Tuesday, September 8, 2015

නින්ද සොරා ගෙන අැයි ඔබ ගියේ..........



නිශා...තරු කැට අතුරා
හිතේ... සඳ මිණි දවටා
ළඳේ ...මා ගිනි නිවලා
මගේ... සුසුම් සිර වෙලා...........


නීල නෙතු සරින් නුඹේ
පාන මල්    සිනා    පිරේ
කෝල  සිත් මුළා වුණේ
මාන නෙත් සරින් ළඳේ..........


මිහිරාවියේ මා නෙත් මානයේ රැදී
ගිම්හානයේ මා පාලුවෙන් වෙළී
සංසාරයේ ඔබෙ සුසුමෙහි වෙළි
නින්නාද වෙයි හද ගත කිතිකැවී...........


හංස   තලාවෙහි   සුව  දී    වෙළී
නින්ද සොරා ගෙන අැයි ඔබ ගියේ
වින්ද  වේදනා  නිදි  නැති  රැයේ
මන්ද නොදැනුනේ අද මිහිරාවියේ...........



කාංචනා චන්ද්‍රසේකර



.

60 comments:

  1. ඔය තියෙන්නේ... සුපිරියි එකෙන්ම
    මේ වගේ ඒව වැඩි වැඩියෙන් දාන්න
    ජයවේ ගී පවුර තෘ කාංචනා

    ReplyDelete
  2. හා... අද කාන්චනා කියලා කෙනෙක් ඉන්නෙ. කෝ පහුගිය කාලෙ හිටපු අනුරාද, ඉසුරිකා, තුශාර, අසංක? හරි හරි ඒකට කමක් නෑ. ඔය කාන්චනා කියන්නෙ මගෙ නමේ ෆීමේල් නමනෙ.

    අන්න ඒකයි කියන්නෙ. සුපිරි කවියක් ලියැවුනොත් ඉතින් එහෙම තමයි.

    ජයවේවා කාන්චනා!

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගය 11 දෙනෙකුගේ උත්සාහයක් අහසෙන්..........කාලෙකින් පද කිහිපයක් කුරුටු ගෑවේ..ස්තුතියි අගය කිරීමට......

      Delete
  3. පින්තූරෙට නිර්මාණය අපූරුවට ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ තිබුණ අදහසට රූපයක් ගලපන්න හිතද්දි තුෂාර පෝස්ට් කරල ඉවරයි මාතලන්....

      Delete
    2. ඒක තමා ස්වාමිපුරුෂයාට තියෙන අයිතිය බොලව්.... හහ් හහ් හා...

      තුෂාර

      Delete
  4. මං කවිය කියවන්න කලින් බැලුවේ කවුද මේකේ රචකයා කියලා..
    වෙලාවට අර තුෂාරයයි- අසංකයයි නොවුනේ, (උං කයි පබදින්න දන්නවැයැ)

    ආයේ කියන්න දෙයක් නෑ..
    ඉස්තරං කාංචනා වීරසිංහ

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මම කාංචනා වීරසිංහ නෙවෙයිනෙ.කොයින්ද ඒක හොයා ගත්තෙ විදානෙ............. ස්තුතියි අගය කිරීමට.

      Delete
    2. ඒ උඹ අපේ පවුල කඩන්න වගේ ට්‍රයි ඒක... කාංචනා කොහොමද බොල වීරසිංහ වෙන්නේ.....????? මං විතාරණනේ.......

      Delete
    3. සොරි සොරි සොරි සොරි..
      හැබැයි මං උඹව සදහටම අමතක කරලයි හිටියේ.. ඒකයි මේ මිස්ටේක...

      සොරි KW

      Delete
    4. අා................. ඒහෙම වරෙං..... මං බැලුවා කාංචනාගේ තාත්තා චන්ද්‍රසේකර වෙච්චි.. මම විතාරණ වෙච්චි.... යකෝ කොහොමද ඒහෙම වුණේ කියලා....

      උඹ වැඩඅැරිලා ගෙදර යන බස්ඒකේ තියෙන අවුලද කොහෙද උඹට බලපාලා තියෙන්නේ..... ටිකක් ගැස්සෙන්නැති බස් ඒකක යමං....

      Delete
  5. එල ද බ්‍රා..
    නියමයි දැන් තමයි පවුරේ අනිත් අය එලියට බහින්නෙ

    ReplyDelete
    Replies
    1. අසංකයා පොල් පැලේ කෑවලු..

      Delete
    2. කෝ ඉතින් අපිට ලියන්න මේ අය දෙන ඒකක්යැ මෙන්ඩා..
      ..........ස්තුතියි අැගයීමට

      Delete
    3. විදානෙ.. අසංක අයියා පොල් පැලේ කෑවෙ ගිය මාසෙ 19 වැනිදා...........

      Delete
    4. අ‍සංක අයියා වරෝ........ විදානයා චරිතය කනවෝ..... මෙහෙ වරෝ...........

      තුෂාර...

      Delete
    5. දැං ඌ එන්නේ කෙහොමද මේ සතිදෙකේ ගොඩාක් මහන්සිවෙලා වැඩ කරලා දැං දනිස් වල සිද්ධාලේප ගානවා ඇති

      Delete
    6. නෑ............... නෑ............ බං තාම දණගාන්න පටං ගත්තේ නෑ.... තව සතියක් විතර යනකං මිනිහෙක් වගේ ඉන්නවා.. ඊට පස්සේ තමා බං දණගාගෙන පස්සෙන් යන්නේ... තවත් මාසයක් දෙකක් ගියාම බඩගාගෙන නෙවැ....... උඹ දැන් කොහොමද බං ඉන්නේ?????? දැන් ලොකු කාලයක්නේ?????

      Delete
    7. අා......... කියන්න බැරි වුණා... මං තුෂාර...

      Delete
    8. තොපි වගේ පිස්සු හුටංලට බලන්න කවි ලියනවට වඩා හොඳයි බැනුම් අහ අහ පවුල් කන එක...හැක්..හැක්...හෑ...

      අසංක

      Delete
    9. හරි හරි අසංකයා හනිමුන් ඉවර කරමුකෝ.....

      Delete
    10. අසංක හනිමූන් ඉවර කරයිද හනිමූන් අසංක ඉවර කරයිද දන්නෑ නේද බං.....????? හැක් ................

      තුෂාර

      Delete
    11. අසංකයා පාටියක් දිපන්

      Delete
    12. අනිවා අපිත් අහන්නමයි හිටියේ..... බ්ලොග් සෙට් ඒකට මොනවැයි දෙන්නේ කියලා?????

      තුෂාර

      Delete
  6. පිංතුරයට අදාළව සුපිරියටම ලියැවුණු කවි පෙළක්..

    ReplyDelete
    Replies
    1. අගය කළාට ස්තුතියි නලීන්........

      Delete
  7. Replies
    1. ස්තුතියි මිත්‍ර............

      Delete
  8. හොඳ තනුවක් දාල ගත්තනම් ලස්සන ගීතයක්. පින්තූරයට නියමෙට මැච් වෙනව .සුපිරි

    ReplyDelete
    Replies
    1. පද ටික ඔහේ ලියාගෙන ගියා මධ්‍යස්ථ..
      ස්තුතියි අැගයීමට

      Delete
  9. Replies
    1. බොහොමත්ම ස්තුතියි...දිරිගැන්වීමට..
      ආයෙත් එන්න

      කු ගෑ ගී ප වෙනුවට විදානේ

      Delete
    2. ගෙවන ගානට හරි යන්න ඔන්න ඔහොම වැඩ කරහං විදානේ.....

      තුෂාර

      Delete
  10. ඉතාමත් හොඳ ගීතයක්.

    ReplyDelete
  11. සිංදුවකට නියම පදවැලක්.

    ReplyDelete
    Replies
    1. අැත්තට ම මනෝජ් මමත් මේක ලියුවේ ඒ අදහසින් තමා.... ටිකක් අලුත් අාරයට යන තාලයකට..... පද ලියද්දි මුල් කොටස සහ අනික් කොටස් වෙනස් කරෙත් ඒකයි...... ඒක තේරුම් ගත්තාට සතුටුයි....

      Delete
  12. නිදි නැති රෑ යාමේ
    සීතේ සීතේ සී...තේ
    සුමියුරු වේ මාගේ
    ගීතේ ගීතේ ගී...තේ

    සවන් සැනසේවා
    රාව පැතිරේවා
    සැවොම තුටු වේවා
    වාසනා වේවා....

    අනර්ගයි කාංචනා සහ කුරුටු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තෙලී සුභ පැතුමට...... මේ ශක්තිය තමා වැදගත්.... වෙන මොනවා ලබන්නද අපි මේ කවි ලියැවිල්ලෙන් නේද තෙලී.........

      Delete
    2. එහෙනං. අපේ කයියක් අගය කරන එක, අඩුවක් පාඩුවක් පෙන්නල දෙන එක මොනතරම් සතුටක්ද.

      ඔයාලට සුභ පතන්න කයියක් ලියද්දි මට මතක්වුනේ මේ සිංදුව තමා. මං ලියන කයියට වඩා මේක ගති කියල හිතුන ඉස්තරම් විදියට සුභපතන්න.

      Delete
    3. ඒක තමා කියවාගෙන යද්දි මං හිතුවෙත් ඔබේ කවියක් කියලා.. ඒත් මැදදි තේරුණා..... අගෙයි තෙලී..

      Delete
  13. අර පිඉස්සු ජෝඩුව ලියන ඒවට වඩා මේ වගේ දෙයක් කොච්චර ලස්සනද... ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අා................ ශ්‍රීනාතුත් ඒහෙම හිතනවාද????? ස්තූතියි කොහොම වුණත් මගේ කවිය අගය කිරීමට...

      Delete
    2. වරෙං වෙලාවක උඹට ජෝඩුව පෙන්නන්න...බුහැහ්...හැහ්...හෑ...

      අසංක

      Delete
    3. /අර පිඉස්සු ජෝඩුව/
      රයිනයි සූකරයි වගේ

      Delete
    4. නෑ විදානෙයි ටිකිරායි වගේ........ (අර සමපෝෂ ගුලියක් තියෙන ටිකිරා)

      Delete
  14. ටී එමි ජයරතන්ගේ සිංදුවක් මතකයට ආවා මෙ පිංතුරයත් එක්ක
    එදා වගේ සද පෑයු දිනයක
    එදා වගේ සීතල තුරු සෙවනක
    ඔබේ උණුසුමේ බිදක් රැදෙන්නට
    වරම් ලැබේවා..... යළි මතු දිනයක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ................

      ලස්සන ගීතයක පද වලින් දැක්වූ සහයට....ජයවේවා

      Delete
  15. ලස්සනයි ලස්සනයි..

    ReplyDelete
  16. අනේ ආදර කවි නම් මට තේරෙන්නේ නෑ හොඳේ.. ඔන්න ඇත්තම කිව්වා..

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.............. අගහරු බබෝ.... මාත් ඔය තේරුමකට ලිව්වා නෙමෙයි....

      Delete
  17. https://www.youtube.com/watch?v=GdVoNB_bU1w

    ReplyDelete
    Replies
    1. බැලුවා විචාරකයෝ.................

      තේරුමක්නම් නැහැ.... ලස්සන ගීතයක්... දැනුත් රූපවාහිනියේ යන සුහානී රාත් බලන ගමන්.... අැත්තට ම අාසයි පරණ හිංදි ගීත වලට.... සුන්දරයි.....

      Delete
    2. 'නීන්ද් චුරායේ' කියන්නෙත් නින්ද සොරාගත්තා කියන තේරුමමයි. මේ කවිටික කියවපු ගමන් මට මතක්වුනේ ඉස්කෝලේ යන කාලේ බලපු මේ චිත්‍රපටිය.

      Delete
  18. මොනාවුනත් අර අසන්කයයි තුෂාරයයි මේකේ දැන් වැඩිය ලියන්නේ නැති නිසා , පිරියෙන් ඇවිත් බලුවහැකි. අම්මප

    ReplyDelete
    Replies
    1. පව් අහිංසකයෝ දෙන්නා...... හෙට උදේවත් මේක දැක්කා ම ඉවාන් අමතයි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...