Sunday, November 8, 2015

ඔබයි හිමියනි ලොවක් පතනා මෙතේ බුදු රජිඳෝ..............



ඔබයි හිමියනි අපේ කාලේ
මහ කසුප් තෙරණෝ...........................
වනේ සිට වැඩලා
දහම් හඩ නගලා
සාසනේ පිරිසිදු කළා මෙන්
මේ බිමට පහණක් වුණා.......

ඔබයි හිමියනි අපේ කාලේ
අනඳ මහ තෙරණෝ...........................
කල්පයක් බලලා
දස පෙරුම් පුරලා
කලින් දා අරහත් වුණා මෙන්
ඔබේ යුතුකම ඉටුකළා.......

ඔබයි හිමියනි ලොවක් පතනා
මෙතේ බුදු රජිඳෝ...........................
මෝහ දුක දුරලා
ඝණ අඳුර මකලා
සිත් සතන් සුවපත් කරන් නන්
දනන් නිවනට කැඳවනා.......



කුගෑගීප


.

44 comments:

  1. උන්වහන්සේට මගේද නමස්කාරය වේවා.

    ReplyDelete
    Replies
    1. අපිට අහිමි වුණ සැබෑ හිමිනමක්..

      Delete
  2. අනිවාර්‍යෙන් කුරුට්ටෝ.... සුභ ගමන් හිමියනි.... ඔබවහන්සේ සුදුසු මහණ කමට නොව ගිහියන් අතර හිද ජනතාවට සේවය කිරීමටය... ඒ වෙනුවෙන් නැවත එන්න...

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් විවිධ විදිහට දකිනවා... පහුගිය කාලේ නම් සැබෑ ජනතා සේවයක් කරා තමා.....

      Delete
  3. සර්වබලධාරී උත්තමයන්ට කත් ඇද කාර් පර්මිට් සමඟ සුඛ විහරණය පැතු හිමිවරුන් බහුල රටේ කිසිදු මුරණ්ඩු රජයකට පාවඩ නොදැමූ හිමියනි, හැමදාම බලය නැති පැත්තට උරදී හදිසියේ යන්න ගියේ ඔබගේ හඬ අවශ්‍යම අවස්ථාව අවසන් වුනා කියාද?

    ReplyDelete
    Replies
    1. අැත්ත මේ සැබෑ ස්වාමීන් වහන්සේ කෙනෙක්..... ඉටු කළ සාශනික සේවාව අතිමහත්.. ඉන් නොනැවතී ඉටු කළ සමාජ වගකීම ඊටත් වැඩියි........

      Delete
  4. තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිමින් හඩක් නැගු අපේ කාලයේ යතිවරයානන් වහන්සේ නමක්. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා...

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රාර්ථනයත් ඒකම තමා අපි..............

      Delete
  5. බලාපොරොත්තු නොවුනු දෙයක්...
    උන් වහන්සේට නිවන් සුව පතමු !!!

    ReplyDelete
    Replies
    1. අැත්ත විදානේ........

      මෙවැනි බුද්ධිමතුන්ගේ සේවය සමාජයට සැමදා අවශ්‍ය වෙනවා.... ඒ අඩුව සැබෑ මිනිසෙකු විසින් පිරවිය යුතුයි දැන්????

      Delete
  6. හිමියනි ඔබට නුදුරු මතු භවයකදීම නිවන් අවබෝධ වේවායි පතමු!


    ජයවේ කුගෑගීප!

    ReplyDelete
    Replies
    1. මේ අාත්මෙදී පුරපු පින් ඊට හේතු වේවි....

      Delete
  7. දේශපාලනයට ආවා කියලා අපි මොනතරම් බැන්නත් උන්වහන්සේටත් දෙන දෙයක් වලදලා මේ රටට ඕන දෙයක් වුනාදෙන් කියලා පැත්තකට වෙලා ඉන්න තිබුනා.නමුත් උන් වහන්සේ නිහඩව නොසිට අවශය තැනදි කතා කලා.ඒ නිසාමයි අපි හැමෝ බැන්නේ කාලා නිනම් ඉන්න බෑ කියලා.ඇත්තෙන්ම කාලා මිනිස්සු නැලවෙන පුජා තියලා බොරු සිල්පෙන්නලා රැවැට්ටුවනම් මිනිස්සු වදින්නේ පෙරලි පෙරලි.අපි නිසා කතා කරලා අපෙන්ම බැනුම් ඇහුවා.

    උන්වහන්සේට නිවන් සුව...!!!

    ReplyDelete
    Replies
    1. දේශපාලනික සමාජ වගකීම හදුනාගත්තා....

      Delete
  8. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්... මේක දරාගන්න බැරි තරම් අහිමිවීමක්..

      Delete
  9. unvahanseta subha gaman. nelum yaye ada damma.

    ReplyDelete
    Replies
    1. උන් වහන්සේට කරන්න හැකි දේ අපි කවියෙන් ලියුවා....

      Delete
  10. උන්වහන්සේට නිවන් සුව...!!

    ReplyDelete
    Replies
    1. අපේ පැතුමත් ඒකයි ශානු....

      Delete
  11. ඔබ තුමාට නිවන් සුව පතමි

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට නිවන් සුව කීවම පෝස්ට් එක දැම්ම කුරුටුට නිවන් සුව පැතුවා වගේ දැනෙන්නේ...

      Delete
    2. අනේ අපි තාම ජීවත් වෙනවෝ............

      මනෝටත් පේන දේවල් නේද නිහඩ.....

      Delete
  12. අවසාන කොටස හා එකඟ වෙන්න නම් බෑ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාතා විසම්මුතිය කියන්නේ... අපෙන් තරහකුත් නැහැ බාධාවකුත් නැහැ..... අපි උන්වහන්සේට නිවන් සුව පතමු.....

      Delete
  13. මාතලන් කියන්න වගේ අවසාන කොටසට එකග වෙන්න බැරි උනත්, තුන් කල් දැක්ක හිමි නමක්.

    ReplyDelete
    Replies
    1. ඔව් කම්..............

      ඒකයි මේ සමාජයට අවශ්‍ය වෙන්නේ...

      Delete
  14. සෝභිත හාමුදුරුවන්ට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. අපේ පැතුමත් ඒයයි...

      Delete
  15. රටක් සනහාලන්ට වෙහෙසව - කටක් අැරලා රුවන්මය සොඳ
    මගක් නොමැතිව උකටලීවම - වැතිර හිඳි ලක් දනන් වෙත ඔබ
    සඳක් මෙන් ගණ අන්ධකාරෙට - විහිදුවා ඒ් නැණ පහන් සිල
    සිතක් අැති සැම දෙනෙත් තෙත් කොට - හිමියනේ ඔබ සැතපුනා වෙද

    සෝභිත හිමියනේ, ඔබට අජරාමර නිවන් සුවම ලැබේවා!

    ReplyDelete
    Replies
    1. අගෙයි තෙලිදිය........ සෝම හිමියන්ට ගෞරව කරපු විදිහ අගෙයි

      Delete
  16. සජ්ජා ගේ කොමෙන්ටෙකේ මේ කෑල්ලට හිත ගියා.. //ඔබවහන්සේ සුදුසු මහණ කමට නොව ගිහියන් අතර හිද ජනතාවට සේවය කිරීමටය...//

    ReplyDelete
    Replies
    1. කමියා........................ ඒ තමයි සැබෑ අමාජ අවශ්‍යතාවය.....

      Delete
  17. ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!

    ReplyDelete
    Replies
    1. අපේ පැතුමත් ඒකයි අවංක........

      Delete
  18. නිවන් සුව අත්වේවා කියල තමයි ඉතිං මටත් කියන්න තියන්නේ. ආ ලංකාදීපේ ආටිකල් එක නැති වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අගහරුවෝ........

      දැන් ඒ හිස්තැන ඒවැනි ම සැබෑ මිනිසෙකු විසින් පිරවිය යුතුයි....

      Delete
  19. දේශපාලනය මොකක් වුණත් හාමුදුරුවෝ සමාජයට ලොකු සේවයක් කළා
    "සාසනේ පිරිසිදු කළා මෙන්
    මේ බිමට පහනක් වුණා "
    ඒ වචන ටික නම් හරියට හිතට දැනුනා.

    ReplyDelete
    Replies
    1. අැත්ත..........

      හාමුදුරුවෝ කරපු ශාසනික සේවයට වැඩියෙන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණේ සමාජය කාර්යය..... ඒ විදිහට ම හාමුදුරුවෝ විසින් කරපු සමාජමය කාර්යයද ඉතා විශාලයි..... අැත්තට ම අපේ රටට පහණක් වුණා......

      Delete
  20. ඔබ අපට අවශ්‍යම මොහතක ඔබ නික්ම ගියා..

    ReplyDelete
    Replies
    1. අැත්ත මෙන්ඩා.... ඒ අඩුව රටටම දැනේවි...

      Delete
  21. දුක් විදින දනන් හට
    මෙත් පතල කුමටද
    දුක තාම එතනමයි
    හිමිටත් වැටහුනයි

    ඇත්ත්තටත් බොරුවටත්
    රජුනුත් දෙකට නැවෙත්
    සිවුරක බව බලවත්
    හිමි මැනවින් දැනගත්

    බල කාමයට බල පෙරලියෙන්
    බල ලෝබයට බල වාදයෙන්
    හිමි කල බල පෙරලියෙන්
    සමාජය දැල්වුනිද යහපතින්

    හිමි මග ගෙනත් නිවනක් නොසොයා
    සිහින දුටු යහපත් සමාජයක් සොයා
    පෙටු පාරමිතාවන් වෙහෙසින් මැඩු නිසා
    අපවත් වුනිද හිමියනි ඔබ නිවන සොයා

    හිමියනි ඔබට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. නිවන් සුව පැතූ විදිහ අගෙයි......

      අපිත් හාමුදුරුවන්ට නිවන් සුව පතන්නට ඒක්වන්නෙමු.......

      Delete
  22. ඔබයි හිමියනි ලොවක් පතනා
    මෙතේ බුදු රජිඳෝ...........................
    මෝහ දුක දුරලා
    ඝණ අඳුර මකලා
    සිත් සතන් සුවපත් කරන් නන්
    දනන් නිවනට කැඳවනා.......


    මේකට මම නං කැමතියි. භික්ෂුවක් විදියට නොවුනත් නිවැරදි දේ වෙනුවෙන් මනුෂ්‍යයෙක් විදියට පෙනීසිටින්න බැරි කෙනෙකුට බුදු වෙන්න බැහැ. ඒ අර්ථයෙන් මේක අවුලක් නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...