සැප කුටියේ බලු සෙනෙහස ගුලිකරගත් දියණියේ
බලු කුටියේ පිය සෙනෙහස එක් තැන් කළ දියණියේ
බලු කැත කුණු සතුටු සිතින් අත පත ගෑ දියණියේ
ඔබේ කැත කුණු අැති නිරයේ ගාල් වෙලා දියණියේ
දරු තැනුමට බැරි බර දී වෙහෙසූ කය අබලන් වී
වියපත් වන විට අැති හැකි බව වියැකී එක් තැන් වී
ලෙයින් මසින් හැදුමුත් පණ මෙන් සිය දරුවන් පේවී
මොළයේ ගුණ නැති උන් හැම දා ඔවුනට දුක් දේවී
දහදුක් විද හැදූ පියා බලු දුක් විදිනා අතරේ
රජ සැප දී බලු සුරතල් විදිමින් සුවිසල් මැදුරේ
පිය දුක නොපෙනෙන විලසට සිටියත් සැගවී අදුරේ
කළ කම් පළ දේ ය දුවේ නුඹ අැවිදින මේ සසරේ
ඉසුරිකා උත්පලානී
.
හී හී මං එක
ReplyDeleteමේක සමාජෙ වැරුද්ද කුරුට්ටොි දෙමවුපියන්ගේ අගේ දන්නෑ
ඒක ඇත්ත වර්ණ.
Deleteඅර තුශාරයට, අසංකයට, අනුරාදයට වඩා අගේට ඉසුරිකාට කවි ලියතැහැකිනෙ.
ReplyDelete(සොරි සොරි වැරදුනා. අරුං මාව මරයිද දන්නෑ.)
ඇවිදින මේ සසරේ අනිවා පලදෙනවාමයි.
අා.................. මං මේ සද්ද නැතුව බලාන හිටියේ කට්ටියගේ අදහස් දැනගන්න තමා... දැන් හරි...
Deleteතුෂාර
හෑ? මම මොකුත් කිව්වෙ නෑ තුෂාරයෝ.
Deleteමට මුකුත් අැහුනෙත් නැහැ කසුනෝ..............
Deleteනංගා..
ReplyDeleteඅරන් තුන්දෙනාට එන්න දෙන්න එපා පැත්ත පලාතේ ඔයා ලියන්න..
උන් ලියන ඒවා මෙලෝ රහක් නෑ..
ඔයා එල ද බ්‍රා
(දැන් මේ මොකක් ගැනද ලියලා තියෙන්නේ?)
උඹ අර බල්ලට මචං කිවුව එක ගැන.
Deleteමෙන්ඩෝ.................... බලාගෙනයි....
Deleteතුෂාර
මෙන්ඩා ඕකම තමා කාංචනාටත් කීවේ. අහුවෙන්ටෙපා...
Deleteහරි හරි අහු වෙන්නෙ නෑ අපි
Deleteනංගා..
Deleteඑහනම් අරැන් තුන්දෙනා කතා කරලා කිව්වේ
“මොනවද මෙන්ඩා මේ දෙන ලනු..අන්න ඉසුරි ලියනවා ...ලියනවා හෝ ගාලා..තනියෙන් හිනාවෙනවා කැරකෙනවා ඇඔරෙනවා..කකුලේ මාපට ඇගිල්ලෙන් බිම හාරනවා..“ කියලා
මධුවෝ................
Deleteකාන්චනාට මෙන්ඩා මොනවාද බං කීවේ.... මටත් දැනගන්න කියහංකාේ....
තුෂාර
තුෂාරයා උඹ දන්නවනේ, මං කැමති නෑනෙ ඔය කුරුළු කූඩු කඩංට. අවුස්සනවා විතරයි!
Deleteදැන් මමද කුරුල්ලා.................
Deleteකවදහරි දවසක ඔය ගෑණු මනුස්සයගෙ ළමයත් ඔය මනුස්සයව බලු කූඩුවක දැම්ම දවසට තේරෙයි රඟේ
ReplyDeleteදිට්ඨධම්මවේදනීය කර්මය වශයෙන්.......
Deleteඉසුරි..................
ReplyDeleteකවිය සුපිරියි... මේ සමාජයේ තියෙන ගැටලු තමා මේ... මේවාට මේ මිනිස්සු පුද්ගලික ව වගකියන්න ඔ්නේ වගේ ම සමාජය සහ පරම්පරාවන් අතර තියෙන ගණුදෙනුවත් වගකියන්න ඔ්නේ.. දැන් ලෝකය ටිකක් ඉබාගාතේ යන්නේ..... මේකට වැරදි පැති ගොඩක් තියෙනවා...
දැං ඹහේ කවුද?
Deleteමං තුෂාර............. අැයි මොකද??????
Deleteමේ අපිට අහන්න ලැබුන එක සිදුවීමක් විතරයි.මේ සිදුවීම ගැන පුවත්පතක පලවෙලා තිබුන ලිපියක් මම අද කියවලා බැලුවා.එකේ තියනවා මේ පියා තමන්ගේ දුවට විරුද්ධව එක වචනයක් කතා කලේ නෑ කියලා.ඒ පිය සෙනෙහස තවම ඒ විදියම තමයි තමන්ගේ දුව තමන්ට මොනතරම් වෙනස්කම් කලත්
ReplyDeleteපුතු සෙනේ මස් නහර සම සිඳ
Deleteඇට සොයා ගොස් ඇට තුලට වැද
ඇට මිඳුලු මත රඳා සිට දුක් දේ නිබන්දා
පුතු සෙනේ පිතු හද තුලම මිස
නැත පුතුන් හද තුල රඳන්නේ
ඇට තුලට වැද ඇට ම්දුලු මත
සදා කල් නැත දුක් දෙවන්නේ
මහාචාර්ය සරච්චන්ද්‍ර
සත්තයි පළ දෙනව ඕවා අදහො හෙට
ReplyDeleteයන එක නියතමයි තිරිසන් අපායට
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.......
Deleteපාරට ඇදලා නොදා මෙහෙම හරි කන්ඩ බොන්ඩ දීපු එක එක අතකින් හොඳයි.ඒත් මොන හිතකින්ද දෙයියනේ....??
ReplyDeleteජයවේවා..!!
බල්ලන්ට සැප දීල තමන්ගෙ තාත්ත කැත කරනව කියල බලු කූඩුවෙ දාපු දුවෙක්!
Deleteපොඩි කාලෙ අම්ම තාත්තා අපි කැත කරනව,දඟලනව කියල අපිටත් මෙහෙම කරානම් ෂෝක්.
ඉස්තූතියි ගස් ලබ්බ
අනාගත සමාජය තව මොනවගේ වෙයිද කියල දෙයියො තමයි දන්නෙ. අවාසනාවන්ත තත්වයක්.
ReplyDeleteඒකට මොළ හෝදන්න වෙනව අජිත්..
Deleteමිනිසුන්ගේ නොමිනිස්කම් ගැන කියවෙන පුවත් නිමිති කර නිමැවෙන මෙවන් පැදි ගී පවුර හැඩ කරනවා..
ReplyDeleteඅගෙයි
ජයවේවා කුරුටු තෘ ඉසුරිකා
ඉස්තූතියි වර්ණ කුලකය
Deleteඅගෙයි..... අනිවා පලදෙනවමයි.............
ReplyDeleteඔව් ඔව් අවංක,
Deleteඉස්තූතියි
තම පියාව මහළු මඩමකට හරි දක්කන්න මේ දුවට නොහැකි වුනේ ඒකත් මදිකමක් කියා හිතන්න ඇති. ඉසුරිකා දියණියට ජයවේවා.
ReplyDeleteමහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න
Deleteඅත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න// කියල ඉස්සර කිව්වෙ, දැන්?
ඉස්තූතියි ගුණසිංහ මහතා
දහදුක් වින්දේ දරුවො හදන්නයි දහදුක් වින්දේ මං .....
ReplyDeleteකරදඬු උස් වී ඒ දරුවන්ගේ මව්පියො අද හඳුනන්නෙ නැහැනේ
දෑසේ කඳුළු හංගා කලුවර කුටියේ මා උන්නා
හිත් ගින්දර එළි දල්වා පොඩිපුතාට ලිපියක් ලිව්වා
දරුවන් කුමටද ලැබුවේ එය වේ පලදුන් පෙර කරුමේ
දෑතේ සවි නැති දවසේ කවුදෝ දිය බිඳුවක් දෙන්නේ
නොබලා ඉන්නට බැහැ නුඹලා මට
ලොකුම දුකනෙ දරු දුක මා පුතුනේ.........
දහදුක් වින්දේ දරුවො හදන්නයි දහදුක් වින්දේ මං .....
අම්මයි අප්පයි දෙන්නා මේ මහලු මඩමෙ තනි කෙරුවේ
අපේ දරුවො මහ මැදුරේ රජ සම්පත් අද වළඳන්නේ
පුත ඇවිදින් යන්නට බැරි නම් ඈතින් විත් මට අත වනපන්
බොරුවට හෝ මා සිහි කරපන් හීනෙන් වත් මට නුඹ පෙනියන්
ලෝකය හොඳ නම ගන්නට දරුවනි
මා ලස්සන ලෙස වළදාපන් හෙට
දහදුක් වින්දේ දරුවො හදන්නයි දහදුක් වින්දේ මං .....
ගායනය - එච් .ආර් ජෝතිපාල
ගී පද - තිස්ස ඩයස්
ඉස්තූතියි සින්දු
Deleteදියණියක් සහ දියණියක්!
ReplyDeleteමොකක්???????
Deleteකසුප්...
දියණියක් සහ දියණයෙක්
Deleteඅන්න හරි..................
Deleteඒක්කෝ - දියණියක් සහ පියෙක්
නැත්තං - දියණියක් සහ දියණයෙක්
අන්න ඒහෙම ඒපැයි ලියැවෙන්න.....
කසුප්..
නෑ............
Deleteදියණියක් සහ දියණි යක්
අා............. ඒකත් හරි නේද?????
Deleteබ්ලොග් කාරයොත් මැට්ටො වෙන්න පටං ඇරං. මං කිව්වෙ, අර වැඩේ කලෙත් දියණියක්. ඒකෙ වරද දැක්කෙත් දියණියක් නිසා. ගොඩක් වෙලාවට ඔහොම ඒවයෙදි කතා කරන්නෙ පිරිමිනෙ. කාන්තාවො සද්දෙ වහලා ඉන්නවා. එත් මෙතනදි එ්ක වෙනස්.
Deleteමොනවා වුණත් ඒක ප්‍රශ්ණ කිරීමෙන් තවත් දේවල් කීපයක් ම නිර්මාණය වෙලා තියෙනවා..... ටිකක් උඩ බලහං..... මැටිකම පෙන්නනවා මං........ හිටු...
Deleteතුෂාර
ඕවා ඉතිං පල දෙන දාට හම්බවෙයි බෝනස් එක්කම..
ReplyDeleteඅඟහරු ලෝකෙට ගියත් බේරෙන්න බෑ..
Deleteදේව දරුවෝ !!!!
ReplyDeleteහරි මුලින්ම මං හිතුවේ මෙකත් අර කසුප් කාරයගේ එකක් කියලා.. බොහොම අමාරුවෙන් අර අසංකයවයි, තුෂාරයවයි පන්නගත්තා...
ඒක නෙවෙයි ඉසුරිකා මේ දවස්වල අසංකයගේ දනිස් පන නෑ කියලා තුෂාරයා කිව්වා මොකක්ද මේකේ ඇත්ත නැත්ත.
(සුපිරි පබැදුමක්)
ජ ය වේ වා !!
අා.............. උඹට මාව මතක් වෙනවා නිතරම නේද????? අර තුෂාර නිතරම කියන ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන කතාව කියන්න වෙනවා මේ විදිහ කතා කිව්වොත් විදානයෝ
Deleteකසුප්
මොකක්ද මේ සමපෝෂ කතාව. මට එහෙම එකක් මතක නෑනෙ.
Deleteසී.ජේ. විදානේ
දැන් කවුද ඔය විදානේ කියන්නේ...............???? මට ඒ නම අහලා පුරුදු නැහැනේ..
Deleteතුෂාර විතාරණ
what ever........ඉස්තූතියි විදානෙ
Deleteහිරගෙට නොදා මේ තිරිසන් කෙලි පොඩ්ඩ..
ReplyDeleteතැබිය යුතුය බලු කූඩෙම සුව විඳිනට බලු බෙට්ට...
මෙහෙම උන් හදන්නේ අපි කොයි ලෙසට
Deleteකූඩුවෙ නොදා යවමුද එල්ලුම් ගහට
බලු කූඩුවත් සැප වැඩි මෙහෙම ගෑනුන්ට
කවදා හෝ වැටෙයි මිහිපිට අපායට
හරිම පව්.
ReplyDeleteඔව් අජිත්..
Deleteමම මේ තැනැත්තිය නිදොස් කරනවා නොවේ. පේන හැටියට පියාට Dementia වගේ තත්වයක් තියනවා. ඔහු නිවසේ හැම තැනම මළපහ කරනවා ඇති, අණතුරුදායක දේවල් කරනවා ඇති. මෙවැනි තත්වයකදී නිසි ප්‍රතිකාර පුනරුථාපනය වගේ දේවල් ගැන අවබෝධයක් නොමැති නිසා මේ තැනැත්තිය තාත්තාව කූඩු කරා වෙන්න ඇති. Dementia වගේ තත්ව ගැන ජනතාව දැණුවත් කිරීමට කාලයයි මේ
ReplyDeleteට්‍රාන්ස්.....................
Deleteඅැත්තට ම මේ තත්වය ගැන මනා සංවාදයක් අැති කරන්න මේ අවස්ථාව ඉතා වටිනවා.. ඒත් මේක මාධ්‍ය හරහා දුන්නු දැවැන්ත ප්‍රචාරයක් ලැබුණු ප්‍රවෘත්තියක් නිසා මේක ජනතාව ගත්තේ තාත්තා විදින දුක පැත්තෙන් විතරයි.... මේවා ගැන මීට වඩා වැදගත් විදිහේ සාකච්ඡාවක් ඉතා වැදගත්
කසුප්
කාලෝ අයංතේ
Deleteඅනේ මොන ලෙඩක් තිබ්බත් ඒ තමන්ගෙ තාත්තනෙ.
Deleteඇයි බලු කූඩුවට දැම්මෙ? ගෙදර කාමරේකට දාන්න තිබ්බනෙ.
ගුණේ නෑ, වෙන මොකුත් නෙමෙයි
මේ කියන දෙපැත්තම හැම ප්‍රශ්නයකම තියෙනවා. මාධ්‍ය දකින්නේ ජනතාවට වඩාත් රසවත් හා ඔවුන් ඉල්ලන පැත්ත. ව්‍යතිරේඛ උන්ට වැදගත් නෑ. මොනවා වුණත් මේ තරම් පහත් තත්ත්වෙට නොවැටි ඉන්න තිබ්බා ඒ දෝනියැන්දාට.
Deleteඅන්න ඒ කතාව හරි මධුවෝ..............
Deleteමොනවා වුණත් අන්තිම විග්‍රහයේදී කොරලා තියෙන වැඩේ කිසිදු අාකාරයකින් සාධාරණීකරණය කරන්න හැකි දෙයක් නෙමෙයි.. ඒ නිසා මමත් මෙතැනදී වැරදියි කියන තැන ඉන්නවා.... අනික් පැත්තට බොහෝ කරුණු තියෙන්න හැකියි.... ඒ වගේ ම මෙතැන මහා කතා කියන අය ඔය තැන හිටියානම් මීටත් වඩා දරුණු වැඩ කරන්නටත් හැකියි.... ඒ මොනවා වුණත් ඒ දෝණියැන්දෑ කොරලා තියෙන වැඩේ කිසිසේත්ම සාධාරණීකරණයකට ඉඩක් නැහැ...
අා විදානේ............
Deleteමම තුෂාර
මට මොකුත් දාන්න හිතෙන්නේ නෑ... හෙන ගහනවා ඕකුන්ට.....
ReplyDeleteචේතනාහං භික්ඛවෙ කම්මං වදාමි
Deleteඅර තාත්තව කැලේට එක්ක ගිහිං වලක් කපද්දි පොඩි එකා ඇහුව නේද ඇයි තාත්තෙ මේ වලක් කපන්නෙ කියල එතකොට පොඩි එකාට තාත්ත දුන්න උත්තරෙයි තාත්තට පොඩි එකා දුන්න උත්තරෙයි මතකයි නෙ.. අන්න ඒ කතාව මේ ගෑනු මනුස්සය පොඩි කාලෙ අහල නැ වෙන්න ඕන..
ReplyDeleteසංසාරෙ කියන්නෙම චක්‍රයක්.. දවසක කොහෙ හරි කොතනක හරි මේ තාත්තත් මොකක් හරි අකුසලයක් කරගන්න ඇති ඒ හින්ද තම්නෙ දුවගෙන් ඒකට විපාක හම්බෙනව. ඒ සර්කල් එකේ ඊළග වින්දිතය අර දුව..
ඒ මනුස්සයන්ට බැන්න කියල ඇති වැඩක් නැ.. පොඩි කාලෙ ඉදන්ම මනස හදන්න ඕන විදියක් තියෙයි. නැද්ද
කවිය නං සුපිරියි
ජයවේවා
ළමයි පොඩි කාලෙ දහම් පාසල් එහෙම යවන එක හොඳයි.
Deleteගුණ ධර්ම ඉගෙන ගන්න
ඉස්තූතියි මහේෂ්.......
මේවා ගැන කතා කරන්නත් එපා වෙනවා කුරුටුස් . බලං ඉන්න අමාරුනම් අපිට ,ඒ තාත්තාට කොහොම දැනෙන්න ඇතිද?
ReplyDeleteහැබැයි තාත්තා කවදාවත් පතන්නේ නෑ දුවට මේවා පල දෙන්න කියලනම්, ඒ තමයි දෙමව්පියන්ගේ හැටි
පුතු සෙනේ පිතු හද තුලම මිස
Deleteනැත පුතුන් හද තුල රඳන්නේ
ඇට තුලට වැද ඇට ම්දුලු මත
සදා කල් නැත දුක් දෙවන්නේ
පිය සෙනෙහස නැති ද දරුවනි හඳුනන්නේ.........
ReplyDeleteකතා කරන්න නම් දුකයි ඒ ගැන, ඒත් කවියක් නම් ලියන්නම හිතුනා
ඇත්ත,කළ පව් පසුපස්සෙන් එයි...
ReplyDeleteචක්කං'ච වහතෝ පදං..
Deleteමම නම් හිතන්නෙ නැහැ ඒ වගෙ අය ඇත්තටම සතුටින් සැපෙන් ජීවත්වෙනවා කියලා. ඔවුන් කරන්නෙ තමන්ගෙ හිත රවටා ගැනීමක්...
ReplyDeleteදුක හිතෙන අර්ථවත් පැදි පෙළක් ඉසුරිකා
ආයුබෝවන් !
මුල අමතක වුනාම එහෙම දෙවල් මිනිස්සු අතින් වෙනව.තමන්ට ප්‍රයොජනයක් ගන්න බැරි වෙනකොට මුල්ලට විසි කරනව.ආගම දහමක් හරියට ඉගෙන ගත්තනම් මේව කරන්න හීනෙන්වත් බෑ.අඩු ගානෙ බල්ලවත් බලු කූඩුවෙ තියන්න හිතෙන්නෙ නෑ.
Deleteඉස්තූතියි කොමෙන්ටුවට ගීතිකා
ආයුබෝවන්
This comment has been removed by the author.
ReplyDeleteඅද සමාජය යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක්.. සුළු දේවල් මහා ලොකු දේවල් කරගෙන මාස ගණන් කෑගහන අස්සමෛ් වගේ ඇත්තම සදාචාරාත්මක ප්‍රශ්නත් මතු වෙනවා. හැබැයඓ් ගැන නිසි සංවාදයක් හරි විසඳුමක් සෙවීමක් හරි වෙන්නෙ බොහොම කලාතුරකින් මොකද වැඩිදෙනා අවධානය දෙන්නෙ රැල්ලට යන සුළු සුළු දේවල්වලට මිස මේ වගේ සමාජ ප්‍රශ්නනලට නෙමෙයි. මේක මේ වගේ දෙයක් වුණ පළවෙනි වතාව නෙමෙයි වගේම අවාසනාවකට වගේ අන්තිම වතාවත් නෙමෙයි..
ReplyDeleteඔව් අශාන්...අවධානයට අරන් මිනිස්සුන්ගෙ ගුණාත්මක අංශය සංවර්ධනය කරන්න පුලුවන් නම් හොඳයි නේද?
Deleteඉස්තූතියි
සමාජයේ සිටින අනිත් දිණියන්ට හොඳ ආදර්ශයක්. නියමයි ඉසුරිකා
ReplyDeleteජයවේවා....! කුරුටු ගෑ ගී පවුර
ඉස්තූතියි දිරිමත් කිරීමට අසෙනි වැසි
Deleteකරන කලට පවු මිහිරිය මී සේ..
ReplyDeleteවිඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ .. කිව්වලු..
පව් කරන්නා මෙලොවත් තැවෙයි, පරලොවත් තැවෙයි
Deleteධම්ම පදය
මේක දැක්කම රූපවාහිනියේ අනේ සංසාරෙ! කියලමයි හිතුනේ. අපේ බෞද්ධ රටකට ගිය කල දසාව. සසර පුරුදු අත්හරින්න බැහැ වගේම කල කම් කවදා හෝ පසුපස එනබව නම් නියතයි.
ReplyDeleteඔව් චන්දි..ගොඩක් වෙලාවට අපි සංසාරෙ,පුනර්භවය,අපාය,කර්මය වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ.ඒ අපේ ම වාසියට. ඒත් එහෙම දේවල් ඇත්තට ම තියෙනව කියල හිතෙනකොට අපිට පව් කරන්න බය හිතෙනව.
Deleteරටක් කියන්නෙ මිනිස්සුනෙ,මිනිස්සු කියන්නෙ මනසින් උසස් සත්ත්වයොනෙ..
කියන්න දෙයක් නෑ. දෙමව්පියො දරුවො ඉස්සරහ මේ විදියට අසරණ වෙනවා කියන දේ අදහගන්න බෑ. අසනීප තත්ත්වයක් හේතුවෙන් නම් වෙන ක්‍රියා මාර්ගයක් ගන්න තිබුනා. පුන්චි කාලෙ දරුවන්ට කවල පොවන නාවල පිරිසිදු කරල එයාලගෙ කැත කුණු කතගාන්නෙ දෙමව්පියො. එයාල යන්තම් ඇවිදින්න පටන් ගනිද්දි වැටෙයි කියල බයට පස්සෙන් පාරෙන් යන්නෙ, අනතුරුදායක දේවල් එක්ක සෙල්ලම් කරද්දි එයාල ලගින්ම ඉදන් එයාලව බලාගන්නව මිසක් කූඩු කරන්නෙ නැනෙ. එහෙනම් ඇයි දෙමව්පියන්ව අසනීප තත්ත්වයක් නිසා හරි මොන කෙහෙල්මලක් නිසා හරි කූඩු කරන්නෙ.
ReplyDeleteතමන්ගෙ දෙමව්පියන්ට නොසලකන දරුවන්ට සෙතක් වෙන්නෙ නෑ කවදාවත්
පද ගැලපීම සුපුරි..
අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ.......
Deleteමේක පුංචි කාලෙ කියපු සින්දුවක්.
ඉස්තූතියි නිදහසේ නවාතැන
තමන්ට බැරිනම් බලා ගන්න පුළුවන් තැනකට දෙන්ට තිබ්බා.
ReplyDeleteඒකත් ඇත්ත මනොජ්..ඒත් තමන්ට බැරි වෙලාත් බෑ නේද? තමන්ගෙ ම තාත්තනේ.
Deleteඅම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ
ReplyDelete