Tuesday, August 11, 2015

අපිට කවදා හම්බෙයිද මාලු කුට්ටි.................



ජීවිතේ කියන්නේ 
මාර දෙයක්නේද මචං...
බඩ පිටට අැලෙන තරම් බඩගින්නේ
අපි දෙන්නෙක් ම ඉන්නවා......
අපරාදේ කියන්න බැරි තරම් සයිස්
මාලු කූරියෙකුත් ඉන්නවා......
ලෑලි පිහි අපිට මොකටද
ඒවා පැත්තකින් ම තියමුකෝ,
ඕක බරුගහගෙන කෑවානම්
බඩ පිරෙනවා අපි ගිහින් නිදා ගන්නවා......

ඒත් වෙන්නේ වෙන දෙයක්
ලෑල්ලේ තියලා කපලා සුද්ද කරලා
අැති හැකි මිනිහාට දෙනවා
මාලු කුට්ටි ...........................................
අපි කෙළ හළ හළ බලා ඉදලා
අන්තිමට ම විසිකරලා දාන
කටු ටික බඩවැල් ටික කනවා
අපිට කවදාවත් හම්බවෙයිද 
මාලු කුට්ටි ............................................

දේශපාලනය කියන්නෙත් 
මෙහෙය දෙයක්ලු මචං....
බඩ පිටට අැලෙන තරම් බඩගින්නේ
ජනතාව බලාන ඉන්නවා
අපරාදේ කියන්න බැරි තරම් සයිස්
අාර්ථිකයකුත් තියෙනවා
ධනවාදය සමාජවාදය මොකටද
ඒවා පැත්තකින් ම තියමුකෝ,
අාර්ථික ප්‍රතිලාභ ලැබුණානම්
බඩ පිරෙනවා ජනතාව ගිහින් නිදාගන්නවා.....

ඒත් වෙන්නේ වෙන දෙයක් ලූ
ධනවාදයෙයි සමාජවාදයෙයි බෙදලා
අැති හැකි මිනිහාට දෙනවා
සල්ලි කුට්ටි...........................................
ජනතාව කෙළ හළ හළ බලා ඉදලා
ඡන්දෙ කාලෙට විසිකරන
කටු ටික ලෙව කනවා
ජනතාවට කවදා හම්බවෙයිද
සල්ලි කුට්ටි ............................................



කසුප් අනුරාධ.



.

64 comments:

  1. අපිට කොයින්ද පූසෝ මාළු කිව්වලු.
    ආයිත් කුම්බලා මාළු කෑවානං දුක විඳපං පූසෝ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේ කාලේ කන කටු පස්සේ දිරවගන්න අමාරු වෙනවා..... අන්තිමේට වෙන්නේ අැටි කෙහෙල් කාපු උගුඩුවන්ට වෙන දේ තමා..... බලමු බලමු.... අපිත් ඉන්නවානේ....

      Delete
  2. මේ දේ දැන දැනත් වන්දනා මාන කරනවා උන්ගේ මඩිය තරකරගන්න අපි. නිල් කොළ රතු තුනම එහෙමම තමයි. රතු කියලත් කිසිම වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. රතු ගැන අැයි මෙච්චර තරහක්... හැමෝම ඒකයි කියන ඒකනම් අැත්තම තමා..... අපේ උන්ගේ මෝඩකම කොච්චරද කියනවානම් මාසෙන් මාසෙට ඡන්ද තිබ්බත් මේ විදිහට ම කඩේ යන ඒකනේ.....

      Delete
    2. රතු කරන්නෙ පූසන්ට ටීවී එකෙන් මාළු පෙන්නන එක...

      Delete
    3. ඒකත් අැත්ත.............

      Delete
  3. උදේ පාන්දර..
    ඉස්කෝලේ පොත් ගන්න,
    සල්ලි ඉල්ලන පොඩි එවුන්..
    බ්ලොග් ගලක් එනකං,
    බලං ඉන්න සිදුරු ලෑලි බිත්ති..
    දවසේ ණය ගෙවනං,
    බෙල්ල දික්කරන් බලං ඉන්න
    හංදියේ කඩේ මුදලාලි..
    මෙව්වා මතක් වෙනකොට..
    මොන ධනවාදෙද,
    මොන සමාජවාදෙද,
    මොන ලිබරල් වාදෙද,
    බංබුව තමයි..
    අනේ පූසෝ..
    උඔලටනං කට්ටවත් තියනවා
    මට...



    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. අම්මපා විදානේ මචං...............

      මේ දේශපාලුවෝ සෙල්ලං කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් ඒක්කයි..... ඡන්ද ගාන වැඩියෙන් ගන්න පුළුවන් කොතනද ඒතන්ට ලංවෙලා.. අහිංසකයෝ අන්දගෙන නටන්න පුලුවන් නාඩගං නටනවා.... ඡන්දෙ දිනුවා ම උන්ගේ අාතල් ගන්නවා.... මේ ජනතාව ගැන බලන මොකෙක්වත් නැහැ.......

      Delete
    2. විදානේ ගේ කවියත් මරු. ගැලපෙනව මේකටම.

      Delete
    3. විදානයා කවි ලියන්න රුසියා... ඒත් අපි කවියක් ඉල්ලුවා ම තාම ඒකේ පද ගලපනවා... විදානයා බයයි කුරුට්ටන් ඉස්සහා කවි ලියන්න.... හා නැද්ද?????

      Delete
  4. දේශපාලනය කියන්නේ මේවගේ දෙයක්ලු කියා කෙලින්ම නොකියා ව්‍යංගයෙන් කිව්වානම් තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත විචාරකතුමෝ.................. ස්තූතියි අනාගතයට හිතන්න ඉඩක් පෙන්නුවාට.... අැත්තට ම ස්තූතියි

      Delete
  5. විචාරක තුමත් එක්ක එකඟයි.පූසන්ගෙ සීන් එකෙන් නැවැත්තුවා නම් පට්ටම ගති.
    මතු කරලා තියන සිද්ධියට ගැලපුම නම් ටොප් ක්ලාස්..
    යතාර්ථය ඕක තමා.අපි ජහ මනයා එළුවගෙ මොකද්ද එක වැටෙනකං පස්සෙං ගිය නරියා වගේ දේශපාළුවන්ගෙ පස්සෙන් වැටිලා රැලේ දුවනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් අැත්ත..... කොහොම නිර්මාණයක් විවිධ විදිහට කරන්න පුළුවන් නේද ගස්..... මේ සංවාදය ඉතා වැදගත්.... ස්තූතියි උඹේ අදහස් දැක්වීමට...

      Delete
  6. අනා පූසෝ....... උපේක්ෂා වරෝ ,,,,, මෙන්න ෆුසොඕ....

    ReplyDelete
    Replies
    1. ඔමා..................... මේ කතාවත් ඔමාගේ පූසෝ කතාවට සම්බන්ධයි වගේද????? අැත්තට ම මේ පෝස්ටුවට කලින් ඒක බැලුවා... ඒකත් හේතුවක් වෙන්ටෑ නේද????? මොකක් ද අර ලස්සන කෙනාගේ නම..... ඔල්සි නේද??????? කොහොමත් මේ මාලු කාරයා කියනවා අැති ඔමා කිව්වා වගේ ම පූසොත් ඒක්ක බෑ කියලා........ නේද???

      Delete
  7. නියමයි මචෝ.. මොනා කරන්නද ඉතින්.. ඕක තමයි හැබෑ තත්වේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්..................... මේ දවස් වල වැඩිය සද්දයක් නම් නැහැ... පෝස්ටර් අඩුයි... කටවුට් නම් නැති තරම්.... කාර්‍යාලත් නැහැ.... දැකපු වෙනස් ම ඡන්දයක් නම් යනවා... ඒත් පාර්ලිමේන්තුව වෙනස් නොවෙයිද කියලයි අපි බයේ ඉන්නේ....

      Delete
  8. // අපරාදේ කියන්න බැරි තරම් සයිස්
    අාර්ථිකයකුත් තියෙනවා//

    ලමායි. මෙන්න මෙතන නං මට අවුල්.
    සාම්ප්‍රධානුකූලව, අපි කෘෂිකාර්මික රටක්

    . තේ, රබර්, පොල් තමා වික්කෙ. ඒ කල්ප ගාණකට ඉස්සර. දැන් මොනවද විකුණන්නේ? සමහරු කියනවා , හවුස් මේඩ්ලා කියලා. එහෙම කිව්වම , රාවණාගෙ පරම්පරාවෙ ඇත්තො, සරම කරට අරන් එනවා, අපට නෙලන්න.

    එකසිය ගාණට ණය ගන්න බව නං පේනවා. ඒකට එයාල කියන්නෙ සංවර්ධනේ කියලා. ලැජ්ජා නැතුව කටක් ඇරලා , මෙන්න මේකයි කියලා කියන්න විකුණන්න පුළුවන් දෙයක් නිපදවන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බස්සා සහෝ...................

      අපි ලක්ෂ දෙසීයක් ඉන්න පොඩි රටක්.... අැත්තට ම අපිට තියෙන සම්පත් ඒක්ක බැලුවාම අපේ අාර්ථිකය හදා ගන්න හොදට ම අපිට දේවල් අැති.... තියෙන අාර්ථිකයෙත් නෙමෙයි අවුල තියෙන්නේ.... මේක අච්චාරු කරගෙන පිස්සු කෙලින ඒකයි අවුල..... පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් ඒක දිහා බලන්න... ඉතින් කොහොමද අාර්ථික කළමනාකරණයක් නරන්නේ.... කරන්න ඔ්නේ තියෙන අාර්ථිකය හරියට කළමනාකරණය කරගන්න ඒක තමයි... ඒකේ ප්‍රතිලාභ ජනතාවට යන ඒකයි වැදගත් ම දේ........ නැත්තං රට හැමදාම බඩගින්නේ...... මේ ගොල්ලෝ දෙපැත්තට පැන පැන අාර්ථිකයත් ඒක්ක අාතල් ගනියි...... ජනතාව බඩගින්නේ

      Delete
  9. ඇති හැකි අය මාළු ගන්නේ සල්ලි දීලා, පුසන්ටත් මාලුගන්න සල්ලි එන විදිහක් හදන්න ඕන, නැත්තම් පුසන්ට මූදු යන්න පුරුදු කරන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ඒත් නැත්තං පූසන්ට තණකොළ කන්න පුරුදු කරන්න ඔ්නේ....... ඉවාන් සහෝදරයට ජයවේවා... හෘදසාක්ෂියට ජයවේවා...(උඹේ රූපයත් හරියට ඡන්ද පෝස්ටරයක් වගේ.....)

      Delete
  10. කීවත් වගේ පූසන්ට මූදු යන්න පුරුදු කරමු.... නැත්නම් මේක කවදාවත් විසදෙන්නෑ කුරුට්ටෝ

    ReplyDelete
    Replies
    1. අනිවා සබරේ අැනෝ..........

      මේ දවස් වල බ්ලොගයක් පටන් ගන්න ඒක ගැන හිතනවා වෙන්න අැති..... මොනවද ලියන්නේ.... මොකක්ද නම දාන්නේ කියලා හිතුවාද?????? සබරේ අැනෝගේ කොලම කියලා දාමුද??? නැත්තං සබරේ අැනෝ කියලා දාමුද??? නැත්තං අැනෝ කොලම කියලා දාමුද????? හොද ඒකක් තෝරමුකෝ බලන්න

      Delete
    2. කුරුට්ටෝ මං බ්ලොග් එක ලියන්නේ වර්ණ කුලකයත් එක්ක. කොමෙන්ටු දානකොට ලියන්නේ මොකාද කියලත් ටිකක් බැලුවොත් මොකද.............. නැත්නම් අර මධු කියනව වගේ ලෙලි ගහපු පොලයක් ඔලුවට වැටෙයි

      Delete
    3. හත්තිලව්වයි.... දැන්නේ දැක්කේ....... අන්න සබරෙගේ අන්තිම පෝස්ටුවේ සටහනක් දැම්මා.... අැත්තට ම අදමයි දැක්කේ... මං හිතුවේ කොහොම හරි බල කරලා අලුතෙන් බ්ලොගයක් කරවනවා කියලා..... වර්ණ යාලුවෙක්ද???? කොහොමද අදුරන්නේ.... මොකද මුල්කාලේ සබරේ ඒ පැත්තට සම්බන්ධ වෙලා හිටියේ නැහැනේ.....

      Delete
    4. වර්ණ කුලකයට කොමෙන්ට් දාල තමා සබරෙව මාත් අඳුර ගත්තෙ. දැන් නම් ගජ යාළුවො. මගේබ්ලොගයට ලියන්නෙ මිත්‍ර වර්ණ කියලා. තනිවම බ්ලොගය කරගෙන යනවට වඩා මිත්‍රයෙක් ඉන්න එක සුපිරි....
      ජයවේවා!

      Delete
    5. ඒකගයි වර්ණ.................. ඒත් මේ සිද්ධිය දන්නේ අද..... ඔබ දෙදෙනාට අගේ අැති අනාගතයකට අපි සුභ පතනවා.... තනියම ලියනවාට කීපයක් ඉන්නවානම් හොදයි.. බ්ලොගය දිගට ම ලියන්න ඒක හයියක්...... සුභ පැතුම් ඔබ දෙදෙනාටම.....

      Delete
  11. එල ද බ්‍රා නිර්මානයක්
    සරලයි ඒ වුනාට පට්ටම ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ............. උඹලාගේ වචන ටික කමෙන්ටු වෙනකල් බලාන ඉන්න ඒක තමයි මේ කරන්නා වූ හැම නිර්මාණයකම සතුට... ස්තූතියි මචං

      Delete
  12. බලමු පූසෝ අපිත් ඔරුවක් හදාගෙන මූදු යන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා.................. අනිවා රාජ්................

      මේ පාරවත් පූසෝ ටික ගොඩයන ක්‍රමයක් හැදුනොත් හොදයි... නැත්තං උන් හැමදාම කළ හළ හළ ඉදලා බඩගින්නේ ම නිදා ගන්නවා....

      Delete
  13. එක්කෝ පුසා සල්ලි හම්බ කරන් ඇති හැකි පූසෙක් වෙන්නොනේ.. නැත්නම් හිතට හයිය අරන් මුහුදට බහින්න ලැස්ති වෙන්නොනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා කමියා....... මං නං හිතන්නේ පූසොන්ට මාලු ලැබෙන්න ඔ්නේමයි කියන මතවාදයට පූසෝ පෙළගැහෙන්නෝනා.... මහපාරෙත් සටනක් තියෙනවා කියලා උන් දැනගන්න ඔ්නේ

      Delete
  14. යම් කෙනෙකුට ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබෙන්නේ ආර්ථිකයට වෙන දායකත්වය අනුව. අපි ජනගහනයෙන් 10%ක් ආර්ථිකයෙන් අච්චර කොටහක් භුක්ති විඳිනවා කියන්නේ අන්න ඒකට. හැමෝම සම සමව භුක්ති විඳින්නේ නෑ.ලංකාවේ ආදායම් උපයීමේ ප්‍රධානම ක්‍රමය වෙන්නේ ‍රැකියා කරන එක.ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ශ්‍රමිකයෝ.ව්‍යවසායකයො ටිකයි.එතකොට ආර්ථිකයක් වර්ධනය වෙන කොට ව්‍යවසායකයට යන ප්‍රමාණය වැඩි වෙනවා.ස්ථාවර ආදායම් ලබන අයට එහෙම වේගයකින් වැඩි වෙන්නේ නෑ. ඒකයි ධනවාදයේ තත්ත්වය.සමාජවාදයේදි ව්‍යවසායකත්වය අඩුයි.ගොඩක් අයට ‍රැකියාව තමයි ආදායම. ඒත් ආදායම ඉපයුවත් තමන්ට ඉහළ ජීවන තත්ත්වයක් තේරෙන සිංහලෙන් කියනවා නම් සැප විඳීමේ හැකියාව අඩුයි.හේතුව වෛද්‍යවරයෙක් කම්කරුවෙකුට වඩා ඉහළ දිවි පෙවෙතක් ගත කරනවා නම් එතන සමාජ අසාධාරණත්වය කියලා ඒ සමාජ වල පිළිගැනෙනෙනවා.(මම කියන්නේ යම් වෙනසක් නෙවෙයි ඉහළ වෙනසක්). මෙතන තියෙන්නේ පක්ෂ දේශපාලනික ගැටළුවක් නෙවෙයි,ආර්ථිකමය කරුණක්.

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් අමුතු සිතුවිල්ලක් නෙමෙයි... මේක තමයි අැත්ත..... සමාජවාදය හෝ ධනවාදය කියලා අපි බෙදාගෙන ඉන්න ක්‍රමයන් දෙකම දැන් ගොඩක් පරණයි.. ඒවා දැන් අත්හැරිය යුතුයි... මේ දේශපාලනයත් ඒ අනුව වෙනස් වේවි....... ලෝකය කියන්නේ අතීතය දිහා බලාගෙන යන ගමනක් නෙමයි.. අපි අනාගතය ගැන වෙනස් විදිහට හිතන්න ඔ්නේ... වර්ථමානයට ගැලපෙන විදිහට අාර්ථිකය වෙනස් කර ගත යුතුයි....... දැන් අපි අපේම වාදයක් හදා ගත යුතුයි........

      Delete
  15. ඩයිනමයිට් දාලා හරි කූරියෙක් අල්ලගමු

    ReplyDelete
    Replies
    1. මේකනේ දේශා වැඩේ...... ඉන්දියාවෙන් අැවිත් උන් අල්ලන්න බලං ඉන්න මාලු ටික අල්ලං යනවාලු...... මොකදෑ බොල කරන්නේ....... ජාත්‍යන්තර බලපෑම් නොවැ.....

      Delete
  16. අනේ පුසෝ මේ
    මොනවා කියනවද මන්ද..

    ඉල්ලන් ආපු මාළුත්
    ගත්තේ ණයට හින්ද...

    විසිකරන්නට බැරිය
    මාළු ඔළු කන හන්ද...

    නැට්ට විතරක් දැනට
    කමුකෝ හෙට එන හන්ද...

    ReplyDelete
    Replies
    1. ඒක හරි.................. බැදලා ගත්තොත් කටුත් නෑ...... තිත්ත හින්දා බඩවැල් ටිකනම් ලැබෙනවා ෂුවර්.... ජනතාවටත් ඔහොම තමා.... පුළුවන් නම් ජනතාවත් මරාගෙන කන ඒවුන් දැන් ඉන්නේ.......

      Delete
    2. මේ කවියත් මාරු.

      Delete
    3. අැත්තට ම අජිත් අයියා මේ කවි වලටත් අගයක් ඒකතු කළාට ස්තූතියි....

      උපේක්ෂා මෙන්න ලින්ක් ඒක ගිහින් බලන්න....

      http://nelumyaya.com/?p=3959

      Delete
  17. වෙන්නෙ ඕක තමයි බන්. ජනතාව පූසො වගෙ තමයි.අන්තිමට කටු හම්බවෙන්නෙ
    පූසොන්ට මාලුකාරය එනකොට මාර ඉවක්නෙ තියෙන්නෙ. ගෙවල්වල පූසො පෝලිමේ දුවනව .ඒක බලන්න ලස්සනයි බන්

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුත් ඒ වගේ තමා බං...... ඡන්දේ කාලෙට දේශපාලනඥයින් පස්සේ යන්නේ...... කවදා වුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ ම.ම........ මිනිස්සු දේශපාලනකිව බුද්ධිමත් පිරිසක් වෙනතුරු මේ නාඩගම් සිද්ධ වෙයි...

      Delete
  18. අපි නම් හැදෙයි... ලංකාවෙ අපි..? ආයෙ පිස්සුවක් ඇතෙයි...?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ ශ්‍රීනාත් සහාේ.............. මේ තමා අපේ ගතිය නේද????

      Delete
  19. ධනවාදය,සමාජවාදය නෙමේ කොක වුනත් ගෙඩි පිටින් මෙහෙට කොපි කරන්න බැහැ බං.අනිත් එක තියෙන උන්ට සල්ලි විසික් වෙන්නේ නිකම් නෙමේ උන්ගෙන් මොනවා හරි බලාපොරොත්තුවෙන්.එකට දෙන සන්තෝෂම තමයි ඒ සල්ලි කුට්ටිය.හැබැයි දුක ඒ සල්ලි කුට්ටිය උන්ට දෙන්නේ අපේන් පික්පොකට් ගහලා වීම.

    ReplyDelete
  20. ධනවාදය,සමාජවාදය නෙමේ කොක වුනත් ගෙඩි පිටින් මෙහෙට කොපි කරන්න බැහැ බං.අනිත් එක තියෙන උන්ට සල්ලි විසික් වෙන්නේ නිකම් නෙමේ උන්ගෙන් මොනවා හරි බලාපොරොත්තුවෙන්.එකට දෙන සන්තෝෂම තමයි ඒ සල්ලි කුට්ටිය.හැබැයි දුක ඒ සල්ලි කුට්ටිය උන්ට දෙන්නේ අපේන් පික්පොකට් ගහලා වීම.

    ReplyDelete
    Replies
    1. අනිවා මනෝජ්.......................

      වෙන්නෙම අපෙන් ගසාකන සල්ලි අැති හැකි වුන්ට ම යන ඒක.. දුප්පතුන්ගෙන් අරං ධනවතුන්ට සල්ලි දෙන මේ ක්‍රම දෙකම වැරදියි මචං..... රොබින් හුඩ්.. සරදියෙන් ක්‍රමයක් අවශ්‍යයි.... පෙන්නන්නෙනම් ඒහෙම තමා... ඒත් පාර්ලිමේන්තු යන සරදියල්ලා රොබින්ලා අන්තිමට වැරදි පාරේ යනවා...... ඒක්කෝ යවන උන් හරියට තියාගන්න ඔ්නේ.. නැත්තං හරි ඒවුන් යවන්න ඔ්නේ......

      Delete
  21. ධනවාදය,සමාජවාදය නෙමේ කොක වුනත් ගෙඩි පිටින් මෙහෙට කොපි කරන්න බැහැ බං.අනිත් එක තියෙන උන්ට සල්ලි විසික් වෙන්නේ නිකම් නෙමේ උන්ගෙන් මොනවා හරි බලාපොරොත්තුවෙන්.එකට දෙන සන්තෝෂම තමයි ඒ සල්ලි කුට්ටිය.හැබැයි දුක ඒ සල්ලි කුට්ටිය උන්ට දෙන්නේ අපේන් පික්පොකට් ගහලා වීම.

    ReplyDelete
  22. එකෙන්ම සුපිරි කුරුටු
    කදිම නිදසුන
    ඒත් කවදහරි පූසන්ටත් මාළු කූරියෙක් ලැබෙන දවසක් ඒවිනේ
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අන්න ඒදා උදාකරගන්න තමා අපි උත්සහ කරන්නේ... මේ කවි පද වලින් අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා

      Delete
  23. අනේ අපි කවදාක ගොඩ යයිද මේ කපේ කියල පූසන් හිතමින් ඉන්නවා ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.............. සාරිකා.... ස්තූතියි අදහස් දැක්වීමට...

      Delete
  24. කුරුට්ටා... අපූරුවට කාරණා දෙක ගලපලා ලියල තියනවා... නියමයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාජ්ජා................

      අැත්ත ඔ්ක තමයි.. අපිත් ලෑල්ල දිහා බලං හූල්ලන පූසෝ වගේ තමා..

      Delete
  25. පූසෝ පව් :( උන්ට පව් කියන අපිත් පව්.(අර බඩ තඩි දේශපාලුවෝ අපි දිහා බලාගෙන කියනවා ඇතිනේ මුන් හරි පව් කියල :/ )

    ReplyDelete
    Replies
    1. අනිවා හංසි.................

      දැන් බලන්න බිස්නස් කාරයෝ බිස්නස් කරනවා ... දොස්තරලත් බිස්නස් කරනවා..... හැමෝම බිස්නස් කරනවා.. ඉතින් දේශපාලුවොත් බිස්නස් කරනවා..... අපි පව් නැද්ද අෆ්ෆා.................

      Delete
  26. කුරුටු ගීය හෙවත් කවි පෙළ සරලයි. මුනට දමල ගැහුවා වගේ කියන එක කියනවා. හැබැයි ධනවාදය හා සමාජවාදය ගැන පරණ හණමිටි අදහස් ඉවත් කල යුතුය කියන මතයේ මම ඉන්නේ. ආර්ථික ප්‍රතිලාභ සමාජවාදයේදීත් ලැබෙන ක්‍රමයක් ඕනේ. ඒකට නිදහස ඕනේ මිනිසුන් අතර. සමාජවාදී යයි කියූ රටවල නොතිබුණු දෙය. නව සමාජ ජාල හා බ්ලොග් ආදිය තුලින් අර " සමකය වටේ " කිව්වා වගේ දැනුම ගලා යාවි. එතැනදී අපට ඔය ප්‍රශ්නය විසඳා ගත්ත හැකි.

    ReplyDelete
    Replies
    1. අැත්තට ම අජිත් අයියේ............. අපිත් විශ්වාස කරන දේ තමයි බ්ලොග් වලින් අනික් සමාජජාලයන්ට සාපේක්ෂව දැනුමක් සමාජගත කරන්න පුළුවනි කියන ඒක... බ්ලොග් ඒක්ක ගණුදෙනු කරන පිරිස සාපේක්ෂව බුද්ධිමත් දැනුවත් පිරිසක්.. ඒ අතර ගොඩනැගෙන්නා වූ සංවාදය තුළින් සමාජයට වැදගත් පණිවුඩ යවන්න පුළුවනි... මේක හොද බුද්ධිමය සංවාදයන්ට තෝතැන්නක්... තව තවත් දියුණු විය යුතුයි..... ඒ සදහා අපි ගන්නා වූ උත්සාහය තවත් වැඩි කළ යුතුයි..... කවදා හෝ ගොඩනැගෙන ඒ තෝතැන්න හදපු මිනිස්සු වෙන්න අපිට පුළුවන් වේවි........ ඒ වේදිකාව භාවිතා වෙලා ලංකාව තුළ මහා වෙනස්කම් වේවි....... අපි ඒ හීනයට වැඩ කරමු...

      Delete
  27. Replies
    1. ස්තූතියි අජිත් අයියා..............

      සුපර් වර්ගයේ කමෙන්ටුත් අගට දැමීම තවත් වැදගත්...... මේ සහයට ස්තූතියි..........

      Delete
  28. Replies
    1. ස්තූතියි ඉන්ද්‍ර සහෝ...............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...