එදා හෙළ ජන වහර
කියූ කතා මනහර
පහත දැක්වේ විස්තර
තවත් ලියනුව කතා එක්කර
ගලේ පහරපු බලළා වගේ
විමල් වීරවංශ
කාලේ හොදවුණාම බඹරේ වැල්ලෙත් කැරකෙනවා
රනිල් වික්‍රමසිංහ
ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි
මෙෙත්‍රීපාල සිරිසේන
වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීම
තිස්ස අත්තනායක
දැලි පිහිය අහුවුණ රිලවා වාගේ
උදය ගම්මංපිල
උන්නත් දාහයි මලත් දාහයි
ඒ. එච්. එම් ෆවුසි
කතාව දෝලාවෙන් ගමන පයින්
සරත් ෆොන්සේකා
නැව ගිලුණත් බෑන් චූන් (පෙරළුන පිට හොදයි කියනවා)
අාරුමුගම් තොන්ඩමන්
දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අනුර කුමාර දිසානායක
උෟරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්
අාර් සම්බන්ධන්
ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැන්නා වාගේ
මහින්ද රාජපක්ෂ
කසුප් අනුරාධ
.
බුදු අම්මෝ කලටිපොල් ද? මමනම් ඕවට නෑ කුරුටු අනුවෝ.
ReplyDeleteඅැයි අහස් අහසින් පාත්වෙලා යෑ............
Deleteමරු මෙව්වා ටික...අද කාලෙට ගැලපෙන්න මොඩරේශන් වෙන්න එපැයි,නේද?
ReplyDeleteතව ටිකක් දාමු..... මට හිතුන ටික විතරයි දැම්මේ.... තව ගැලපෙන ඒවා අැති.....
Deleteහෙක්... හෙක්...
ReplyDeleteයකෝ ප්‍රසා.............. මේකට තව ටිකක් ලියුවානං...... හැක් හැක් ගගා නොඉද
Deleteඅන්න කුරුට්ටට ඉසුරු පායෙන් එන්ඩ කිව්වෝ.......
ReplyDeleteමං මේ කුරුට්ටට කියන්න එකක් හොයනවෝ....... හම්බවුන කෙනෙක් දාන්ඩෝ
අැයි ඉසුරු පාය................ ???
Deleteමේක එල ද බ්‍රා
ReplyDeleteතව ටිකක් එකතු කරන්න
අන්න පල්ලෙහායින් මනෝ මන්දිර දීලා අැරලා...
Deleteඉබ්බා අහසිං ගියා වගේ
ReplyDelete(අර අන්තිම එක්කෙනාම තමා)
(කෝ මේ සැරියුත් මුගලන් දෙපොල?)
උන් දෙන්නා අා ගිය අතක් නැත... අවසන් වරට හැද සිටියේ මෙන්ඩාගේ නිර්මාණයකි... හමුවුණ කෙනෙක් අැතොත් මධු මාධවීට දන්වන්න.... ජයවේවා
Deleteදෙන්නම එකට හිටියානම් අවසන් වරට කිසිවක් ඇද සිටියේ නැත.
Deleteඅලියට ඇහැ තිබ්බ වගේ - යහ පාලනය (කොහේ තියයිද දන්නෑ හිකිස්)
ReplyDeleteකොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව වගේ - විමල්ගේ පාර්ලිමේන්තු කතාව
ගම්මංපිලගේ කතාව - යන්නේ කොහෙද මල්ලේ පොල්....
Deleteදැන් කවුද ගොනා........... සිරාද?
ReplyDeleteනෑ රනිල්................ මොකෝ කලින් කෙලව ගත්තේ ලොක්කාගෙන් මේ පාර දෙවැනියාගෙන්
Deleteනයි කයිද රෝස් පාන්
ReplyDeleteගම්මන්පිල
නයි කයිද රෝස් පාං - බොදුබලසේනාව
Deleteඕකට තව තව ඒවත් එකතු කරන්න පුළුවන් වගේ බං..
ReplyDeleteඉතින් ඒකතු කරමුකෝ දිනේෂ්..................
Deleteපරණ උන්දැලා ඕවා කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයිලුනේ......
ReplyDeleteඔන්න ඔය කතාව මං ටොපික් ඒකට දාන්නම් කියලත් බැලුවා......
Deleteප්‍රස්ථා පිරැළු ඔක්කොම ටික් උනත් එකතු කරන්න පුලුවන් මෙිකටනමි
ReplyDeleteවක්කඩෙි හකුරැ හංගුවා වගේ - මහින්ද රාජපක්ෂ
නටපු තොවිලෙකුත් නැ බෙරේ පලුවකුත් නැ- මහින්ද රාපක්ෂ
ගඟට කැපුව ඉනි වගේ - මහින්ද රාපක්ෂ
දාහට අරං සීයට දුන්නා වාගේ- මහින්ද රාපක්ෂ
අනුන්ගේ පහනින් එලිය බලනවා වගේ - විමල්,දිනේෂ්,වාසු
අල්ලපු අත්තත් නැ පයගහපු අත්තත් නැ - තිස්ස අත්තනායක
මාලුවා නහින්නේ කට හින්දලු - මර්වින් පෙරේරා
අටුව කඩා පුටුව සෑදුවා වාගේ- යහපාලනය
පනින රිලවුන්ට ඉනිමං බදින්නා වාගේ- ජාතික ආණ්ඩුව
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ. - මෛත්‍රිපාල සිරිසේන
වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද- රනිල් වික්‍රමසිංහ
ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු- මහජනතාව
ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ- මහජනතාව
නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ.- ජාතික ලයිස්තුව
රයිගමයයි, ගම්පලයයි වාගේ- මහින්ද,විමල්
ඒ පට්ට විස්තරේ මනෝ............
Deleteරයිගමයයි ගම්මංපිලයයි වාගේ... රයිගමයා විමල්..
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලු... ඒස්.බී
ඒ මේ විස්තර ටිකනම් පට්ට..... සුපිරිම සුපිරියි.. ස්තූතියි
මාළුවා නහින්නෙ කට හින්දලු - මර්වින් 'සිල්වා' බං
Deleteok ok හදිසියේ ටයිප් කරනකොට පොඩි මිස්ටෙික් එකක් වෙලා
Deleteඅා................. ගස් දකින දේවල්...... ඔවා පාෙඩි පොඩි වැරදිනේ බොල... පෙන්නුවාට තැන්කූ...
Deleteරෑ වැටුන වලේ දවල් වැටුනා වගේ - මහජනතාව
ReplyDeleteපුහුල් හොරා කරෙන් දැනේ - කරුපයියා
චෙෆ්................ කවුද බොලව් කරුපයියා......... ????
Deleteරවිනෝරා කරුනානායගම්
Deleteඒ මොකාද බොල????
Deleteමේක මම හැමතැනම කිය කිය ගිය එකක්.මෙතෙන්ටත් දාන්නම්..
ReplyDeleteකන්න ඕන උනාම කබරයත් තලගොයා වෙනවාලු- රනිල් වික්‍රමසිංහ.
(වාසු සහ රනිල් ගේ පොයින්ට් ඔෆ් ඕඩර් භාවිතය.)
ජයවේවා..!!
හ්ම්...................... ඒකත් අැත්ත..
Deleteනරියට කුකුල් කොටුව දුන්නා වගේ - අසංක ගයාන් අබේසිංහ, තුෂාර විතාරණ..
ReplyDeleteජ ය වේ වා !!!
කලුවා මාරපන් ගියා වාගේ - විදානයා රස්සාවට යෑම..
Deleteතුෂාර තමා ලියන්න කිව්වේ... ඔන්න මං ඔ්වාට නෑ විදානේ සහෝ
නියම..යි.
ReplyDeleteස්තූතියි අජිත් අයියා...... අගය කිරීමට
Deleteකුරුටු --- මේක අයිති වෙන කුරුටු කෙනෙකුට නම් තමා... අපි ගිය මාසේ තීරණය කල කල පරිදි ජූලි සිට දෙන මාසික තෑග්ගේ පළමු එක මේ කවියට දෙන්න තීරණය කලා .
ReplyDeletehttp://kurutugegeepawra.blogspot.co.uk/2015/07/blog-post_30.html
අනිත් හේතුව මේ බ්ලොගයේ සින්ඩියකුත් ඇති කිරීම. ඔබ දන්නවා අපි පොත් දෙනවා රුපියල් දහසකට ආසන්න හෝ ඊට වඩා .madak .වැඩියෙන්. ත්‍යාගය භාර ගැනීමට කැමති නම් කරුණාකර මට ඊමේල් එකක් එවන්න. editor@nelumyaya.com
අජිත් අයියාට සහ නෙලුම් යායේ සහෘදයන්ට අපි බොහොම ස්තූති වන්ත වෙනවා මේ විදිහට අපිව අගය කිරීමට තෝරා ගැනීම ගැන.... අැත්තට ම අපි පවුලක් විදිහට ලියන මේ බ්ලොගය නිසා මේක තුෂාර තනියම භාර ගැනීමට අකමැති බව කියනවා.... ඒ නිසා අපි මේක බ්ලොගයක් විදිහට භාර ගන්න කැමතියි..... අජිත් අයියා සහ නෙලුම් යායේ සහෘද කැල මේ ත්‍යාග දීම ගැන ගැටලුවකටත් මුහුණ දුන්නා අපිට මතකයි... ඒ වෙලාවෙත් අපි හිටියේ මේක ලැබෙන කෙනෙකුට බ්ලොග් ලෝකය තුළ නැගිටින්න හයියක් ලැබෙනවා කියන දේයි... ඉතින් අද අපිට ම ඒ ශක්තිය ලැබීම ගැන හරිම සතුටුයි... මේ ත්‍යාගය අපි සතුටින් භාර ගන්නා අතර බ්ලොගයක් ලියන්න අරන් මෙච්චර කාලයකට අපිට ලැබුණ පළමු ත්‍යාගය මේක නිසා ඒක තවත් අපිට වටිනවා......
Deleteඔබ හැමට ස්තූතියි... අපව මේ තරම් දුර රැගෙන අා අපේ බ්ලොග් සගයින් හැමටත් මේ අවස්ථාවේ අපි සුභ පතනවා..... ජයවේවා.....
ස්තුතියි. ඔබගේ සාමුහික ප්‍රයත්නය අගය කරනවා. විස්තර අද හෝ හෙට දන්වන්නම්.
Deleteස්තූතියි අජිත් අයියා...... තුෂාර මේලක් දමා අැත කිව්වා...
Deleteකුරැට්ටෝ සතුටට බෝතලයක් ගහමු බං
Deleteඑල...
ReplyDeleteස්තූතියි ඉන්ද්‍රජීත්....... ජයවේවා
Deletehttp://nelumyaya.com/?p=4138
ReplyDeleteස්තූතියි අජිත් අයියා.........
Deleteදී කිරට බළලුත් සාක්කි.
ReplyDeleteකේ.පිට විරුද්ධව සාක්ෂි නැත.
මොන පිස්සුද?????? කේ.පී ගැන මොන කතාද කරුණා අාතල් ගන්නකොට....
Delete