මදිරා පෙරෙන
නෙත් සර තුළින්
හිත් රසෙන්
පුරවා ලද සැනින්
සිල්ලරට
විකිණුනු අත් දෙකෙන්
වත නැගෙන ඩා
බිඳු පිසලමින්,
දුක් කඳුලු
ඇහිපිය යට තියන්
ඈ හිඳී පෙම්
ඇරයුම් අරන්…………………..
දොස් පරොස්
ගල් කැට ඉවසමින්,
දිවි ගැහැට
පරුවත උසුලමින්,
නිසයුරු සමග
පෙම්වත් වෙමින්,
වීදිය කොනේ ඇත
මග බලන්………………………….
ලෝකය යදින ලොව
පුද දෙමින්
තව ලොවක්
තනමින් සෙනෙහසින්
ඈ නැගිට එයි
ඉඩ ලද සැනින්
ජීවිතේ මඩ
තැවරුනු තැනින්……………………
ඉසුරිකා
.
දයාර්ද බැල්මක්..
ReplyDeleteස්තූතියි දේශකයා.....
Deleteනියමයි.
ReplyDeletePraසන්ன
ස්තූතියි ප්‍රසන්න
Deletehttps://www.linkedin.com/pulse/half-day-diet-review-free-pdf-download-jenny-james
ReplyDeletehttps://sites.google.com/site/thehalfdaydietreview/
The Half Day Diet Review
Strong advocates of Big Pharma medicine have a somewhat disdainful regard for homeopathy and its practitioners. The long dark and disdainful history of attack stems from opposing views between conventional medicine and homeopathy practitioners on how illness should be treated...
Thanks..
DeleteBut i'm not a fat girl.......
This comment has been removed by the author.
ReplyDeletehttp://www.linkedin.com/pulse/half-day-diet-review-free-pdf-download-jenny-james
ReplyDeletehttp://sites.google.com/site/thehalfdaydietreview/
http://nytransguide.org/the-half-day-diet-plan-review/
Throughout life we all seem to pick up some bad habits here and there. The problem is that if we don't recognize them they will trip us up, especially when it comes to weight loss. If you want to burn fat and not gain it then we need to identify behaviors that are stopping us from losing weight. So to lose weight stop making these mistakes!
Wow.............
DeleteWhts this..............???? No idea......
Forex Precog Review https://www.behance.net/gallery/28973583/Forex-Precog-Free-Download
ReplyDeleteForex Precog Review - https://www.behance.net/gallery/28973583/Forex-Precog-Free-Download
ReplyDeletehttp://gr8marketingideas.com/forex-precog-software-review/
ReplyDeletehttp://quantumvisionsystemreview.com/forex-precog-review-free-system-download/
The delusion conceptually propounds that intraweek and intraday FOREX currency quotes movement is governed by either improvement or by deterioration of the state's economic situation. But in reality, even in case the actual Forex news are superior to the estimated one, the FOREX quotes up-down movement is of 50-50 probability.
Oh...................... my god....
ReplyDeleteනිමෝ................. ඔබ කොහිද?????? නිමෝ මොකක්ද මේ අදාල නැති කමෙන්ට්ස් ඒන්නේ....... උදව් උදව් උදව්...............
තුෂාර...
අපිපට සිරි දැන් ෆොරීන් කොමෙන්ට්ස් එන්නෙ ඈ... :D
Deleteමා මේ දකින්නේ සවප්නයක්ද නැ්නම් සිහිනයක්ද??
Delete...හරියට "සඳ තනියට චන්ද්‍රයා අැවිත් වගේ"
මේ ඇඩ් ටික ඩිලීට් ෆෝ එවර් කරලා දාන්න ඉසුරිකා.
Deleteඒවා ඩිලීට් කරත් විදානයා කියලා තියෙන හදේ කතාව ඩිලීට් කරන්න පුළුවන් යෑ...... දැන් කවුද හද....???? කවුද චන්ද්‍රයා.... ඒතකොට අපි තරුද????????
Deleteතුෂාර
ඔය විදානය හඳ කිට්ටුවට ගිහිල්ල ඉන්න වෙලාවක දාපු කොමෙන්ට් එකක්.
Deleteඔව් ඔව් ප්‍රසන්න.........
Deleteමේකා දවල් වෙද්දි ඔෆිස් ඒකෙන් පැනලා ගෙදර යනවා.... දවල්ට කන්නෙත් ගෙදර ගිහිල්ලා.... විදානි ෆුල් සද්දේ දානවා අැති.... ඒ වෙලාවක ද දන්නෑ ලිව්වේ....
තුෂාර
ඔය ස්පෑම් කොමෙන්ට් වගයක් බං. ඇඩ් ටිකක් දාලා තීන්නේ. බය වෙන්න කාරී නෑ.
Deleteඒහෙනම් කමක් නැහැ නිමෝ............... ටිකක් බය වුණා... අමාරුවෙන් ගොඩනගා ගත්තු දේ නෙවැ.....
Deleteතුෂාර
//ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
ReplyDeleteජීවිතේ මඩ තැවරුනු තැනින්//
අපුරුම පද ගැලපුමක්
ස්තූතියි නලීන් අයියා
Deleteතවත් එක් කෝනෙකින් දයාබර බැල්මක්
ReplyDeleteලස්සනයි
ස්තූතියි මේ වචන වලින් දෙන සහයට
Deleteපස්ට (Y)
ReplyDeleteතෑන්ක්ස්........
Deleteඈ නැගිට එන්නේ කෙසේද කුරුටු ඉසුරිකා. ඇයට යලි නැගිටින්නට අද සමාජය ඉඩක් නොදෙනු ඇත. කිසිදාක ඉඩක් නොදෙනු ඇත. නමුත් කෙදිනක හෝ ඇය යලි නැගිට මඩ ගොහොරුවේ මඩ සෝදාගෙන රජකම් නැතත් මිනිසත්කමින් පිරිපුන් කතක් ලෙස අපට දකින්නට හැකිවේවා.
ReplyDeleteහරිම ලස්සනයි. අදහස, පද ගැලපීම විශිෂ්ටයි.
අැත්ත අහස්.......... සමාජය බලන විදිහ මුලින් ම වෙනස් කරගත යුතුයි... ඒත් සමාජය ඊට සූදානම්ද කියලා ගැටලුවක් තියෙනවා තමා.... නැද්ද අද ලස්සන ගීතයක් ඒහෙම
Deleteමේක කියවපුගමන් එකපාරටම දැනුනු දේ කොමෙන්ට් කලා. ගීතයක් මතක් කරලා දාන්නම්කො.
Deleteසින්දු ඔ්වාට තරහා වෙන්නෑ....
Deleteසින්දුවා තරහා නැත්නම් මෙන්න සින්දුවක් හොයාගෙන ආවා.
Deleteසැන්දෑවේ රන් වලා
සයුරේ ගිලී පාවෙලා
අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
ඔබ ඇයි මග තනිවෙලා//
හඳුනන්න බැරි වෙන්න සෙවනක් යටින්
ඔබ ඉන්නෙ කවුරුන්ද එනකල් ඉතින්
මේ රෑ ගෙවී නැවත හෙට වූ දිනේ
සැනසුම් සුසුම් ඒවිනම්//
කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ
ගෙවන්නේ මෙසේ මහා රෑ මාවතේ
වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ
දෙවියන් කමා කල මැනේ.//
ගායනය මිල්ටන් මල්ලවාරච්චි
රචනය සහ සංගීතය ක්ලැරන්ස් විජයවර්දන
ලස්සන ගීතයක් අහස්............... මොනවා වුණත් මිල්ටන් ක්ලැරන්ස් කියන්නේ ගැලපෙන සුසංයෝගයක්....
Deleteතුෂාර
හිත් කකියවන පබැඳුමක්
ReplyDeleteස්තූතියි ගුණසිංහ මහතා........ නිතර මේ පැත්තට ඒනවාට සහ අපිට දක්වන සහයට
Deleteඑල ද බ්‍රා
ReplyDeleteකෝ මේ තුෂාරයයි අසංකයයි?
ඒ දෙන්නා පැන්නුවා..... අැයි හැමෝම බනිනවානේ...
Deleteගියසැරේ පිලිතුරේ කමෙන්ටුවේ “මෙන්ඩා“ ආමන්ත්‍රනය ආදරනියයි..
ReplyDeleteහා මෙන්ඩෝ..................
Deleteඉසුරිකා,
Deleteමේ මෙන්ඩාගේ කමෙන්ටුවේ යම් කිසි හැංකි පැංකි ගතියක් දැනේ.
නෑ..මචංලා උඔලා දකිනවට වඩා දුක්බර කතාවක් තියනවා “මෙන්ඩා“ කියන නමේ
Deleteමට තාත්තාගෙන් කියලා තියෙන්නෙ මේ නම විතරයි..
තාත්තාගෙන් කියලා කිසිම නෑදෑයෙක්වත් අබමල් රේනුවක දෙයක්වත් නෑ..
අඩුම තරමේ මගේ පරම්පාරාවෙම විද්‍යලය වුන රාඡකියේ ඉගෙන ගන්න අවස්තාවත් අහිමි වුනා..
ඒ දුක හිතෙන කතා කියන්න ඒපා බං.... අපි ඔය බනින්නේ බොරුවට.....
Deleteතුෂාර
සමාවෙයං මෙන්ඩෝ...
Deleteතුති වේවා සගයිනි..................ආයෙත් කිව්වා,
ReplyDeleteකවි ලියන්න හිතෙන්නෙත් මේ වගේ සහෘදයන් පිරිසක් ඉන්නකොට තමයි
ලස්සනයි අදහස..
ReplyDeleteමඩගොහුරු වලින් නැගිටලා එන්න හැදුවට ආයෙම එතනට තල්ලු කරන සමාජයක් මේක..
ඉස්තූතියි දිනේෂ්.....
Deleteඉතිං බං ඔය වගේ කවි ලිව්වම හෝ ගාලා එන එක අහන්න දෙයක්යැ. හැක්
ReplyDelete/ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
ජීවිතේ මඩ තැවරුනු තැනින්//
බොහොම ඉස්තූති අගය කිරීමට..
Deleteහී ලස්සනයි කුරුට්ටෝ.....
ReplyDeleteවළලු දාපු අතක් ගැවුනොත් ඉතින් ලස්සනයි සුන්දරයි තමා
තොටත් ඉතිං ගෑණු පරාණයක් කිව්වොත්...තූහ් විතරක්...ඉසුරි නගෝ...ගොනා හැරෙන්නේ පොල් පැලේට...පොරවේසමින්...හැහ්...
Deleteඅසංක
ආ...අයියත් ආවද? දැන් කට්ටියට කාන්සියක් නැති වෙයි.
Deleteපිරිමින්ගේ පාප කඳට
ReplyDeleteදෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ළඳුනේ.
අගෙයි ඉසුරිකා..:)
ඉස්තූතියි මනෝජ්..
Deleteඉසුරිකා ගේම් එකට බැස්ස විතරයි.. කඩු කොමෙන්ට් සට සට ගාලා..
ReplyDeleteඒව්වා කියවන්න ගිහිං කියෝපු කයියත් මතක නැති උනා..
.....
අගෙයි ඉසුරිකා..
(හැමදාම මේ වගේ කවි ලියල දාන්න දැලිපිහිය වඳුරන්ට නොදී - හැක් හැක්)
ජ ය වේ වා !!!
බොහෝම ඉස්තූති.. ඒත් ඉතින් ඒ මගේ ජේෂ්ඨ උත්තමයොනෙ..........
Deleteදැලි පිහියෙන් ඉස්සෙල්ලම කපන්නෙ තෝව...පල් විදානයා...හැහ්...හැහ්...
Deleteඅසංක
හා..අසංකයියන්ඩි
Deleteඅා............... හිටහංකෝ........... වෙල් විදානේ......
Deleteඋඹලාට ගෑණු ළමයෙක් දැක්කා ම මෙච්චර කල් ඒකට හිටිය අපි දෙන්නා නිකං නවදැලි හේනක දෑව වැදිරි රුව වගේ වුණා නේද,????
අා................ ඉසුරිකාට ම කියලා කවි ලියා ගනිල්ලාකෝ.....
මෙන්ඩා උඹත් අහුවෙයංකෝ....
තුෂාර
ඔන්න කියවලා යන්න ආවා.දිගු අදහසක් පලකරන්න නමි වෙලාව මදි
ReplyDeleteඉස්තූති.. ඉස්තූති..
Deleteහැමෝම මෙහෙම හිතනවනම්..
ReplyDeleteඔව්, ඔව් ඒක ඇත්ත මනෝෂ්
Deleteනැගිටපන් ඉඩ ලද සැනින්
ReplyDeleteජීවිතේ මඩ තැවරුනු තැනින්
යළි නොයෙන්නම මඩ ගොඩට....
ඉසුරිකා නිසා ගී පවුරෙ අගය තවත් වැඩිවෙලා
ජයවේවා!
ඉහල අගය කිරීමක්.. ඉස්තූතී වර්ණ
Deleteනිවී හැනහිල්ලේ බලනකොට විතරක් පෙනෙන දෙයක්... හරිම අපූරුයි.
ReplyDeleteජයවේවා..!!
ඉස්තූතියි ගස් ලබ්බෝ..........
Deleteසංවේදී හදවතක දැක්ම
ReplyDeleteඉස්තුතියි කොමෙන්ටුවට..ඉවාන්
Delete//සිල්ලරට විකිණුනු අත් දෙකෙන්-වත නැගෙන ඩා බිඳු පිසලමින්// ++++++++
ReplyDeleteඉසුරිකා කොහෙද අප්පා මෙච්චරකල් හිටියේ අර බුම්මට්ටො දෙන්නට මේකෙ පිණුං ගහංට දීලා.
වුන් දෙන්නා දැන් ලන්ඩන් හංදියේ ඇල්බට් අංකල් එක්ක කඩයක් දාලා
Deleteඔව් උඹේ බඩු ගෙනෙන් ඒකේ දාලා විකුණන්න....
Deleteතුෂාර
මේ මොකක්ද මෙයාලට වෙලා තියෙන්නේ???
Deleteමෙන්න පළමුවෙනි එකා තමන් බුම්මට්ටා බව පිළි අරගෙන...හැක් හැක්
Deleteඒ මොකාද බං බුම්මට්ටා කියන්නේ.... මොකක්ද බං ඒ වචනේ තේරුම.... මොකක්ද බං ඒ භාෂාව.... සිංහලද?????
Delete//ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
ReplyDeleteජීවිතේ මඩ තැවරුනු තැනින්……………………//
හරිම අපුරු පද පෙළක්..කියාගන්න බැරි හැඟීම් ගොඩක් හරි ලස්සනට මේ වචන ඇතුලේ රඳවලා තියනවා!
ඉස්තූතියි සංකල්පනී......
Deleteසෝ සෙන්සිටිව් ඈ ;)
ReplyDeleteඉස්තුතියි කොමෙන්ටුවට..dilini
Delete// ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
ReplyDeleteජීවිතේ මඩ තැවරුනු තැනින්//
නැගිටින්න වෙර දරන හැම වෙලේම ආපහු මඩටම ඔබන්න දඟලන සමාජෙක මඩෙන් ගොඩට එන එකනම් සිහිනයක්ම විතරයි නේද..?
ඒකනං එහෙම තමයි. ගොඩ එන එක ලේසි නෑ..
Deleteඒත් සිහිනයක්ම වෙන්නෙත් නෑ try කලොත්