Monday, August 24, 2015

අර පාරේ ඉන්න බූරුවාගෙන් අහලා වරෙන් ගෙවල් රත්නපුරේද ... ගාල්ලෙද කියලා......



කංකං බූරූ.... සිංසිං නෝරූ.......
මං කියන දේ කරනවාද???
කරනවා....
හෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
විජයමුණි මාමාගෙන් අහලා වරෙන්
අප්පච්චි මළාද..... නැත්තං පුතා මළාද කියලා..... 

කංකං බූරූ.... සිංසිං නෝරූ.......
මං කියන දේ කරනවාද???
කරනවා....
හෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
විමල් මාමාගෙන් අහලා වරෙන්
මහින්ද මාමා ඊළගට ඉල්ලන්නේ
පළාත් සභාවටද...... ප්‍රාදේශීය සභාවයටද කියලා......

කංකං බූරූ.... සිංසිං නෝරූ.......
මං කියන දේ කරනවාද???
කරනවා....
හෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
ස් බී මාමාගෙන් අහලා වරෙන්
පැරදුනේ මහින්ද හින්දද ... මෙෙත්‍රී හින්දද කියලා.....

කංකං බූරූ.... සිංසිං නෝරූ.......
මං කියන දේ කරනවාද???
කරනවා....
හෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
ගීතා අාච්චිගෙන් අහලා වරෙන්
දාහත මොකක්ද ... දහතුන මොකක්ද කියලා...

කංකං බූරූ.... සිංසිං නෝරූ.......
මං කියන දේ කරනවාද???
කරනවා....
හෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
මැකෝගෙන් අහලා වරෙන්
බොරුවට ඡන්ද තියන්නැතුව 
ඔක්කොම ලිස්ට් ඒකෙන් යවන්න බැරිද කියලා...

කංකං බූරූ.... සිං සිං නෝරූ.......
මං කියන දේ කරනවාද???
කරනවා....
හෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
අර පාරේ ඉන්න බූරුවාගෙන් අහලා වරෙන්
ගෙවල් රත්නපුරේද ... ගාල්ලෙද කියලා......



කසුප් අනුරාධ


.

97 comments:

  1. මං හිතන්නේ ගාල්ලේ වෙන්ටෝනේ...

    ReplyDelete
    Replies
    1. ඔව්නේ............. රත්නපුරෙන් යැව්වේ ඒක්කෙනයි... ගාල්ලෙන් දෙන්නෙක් ම යැව්වානේ............ ගාල්ලේ වෙන්ටෑ.............

      Delete
  2. 13 සහ 17 කියන්නේ අඟල් වලින් මනින දෙයක් නේද කියලා ගීතා ආච්චි කියයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට කියයි විජේ ගෙයි ගාමිණීගෙයි දිග කියලා නේද විචාරකතුමෝ.............

      Delete
  3. අපිට පොඩි කාළේ ඉගැන්නුවේ බූරුවෝ ඉන්නේ පුත්තලමේ කියලා.. බලාගෙන ගියාම එහේ ඉන්නේ අලි.. ඒත් දිස්තිරික්ක ගානක බූරුවෝ වැහි වැහැලා...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා ...... හැබැයි නුවර.... මොණරාගල..... කලුතර..... කොළඹත් බූරුවෝ වද වේගන යන ලක්ෂණයක් තිබුණා.... ඒත් අපේ ජනාධිපති උතුමාණන් ඒහෙටත් බූරුවෝ ටිකක් යැව්වා නේද????? යකෝ මේක මරා රටක්නේ......

      Delete
  4. කංකං බූරූ මේක අහපං...
    බූරුවෝ ඉන්නේ ගාල්ලෙ විතරද? අර කඳ බඩ ඇරෙන්න වෙන මුකුත් නැති රංගොංජාට පළවෙනියා වෙන්න ඡන්දෙ දුන්න ගම්පහ ලක්ෂ දෙක බූරුවො නෙවෙයිද?
    එතකොට කට හැර වෙන කිසිවක් නැති විමල්ට ලක්ෂ තුනක් දුන්නු කොළඹ ඇත්තො ජීනියස්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් දිලා...............

      ඒහෙම ඒකකුත් තියෙනවා... ගම්පහ අය කොහොමත් නියම රසිකයෝනේ... ගියපාර පබා නංගි ගෙනාපු ඒයාලට ඔ්කත් කජ්ජක්ද????? අන්න ටවුන්

      Delete
    2. අරින්න එපා දිලෝ. හුහ් එහෙම කොහොමද? ගාල්ලෙ උනුත් මෙන්න බැස්ටිය දීලා.

      Delete
    3. ඒයි කෑගහන්න එපා බං. රංගොජා ඉස්සෙල්ලම පාර්ලිමේන්තු යැව්වෙ අපි.

      Delete
    4. අන්න කතා කරහං මාධුවෝ.............

      අපිත් ඒ පාරනම් ඒකට හිටගත්තා... අපි අර බැරල් වගේ තියෙන උගේ අත් ශක්තිමත් කරා...... අපිට ජයවේවා...... (පව් ඔ්යි අපි....)

      Delete
    5. දිල්ශාන්. මට නම් රන්ජා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කෙනෙක්. එයා මෝඩයෙක් නෙමේ. මට තේරෙන්නැහැ එයාට රන්ගොන්ජා කියන්න හේතු

      Delete
    6. අා............... දිලා හරි මධුවා හරි උත්තර දියල්ලා මේවට.... අපිට බෑ මේවට කර ගහන්න..... (යකෝ මෙහෙම ප්‍රශ්ණත් අහනවාද ????)

      Delete
    7. නෑ ඔමා... ඌ ඉන්න ඕනි නිසානෙ අපි එව්වෙ. ඌත් නැත්නං හොරු ටික බඩපිණුං ගහන්නෙ. ඉඳල හිටල ඇණගන්නවා තමා. ඒ වුණාට ඇත්තටම මිනිස්සු එක්ක ඉන්න මිනිහෙක්.

      Delete
    8. යකෝ..................

      මේ ගිහින් ඉන්න ඒවුන්ගේ හැටියට ඔය රංජා හොද වැඩියි බොල....... අපි රංජට කඩේ යනවා නෙමෙයි..... මිනිහා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වචනෙට හරි කතා කරා.... ඒත් මහා ලොකු ඡන්ද පදනමක් තියෙන සමහරු පාර්ලිමේන්තුවේ ජනතාව වෙනුවෙන් කටක් අැරලා නැහැ...... දෙපැත්තට කඩේ යනවා විතරයි..... කොහොමත් ඊළග පාර ඡන්දය දෙද්දි ඉස්කෝල වල වගේ

      පැමිණීම - ගිය දින ගාන
      හැසිරීම - කතා කළ වාර ගාන

      ඒහෙම බලන්න වෙනවා.....

      Delete
    9. රංජන් නෙමෙයි ඔතන ගාමිණිත් උන්නා, මාලනිත් උන්නා... ඒත් මෙළෝ වැඩක් උනේ නෑ... ඉතින් රන්ජා ආවත් එකයි පබා ආවත් එකයි.. ගීතා ආවත් එකයි...

      Delete
    10. මෙතන මෙහෙම කේස් ඒකකුත් තියෙනවා මාතා...

      අැත්තටම හොදම නලුවා නිළිය තේරද්දි ගන්නේ චිත්‍රපට ටෙලිනාට්‍ය වගේ ඒවාගේ රගපාපු අයනේ... නැත්තං ෂුවර් තේරෙන්නේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් සහ මන්ත්‍රීවරියක්..... ඒ තරම් බරට රගපානවානේ මෙයාලා.... හරිම තාත්විකයි.... හෙට අනික් පැත්තට පැන්නත් අද පක්ෂය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි කියලානේ පෙන්නන්නේ......

      Delete
    11. මට තේරුම් ගන්න බැරි රංජන්ගෙයි ගීතගෙයි වෙනස මොකක්ද කියලා. මට නං දෙන්නම එක වගේ. කිසි පදනමක් නැතිව කෑකොස්සං ගහන එක ‍විතරයි. එහෙම කෑගහන ගෑනි 'වේසියක්' වෙන්නයි, රංජ හෙන පොරක් වෙන්නයි හේතුව මොකක්ද? මේකට හොදම උත්තරේ දුන්නෙ මාතලන්...
      http://maathalan.blogspot.com/2015/08/geethas-virginity-muthuhetti.html

      Delete
    12. මෙහෙමයි රංජයි ගීතයි සමාන කරන ඒකට නම් අපි විරුද්ධයි... මේක ගෑනුත් ඒක්ක තියෙන තරහක් නෙමෙයි... රංජන් නියෝජනය කරපු මතවාදයක් තිබුණා.... ඔහු ජනප්‍රිය රුල්ලත් ඒක්ක හිටපු මිනිහෙක් නෙමෙයි..... රංජන් ලංකාවේ කතා කළ යුතු මාතෘකා ගැන කතා කරා... (මේ රංජන් පොරක් කියනවා නෙමෙයි.. ඒත් ඔහු කරපු යම් දෙයක් තිබුණා) විදේශ රැකියා වලට ගිය කාන්තාවන්ගේ ගැටලු හරි කතා කරා... ඒත් ගීතා මොනවාද කරේ.. අර මුතුහෙට්ටියා ඒක්ක අැරගන්නවා අැරෙන්න කරපු දෙයක් නැහැ..... ඒහෙව් ගීතාට වැඩිය රංජා හොදයි..... මේක නලුකම හෝ වේසකම ගැන ගැටලුවක් නෙමයි.. පාර්ලිමේන්තුවට ගියාම ඒතැන චරිතය හරියට කරන්න පුලුවනිද??? ජනතාව නියෝජනය කරලා ජනතාව වෙනුවෙන් පෙනීහිටින්න පුලුවනිද ?? කියන ඒක ගැන කතාවක් විතරයි... රංජා ඒතැනදි ඉදිරියෙන් ඉන්නවා..

      මෙය කිසිසේත්ම රංජන් පොරක්ය කීමට කී කතාවක් නොව... සංසන්දනාත්මකව කළ ප්‍රකාශයක් පමණි....

      Delete
    13. රන්ජන් මැද පෙරදිග රකිය් කරන අය විඳින දුක් ගැන කතා කලා . ඒක ඇත්ත.

      Delete
    14. ඔව් අඩුම ගානේ ඒක හරි කරා.. ඒත් ගීතා............

      Delete
  5. රත්නපුරේ බූරුවො ඉන්න පුලුවන් ඒත් රක්වානෙ නෑ හරිය.

    ReplyDelete
    Replies
    1. හිරේට ඡන්ද වැටුණ තැන් ටික ගානට බැලුවානම් රක්වානත් තියෙයි සමහර විට................ අාය...

      Delete
  6. අර පාරේ ඉන්න බූරුවාගෙන් අහලා වරෙන්
    ගෙවල් රත්නපුරේද ... ගාල්ලෙද කියලා......

    හෙහෙ පට්ට

    ඇත්තට ඡන්ද තියන්නෙ නැතිව අපි හැමෝම ලිස්ට් එකෙන් යවනවනම් මරු නේද.අලිහොරු ගෙවල් හොරු යවන එකේ අපි කළුද

    ReplyDelete
    Replies
    1. අාය මොකට ද බං බොරුවට ඡන්ද.... අපි ගෙදර යවන උන් ලොක්කෝ අායෙම අැතුළට දාගන්නවා..... යකෝ අපි දෙපාරක් ගෙදර යවපු මහින්දට විතරයි ලිස්ට් වල තැනක් නැත්තේ....... මේක අන්තිම අසාධාරණයි..... මෙෙත්‍රීත් මහින්දගේ පාරෙම යනවා කියලා හිතෙන්නැද්ද?????? මේවට පැහැදිලිව ම විරුද්ධ විය යුතුයි ම.ම

      Delete
  7. //එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
    මැකෝගෙන් අහලා වරෙන්
    බොරුවට ඡන්ද තියන්නැතුව
    ඔක්කොම ලිස්ට් ඒකෙන් යවන්න බැරිද කියලා...//
    කියල වැඩක් නෑ බං පස්ට කංකං බූරු බං

    ReplyDelete
    Replies
    1. අායෙත් අහලා නලීන් මචං......

      මේකනේ අැත්ත... යකෝ ලිස්ට් ඒකක් තියෙන්නේ මොලේ තියෙන ඒවුන් ටිකක් යවා ගන්න.. මොකද අපේ කට්ටිය තෝරන්නෙම හිරේ ඉන්න... කුඩු ගේන... මැර.... හොරු නේ... මුං කොයි වෙලේ හිරේ යයිද දන්නෑනේ. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් ඒවුන් ටිකක් ගේන්න තියෙන ලිස්ට් ඒකෙනුත් අර හොරුම ගෙනාවාම අාය මොන කතාද????

      ඔ්කට ජාතික ලැයිස්තුව නොකියා පජාත ලැයිස්තුව වගේ නමක් කියන්න බැරි ද දන්නෑ......

      Delete
  8. කන්න තමා හදන්නෙ රත්නපුරේට අනං මනං කියලා. අඩෝව්, බලංගොඩ, පැල්මඩුල්ල, රක්වාන රත්නපුරේට අයිති හරිදෝ........

    ReplyDelete
    Replies
    1. කියන්න ලැජ්ජයි බං..... අපිත් මේ දිස්තිරික්කෙ තමයි හරිය..... ඒත් අපි ඡන්දේ දුන්නේ නෑනේ හිටං.......

      Delete
    2. මධුවෝ.................

      පොඩි විස්තරයක් අහන්නද බං.... මේ අැත්තට ම උඹලා රත්නපුරේ කොහෙද???? - කාටවත් කියන්නෑ.... හොරෙන් කියහංකෝ....

      Delete
    3. එහෙ කුදැල්ලෝ ඉන්නෝ නේද ඊයා

      Delete
    4. ඔමා තාම මධුවා කිව්වෙත් නෑ කාෙහෙද කියලා..... කොහොමද කූඩැල්ලෝ කියලා දන්නේ... මුළු රත්නපුරේම ඉන්නවා යෑ.........

      Delete
    5. කුරුටු,
      එකෙක් ඔහොම කොළඹ ගිිහිං කිව්වලු රත්නපුරේ කියලා. රත්නපුරේ කොහෙද ඇහුවළු. රත්නපුරේ කළවානෙ කිව්වලු. කළවානෙ කොහෙද ඇහුවම කිව්වළු තපස්සර කන්දෙ කියලා. බැලුවම තාපසයොත් ලගින අමු කැළෑවක්.
      තව කැම්පස් එකට ආපු කොල්ලෙක්ගෙන් ප්‍රොෆා අහනවළු ගම. ඌ කිව්වලු බිබිලෙ කියලා. බිබිලෙ කොහෙද ඇහුවම කියනවලු බිබිලෙ ටවුමෙමයි සර් කියලා.
      ප්‍රොෆා ඇහුවලු “බිබිලෙ කොහෙද ඕයි ටවුමක්?“ කියලා.
      අපි මචං රත්නපුරයි-නව නගරෙයි අතරෙ. උඹ දන්නව ඇතිනෙ වෙරළුප?

      ඔමා,
      ඉතිං හරි ෂෝ...යි නෙ.

      කුරුටු,
      ඕකි කෙහේ හරි ලන්දක රිංගලා කවෝගෙන.

      Delete
    6. අන්න හරි මධුවො කතා කරහංකො. රත්නපුරේ ඉන්න හැම එකාම ඔටුවො කියලනෙ මුං හිතාගෙන ඉන්නෙ. :D

      Delete
    7. යකෝ............ මධුවෝ........ ප්‍රසා.......

      වෙරළුප කියන්නේ ඥාති ඉන්න තැනක් යකුනේ... වෙන ඒකක් තියා අපේ සමහරුන්ගේ වාසගමෙත් ඔය කෑල්ල තියෙනවා යකුනේ.... හත්තිලව්වයි.....

      මේ ප්‍රසා............. රත්නපුරේ කොහෙද බොල......??????

      අඩේ අපි රත්නපුරේ ගැන්සියක් හදලා කට්ටියට සද්දේ දාමු........ ජයවේවා

      Delete
    8. හත්තිලව්වයි.............. ගමේ කොල්ලොනේ......... වෙලාවක සෙට් වෙමු.... අමද්‍යප පාටියක් දාන්න.... මධුවත් ඒයි...... කිලෝමීටර් කීයද නේද????

      Delete
    9. හුටා කිවුවලු මධුවගෙ කොමෙන්ට් එක දැක්කෙ පස්සෙනෙ.
      අර වගේ කතාවක් තමයි මටත් කියන්න වෙලා තියෙන්නෙ. රත්නපුරේ කිවුවට ටවුමෙ ඉඳල කිලෝමීටර් හතළිහක් විතර මෙහා තමයි අපි ඉන්නෙ. :D

      Delete
    10. ඉතින් අපි කියලා......... අපි බලංගොඩ...... කිලෝමීටර් 46ක්........

      Delete
    11. කුරුට්ටෝ පාටියට මාත් එනෝ..... මං උදේ ඉදන් රැ වෙනකන් ඉන්නේ රත්නපුරේම තමා...

      Delete
    12. මධු පස්සෙ දැක්කේ .... මධු වැඩියෙ එලියට එන්න එපෝ දෙකක් නැ හැප්පෙයි.... නව නගරෙට නම් එන්ටම එපෝ

      Delete
    13. අන්න ඉතුරු සබරයා අාවා.......... බඩුම තමා.... දැන් මේක අනිවා සබරෙ ගැන්සියක් වෙනවා.... මචං කට්ටිය අපිට ටෝක් කරයි... ඒත් නොසැලී ඉමු... අා......... අර විදානයාව මේකට ගන්න බැරිද??? අපෙත් වැඩි කැමැත්තක් නෑ... ඒත් ඔ්කා සබරේ කිය කිය මැරෙන්න හදන නිසා ඔන්න ඔහේ ගමුද?????

      Delete
    14. බලංගොඩ රාස්සගල පැත්තෙ එහෙමනං අපි කරක් ගහනව ඉඳල හිටල.
      ඔන්න දැං ස‍බරෙ ගැන්සියක් හදල නෙලමු වටේටම.

      ඔය විදානෙය ගත්ත වගේ නෙමෙයි උෟට වාහන එහෙම රිවස් කරන්න දුන්නොත් සබරෙ නම්බුව නැති කරල තමයි අතාරින්නෙ. :D

      Delete
    15. අන්න කතාව ප්‍රසා...............

      විදානයා ගන්න ඒක ගැන ඔ්ක තමා තියෙන අවුල...... කොහොමත් විදානයා රිවර්ස් කරන්න දන්නැතුව අැති කියලා අපිටත් හිතුනා..... අනික විදානයා අර සමපෝෂ ගුලිය ගැන ඒහෙමත් කියනවා වැඩියිනේ.... මොනවා වුණත් සබරෙ සෙට් ඒකක් හදලා වටේට ම නෙලන්න නම් බැරි නැහැ...... දෙමුද බැටේ...........

      Delete
    16. හා හා මේල් දාපල්ලා. සැට් වෙනවානං. හොඳ හෝටලේකුත් තියෙනවා අළුත් පබ් එකක් එක්ක.

      Delete
    17. අම්මපා ඒ කොහෙද??????

      (මේල් අැඩ් ඒක කියාපං...)

      Delete
    18. වැඩේ නැගල යනව වගේ නේද.

      Delete
    19. හරි හරි උඹලම කොරගනිල්ලකෝ ...අපි යනවා යන්න ...

      Delete
    20. කමෝන් මාධුවෝ...................

      ප්‍රසා....... දාහංකෝ උඹේ ඒකත්.....

      මෙන්න අපේ.........

      weerasinghehasitha@gmail.com

      Delete
    21. අඩේ.......... සින්දුවෝ........ උඹ නැතුව කොහෙමද???? සින්දු කියන්නේ කවුද,??????

      Delete
    22. බඩුම තමා.......... දැන් පටාං ගමු වැඩේ..... දවසකට පැයකට හරි සෙට් වෙමු හරිය........ මේ සබරේ මිත්‍රත් ඒයි නේද????? විදානයාට මොකද කරන්නේ....????

      Delete
  9. ලංකාවේ කවුරු දිනුවත් තිරන ගන්නේ බොහෝම කුඩා කණ්ඩායමක් (මහින්ද පවුල, රනිල්ගේ වටේ ඉන්න පොඩි සෙට් 1ක්) ඒනිසා දිස්ත්‍රික් වලින් කවුරු දිනුවත් කරන්න තියෙන්නෙ ජනතාවගේ මලගෙවල් වලට යන්නයි එන Call වලට හිත රිදෙන්නේ නැති වෙන්න උත්තර දෙන්නයි හම්බවෙන ප්‍රතිපාදන වලින් පුටු බෙදන්න තාර දාන්න වගේ පොඩි වැඩ ටිකක් කරන්නයි ලගම ඉන්න සෙට් එකට කන්න බොන්න ටිකක් වියදම් කරන්නයි
    රටේ ජනතාව 225ක් පත් කලට 40 - 50ක කැබිනට් 1ක් හිටියට ඇත්තටම රටට අවශ්‍ය ප්‍රතිපත්තිමය තිරණ ගන්නේ 3 -4 දෙනයි

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි අත්දෙකම උස්සලා අැනෝට ජයවේවා කිව්වා...... කමෝන්... කමෝන්.....

      Delete
    2. ඇනෝට මගෙත් සහයෝගය.
      හා හා පුරා කියලා ඇවිත් මුලින්ම සැට් උනේ කලටි පොල් සීන් එකකට නෙවැ

      Delete
    3. ස්තූතියි මේ පැත්තට අාවා.... අපි යුතුකම් ඉටු කළා.... බලන්නකෝ

      Delete
  10. බම්බුව තමයි,
    ගාල්ලේ ඉන්නේ බූරුවෝ නම් අර ගයන්තට ඡන්දෙ දුන්නෙත් උන්මද?
    රත්නපුරේ ගැන නම් වැඩිය කියන්න දෙයක් නැහැ ගියපාර ව්න් ශොට් මේ පාර චොකා මල්ලි
    ගියපාර පබා ව උඩින්ම ඇරලා මේ සැරේ රන්ජව යවපු ගම්පහ උදවිය හරිම හොඳයි ඇයි රන්ජයි පබයි ඉල්ලුවේ යූ එන් පි යෙන්නේ නේද?
    ගාල්ලේ මිනිස්සු බූරුවෝ වෙන්නේ නිල් පාටින් ඉල්ලුව කාමුක නිලිය ගීතව යවපු නිසා.
    හැබැයි කොළ පාටින් ඉල්ලපු හිරුනිකා නම් මෝස්තර නිරූපිකාවව, එතකොට රෝසි නෝනව තෝරන තේරුනේ නැති උනහම අනේ ජාතික ලැයිස්තුවෙන් යවන්න කියල මොරදෙන කොළඹ ඇත්තෝ හරිම බුද්ධිමත් ඇයි ඒ අය ඉල්ලුවේ කොළ පාටින්නේ.

    මේ හැම විවේචනයකටම තියෙන්නේ පාට කණාඩි. අඩුගානේ බ්ලොග් කාරයින්ටවත් මොළයක් තියෙනවානම් අපේ මිනිස්සු ඔක්කොම එකට එකතුවෙලා මුන්ගේ අසූචි බුදින බව වටහා ගන්න.

    ReplyDelete
    Replies
    1. උඩ බලාගෙන කෙළ ගහගන්නැතුව ටිකක් පරණ පොස්ට් කියවන්න..... මේකයි අැත්තට ම අවුල ඔබ පාට කණ්ණාඩි දාලා බ්ලොග් දිහා බලන ඒකයි අවුල.... ඔබ හිතන තරම් බ්ලොග්කාරයෝ දේශපාලනික පක්ෂ ගැතියෝ නෙමෙයි.... අපි දකින විදිහට ඔවුන් හැම විටම තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරනවා... හැම ඡන්දෙකදිම ඒහෙමයි.. බුකියේ ඉන්න පක්ෂ බදාගත්තු බුකිකාරයේ වගේ නෙමෙයි..... අපිට ඔය නිල් කොළ විතරක් නෙමෙයි රතුත් ඒකයි......

      Delete
  11. බූරුවො ඉන්නවා සිරිලක හතර අතේ
    ඒ බව පේනවා බැලුවම මැතිඳු සබේ
    බූරුවාගෙන් ගම ඇහුවම පාරෙ බොලේ
    උගේ උත්තරෙත් මේ සිරි ලක් දීපේ

    දියවන්නා ඔය ලඟ ඒ ඉවුර මත
    රටකරවන ඇත්තන්ගේ නාඩගම
    බලනු පිනිස වෙන අහවල් මක්කෙකට
    කතිරෙ ගසන්නද සිරිලක දිළිඳු දන

    ReplyDelete
    Replies
    1. ලස්සනට පද ටිකක් ගලපලා.... අැත්ත ඔ්ක තමා තෙලි..

      Delete
  12. පෙර රජ දවස  වැව් දාගැබ් ගනන් කොට...
     ගල් කණු අසළ හපකරමින් බුළත් විට...
     ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද....
     ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට...

    කහට කෝප්පේ පොඟවා ගිළින්නට...
     පාන් කෑල්ලක් යදිනා දනන් හට...
     ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට…
     එනමුත්  මගෙ රටයි ලෝකෙන් උතුම් රට…
      
    රැවටී සුවහසක් බොරු කාරයින් හට…
     පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට…
     දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට…
     එනමුත්  මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

     උගසට තබා මගෙරට පිට රටුන් හට…
     ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට…
     සිගමන් යදිමු සාගින්දර නිවන්නට
     එනමුත්  මගෙ රටයි ලෝකෙන් උතුම් රට…
      
    ගායනය -නන්දා මාලනී
    පද රචනය - සුනිල් ආරියරත්න.
     සංගීතය - ඔස්ටින් මුණසිංහ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවෝ.............

      මෙච්චර නාඩගං වුණත් අම්මපා ලෝකෙන් උතුම් රටනේ........ ඒකනේ ඒකෙත් උතුම්ම පාර්ලිමේන්තුවට අපි මේ තරම් උතුම් පොරවල් ටිකක් යැව්වේ.........

      Delete
  13. කවුද බූර්? කවුද සිඤ්ඤෝර්? කියන එකයි මං කල්පනා කරන්නේ!

    ReplyDelete
    Replies
    1. නෑ........... මේකයි රසිකයියේ............ මේකේ ඔක්කොම බූර් තමා....... සිඤ්ඤෝර් නම් නෑ........ ඒත් ඔය පොට් දෙක බුරේ බූර්නේ..........

      Delete
  14. කුරුට්ටා ටිකක් විතර පක්ෂග්‍රාහී වෙලා තමා කුරුට්ටෝ...........
    හැබැයි ඉතින් කවි ටික නම් ලස්සනයි........ මටත් හිතා ගන්න බෑ කුරුට්ටෝ හිරේ ඉද්දිත් මෙහෙම දිනන්නේ ඇයි කියලනම්.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං............... මට ෂුවර් මිනිහාටත් හිතාගන්න බැරුව අැති..... අර පව් කියලා දෙන ඡන්ද ගාන වැඩි වෙන්න අැති... ඒත් පාරට බැහැලා බැලුවාම ඒයැයිට ඡන්දය දුන්න ඒකෙක්වත් නෑ... අනේ මන්දා මුං හීනෙන් ගිහින් කතිර ගැහුවාද කියලා.............

      Delete
  15. බලන් ගියාම චන්දෙ ඉල්ලන උනුත් බූරුවො... උන්ට චන්දෙ දෙන අපිත් බූරුවො....

    ReplyDelete
    Replies
    1. අන්න ශ්‍රීනාත් සහෝට තේරුණා......... ඔන්න ඔ්ක තමා අැත්ත....

      Delete
  16. බලන් ගියාම චන්දෙ ඉල්ලන උනුත් බූරුවො... උන්ට චන්දෙ දෙන අපිත් බූරුවො....
    හැබැයි ගාල්ලට බනිද්දි නම් මල පනිනවා ඈ..

    ReplyDelete
    Replies
    1. යකඩෝ.......... නොබැන කොහොමද?????? කොරලා තියෙන හරිය දැක්කා ම අැඩෙනවා දිළිණියෝ.............

      Delete
  17. මමද ගාල්ලෙය, ප්‍රශ්නය තියෙන්නේ ගාල්ලෙවත්, රත්නපුරෙවත් නෙමෙයි
    ලංකාවේ කාටවත් පාර්ලිමේන්තුව මොකක්ද, එකෙන් කරන්නෙ මොකක්ද, එක ඕන කාටද කියල අදහසක්වත් නැහැ ඒ හින්ද ගොඩාක්ක්ක් ලියන මිනිස්සු, දේශපාලන තිරු රචකයෝ හිතාගෙන ඉන්නව ඕකට බුද්ධිමත් කට්ටිය පත් කරහම ලස්සනට වැඩේ කෙරෙනව කියල
    දැන් ඇත්තටම අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න මන්ත්‍රීවරුන්ගෙද, නැත්නම් ඔකට බුද්ධිමත් පාලකයො පත් කරපු නැති ජනතාවගෙද, නැත්නම් ඔය 2ම නෙමෙයිද?
    මිනිස්සුන්ට ඕන තමන්ගෙ ගමේ පාර හදන්න, තමන් චන්දෙ දිපු පක්ෂෙ දිනන්න බොම්බ පිපිරෙන 1 නවත්තන්න, කුඩු කාරයෝ නැතිකරන්න, දුෂණය වංචාව අඩුකරන්න කතිරෙ විතරක් ගහල ලස්සන ඉරක් පායනකම් බලන් ඉන්න
    පාරවල් හදන්නෙ, හොරකම් කරන්නෙ, ණය ගෙවන්නෙ අපෙම සල්ලි වලින්ය ඒ සල්ලි වියදම් කරන විදිහ, එවායින් ආදායම වැඩිකරගන්න, පහසුකම් වැඩිකරගන්න විදිහ තිරණය කරන්නෙ අපිව ණය කාරයන් කරල දියුණු වෙන්නේ කවුද කියල ජනතාව හොදටම දැනගෙන නැවත නැවතත් ඒ මිනිස්සුන්ටම චන්දෙ දිලා
    උඹ දුන්න එකාට වඩා මම දුන්න එකා හොදයි කියල
    අරෙහෙට වඩා මෙහෙ හොදයි කියල
    සතුටු වුනාට වැඩක් නැහැ
    ආපහු තව අවුරුදු 5කින් ඕකම වෙන නිසා


    ReplyDelete
    Replies
    1. //කතිරෙ විතරක් ගහල ලස්සන ඉරක් පායනකම් බලන් ඉන්න //

      අැනෝ............ ඔබත් ඒක්ක අපි සීයට සීයක් ඒකගයි.... මේ සංවාදය තාමත් ජනතාව තුළට ගිහින් නැහැ... ගිහින් තියෙනවා හැබැයි ටිකයි.... මිනිස්සුන්ට ඒක තාම දැනුනේ නැහැ... සාධාරණ සමාජය ඒන්න කලින් තවත් වේදිකා වලින් මේවා ගැන කතා කරා.. හැබැයි මේ හැම ඒකක් ම ඡන්ද කාලෙට හරි පක්ෂයක පිටිපස්සේ ඉදගෙන කරපු දේවල් නිසා මිනිස්සු මේවා දැක්කේ පාට කණ්ණාඩි දාලා.... ඒකයි අවුල...

      ඔබ උඩින් කියන කතාව තමා අැත්තම.. ඒක වෙනස් කරගන්න නම් අපිට සක්‍රීය සහ දැනුවත් ජනතාවක් ඔ්නේ... දැනුම නැති සක්‍රීය ජනතාවක් දැනටත් අපිට ඉන්නවා... ඡන්ද කාලෙට මේ තරම් අාතල් ගන්නේ ඒකයි... දැනුම තියෙන සක්‍රීය නැති ජනතාවකුත් අපිට ඉන්නවා.. ඒකයි සද්ද නැතුව අාණ්ඩු පෙරළෙන්නේ... දැන් මේ සක්‍රීය අයට දැනුමයි... දැනුම අැති අයට සක්‍රීය බවයි දෙන්නයි ඔ්නේ... මේකට පක්ෂ පසුපස නොයන ඡන්ද කාලෙට විතරක් ඒළියට නොඒන ජනතාවට තේරෙන භාෂාවෙන් කතා කරන ක්‍රමයක් ඔ්න්... මේ සංවාද වැදගත් වෙන්නේ ඒකයි අැනෝ............

      ස්තූතියි

      Delete
  18. මං ඇහුවා.. ඌ බදුල්ලේ මහියංගනේ පැත්තේ එකෙක්ලු.. සමන්ත විජ්ජාරත්න ගොයියට වඩා අර පහේ පන්තිය ෆේල් වෙච්චි පුස්නාම්බුවා තේනුක විදානගමගේ හොඳයි කියල කියන්නේ උන්ට.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත....................

      ඒ කියන්නේ බදුල්ලෙත්...................???/????? හත්තිලව්වයි.....

      Delete
  19. කං කං බූරූ...
    ම්ම්ම්... එක්කොත් ඕන නෑ.. කොහොමත් එකයි..!!

    ReplyDelete
    Replies
    1. නෑ........ නෑ........... ගස් කියහං.........

      Delete
  20. ගින්දර පෝස්ටුව..මේ දවස්වල බුකියේ සාරාංශයම තියෙනවා මේකේ!

    ReplyDelete
    Replies
    1. අම්මපා..................

      මලියෝ..... අපි බුකිය සමග කිසිම ගණුදෙනුවක් නැහැ.... බුකි අකවුන්ට් අනික් අයට අැති ඒත් මට නැහැ..... බුකිය පැත්ත පළාතෙවත් යන්නෑ.... මේ පහුගිය ටිකේ ලියන්න හිටපු මාතෘකා.. ඒත් මාතෘකා ගාන වැඩි නිසා ඔක්කොම ඒකතු කරලා ඒකක් හැදුවා... ඒච්චරයි....

      Delete
  21. ජනතාව ඒ ඒ පළාත්වලින් එපා කියපු අය අද මැති සබේ. හෙට වෙන විට ඒ කීප දෙනා ඇමැති මණ්ඩලෙත් ඉදිවි. බලාපොරොත්තු තිබ්බ රතු සහොදරයොත් ඒ වරදම කරලා තියනවා. ඉතින් කවර කතාද? ඇත්තටම ඇයි චන්දයක්. ජනතාව අපේක්ෂා භංගත්වයෙන් දැන්. නමහ පක්ෂ තුනේම අය. අවසානයේ වෙන්නේ විධායකයට අවශ්‍ය දේ විතරයි. මේ විධායකය අහෝසි කරන්න ඕනි කියන ඒ ගැන කෑ ගහපු සටන ඇයි දැන් නැවතිලා තියෙන්නේ. ඒ කෑ ගැහුවෙත් චරිතයක් මාරු කරන්න විතරයි. තව ටික දවසකින් මේ චරිතයත් ඉවත් කරලා තව චරිතයක් ගන්න ඔය වගේම සටනක් දියත් වෙිවි. ඒත් මෝඩයෝ වෙන්නේ කවුද? උන්ද අපිද?

    ReplyDelete
    Replies
    1. අැත්ත කතාව නලියා.............. ජවිපෙත් මේ වැඩේම කරපු ඒක ගැන අැත්තට ම රටටම තියෙන්නේ පසු තැවීමක්... අඩුම හදුන්නෙත්තිට තිබුණා ඒක කරන්න ඒපා කියන්න.... දැන් වුණත් අස්වුණ හැකියි... තාම රනිල් විතරයි කොන්ද කෙළින් තියාගෙන ඉන්නේ.. ඒකට අපි ගරු කරනවා.....

      Delete
  22. උනායින් උනේ නෑ මෙහෙමත් බූරු වැඩ නම්..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ දිනේෂ්.............. මේවා මාර නාඩගං... උනුත් ඒකයි මුනුත් ඒකයි වෙයිද?????

      Delete
  23. බලංගොඩ තියෙන්නේ රත්නපුරේ නෙවෙයිද?
    බලංගෙඩින් හිරේට ඡන්ද වැටුනෙම නැද්ද?
    හැක් හැක්....

    ජ ය වේ වා !!! !! !!!

    ReplyDelete
    Replies
    1. හරි හරි..... ඔ්වා ඉතින් කෑ ගහන්න දේවල් යෑ.... රට්ටු හිනස්සන්න ඔ්න්නෑනේ විදානේ මචං... අපිට කතා කරලා විසදගන්න පුළුවන්නේ....

      Delete
  24. එළ කවි පෙළ.
    http://nelumyaya.com/?p=4062

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියා...............

      මේ සහයෝගය ලොකු හයියක් අපිට....

      Delete
  25. කවිය නම් මරු...අඩන්න ඕන දේකට හිනා වුනා...
    ඔය කතාව එක එක දිස්ත්‍රික්ක වලට වෙන් කරල කියන්න බෑ...නුරින් කුඩු මුදලාලිලට ලිවුම් යවපු එවුනුත් තේරුණා...පොඩි පුද්ගලික වාසි වලට ඡන්දෙ දීමයි ප්‍රතිපත්ති කියන දේ තේරෙන්නෙ නැතිකමයි තමා හේතුව...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ ඉන්ද්‍රජීත් සහෝ............

      හැම තැනම කිසි අඩුවක් නැතුව මේක වෙලා තියෙනවා.. තාම වෙනවා.. දේශපාලනය කියන්නේ ජරා වලක්.. ඒත් ඒක අතඅැරියොත් අපේ කරෙත් නගී මුං...

      Delete
  26. තව තව ජාති නම් තියෙනවා! මතක් වෙනව‍ෙ! එක්කෝ ඕනේ නෑ බන්! වෑන් වල යන්ඩ ආසා නෑ මං!

    ReplyDelete
    Replies
    1. දැන් වෑන් නෑනේ..... දැන් හැමෝම වෑන් වල පාට වෙනස් කරලා තියෙන්නේ රූපේ......

      Delete
  27. කියන්නත් ලැජ්ජයි,, මමත් ගාල්ල දිස්ත්‍රික්කේ තමයි..

    ReplyDelete
    Replies
    1. ලැජ්ජා වෙන්න ඒපා බං... ඔය විකාර වලට කතිර ගැහුවේ නැහැනේ..... ඒච්චරයි වෙන්න ඔ්නා...

      Delete
  28. /එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
    මැකෝගෙන් අහලා වරෙන්
    බොරුවට ඡන්ද තියන්නැතුව
    ඔක්කොම ලිස්ට් ඒකෙන් යවන්න බැරිද කියලා.../

    මේක තමා දවසේ ප්‍රශ්නෙ...

    ReplyDelete
    Replies
    1. අැත්තට ම කියහං ඩ්‍රැකී......

      සන්ධානෙන් 7 යි
      ද්‍රවිිඩ සංධානය 2 යි
      ජවිපෙ 1 යි

      යකෝ ලිස්ට් ඒකෙන් යන 29 න් 10 ක් ම මිනිස්සු ඒළවපු ඒවුන්..... ඉතින් මීට වැඩිය ලේසියි නේ ලිස්ට් ඒකෙන් තමන්ට හිතවත් 29 ක් ම අරන් අාරක්ෂක අැමති කම තමන්ට තියාගෙන ඉතුරු ටික දාලා කැබිනට් ඒක හදාගන්න හැකියි නේද?????? ජනතාව මොකක් කිව්වත් මොකද?????

      Delete
  29. කංකං බූරූ..සිංසිං නෝරූ...
    මං කියනදේ අහනවද ..
    අහනවා...
    එහෙනම් දුවල දුවල ගිහින්
    සිරිලංකාවෙ ජහමනයාගෙන් අහල එන්න..
    කවද්ද පුන්නක්කු කන එක නතරකරන්නෙ කියලා..



    කංකං බූරූ..සිංසිං නෝරූ...
    මං කියනදේ අහනවද ..
    අහනවා...
    එහෙනම් දුවල දුවල ගිහින්
    සිරිලංකාවෙ ජහමනයාගෙන් අහල එන්න..
    පැරදුනේ සංධානෙද,යූ එන්පියද,
    නැත්නම් ජහමනයාද් කියලා...

    ReplyDelete
    Replies
    1. අගෙයි අගෙයි මනෝෂ්........................ ඔ්ක තව ගොඩක් දිග් කරන්න පුළුවනි තමා.....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...