Friday, September 4, 2015

ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැන්නා වාගේ........


දා හෙළ ජන වහර 
කියූ කතා මනහර
පහත දැක්වේ විස්තර
තවත් ලියනුව කතා ක්කර 




ගලේ පහරපු බලළා වගේ
විමල් වීරවංශ

කාලේ හොදවුණාම බඹරේ වැල්ලෙත් කැරකෙනවා
රනිල් වික්‍රමසිංහ

ඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි
මෙෙත්‍රීපාල සිරිසේන


වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීම
තිස්ස අත්තනායක

දැලි පිහිය අහුවුණ රිලවා වාගේ
උදය ගම්මංපිල

උන්නත් දාහයි මලත් දාහයි
ඒ. ච්. ම් ෆවුසි

කතාව දෝලාවෙන් ගමන පයින්
සරත් ෆොන්සේකා

නැව ගිලුණත් බෑන් චූන් (පෙරළුන පිට හොදයි කියනවා)
අාරුමුගම් තොන්ඩමන්

දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අනුර කුමාර දිසානායක

උෟරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්
අාර් සම්බන්ධන්

ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැන්නා වාගේ
මහින්ද රාජපක්ෂ


කසුප් අනුරාධ


.

49 comments:

  1. බුදු අම්මෝ කලටිපොල් ද? මමනම් ඕවට නෑ කුරුටු අනුවෝ.

    ReplyDelete
    Replies
    1. අැයි අහස් අහසින් පාත්වෙලා යෑ............

      Delete
  2. මරු මෙව්වා ටික...අද කාලෙට ගැලපෙන්න මොඩරේශන් වෙන්න එපැයි,නේද?

    ReplyDelete
    Replies
    1. තව ටිකක් දාමු..... මට හිතුන ටික විතරයි දැම්මේ.... තව ගැලපෙන ඒවා අැති.....

      Delete
  3. Replies
    1. යකෝ ප්‍රසා.............. මේකට තව ටිකක් ලියුවානං...... හැක් හැක් ගගා නොඉද

      Delete
  4. අන්න කුරුට්ටට ඉසුරු පායෙන් එන්ඩ කිව්වෝ.......

    මං මේ කුරුට්ටට කියන්න එකක් හොයනවෝ....... හම්බවුන කෙනෙක් දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. අැයි ඉසුරු පාය................ ???

      Delete
  5. මේක එල ද බ්‍රා
    තව ටිකක් එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. අන්න පල්ලෙහායින් මනෝ මන්දිර දීලා අැරලා...

      Delete
  6. ඉබ්බා අහසිං ගියා වගේ
    (අර අන්තිම එක්කෙනාම තමා)

    (කෝ මේ සැරියුත් මුගලන් දෙපොල?)

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා අා ගිය අතක් නැත... අවසන් වරට හැද සිටියේ මෙන්ඩාගේ නිර්මාණයකි... හමුවුණ කෙනෙක් අැතොත් මධු මාධවීට දන්වන්න.... ජයවේවා

      Delete
    2. දෙන්නම එකට හිටියානම් අවසන් වරට කිසිවක් ඇද සිටියේ නැත.

      Delete
  7. අලියට ඇහැ තිබ්බ වගේ - යහ පාලනය (කොහේ තියයිද දන්නෑ හිකිස්)
    කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව වගේ - විමල්ගේ පාර්ලිමේන්තු කතාව

    ReplyDelete
    Replies
    1. ගම්මංපිලගේ කතාව - යන්නේ කොහෙද මල්ලේ පොල්....

      Delete
  8. දැන් කවුද ගොනා........... සිරාද?

    ReplyDelete
    Replies
    1. නෑ රනිල්................ මොකෝ කලින් කෙලව ගත්තේ ලොක්කාගෙන් මේ පාර දෙවැනියාගෙන්

      Delete
  9. නයි කයිද රෝස් පාන්

    ගම්මන්පිල

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස් පාං - බොදුබලසේනාව

      Delete
  10. ඕකට තව තව ඒවත් එකතු කරන්න පුළුවන් වගේ බං..

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකතු කරමුකෝ දිනේෂ්..................

      Delete
  11. පරණ උන්දැලා ඕවා කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයිලුනේ......

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කතාව මං ටොපික් ඒකට දාන්නම් කියලත් බැලුවා......

      Delete
  12. ප්‍රස්ථා පිරැළු ඔක්කොම ටික් උනත් එකතු කරන්න පුලුවන් මෙිකටනමි

    වක්කඩෙි හකුරැ හංගුවා වගේ - මහින්ද රාජපක්ෂ
    නටපු තොවිලෙකුත් නැ බෙරේ පලුවකුත් නැ- මහින්ද රාපක්ෂ
    ගඟට කැපුව ඉනි වගේ - මහින්ද රාපක්ෂ
    දාහට අරං සීයට දුන්නා වාගේ- මහින්ද රාපක්ෂ
    අනුන්ගේ පහනින් එලිය බලනවා වගේ - විමල්,දිනේෂ්,වාසු
    අල්ලපු අත්තත් නැ පයගහපු අත්තත් නැ - තිස්ස අත්තනායක
    මාලුවා නහින්නේ කට හින්දලු - මර්වින් පෙරේරා
    අටුව කඩා පුටුව සෑදුවා වාගේ- යහපාලනය
    පනින රිලවුන්ට ඉනිමං බදින්නා වා‍‍ගේ- ජාතික ආණ්ඩුව
    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ. - මෛත්‍රිපාල සිරිසේන
    වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද- රනිල් වික්‍රමසිංහ
    ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු- මහජනතාව
    ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ- මහජනතාව
    නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ.- ජාතික ලයිස්තුව
    රයිගමයයි, ගම්පලයයි වාගේ- මහින්ද,විමල්

    ReplyDelete
    Replies
    1. ඒ පට්ට විස්තරේ මනෝ............

      රයිගමයයි ගම්මංපිලයයි වාගේ... රයිගමයා විමල්..
      ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලු... ඒස්.බී


      ඒ මේ විස්තර ටිකනම් පට්ට..... සුපිරිම සුපිරියි.. ස්තූතියි

      Delete
    2. මාළුවා නහින්නෙ කට හින්දලු - මර්වින් 'සිල්වා' බං

      Delete
    3. ok ok හදිසියේ ටයිප් කරනකොට පොඩි මිස්ටෙික් එකක් වෙලා

      Delete
    4. අා................. ගස් දකින දේවල්...... ඔවා පාෙඩි පොඩි වැරදිනේ බොල... පෙන්නුවාට තැන්කූ...

      Delete
  13. රෑ වැටුන වලේ දවල් වැටුනා වගේ - මහජනතාව
    පුහුල් හොරා කරෙන් දැනේ - කරුපයියා

    ReplyDelete
    Replies
    1. චෙෆ්................ කවුද බොලව් කරුපයියා......... ????

      Delete
    2. රවිනෝරා කරුනානායගම්

      Delete
    3. ඒ මොකාද බොල????

      Delete
  14. මේක මම හැමතැනම කිය කිය ගිය එකක්.මෙතෙන්ටත් දාන්නම්..
    කන්න ඕන උනාම කබරයත් තලගොයා වෙනවාලු- රනිල් වික්‍රමසිංහ.
    (වාසු සහ රනිල් ගේ පොයින්ට් ඔෆ් ඕඩර් භාවිතය.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්...................... ඒකත් අැත්ත..

      Delete
  15. නරියට කුකුල් කොටුව දුන්නා වගේ - අසංක ගයාන් අබේසිංහ, තුෂාර විතාරණ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කලුවා මාරපන් ගියා වාගේ - විදානයා රස්සාවට යෑම..

      තුෂාර තමා ලියන්න කිව්වේ... ඔන්න මං ඔ්වාට නෑ විදානේ සහෝ

      Delete
  16. Replies
    1. ස්තූතියි අජිත් අයියා...... අගය කිරීමට

      Delete
  17. කුරුටු --- මේක අයිති වෙන කුරුටු කෙනෙකුට නම් තමා... අපි ගිය මාසේ තීරණය කල කල පරිදි ජූලි සිට දෙන මාසික තෑග්ගේ පළමු එක මේ කවියට දෙන්න තීරණය කලා .
    http://kurutugegeepawra.blogspot.co.uk/2015/07/blog-post_30.html
    අනිත් හේතුව මේ බ්ලොගයේ සින්ඩියකුත් ඇති කිරීම. ඔබ දන්නවා අපි පොත් දෙනවා රුපියල් දහසකට ආසන්න හෝ ඊට වඩා .madak .වැඩියෙන්. ත්‍යාගය භාර ගැනීමට කැමති නම් කරුණාකර මට ඊමේල් එකක් එවන්න. editor@nelumyaya.com

    ReplyDelete
    Replies
    1. අජිත් අයියාට සහ නෙලුම් යායේ සහෘදයන්ට අපි බොහොම ස්තූති වන්ත වෙනවා මේ විදිහට අපිව අගය කිරීමට තෝරා ගැනීම ගැන.... අැත්තට ම අපි පවුලක් විදිහට ලියන මේ බ්ලොගය නිසා මේක තුෂාර තනියම භාර ගැනීමට අකමැති බව කියනවා.... ඒ නිසා අපි මේක බ්ලොගයක් විදිහට භාර ගන්න කැමතියි..... අජිත් අයියා සහ නෙලුම් යායේ සහෘද කැල මේ ත්‍යාග දීම ගැන ගැටලුවකටත් මුහුණ දුන්නා අපිට මතකයි... ඒ වෙලාවෙත් අපි හිටියේ මේක ලැබෙන කෙනෙකුට බ්ලොග් ලෝකය තුළ නැගිටින්න හයියක් ලැබෙනවා කියන දේයි... ඉතින් අද අපිට ම ඒ ශක්තිය ලැබීම ගැන හරිම සතුටුයි... මේ ත්‍යාගය අපි සතුටින් භාර ගන්නා අතර බ්ලොගයක් ලියන්න අරන් මෙච්චර කාලයකට අපිට ලැබුණ පළමු ත්‍යාගය මේක නිසා ඒක තවත් අපිට වටිනවා......

      ඔබ හැමට ස්තූතියි... අපව මේ තරම් දුර රැගෙන අා අපේ බ්ලොග් සගයින් හැමටත් මේ අවස්ථාවේ අපි සුභ පතනවා..... ජයවේවා.....

      Delete
    2. ස්තුතියි. ඔබගේ සාමුහික ප්‍රයත්නය අගය කරනවා. විස්තර අද හෝ හෙට දන්වන්නම්.

      Delete
    3. ස්තූතියි අජිත් අයියා...... තුෂාර මේලක් දමා අැත කිව්වා...

      Delete
    4. කුරැට්ටෝ සතුටට බෝතලයක් ගහමු බං

      Delete
  18. Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජීත්....... ජයවේවා

      Delete
  19. Replies
    1. ස්තූතියි අජිත් අයියා.........

      Delete
  20. දී කිරට බළලුත් සාක්කි.
    කේ.පිට විරුද්ධව සාක්ෂි නැත.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද?????? කේ.පී ගැන මොන කතාද කරුණා අාතල් ගන්නකොට....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...