Monday, October 19, 2015

කළ කම් පළ දේ ය දුවේ නුඹ අැවිදින මේ සසරේ



සැප කුටියේ බලු සෙනෙහස ගුලිකරගත් දියණියේ
බලු කුටියේ පිය සෙනෙහස ක් තැන් කළ දියණියේ
බලු කැත කුණු සතුටු සිතින් අත පත ගෑ දියණියේ
ඔබේ කැත කුණු අැති නිරයේ ගාල් වෙලා දියණියේ

දරු තැනුමට බැරි බර දී වෙහෙසූ කය අබලන් වී
වියපත් වන විට අැති හැකි බව වියැකී ක් තැන් වී
ලෙයින් මසින් හැදුමුත් පණ මෙන් සිය දරුවන් පේවී
මොළයේ ගුණ නැති උන් හැම දා ඔවුනට දුක් දේවී

දහදුක් විද හැදූ පියා බලු දුක් විදිනා අතරේ
රජ සැප දී බලු සුරතල් විදිමින් සුවිසල් මැදුරේ
පිය දුක නොපෙනෙන විලසට සිටියත් සැගවී අදුරේ
කළ කම් පළ දේ ය දුවේ නුඹ අැවිදින මේ සසරේ



ඉසුරිකා උත්පලානී



.

87 comments:

  1. හී හී මං එක
    මේක සමාජෙ වැරුද්ද කුරුට්ටොි දෙමවුපියන්ගේ අගේ දන්නෑ

    ReplyDelete
  2. අර තුශාරයට, අසංකයට, අනුරාදයට වඩා අගේට ඉසුරිකාට කවි ලියතැහැකිනෙ.
    (සොරි සොරි වැරදුනා. අරුං මාව මරයිද දන්නෑ.)

    ඇවිදින මේ සසරේ අනිවා පලදෙනවාමයි.

    ReplyDelete
    Replies
    1. අා.................. මං මේ සද්ද නැතුව බලාන හිටියේ කට්ටියගේ අදහස් දැනගන්න තමා... දැන් හරි...

      තුෂාර

      Delete
    2. හෑ? මම මොකුත් කිව්වෙ නෑ තුෂාරයෝ.

      Delete
    3. මට මුකුත් අැහුනෙත් නැහැ කසුනෝ..............

      Delete
  3. නංගා..
    අරන් තුන්දෙනාට එන්න දෙන්න එපා පැත්ත පලාතේ ඔයා ලියන්න..
    උන් ලියන ඒවා මෙලෝ රහක් නෑ..
    ඔයා එල ද බ්‍රා

    (දැන් මේ මොකක් ගැනද ලියලා තියෙන්නේ?)

    ReplyDelete
    Replies
    1. උඹ අර බල්ලට මචං කිවුව එක ගැන.

      Delete
    2. මෙන්ඩෝ.................... බලාගෙනයි....

      තුෂාර

      Delete
    3. මෙන්ඩා ඕකම තමා කාංචනාටත් කීවේ. අහුවෙන්ටෙපා...

      Delete
    4. හරි හරි අහු වෙන්නෙ නෑ අපි

      Delete
    5. නංගා..
      එහනම් අරැන් තුන්දෙනා කතා කරලා කිව්වේ
      “මොනවද මෙන්ඩා මේ දෙන ලනු..අන්න ඉසුරි ලියනවා ...ලියනවා හෝ ගාලා..තනියෙන් හිනාවෙනවා කැරකෙනවා ඇඔරෙනවා..කකුලේ මාපට ඇගිල්ලෙන් බිම හාරනවා..“ කියලා

      Delete
    6. මධුවෝ................

      කාන්චනාට මෙන්ඩා මොනවාද බං කීවේ.... මටත් දැනගන්න කියහංකාේ....

      තුෂාර

      Delete
    7. තුෂාරයා උඹ දන්නවනේ, මං කැමති නෑනෙ ඔය කුරුළු කූඩු කඩංට. අවුස්සනවා විතරයි!

      Delete
    8. දැන් මමද කුරුල්ලා.................

      Delete
  4. කවදහරි දවසක ඔය ගෑණු මනුස්සයගෙ ළමයත් ඔය මනුස්සයව බලු කූඩුවක දැම්ම දවසට තේරෙයි රඟේ

    ReplyDelete
    Replies
    1. දිට්ඨධම්මවේදනීය කර්මය වශයෙන්.......

      Delete
  5. ඉසුරි..................

    කවිය සුපිරියි... මේ සමාජයේ තියෙන ගැටලු තමා මේ... මේවාට මේ මිනිස්සු පුද්ගලික ව වගකියන්න ඔ්නේ වගේ ම සමාජය සහ පරම්පරාවන් අතර තියෙන ගණුදෙනුවත් වගකියන්න ඔ්නේ.. දැන් ලෝකය ටිකක් ඉබාගාතේ යන්නේ..... මේකට වැරදි පැති ගොඩක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මං තුෂාර............. අැයි මොකද??????

      Delete
  6. මේ අපිට අහන්න ලැබුන එක සිදුවීමක් විතරයි.මේ සිදුවීම ගැන පුවත්පතක පලවෙලා තිබුන ලිපියක් මම අද කියවලා බැලුවා.එකේ තියනවා මේ පියා තමන්ගේ දුවට විරුද්ධව එක වචනයක් කතා කලේ නෑ කියලා.ඒ පිය සෙනෙහස තවම ඒ විදියම තමයි තමන්ගේ දුව තමන්ට මොනතරම් වෙනස්කම් කලත්

    ReplyDelete
    Replies
    1. පුතු සෙනේ මස් නහර සම සිඳ
      ඇට සොයා ගොස් ඇට තුලට වැද
      ඇට මිඳුලු මත රඳා සිට දුක් දේ නිබන්දා

      පුතු සෙනේ පිතු හද තුලම මිස
      නැත පුතුන් හද තුල රඳන්නේ
      ඇට තුලට වැද ඇට ම්දුලු මත
      සදා කල් නැත දුක් දෙවන්නේ

      මහාචාර්ය සරච්චන්ද්‍ර

      Delete
  7. සත්තයි පළ දෙනව ඕවා අදහො හෙට
    යන එක නියතමයි තිරිසන් අපායට

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ‍යි.......

      Delete
  8. පාරට ඇදලා නොදා මෙහෙම හරි කන්ඩ බොන්ඩ දීපු එක එක අතකින් හොඳයි.ඒත් මොන හිතකින්ද දෙයියනේ....??
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට සැප දීල තමන්ගෙ තාත්ත කැත කරනව කියල බලු කූඩුවෙ දාපු දුවෙක්!
      පොඩි කාලෙ අම්ම තාත්තා අපි කැත කරනව,දඟලනව කියල අපිටත් මෙහෙම කරානම් ෂෝක්.

      ඉස්තූතියි ගස් ලබ්බ


      Delete
  9. අනාගත සමාජය තව මොනවගේ වෙයිද කියල දෙයියො තමයි දන්නෙ. අවාසනාවන්ත තත්වයක්.

    ReplyDelete
    Replies
    1. ඒකට මොළ හෝදන්න වෙනව අජිත්..

      Delete
  10. මිනිසුන්ගේ නොමිනිස්කම් ගැන කියවෙන පුවත් නිමිති කර නිමැවෙන මෙවන් පැදි ගී පවුර හැඩ කරනවා..
    අගෙයි
    ජයවේවා කුරුටු තෘ ඉසුරිකා

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි වර්ණ කුලකය

      Delete
  11. අගෙයි..... අනිවා පලදෙනවමයි.............

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අවංක,
      ඉස්තූතියි

      Delete
  12. තම පියාව මහළු මඩමකට හරි දක්කන්න මේ දුවට නොහැකි වුනේ ඒකත් මදිකමක් කියා හිතන්න ඇති. ඉසුරිකා දියණියට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මහළුව බැරි වුනාම ඔබහට ඇවිදින්න
      අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
      අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න// කියල ඉස්සර කිව්වෙ, දැන්?

      ඉස්තූතියි ගුණසිංහ මහතා

      Delete
  13. දහදුක් වින්දේ දරුවො හදන්නයි දහදුක් වින්දේ මං .....
    කරදඬු උස් වී ඒ දරුවන්ගේ මව්පියො අද හඳුනන්නෙ නැහැනේ

    දෑසේ කඳුළු හංගා කලුවර කුටියේ මා උන්නා
    හිත් ගින්දර එළි දල්වා පොඩිපුතාට ලිපියක් ලිව්වා
    දරුවන් කුමටද ලැබුවේ එය වේ පලදුන් පෙර කරුමේ
    දෑතේ සවි නැති දවසේ කවුදෝ දිය බිඳුවක් දෙන්නේ
    නොබලා ඉන්නට බැහැ නුඹලා මට
    ලොකුම දුකනෙ දරු දුක මා පුතුනේ.........

    දහදුක් වින්දේ දරුවො හදන්නයි දහදුක් වින්දේ මං .....

    අම්මයි අප්පයි දෙන්නා මේ මහලු මඩමෙ තනි කෙරුවේ
    අපේ දරුවො මහ මැදුරේ රජ සම්පත් අද වළඳන්නේ
    පුත ඇවිදින් යන්නට බැරි නම් ඈතින් විත් මට අත වනපන්
    බොරුවට හෝ මා සිහි කරපන් හීනෙන් වත් මට නුඹ පෙනියන්
    ලෝකය හොඳ නම ගන්නට දරුවනි
    මා ලස්සන ලෙස වළදාපන් හෙට

    දහදුක් වින්දේ දරුවො හදන්නයි දහදුක් වින්දේ මං .....

    ගායනය - එච් .ආර් ජෝතිපාල
    ගී පද - තිස්ස ඩයස්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සින්දු

      Delete
  14. දියණියක් සහ දියණියක්!

    ReplyDelete
    Replies
    1. මොකක්???????

      කසුප්...

      Delete
    2. දියණියක් සහ දියණයෙක්

      Delete
    3. අන්න හරි..................

      ඒක්කෝ - දියණියක් සහ පියෙක්

      නැත්තං - දියණියක් සහ දියණයෙක්

      අන්න ඒහෙම ඒපැයි ලියැවෙන්න.....

      කසුප්..

      Delete
    4. නෑ............
      දියණියක් සහ දියණි යක්

      Delete
    5. අා............. ඒකත් හරි නේද?????

      Delete
    6. බ්ලොග් කාරයොත් මැට්ටො වෙන්න පටං ඇරං. මං කිව්වෙ, අර වැඩේ කලෙත් දියණියක්. ඒකෙ වරද දැක්කෙත් දියණියක් නිසා. ගොඩක් වෙලාවට ඔහොම ඒවයෙදි කතා කරන්නෙ පිරිමිනෙ. කාන්තාවො සද්දෙ වහලා ඉන්නවා. එත් මෙතනදි එ්ක වෙනස්.

      Delete
    7. මොනවා වුණත් ඒක ප්‍රශ්ණ කිරීමෙන් තවත් දේවල් කීපයක් ම නිර්මාණය වෙලා තියෙනවා..... ටිකක් උඩ බලහං..... මැටිකම පෙන්නනවා මං........ හිටු...

      තුෂාර

      Delete
  15. ඕවා ඉතිං පල දෙන දාට හම්බවෙයි බෝනස් එක්කම..

    ReplyDelete
    Replies
    1. අඟහරු ලෝකෙට ගියත් බේරෙන්න බෑ..

      Delete
  16. දේව දරුවෝ !!!!

    හරි මුලින්ම මං හිතුවේ මෙකත් අර කසුප් කාරයගේ එකක් කියලා.. බොහොම අමාරුවෙන් අර අසංකයවයි, තුෂාරයවයි පන්නගත්තා...

    ඒක නෙවෙයි ඉසුරිකා මේ දවස්වල අසංකයගේ දනිස් පන නෑ කියලා තුෂාරයා කිව්වා මොකක්ද මේකේ ඇත්ත නැත්ත.

    (සුපිරි පබැදුමක්)
    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අා.............. උඹට මාව මතක් වෙනවා නිතරම නේද????? අර තුෂාර නිතරම කියන ටිකිරා අයියාගේ සමපෝෂ ගුලිය ගැන කතාව කියන්න වෙනවා මේ විදිහ කතා කිව්වොත් විදානයෝ

      කසුප්

      Delete
    2. මොකක්ද මේ සමපෝෂ කතාව. මට එහෙම එකක් මතක නෑනෙ.

      සී.ජේ. විදානේ

      Delete
    3. දැන් කවුද ඔය විදානේ කියන්නේ...............???? මට ඒ නම අහලා පුරුදු නැහැනේ..

      තුෂාර විතාරණ

      Delete
    4. what ever........ඉස්තූතියි විදානෙ

      Delete
  17. හිරගෙට නොදා මේ තිරිසන් කෙලි පොඩ්ඩ..
    තැබිය යුතුය බලු කූඩෙම සුව විඳිනට බලු බෙට්ට...

    ReplyDelete
    Replies
    1. මෙහෙම උන් හදන්නේ අපි කොයි ලෙසට
      කූඩුවෙ නොදා යවමුද එල්ලුම් ගහට
      බලු කූඩුවත් සැප වැඩි මෙහෙම ගෑනුන්ට
      කවදා හෝ වැටෙයි මිහිපිට අපායට

      Delete
  18. මම මේ තැනැත්තිය නිදොස් කරනවා නොවේ. පේන හැටියට පියාට Dementia වගේ තත්වයක් තියනවා. ඔහු නිවසේ හැම තැනම මළපහ කරනවා ඇති, අණතුරුදායක දේවල් කරනවා ඇති. මෙවැනි තත්වයකදී නිසි ප්‍රතිකාර පුනරුථාපනය වගේ දේවල් ගැන අවබෝධයක් නොමැති නිසා මේ තැනැත්තිය තාත්තාව කූඩු කරා වෙන්න ඇති. Dementia වගේ තත්ව ගැන ජනතාව දැණුවත් කිරීමට කාලයයි මේ

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්ස්.....................

      අැත්තට ම මේ තත්වය ගැන මනා සංවාදයක් අැති කරන්න මේ අවස්ථාව ඉතා වටිනවා.. ඒත් මේක මාධ්‍ය හරහා දුන්නු දැවැන්ත ප්‍රචාරයක් ලැබුණු ප්‍රවෘත්තියක් නිසා මේක ජනතාව ගත්තේ තාත්තා විදින දුක පැත්තෙන් විතරයි.... මේවා ගැන මීට වඩා වැදගත් විදිහේ සාකච්ඡාවක් ඉතා වැදගත්

      කසුප්

      Delete
    2. අනේ මොන ලෙඩක් තිබ්බත් ඒ තමන්ගෙ තාත්තනෙ.
      ඇයි බලු කූඩුවට දැම්මෙ? ගෙදර කාමරේකට දාන්න තිබ්බනෙ.
      ගුණේ නෑ, වෙන මොකුත් නෙමෙයි

      Delete
    3. මේ කියන දෙපැත්තම හැම ප්‍රශ්නයකම තියෙනවා. මාධ්‍ය දකින්නේ ජනතාවට වඩාත් රසවත් හා ඔවුන් ඉල්ලන පැත්ත. ව්‍යතිරේඛ උන්ට වැදගත් නෑ. මොනවා වුණත් මේ තරම් පහත් තත්ත්වෙට නොවැටි ඉන්න තිබ්බා ඒ දෝනියැන්දාට.

      Delete
    4. අන්න ඒ කතාව හරි මධුවෝ..............

      මොනවා වුණත් අන්තිම විග්‍රහයේදී කොරලා තියෙන වැඩේ කිසිදු අාකාරයකින් සාධාරණීකරණය කරන්න හැකි දෙයක් නෙමෙයි.. ඒ නිසා මමත් මෙතැනදී වැරදියි කියන තැන ඉන්නවා.... අනික් පැත්තට බොහෝ කරුණු තියෙන්න හැකියි.... ඒ වගේ ම මෙතැන මහා කතා කියන අය ඔය තැන හිටියානම් මීටත් වඩා දරුණු වැඩ කරන්නටත් හැකියි.... ඒ මොනවා වුණත් ඒ දෝණියැන්දෑ කොරලා තියෙන වැඩේ කිසිසේත්ම සාධාරණීකරණයකට ඉඩක් නැහැ...

      Delete
    5. අා විදානේ............

      මම තුෂාර

      Delete
  19. මට මොකුත් දාන්න හිතෙන්නේ නෑ... හෙන ගහනවා ඕකුන්ට.....

    ReplyDelete
    Replies
    1. චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි

      Delete
  20. අර තාත්තව කැලේට එක්ක ගිහිං වලක් කපද්දි පොඩි එකා ඇහුව නේද ඇයි තාත්තෙ මේ වලක් කපන්නෙ කියල එතකොට පොඩි එකාට තාත්ත දුන්න උත්තරෙයි තාත්තට පොඩි එකා දුන්න උත්තරෙයි මතකයි නෙ.. අන්න ඒ කතාව මේ ගෑනු මනුස්සය පොඩි කාලෙ අහල නැ වෙන්න ඕන..
    සංසාරෙ කියන්නෙම චක්‍රයක්.. දවසක කොහෙ හරි කොතනක හරි මේ තාත්තත් මොකක් හරි අකුසලයක් කරගන්න ඇති ඒ හින්ද තම්නෙ දුවගෙන් ඒකට විපාක හම්බෙනව. ඒ සර්කල් එකේ ඊළග වින්දිතය අර දුව..

    ඒ මනුස්සයන්ට බැන්න කියල ඇති වැඩක් නැ.. පොඩි කාලෙ ඉදන්ම මනස හදන්න ඕන විදියක් තියෙයි. නැද්ද
    කවිය නං සුපිරියි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ළමයි පොඩි කාලෙ දහම් පාසල් එහෙම යවන එක හොඳයි.
      ගුණ ධර්ම ඉගෙන ගන්න

      ඉස්තූතියි මහේෂ්.......

      Delete
  21. මේවා ගැන කතා කරන්නත් එපා වෙනවා කුරුටුස් . බලං ඉන්න අමාරුනම් අපිට ,ඒ තාත්තාට කොහොම දැනෙන්න ඇතිද?

    හැබැයි තාත්තා කවදාවත් පතන්නේ නෑ දුවට මේවා පල දෙන්න කියලනම්, ඒ තමයි දෙමව්පියන්ගේ හැටි

    ReplyDelete
    Replies
    1. පුතු සෙනේ පිතු හද තුලම මිස
      නැත පුතුන් හද තුල රඳන්නේ
      ඇට තුලට වැද ඇට ම්දුලු මත
      සදා කල් නැත දුක් දෙවන්නේ

      Delete
  22. පිය සෙනෙහස නැති ද දරුවනි හඳුනන්නේ.........
    කතා කරන්න නම් දුකයි ඒ ගැන, ඒත් කවියක් නම් ලියන්නම හිතුනා

    ReplyDelete
  23. ඇත්ත,කළ පව් පසුපස්සෙන් එයි...

    ReplyDelete
  24. මම නම් හිතන්නෙ නැහැ ඒ වගෙ අය ඇත්තටම සතුටින් සැපෙන් ජීවත්වෙනවා කියලා. ඔවුන් කරන්නෙ තමන්ගෙ හිත රවටා ගැනීමක්...

    දුක හිතෙන අර්ථවත් පැදි පෙළක් ඉසුරිකා
    ආයුබෝවන් !

    ReplyDelete
    Replies
    1. මුල අමතක වුනාම එහෙම දෙවල් මිනිස්සු අතින් වෙනව.තමන්ට ප්‍රයොජනයක් ගන්න බැරි වෙනකොට මුල්ලට විසි කරනව.ආගම දහමක් හරියට ඉගෙන ගත්තනම් මේව කරන්න හීනෙන්වත් බෑ.අඩු ගානෙ බල්ලවත් බලු කූඩුවෙ තියන්න හිතෙන්නෙ නෑ.

      ඉස්තූතියි කොමෙන්ටුවට ගීතිකා
      ආයුබෝවන්

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. අද සමාජය යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක්.. සුළු දේවල් මහා ලොකු දේවල් කරගෙන මාස ගණන් කෑගහන අස්සමෛ් වගේ ඇත්තම සදාචාරාත්මක ප්‍රශ්නත් මතු වෙනවා. හැබැයඓ් ගැන නිසි සංවාදයක් හරි විසඳුමක් සෙවීමක් හරි වෙන්නෙ බොහොම කලාතුරකින් මොකද වැඩිදෙනා අවධානය දෙන්නෙ රැල්ලට යන සුළු සුළු දේවල්වලට මිස මේ වගේ සමාජ ප්‍රශ්නනලට නෙමෙයි. මේක මේ වගේ දෙයක් වුණ පළවෙනි වතාව නෙමෙයි වගේම අවාසනාවකට වගේ අන්තිම වතාවත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් අශාන්...අවධානයට අරන් මිනිස්සුන්ගෙ ගුණාත්මක අංශය සංවර්ධනය කරන්න පුලුවන් නම් හොඳයි නේද?

      ඉස්තූතියි

      Delete
  27. සමාජයේ සිටින අනිත් දිණියන්ට හොඳ ආදර්ශයක්. නියමයි ඉසුරිකා
    ජයවේවා....! කුරුටු ගෑ ගී පවුර

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි දිරිමත් කිරීමට අසෙනි වැසි

      Delete
  28. කරන කලට පවු මිහිරිය මී සේ..
    විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ .. කිව්වලු..

    ReplyDelete
    Replies
    1. පව් කරන්නා මෙලොවත් තැවෙයි, පරලොවත් තැවෙයි

      ධම්ම පදය

      Delete
  29. මේක දැක්කම රූපවාහිනියේ අනේ සංසාරෙ! කියලමයි හිතුනේ. අපේ බෞද්ධ රටකට ගිය කල දසාව. සසර පුරුදු අත්හරින්න බැහැ වගේම කල කම් කවදා හෝ පසුපස එනබව නම් නියතයි.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දි..ගොඩක් වෙලාවට අපි සංසාරෙ,පුනර්භවය,අපාය,කර්මය වගේ දේවල් විශ්වාස කරන්නෙ නෑ.ඒ අපේ ම වාසියට. ඒත් එහෙම දේවල් ඇත්තට ම තියෙනව කියල හිතෙනකොට අපිට පව් කරන්න බය හිතෙනව.

      රටක් කියන්නෙ මිනිස්සුනෙ,මිනිස්සු කියන්නෙ මනසින් උසස් සත්ත්වයොනෙ..

      Delete
  30. කියන්න දෙයක් නෑ. දෙමව්පියො දරුවො ඉස්සරහ මේ විදියට අසරණ වෙනවා කියන දේ අදහගන්න බෑ. අසනීප තත්ත්වයක් හේතුවෙන් නම් වෙන ක්‍රියා මාර්ගයක් ගන්න තිබුනා. පුන්චි කාලෙ දරුවන්ට කවල පොවන නාවල පිරිසිදු කරල එයාලගෙ කැත කුණු කතගාන්නෙ දෙමව්පියො. එයාල යන්තම් ඇවිදින්න පටන් ගනිද්දි වැටෙයි කියල බයට පස්සෙන් පාරෙන් යන්නෙ, අනතුරුදායක දේවල් එක්ක සෙල්ලම් කරද්දි එයාල ලගින්ම ඉදන් එයාලව බලාගන්නව මිසක් කූඩු කරන්නෙ නැනෙ. එහෙනම් ඇයි දෙමව්පියන්ව අසනීප තත්ත්වයක් නිසා හරි මොන කෙහෙල්මලක් නිසා හරි කූඩු කරන්නෙ.
    තමන්ගෙ දෙමව්පියන්ට නොසලකන දරුවන්ට සෙතක් වෙන්නෙ නෑ කවදාවත්

    පද ගැලපීම සුපුරි..

    ReplyDelete
    Replies
    1. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ.......
      මේක පුංචි කාලෙ කියපු සින්දුවක්.

      ඉස්තූතියි නිදහසේ නවාතැන

      Delete
  31. තමන්ට බැරිනම් බලා ගන්න පුළුවන් තැනකට දෙන්ට තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත මනොජ්..ඒත් තමන්ට බැරි වෙලාත් බෑ නේද? තමන්ගෙ ම තාත්තනේ.

      Delete
  32. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...