete
    2. හැක්.. හැක්... අන්න බොට තේරුනා.

      Delete
    3. //අන්න බොට තේරුනා.//

      බෝ යන්නෙන් අදහස් කළේ මාෂල්ද?? අනුත්තරා ගැහැණු දැරිවිද????

      Delete
    4. එහෙම දෙයක් වෙන්නත් පුලුවන් අනූ...එක එක කෝණවලින් බලන්න ඔයාලට අයිතිය තියෙනව.සමහර විට මං නොහිතපු විදියකට ඔයාලට හිතෙයි,ප්‍රශ්නයක් නෑ....හිතන්න, හිතන්න

      ඉස්තූතියි කොමෙන්ටුවට

      Delete
    5. බෝ යන්නෙන් අදහස් කළේ මාෂලයා බව සලකන්න.

      Delete
    6. ප්‍රසා මේලක් දමා අැත බලහං........

      Delete
  5. කවියට වඩා කතාවක් කියල කවියක් අපූරුයි ඉසුරිකා..

    ReplyDelete
    Replies
    1. අාන්න ඔහේට තේරුනා...

      Delete
    2. විදානෙද රිප්ලයි බාර ඇමැටි

      Delete
    3. අාන්න ඔහේට තේරුනා...

      තුෂාර

      Delete
    4. ඉස්තූතියි මහේෂ්......

      Delete
  6. ගීතවත් බවක් රැඳුණු අර්ථවත් පැදිපෙළක්...
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි වර්ණ ඔබේ දිරිමත් කිරීමට

      Delete
  7. හමු වුනොත් වෙන්වී යා යුතුමය. කාලයේ ගමන නිසා හෝ වෙනත් කරුණක් නිසා එය සිදු වෙනවාමය. ඒ බැවින් කාටත් කෙදිනක හෝ තනිවන්නට සිදු වීම අනිවාර්යය. ඒ නිසා, හමු නොවී සිටීම වඩාත් හොඳ ය..

    ReplyDelete
    Replies
    1. රේල් පීලි දෙක වගේ කියන්න මෙයාට අමතක වෙලා.

      Delete
    2. මේ ලෝකේ ගියොත් එන්න පුලුවන්
      නොගිහින් හිටියොත් ආපහු එන්න බෑ
      ටික කාලයයි තියෙන්නේ අපි හිමින් යන්න ඕනේ
      අපි හිමින් ගියොත් පරක්කු වෙන බව ඇත්ත
      හෙමින් ගියොත් අඩුපාඩු හදාගෙන හරියට යන්න පුලුවන්
      හයියෙන් ගිහින් වැරදුනොත් ආයේ මුල ඉදලම යන්න වෙනවා
      ඒක හින්දා හිමින් හරියට යන්න ඕනේ
      ලොව තියෙන්නේ යාම සහ ඒම විතරමයි
      (මහාචාර්ය දම්මික ගංගානාත් මහතා කල කතාවක මතකෙය් රුදුන ෙකාටසකි)

      Delete
    3. සුදු පූසෝ................ කෝච්චි යන ඒන ඒක ගැනද කිව්වේ.....

      තුෂාර

      Delete
    4. ඉස්තූතියි අඟහරුවා, ඉස්තූතියි පූසා ඔබේ කොමෙන්ටුවලට.
      සුදු පූසා කියන අදහස මහාචාර්ය සරත්චන්ද්‍ර 'මළගිය ඇත්තො' නවකතා පොතේත් සඳහන් කරල තිබ්බ වගෙ මතකයි.

      Delete
  8. මමත් කාලෙකට ඉස්සර අපේ හාමිනේට (ඒ දවස්වල වෙන්ඩ හාමිනේ අෑ) කීව ඔයි වගේම කවියක්. හැබැයි ඒ්කෙ අැතුලෙ තිබුන මතුපිටින් හිතෙනවට වඩා අරුතක්. මං ඒ කවිය මෙතන දැම්මට තරහ නෑනේ..

    සෙනෙහස අපේ නිම් නැති මහ සයුර වැනි
    ඒ සයුරේ පාවෙන මම ඔරුව වෙමී
    ඔරුව ගසා රළ පහරේ යන්ට නොදී
    රුවල ඔබයි රළ බිඳගෙන ඔරුව පැදී

    බෙහොම අගෙයි ඉසුරිකා..

    ReplyDelete
    Replies
    1. ආ කවි කියල අල්ලගත්ත නේද එයාව??
      බොහොම ඉස්තූතියි තෙලිදිය වාඩිය.....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි ඉයන්........
      සමාවෙන්න, කාගෙද ඇහුවෙ මොකක්ද?

      Delete
    2. කවිය වැරදියට තේරිලා දාපු එකක්. ආයි කියවල වෙන කමෙන්ට් එකක් යට.

      Delete
  10. Replies
    1. බොහොම ඉස්තූතියි අවංක

      Delete
  11. දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
    සනුහරේ අභිමානයයි

    මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි

    අප මී මුතුන් මිත්තන් එදා
    සිය ලේ කඳුළු දහදිය පුදා
    පරපුරෙන් පරපුරට රැගෙන ආ
    ඒ ගෞරවය මගෙ දුව තමා
    නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
    ගෙනියන්නෙ ඒ අභිමානයයි

    ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
      මේ රැයේ මිහිරිම වෙලාවයි
      දොර ඇරන් එළියට ආවොතින්
      මේ මිහිරි දේවල් ඔබට මයි


      සේපාලිකා මල් බිමට බැහැලා
      ඇවිදින්න යන වෙලාවයි
      නිල් තාරකා බිම බලාගෙන
      වැව් දියට පෙම් බැඳි වෙලාවයි
      මේ පොළෙව කොතරම් සුන්දරද
      මගෙ දූ තනිවම හිනාවෙයි...

      ඝන කලුවරට අප පෙම් කළොත්
      ඉර හඳ තරුවලට ණය ගැතියි
      ලොව දුන්න දේවල් අද අපට
      හෙට ලොවට පෙරළා දිය යුතුයි
      "ඔබ මේ ලොවට ආදරේ නම්
      මුලු ලොවම ඔබටත් ආදරෙයි..."

      ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

      Delete
    2. බොහොම ඉස්තූතියි සින්දු,
      ඒ මුල් ම සින්දුවට අපෙ අම්මත් හරි ආසයි

      Delete
  12. අපූරු කවිය.. තනිවෙන්න වෙන් වෙන්න කාගෙවත් වෙන්න කිව්වම මතක් උනේ.. අපේ උන්දැ කැන්දගෙන ආපු මුලම දවසක රෑ මෙන්න හෝ ගාල අඬනව.. "ගෙදර මතක් උනා සුදූ" කට බෙරි කරගෙන... ගෙදර උදවියත් කියපු නිසා රෑම උන්දැ එක්කගෙන උන්දලගෙ ගෙදර ගියා... නැන්දම්ම යනකොට එලියට ආවෙ ඇස් නලලෙ තියන්... දීගෙ ඉවර වෙලා කියල හිතිල...

    ReplyDelete
    Replies
    1. රෑම ඔ්ක වුණ ඒකයි මට තියන අවුල...... දවාලක මතක් වුණානම් සාමාන්‍ය තත්වයක් හරි කියලා කියන්න තිබුණා...... අනේ මන්දා.....

      තුෂාර

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ කියන්නෙ බැඳල තියෙන්නේ ඇලෙක්සැන්ඩර් මහත්තය ටෙලිෆෝන් එක හොයා ගන්න ඉස්සෙල්ල?

      Delete
    4. බොහොම ඉස්තූතියි සජ්ජා........

      දුර කථනය කරලා ඒ වෙලාවට වැඩක් නෑ නෙ ඉයන්. ඒ නිසා වෙන්නැති

      Delete
    5. තුසාරයො... මං කිව්ව කියල හිතාගම්මු... ඉයන්... බැල් මහත්තයගෙ මෙව්ව එකෙන් කතාකොලාට වැඩ වැඩක් උනේ නෑ...

      Delete
    6. හරි හිතාගත්තා............

      අනේ තුසාරයෝ &^%%$* **&^% (*&&^%$) &&^%$$

      හරි නේද????

      Delete
    7. හැක් හැක්... එච්චර දරුණු නෑ බං මං....

      Delete
  13. Replies
    1. බොහොම ඉස්තූතියි ඉවාන්

      Delete
    2. ඉවාන් හොරා.. කියෙව්වෙ නෑ නේද?

      Delete
  14. අපූරු පැදි පෙලක්.
    අදමයි මේ පැත්තෙ ආවෙ. මුලින්ම කියවන්න ලැබුන කුරුටු ගීය වගේම කුරුටු බ්ලොග් එකත් හරි ලස්සනයි.ඇහැට ප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. අපි නං කීප පාරක් ම ඒ පැත්තේ ගියා..... අපේ සින්ඩියෙත් ඔබේ බ්ලොගය දාලා තියෙනවා..... ඉතින් අප්ඩේට් බල බල ඒ පැත්තට හැකි විට යනවා....

      තුෂාර

      Delete
    2. බොහොම ඉස්තූතියි සඳ......

      ඔබේ අගය කිරීම වටිනව අපට.

      Delete
  15. ලස්සන කවිය සහ අදහස

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි ඉයන්.......

      Delete
  16. ආයෙත් කවි ලියන්න ඉසුරි .... ඔයා ලියන ශෛලියට මම ගොඩක් කැමතියි.අමුතු ලස්සනක් තියෙනවා පද ගැලපීම් වල.

    ReplyDelete
    Replies
    1. අයි ඕල් සෝ..

      Delete
    2. මං හිතන්නේ මාෂල්ගේ වචන ටිකක් වෙනස් වෙන්න වෙනවා...

      අයි ඔ්ල්ඩ් සෝ (මම පරණ ෆිල්ම් ඒකක්) කියලා නේද කියන්න ගියේ.... අපි ඒක දන්නවා.....

      තුෂාර

      Delete
    3. බොහෝම ඉස්තූතියි අනූ...... ගොඩක් ලොකු ප්‍රසංසාවක්,මං හිතට දැනෙන අදහසක් ආවම කවියක් ලියන්නම් හොඳේ....

      විදානෙ අයියටත් ඉස්තූතියි........

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ලස්සන කවිය, ඉසුරිකා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි Indika.........

      Delete
  19. මේ දවස් ටිකේම කියවන්න ලැබුනු කවි ගීතමය හුරුවක් තියෙනවා. මොකෝ කට්ටියම සෙට් වෙලා සින්දු ලියනව ද? (ඉසුරිකාට රහසින්) අර තුශාරයගෙ, අනුරාදයගෙ, අසංකයගෙ කවි මේ වගේ නෑ. උං ලියන්නෙ කවිද? මෙන්න කවි.
    කියනව එහෙම නෙවෙයි හරිය?

    ReplyDelete
    Replies
    1. එහෙම කේලම් කියනවද අනේ අපි....මං ආසයි මගේ කවියක් ගීතයක් වෙනවනම්..කොහෙද ඉතින්,පෙර කළ පින් නැතුවා

      බොහොම ඉස්තූතියි කසුන්

      Delete
    2. අඩෝ කසුනෝ...............

      &^% **&*^% $$@% &^%$ *(&^%$ &^*%

      තේරුණා නේද?????

      Delete
    3. මෙම කමෙන්ටුව පැහැදිලි නැත..කරැණාකර වචන වලින් ප්‍රකාශ කරන්න....හී....

      Delete
    4. හයියෝ ඔයාට ඔකවත් තේරැනේ නැද්ද? මෙන්න මේකයි
      #^*(^$#@%&*(&%$ (^%#@%&*(^#
      #%*&*&^$@

      Delete
    5. මේක සෙල්ලිපි වලින් හොයාගත්ත ඉතා පැරනි භාෂාවක්.සෙනරත් පරනවිතරණ මහත්තයටත් බැරි වුනා මේක පරිවර්තනය කරගන්න.
      පරිවර්තනය මෙහෙමයි

      කුරුටු
      අඩෝ කසුනා
      උඹට වදින්නම් මචං,කෙල්ලොත් ඉන්න තැන නොන්ඩ් කරන්න එපා බං

      මෙන්ඩා
      මචං කසුනා,ගල් බෝතලයක් ඉල්ලගෙන වැඩේ ෂේප් කරලා දාපං.

      Delete
    6. මනෝ.......................

      *&^$@% *&$^ *&^% *&^ $%$ @$*& $$% $^$*$

      කිව්වා කියලා හිතාගනිං.......

      Delete
  20. එකෙන්ම සුපිරි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි කලා කොළය....

      Delete
  21. ඉසුරිකා ලස්සන කවි පොඩිත්තක් ලියලා නොවැ....

    ....//තනිවෙන්න සිදුවේ ය නුඹටත්//....

    අපි හැමෝටම එහෙම තමයි නේද ?.
    අත්තාහි අත්තනෝ නත්ථි - තමාට තමාවත් නැත..

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ..

      ඉස්තූතියි මනෝ......

      Delete
  22. එල ද බ්‍රා
    කතාවක් ලියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. ලියන්න ඉන්නේ....... නම කියන්නද???

      මෙන්ඩා සහ කොම්පැණිය

      Delete
  23. "නුඹ රැඳෙන්නේ යෙහෙන් මිහි පිට
    කාගෙ හෝ වෙන නිසා තවමත්....
    නමුදු සිහියට නගන් දියණිය
    තනිවෙන්න සිදුවේ ය නුඹටත්...."
    මෙතනින් මිදිල
    “තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
    කරව පියාසර සකි(නැගනිය) කොන්ත ගන්තොටින්“
    ඉසුරුමත් නිමැවුමක් ඉසුරිකා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි සාරිකා.... අපි සැවොම පියාසර කරමු

      Delete
  24. Replies
    1. බොහොම ඉස්තූතියි බස්සී......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...