Monday, August 17, 2015

නිවැරදි මන්ත්‍රීවරයෙක්.... නිවැරදි පාර්ලිමේන්තුවක්.... නිවැරදි දේශපාලනයක්............



දේශපාලනය යනු......
රටේ සියල්ල පාලනය කරන්නා වූ
සියලු අාතයන ව්‍යුහයන් හසුරවන්නා වූ
සංවර්ධනය සමෘද්ධිය උදාකරන්නා වූ
සාධකයයි....

තවද, දේශපාලනය යනු .......
රටේ සියල්ලම කණපිට හැරවිය හැකි වූ
සියලු අායතන ව්‍යුහයන් විනාශ කළ හැකි වූ
විනාශය ඛේදවාචක උදාකළ හැකි වූ
සාධකයකි....


පාර්ලිමේන්තුව යනු.....
රටේ සියලු නීති නිර්මාණය කරන්නා වූ
ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නා වූ
රට නිවැරදි මග ගමන්කරවන්නා වූ
අායතනයයි.....

තවද, පාර්ලිමේන්තුව යනු...
රටේ සියලු නීති අතික්‍රමණය කළ හැකි වූ
ජනතාවගේ බලය හෑල්ලුවට ලක් කළ හැකි වූ
රට වැරදි මගට අැද දැමිය හැකි වූ
අායතනයකි.....


මන්ත්‍රීවරයා යනු.....
අප සතු ඡන්ද බලයෙන් තෝරන්නා වූ
වසර පහකට අපේ තීරණ ගැනීමේ අයිතිය පවරන්නා වූ
අප වෙනුවට රට වෙනුවෙන් තීරණ ගන්නා වූ 
නියෝජිතයාය....

තවද, මන්ත්‍රීවරයා යනු.....
අප සතු ඡන්ද බලය සොරාගත හැකි වූ
වසර පහකට අපේ තීරණ ගැනීමේ අයිතිය අහිමි කළ හැකි වූ
අප වෙනුවට රට විනාශ කරන තීරණ ගත හැකි වූ
නියෝජිතයාය...


ඡන්ද අයිතිය හිමි අප....
නිවැරදි මන්ත්‍රීවරයෙක්
නිවැරදි පාර්ලිමේන්තුවක්
නිවැරදි දේශපාලනයක්
රටට දායාද කරමු....................................



කුරුටු ගෑ ගී පවුර


.

27 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. 100% ක් නිවැරදි අය බෙහෙතකටවත් හොයන්න නැත. ඔන්න ඔහේ පහුගිය දොහේ හිතලා හිතලා, නරක අඩුම පක්‍ෂයටයි, ඒකෙ ඉන්න නරක අඩුම එවුන් තුන් දෙනෙකුටයි කෙලලා ආවා.

    ReplyDelete
    Replies
    1. අනිවා විචා මහතෝ.............

      අපි අද උන්ට කෙළලා අාවාම උන් හෙට සිට අපිට ගානට අවුරුදු පහක් ම කෙළියි............ අපි ඔන්න ඔහේ කෙළපුවාවේ කියලා අපිට නෙමෙයි වගේ හිටියාම හරි...............

      Delete
  3. අපි නම් පොඩ්ඩක් දවල් වෙලා ගිහින් යුතුකම් ඉටු කොලා හිටං....

    ReplyDelete
    Replies
    1. දවල්ට පෝලිම් අඩුයිනේ නේද????? නැත්තං ඔය ගහන්න යන පක්ෂ වල හැටියට කට්ටියට සද්දෙ අැහෙන්නත් පුළුවන්නේ.... මාතා අද ඡන්දෙ බලලා ගමු ෆුල් අාතල් ඒකක්.... අපි කොහොමත් දන්නවා අපි පරාදයි කියලා.... ඒත් මේ පාර අපි දිනන විදිහ අනික් දෙගොල්ලන්ට ම දැනෙයි කියලා ෂුවර්..... ඒහෙනම් හෘදසාක්ෂියට ඒකගව ම ඡන්දෙ බලමු හිටං....

      Delete
  4. පහුගිය කාලෙ වැඩියෙන්ම ජනතාව වෙනුවෙන් කතා කළ පක්ෂෙට දුන්නා...

    ReplyDelete
    Replies
    1. මම දුන්නෙත් ඒහෙම තමා.......... ඒත් අවුල තියෙන්නේ මේ වෙන කොටත් හිතාගන්න බැරි ඡන්දයක් වීමම තමයි....

      Delete
  5. කතා කරන්න කොන්දක් තියෙන එකෙක් යවාගන්න කියලා හෘදසාක්ෂියට ඒකගව පක්ශෙට විතරක් කතිරයක් ගහලා ආවා ඕං

    ReplyDelete
    Replies
    1. ඡන්දෙ දාන ක්‍රමය ඒක තමා... මනාප වලට මරා ගන්නැති උන් ඉන්න පක්ෂ වලට ඡන්දය දාන්නේ ඒහෙම තමා....

      Delete
  6. //ඡන්ද අයිතිය හිමි අප....
    නිවැරදි මන්ත්‍රීවරයෙක්
    නිවැරදි පාර්ලිමේන්තුවක්
    නිවැරදි දේශපාලනයක්
    රටට දායාද කරමු//

    මේ දේ වෙයිද මේ ලංකාවෙ?

    ReplyDelete
    Replies
    1. ඒක තමා ශ්‍රීනාත් අපිටත් තියෙන ප්‍රශ්ණය.............

      Delete
  7. මේ පාර නම් ටිකක් විතර වෙනසක් දැනෙනව...

    ReplyDelete
    Replies
    1. ඒත් දැන්නම් ඒක ටිකක් උණුසුම් වෙගන යනවා............

      Delete
  8. අරාබි නිසොල්ලාසයේ හෝ ගජබින්නාලංකාරයේ හැර මේ ලංකාරයේ නම් ඕක අද හෙට සිදු නොවේ. ඒ වුණාට ටික ටික මොළ පෑදීගෙන යන ලකුණු නම් හෙට වෙනකොට දකින්නට ලැබේවි.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒහෙම ගතියක් තාම පේන්නෑනේ මාධවියෝ.........

      Delete
  9. මේක මුල් කවි කියවගෙන යද්දී හිතුන මේක print කරලා පාර්ලිමෙතුවට එන අලුත් පරණ හැමෝටම දිවුරුම් ප්‍රකාශයක් වගේ කියවන්න දුන්නනම් හොඳයි කියල :V ලියලතියන විදිහත් නිකන් ඒ වගේනෙ :D ..මේක කියවලාවත් ඒ මිනිස්සුන්ට හිතෙයි අපි මේ 'සෙල්ලම් ගෙදරකට' ඇවිත් සෙල්ලම්කරන්නයි එහාට මෙහාට බට්ටෝ පනින්නයි ආව නෙවෙයි කියල. අන්තිම කවි පද ටිකනම් අපි හැමෝටම ... :)

    ReplyDelete
    Replies
    1. අැත්තමයි හංසි................. සෙල්ලම් ගෙදර කතාවයි, බට්ටෝ පනින කතාවයි නම් නියමෙට ම ගැලපෙනවා.... මේවා අපේ බුද්ධිමත් නියෝජිතයින්ට උගන්නලාම යැව්වානම් හොදයි කියලත් හිතෙනවා

      Delete
  10. වෙනව නම් කොච්චර හොඳද . .හෙට බලමු.

    ReplyDelete
    Replies
    1. තාම නම් වෙන පාටක් නැහැ.. බලමු මනාප දෙනකොටවත් හරි දේ කොරලද කියලා.......

      Delete
  11. පක්ෂ පාට බදාගැනීමකින් තොරව අවස්ථාවට ගැලපෙන ලෙස බුද්ධිමත්ව ජන්දය භාවිතා කරන පිරිස හරි අඩුනේ.දේශපාලඥයා ජනතාහිතවාදි පාලනයක් ගෙන නොයන්නේ නමි එය වෙනස් කිරිමට ජනතාව පෙල ගැසිය යුතුමයි.ජනතාහිතවාදි දේශපාලන ප්‍රතිපත්ති ගැන ඉතා පැහැදිලිව කියල දෙන සූත්‍රයක් තමයි කූටදන්ත සූත්‍රය.අපේ චන්දදායකයාත් දේශපාලඥයාත් බුදු දහමෙි දේශපාලන දර්ශනව හොදින් හැදැරිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වැදගත් අදහසක් මනෝ..................

      මේ ගැන සංවාදයට ගේමු.... ඉතා වැදගත් අදහස් ටිකක්

      Delete
  12. කුරුට්ටෝ මොකෝ මේ දෙපැත්තට ලියන්නේ.....

    අනිත් දවසෙ හිරේ ඉදන් ඡන්දේ ඉල්ලුව නම් ඔක්කොම ගොඩ... නේද කුරුට්ටෝ්්්්්්්

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ...... අර කුඩු ගෙනාපු උන්ටයි.... නඩු තියෙන දූෂකයෝ ටිකටයි නොමිනේෂන් දුන්නා නම් ලාෙක්කා උඩින් ම ගොඩ... පේනවානේ උන්ගේ ඡන්ද පදනම... යකෝ හිරේ ගිය උන් තව දෙන්නෙක්ට නොමිනේෂන් දුන්නා නම් රනිල් අනාථයි....

      Delete
  13. අපේ රටේ මිනිස්සුන්ට කවදාවත් මේව තේරුම්කරල දෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මනෝෂ් මචං...................

      Delete
  14. කුරුටු ගෑ ගී පවුර සියලු දෙනාගේම පොදු නිර්මානයක් නිසා මම මේකට වැඩිපුර කැමති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩෝ............. මේ අදහස කුගැගීප සෙට් ඒකේ විතරක් නෙමෙයි බ්ලොග් සහෘදයන් හැමෝගෙමත් රටේ හැමෝගෙමත් අදහනේ මචං.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...