Saturday, August 1, 2015

ඔය කැන්වසින් පාරකට පොඩි වෙඩිල්ලක් තිබ්බා කියලා මක්වෙනවද බං..........????????



ඕක උන්ගෙ ම වැඩක්.....
නැත්තං රවියා ගියාට පස්සේ
සෙට් ක වෙන තැනකට යනකල් ඉදලා
ගානට අැවිත් වෙඩි තියයිද මං අහන්නේ ....?????
යකෝ අාණ්ඩුවත් උන්ට තියෙද්දි
අපිට පුළුවන්ද මෙහෙම සෙල්ලම් දාන්න.....
පුළුවන් වුණත් අපි කවදාවත් හෙම දේවල් කරාද??????

ඕක කලින් දෙන්න හිටපු ගේමක්
මතකද අාමි කාරයෝ ටිකක්
වෙපන් කක් ක්කම අහුවුණා
සුදු වෑන් කකින් ගේමට යද්දි.......?????
එදා තමා වැඩේට සෙට් වෙන්න අැත්තේ
පොලීසියට වැරදිලා අැල්ලුවානේ ....
අනික අපි ඔය සුදුවෑන් ගැන කිසිම දෙයක් දන්නවාද??????

අනික අපේ අාණ්ඩු කාලේ 
අපේ ගෝඨයිම්බර යෝධයා අැවිත්
පාතාලයේ අය සමග සාකච්ඡා කරලා
එයාලව නීත්‍යානුකූලව ඉවරකරානේ.........
අනිවාර්යයෙන් ම මේ මැරයෝ නම්
රනිල් ලගදී ඉම්පෝර්ට් කරපු එවුන් තමා.......
මොකද අපිට කවදාවත් මැරයෝ හිටියා යෑ මිනී මරන්න??????

අනික මෙහෙම දේකුත් තියෙනවානේ
ලසන්තට මහ දවල් වෙඩි තියාගෙන
සියදිවි නසා ගන්න පුළුවන් නම්
එක්නැලිගොඩට පිටරටකට වෙලා
අාතල් කේ හැංගිලා ඉන්න පුළුවන් නම්
ඔය කැන්වසින් පාරකට පොඩි
වෙඩිල්ලක් තිබ්බා කියලා මක්වෙනවද බං..........????????



කසුප් අනුරාධ 


.

15 comments:

  1. Replies
    1. මලියා.............. ඔය කලින් ඡන්ද වල කීයක් නම් මැරුණද???? ඒක තැන පහ දහය මැරුණ වෙලාවලුත් තිබුනේ.... මේක මොකක්ද නේද?????

      Delete
  2. අනික ඉතිං අපිට පාංයැ කවුරුවත් මලා කියලා... ඔන්න අපේ ගෑවිච්ච තැනකවත් එකෙක් මලානං බලාගංට තිබ්බා...හුහ්.

    ReplyDelete
    Replies
    1. අනිවා මාධවී...........................

      ඔය ඡන්ද නාඩගං නටන්න ගිහිං මැරුණට අපි මොනවා කරන්නද????? අනික ගෙදරට වෙලා කට වහගෙන රට යන අතකට යන්න දීලා ඉන්නැතුව මොකට යනවද මැරෙන්න.... මොකා රට හූරං කෑවත් අපිට පාං යෑ..... නේද මාධවී............ මේ අපි ඉන්නේ සද්ද නැතුව...

      Delete
  3. හිහ් හිහ්, රවී උන්නැහේ පිළිගන්න ගෙනාව බට්ටෝ රචින්නා ටිකක් අතේ පත්තු කොරගෙන, එනවා මතන වෙන මිනිස්සුන්ව අල්ලන්න. හුහ්.......

    ReplyDelete
    Replies
    1. අම්මපා විචාරකතුමෝ.......................

      කැන්වසින් යනකොට තුවක්කුත් ගෙනියනවාද???

      Delete
  4. පොඩි වෙඩිල්ලක් පොඩි මරණයක්

    ReplyDelete
    Replies
    1. ඔ්වා පොඩි පොඩි දේවල්නේ අනේ...... මේකට යෑ මැතිවරණ උණුහුම කියන්නේ..... අන්න ඒකට ඒ කාලේ රස්නේ......... අම්මපා තාම මයිල් කෙලින් වෙනවා

      Delete
  5. උන්ම වෙඩිතියාගෙන නේද බං

    ReplyDelete
    Replies
    1. ඔව් බං........ අනූ ගණන් වල හිටපු නෝනලා මහත්තුරු තමන්ට ම බෝම්බ ගහ ගත්තු ඒකේ..... මේ අහිංසකයා තමන්ගේ සෙට් ඒකට වෙඩි තිබ්බා කියලා අමුත්තක් නෑනේ බං........ කොහොම හරි ඔ්නේ ඡන්දනේ....

      Delete
  6. මෙය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් බව නොදන්න කෙනෙක් නැත. අළුත් ආණ්ඩුව යටතේ පාතාලය හිස එසවීම භයානකය. ඔබ තමන්ගෙ පක්ෂයෙ පාතාල ක්‍රියාකාරකම් සාධාරණීකරනය කිරීමට උත්සාහ දැරීම පිළිකුල් කටයුතුය. අප යහපාලනයට ඡන්දය දුන්නෙ ටයිකෝට් පාතාලයක් ආදේශ කර ගැනීමට නොවේ.
    සංධාන පාතාලෙ උක්කුවා මරා දමා ඇත. උක්කුවා වෙනුවට ආමි අමිල ආදේශවීම යහපාලනය නොවේ.

    පාතාල ගැටුමට ඇති අවධානය වෙනතකට හරවා ඔබ උත්සාහ කරන්නෙ ටයිකෝට් පාතාලය රජකරවීමටද?

    පසුගිය ඡන්දයේදී හංසයාට ඡන්දය දුන් අප නම් මේ දූෂිතයා ගැන කලින්ම දැන සිටියෙමු.ඌ හොරෙකි මැරයෙකි. පාතාලය ඇසුරු කරන්නෙකි. නියපොත්තෙන් කපන්න තිබෙන එක පොරවෙන් කපනතුරු බලා සිටීම වරදකි.

    ReplyDelete
    Replies
    1. නාමල් ලා තංගල්ලෙ උක්කුවල පෝෂනය කරන විට අප ඒ ගැන දැනුවත්ව සිටියෙමු.එය අනුමත නොකළෙමු. වීදේශගතව සිටි පාතාල නායකයන් රැසක්ම දැන් පැමින සිටිති. කොළඹ පාතාලය ගැන රසකතා ඉදිරියේදී අසන්නට ලැබෙනු ඇත. ගිණි අවි හා ගිණි කෙළි අංක දෙක බලාපොරොත්තුවන්න.

      දැන් පෙන්වනවා
      එදා මල්ලිමාරච්චිලා කුරේලා ගේ වැඩ කිඩ අද ටයිකෝට් රවීලා මරික්කාර්ලාගෙන්
      කුරුටු ගී පවුරේ කවි කොළයක් නොමිළේ
      හෑදාම නෑ හැමතැනම නෑ

      Delete
    2. මචං අැනෝ......................

      උඹ ලියපු උඩ පෝස්ටුවේ මෙහෙම තියෙනවා...
      //අප යහපාලනයට ඡන්දය දුන්නෙ ටයිකෝට් පාතාලයක් ආදේශ කර ගැනීමට නොවේ.//

      ඉතින් බං ඔය යහ පාලනයෙන් ගෙනාපු උඹලාගෙම ජනාධිපතිනේ යූඒන්පී මැරයන්ගේ ලාෙක්කා... හා නැද්ද???? යකෝ මේවා අපිට නොකියා හංසයාට ඡන්දය දුන්නා නම් හංසයා ඒක්කම බලාගන්න ඒපැයි..... යකෝ අපි කවියක් ලිව්වාම තමා උඹලට ඩෝං යන්නේ....... අනේ මගේ කට.......

      Delete
  7. ඒ මොනා හරි වුනාද බන්

    ReplyDelete
    Replies
    1. ඒවා ඔමාට මොකට ද ??? පොඩි ළමයින්ට මොන දේශපාලනයක්ද ????

      Delete

Related Posts Plugin for WordPress, Blogger...