Wednesday, October 7, 2015

කොහෙන්ද මේ කොණ්ඩයාට අයියෙක් අෑ......................



අර අවුරුදු 17 කොල්ලා ගත්තා
ඒක සාධාරණයිනේ
මේකා මළගෙදර ගිහිල්ලත් නැහැ
ටිකක් මූඩ් අවුල් වෙලා ඉදලා තියෙනවා
ඉතින් ඉස්කෝලේ ගියත් නැතත්
අපිට සැක පිට මොකා ගන්න බැරි අැයි

අර ක්දරු පියා ගත්තා
ඒකත් සාධාරණයිනේ
ගෙට පිටිපස්සේ ගෙදර ඉදලා තියෙන්නේ
මූ කුරුමානම අැල්ලුවානම්
අනික මූණත් ටිකක් පැණි පෙනුමයි
හිනාවත් අපිට අැල්ලුවේ නැහැ
ඉතින් සැක කරන කේ අවුලක් නෑනේ

අර කොණ්ඩයා ගත්තා
ඒක නම් පට්ටම සාධාරණයිනේ
උෟ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ
ඉදලා තියෙන්නෙත් කැලේ
මනුස්ස ගතියක් පේන්නෙත් නැහැ
ඔය වල් වැඩ මූණෙම තියෙනවා
අනික මාධ්‍ය වලිනුත් උෟ වැරදිකාරයාම කරානේ
ඒකනේ අපිත් ප්‍රධාන සැකකරු කිව්වේ

කොහෙන්ද දැන් මේ අයියෙක් අාවේ 
සම්පූර්ණ වැඩේ අවුල් වුණානේ
අරකාව ල්ලන්න විතරනේ තිබුණේ
දැන් මේකාගේ වැරදි කියන්නත් බෑ
ප්‍රධාන සැකකාරයා කියන්නත් බෑ
කැලේ හිටියා කියන්නත් බෑ
මූණ කචල් කියනවා තියා 
අපිට මූණ දෙන්නවත් බෑ
ඒ මදිවට මූ රහස් ප්‍රකාශත් කරනවා
කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා 

මරණ දඩුවමවත් ගෙනැත් තිබුණානම් 
මේක මෙච්චර වන වෙන්නෑ කීයටවත්.
අන්න ඒකට හිරුණිකා මැඩම්.
මල් තියලා වදින්න වටිනවා .....................


කසුප් අනුරාධ


.

114 comments:

  1. අන්න ඒකට හිරුණිකා මැඩම්.
    මල් තියලා වදින්න වටිනවා ........කොයි පැත්තටද මචන් ..........

    ReplyDelete
    Replies
    1. කොහාට හරි කමක් නැහැ................

      Delete
  2. මේකත් මෙගා ටෙලියක් වගේ.තවම ඉවර නැ.ඉවර වෙන්න වගේ යනවා ඒත් ඉවර නැ.කවුද ඊලගට

    එල්ලුම් ගහ තිබුනනම් මේ වෙනකොටත් අහිංසකයෝ සෑහෙන පිරිසක් එල්ලලා මරලා.

    ReplyDelete
    Replies
    1. අැත්තට ම මේක නම් මෙගා නාට්‍යයක් වගේ...... මොකද අපේ මෙගා ටෙලි නාට්‍ය මාධ්‍ය ටිකත් මේක යසට විකුණාගෙන කනවානේ..... අපේ මෙගා ටෙලි අැන්ටිලා ටිකත් කකුල් උඩ දාගෙන අාතල් ඒක ගන්නවා.....

      Delete
    2. පොලීසියේ දෙන පාපෝච්චාරණ උසාවියේ ඇඩ්මිසිබල් නැත. තවද උසාවියේම වරද පිලිගත්තත් මිනීමැරුම් නඩුවල රජයේ සාක්ෂි මෙහෙයවිය යුතුය මන්ද එය මිනීමැරුමක් නොවන සාවද්ය මනුෂ්‍ය ඝාතනයක් (එයට මරණ දඬුවම නැත ) විය හැකි බැවිනි

      (සැයු. මෙය මරණ දඬුවම ප්‍රොමෝට්කිරීමට ලියූවක් නොව ඔය කියන තරම් ලේසියෙන් මරණ දඬුවම දෙන්නේ නැති බවත් දුන්නත් එය ක්‍රියාත්මක ක්‍රීමට පෙර තව ඒ ගැන පටිපාටියකුත් ඇති බව මතක් කිරීමට ලියූවකි )

      මරණ දඬුවම දෙන්නට කියන්නන් හා එපා කියන්නන් දෙගොල්ලොම හැඟීම් මත කතාකරන බව මට නම් සිතේ

      Delete
    3. ඔබ කියන දේ සත්‍යයක් තියෙනවා තමයි...... මරණ දඩුවම දෙන ඒක නිකම්ම කරන්නෑ.... ඒත් මේ පවතින ක්‍රමයන් ගැන තියෙන ගැටලු නිසා කෙනෙක් මරන්න කාටවත් බලයක් දෙන්න බැහැ.... මොකද මේ හැම ක්‍රමවේදයක් ම අන්තිමට දේශපාලනයට යටයි.... දේශපාලනය අන්තිම ජරා වලක්.... ඉතින් කොහොමද මිනිහෙක් මරණ බලයක් රටේ අැති කරන්නේ.... දැන් බලන්න කලින් අාණ්ඩුව තියෙද්දි රට පාලනය කරපු අය අද හිරේ.... වැරදි කරුවෝ වෙලා.... ඉතින් කලින් අාණ්ඩුවම තිබුණානම් මේ ටික ඒළියේ ඉද්දි වෙන පිරිසක් අැතුලේ ඉන්නවා.... ඉතින් කොහොමද මරණ දඩුවමට ඒකග වෙන්ෙන්..

      Delete
    4. තවත් හුඟක් වැරදිකාරයෝ එලියෙ ඉන්නවා කියල දැන් මරණ දඩුවම නියම වෙලා ඉන්න උන් නිවැරදි වෙන්නේ නෑනෙ.
      අහුවෙච්ච එකා දඩුවම් විඳින්න ඕන එක අනිත් එවුන් බේරුනා කියන එකට සාපේක්ෂ නෑ.

      මං නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක වුනයි කියල පාටි දාල සතුටුවෙන්නෙ නෑ. ඒ වගේම ඔය මරණදඩුවම නියමවෙලා දැන් ඩෙත් රෝ එකේ ඉන්න උන්ටික එල්ලල දැම්මයි කියල මට දුකකුත් නෑ

      Delete
    5. සහෝ මෙතැන ගැටලුව තියෙන්නේ දැන් ඒල්ලන්න ඉන්න කස්ටිය ගැන නෙමෙයි.... අපි මරණ දඩුවම අනුමත කරගන්න යන ඒකයි අවුල... අපි ඊට පස්සේ මේ මරණ දඩුවම නියම කරන්න යොදා ගන්නා අායතන පද්ධති සහ යාන්ත්‍රණයන් මිනිහෙක් මරන්න තරම් සාධාරණ නැහැ.....

      මං නිකමට කියනවාට හිතන්නකෝ අාණ්ඩු මාරුවත් ඒක්කම සර්ව සාධාරණයි කියලා අපි හිතාන ඉන්න අායතන ක්‍රියාත්මක වෙන විදිහ.... ඒහෙම අායතන පද්ධිති සහ යාන්ත්‍රණයන් කොහොමද මිනිහෙක් මරන්න තරම් බලයක් තියෙන තැන් කරන්නේ........ තියෙන අවුල ඒකයි.... සර්ව සාධාරණ ක්‍රම සහ අායතන තියෙන රටක් නම් මේ මරණ දඩුවම ගෙන ඒමෙන් රටේ මිනිස්සුන්ට තියෙන අවදානම අඩුයි තමයි... ඒත් ලංකාවේ නම් ඒක ඉතා ඉහළයි.... මේ අාණ්ඩු මාරුවත් ඒක්ක වෙච්චි හරියම අැති මේක තේරුම් ගන්න....

      Delete
    6. ප්‍රාගේ කමෙට් එකත් එක්ක එකඟයි.මගේ කමෙන්ට් එකත් මෙතැනම දාන්නම්.මරණිය දණ්ඩනය දෙන්නේ උසාවියෙන් නඩු අහලා.දැන් මේ කොණ්ඩයා උනත් අත්අඩංගුවට ගත්තු අනෙක් අය වුනත් සැකකාරයෝ විතරයි.පාපොච්චරණය කෙරුවත් ඔවුන් මේ අපරාධය කල බව ඔප්පු වෙලා නැහැ.එත් උඹලාට අමතකද පහුගිය කාලේ පොලීසය ආයුධ පෙන්වන්න ගිහින් සැකකාරයෝ කී දෙනෙක්වනම් මරලා දැම්මාද කියලා.ඒ අය අතරේ කොයි තරම් නිවැරදිකරුවන් සිටින්න ඇතිද?දැන් ආයුධ පෙන්වන සෙල්ලම් නැති නිසා හොඳයි.නැතිනම් හිරුණිකාලට මේ වගේ යෝජනා ගෙන්න දෙයකුත් නැහැනේ හිටං.

      Delete
    7. ඒ අායුධ පෙන්නන දේත් දේශපාලනිකයි මනෝජ්............. ඒ වෙලාවේ හිටපු අාණ්ඩුවේ ලොක්කන්ට ඔ්නේ වුණා පාතාලය පාලනය කරන්න... ඒකට කරපු උපක්‍රමයයි ඒ... අවශ්‍ය ම වුණ සෙට් ඒකම මරලා දැම්මා.... රට පැනපු ටික බේරුණා.... වැරදිකරුවෝ වෙලා අැතුලේ හිටපු අය බේරුණා.... ඒත් වැඩේ යම් තරමක් කරලා අැති වුණාම අර පොලිස් ලොක්කයි සොක්කෝ ටිකයි අත්අඩංගුවට ගත්තා.... අගුලානේ නේද???? ඒ නැවැත්වීමත් දේශපාලනිකයි...... ඔය මරණ දඩුවම ගෙනාවත් ඒකත් දේශපාලනයට අවශ්‍ය විදිහට තමයි හැසිරෙන්නේ..... මරන්න ම ඔ්නේ ඒකාව ඊට පස්සේ ඒ විදිහට හරි මරලා දානවා..... ඒකයි ඔය ක්‍රමය නොගැලපෙන්නේ.............

      Delete
    8. මම කිසිදු හේතුවක් නිසා මරණ දණ්ඩනය අනුමත කරන්නේ නැහැ.මචං පාතාලය මාට්ටු කරන්න උනත් කරපු ඒ වැඩේ වැරදියි.වගකිවයුතු ආණ්ඩුවකට පිස්සෝ වගේ හැසිරෙන්න බැහැ.මේක ලංකාව නිසා මරණ දණ්ඩණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තෝත් අනිවාර්යෙන්ම විරුද්ධ මතධාරීන් සහා අහිංසකයින් ගස් යයි සැබෑ වැරදිකාරයෝ කොයි හැටි වෙතත්.

      Delete
    9. ඔතන තමා අවුල තියෙන්නේ මචං.... වැරදි කරපු මිනිස්සු කීයක් ඒල්ලුවත් මොකද වැරදි නොකරපු ඒකෙක් හරි ඒල්ලුවාම සියල්ල ඉවරයිනේ... අනික අපි නම් විරුද්ධ වෙන්නේ මේ පවතින දුර්වල ක්‍රමයන්ට විතරක් ම නෙමෙයි. මිනීමරන්න තරම් අපි අාය පහතට වැටෙන්න අවශ්‍ය නැති නිසයි

      Delete
  3. පොලෝසිය කුජීත වෙනවා ‍විතරයි...
    ජයවේ කුරුටු තෘ කසුප්

    ReplyDelete
    Replies
    1. මේවා විකාර වර්ණ............... සැකකාරයෝ ගත්තාට උන්ට නඩු දාන්නෑලු.... නඩු දාන්නේ වැරදිකරුට විතරලු.... අනේ මේවා විකාර බං..... සැකකාරයෙක් කරලා අල්ලපු අර කොල්ලාට අාය නඩු දාන්න දෙයක් ඉතුරු කරාද???? උෟවත් දූෂණය කරානේ.......

      Delete
  4. අනුරාද,
    ඕං බලහංකො අන්තිමට කොන්ඩයගෙ අක්ක හරි නංගි කෙනෙක්හරි ඔය පොඩි කෙල්ලව ධූශනය කරලා මරලා ඇලට දාලා තියෙයි. ඒ නිසා ඔය කොන්ඩයගෙ අයියවත් අර විදිහටම සීන් එකෙන් අයින් කරානම් හරි. DNA ගැලපෙන්නෙ කොන්ඩයගෙ අක්කහරි නංගිහරි තමයි ඒක ෂුවර්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කසුනෝ..............

      මේ නාඩගං බලාන ඉන්න තරම් අපිත් පිං කරානේ...අම්මපා ලැජ්ජයි.... වැරදි කරුව අල්ලන්නැතුව හිටියත් කමක් නැහැ නිවැරදි කරුවෝ, මේ ගැන හාංකවිස්සියක්වත් දන්නැති උන්ව උස්සං ගිහින් රෙදි ගලවලා ගහලා වළහා සිස්ටම් ඒකට වැරදි කරු හොයන ඒක නැවැත්තුවානම් ලොකු දෙයක්.......

      Delete
  5. මේකේ මොකක් හරි අපි නොදන්න පටලැවීමක් තියෙනවා. පොඩ්ඩක් බලාගෙන ඉමු.

    ReplyDelete
    Replies
    1. තව ඉතින් බලාන ඉන්න දෙයක් නැහැ මචෝ......... මෙයාලා පෙන්නනවා පෙන්නනවා ඉවරයක් නැහැනේ...

      Delete
    2. බලාගෙන ඉමු තව ටික දවසකින් උඔලාව අපිවත් අරගෙන යයි.

      Delete
    3. අපිනම් නැහැ ඔ්වාට.......... උඹනං ෂුවර් නැහැ තමයි....

      Delete
  6. ඔන්න දැන් ඇත්ත එළිවෙන්ඩ ළඟයි. ඔය මැරිච්ච පුංචි ගෑණු ළමයම තනියම ඔය වැඩේ කරගෙන තියෙන්නේ. මේ අහක යන එවුන් අල්ලනවා අපරාදේ.

    ReplyDelete
    Replies
    1. සියදිවිනසාගැනීමක් ???

      Delete
    2. එහෙනම් මේ දැරිවිත් ඉස්ත්‍රී දූශිකාවක්.

      Delete
    3. ස්වයං ඉස්ත්‍රී දූෂිකාවක්

      Delete
    4. විචාරකයෝ...............

      ඒ කතාවත් අැත්ත.... අර ලසන්තලාත් ඒ කාලේ කරගත්තේ ඔය වගේ දෙවල්.... සියදිවි නසා ගැනීම් මොනවාද මේ රටේ සියදිවි අතුරුදහන් කරගැනීමුත් වෙච්චි ඒකේ.....

      Delete
  7. විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව බැටන් පොල්ලෙන් අපරාධකාරයෝ ඇල්ලීමේ ආනිසංසය

    ReplyDelete
    Replies
    1. මේ ගැන සමාජය තුළ අැතිවන විද්වත් කතාබහ ඉතා වැදගත්..... ඒකෙන් මේ වගේ ඉවක් බවක් නැතිව අහිංසකයින් අත්අඩංගුවට ගැනීම් නතර කරගත හැකියි..... මේවාට පාලනයක් දැම්මේ නැතිනම් අපරාධකරු අල්ලනවා කියන අදහසින් නිවැරදිකරුවන් දහස් ගාණක් චරිත ඝාතනයට ලක්වේවි.......

      Delete
  8. හිරුනිකාට මල් තියලා... පහනකුත් පත්තු කොරන්න වටිනවා...අර මධු මාධවී ට කිව්වනම් හිරුනිකාට වඳින ගාථාවක් හදාගන්නත් පුළුවන්....

    ReplyDelete
    Replies
    1. මධුවටත් එහෙනං ග්‍රස්ථික නියුරෝනියාව?

      Delete
    2. හඳුන්කූරු පත්තුකරල දුම්ල ගෙනල්ල දුංගස්සන්නත් වේවි.

      Delete
    3. අනිවා බණ්ඩෝ............ දැන් මේ උගත් කියලා අපි හිතපු මෝඩ ගෑණුන්ගේ තත්වය නියමෙට ඒළි වෙනවා...... හැබැයි මේ සංවාදයත් හොදයි... පාර්ලිමේන්තුවේ ඉන්න මොලෙයක් තියෙන මිනිස්සු ටික අදුර ගන්න පුළුවන් වෙනවා..... සාරිකා දුම්මල ගැස්සුවොත් ඔය ගොඩක් දෙනක් දුවනවා.... යක්කුනේ....

      Delete
    4. විදානේ................

      උඹට සිහිය අාවේ කීයටද????????

      Delete
    5. විදානයා ඊයේ බයිට් එක මදිවෙලා මාව කෑවා

      Delete
    6. විදානෙ උඹත් DNA ටෙස්ට් එකෙන් ෆේල් උනාද?

      Delete
    7. මචං ප්‍රසා.............

      මේ ඩීඒන්ඒ ටෙස්ට් ඒක මාර වැඩක්... පාස් වුණොත් අනාථයි.... අපි පොඩි කාලේ පාස් වෙන්න බලාගෙන කරපු ටෙස්ට් වගේ නෙමයි.. හැමෝම ෆේල් වෙන්න බලාගෙනයි මේකට යන්නේ.....

      අනික විදානයාගේ DNA බලලා කිව්වාලු සතෙක් නෙමෙයි මේ වැඩේ කරලා තියෙන්නේ... ඒ නිසා මේක අදාල නැහැ කිව්වාලු...

      Delete
  9. කොණ්ඩයගේ තාත්තා , බාප්පා, ලොකු තාත්තා , පුංචි අම්මගේ පුතා , ලොකු මාමා ........තව ඉන්න උන් ඔක්කොම හන්ගිලාලු, ගෙදර බල්ලත් පෙන්න නැහැල්ලු , සීයා කිව්වලු වලදාලා තියෙන තැන වලට උඩින් කොන්ක්‍රීට් එකක් දාන්න කියලා පොලිසියට හාරන්න බැරිවෙන්න

    ReplyDelete
    Replies
    1. අන්තිමට වැඩේට මාට්ටු වෙන්නේ ප්‍රගීත් කියන හිවල් පෙනුමැති ඉන්ජෙක්ලු !! ඕං බලපං..

      Delete
    2. සී. ජේ. නමින් ඉන්න කූඩලු පෙනුම තියෙන මිනින්දෝරුවෙකුත් සැකලු...අම්මප ඕයි

      Delete
    3. ඉවානයෝ................

      ඊයේ රූ දෙගොඩහරි ජාමේ හොදට ම වෙරි වෙච්චි කූඩැල්ලෙක් අැඹිලිපිටිය නගරය දෙවනත් කරා කියලා පුවතක් තියෙනවා........ මොකක්ද බොල මේකේ අැත්ත නැත්ත.......

      Delete
    4. හිවල් පෙනුමැති ලව් පූසා සැක පිට අතඩංගුවට කියලා පත්තරෙ වැටෙද්දි කොහොමද...?

      Delete
    5. හරි හරි හරි ඉවාන්. ඔන්න උඹ නියම පොට පාදාගත්තා. බල්ලා බල්ලා, වෙන එකෙක්වත් නෙවෙයි, ඔය වැඩේ කළේ බල්ලා. එක බල්ලෙකුටවත් බැරිවුනානේ ඒක හොයාගන්න.

      Delete
    6. අැඔිලිපිටියේ බිලා කටුනායක එවුන්ව බයිට් එකට කෑවා..
      අනේ ඔව් මචං උඔ බොන දවසට වෙලාසනින් කියපිය එතකොට අපිටත් කසිප්පු බෝතලයක් හරි ගහලා ඉන්නම් නැත්නම් තෝ බිලා අපිව බයිට් එකට ගන්නවා..

      Delete
    7. අඩේ ශ්‍රීනාත්............. මොකාද සතා.... අනික් ටිකනම් නියමෙට ම ගැලපෙනවා ඔය ලව් පූසා කියන කෑල්ල ගැලපෙන්නෑනේ.... ලව් කූඩැල්ලා වගේ ඒකක් තමා හරි යන්නේ....

      Delete
    8. හත්තිලව්වේ විචා මාමේ.... මොකක් ද ඔය බලු කතාව..... ඉවාන් ඔය බලු පැත්ත හොදට දන්න ඒකානේ.....

      මෙන්ඩෝ......... කටුනායක විතරක් නෙමයි අපේ පැතිත් ඔ්කා සුද්ද කරා.... අාය බොන දවස දැන්ම අහගමු.....

      Delete
    9. අවකැපෙන වදනක් එහෙම දෙඩවුන් නෑ නේද??

      Delete
    10. නෑ..............නෑ............... පිස්සුද??? බීලා ඉන්න වෙලාවට කවුද බං ඒහෙම වචන කියන්නේ................ මනෝෂ් ෆෝන් ඒක ගත්තාද???

      Delete
    11. අර කැමරා හොටාව ඉවරයක් කරලා දාන්න ඕන .. විචා මාමේ ණයට පිස්තෝලයක් දෙන්න , ඉකමනට ගෙනත් දෙන්නං ආපහු

      Delete
    12. මගේ ළගත් තියෙනවා වතුර විදින පිස්තෝලයක් දෙන්නද????

      Delete
    13. කොහෙද බං ගිහින් හිටියේ..................

      Delete
  10. මේ ඇවිල්ලා ලංකාවෙ පොලෝසිය කුරුටු... ලංකාවෙ පොලෝසියට බැරි පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි විතරයි. එ නිසා පුදුම වෙන්න දෙයක් නෑ. තව තව උන් ඉස්සරහට එලියට එයි. නැත්නම් ඔය සිද්දියත් ශේප් එකේ අමතක කරලා දාවි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පොලිසියට පිරිමින්ගේ පිරිමි කම නැති කරන්නනම් පුලුවන් ලාච්චුවට දාලා.

      Delete
    2. ශ්‍රීනාත් මනෝ...........

      ඊයේ අපේ වාසු ලොක්කා කියනවා මං අහගෙන දිගින් දිගට ම මේ වගේ දූෂණ කරන ඒවුන්ගේ පුරුෂ හැකියාව නැති කරලා දැම්මානම් හරිලු..... ඒ කාලේ ලාච්චුවට දාපු සිද්ධි මතක් වෙලා වෙන්ටෑ මාත් හිතන්නේ..... සමහර විට ලොක්කාගේ දෙකත් ඒ පැත්තේ පොලීසියක ලාච්චුවකද දන්නෑ...

      Delete
    3. ලොක්කට ඒක නම් වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්....

      Delete
    4. ලොක්කා දැන් ඔය කුණුහරපයක් කියාගෙන ඉන්නවා මිසක් දූෂණය කරන්න යන්නෑනේ...

      Delete
  11. Replies
    1. විදානේ මලයා කියෙන්නේ අර ලැප් එකේ තිබුනයි කියන xxx File ගැනද ?

      Delete
    2. ආ.. ඔව් එහෙම හිතන්නත් පුළුවන් අපේ පොලෝසියට...

      ඒ උනාට මට මතක් උනේ "ස්කලී" ව

      Delete
    3. අන්න විදානයාගේ වල් හිත............... යකෝ දැන් ගෑණු ගැන හිතන්නත් තහනම්.. පොලීසිය අරන් යනවා.... විදානේට පොලිස් කූඩුවේ හතර මායිම මැන මැන තමා ඉන්න වෙන්නේ.... හරිය...

      Delete
    4. ගිලියන් ඇන්ඩර්සන්ගෙ ඔය කියන ෆොටෝ වගයක් තිබුනා ඩිලීට් කාලා දන ඕනෙ.... අම්මෝ...

      Delete
    5. ඔව් ඔව් ඔය ගෑණි මැරිලා ගියොත් උඹලාවත් අරන් යයි පොලෝසියට........

      Delete
    6. අනික ඔ්කේ අර නිල්පාට චිත්‍රපටිත් පුරවලා තියෙන ඒකේ උඹව අනිවා වැරදි කාරයා කරනවා ෂුවර්..........

      තුෂාර

      Delete
  12. මේක දැන් රටටම විහිළුවක් වෙලා. විහිළු සපයන්නේ පොලීසිය තව ඉස්සරහට තව මොකෙක් මේකට අහුවෙන්න ඉන්නවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපිත් ඉන්නේ පරිස්සමෙන්.... කියන්න බැහැනේ කැකිල්ලේ තීන්දුනේ තියෙන්නේ....

      Delete
  13. ආරොන් මාමා වයසක මිනිහෙකි
    ඉපදුණ අපෙ ගම්මානේ
    මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
    තැන තැන කඩපිල් ගානේ
    නිතරම හීනෙන් බයවෙල වාගෙයි
    ලේ කඳුළක් නෑ මූණේ
    දවසක් දා කළ වැඩක් කියන්නම්
    අහගන ඉන්න ම ඕනේ...
    ආරොන් මාමා......

    රටේ තොටේ වග තොරතුරු හොය හොය
    දවසක් ගම වට ඇදුණා
    සාතන් අප්පුගෙ ගේ ළඟ දී
    පොඩි කලබලයක හඬ ඇහුණා
    මිනිහා දනි පනි ගන්නා
    බිත්තිය අයිනට දුව පැන්නා
    ජරමර සද්දෙට කණ දීගෙන උන්නා...
    ආරොන් මාමා......

    ගහපිය මරපිය ඔලුවට කොටපිය
    පාලි සංස්කෘතත් කිව්වා
    සාතන් අප්පුගෙ කොලුවා දුව පැන
    යකඩ පොල්ලකුත් හෙව්වා
    කිසි සැකයක් දැන් නෑනේ
    මිනිහෙක් මැරුවා වාගෙයි නේ
    මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා...
    ආරොන් මාමා......

    සාතන් අප්පු මිනිහෙක් මැරුවා
    ආරොන් ඩොලාට කිව්වා
    ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට
    ජොසීල ඇගීට කිව්වා
    ගම ම කුලප්පුව දිව්වා
    සාතන් අප්පුව හැම හෙව්වා
    කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
    ආරොන් මාමා......

    කාවද මැරුවේ කියපිය කියලා
    සාත ව අල්ල ල ඇහුවා
    මිනිහා හිනැහී මරාපු පොළඟෙක්
    ගෙයි මැද සාලෙන් තිව්වා
    ඔලුවට ගැහුවේ මූගේ
    මූ හිටියේ ඇඳ යට මාගේ
    ගැහි ගැහි කුකුළෙක් වාගේ
    ආරොන් පැන දිව්වා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. පට්ට සින්දුවෝ............ පට්ට..............

      Delete
  14. පොලිසියේ නොහැකියාව ට වඩා
    ඒ *ස බල්ලන්ගෙ තියෙන පඩත්තර ගතිය
    නැත්තං අර කොල්ලව කුදලං යද්දි මාධය සංදර්ශන තියන්න ඕනද ඌව හෙළුවැල්ලෙං තියල පත බාන්න ඕනද
    ඒකගෙ ලැපටත් කෙලල ඒ මදිවට
    හිගන්නො නෙවී අසික්කිත ගල් හිගන්නො.
    හිගන්න කියන එකෙන් හිගන්නන්ටත් අපහාසයක්

    ReplyDelete
    Replies
    1. මොකා හරි කමක් නැහැ වැරදිකාරයා කරලා අතපිහදාගන්න තියෙන හදිස්සිය මිසක් වරදකරු හොයන්න තියෙන කැපවීමක් නෙමෙයි මහේෂ්............ නැත්තං හරි මිනිස්සු දාහක් හිරේ දාගෙන ඒක වැරදි කරුවෙක් හොයයිද???? අර නිවැරදි මිනිස්සුන්ගේ චරිත ඝාතනයන් වලට වග කියන්නේ පොලීසියද????? මේවා විකාර....

      Delete
  15. පොලිසියට රිදෙන්නම ටොක්කක් දීලා ..

    ReplyDelete
    Replies
    1. තුශානිට තේරුණා..... දැන් වයසයිනේ.. අවුරුදු දෙකයිනේ....

      Delete
  16. ඕකට තනිකරම වගකියන්න ඕන මේ DNA හොයාගත්ත බුවා තමයි. ඒ හින්දනෙ වැඩ ඔක්කොම අවුල් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැත්තං මේ වෙද්දි අර 17 හැවිරිදි කොල්ලා ඒල්ලලා ඉවරයිනේ....... ලෙඩා මලත් බඩ සුද්දයි......

      Delete
  17. ඔය සින් එකට තුෂාරයයි අසංගයයි මාට්ටු කරා නම් කුගෑප තනි බුක්තියට තියා ගන්න තිබුනා
    වැඩේ එච්චර අමාරැ වෙන එකක් නෑ දෙන්නටම තියෙන්නෙ පෑනි මුනවල් නිසා..

    ReplyDelete
    Replies
    1. අම්මපා.................. පැණි මූණවල් විතරක් නෙමෙයි කිරි කෑලි දෙක වගේ ඉන්නවානේ කියලා කියන්න කිව්වා ඔන්න.........

      Delete
  18. පොලීසිය හැම එකාම අල්ලගෙන ගිහින් සේය ගැන රචනා ලියවනව .සේයා තාල වර්ගයේ ගසකි ගස මුදුනේ කොණ්ඩයෙක් බැරිවෙලාවත් සිටියොත් කියා තමයි රචනෙ පටන් ගන්නෙ.
    කොණ්ඩයගෙ රචනාවට සීයෙන් සීයම දෙන්න වටිනව.කෙහෙල් මල් ඩී එන් ඒ මගුලක් හින්ද පොලීසියට වෙන අවනම්බුව බලන්න. ආයුධ පෙන්නන්න ගියානම් අර කොල්ලයි ටයිල් බාසුයි ආයුධ පෙන්වන්න එක්කගෙන ගිහින් දක්ෂ පොලිස්කාරයන්ට උසස්වීමුත් ලැබිල.

    බලපුවම මේ හැමෝවම සැක කරපු එක සාධාරනයි කොල්ල කොන්ඩෙ තඹ කරල. ටයිල් බාස් කොන්ඩෙ කපල. කොණ්ඩයට ඉතින් ගැලවීමක් නෑ ඌ කොණ්ඩයමනෙ. කොණ්ඩෙ වවන ,කපන ,තඹ කරන උන්ට තඩිබාල ස්ත්‍රී දූෂන ගැණ හොයන පොලීසිය කියනකොට මතක් වෙන්නෙ ඇහේ ලෙඩේට මහපට ඇගිල්ලට බේත් කරපු පරන වෙද්දු.

    පොලීසිය පර්යේශන කරල කොණ්ඩය හා ස්ත්‍රී ලිංගික අවයව අතර සම්බන්ධයක් හොයා ගත්තද දන්නෙ නෑ.


    සෙවියාගෙ සිදුවීමෙන් රටේම ඇස් ඇරුන. පහුගිය කාලෙ ආයුධ පෙන්වන්න එක්කගෙන ගිය අය පාපොච්චාරනය කළා කීවෙ පොලීසිය. මාධ්‍ය තමයි ඔවුන් අපරාධකාරයන් ලෙස හංවඩු ගැහූවෙ .අපි හුරේ දැම්ම. බලපුවම ලොකු වැරදීමක් රටටම වෙලා. හිරේ ඉන්න උන්ගෙනුත් වැඩිදෙනා අහිංසකයො වෙන්න ඇති. පොලීසිය කරන්නෙ මොකෙක් හරි අල්ලගෙන ගිහින් තඩිබාන එක.වැරැද්ද පිලිගන්න කියල ගහනකොට වෙන මොකක් කරන්නද.උන් වැරැද්ද පිලිඅරන් හිරේ යනව. මේ හැම ප්‍රශ්නෙම අන්ත අසරන දුප්පත් මිනිසුන්ට. ලොකු ලොක්කන්ගෙ නම් කියනකොට බීප් බීප් ගාන මාධ්‍ය ජඩයො සාමාන්‍ය මිනිසුන්ට සළකන්නෙ අන්ත පහත් විදියට.

    ගම් පෙරලිය පොත දැකල ජේවීපී කියල කොල්ලො මරපු පොලීසියනෙ.පොලීසියටම ගැලපෙන මාධ්‍ය ජඩයො ටිකක්.

    ටයිල් බාස් බේරුනේ කොල්ල නිසා. කොණ්ඩය ඉස්කෝලෙ ගිහින්ම නැති නිසා ඌට කිසිම සමාජ අනුකම්පාවක් නෑ. කැකිල්ලෙ ක්‍රමයට එල්ලුම් ගස් අරින්න නම් කියාපු බඩුව. කාත් කවුරුත් නෑ. මේ අහිංසක මානසික රෝගියට පොලීසිය හා මාධ්‍ය දුන් වධ ගැන කතා කරන්නෙ කවුද. ප්‍රචාරය කළේම කොණ්ඩයා ඝාතකයා ලෙස. සේයාගේ ඝාතකය අද අධිකරනයට ආදී වශයෙන්.

    ReplyDelete
    Replies
    1. ඇටසැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
      රාජ සභාවේ අසුන බලා....
      අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
      ඉඳපල්ලා නිෂ්ශබ්ද වෙලා...

      නුවණක්කාරගේ මොට්ටපාල...

      මොට්ටපාල උඹ වැරදිකාරය ද
      ඒබරං ගෙ කණ කැපුවාට
      ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා
      පේන තුරා හඳෙ ආවාට...
      කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම
      මිනිහට හංකිති කැවුණා
      මිනිහ හිනා වී කලබල කෙරුව ම
      දැළි පිහියට කණ කැපුණා...

      බේගල් හාමුගේ සත්‍යපාල...

      බේගල් හාමුගෙ සත්‍යපාල උඹ
      නැන්සි අක්කලගෙ කුකුළා
      මල්ලක දාගෙන ගියයි කියන්නේ
      ඇත්ත ද අත්තටු හකුළා...
      බේගල් හාමුගෙ සත්‍යපාල මම
      එනමුත් කියන්නෙ ඇත්තයි
      මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
      නැන්සි අක්ක දැනුවත්වයි...

      දෙපැත්තෙ කාරණ සළකල බලලයි
      දෙන්නෙ තීන්දුව උදහස්
      පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
      විත්තිකාරයෝ නිදහස්...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      ගායනය : ෆ්‍රෙඩී සිල්වා

      Delete
    2. සින්දුවෝ.............. තැන්කුස්.......

      ම.ම

      //බලපුවම මේ හැමෝවම සැක කරපු එක සාධාරනයි කොල්ල කොන්ඩෙ තඹ කරල. ටයිල් බාස් කොන්ඩෙ කපල. කොණ්ඩයට ඉතින් ගැලවීමක් නෑ ඌ කොණ්ඩයමනෙ.// මේ කතාව අැත්ත......

      අනික තමා ඔබ කියන විදිහට දැනට හිරේ ඉන්න අය ගැනත් ගැටලුවක් මතුවෙනවා තමා.....

      Delete
  19. මේ සිද්ධියට විවිධ කෝණයේ තින්දු සමග අමුතුම උපහාස කතා. බලමු තව ටික්ක ඉවසලා මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. තවත් කොහොම ඉවසන්නද නලියෝ............. මේවා විකාර

      Delete
  20. මොකක්ද හිරුණිකා අක්කගේ අවස්ථා සම්භන්දය?

    ReplyDelete
    Replies
    1. හිරැනිකා පොඩි කාලේ සේයා වගේලු ඒකයි...උඔ ඒ ගැන වැඩිය හිතන්න එපා..

      Delete
    2. අැයි බං කමියෝ හිරුණිකා අක්කානේ මරණ දඩුවම ගේන යෝජනාව ගෙනාවේ.... දැක්කේ නැද්ද දුන්නු පොරටෝක් ටික.. අම්මපා පොළව පලාගෙන යන්න හිතුණා..... මේ වෙලාවට තමා හිතෙන්නේ උගතුන් අතර වුණත් හරක් ඉන්නවා කියලා.............

      Delete
    3. Common sense is no prerequisite for high IQ

      Delete
    4. That's correct. This is some thing about common sense........ Wht 2 do..... This is SL...

      Delete
  21. ඔය අයියත් පොලීසියෙන් උගන්නන හෑල්ලක් කියල පාපෝච්චාරනේද මොකද්ද එක කරයි ඊට පස්සෙ DNA ගැලපෙන්නෙ නැතුව එලියට එයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අර කොණ්ඩයා වැරැද්ද පිළිඅරන් නේද තිබුණේ....... පිළිනොගත්තොත් තමා පුදුමේ........

      Delete
  22. අනේද කියන්නේ ඉතිං. ඔන්න අපේ රටේ පොලෝසීය.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ සහෝ.................

      Delete
  23. ටෙලි නාටකයේ ඊළඟ කොටස එනකන් නොයිවසිල්ලෙන් බලා සිටිමි ...

    ReplyDelete
    Replies
    1. අනිවා හංසි...............

      ඉතුරු කොටස මීටත් වඩා හිනායනවා ෂුවර්........

      Delete
  24. අපේ රටේ මිනිස්සු ගැන දුක හිතෙනව. අද කවුරුහරි එකෙක්ව ඇල්ලුවම පොලිසියට හුරේ දාන මිනිහව වුණත් හෙට අල්ලගෙන ගිහින් 'පාපොච්චාරණ' ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අල්ලන් ගියා වගේ නෙමෙයිනේ අශාන්.......

      රෙදි ගලවලා ඒල්ලලා ගහන කොට කවුද වැරැද්ද පිළිනොගන්නේ....

      Delete
  25. අපේ රටේ පොලිසියට නිල ඇඳුම් අඳින්නේ නැති බුද්ධි නිලදාරීන් පිරිසක් බඳවාගන්න වෙනවා. නිල ඇඳුම , පාරේ වේලෙන්න වීම සහ අසීරු පුහුණුව නිසා ඔලුව වෙහෙසන්න පුළුවන් ඇඟ වෙහෙසන්න අකමැති උදවිය පොලිසියට බැඳෙන්නේ නැහැ. එත් පොලිසියේ බුද්ධිමය කටයුතු කරන්න වෙනම පිරිසක් ඉන්නවනම් පරීක්ෂණ මීට වඩා සාර්ථකව කෙරේවි. දැන් පොලිසියේ ඉන්න උදවිය උත්සහ කරන්නේ අතින් පයින් පරීක්ෂණ කරන්න. එතැනදී ගුටිකන්න බය එකා වරද පිලි අරන් හිරේ යනවා. මේ DNA පරීක්ෂණ ප්‍රවනතාවය නිසා මේ සිද්දීදීම නිවරද්දේ හිරේ යන්න ගිය කීපදෙනෙක් බේරුනා එකනම් ලොකු දෙයක්. දැන් සෙට් එක ලාච්චුවට දාල වැරදි හොයන ක්‍රමයට සමුදෙන්න කාලය හරි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.............. නැත්තං කොහොම හරි අහුවුණ ඒකා වැරදිකරු කරනවා... ඒතකොට සමාජයත් සද්ද නැහැ... බලධාරීනුත් විසදුවා වෙනවානේ..... දැන් අැත්තට ම මේ අහිංසකයින් හිර කරන වැඩේ අවසන් කළ යුතුයි.... මරණ දඩුවම අපි ගේන්න යන්නේ මේ වගේ පසුබිමක...

      Delete
  26. ඇ කුරුට්ටෝ මිනීමරුව ලංකාවේ එකෙක් නෙවෙයිද දැං. පිටරට හාවෙක් වත් ගෙනෙයිද

    ReplyDelete
    Replies
    1. අම්මපා සබරේ මිත්‍ර...............

      මේ යන විදිහට නම් මුං වළහෙක් නෙමෙයි මකරෙක්වත් ගෙනෙයි ද මන්දා/////////

      Delete
  27. මේ ගැන කතා කොරන්නත් අප්පිරියයි....

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත මාතා......... ඒත් මේවා නොදැක්කා වගේ ඉන්නත් බෑනේ.. අපෙත් කට කහනවානේ...

      Delete
  28. Replies
    1. ස්තූතියි බස්සි.............. ස්තූතියි

      Delete
  29. මේක ඇදුනා වැඩියි. මේකට වගකියන්න ඕනෙ ජීන්ටෙක් එකේ එවුනුයි එල්ලුම් ගහ එපා කියලා කෑගහපු උනුයි. ඒක නෙවෙයි. එල්ලුම් ගහ ඉල්ලපා මැරෙන්න හදපු උන් මේ දවස්වල පොඩ්ඩක් සද්දෙ වහලා නේද?

    පලි: ගුටිකන මූණු තියෙන උන් පරිස්සම් වෙයල්ලා.

    ReplyDelete
    Replies
    1. ඒහෙම තමා... අායේ මොකක් හරි වුණ ගමන් ඒල්ලුම් ගහ ඉල්ලනවා.... අායෙම සද්ද නැහැ..... හරියට පොඩි උන් අඩලා නිදාගන්නවා වගේ..

      Delete
  30. මේවා ගැන නම් කතා කරලා වැඩක් නෑ. එච්චරටම මේවා එපා වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත................ අගහරුවෝ අර බදුලු කතාව අැදලා යනවා නේද??? හෙටත් අපි උදේම උඩරට මැණිකෙගේ නැගලා පොඩි ට්‍රිප් ඒකක් යන්නයි ප්ලෑන් ඒක

      Delete
  31. අපේ රටේ පොලීසි වල තරම තමයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ කෝච්චි............

      Delete
  32. දීපිය මල් ටිකක්...

    මෙන් කියල වඳින්න..

    හිරු-නිකා ගේ @#$ ට...

    ReplyDelete
    Replies
    1. අන්න කාන්තාවෝ..................

      Delete
  33. මොකක් කියන්නද මන්ද... අනේ පව් ඒ අහිංසක දරුවා.. මුන් ඒ ළමයව වවන් කනවා. නොදකින්

    ReplyDelete
    Replies
    1. ළමයා අැත්තට ම දූෂණය වුනේ මැරුණට පස්සේ.................

      Delete
    2. උබට ෂුවර් ද ?

      Delete
  34. Replies
    1. දුටිමි ............ බැලූවෙමි.............. සුපරියි අෑ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...