Monday, September 28, 2015

ගහන්න එපා සර්...... මම තමයි සර් කොන්ඩයා.......


දවසක් දා පොලීසියට අාරාධනයක් ලැබුණා
ස්කොට්ලන්ඩ් පොලීසියෙන් සීල් තියාලා
අපේ ලොක්කො කලබල වී ගත්තා අැමතුමක් හනික
මොකක්ද මේ හතිලව්වෙ වෙන්නේ කියලා

අනේ මචං ඩෝන්ට් වොරී පුංචි තරගයක් තියෙනවා
උඹලත් දැන් රෙකග්නයිස් චරිත කියාලා
යූ එන් එක හොල්ලාගෙන ඉන්න නිසා ලොක්කා කිව්වා
කාඩ් එකක් ඔය පැත්තට යවන්න කියලා

අපේ ලොක්කා ගෙන්නාපී කොස්තාපල්ලා හතරක්
සාජන් කෙනෙකුට දුන්නා බලය පවරලා
හවසම නැගලා ගුවනට බැහැලා බැලින්නම් එරටට
හෙලිකොප්ටර් අමුතු මැෂින් අරුන් ගෙනැල්ලා

රටවල් තිහ හතලිහකම පොලීසි අැවිදින් තරගෙට
ලොක්කා අැවිත් තරගය ගැන විස්තර දුන්නා
කනේ ටැග් එකක් එල්ලපු හාවෙක් අැත අතහැරලා
ගිහින් හොයා ගන්න ඕනේ අැමේසන් කැලේ

අැමරිකාව, එංගලන්තෙ ප්‍රංශෙ එක්ක ජර්මනියත්
උපරිම කෙරුවාව දැම්මා හාවා හොයන්න
උඩින් බිමින් හැම තැනින් ම භට සේනා දහස් ගණන්
ඒත් බැරිවුණා හැංගුණ හාවා හොයන්න

අන්තිමේට නිදාන හුන් අපේ අයියලා සෙට් එක
නැගිට්ටවලා කිව්වා මේ ඔබේ වෙලාව
අපේ එවුන් ළග ගහකින් පොලු කඩාන වැඩට බැහැපි
පැය දෙක තුන ගතවුණ මුත් නෑනේ සද්ද

හිටපු ගමන් කැලේ මැදින් මතු වූයේ පත වළහෙකි
දෑත් දෙකම උස්සාගෙන උෟ දිව එනවා
හොටු පෙරාන අඩන වළහා පස්සෙන් එයි අපෙ කස්ටිය
ඊට පස්සේ අැහුණෙ දෙබස පහත විදිහටයි............................

පොලිස් කොස්තාපල් - උඹ කවුද????

වලස් තඩියා - මම තමයි සර් කොණ්ඩයා........

පොලිස් කොස්තාපල් - අා දැක්කානේ සර් මූ තමා වැඩේ කරලා තියෙන්නේ

ස්කොට්ලන්ඩ්යාඩ් ලොක්කා - දැන් කවුද මේ කොණ්ඩයා ... කෝ ඒතකොට හාවා......

පොලිස් කොස්තාපල් - අා........... දැන් අපි හොයන්න ඕනේ කොණ්ඩයා නෙමෙයිද සර්...

ස්කොට්ලන්ඩ්යාඩ් ලොක්කා - නෑනේ මේ තරගෙදි හොයන්න තියෙන්නේ හාවෙක්

පොලිස් කොස්තාපල් - අා............ හරි විනාඩි පහක් දෙන්න සර්...

වලස් තඩියා - එපා එපා සර් විනාඩි පහක් ඕනේ නැහැ . හාවත් මමම තමයි............. 



කසුප් අනුරාධ‍‍‍


.

74 comments:

  1. අඩේ මේකනම් නියමයි බොලේ...උඹ නම් මාරයි...

    අඬන්ට ඕන කේස් එකක් උනත් හිනා වෙන්ට වෙනව බන්...:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ

      හිතුවාට වඩා ටිකක් දරුණු කමෙන්ටුවක්.... ජයවේවා

      Delete
  2. මාත් ඔය කතාව අහල තියනව.

    අනික් පොලීසිවලින් එක එකා හොයාගෙන එනව. ලංකාවෙ පොලීසිය වලහෙක් අල්ලලගෙන ආවම ඌම කතා කරල කියනව ඌ සුදු හාවෙක් කියල. ඒ කියන්නෙ ඕන එකෙක් ලව්ව වැරැද්ද පිලිගන්නවනව.
    වධදීම රැකියාව කරගත් මේ අයට පස්සෙ පී ටී එස් ඩී වගෙ හැදෙනව ඇති.

    ලංකාවෙ පොලීසිය අපරාධ විමර්ශනය කියල කියන්නෙ මොකෙක් හරි අල්ලගෙන විත් උඩ එල්ලගෙන ගහන එක. අපරාධයක් වුනහම කවුද සැක කියල අහනව.ඊට පස්සෙ උස්සගෙන එනව.උඩ එල්ලගෙන ගහනව .වැරැද්ද පිළිගන්න කියල.
    අර කවුද කිව්ව වගෙ ඕනම ගොනෙකුට කරන්න පුලුවන් රස්සාවක්

    ReplyDelete
    Replies
    1. කොණ්ඩයාත් මමම තමයි සුදුහාවත් මමම තමයි.

      Delete
    2. අපේ කට්ටිය නඩු විසදන ක්‍රමේ ඔ්ක තමා මචං.. කොහොමත් උසාවි යන්න කලියෙන් ම කට්ටිය මාධ්‍ය හරහා නඩු විසදලා ඉවර කරනවානේ....

      Delete
  3. අර පොලීසියෙන් ගුටිකාපු කැබිතිගොල්ලෑවෙ ආබාධිතයටත් හෙන නඩු තොගයක් දානවලු. පොලීසියට අමතාක වෙලා තව චෝදනාවක් ඕකට ඇතුළු කරතැහැකි. දක්ෂ පොලිස්කාරය ලගට එනකොටම පොලිසගෙ කනට කරල ආබාධිතය කිව්වකීයල දැම්මනම් " මම රජයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමි " කියල. ඒක මරණ දඩුවම ලැබිය හැකි වරදක්.රජයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම.

    ReplyDelete
  4. ඒක නම් ඇත්ත කුරුට්ටෝ.... කවදාවත් ලංකාවෙ පොලිසියේදී වලහා වලහා වෙන්නේම නෑ.......

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත................... අපේ කට්ටිය මේ දවස් වල හොයන්නේ ම කොණ්ඩයෝනේ.... ඉතින් නිදා හිටපු අපේ කට්ටිය හිතලා තියෙන්නේ තාම ඉන්නේ ලංකාවේ කියලා.... හැක්

      Delete
  5. පස්ටයි , හැක හැක හැක හැක හැක හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. තැන්කූ , හිකි හිකි හිකි හිකි හිකි හිකි හිකි හිකි

      Delete
  6. Replies
    1. අැත්ත තත්වය ඔ්කයි............ තුශානි

      Delete
  7. හිනාවෙලා අඬන්න වෙන කථාවක්, නිර්මාණ හැකියාව අති විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්............. ස්තූතියි........

      Delete
  8. කතාව කලින් අහලා තිබුනා.ඒත් කුරැටු නියමෙටම කතාව ලියලා තියන නිසා අලුත් කතාවක් වගේ දැනෙනවා.
    මටනමි පොලිසියේ අය දකිනකොට දැනේනේ මහා භයානක මෝඩ අපරාධකාරයේ පිරිසක් දකිනවා වගේ හැගීමක්.අනිත් අයටත් එහෙමද දන්නැ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙත් ඔය විදිහට ම හිතන අය ලංකාවේ බොහොමයක් ඉන්නවා.....

      Delete
  9. ඒක නං ලොල් ඈ...
    නියම උපහාසය
    හැබැයි මේකත් කියන්න ඕන කවිය තැනිං තැනිං ට්‍රැක් එක පැනල
    ඒත් කියන්න ගිය දේට ඒක අවුලක් නෑ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් සහෝ............

      Delete
  10. අපේ පොලිසිය හරිම දක්ෂයිනෙ කුරුටු ගොරක දඩ මස් කරන්න.
    පට්ටයිනෙ හැක හැක හැක

    ReplyDelete
  11. නියමයි.. කතා කීපයක් එකට ගලපලා අරන් තියෙනවා අපුරුවට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක තමා අැත්ත තත්වය ගස්........

      Delete
  12. Replies
    1. තැන්කූ............. තැන්කූ.................

      Delete
  13. ඔය වගේම තමයි ලංකාවෙ ජඩ මාධ්‍යත්. උනුත් ඔහොමම අහක ඉන්න උන් හාවො කරනවා....

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත ශ්‍රීනාත් සහෝ...................

      Delete
  14. උපහාසාත්මකයි අගෙයි
    ජයවේවා
    ගී පවුර තෘ කසුප්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ................

      Delete
  15. අනේ අර පාසල් දරුවට අදත් ඇප දීලා නැහැ. කොටදෙනියාවේ පොලීසියේ හෝ හෝ අයි සී මොටා විරුද්ධයිලු. කොල්ලා ආවොත් හෝ හෝ අයි සී ගේ #@$%&&*$$#@ කියලා.

    ReplyDelete
    Replies
    1. මේ කරන්නේ විකාර....... දැන් ප්‍රධාන සැකකරු කියලා කෙනෙකුත් ඉන්නවා... කිසිම සම්බන්ධයක් නැති අප්‍රධාන සැකකරුවෝ කියලා ජාතියකුත් ඉන්නවා.... මේ කරන්නේ අර කොහෝවත් ඉන්න මිනිස්සුන්වත් මිනීමරුවෝ කරන්න හදන ඒකයි..... මේ සමාජය ගැන කොච්චර තරහක් අැද්ද ඒ කොල්ලාට

      Delete
  16. ලංකාවේ පොලෝසියනේ.. කොහේ ගියත් වැඩ පෙන්නලා තමයි එන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි ඒහෙම තමා............ කොහොමද අපේ වැඩ්ඩෝ ටික.... මේ දවස් වල මෙහෙ සුපිරි වැඩ පෙන්නන්නේ.....

      Delete
  17. ගුඩ් වර්ක් කසුප්! තව කී දෙනෙකුට පාරෙ බැහැලා යන්න බැරිවෙන්න වැඩේ සිද්ද කරයිද දන්නෑ ඔය රැකවල්ලු ටික. තමන් කරන්නේ සම්පූර්ණ මානුෂීය අයිතිවාසිකම් කැඩීමක් වුණත් ඒවා සාධාරණීකරණය කරන බොළඳ ඒකාකාරී ක්‍රමයම ඇති මුන් මොනතරම් ප්‍රාථමික මට්ටමේ ජීවීන්ද කියලා පේන්න. උඹ රිදෙන්නම දීලා තියෙනවා. දිගටම ලියපං. උඹ ලියනවා මදි.
    මම අහල තියෙන විදිහට ස්කොට්ලන්ඩ් යාඩ් එක කැලේ සමතලා කලාලු. ඇමෙරිකාවෙ සෙට් එක කැලේට ගිනිතියලා ප්‍රශ්නෙ විසඳුවලු, දෙගොල්ලන්ගෙම දර්ශනය කැලෙත් නෑ හාවත් නෑ කියලා. ඒ වුණාට ඔය රටක මේ දේවල් සිද්ද වුණානම් බර ගානක් ගෙදර යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මාධවියෝ.....................

      අපේ රටේ විතරනේ යහපාලනයට ඡන්දය දීලා අායෙම කුඩු කාරයෝ ඒතනෝල්කාරයේ.... පාතාලයෝ අැමතිලා කරන්නේ..... අපි ඉතින් කොහොමත් ලෝකෙන්ම උතුම් රටනේ....

      Delete
  18. හාවා ෂුවර් එකටම පොලිසියේ ලොකු මහත්තයාගේ ගෙදර ලිපේ ඉදෙනවා ඇති......

    ReplyDelete
    Replies
    1. අම්මපා.................. ඒක දැන්නේ මතක් වුණේ.........

      Delete
    2. - - - - - - - - - - - - - - - =

      Delete
  19. හාවා වුනු කොන්ඩ වලහා උග්‍ර උන්මතකයෙක්ද​ http://madthoughtful.blogspot.com/2015/09/blog-post_14.html වෙච්චි එකේ බැටළු හමක් පොරවගත්තු නරිවන් කුකුළෙක්වත් ඔය කැලයේ හැංගිලා ඉන්නවද කියලත් සිතන්නට සිතෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වලහාගේ ලැප් ඒකකුත් ළග ගහක් යට තිබිලා හොයාගෙන තියෙනවා.... උෟම තමා මේක කරලා අැත්තේ...... උෟ තමා දැන් ප්‍රධාන සැකකාර වළහා...... අපේ කොස්තාපල්ලා කියලා තියෙන්නේ ඒහෙමයි...

      Delete
  20. නිතිය අවනීතිය කරන්න තමයි ලංකවේ පොලිස්කාරයෝ ගොඩක් වේලාවට දන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.................. නීතිය දැන් කාගේ කාගෙත් බූදලයක් වෙලා...

      Delete
  21. Replies
    1. ස්තූතියි ඉන්ද්‍ර සහාේ................

      Delete
  22. එල ද බ්‍රා
    උඔ දන්නවනේ මේ වචනේ ඇතුලේ කියන්න ඔනේ හැම දෙයක්ම තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උඹේ රස්සාවත් තියෙනවානේ........

      Delete
    2. ගුත්තිල කාව්‍ය ලිව්වෙ කවුද කියලා අහගන්න රාලාහාමි කනෙකුට බාර දිලා ගිය පොලිස් ලොක්කාගේ කතාවත් ලියපන්.

      Delete
    3. ඒකත් මේ වගේමනේ...... අපේ පොලෝසියට සුපිරි ඉතිහාසයක් වගේ ම සුපිරි සාහිත්‍යයකුත් තියෙනවානේ මචං

      Delete
  23. ෂා නියමයි වෙනස්ම රහකට ඒ කතාවත් හෙක් හෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිළිණියෝ............................

      Delete
  24. දුකට සැපට ඔබට ඉන්නේ ඔබේ පොලෝසිය
    අපිට දුක උන්ට සැප

    ReplyDelete
    Replies
    1. කොස්තාපල් පුඤ්ඤොසෝමලා ගොඩයි....

      Delete
  25. වෙන කියන්න දෙයක් නෑ පට්ටයි..........

    ReplyDelete
  26. පුක නෑ.... (පුක යනු කුණුහබ්බයක් නොවේ...)

    ReplyDelete
    Replies
    1. ප*යා යනුද කුණුහබ්බයක් නොවේ...... ඒය ගෙඩියට සමාන පදයකි....

      Delete
  27. කතාව කලින් අහල තිබ්බට අවස්ථා සම්භන්දයත් එක්ක එදිරිපත් කිරීම එළම තමයි.. මාතේ කියුවා වගේ.. පුක නෑ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. දැන් මොකක්ද මේ පුක.................

      Delete
  28. කතාව අහල තිබ්බට මේ විදිහ හොඳා. මට මතක් උනේ ස්ලම් ඩෝග් මියිලනේයර් ෆිල්ම් එකේ මුල් ජවනිකා ටික...

    ReplyDelete
    Replies
    1. ඒකේ තියෙන්නේ අර පන්නාගෙන යන සිද්ධියක් නේද???

      Delete
    2. ඒක නෙවෙයි. අර කොල්ලා උත්තර ඔක්කොම දැනගත්තෙ කොහොමද කියලා දැනගන්න පොලිසියෙදි කරන්ට් එක අල්ලන කෑල්ල...

      Delete
    3. අම්මපා............... ඒක මතක් කරන්න අායෙම ෆිල්ම් ඒක හොයාගෙන බැලුවා....... කියලා වැඩක් නැහැ.. අාසියාවෙම පොලීසි ඒකවගේ බං.......

      Delete
  29. එල කිරි... කවි, කථා , විරිඳු, වීදි නාට්‍ය සඳහා මාර්තෘකා අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා පොලිසියට අපි ණයගැතියි බන්..

    ReplyDelete
    Replies
    1. අනිවා............... මේක මාර පොලෝසියක් බං....

      Delete
  30. ඇයි බන් කාලෙකට කලින් කන්ගැට්ටා දුන්නෙත් මේ ආතල් එකනෙ.කටුගෙට පැන්නේ අම්බාඅනක කුඩු ගහලා.ලොකේ ඉන්න දක්ශම කුඩ්ඩා ඌනෙ

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා............ ඒ කාලේ දේවල් ම දැන් අායෙම අායෙම වෙනවා..... වෙනස කස්ටිය විතරයි...... සිද්ධ වෙන්නේ ඒකම දේ තමා...

      Delete
  31. තුෂාර විතාරණ ට මේල් එකක් යවන විධිහක් කියනවද? හසිතට යවපු මේල් එකට පිළිතුරක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. අජිත් සහෝ.................... තුෂාරට පණිවුඩය කිව්වා.... හසිතගේ මේල් ඒකම බලලා උත්තර ඒවාවි........ ජයවේවා

      Delete
  32. නියමයි කුරුටු ගී වෙනස් රහක නිර්මාණයක්.
    ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අසනි............... තැන්කූ

      Delete
  33. සුපිරියටම ලියල තියේනවා !!

    ReplyDelete
  34. ඕ සම් කියන්නේ හොදටම ඕසම්

    ReplyDelete
  35. :D :D :D
    thawath winaadi pahak dhunna nam
    sir kiyana ooni kenek wewi eyaa
    ammapa sir me Aththmayi

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...