Tuesday, January 13, 2015

සාත්තරේ සාත්තරේ කාටදෝ......



එකයි එකයි එකතු කළාම කීයද...? දෙකයි.

කොයි ඉස්කෝලෙක ඉගැන්නුවත් උත්තරේ එසේයි...

එහෙමනම්,

එකයි එකයි එකතු කළාම කීයද...? දෙකයි හරි එකොළහයි හරි වෙන මොකක් හරි.

අපේ රටේ ජ්‍යෝතිෂ සාත්තරෙත් ඒ වගෙයි...

එකෙක් කියනවා මෙයා දිනනවාමයි කියලා...
තව එකෙක් කියනවා මෙයා පරදිනවාමයි කියලා...

සේරමලා බලන්නේ එකම කේන්දර නම්...
සේරමලා දන්නේ හරි කොරන්නේ හරි එකම සාත්තරේ නම්...

එහෙම වෙන්නේ කොහොමද...?

රාහු, කේතු, ශනි, ගුරු, කුජ, දෙකර්ණාධිපති රෙද්ද අස්සේ ගහගෙන බෝල උඩ දදා...

හතරවරං පච කෙළිමින්, මිනිස්සු මී හරකුන් සේ සලකන, බොරුකාරයිනේ...

පක්ෂ භේද නැතුව, ඔය සාත්තරෙන්ම හොඳ වෙලාවක් බලාගෙන, උඹලා ඔක්කොම ගිනි තියාගනිල්ලා...

අපි දෙන්නම් අමුද්‍රව්‍ය...සම්පූර්ණයෙන්ම නොමිලේ...




අසංක ගයාන් අබේසිංහ

59 comments:

  1. ඒකනේ...
    එකෙක් අනාවැකියක් කියලා තමන් වෙඩි තියා ගන්නවා කියලා ඔට්ටුවකුත් ඇල්ලුවා. ඊට පස්සේ කියනවා හැම අනාවැකියක්ම 100%ක්ම හරි නෑයි කියලා.. :)

    ReplyDelete
    Replies
    1. උගෙ අනාවැකි 100% ක් ම බොරු.මුන් දන්නව උන් කියන බොරු මිනිස්සු මතක තියාගෙන ඉන්නෙ නෑ කියල.50% ට 50% හරියනව.ඒක සාමාන්‍ය සම්භාවිතාව විදියට.හරියන ඒවට මුන් ලතෝනි දෙනව අන්න හරිගියෝ කියල.
      නමුත් මූට සාමාන්‍ය කෙනෙක් අනුමාන කරන විදියටවත් අනුමාන කරන්න බෑ.මූ ගූගල් එහෙම වැඩිපුර සර්ච් කරන්න ඉගෙන ගන්නෝන
      මනාප ලැයිස්තුවල අංක එකට එන ග්‍රහ පිහිටීම් නෑ.

      Delete
    2. @ මධුරංග

      ඒකනේ බං...මං හිතන්නෙ ඌ වෙඩි තියාගන්නවා කියපු එකත් 100% හරි නැතුව ඇති...මුං වගේ එවුන් ගැන කතා කරන වෙලාවත් අපරාදෙ කියල හිතෙනවා වෙලාවකට...

      @ ම.ම

      හරියට හරි...මුන් හරියටම අර නිල වශයෙන් කටමැත දොඩවන්න අවසර ලබාපු අය වගේ...

      Delete
  2. අනිවා..ලියා ගන්න මම ගානේ ගිනි පෙට්ටි බන්ඩලයක්..
    එල ද බ්‍රා..
    වුන්ට බෑ කියනවා නම් උන් කස්ටියටම එකතැනකට එන්න කියලා අපි ගිනි තියමු..

    ReplyDelete
    Replies
    1. නියමයි මෙන්ඩා...මාත් එකෙන්ම...ඒකනේ ඉතිං පෝස්ට් එකකින්ම කියලා දැම්මේ ඕං...

      Delete
  3. මෙතන තියන ප්‍රශ්නෙ මේ ශාස්ත්‍රය මිත්‍යාවක් වුනත් ඒක කියන්න සමහරු බිය වීම.ශාස්ත්‍රය නිවැරදිනම් මත දෙකක් තියෙන්න බෑ.
    මේක පටන් ගත්තෙ මොකක් හරි වෙනකොට පිහිටා තිබූ ග්‍රහ පිහිටීම් දිහා බලල නැවත එහෙම ග්‍රහ පිහිටීමක් වුනොත් අර වගෙ සිද්ධියක් සිදුවෙන්න ඕන කියල උපකල්පනය කිරීමෙනුයි.නමුත් එහෙම රටාවක් හදුනගන්න බැහැ.එහෙම රටා නැති නිසා
    මේ පාර බොරුව අතේ කයිතන් වුන එක හොඳයි.ඒත් මුන් බොරු කීවට ඇත්ත කියන අය ඉන්නවනෙ කිය කිය තම බොරුව පස්සෙ යන අය ඉන්නව.
    බ්ලොග් හරහා මේ ගැන ශාස්ත්‍රීය සංවාදයක් කරන්න මම ලෑස්තියි
    මම මේක හදාරපු කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මාත් කියන්නෙ බං...ශ්‍රාස්ත්‍රය එක නම් උත්තර දෙකක් වෙන්නෙ කොහොමද...අඩුගානෙ කියන බොරුව හරි හැමෝම එකක්ම කියන්න එපායැ...ඒකෙන්ම පේනවා මෙහි තියන අස්ථාවර බව...මේ ගැන උඹ හදාරලා තියන එක හොඳයි...ඉතිං උඹටම පේනවා ඇතිනේ මේකත් අර හරියට සංඛ්‍යානය විෂයයට ටිකක් ළඟයි කියලා...සිදුවීමක වාර ගණන හා නියත තත්ත්වයන් මත ඊළඟට එය සිදුවීමේ සම්භාවිතාව නිර්ණය කිරීමක්...ඉතිං මේවා දේව වාක්‍යය වගේ අදහන අය ඉන්නකං මුන්ටත් හොඳ පල්ලම...

      Delete
    2. "ශ්‍රාස්ත්‍රය එක නම් උත්තර දෙකක් වෙන්නෙ කොහොමද"
      මේක ඇරෙන්න අනෙක් හැම කමෙන්ට් එකක්ම හරි.
      11 වසරටවත් (බටහිර) විද්‍යාව කළා නම් තේරෙන්න ඔන එක ශ්‍රාස්ත්‍රය උනත් උත්තර කීපයක් එන හැටි.

      එකම විද්‍යාවෙ ඉලෙක්ට්‍රෝනය ගැනම කීයක් දේවල් කියනවද. එත් iphon, computers හොදට වැඩ කරනව.

      එත් මෙකෙ තියන ගැටළුව මුන්ගෙ ශ්‍රාස්ත්‍රයෙන් වැඩක් ගන්න බැරි එක. ( උන් නම් මිනිස්සුන්ව ගොනාට අන්දල වැඩක් ගන්නව, අපිට වැඩක් නෑ )

      අඩු තරමින් ග්‍රහ බලෙන් බල්බ් එකක් හරි පත්තු කරල පෙන්නුව නම් අපිටත් පිළිගන්න වෙනව. මොකද අපි ඉලෙක්ට්‍රෝනෙ පිළිගන්නෙ බල්බ් පත්තු වෙන ( ඒකෙන් වැඩක් ගන්න පුලුවන් ) නිසා මිසක් ඉලෙක්ට්‍රෝනෙ දැකල නෙමෙයි නේ.

      ඉතින් ඔය ග්‍රහයොයි, දෙවියොයි අපිට වැඩක් ඇති දෙයක් කරල පෙන්නනකන් ඔවගෙන් ඈත් වෙලා ඉන්න තරමට හොන්දයි.

      Delete
  4. මේ දවස් වල ජෝතිශ්‍ය සෙට් එකට වැඩත් නැතුව ඇති මගේ හිතේ.. කියපු අනාවැකි බොරු වෙච්ච හන්දම..

    ReplyDelete
    Replies
    1. නෑ බං තව වැඩ එහෙමමයි...ඇයි කියපුවා ආපස්සට හරවන්න බොරු කියන්නත් තියනවනෙ...ඇයි දැන් ඊළඟට එන්නේ මහ මැතිවරණයක්ද ජනමත විචාරණයක්ද කියල අනාවැකි කියන්නත් තියනවනේ...ඉතිං මේ ගණන් හද හද පස්ස ඉරාගන්නෙ නැතුව ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් ඇහුවනං ඊළඟට එන්නෙ මොකක්ද කියල කියයිනෙ...

      Delete
  5. ඇමෙරිකාව ඇතුලු බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් විසින් සියලුම ග්‍රහයන්ගේ ට්‍රැක් වෙනස් කර ඇති බැවින් ඔවුන් වෙනස් වෙනස් රූට් වල ධාවනය වී ඇත. පරණ රූට් පර්මිට් සියල්ල නව රජය විසින් අවලංගු කර ඇත.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි...සිරාවටම...මට ඕක දන්නෙ නෑනෙ මාධවියෝ...අපරාදෙ මේ කුමන්ත්‍රණ හින්දා අපේ එවුන්ටම මම බැන්නනේ...ඉහි...ඉහි...

      Delete
  6. ජ්‍යෙතිශ්‍ය පවා අද සීයට සීයක් දේශපාලනීකරණය වෙලා. ඒකයි අවුල. කොහොමත් ඔය සාශ්ත්‍රයේ කෙල පැමිණියවුන් අතීතයේ ඉන්නැති. ඒත් අදනම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි බං...අතීතයේ මේ වගේ කඩප්පුලි වැඩ කරන එවුන් නම් ඉන්න නැතුව ඇති...ඒ කියන්නෙ රෙදි නැතුව කඩේ යන අය...ඉතිං මේ වගේ එවුන් හින්දා ඉපැරණි සාත්තරේටත් හෙනහුරා පාත් වෙලා වගේ...

      Delete
    2. අන්න වැරදුන තැන .ඉතින් බන් අතීතයෙ හරි අනාගතයෙ හරි ඇත්ත කියන එවුන් ඉන්නෙ කොහොමෙයි මේ ශාස්ත්‍රය බොරුවක් නම්
      බොරුවක් පදනම් කරගෙන ඇත්ත කියන්න අතීතයෙ නෙමේ මොන මගුලක එකෙකුට වුනත් පුළුවන්ද
      උදාහරණයක් ගනිමු.මගෙ කී බෝඩ් එකේ සමහර අකුරු වදීන්නෑ බන්.
      සෝමෙය සුමනට ************** . එතකොට සිකුරු කන්‍යා රාශිගතවෙලා.
      ආයෙත් සිකුරු කන්‍යා රාශිගතවෙන වෙලාවකට සෝමෙය සුමනට ඕක කරනවම කියල හරියටම කියන්නෙ කොහොමෙයි.
      ඔය ශාස්ත්‍රයෙ පදනම මෙහෙම රටා හදුනාගැනීම.ඇත්තටම එහෙම රටා නැහැ.කැමති කෙනෙකුට පුලුවන් පර්යේශනයක් කරන්න.
      අපි බොරුවට බොරුව කියන්න බයවෙන තාක්කල් බොරුව වැජඹෙනව

      Delete
    3. මචං මම

      පදනමම වැරදියි නොවැ... සෝමයා මෙතනදී මොකුත් කරේ නැහැ මචං...

      අැත්තම කතාවනම් මෙෙත්‍රිපාලනේ මහින්දට **************වේ......

      තුෂාර විතාරණ

      Delete
    4. ම.ම ත් එක්ක මම එකඟයි...මම මෙතන කිව්වේ සාත්තරේ හරි කියලා නෙවෙයි...මේක පැරැන්නෝ පාවිච්චි කළ ආකාරය ගැනයි... ඒත් මට පැහැදිලි කරගන්න ඕන තැනක් තියනවා...අපේ පැරැන්නන් පාවිච්චි කරපු මේ ශාස්ත්‍රය සම්පූර්ණ බොරුනම් මේ තරම් බොරුවක් මේ තරම් කල් පැවත එන්නේ කොහොමද?...අපේ මෝඩයෝ හින්දද...ඒ කියන්නේ ලංකාවෙ කිසිම බුද්ධිමතෙක් හිටියෙ නැද්ද මේවයෙ බොරු ප්‍රසිද්ධියේ කියලා දෙන්න තරම්...

      දැන් මේ පුරස්නේ ඇහුවා කියලා මාව ඒ ගොඩට දාන්න එපා...මාත් ඉන්නේ මේක බොරුවක් කියන තැන තමයි...

      Delete
    5. අඩේ අසංක අයියා.....

      ඉන්දියාවේ තාම සති පූජාව තියෙනවා... අපි තාම කුල ක්‍රමය පස්සේ යනවා... ලෝකයේ තාම පූජා තියන්න සතුන් මරණවා... යකෝ මේවා පවතිනවා තමා... ඒත් හරි නැහැ.. අන්තිම වැරදියි.. මිනිස්සු මෝඩවෙන තාක්කල් මේවා ලෝකේ තියෙනවා.... ඉතින් මේක වැරදියි නම් වැරදියි... අාය හරි නැහැ... කරන කොටසක් ඉන්නවා තමයි... ඒහෙම හිටියා කියලා මේක හරි නැහැ....

      තුෂාර

      Delete
    6. අඩෙ අප්පා ඒකත් හරි තමා...උඹ හරි බං...වැරදි කරන කොටසක් හිටියා කියලා නිවැරැද්ද නැති වෙන්නෙ නෑනෙ...කවදාවත් මේ ලෝකෙන් වැරදි සම්පූර්ණයෙන්ම තුරන් වෙන්නෙත් නෑනෙ...තේරුණේ දැන් තමයි...

      Delete
    7. අනේ නිකං ඉඳහල්ල බං. උඹලගෙන් කවුද කියපන් ගෙයක් හදද්දි නැකැත් නොබලනා එකා. මඟුලක් තුලාවක් කරනකොට නැකැතක් නොබලන එකා?? පොඩි එකාට අකුරු කියවන්න, බත් දෙන්න, නැකැතක් නොබලනා එකා? ඉන්නවනම් අන්න ඌට කියන්න පුලුවන් බය නැතිව මං ඕව විස්වාස කරන්නෙ නෑ කියලා.

      තිත්ත ඇත්ත මේකයි. අපි කවුරුත් ඕව විස්වාස නොකර ඉන්න කැමතියි. ඒත් අපේ හිත් කොනක පුංචි බයක් තියෙනවා ඒක නපුරට හිටී කියලා. පුලුවන්නම් නෑ කියහල්ලා.

      Delete
    8. මටනම් උවමනා නැහැ... ඒත් ගෙදර උන්දෑ ඔක්කොට ම කලියෙන් වේලපත්කඩේ උස්සන් පොඩි සුමනෙලා හොයං යනවානේ බං... ඉතින් ඒක නැවැත්තුවොත් මූණත් හරි නැහැ... ඔන්න ඔහේ කොරපංය කියලා මම මගේ ක්‍රමේට වැඩේ කරනවා.....

      තුෂාර

      Delete
    9. මනෝෂයා, මම උඹට කියන්නම් හොඳ කතාවක්...උඹ හරි...අපි ඉපදුනු කාලෙ ඉඳන් අපේ ඔළුවලට කවලා තියන හැටියට අපේ යටි හිත් වල තාම ඔය විශ්වාසයන් තියනවා බං...ඒත්...මගේ ඔය විශ්වාසය නැති වුණේ මට මගේ ආදරය හමුවුණු දවසේ ඉඳලා...මෙන්න ඒ කතාව...

      මට මගේ ආදරවන්තියව ලැබුණා...ඒ දුටු මොහොතේ ඉඳන් අපි දෙන්නට අපි දෙන්න ගැන ලොකු පැහැදීමක් වගේම කැමැත්තක් තිබුණා...අදහස් හුවමාරු වුණා...ඒ දේවල් වුණේ බොහොම ගෞරවෙන් වගේම ආදරෙන්...හරිම නිදහස්ව...අපි දෙන්නට දෙන්නා කවදාවත් කිසිම බලපෑමකින් එකිනෙකාට ආදරේ වුණේ නෑ...ඔහොම යද්දි මේක ගෙවල් වලට කිව්වා...අපේ පැත්තෙන් එච්චර ගණන් ගත්තෙ නැතත් ඒගොල්ලන්ගෙ පැත්තෙන් කේන්දර තදින් විශ්වාස කළා...ඉතිං මගේ කේන්දරේ කාටවත් මැච් කරන්න බොහොම අමාරුයිලු...අර හතේ කොටුවේ මොකෙක්ද ඉන්නවලු...ඉතිං ඒගොල්ලන්ගෙ පැත්තෙන් මට කතා කළා...මේක කිසිම විදිහකට කරන්න එපා කිව්වා...ඒ කිව්ව තාලෙට එයත් බය වුණා...හිතේ ආදරේ තියාගෙන එයාම කිව්වා වෙන්වෙමු කියලා...මම ටිකක් ට්‍රයි කළා...හුඟක්ම නෙවෙයි...ඊට හේතුවක් තිබුණා...ඒ තමයි එයාගේ යටි හිතේ ඒ වගේ විශ්වාසයක් තියාගෙන මගේ කීමට බලෙන් ආවොත් ඒක පහුකාලීන බලපෑමක් වෙයි කියලා...අන්තිමට මට වචනයක්වත් කියාගන්න බැරිවෙයි...පොඩ්ඩක්වත් සැර වැර වුණොත් ඒක කෙන්දරේ පිටින් යයි...ඔය හේතුව හින්දා මම ඒක අතහැරලා දාලා ඔහේ හිටියා...ඒත් මගෙ හිතේ එයා හිටියා...ඒත්...දෛවය කියන්නේ මහ අමුතු දෙයක්...මම ඒ නිහඬව හිටපු මුළු කාලෙම එයා මම ගැන කල්පනා කරලා...ඊට පස්සෙ එයාම ඒ විශ්වාස සියල්ල බිඳ දාලා ගෙදරටත් පිටුපාලා මට කැමති වුණා...එයා විසින්ම...ඒකයි නියම වටිනාකම...අන්තිමේදී අද අපේ ගෙවල් වලිනුත් කැමති වෙලා අපේ ආදරේ මල්පල ගැනුණා...

      ඉතිං මම කේන්දර විශ්වාස කරන්නේ කොහොමද...

      අසංක

      Delete
    10. අප්පට බොල අසංකයා ගේ පෙම් පුරාවත. ඒ ගෑනු ලමයට තිබිලා තියෙන්නේ එසේ මෙසේ පෙර කරුමයක් නෙවෙයි . ඕ යේස් .....

      :P
      ඔන්න අපි දිව්වා

      Delete
    11. අර අහවල් එකටැයි දුවන්නේ...මෙන්න මෙහෙ වර...කේක් කෑල්ලක් කවන්න...

      Delete
  7. මගෙන් නම් පිදුරු ගහක් තරම් දෙයක් ලැබෙන්නෙ නෑ. මොකද අවුලන් ගින්දර තරම් වත් ඕකුන් වටින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබෑව...ඒත් ඉතිං ඉදිරි පරම්පරාවටවත් වටින දෙයක් ඉතුරු කරන්න අපිටත් ඉතිං නොවටින වැඩ කොරන්න වෙනවනෙ බං...

      Delete
  8. පත්තරේක රූපවාහිණියෙ රේඩියෝවෙ යන දැන්වීම් ප්‍රමනය දෙක්කාම හිතාගන්න පුළුවන් රටේ කොච්චර ප්‍රමානයක් මින්ස්සු අඳුරෙ ගිලිල ඉන්නවාද කියල.. විශෙෂයෙන්ම බෞද්ධයෝ.. බුදු හිමියෝ ඔව්ව්ට කිව්වෙ තිරශ්චීන විද්‍යාවල් කියලයි.. තවත් තැනක අහල තියෙනවා තාරකාවන් කුමක් කරන්නද ?කියලා.. ඊටත් වඩා ප්‍රාඥයෙක් බුදු දහම අදහන්නන්ට ඉන්න පුළුවන්ද ? නමුත් ඊනියා සිංහල බෞද්ධයෝ ( මං පිළිගන්නෙ නෑ මේ යෙදුම.. සිංහල කතාකරන උපතින් ආගම බෞද්ධ කියල හිතාගත්ත මෝඩයෝ) මිථ්‍යාවේ ගිලිලා නහය ලඟටම..
    කපටියෝ කුණුවල ඉහගෙන කනවා එච්චරයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සරතෝ...බුදු හාමුදුරුවොත් දේශනා කළේ 'කිං කරිස්සති තාරකා' එනම් තාරකාවෝ කුමක් කරත්ද කියලයි...ඒ වුණත් අපේ රටේ බොහෝ දෙනෙක් මෝස්තරේටයි ආටෝපෙටයි බුද්ධාගම අදහන අයනේ...ඒ හින්දා හරය දකින්නේ එහෙමත් කෙනෙක්...මේ වගේ මිනිස්සු ඉන්නකං ඉතිං මහා බොරුකාරයො දෙවියන් වගේ වැජඹෙනවා...

      Delete
  9. අසංක අයියා...............

    දැන් ඔය සුමනදාසයාව ගමුකෝ... මූ තනිකරම බොරුවක් කියලා අර මනුස්සයාව ජනතාව ඉස්සරහා මෝඩයෙක් කරලා (මුදු පුරවලා, ගුලි කවලා, මැජික් බෝල අතේ තියාගෙන නාඩගං නටවලා - රෙදි නැතුව ස්ටේජ් ඒකකට නැග්ගෙව්වේ නැතුවා විතරයි නේ) දිනනවාමයි කිව්වා නේද??? නැත්තං මැරෙනවාමයි කියලත් කිව්වා නේද???? දිනුවෙත් නෑ මූ මැරුණෙත් නෑ.... අැත්ත ඔ්ක තමයි...

    තමන්ගේ ජීවිතේ තරම් ෂූවර් කීවාට ලොක්කා පැරදුනා.. මැරෙනවාමයි කිව්වාට මූ ජීවත් වෙනවා... ඔ්ක තමයි ඔය සාස්තරේ.....

    තුෂාර විතාරණ

    ReplyDelete
    Replies
    1. ඇත්තට මූ මේ මිනිහට කරපු විපතක්.රෙදි නැතිව ස්ටේජ් එකේ නැටෙව්වෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ.
      මූ අනික් හැම එකම කෙරුවනෙ ,කාලකන්නියා

      Delete
    2. මචං.... ම.ම

      ඔය කතාව කිව්වේ අැත්තට ම ද??? ජෝක් ඒකටද?? අැත්තට ම කිව්වා නම් ඔය රූපේ අයින් කරගනින් උඹේ හැටියට ගැලපෙන්නැහැ.... කැතයි.. උඹට හරි මදි/////

      Delete
    3. @ තුෂාර

      උගේ නම් ගන්නම දෙයක් නෑ බං...මුං වගේ එවුන් හරස් අතට තියලයි වෙඩි තියන්න ඕන...මුළු රටටම පච කෙළින හැටි කිසි සැකක් නැතුව...මුන්ව උඩදාන උනුත් ඉන්නවනේ ඉතිං...කවුරු මැරුණත් මුං නම් මැරෙන්නේ නෑ...ඔන්න ඒ ගැන නම් මමත් අනාවැකි කියන්නම්...

      @ ම.ම

      තුෂාරත් සමග එකඟයි..

      Delete
    4. උඹලගෙ ඉල්ලීමට ගරුකරල අද හෙටම හරක් ඔළුව අයින් කරනව බන්
      හොඳ රිප්ලේස්මන්ට් එකක් හොයා ගන්නත් ඕන

      Delete
    5. මචං කිව්ව ඒක තේරුම්ගත්තේ නැහැ වගේ....

      ඒ කතාව කිව්වේ අැත්තට ම නම් විතරක් ඔ්ක මාරු කරගන්න.. නැත්තං ඔ්ක නියමෙට ගැලපෙනවා...........

      Delete
  10. අර වෙඩි තියාගන්නවා කියපු උන් කෝ බන් දැන්...????

    ReplyDelete
    Replies
    1. අපිත් රට පුරාම හොයනවා මචං...... මේකා කිව්වේ නෑ වගේ ඉන්නවාලු.... තාම ඊට පස්සේ මූණ බලාගන්න බැරිවුනා....

      අම්මපා මෙහෙම බොරු කියන ඒකෙක්ටනේ අර යකා සෙට් වෙලා ඉදලා තියෙන්නේ.... දැන් මරාගෙන කන්න හිතෙනවා අැති නේද???? මචං මිනිහාගේ ෆයිල් ඒකක් නැද්ද දන්නෑ.... දැන්වත් අලුත් ෆයිල් ඒකක් දාගනියිනේ...... ඒත් වැඩක් නැහැ මචං දැන් ඉතින් සුදුවෑන් මලයත් අාගිය අතක් නෑනේ...... ප්‍රජාතන්ත්‍රවාදීව උෟම මැරුනොත් තමයි ඉතින්...

      Delete
  11. ලංකාවේ ජනාධිපතිවරු, මැති ඇමතිවරු පත් වෙන්නෙ මිනිස්සුන්ගෙ ඡන්දෙන් නෙමෙයි. ග්‍රහයින්ගෙයි, දෙවියන්ගෙයි ඡන්දවලින්. අපරාදෙ අපි ඡන්දෙ දාන්න කියල උදේ පාන්දර නැගිටින්නෙ.

    ඔය ආජ්ජාත්මවේදීන්ට නම් ලැජ්ජාවක් නෑ, අර දැන් මහමැතිවරණෙටත් දෙන්න පටන් අරන් තියෙන්නෙ. පාට පාටින් නැෂනල් සූට් මහන්න යන වියදම අපරාදෙ අවුරුද්දෙන් වැඩි කාලයක් හෙළුවෙන්නෙ ඉන්නෙ.

    අනාවැකි 100ක් කිව්වොත් එකක් කණාවට හරි, අනිත් 99ම වැරදියි. හැබැයි අර හරි ගිය එක යන්නෙ පත්තරේ හෙඩ්ලයින් එකේ, වැරදිච්ච 99 ලුහුඬු දැන්වීම්‍‍‍‍වලවත් නෑ. ඉතින් මේකෙන් ගොඩ ඒමක් නෑ, කේන්දරකාරයො අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් බඩ පුරව ගන්නව.

    ReplyDelete
    Replies
    1. අැත්ත අශාන්........

      මේ මිනිස්සු බලාගෙන ගිහාම රටේ ඉන්නා මෝඩම මිනිහාටත් අන්තයි... ඉතින් කොහොමද රටක් දෙන්නේ... මේක විකාරයක්... අනාවැකි කියන්න පුළුවනි නම් අැයි ඔය කවුරුවත් ප්‍රභාකරන් මැරෙන විදිහ කිව්වේ නැත්තේ. යුද්ධය ඉවර කරේ යථාර්තවාදීව.. ඉතින් අැයි ඡන්දයක් ඒහෙම දිනන්න බැරි..............??????

      Delete
  12. පැස්ටෝල් කෑන් එකක් මගේ ගානේ...

    ReplyDelete
    Replies
    1. ටිකක් හිටු ගණන් අඩු වෙනකල්.................

      Delete
  13. වැඩිය හිතන්න එපා ...
    ඒ මිනිනිස්සුත් ජීවත් වෙන්න එපායැ.. නැත්තං වෙඩි තියාගෙන මැරෙන්නයැ හිටං..

    ටික දොහකින් ආයෙත් නැගිටලා එයි බම්බුව...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානයා................. උන් ජීවත් වෙන ඒකයි වැරැද්ද මචං... මැරෙන ක්‍රමය උන්ම කියලා තියෙද්දි අැයි තවත් බලාගෙන ඉන්නේ???

      Delete
  14. පව් අර අමනදාස සුමනසේකර සීය. :P

    ReplyDelete
    Replies
    1. දිළිණී.................

      පව් ඒ මිනිහා නෙමෙයි අපි....... අපේ රට.......... හත්තිලව්වේ උෟ කඩේ යවන්නේ අපේ නායකයානම් අැත්තට ම කඩේ යන්න අපි හැමෝම...............

      Delete
  15. අනේ මේ සුමනෙටයි චන්ද්‍රසිරිටයි මොකුත් කරන්න එපා. දැන් ලංකාවේ විකට නළුවෝ හිගයි. අපි මුන් දෙන්නට කියමු පොඩි මල්ලී චූටි මල්ලී වගේ 'අපි නොදන්න සාස්තර' කියලා විකට වැඩසටහනක් පටන්ගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න විචාරක වැඩේ......

      අපිට උඩ පැන පැන හිනාවෙලා සිරියස් ගතිය ටිකකට පැත්තකින් තියන්න පුළුවනිනේ... දැන් කොහොමත් අපි දින 100 තිතට වැඩ කරන වැඩසටහනකනේ ඉන්නේ ඉතින් මේ වගේ ජෝක් ඒකක් තියෙන ඒකත් වැදගත්......

      Delete
  16. දේශපාලනේට ග්‍රහයෝත් මාරු වෙලා ලක ලෑස්තිවෙලා :v

    ReplyDelete
    Replies
    1. ඔව් හො.සි

      වෙලා තියෙන්නේ ග්‍රහයොත් පැත්ත මාරු කරලා.. අපේ කට්ටිය ඒක දන්නෑනේ... අන්තිමේට සියල්ලම වෙනස් වුනේ ඒ්කයි..........

      Delete
  17. මම මුලින් හිතුවේ මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳ ආත්ම විශ්වාසයක් තියෙන නායකයෙක් කියල... ඒත් ඡන්දේ ලංවෙද්දී බයවෙලා ක‍රපු විකාර දැක්කම හිතුන අපිට තියෙන ආත්ම විශ්වාසයවත් එතුමාට නෑ කියල.... ඇත්තටම පුදුම හිතුන ‍යුද්ධය දිනන්න රට මෙහෙයවපු නායකයා නේද මෙහෙම හැසිරෙන්නේ කියල... එතුමා යුද්දේ කරෙත් නැකැත් බලලද දන්නේ නෑ... :-P

    ReplyDelete
    Replies
    1. කතාවට සීයට සීයක් ඒකගයි හිමාල්............

      තමන්ට අාත්ම විශ්වාසයක් නැහැ කියලා ඔප්පු කරා වගේම අර ඩුප්ලිකේට් සිරිසේන ඒක්ක නටපු නාඩගං ටික දැක්කා ම තේරුණා උන්දෑ පණ බය වෙලා බව.... අැත්තට ම මහින්ද ඡන්දෙට කලින්ම ඔප්පු කරා තමන් පරදින බව.. ජනතාව ඒක තේරුම්ගත්තා .. ඒච්චරයි..........

      Delete
  18. ගල් කෙප්ප අමු කෙප්ප හා තෙල් කෙප්ප
    ගල් කෙප්ප කියන්නෙ ලොවෙත් අහු වෙන්නෙ නැති ඒවට
    අමු කෙප්ප කියන්නෙ කියපු ගමං අමු අමුවේ අහු වෙන ඒවට
    තෙල් කෙප්ප කියන්නෙ අහුවුණත් කීවෙ නෑ වගේ ලිස්සල යන්න පුලුවං ඒවට

    අපේ සුමනෙ ගාව තියෙන්නෙ ඔය මක්ක කියලද හිතන්නෙ අසංක

    ReplyDelete
    Replies
    1. මහේෂ්.................

      සුමනේ ගාව ඔය තෙල් කේස්ඒක වගේම බලු කෙප්ප කියලා ජාතියකුත් තියෙනවා...

      ඒකෙන් වෙන්නේ කියලා මාට්ටු වුණාම බල්ලා වගේ හැංගිලා ඉන්න ගමන් රෑට හිමීට උඩුබුරලා පච වෙන ඒකයි....

      Delete
  19. ඕක නාසා එකෙන් කරපු කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි නැතතන් අපේ එවුන්ට වරදිද..මම හිතනනේ නසා එකේ උන් ග්‍රහලෝක තරෑ ඉර හද එහාට මෙහාට කරන්න ඇති.

      Delete
    2. @ ඉවාන්................

      කතාව හරි මචං මේක අනිවා විදේශීය කුමන්ත්‍රණයක්.... නාසා ඒකේ ලංකාවේ බර සෙට් ඒකක් ඉන්නවානේ... මුං තමයි මේක කරන්න අැත්තේ .. මේකේ සාකච්ඡා තිබ්බේ සිංගප්පුරුවේද දන්නෑ........

      @ මෙන්ඩා..................

      සුමනදාස උන්නැහේ ඔය නාසා ඒකත් ඒක්ක ගණුදෙනු නැහැ නොවැ... මෙෙත්‍රීගේ පැත්තෙන් තමයි ඔ්ක හැන්ඩ්ල් කරන්න අැත්තේ හිටං......

      Delete
    3. දැන් සුමනේගෙයි , චන්ද්‍රසිරිගෙයි රෙද්දේ හිටං

      Delete
    4. ලැජ්ජාව නැති හැත්ත තාමත් කට කියවනවා..............

      Delete
    5. මම දැක්ක බුකියෙ තියෙනව "මහින්ද සුමනෙගෙන් කේන්දර බැලුව වගේ" කියල හිටං :D

      Delete
    6. ඔව් ඉතින් සුමනෙට උගෙ කේන්දරේ බැලුවත් මෙහෙම දෙයක් වෙනව කියල පේන්න නැතුව ඇති මගෙ හිතේ...හිකිස්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...