නිශා...තරු කැට අතුරා
හිතේ... සඳ මිණි දවටා
ළඳේ ...මා ගිනි නිවලා
මගේ... සුසුම් සිර වෙලා...........
නීල නෙතු සරින් නුඹේ
පාන මල් සිනා පිරේ
කෝල සිත් මුළා වුණේ
මාන නෙත් සරින් ළඳේ..........
මිහිරාවියේ මා නෙත් මානයේ රැදී
ගිම්හානයේ මා පාලුවෙන් වෙළී
සංසාරයේ ඔබෙ සුසුමෙහි වෙළි
නින්නාද වෙයි හද ගත කිතිකැවී...........
හංස තලාවෙහි සුව දී වෙළී
නින්ද සොරා ගෙන අැයි ඔබ ගියේ
වින්ද වේදනා නිදි නැති රැයේ
මන්ද නොදැනුනේ අද මිහිරාවියේ...........
කාංචනා චන්ද්‍රසේකර
.
ඔය තියෙන්නේ... සුපිරියි එකෙන්ම
ReplyDeleteමේ වගේ ඒව වැඩි වැඩියෙන් දාන්න
ජයවේ ගී පවුර තෘ කාංචනා
ස්තුතියි වර්ණ.......
Deleteහා... අද කාන්චනා කියලා කෙනෙක් ඉන්නෙ. කෝ පහුගිය කාලෙ හිටපු අනුරාද, ඉසුරිකා, තුශාර, අසංක? හරි හරි ඒකට කමක් නෑ. ඔය කාන්චනා කියන්නෙ මගෙ නමේ ෆීමේල් නමනෙ.
ReplyDeleteඅන්න ඒකයි කියන්නෙ. සුපිරි කවියක් ලියැවුනොත් ඉතින් එහෙම තමයි.
ජයවේවා කාන්චනා!
මේ බ්ලොගය 11 දෙනෙකුගේ උත්සාහයක් අහසෙන්..........කාලෙකින් පද කිහිපයක් කුරුටු ගෑවේ..ස්තුතියි අගය කිරීමට......
Deleteපින්තූරෙට නිර්මාණය අපූරුවට ගැලපෙනවා...
ReplyDeleteමගේ හිතේ තිබුණ අදහසට රූපයක් ගලපන්න හිතද්දි තුෂාර පෝස්ට් කරල ඉවරයි මාතලන්....
Deleteඒක තමා ස්වාමිපුරුෂයාට තියෙන අයිතිය බොලව්.... හහ් හහ් හා...
Deleteතුෂාර
මං කවිය කියවන්න කලින් බැලුවේ කවුද මේකේ රචකයා කියලා..
ReplyDeleteවෙලාවට අර තුෂාරයයි- අසංකයයි නොවුනේ, (උං කයි පබදින්න දන්නවැයැ)
ආයේ කියන්න දෙයක් නෑ..
ඉස්තරං කාංචනා වීරසිංහ
ජ ය වේ වා !!!
මම කාංචනා වීරසිංහ නෙවෙයිනෙ.කොයින්ද ඒක හොයා ගත්තෙ විදානෙ............. ස්තුතියි අගය කිරීමට.
Deleteඒ උඹ අපේ පවුල කඩන්න වගේ ට්‍රයි ඒක... කාංචනා කොහොමද බොල වීරසිංහ වෙන්නේ.....????? මං විතාරණනේ.......
Deleteසොරි සොරි සොරි සොරි..
Deleteහැබැයි මං උඹව සදහටම අමතක කරලයි හිටියේ.. ඒකයි මේ මිස්ටේක...
සොරි KW
අා................. ඒහෙම වරෙං..... මං බැලුවා කාංචනාගේ තාත්තා චන්ද්‍රසේකර වෙච්චි.. මම විතාරණ වෙච්චි.... යකෝ කොහොමද ඒහෙම වුණේ කියලා....
Deleteඋඹ වැඩඅැරිලා ගෙදර යන බස්ඒකේ තියෙන අවුලද කොහෙද උඹට බලපාලා තියෙන්නේ..... ටිකක් ගැස්සෙන්නැති බස් ඒකක යමං....
පට්ට...
ReplyDeleteස්තුතියි.............
Deleteඑල ද බ්‍රා..
ReplyDeleteනියමයි දැන් තමයි පවුරේ අනිත් අය එලියට බහින්නෙ
අසංකයා පොල් පැලේ කෑවලු..
Deleteකෝ ඉතින් අපිට ලියන්න මේ අය දෙන ඒකක්යැ මෙන්ඩා..
Delete..........ස්තුතියි අැගයීමට
විදානෙ.. අසංක අයියා පොල් පැලේ කෑවෙ ගිය මාසෙ 19 වැනිදා...........
Deleteඅසංක අයියා වරෝ........ විදානයා චරිතය කනවෝ..... මෙහෙ වරෝ...........
Deleteතුෂාර...
දැං ඌ එන්නේ කෙහොමද මේ සතිදෙකේ ගොඩාක් මහන්සිවෙලා වැඩ කරලා දැං දනිස් වල සිද්ධාලේප ගානවා ඇති
Deleteනෑ............... නෑ............ බං තාම දණගාන්න පටං ගත්තේ නෑ.... තව සතියක් විතර යනකං මිනිහෙක් වගේ ඉන්නවා.. ඊට පස්සේ තමා බං දණගාගෙන පස්සෙන් යන්නේ... තවත් මාසයක් දෙකක් ගියාම බඩගාගෙන නෙවැ....... උඹ දැන් කොහොමද බං ඉන්නේ?????? දැන් ලොකු කාලයක්නේ?????
Deleteඅා......... කියන්න බැරි වුණා... මං තුෂාර...
Deleteතොපි වගේ පිස්සු හුටංලට බලන්න කවි ලියනවට වඩා හොඳයි බැනුම් අහ අහ පවුල් කන එක...හැක්..හැක්...හෑ...
Deleteඅසංක
හරි හරි අසංකයා හනිමුන් ඉවර කරමුකෝ.....
Deleteඅසංක හනිමූන් ඉවර කරයිද හනිමූන් අසංක ඉවර කරයිද දන්නෑ නේද බං.....????? හැක් ................
Deleteතුෂාර
අසංකයා පාටියක් දිපන්
Deleteඅනිවා අපිත් අහන්නමයි හිටියේ..... බ්ලොග් සෙට් ඒකට මොනවැයි දෙන්නේ කියලා?????
Deleteතුෂාර
පිංතුරයට අදාළව සුපිරියටම ලියැවුණු කවි පෙළක්..
ReplyDeleteඅගය කළාට ස්තුතියි නලීන්........
Deleteලස්සනයි කුරුට්ටෝ
ReplyDeleteස්තුතියි මිත්‍ර............
Deleteහොඳ තනුවක් දාල ගත්තනම් ලස්සන ගීතයක්. පින්තූරයට නියමෙට මැච් වෙනව .සුපිරි
ReplyDeleteපද ටික ඔහේ ලියාගෙන ගියා මධ්‍යස්ථ..
Deleteස්තුතියි අැගයීමට
ඉතාමත් හොඳ ගීතයක්.
ReplyDeleteස්තුතියි...............
Deleteසිංදුවකට නියම පදවැලක්.
ReplyDeleteඅැත්තට ම මනෝජ් මමත් මේක ලියුවේ ඒ අදහසින් තමා.... ටිකක් අලුත් අාරයට යන තාලයකට..... පද ලියද්දි මුල් කොටස සහ අනික් කොටස් වෙනස් කරෙත් ඒකයි...... ඒක තේරුම් ගත්තාට සතුටුයි....
Deleteනිදි නැති රෑ යාමේ
ReplyDeleteසීතේ සීතේ සී...තේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගී...තේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා....
අනර්ගයි කාංචනා සහ කුරුටු
ස්තූතියි තෙලී සුභ පැතුමට...... මේ ශක්තිය තමා වැදගත්.... වෙන මොනවා ලබන්නද අපි මේ කවි ලියැවිල්ලෙන් නේද තෙලී.........
Deleteඑහෙනං. අපේ කයියක් අගය කරන එක, අඩුවක් පාඩුවක් පෙන්නල දෙන එක මොනතරම් සතුටක්ද.
Deleteඔයාලට සුභ පතන්න කයියක් ලියද්දි මට මතක්වුනේ මේ සිංදුව තමා. මං ලියන කයියට වඩා මේක ගති කියල හිතුන ඉස්තරම් විදියට සුභපතන්න.
ඒක තමා කියවාගෙන යද්දි මං හිතුවෙත් ඔබේ කවියක් කියලා.. ඒත් මැදදි තේරුණා..... අගෙයි තෙලී..
Deleteඅර පිඉස්සු ජෝඩුව ලියන ඒවට වඩා මේ වගේ දෙයක් කොච්චර ලස්සනද... ඇත්තටම ලස්සනයි..
ReplyDeleteඅා................ ශ්‍රීනාතුත් ඒහෙම හිතනවාද????? ස්තූතියි කොහොම වුණත් මගේ කවිය අගය කිරීමට...
Deleteවරෙං වෙලාවක උඹට ජෝඩුව පෙන්නන්න...බුහැහ්...හැහ්...හෑ...
Deleteඅසංක
/අර පිඉස්සු ජෝඩුව/
Deleteරයිනයි සූකරයි වගේ
නෑ විදානෙයි ටිකිරායි වගේ........ (අර සමපෝෂ ගුලියක් තියෙන ටිකිරා)
Deleteටී එමි ජයරතන්ගේ සිංදුවක් මතකයට ආවා මෙ පිංතුරයත් එක්ක
ReplyDeleteඑදා වගේ සද පෑයු දිනයක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිදක් රැදෙන්නට
වරම් ලැබේවා..... යළි මතු දිනයක
ස්තූතියි මනෝ................
Deleteලස්සන ගීතයක පද වලින් දැක්වූ සහයට....ජයවේවා
ලස්සනයි ලස්සනයි..
ReplyDeleteතැන්කූ තැන්කූ
Deleteඅනේ ආදර කවි නම් මට තේරෙන්නේ නෑ හොඳේ.. ඔන්න ඇත්තම කිව්වා..
ReplyDeleteඔව්නේ.............. අගහරු බබෝ.... මාත් ඔය තේරුමකට ලිව්වා නෙමෙයි....
Deleteබොහොමත්ම ස්තුතියි...දිරිගැන්වීමට..
ReplyDeleteආයෙත් එන්න
කු ගෑ ගී ප වෙනුවට විදානේ
https://www.youtube.com/watch?v=GdVoNB_bU1w
ReplyDeleteබැලුවා විචාරකයෝ.................
Deleteතේරුමක්නම් නැහැ.... ලස්සන ගීතයක්... දැනුත් රූපවාහිනියේ යන සුහානී රාත් බලන ගමන්.... අැත්තට ම අාසයි පරණ හිංදි ගීත වලට.... සුන්දරයි.....
'නීන්ද් චුරායේ' කියන්නෙත් නින්ද සොරාගත්තා කියන තේරුමමයි. මේ කවිටික කියවපු ගමන් මට මතක්වුනේ ඉස්කෝලේ යන කාලේ බලපු මේ චිත්‍රපටිය.
Deleteමොනාවුනත් අර අසන්කයයි තුෂාරයයි මේකේ දැන් වැඩිය ලියන්නේ නැති නිසා , පිරියෙන් ඇවිත් බලුවහැකි. අම්මප
ReplyDeleteපව් අහිංසකයෝ දෙන්නා...... හෙට උදේවත් මේක දැක්කා ම ඉවාන් අමතයි....
Deleteගෙවන ගානට හරි යන්න ඔන්න ඔහොම වැඩ කරහං විදානේ.....
ReplyDeleteතුෂාර