ඔබයි හිමියනි අපේ කාලේ
මහ කසුප් තෙරණෝ...........................
වනේ සිට වැඩලා
දහම් හඩ නගලා
සාසනේ පිරිසිදු කළා මෙන්
මේ බිමට පහණක් වුණා.......
ඔබයි හිමියනි අපේ කාලේ
අනඳ මහ තෙරණෝ...........................
කල්පයක් බලලා
දස පෙරුම් පුරලා
කලින් දා අරහත් වුණා මෙන්
ඔබේ යුතුකම ඉටුකළා.......
ඔබයි හිමියනි ලොවක් පතනා
මෙතේ බුදු රජිඳෝ...........................
මෝහ දුක දුරලා
ඝණ අඳුර මකලා
සිත් සතන් සුවපත් කරන් නන්
දනන් නිවනට කැඳවනා.......
කුගෑගීප
.
උන්වහන්සේට මගේද නමස්කාරය වේවා.
ReplyDeleteඅපිට අහිමි වුණ සැබෑ හිමිනමක්..
Deleteඅනිවාර්‍යෙන් කුරුට්ටෝ.... සුභ ගමන් හිමියනි.... ඔබවහන්සේ සුදුසු මහණ කමට නොව ගිහියන් අතර හිද ජනතාවට සේවය කිරීමටය... ඒ වෙනුවෙන් නැවත එන්න...
ReplyDeleteබොහෝ දෙනෙක් විවිධ විදිහට දකිනවා... පහුගිය කාලේ නම් සැබෑ ජනතා සේවයක් කරා තමා.....
Deleteසර්වබලධාරී උත්තමයන්ට කත් ඇද කාර් පර්මිට් සමඟ සුඛ විහරණය පැතු හිමිවරුන් බහුල රටේ කිසිදු මුරණ්ඩු රජයකට පාවඩ නොදැමූ හිමියනි, හැමදාම බලය නැති පැත්තට උරදී හදිසියේ යන්න ගියේ ඔබගේ හඬ අවශ්‍යම අවස්ථාව අවසන් වුනා කියාද?
ReplyDeleteඅැත්ත මේ සැබෑ ස්වාමීන් වහන්සේ කෙනෙක්..... ඉටු කළ සාශනික සේවාව අතිමහත්.. ඉන් නොනැවතී ඉටු කළ සමාජ වගකීම ඊටත් වැඩියි........
Deleteතමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිමින් හඩක් නැගු අපේ කාලයේ යතිවරයානන් වහන්සේ නමක්. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...
ReplyDeleteඅපේ ප්‍රාර්ථනයත් ඒකම තමා අපි..............
Deleteබලාපොරොත්තු නොවුනු දෙයක්...
ReplyDeleteඋන් වහන්සේට නිවන් සුව පතමු !!!
අැත්ත විදානේ........
Deleteමෙවැනි බුද්ධිමතුන්ගේ සේවය සමාජයට සැමදා අවශ්‍ය වෙනවා.... ඒ අඩුව සැබෑ මිනිසෙකු විසින් පිරවිය යුතුයි දැන්????
හිමියනි ඔබට නුදුරු මතු භවයකදීම නිවන් අවබෝධ වේවායි පතමු!
ReplyDeleteජයවේ කුගෑගීප!
මේ අාත්මෙදී පුරපු පින් ඊට හේතු වේවි....
Deleteදේශපාලනයට ආවා කියලා අපි මොනතරම් බැන්නත් උන්වහන්සේටත් දෙන දෙයක් වලදලා මේ රටට ඕන දෙයක් වුනාදෙන් කියලා පැත්තකට වෙලා ඉන්න තිබුනා.නමුත් උන් වහන්සේ නිහඩව නොසිට අවශය තැනදි කතා කලා.ඒ නිසාමයි අපි හැමෝ බැන්නේ කාලා නිනම් ඉන්න බෑ කියලා.ඇත්තෙන්ම කාලා මිනිස්සු නැලවෙන පුජා තියලා බොරු සිල්පෙන්නලා රැවැට්ටුවනම් මිනිස්සු වදින්නේ පෙරලි පෙරලි.අපි නිසා කතා කරලා අපෙන්ම බැනුම් ඇහුවා.
ReplyDeleteඋන්වහන්සේට නිවන් සුව...!!!
දේශපාලනික සමාජ වගකීම හදුනාගත්තා....
Deleteඋන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteඔව් දිනේෂ්... මේක දරාගන්න බැරි තරම් අහිමිවීමක්..
Deleteunvahanseta subha gaman. nelum yaye ada damma.
ReplyDeleteඋන් වහන්සේට කරන්න හැකි දේ අපි කවියෙන් ලියුවා....
Deleteඋන්වහන්සේට නිවන් සුව...!!
ReplyDeleteඅපේ පැතුමත් ඒකයි ශානු....
Deleteඔබ තුමාට නිවන් සුව පතමි
ReplyDeleteඔබතුමාට නිවන් සුව කීවම පෝස්ට් එක දැම්ම කුරුටුට නිවන් සුව පැතුවා වගේ දැනෙන්නේ...
Deleteඅනේ අපි තාම ජීවත් වෙනවෝ............
Deleteමනෝටත් පේන දේවල් නේද නිහඩ.....
අවසාන කොටස හා එකඟ වෙන්න නම් බෑ..
ReplyDeleteඒක තමා මාතා විසම්මුතිය කියන්නේ... අපෙන් තරහකුත් නැහැ බාධාවකුත් නැහැ..... අපි උන්වහන්සේට නිවන් සුව පතමු.....
Deleteමාතලන් කියන්න වගේ අවසාන කොටසට එකග වෙන්න බැරි උනත්, තුන් කල් දැක්ක හිමි නමක්.
ReplyDeleteඔව් කම්..............
Deleteඒකයි මේ සමාජයට අවශ්‍ය වෙන්නේ...
සෝභිත හාමුදුරුවන්ට නිවන් සුව
ReplyDeleteඅපේ පැතුමත් ඒයයි...
Deleteරටක් සනහාලන්ට වෙහෙසව - කටක් අැරලා රුවන්මය සොඳ
ReplyDeleteමගක් නොමැතිව උකටලීවම - වැතිර හිඳි ලක් දනන් වෙත ඔබ
සඳක් මෙන් ගණ අන්ධකාරෙට - විහිදුවා ඒ් නැණ පහන් සිල
සිතක් අැති සැම දෙනෙත් තෙත් කොට - හිමියනේ ඔබ සැතපුනා වෙද
සෝභිත හිමියනේ, ඔබට අජරාමර නිවන් සුවම ලැබේවා!
අගෙයි තෙලිදිය........ සෝම හිමියන්ට ගෞරව කරපු විදිහ අගෙයි
Deleteසජ්ජා ගේ කොමෙන්ටෙකේ මේ කෑල්ලට හිත ගියා.. //ඔබවහන්සේ සුදුසු මහණ කමට නොව ගිහියන් අතර හිද ජනතාවට සේවය කිරීමටය...//
ReplyDeleteකමියා........................ ඒ තමයි සැබෑ අමාජ අවශ්‍යතාවය.....
Deleteඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!
ReplyDeleteඅපේ පැතුමත් ඒකයි අවංක........
Deleteනිවන් සුව අත්වේවා කියල තමයි ඉතිං මටත් කියන්න තියන්නේ. ආ ලංකාදීපේ ආටිකල් එක නැති වෙයි..
ReplyDeleteඔව් ඔව් අගහරුවෝ........
Deleteදැන් ඒ හිස්තැන ඒවැනි ම සැබෑ මිනිසෙකු විසින් පිරවිය යුතුයි....
දේශපාලනය මොකක් වුණත් හාමුදුරුවෝ සමාජයට ලොකු සේවයක් කළා
ReplyDelete"සාසනේ පිරිසිදු කළා මෙන්
මේ බිමට පහනක් වුණා "
ඒ වචන ටික නම් හරියට හිතට දැනුනා.
අැත්ත..........
Deleteහාමුදුරුවෝ කරපු ශාසනික සේවයට වැඩියෙන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණේ සමාජය කාර්යය..... ඒ විදිහට ම හාමුදුරුවෝ විසින් කරපු සමාජමය කාර්යයද ඉතා විශාලයි..... අැත්තට ම අපේ රටට පහණක් වුණා......
ඔබ අපට අවශ්‍යම මොහතක ඔබ නික්ම ගියා..
ReplyDeleteඅැත්ත මෙන්ඩා.... ඒ අඩුව රටටම දැනේවි...
Deleteදුක් විදින දනන් හට
ReplyDeleteමෙත් පතල කුමටද
දුක තාම එතනමයි
හිමිටත් වැටහුනයි
ඇත්ත්තටත් බොරුවටත්
රජුනුත් දෙකට නැවෙත්
සිවුරක බව බලවත්
හිමි මැනවින් දැනගත්
බල කාමයට බල පෙරලියෙන්
බල ලෝබයට බල වාදයෙන්
හිමි කල බල පෙරලියෙන්
සමාජය දැල්වුනිද යහපතින්
හිමි මග ගෙනත් නිවනක් නොසොයා
සිහින දුටු යහපත් සමාජයක් සොයා
පෙටු පාරමිතාවන් වෙහෙසින් මැඩු නිසා
අපවත් වුනිද හිමියනි ඔබ නිවන සොයා
හිමියනි ඔබට නිවන් සුව.
නිවන් සුව පැතූ විදිහ අගෙයි......
Deleteඅපිත් හාමුදුරුවන්ට නිවන් සුව පතන්නට ඒක්වන්නෙමු.......
ඔබයි හිමියනි ලොවක් පතනා
ReplyDeleteමෙතේ බුදු රජිඳෝ...........................
මෝහ දුක දුරලා
ඝණ අඳුර මකලා
සිත් සතන් සුවපත් කරන් නන්
දනන් නිවනට කැඳවනා.......
මේකට මම නං කැමතියි. භික්ෂුවක් විදියට නොවුනත් නිවැරදි දේ වෙනුවෙන් මනුෂ්‍යයෙක් විදියට පෙනීසිටින්න බැරි කෙනෙකුට බුදු වෙන්න බැහැ. ඒ අර්ථයෙන් මේක අවුලක් නෑ.