Friday, August 14, 2015

අනේ අායෙත් එන්නකෝ මහින්ද..................



ගිය ජනවාරි අට
තිබුණ ඡන්දය මේ රට
ඡන්ද තව කුමකට
ගත්තා අාතල් දිගට  හරහට

මෙව්වාත් ඡන්දද
මරා ගත්තේ කීයද
කාර්යාල ගිනි තිබ්බද
මෙහෙම ඡන්ද අපිට දැනෙනවද

ගිය පාර ඡන්දේ
දෙන්න කියලා උන්දේ
පපුවට ගගහා වැන්දේ
කෝ මුන්ගේ ඒ සද්දේ

ලේකම්වරු ටික
සභාපතිවරු ටික
හමුදාපතිවරු ටික
හැම තැනකම ඉන්නා ලොක්කෝ ටික

හෝ ගාලා රැස්වීම්
තියලා කට්ටිය ගෙන්වීම්
බය කරලා කියු කීම්
නොදුන්නොත් ඡන්දය බලාගන්නම්

රෙදි නැතිව උන්
අපේ රටේ උන්
සුදු රෙදි අන්දවන්
ගියා සිල්ගන්නට පන්සල්

නැතුවත් වතුර
බෙදුවා ටැංකි බර බර
ඒවා ගහගෙන කර
අපි ගියේ පෙන්නලා හර සර

ඉන්ටකූලර් පෝලිං
පෙරහැරේ යන ගමං
පාට කොළ විසි කරං
ගියේ අපේ ගම සරසං

ගල් අරක්කු බෝතල්
සාක්කුවට මොණර මල්
අපි ගත්ත අාතල්
ළගින්වත් යනවද මේ කචල්

මෙව්වා මොන ඡන්දද
අන්න ඒ කාලේ ඡන්ද
මොනවද කරේ දුමින්ද
අනේ අායෙත් න්නකෝ මහින්ද..................


කසුප් අනුරාධ


.

26 comments:

  1. මොනවද කලේ දුමින්ද ආයෙත් එන්නකො මහින්ද.....
    මරු කවිය.

    ReplyDelete
  2. //මෙව්වා මොන ඡන්දද//
    මේ පාර කිසිම කික් එකක් නෑ තමයි...

    ReplyDelete
    Replies
    1. කිසිම සද්දයක් නැනේ..... අැගට දැනෙන්නේ නෑ.... ඒකට කලින් ඡන්ද

      Delete
  3. හෙහ් හෙහ්
    මේ හැම දෙයක්මත් සෙමෙන් යහපත් පැත්තට පරිනාමය වෙයි

    ReplyDelete
    Replies
    1. වැදගත් වෙන්නේ ඒක තමයි ම.ම.... අවශ්‍ය වෙන්නෙත් ඒකයි.... ඒක තමයි සංවර්ධනය

      Delete
  4. ඒකටත් එක්ක අන්න ඒ කාලෙ තිබිච්ච ඡන්ද. ඒවනෙ ඡන්ද!
    (හොඳටම නෙලලා තියෙනවා කසුප්. අපූරුයි)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාධවියෝ..................

      Delete
  5. මෙව්වාත් ඡන්දද
    මරා ගත්තේ කීයද
    කාර්යාල ගිනි තිබ්බද
    මෙහෙම ඡන්ද අපිට දැනෙනවද


    හපොයි ඔවු ගිය පාර ඉලෙක්ෂන් ඩියුටි කිවුවම අම්ම හිතුවේ මං මැරෙන්න යනව කියල.........බලන්ට එපායි ඇඩ්වයිස් පාර

    ReplyDelete
    Replies
    1. අන්න ඡන්ද..... අම්මලාගේ අාදරයත් වැඩි වෙන ඡන්ද ඒවා... ඒකට දැන්.....

      Delete
  6. යහපාලනේ,මැරපාලනේ අතර වෙනස පැහැදිලියි නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මනෝජ් වැදගත් ම කාරණය...දින සීයේ මොනවද කරේ අහනවා... මේවා තමා කරේ......

      Delete
  7. කුගෑපවුර දේශපාලනිය කිරිම ගැන මගේ බලවත් මෙව්වා එක

    ReplyDelete
    Replies
    1. ඡන්දේ ළං වෙද්දි ඉන්නම බෑ මෙන්ඩෝ......... ඉවසං හිටියාට මොන.... ඉන්නම බෑනේ.........

      Delete
  8. ඉන්ටකූලර් පෝලිං
    පෙරහැරේ යන ගමං
    පාට කොළ විසි කරං
    ගියේ අපේ ගම සරසං

    ගල් අරක්කු බෝතල්
    සාක්කුවට මොණර මල්
    අපි ගත්ත අාතල්
    ළගින්වත් යනවද මේ කචල්///

    එයාල ඒ දාස් වල ගත්ත ඒ ආතල්මෙයාල මේ දවස් වල ගන්නව. ඊයෙ යූ ඇන්පී රැස්වීමක් තිබ්බ මෙහෙ. ඒකට හෙනසෙට් එකක බැස්ස මං හිතන්නෙ.ඒකට සහබාගි වෙන්ට ගිය ඔය කියනජාතියෙ රථ පෙළපාලියක් හින්ද තව ඩිංගෙන් මේ කොමෙන්ටුව කොටන්න මං නැති වෙනන තිබ්බ. හුටාර් එක කාණුවට කපල බේරුණේ.
    ඒ වෙලාවෙ න ws ගෙ පරම්පරාවම මතක් වුණා. ඇත්තමයි ඈ

    බුලත් කොලෙයි අරකෙයි ලේකං දෙන්න අයිං කොරල නේ.
    ඇයි දන්නෑ මෙච්චර පරක්කු වෙනකං හිටියෙ.කලිංම නොකර
    බොරු සොබ්බෙ

    ReplyDelete
    Replies
    1. ඒකෙක්වත් හොද නෑ මහේෂ්............. ඒත් මේක සාපේක්ෂව හොදයි....... ඒකට අරක

      Delete
  9. තව හදාගන්න දේවල් බොහෝයි. පාසැල් වලට ළමුන් ඇතුලත් කරගන්න 'යහපාලන ක්‍රමයක්', සල්ලි ඇති එකාටයි නැති එකාටයි උසස් අධ්‍යාපනේ සළාක කරන්නේ නැතුව ගන්න විදිහක්. ඒ ඔක්කොටම අලියට දුන්නොත් තමයි. හරි හරි මම යූ එන් පියට කඩේ යන්නෙක් තමයි, නමුත් මට කිසිවක් කර ගැනීමට නොවේ.

    ReplyDelete
    Replies
    1. ඉයන්ගේ අඩවියට ගියා.... අපේ සින්ඩියටත් දා ගත්තා... දිගට ම ලියමු... ඔබේ රචනා විලාශය හරි අගෙයි... දිගට ම ලියමු......

      Delete
  10. මහින්ද මාමි හොඳා.......................යි.
    ඒ වුනාට මයිත්‍රී මාමි, ගො ඩ් ඩා....................ක් හොඳා.............................................යි.

    ඕං අපේ එවුන් කට්ටියක් ලෑස්ති වෙනවා අඩුම කුඩුම එහෙම සැට් කොරගෙන චන්දෙ අහන්න. අනේ මමනං යයි ඔව්වට.

    උදෙන්ම චන්දේ දාලා එනවා. වෙනදවගේම රෑට (නිදාගන්න බැරිනිසා අරුන් ඉන්න අහල පහලින් ඉඳන් චන්දෙ අහනවා)

    ReplyDelete
    Replies
    1. විචාරක මහතෝ.......... ඔබ තුමා සමග බලද්දි මේ කමෙන්ටු කරන මම බොහොම බාලයි... මං ඒක හොදට ම දන්නවා.... මමත් ඡන්දෙ අහන්න රුසියා.... ඡන්දෙ බලන ඒක මගේ මාරම මාර විනෝදාංශයක්.....

      හැබැයි අවුල තමා විචාරකතුමෝ මං දුක් විදගෙන රෑට ඡන්දෙ බැලුවාට හොදම හරිය යද්දි මං උදේට නිදි.... අපේ තාත්තා රෑට නිදාගෙන උදේට හොදම හරියට ගානට බලනවා.. මං හැමදාම සම්පූර්ණ ප්‍රතිඵලය අහගන්නේ තාත්තාගෙන්...

      Delete
  11. මේ පාර අර එක එක තෑගී බෙදල දෙන නත්තල් සීයලත් නෑනේ .ඇත්තමයි මෙලෝ රහක් නෑ .ඔක්කොම හොඳයි මේපාර එපා කරපු වැඩේ කියන්නේ මේ පාර ඡන්දෙ දෙන්න කියල කියන්නේ ගෙදරට කෝල් කරලා.ඔක්කොම වැඩ නවත්වල ගිහින් ඔය කෝල් එකක් ආවම ඉතින් මුළු පරම්පරාවම මතක් වෙනවා ...... -_-

    ReplyDelete
    Replies
    1. අැත්තම කතාව........ දැන් කොල් ඒන ඒවයි... මැසේජ් ටිකයි පුදුම කරදරයක්.. මේකත් ඊළග පාර වෙත්දි නවත්ත ගන්න ක්‍රමයක් හදා ගත්තාෙත් හොදයි......

      Delete
  12. මමත් මහින්දට එන්න කියල කෑගගහා අඬනවා. හැබැයි මහින්ද දේශප්‍රියට,එතුමා විශ්‍රාම ගියාම.

    ReplyDelete
    Replies
    1. අනේ හත්තිලව්වේ මිනිහව නම් දේශපාලනයට අැදලා දාන්න හොද නැහැ..... අාවත් ඉතින් ඒයාලගේ පක්ෂයෙන් ඒවි නේද????????

      Delete
  13. සිරාවට.. කිසි ගතියක් නෑ අප්ප.. මෙව්වත් චන්දද...

    ReplyDelete
    Replies
    1. අැත්තට ම සාජ්ජා............... අර මරාගෙන කෑ ගහගෙන බීගෙන පෙරහැරවල් ගිහින් කරපු ඡන්ද වල මාර අාතල් ඒකක් තිබ්බා නේද?????? කෝ දැන් ඔරලෝසුවක්වත් ලැබෙනවා යෑ............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...