එහෙව් පෙම්වතියයි මා...................
හැමදාම සිහිනයෙන්
නුඹට තරවටු කරමින්
හිතේ ඉඩ ඉල්ලා
හැඩූ පෙම්වතියයි මා...................
ගොළු උනත් හැබැහින්
නුඹෙ දෙනෙත් දකිමින්
දුරින් අත අල්ලා
තිබූ පෙම්වතියයි මා..................
නුඹ යනෙන විට තුටින්
වෙන අතක වෙලෙමින්
හීන පොඩි කරලා
දැමූ පෙම්වතියයි මා..................
ඉසුරිකා උත්පලානී
.
වෙන අතක පැටලිලා ගියාට පස්සෙ හීන තවත් තියාගෙන ඉන්නවට වඩා පොඩි කරල දාන එක හොඳයි
ReplyDeleteසරලයි ලස්සනයි
ජයවේවා ගී පවුර තෘ ඉසුරිකා
ස්තූතියි වර්ණ.......
Deleteගී පවුර තෘ ඉසුරිකා - නියම මාර්ගය නේද????
නියම නිවැරදි මාර්ගය නේද?
Deleteජයවේ!
ඔව් වර්ණ.....
Deleteඒ පාර පෙන්නපු විදිහ නියමයි
හීන කියන්නෙ අනුන් එක්ක තියන කොන්තරත්. ඉතින් ඒව නිතරම් අවදානම් තමයි. අනුන්ගෙ හිත් වලින් ඉඩ වෙන්කරගන්නෙ නැතිව අනුන්ට හිත කුලියට දෙන්නෙ නැතිව ඉන්න පුළුවන්නම් තමයි හිත නිදහස් වෙන්නෙ.
ReplyDeleteඔය දන්නේ ම.ම ත් නියමෙට ම මේවා ගැන.... ස්තූතියි සහෝ
Deleteජීවිතේම හීනයක්
ReplyDeleteහීන දැක දැක ඉඳල හරියන්නෙ නෑ.
ඒ වෙනුවෙන් වැඩ කොරන්නත් ඕනෑ
ළඟ ළඟ ළග අපි රැන්දුනාට...
Deleteතැන තැන තැන හිත් බැන්දුනාට...
මද නළ වගේ පන නළ අපේ..
එක ළඟ එක ළඟ රැන්දුනාට...
ජීවිතේම හීනයක් පාට පාට හීනයක්...
ජීවිතේම හීනයක් වගේ...
අපි අපේ.. ලෝකෙක..
අවදි වී... දවසක..
එක්වෙලා එක්වෙලා එක්වෙලා...
යමු අපි යමු අපි එක්වීලා
හීනය හිනැහෙන තැන හොයලා....
ජීවිතේම හීනයක් පාට පාට හීනයක්...
ජීවිතේම හීනයක් වගේ...//
මේ වගේ හීනෙක හැමදාම
තනිවෙමු හැම රැම
දින එක දෙක තුන ගත වූවත්
හිනා හෙමු හැමදාම
ජීවිතේම හීනයක් පාට පාට හීනයක්...
ජීවිතේම හීනයක් වගේ...
ගායනය - කසුන් කල්හාර
ජයවේ සින්දු!
Deleteසිහිනෙන් සිහිනෙන්,,,මා හඬවනවා,,මා හඬවනවා,,
Deleteසැබෑ ලොවේ දී ඔබ මා,,,නෑ මුණ ගැසිලා,,නෑ හමු වීලා,,,
අදුරු අතීතේ,, කදුලු සළාලා,,
තනි වු කාළේ,,ඔබ ළත වීලා,,,
සෙනෙහේ පුදා හමු වුනු දා,,ඔබ හිනහුණු දා,,මට සිහි වෙනවා,,
සොදුරු සෙනෙහේ,,පැතුම් බිදීලා,,
අපගේ වටා මේ,,පවුරු බැදිලා,,
දෙතන රැදී අප දෙදෙනා,,අද තනි වෙනවා,,සිත් සසලෙනවා,,,,
ගායනය: නාමල් උඩුගම
කමෝන් කමෝන් සින්දු.....
Deleteකමෝන් කමෝන් තෙලී.....
ස්තූතියි මේ සහයෝගයට ......
හීන ගේන හැම රෑකම ළඟ හිටියා නම්...
Deleteනෑර කැටුව ආවා නම් සසර පුරා මං...
ආලවන්ත කම කියන්නෙ බෝසත්කම නම්...
දුක් විඳින්න දන් දුන්නේ කොහොමද එහෙනම්...
ඈත දුරක හිටියත් නුඹ ලඟ උන් බව දැනී...
පේන පේන හැම තැනක ම රන් රූපෙ ම පෙනී...
දීප දේසෙ යන යන තැන මම සෙව්වා සකී...
ජීවිතේම නුඹ අරගෙන යන්න ගියා වැනී...
වාවගන්න බැරි කරුන ක් ඇස සිරකර වසා...
පාරගන්න බැරි සිත නුඹ අරගෙන දුර ගියා...
පාත් වෙන්න බැරිවත් හිස උරහිස මත තියා...
සෙනේවන්තකම අරගෙන එනවා සොය සොයා...//
ගායනය අමරසිරි පීරිස් සමග නිරෝශා විරාජිනී
කවියනම් මරු කුරුටු සහෝ.
අහස්................
Deleteබොහොම ස්තූතියි සින්දුවට... අදමයි අැහුවේ... දැන් ගිහින් යූ ටියුබ් ඒකෙන් බාගෙන දෙපාරක් අැහුවා.. මාර ලස්සනයි.... කවුද මේක ලියලා තියෙන්නේ අහස්..... පද.. හඩ... සංගීතය කියලා වැඩක් නැහැ....
කුරුටු මේ සින්දුව ලියලා තියෙන්නේ සුරම්‍යා මාපිටිය.
Deleteතනුව දර්ශන රුවන් දිසානායක.
සින්දු ඇනෝගෙන් ගුටි කන්න වෙයිද දන්නෑ...
විස්තරත් දුන්නාට ස්තූතියි අහස්.... දර්ශන රුවන් දිසානයකගේ ගොඩක් අලුත් ගීත නිර්මාණ අැහුවාට මේක මගහැරිලා.... සින්දු හොද ළමයෙක් හරිය...... නේද සින්දුවෝ.........
Deleteනොකියාම ඇවිදින්
ReplyDeleteනොකියාම ගියත්
දැනුනේ නෑ තරහක් නම් මේ හිතට
අහිමි නිසා හීන පොඩි කරල දැම්මත්
ආදරේ තවමත් එහෙමමයි
දාල තියෙන ෆොටෝ එක දැක්කම හිතුනේ එහෙමයි කුරුට්ටෝ
ස්තූතියි සබරේ............
Deleteඅර තේ දළු නෙලන අම්මා ගැන ලියලා තිබුණ කවියත් හරිම ලස්සනයි... අපිත් ටික කාලෙකට කලින් ඒකක් ලිව්වා....... කෝ ඉන්න බලමු ලින්ක් ඒකවත් හොයා ගන්න.....
මෙන්න තියෙනවා... ඒ ලස්සන කවිය දැක්කාම මේකත් මතක් වුණා....
http://kurutugegeepawra.blogspot.com/2014/11/blog-post_16.html
පෙමි සිහින ගැන අගනා කවි පබැදුමක්.ඇත්තෙන්ම අගෙයි.බොහෝ දේ පද පේලි කීපයකින් කියලා තිබෙනවා.ඇත්තේන්ම ඒක තමයි දක්ෂ කම.මගේ හිතට සමීපව දැනෙන සීංදුවක් තමයි සුනිල් එදිරිසිංහගේ
ReplyDeleteසදාකාලීක නොවූ ලෝකේ සදාකාලීක ප්‍රේමයක්.........
සොයා නෙක ගමි දනවි පීරා ගෙවි කාලය සිහිනයක්...
වසර ගණනාවක් අතීතයට අපිව අරගෙන යන්න තරමි මෙ සිංදුවල පද මාලාව සමත් වෙලා තියනවා.ඒත් අද නව පරපුරේ බොහෝ ගායකයෝ විරහා ගීත ගායනා කරනවා කියලා කරන්නේ මර ලතෝනි දෙන එකයි.ඔය අතරේ සැබැම දක්ෂයොත් නැතිව නෙවෙයි.
බොහොම ඉස්තූති කමෙන්ටුවලට. ඔයාලගේ අදහස් තමයි අපේ ශක්තිය
Deleteඉසුරිකා
වෙන අතක එල්ලිලා ගිය දැකලා තාමත් ඒ හීනෙම ඉන්න එකනම් මෝඩ කමක්.. අලුත් හීනක් හදාගන්න උත්සාහ කරන්නයි තියෙන්නේ..
ReplyDeleteඅනේ මන්දා දිනේෂ්....................
Deleteනියමයි ඉසුරිකා ,
ReplyDeleteඔන්න ඔහොම හැමදාම කවි දාන්න , අර අසංකයටයි තුශාරයටයි පැත්ත පළාතේ එන්න දෙන්න එපා
අනේ පව් අහිංසකයෝ දෙන්නා.....
Deleteඑක්තරා මානවිකාවකගේ කවිය. කෙටි වුණාට රසවත්. කාන්තාවො හිතේ තියෙන දේවල් බොහොම අඩුවෙන්නොවැ හෙලි කරන්නෙ. ඒකෙන් පාඩුත් කරගන්නවා වෙලාවකට. ඒ වුණාට බොහොම දුරදක්නා නුවණක් සහ ඉදිරියේ සිදුවන අවදානම් ගැන මාර ඉවක් තියෙන කට්ටියක්නොවැ ඔය. පොඩි පසුතැවීම් තිබුණත් වුණු දේ හොඳයි කියල හිතහදාගැනීමත් එක්තරා හැකියාවක්.
ReplyDeleteඉසුරිකා ලියන්න දිගටම. අර තක්කඩියො දෙන්නත් මතක් කලා කියන්න.
කාන්තාවන් ගැන ගොඩක් දේවල් දන්නවා වගේ..... මාධවීද කියලා දුන්නේ...??
Delete//හීන පොඩි කරලා
ReplyDeleteදැමූ පෙම්වතියයි මා// හැමදේම ජීවිතේට බාර අරගෙන හිත හදාගන්න පුළුවන්නම්... ඒත් අමාරුම දේත් ඒකම තමයි...
ලස්සනයි ඉසුරිකා.
ස්තූතියි ශ්‍රීනාත් සහෝ.............. මේ අදහස් අපිව තව තවත් දිරිගන්වනවා.... ස්තූතියි
Delete//නුඹ යනෙන විට තුටින්
ReplyDeleteවෙන අතක වෙලෙමින්
හීන පොඩි කරලා
දැමූ පෙම්වතියයි මා..................//
සියලු සංවේදනා මේ පද කීපය තුළ පමණක් වුව මනාව සංයෝග කරන්නට ඔබ සමත්ව ඇත දියණි
ස්තූතියි ගුණසිංහ මහතා.......
Deleteඅරුං දෙන්නා දාන කයි මක්කයි ?
ReplyDeleteමෙන්න කයි..
නියමයි ඉසුරිකා ඈ...
ජ ය වේ වා !!!
-විදානේ...
ස්තූතියි විදානේ....... ඒත් අර දෙන්නාට හෝ ගාලා කට්ටිය බනින්නේ අැයි????? මොකක්ද තරහා?????
Deleteඅත්දැකිමෙන්..හදවතින්ම..බොක්කෙන්ම..
ReplyDeleteඑල ද බ්‍රා වගේ ලියලා
ස්තූතියි මෙන්ඩෝ............... මේ වචන ලොකු හයියක්
Delete"හීන" හිත ඇතුලේම මරා දැම්මේ ඇයි පෙම්වතියේ ඔයා.
ReplyDeleteහි හී හිනත් යනව ඔහොම අහනකොට
Delete