Thursday, August 13, 2015

සිරිසේන මාමාට අැති අාදරේට ඒ වාගේම මාමා කෙනෙකු සොයා ගත්තාය.....




මාමේ................

ජනවාරි මාසයේත් ලංකාවේ
චන්දයක් තිබුනාය.....
ජාතියේ පියා මාමා
අටවෙනිදායින් පසුවත් මමයි ජනාධිපති
කියා කීවාය......
ඒ වුනාට මොකක් හරි
විදේශීය කුමන්තනයක් තිබුණාය....
පියා මාමාගේ දකුණු අත මාමා
(අපේ සීයා කියපු විදිහට)
අයියෝ සිරිසේන, තාෙලොංචි වෙලා පල
කියා යටිගිරියෙන් කීවාය....
හැමෝම කියනවා හරිය.
පියා මාමා පරද්දනට අැත්තේ 
පංචායුද මාමාය....

පංචායුද මාමා මැරෙන්නට හැදුවාට
ජාතියේ පියා මාමා හරි හොදය.
සිරිසේන මාමාට අැති අාදරේට
ඒ වාගේම මාමා කෙනෙකු 
අමාරුවෙන් හොයා ගත්තාය.....
ඒ මාමා සමග බොහෝම
සමීපව කටයුතු කලාය....
පියා මාමාගේ බේබි මාමලාද
හරි සමීපයෙන් කරට අත දාගෙන
සෙල්ෆි ගැසුවාය.....
ඉතින් බටලන්දේ මාමාලා
විප්ලවයේ මාමලා මොක කීවත්
පියා මාමාට සහ බේබි මාමලාට 
සිරිසේන මාමා සමග බොහෝම
සමීපව කටයුතු කරන්නට හැකිය....

සිරිසේන මාමා වෙනතක් බැලුවද
පියා මාමා ඒ වගේම 
මාමා කෙනෙකු හොයාගෙන
සිරිසේන මාමා නැවත එනතුරු
වගේ මාමාව සමීපයේ තියාගත්තාය...
දැන් සිරිසේන මාමා අැවිත්ය..
පියා මාමාද සමීප වෙන්නට දත කයි.....
කවුරු මොනවා කිව්වත්
පියා මාමා සැබෑ යාලුවෙකි....

සිරිසේන මාමේ........
පියා මාමා සමග සමීපයෙන් කටයුතු කරන්න.....
මේ මට තේරන තරමය....
කවුරුත් පියා මාමාගේ 
මේ හොද ගැන කතා කරන්නේ නැතිය.
ගොං මාමේ.... පංචායුද මාමේ...
මේ රූපය දැක්කේ නැතුවද,,,????


ඉස්තූතියි

මීට 
කීකරු

කුරුටු පැටියා.........



.

43 comments:

  1. හී මට තේරුනා මොකෝ මේ අාදලේ කියලා.............
    කුරුටු පැටියට පියා මාමට කියලා වඩාගන්න ඕනි වෙලා නේද......

    ReplyDelete
    Replies
    1. ඔව් බාප්පේ.................

      පියා මාමා වඩා ගන්නවා... ඒතකොට මං අත්දෙකම දිග අැරලා ජයවේවා කියලා කියනවා...... මාරයි අෆ්ෆා

      Delete
  2. මේ කූරැටු පැටියෝ තෝ 2 පංතියේ හිටු 3ට පනින්නෙ නැතුව..
    ලොකු අයගේ එවාට කට දැම්මොත් කන පලලා බන්ඩක්කා හිටවනවා.

    ReplyDelete
    Replies
    1. නෑ............ බ්‍රා මාමේ.....

      මං කියන්නේ බොරුද..????? සිරිසේන මාමා ගියා විතරයි පියා මාමා ඒ වගේම මාමා කෙනෙක් හොයාගෙන... ඒයාට සල්ලි දීලා...... අැඩ් හදලා දීලා..... චන්දෙට අැප සල්ලි දීලා....... ළගට ම කරලා තියාගත්තානේ......

      හා නැද්ද..... මං දෙකේ නෙමෙයි තාම මොන්ටිසෝරි

      Delete
  3. අනේ බොල කුරුටු පැටියෝ තොට මඤ්ඤංද?
    ඒ පංචායුද මාමාට ඕවා පෙනෙන්නේ කෙසේද?
    රට වට බැදි පංචායුදය මෙන්...
    දිවා රෑ ජාත්‍යන්තරයට නෙත්‍ හෙළාන ඉන්නේ
    රට රැක ගන්නට නොවේද?

    ReplyDelete
    Replies
    1. මාමේ..............

      අපේ අම්මයි.. තාත්තයි.... සීයයි... කියනවා මං අහගෙන පියා මාමා හරි හොදලු.... ඒයාව පැරැද්දුවේ මේ පංචායුද මාමාලු..... අම්මපා මාමේ මං මේ කල්පනා කරන්නේ පියා මාමාත් අපි වගේ තොත්ත බබෙක්ද දන්නෑ වටේ ඉන්න අය කියන කියන දේ කරන්න.......

      Delete
  4. මේකා පියා මාමා ඉස්තිරී ලිංගත් කොරලා. හෆෝ.....යි.

    ReplyDelete
    Replies
    1. නැන්දේ...............

      තාම ඔය ඉස්තිරී පුරුෂ වගේ ලිංග ගැන මං දන්නෑ..... අපිට තාම ඒ පාඩම අාවේ නැ.............. අනික අපිට මොකට ද ලිංග හිටං...

      Delete
    2. කවුද ඩෝ මට නැන්දා කියන්නේ? මම ඇවිල්ලා මාමා හරිද?

      Delete
    3. මං කිව්වානේ............. ඔය ඉස්තිරි පුරුස පාඩම තාම කරේ නෑ කියලා.....

      Delete
    4. උඔ කරේ JR මහත්තයටවත් බැරිවුන දෙයක් මධුවා ස්ත්‍රි කරානේ..
      උඔට අරගෙන දෙනවා බුල්ටෝ එකක්

      Delete
    5. නෑ බොල මෙන්ඩෝ.............. මේකා නමට දාගෙන තියෙන්නේ ගෑණු නමක්.... ඉතින් අපි කොහොමෙයි ස්ත්‍රී පුරුෂ කම් හොයන්නේ.... අපිට දිවැස් තියෙනවායැ....... ඒක්කෝ ඔ්ක මධුමාධවයා වගේ කරගන්නයි.... හා නැද්ද හොදයි???

      Delete
  5. නිකම්ම පියා මාමා කියුවම ගතියක් නෑ වගේ කුරුටු පැටියෝ.. මාපියා මාමා වගේ කියුවොත් නරකද?
    එක නෙවෙයි බලාගෙන කුරුනෑගල පැත්තේ එහෙම යන්න එපා අල්ලලා වඩා ගනී මගේ පැටියව.. අනා කුක්කු පැට්ටා..කියලා..

    ReplyDelete
    Replies
    1. කමි සීයේ.....................

      මාව නං වඩා ගන්නවා බොරු හිටං...... මාව උස්සලා ගත්තු මන් මං සුලුදිය පහ කොරනවා අර බොරු කියන කටටම.................. හක් හක් හා....... අනික මාමේ මං යන්න දෙයක් නෑනේ...... අපේ අල්ලපු ගෙදර අයියා කිව්වා ඒහෙ ඉන්න මහඅැමතිත් නියම තොත්ත බබෙක් කියලා..... ඒයාව පියා (අා.... නෑ..නෑ මාපියා) මාමා ටික කාලෙකට කලින් නියමෙට වඩා ගත්තාලු නේද?????? අනේ මන්දා ඔය කතා... මේ කට්ටිය කියන ඒවා තමා......

      Delete
    2. මාපියා කියනවාට වඩා නරකද 'පිං ඇති පියා' යන අර්ථයෙන් 'පිංපියා' කීවොත්?

      Delete
    3. විචා මාමාත් මේකම කියා ඇති බව දුටුවේ පසුවය

      Delete
    4. දිල් මාමේ..............

      අපේ පියා මාමාට බොහෝ නම් තියෙනවාය..... ඒ අතරින් පිංපියා යන නම බොහෝ ප්‍රසිද්ධ වූයේ ජනවාරි මාසෙන් පසුවලුය .... ඒ පිං ලබා ගැනීමට පන්සල් ගානේ ගියනිසා බව සීයා කීවාය..... අයියාත් මේ ගැන දන්නවා අැතිය....

      Delete
  6. පියා මාමාගේ බල තන්හාවේ තරම පෙන්වන හොඳම උදාහරණය තමයි ඔය ඩුප්ලිකේට් ආරේසිරිසේන මාම. ලංකා ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් සිදුකල විලිලැජ්ජා නැතිම වැඩේ තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. ඔ්ක මොකක්ද මාමේ................

      ඔයිට කලින් සැරෙත් කෝන් මාමා දාගෙන අැඩ් දැම්මේ... මේවා පියා මාමා හැමදාම කරනවා..... පන්දම් මාමා තරහා වෙලා ගියාම ඒයා වගේම මාමා කෙනෙක් විදිහට කෝන් මාමා ගෙනාවා... ළගින් ම තියාගෙන හිටියානේ.... අනේ දැන් හිටියානම් ෂුවර් සනිල් මාමා වගේ ම මාමා (නැන්දා) කෙනෙක්වත් හොයා ගන්නවා හිටං.......... ඒ තමා කලියාන මිත්තරකම..........

      Delete
  7. ලෝකෙ බලවත් රටවල නායකයො තමන්ගෙ රූපෙට සමාන එකෙක් ලඟ තියන් ඉන්නවනෙ. අර ෆිල්ම් වල එහෙම පෙන්නන්නෙ "ඩබල්" එක කියලා. ඌ තමයි ඉතින් බෝම්බෙකට එහෙම අහුවෙන්නෙ අරූ වෙනුවට. මූවත් එහෙම පුරුදු කරලා දෙන්නද දන නෑ මම හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඩබල් ඒක තමා.............. ඩබල් අන්තිමට ට්‍රපල් වුණා........... බෝම්බ නෙමෙයි ශ්‍රීනාත් සහෝ සුදු වෑන්............

      Delete
  8. පියා මාමා ගොඩා...............................ක් පන්සල් වලට ගිය/යන නිසා පිංපියා මාමා කියන අන්වර්ථ නාමයට සුදුසුය.

    ReplyDelete
    Replies
    1. http://www.hirunews.lk/114855/president-maithripala-sends-urgent-letter-to-mahinda

      Delete
    2. විචාරක මාමා කියද්දි අාය අපිට බෑ කියන්න පුළුවන්ද හිටං........ විචාරක මාමාට ජයවේවා......

      Delete
  9. කෝ එතකොට ඩුප්ලිකේට් සිරා???

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ මාමේ............ මේක ටිකිරා සීයාගේ තමපෝස ගුලිය වගේ කතාවක් නෙවෙද හිටං..... ඩුප්ලිකේට් මාමලා මේ පාර නැත්තේ අැයි දන්නෑ....... මොනවා වුණත් පියා මාමා රාජ්ජිය බලය නැතුව ඉද්දි නම් හරිම හොදයි නේද??????

      Delete
  10. පියා, රජසැප හැරපියා ගෙදෙට්ට වෙලා ඉන්නෙ නැතුව කොරගත්ත දෙයක්.. පහුගිය කාලෙ මම දැකපු අජූවම වැඩේ තමයි ඔය...

    ReplyDelete
    Replies
    1. සාජ්ජා අාතේ......................

      පියා මාමා හරි හොදයි....... ඡන්දේ කාලේට අපේ ගමේ හැමෝට ම ඒන්න කියලා දන්සැල් කන්න දුන්නා... ඒයාලට ඒවා අමුතු දේවල් නෙමෙයි කිව්වා.. ඒ මාමාගේ ගෙදර හැමදාම ඒහෙමයි කිව්වා... අනේ සාජ්ජා මාමේ දැන් ඒ ගෙදර කවුරුත් නැහැලු.... අපේ ගමේ අයට මේ පාර දන්සැල් කන්න යන්න තැන හොයා ගන්න බැහැනේ... අර හැමදාම පියා මාමා දෙන දන්සැල දැන් කොහෙද දන්නෑ දෙන්නේ..... අනේ දන්නවානම් කියන්න මාමේ.......

      Delete
  11. දැන් තියන වාතාවරණය අනුවනම් පියාමාමා ගෙදරට වෙලා ඉන්න එකයි හොද කියල මාත් හිතන්නෙ. ජනවාරි 9 ඩැමේජ් එක හදන්න අමාරුයි.ඉතිහාසය දෙස බලනකොටත් පක්ෂයක් පැරදුනහම අලුත් අය ඇවිත් තමා ගොඩ අරන් තියෙන්නෙ.විශේෂයෙන් මේ චෝදනා තියන මාමලත් ගෙදරට වෙලා ඉන්න එක හොදයි.
    මහින්ද ට ජ්‍යොෂ්ට රාජ්‍ය නායක කියල නාමික ගෞරව තනතුරක් දෙන යෝජනාවක් ඇවිල්ල තිබුන . ඒක හොද දෙයක්.මහින්ද ආයෙ එන එකෙන් නාමල් ලත් ඔටුන්න හිමි කුමාරයො වෙනව. නාමල් ලගෙ හැසිරීම අනුව ඒ අයටනම් ඉඩ දෙන්න හොදම නෑ.

    ReplyDelete
    Replies
    1. පියා මාමා මාරයි මාමේ......... ඒ මාමාගේ මල්ලි මාමලා ගොඩාක් හිටියානේ..... ඒයාලා මාරයි... ඒ කාලේ ඡන්ද කරේ ඒ මාමලා තමා.. පියා මාමා ඔහේ හිටියා විතරලු.... අර මල්ලි මාමලා කොච්චර මාරද කියනවා නම් මුලු රටම හොල්ලලා බය කරලා චන්ද ටික හොයාගත්තා කියලා අපේ තාත්තා කියනවා... දැන් ඒ මල්ලි මාමලා තරහා වෙලාද මාමේ......... අැයි පේන්නැත්තේ.....

      Delete
  12. ආදර කුරුටු පුතේ,
    පුතා සැපෙන් සිටිතැයි සිතමි.මේ කවිය කියෙවහම පුතාව වඩාගන ලොකූ...උම්මා එකක් දෙන්න සිතුනි.මම දිනුවොත්නම් පුතාට සුදු වෑන්, ඇසිඩ් බැරල් ඒවා එක්ක සෙල්ලම්කරන ගමන් මුදුදේ ආඩු ගුඩුන් කරන්නත් පුළුවනිය.පරාදවුනොත්නම් ඉතින් ඒවා කරන්න බැරිය.එහෙමවුනොත් අපි අපේ ගෙදරට වෙලා කුරහන් රොටියක් කන ගමන් මත්තලට එන ප්ලේන් ගනිමු පැටියෝ.....
    මීට ආදර,
    පියා මාමා.

    ReplyDelete
    Replies
    1. කසුට්ටා මාමේ.............

      මාමා පියා මාමා දන්නවාද????? අනේ මාමේ ඒ මාමාට ජයවේවා කිව්වා කියලා කියන්න..... මහ සජානෙනි සින්දුව මං හැමදාම අහනවාය කියන්න.... වඩා ගන්න ඒනකල් මග බලාගෙන ඉන්නවාය කියන්න.....

      මීට කුරුටු පැටියා

      Delete
  13. වැඩිහිටි තොත්ත බබාලා. :-D :-P

    ReplyDelete
    Replies
    1. ඔව් මහේස් මාමේ.............. වැඩිහිටි මාමලාගේ කෝලං බලනවා මේ දවස් වල අපි..... මොකද ඊට පස්සේ අවුරුදු පහක්ම අපේ කෝලං ඒ මාමලා අවුරුදු පහක්ම බලාන ඉන්නවානේ.................

      Delete
  14. පෝස්ටුවනම් හොඳයි හැබැයි අමාරුවෙන් කියව ගත්තේ. කුරුට්ටො මේ ලියන ටූල් එකේ වරදක් ඇති. මට screen reader (speech program) පාවිච්චි කරලා කුරුට්ටා ලියන ඒවා කියවන්න අමාරුයි. මේක පේන විදිහේ අවුලක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මොකක්ද සහෝ අවුල........ ඒහෙම අවුලක් අැති බවක් මේ වන තෙක් වෙනත් අයගෙන් අාරංචි වුනේ නැහැ.... ටිකක් පැහැදිලි කරන්න... හදන්න පුළුවන් දෙයක් නම් හදන්නම්

      Delete
  15. කවුද ඩො මේ කුරුටු පැටියා

    ReplyDelete
    Replies
    1. උඹටත් ඔ්න්නැති දෙයක් නැහැනේ....... උඹ බලන්න ඔ්නේ මේ කුරුටු පැටියා කවුද කියලා නෙමෙයි බොල මේ කියන කතාව අැත්තද කියලයි..... නිකං වටේ පිටේ සුද්ද නොකර කතාවට බහිමුද????

      Delete
  16. Replies
    1. අැත්තමයි ඉන්දරේ මාමේ....

      මේ තමා අඹ යාලුකම...... අඹ ග

      Delete
    2. අඹ ගෙඩියක් වුණත් දෙකට බෙදාගෙන කන යාලුකම.... අාය චන්දය ගැන මොන කතාද මාමේ..... රට වුණත් බෙදාගෙන කෑවැකිලු... ඉතින් අගමැතිකම දිය යුතුයැයි මම යෝජනා කරන්නෙමු...

      Delete
  17. හිප්පියා ෙකාෙහාමද

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...