Tuesday, December 9, 2014

නුඹද බැඳේ වරදින්......


 
ලබමින් නිගරු සැලකුම් ලෝකෙන් නිබඳ
පිළිකුල් කරන මගෙ ජීවන රඟ මඬල
සැතපුනෙ නුඹයි සැමකල් මා සිරුර මත
කිමද මහතුනේ දැන් මට අපහාස...

වරදක් කළා වුව ඔබ මා දකින ලෙසින්
මා අබියස නුඹද බැඳෙයි ඒ වරදින්
එලෙස වුවත් ලෝ දහමට පෙනෙන ලෙසින්
කිමද මහතුනේ පමණක් මා වරදින්...

ලොවට උතුම් ළඳකි මමද මවක ලෙස
රකිනු පිණිස දරු හිමි වුණි මහ පාර
හදට මගේ එබිලා නුඹ බැලුවේද
එලෙස කලා නම් කොතරම් අගනේද...

දුකම මගේ සැපම වීය නුඹලාට
සුළු මොහොතක සතුට මවමි ගිනිගොඩක
ගලන කඳුළු ලොවට හොරෙන් හැමදාම
තරම් වේද පව් සෝදා හැරලන්න...

පසු සටහන: මෙම පද පෙළ ගැලපීමට හේතු වූයේ ලොව පැරණිම වෘත්තියෙහි යෙදෙන අසරණ කාන්තාවන් පිළිබඳ උපන් අනුකම්පාවයි. අරමුණු මුදුන්පත් කරගැනීම උදෙසා නිර්ලජ්ජී ලෙස තම ආත්මයන් පාවා දෙන්නවුන් සඳහා නොව නොසිතූ විරූ ලෙස මෙම මාවතට ඇද වැටුණු අහිංසක කාන්තාවන් වෙනුවෙන් මෙම සටහන තබමි.

අසංක ගයාන් අබේසිංහ

48 comments:


  1. හිරු අවරින් බැස යන තුරු
    අඳුරින් ලොව නැහැවෙන තුරු
    බලාපොරොත්තුවේ නුවන් - උණු කඳුළින් පිරවෙන තුරු
    හිස් බැල්මෙන් බලා සිටින
    අබිසරු ළඳුනේ - අබිසරු ළඳුනේ

    තඹරු පෙතිසෙ දිලෙන නුවන්
    සුරා පැණින් - පෙඟුණු ලවන්
    බමන ගතින් මත් සළෙළුන්
    පහස සොයා පැමිණෙන තුරු
    සසර සයුරු තරඟ මැදින්
    පාවෙන ජීවිත නෞකා
    ඈත දිලෙන නිල්ල වෙතට
    හබල් ගසා පැද යන තුරු
    හිස් බැල්මෙන් බලා සිටින
    අබිසරු ළඳුනේ - අබිසරු ළඳුනේ

    කැකුළු දෙපා පොඩි නළියන
    සොඳුරු පැලක ඇති අසිරිය
    එවන් සිනහ ගඟුලැල්ලක
    ඇයි නොකිදෙන්නේ
    හිස් බැල්මෙන් බලා සිටින
    අබිසරු ළඳුනේ
    නවෝදයක උදාව ගැන ඇයි නොසිතන්නේ

    ගායනය - හෙන්ද්‍රි කල්දේරා
    උපුටා ගත්තේ මිදුලෙන් (මේක අහම්බෙන් දැක්කේ )

    ReplyDelete
    Replies
    1. ගැහැණිය !
      සඳින් සොමි ගෙන මැවූ ගැහැණිය
      ළා හෝ පලු - මෙලෙක ගෙන
      ළා හෙල්මැලි - සිහිල ගෙන
      මැවූ ගැහැණිය !
      ඔබ බිලි පුජාවද - පුරුෂ සංහතියේ
      අසන් උස් හඬින් කෑ ගසා ..

      ලෝකය බිහි කළ මාතාවයි ඔබ
      ස්නේහය කැටි කළ සොයුරියයි ඔබ
      ප්‍රේමය පිඬු කළ පෙම්වතියයි ඔබ
      මන්ද - පුරුෂ සංහතියේ නිය පඳුරු නැගී
      ලේ සොලවන්නේ
      ඔබගේ ළය මඬලේ
      අසන් උස් හඬින් කෑ ගසා ..

      බාඳුරා මලක් නොවේ ඔබ
      බඹරුන් ගොදුරට ගන්නා
      ලිය තඹර නොවේ ඔබ
      තවුසන් දැහැනින් මුදනා
      පව්කාරියකැයි ඔබට නිගා දෙන
      පුණ්‍යවන්තයෝ කවුරුද - පුරුෂ සංහතියේ
      අසන් උස් හඬින් කෑ ගසා .....

      ගායනය - නන්දා මාලනී
      ගී පද - සුනිල් ආරියරත්න
      සංගීතය - සරත් වික්‍රම

      Delete
    2. මේක මෙතන්ට ගැලපෙන ගතිය අඩුයි වගේ වුනාට මට මතක් වුනේ මේක......
      කුමරි බඹසර පරම පිවිතුරු
      කුවේරය දැන් තොපට බිලිදෙමි
      බිලිගනින් මා බිලිගනින්
      කුමරි බඹසර බිලිගනින්.......

      නන්දා මාලනියගේ ගීතයක්.

      Delete
    3. මචං..එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. මටත් කියන්න තියෙන්නෙ ඉතින් එල ද බ්‍රා කියල විතරයි උඹල ඔක්කොටම...

      Delete
    5. කුරුට්ටෝ රූකාන්ත ගායනා කරන "රේණු රේණු" සින්දුවත් මෙයාලා ගැනලු .මෙන්න Cult එක ලියන චින්තක ධර්මදාසගේම හඩින් .මේකේ 36.57 ඉඳලා බලන්න ..
      https://www.youtube.com/watch?v=Q9_dwianddY


      දවසක් දා හැන්දාවක
      පොතක් බලන්නට සිතුණා
      සිතුවෙත් නෑ ඒ ජාමෙට
      ඔබව මතක් වෙයි කියලා

      ඈ මගේ ගතේ හැගුමන් පෙලා
      ඈ මගේ සිතේ සක්මන් කළා
      මා දිහා බලා සුසුමන් සලා
      ආදරෙයි කියා නොකියා ගියා
      කියා පොතේ ලියැවී තිබුණා

      රේණු රේණු මල් මිටේ රේණූ
      ඈට පෙම් කරන්න මට බෑලූ
      රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
      රොන් පිරී සැලෙන්න මල් රේණූ

      සද වත දෝ මා දුටුවේ
      ඔබෙ ගත දෝ මා දුටුවේ
      සිතුවම් දෝ මා දුටුවේ
      හැබහින් දෝ ඔබ දුටුවේ

      ඈ මගේ ගතේ…

      රේණු රේණු මල්…//

      ගායනය - රුකාන්ත ගුණතිලක

      Delete
  2. කලින් නිර්මාණය එක්ක ගත්තාම අහසට පොළොව වගේ. ඒක එක අතකින් හොඳයි. කොයි අදහසටත් ඉඩ දෙන එක. නිර්මාණය උපරිමයි... හදවතින්ද එසේම නම්, තවත් අනර්ඝයි...

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ සිතුවිලි විවිධ දේවල් සම්බන්ධයෙන් බොහොම විවිධාකාරයි. ඒක අපි තේරුම්ගන්න ඕනි. හැම දෙයක් දිහාම එකම කෝණයකින් බලන්නෙපා. මිනිස්සු විදියට් සංකීර්ණ මානව හැඟීම් වලට අපිට ඉරි ගහ්ල කොටු ගහල සීමා මායිම් දාන්න බෑ. එකම පාටකින් බලන්නෙපා. විවෘත මනසින් බලන්න උත්සාහ කරන්න. තාමත් මාත් එක්ක කතාවක් නැත්ද මංද. තේරුම්ගන්න උත්සාහ ගන්න.

      Delete
    2. උඹත් එක්ක කතාවක් නෑ කිව්වේ ඊයේ මගේ කොමෙන්ට් එක යටින් තිබුන කොමෙන්ට් එකට. ඒකෙදි උඹ කිව්වා නේ මම උපදින්න ඕන පිට රටක කියලා. ඒකෙන් පෙන්වනවා උඹලගේ දැක්ම. ඒ කතාව එතනින් ඉවරයි. උඹලා මේ රටේ ඉතිහාසෙවත් දන්නෙ නෑ. ඒකයි මට දුක.

      Delete
    3. අපි කවුරුත් අපේ රටේ ඉතිහාසය නිපුන කරල නෑනෙ. කවුරු කවුරුත් යම් පමණකට යමක් කමක් දන්නවා. ඔබ උනත් එහෙමයි. සියල්ල දත් නෙවෙයිනේ.

      Delete
    4. //අනේ බං උඹලා මේ අන්තර්ජාලේ ශිල්ප පෙන්නන්නේ නැතිව. කළු ගලක සෙල් ලිපියක් කොටාගෙන හිටහල්ලකෝ//

      ඔන්න ඔහොමත් කිව්ව නේද. ඉතින් ඔබේ දැක්ම ගැනත් හිතාගන්න පුලුවන්නේ. මං මේ වරදක් කීව නෙවෙයි. අපි එකෙක්වත් රහත් වෙලා නෑ නොවෑ. ඒනිසා කාගෙත් අඩු වැඩි වශයෙන් අඩුපාඩු තියෙනවා.

      Delete
    5. ඇත්තටම එහෙම කළා නම් හොඳයි තමයි. විශේෂයෙන් උඹ..

      Delete
    6. මහා ලොකු කයිවාරු ගහන මාතලන්ලගේ සැබෑ නිරුවත ඔන්න. එතකල් කතාකරන්නෙ. පෙනී ඉන්න දඟලන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. හරි කැමති ඇති අපි පාඩුවේ සෙල් ලිපියක් කොටාගෙන කැලේටම වෙලා ඉන්නවනම්. තනියම රඟන එක නෙවෙයි හපන්කම, පාලු කඩේ වළං බිඳිනවා වගේ.

      Delete
    7. අනේ ඇයි බං රන්ඩු වෙන්නේ..අපිට යනකොට අරගෙන යන්න දෙයක් බෙදාගන්න උඔලා ඔහම රන්ඩු වෙනවානම් කමක් නෑ.

      Delete
    8. මනෝෂ්.. ටිකක් දැනගත්තම වැඩියෙන් නිහතමානි විය යුතුයි..

      Delete
    9. ගල් යුගයේ කොහෙද බං ප්‍රජාතන්ත්‍රවාදයක්. උඹලා ගාව තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි, තනිකර පුරුෂාධිපත්‍ය.. අර සින්දුවකටත් අර්ථ කර්හන දීලා තිබුනේ අපූරුවට. මරු ප්‍රජාතන්ත්‍රවාදේ..

      Delete
    10. \\මනෝෂ්.. ටිකක් දැනගත්තම වැඩියෙන් නිහතමානි විය යුතුයි..//

      හරියටම හරි. ටිකක් නෙවෙයි ගොඩක් දැනගත්තත් එහෙම තමයි වෙන්න ඕනි. නමුත් මේකෙ ඉන්නෙ ටිකක් දැනගත්තත් සියල්ල දත්ලා වෙන්න හදන උදවිය. ඒත් එක්කම අනිත් උන් මොකුත් දන්නෙ නෑ කියල කෑගහන උදවිය.

      මං යනවා මචංලා. මේ කියවිල්ල මට හෙන මහන්සියි බොලවු.

      Delete
    11. තව දෙයක්, මේකත් කියලම යන්නම්. නිර්මාණයක් කියන්නෙ නිර්මාණ කරුව නෙවෙයි. ඒ නිසා නිර්මාණය සහ නිර්මාණ කරුවා පටලවාගන්නෙ නැතුව නිර්මාණය රසවිඳින්න. නිර්මාණයක් රසවිඳින්න නිර්මාණ කරුවා බාධාවක් කරගන්නෙපා. උදාහරණයක් විදියට ප්‍රේමකීර්තිගේ නිර්මාණ ගන්න. එහෙම කලොත් ප්‍රේම්ගේ බොහෝ ගී අපට රසවිඳින්න වෙන්නෙ නෑ. ඒ නිසා නිර්මාණකරුවගේ පුද්ගලික ජීවිත වලට එබී බලන්නැතිව, ඒ චරිත වලට මඩ ගහන්නැතිව නිර්මාණය විතරක් වෙන්කරගත්තම හරි. ඒක හොඳයිනම් විඳින්න, නරකයිනම් නොවිඳින්න. නමුත් නිර්මාණය සහ නිර්මාණකරුවා පටලවාගන්නෙපා. අපේ රටේ මිනිස්සුන්ගෙ ලෙඩක් ඕක.

      Delete
    12. @ මාතලන්,

      ඔබේ අගය කිරීමට බොහොම ස්තුතියි...හදවතින්ම තමා කිව්වේ...ගෑණු පිරිමි භේදයක් නෑ...වරද දුටු තැන එය දකින විදිහට කියන්න තමා උත්සාහය...ඒත් ඉතින් ඒ කියන දේ සාපේක්ෂ වෙන්නත් පුළුවන්...මොකද ඕනෑම පුද්ගලයෙක් තම ජීවිතය සහ වටපිටාව සකසා ගන්නේ තමන් විඳින, දකින, දැනෙන සහ ඉගෙන ගන්න ප්‍රමාණය මතනේ...

      Delete
    13. @ කුරුටු ගෑ ගී පවුර

      සම්පූර්ණයෙන් එකඟයි.. නිර්මාණයක තියෙන්නෙත් ඒ දේ... වෙන කිසිවක් නෙවෙයි..

      Delete
  3. පෝස්ට්ටුව කියවගෙන එනකොටම මතක් උනේ ළඳුනේ ගීතය අසංක. හැමෝම හොඳටම දන්න ගීයක් නිසා පදරචනය ආයෙත් නොදා ඉන්නම්. මේ අසරණ ජීවිතවල පතුලටම එබිල බැලුවොත් වරද තියෙන්නෙ ඔවුන් මේ තත්වයට පත්කල සමාජයේ මිසක ඔවුන්ගේ නෙවෙයි. මේ අසරණියන් බොහෝමයකගේ මුල බොහොම ඛේදජනකයි. ඔවුන් සමාජ අසාධාරණයට ලක් වූවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මනෝෂ් මටත් මේක ලියද්දි මතක් වුණේ ළඳුනේ ගීතය...මම බලාපොරොත්තු වුණා උඹලා කවුරු හරි මේ ගැන කියයි කියලත්...බොහොම ස්තුතියි මචං...

      Delete
  4. අවරට යත්ම ලොව කරමින් අදුර රජ
    ඇදෙති කුහුඹු රැල මෙන් මහතුන් බොහොම
    ලබා ලෙසින් අම‍යුරු ඇගෙ පහසෙ සැප
    ගරහති ඇයට හිරුයට බෝසත් විලස

    ඔන්න මමත් කවියක් එකතු කරා ඔ‍තනට.කාලීන මාතෘකාවක් යොදාගත්ත එක ගැන ඇත්තටම සතුටුයි.ගමෙ අහිංසක ගැහැණු ළමයි රස්සා හොයාගෙන අවිත් ලොකු ලොක්කන්ගෙ සෙල්ලම් බඩු වෙන මේ කාලෙ මෙ වගෙ කවිපෙලක් පටබැදීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනව.කවුරුන්වත් උපතින් ඔය රස්සාව කරන්න බලාගෙන ඉපදෙන්නෙ නෑ.සමාජයි ඇයව ඔය නරාවලට ඇදදාන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ආලේ ඔබේ කවිය හරිම අගෙයි නොවැ...ඇත්තටම අහිංසකියන් මේ රස්සාවට කොටු වෙන හැටි පුදුමයි සමහර වෙලාවට...ඒ තරම් සූක්ෂම විදිහට මේ සමාජයේ පිරිමි කියාගන්න අය පාර හදල තියනවා...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  5. වෙනස්කම ගැන මාතේගේ කමෙන්ටුවට සම්පූර්නයෙන්ම එකඟයි.ඒ වෙනස්කම රහයි.තෝරගනිපු මාතෘකාවත් රහයි.
    ඒත් මට තේරුම් ගන්න බැරි යටින් දාපු පසු සටහන ගැන.මෙම වෘතියෙහි යෙදෙන කාන්තාවන්ගෙන් 99%ම මෙම මාවත තෝරාගන්නේ කැමත්තකින් නෙමෙයි.ඒත් ඒ සමාජයේ ජීවත්වෙනකොට සිද්ධවෙන දේවල් එක්ක ඒ අයට අහින්සක ගෑනියෙක්ගේ චරිතේ රගපාන්න බෑ දිගටම.ඒ සමාජයට ගැලපෙන විදිහට ඔවුන් හැඩගැහෙන්නම වෙනවා.එහෙම නොකලොත් ඒ වෘතියේ පැවත්මක් ඔවුන්ට නෑ.ඔබ ඔය කියන ආත්මය පාවලදුන්න අයගෙන් වැඩිකොටසකුත් අයිති වෙන්නේ ඒ කුළකයටම තමයි.මඩ වලකින් සාරි ගප්පි බලාපොරොත්තුනොවී මඩකරි විතරක් බලාපොරොත්තු වෙමු.කවදහරි මඩවල නිල්පොකුණක් කරගන්න පුළුවන් වුන දවසට අපි ඒකේ සාරිගප්පි අල්ලමු......
    කොහොම වුනත් කවිය එළ......ජය වේවා........

    ReplyDelete
    Replies
    1. නොදන්න කම නේ බං..

      Delete
    2. +++++++++++++++++++

      මම ඕක ඇද්දේ නෑ.. හැම එකටම කොක්ක දානවා කියලා හිතයිනේ.. ඒකයි මම කිව්වේ හදවතින්ම එහෙම නම් අනර්ඝයි කියලා...

      Delete
    3. @ දේශකයා,

      ඔබ වැනි දන්න පුද්ගලයෙක් ඇසුරු කරන්න ලැබීම වාසනාවක් කොට සලකිමි.

      @ මාතලන්,

      ඔබ ප්‍රකාශ කරන කිසිදු අදහසක් කොක්කක් ලෙස අපි සලකන්නේ නැහැ...ඔබ අපිට වඩා බොහෝ ඇසූ පිරූ තැන් සහිත පුද්ගලයෙක් බව දන්නේ අපි ඔබේ බ්ලොගය හැමවෙලේම කියවන නිසයි...අපි ඔබෙන් ගන්න දේ බොහෝයි...ඒ ගැන තර්කයක් නැහැ සහ ඒ සඳහා බොහොම ස්තුතියි...

      ඒත් මම දැකලාම තියන සමහර දේවල් අනුව සමහර කාන්තාවන් ඉල්ලලා කන වෙලාවල් තියනවා...ඒකයි එහෙම පසු සටහනක් දැම්මේ...මෙය නොදන්නා කම ලෙස දේශකයා වැනි දන්නා පුද්ගලයන් සලකන එක ගැන නම් යම් ගැටළුවක් ඇත.

      Delete
    4. @ කටුසු,

      පළමුව ඔබට බොහොම ස්තුතියි මෙවැනි සාරගර්භ පැහැදිලි කිරීමක් කළාට...ඒත් ඉතින් මඩ වල සුද්ද කරන්නත් මඩ වල ළඟටවත් අඩු ගානෙ යන්නම වෙනවනේ...පසු සටහන දාපු හේතුව ඉහත දක්වා තියනවා...

      Delete
    5. මේවිදිහට කමෙන්ට් කලේ මට දැනුනදේ කියන්න මිසක් පොරක් වෙන්නවත්,බොරු වලි දාගන්නවත්,පණ්ඩිතකම පෙන්නන්නවත් නෙමෙයි අසන්කයො.මම මෙතන මඩවලක් විදිහට දැක්කේ මේ සිස්ටම් එක.ගණිකාව කියන්නෙමේ සිස්ටම් එක නිසා ජාතකවුන තවත් එක චරිතයක් විතරයි.ගණිකාව විතරක් නෙමෙයි,තව ඕන තරම් චරිත තියනව සිස්ටම් එක නිසා ජාතකවුන.(ඒත් වෙන හැම දහදුරා වැඩක්ම,බිහිවෙන හැම කළු චරිතයක්ම ඇතිවෙන්නෙත් සිස්ටම්වැරදිනිසානෙමෙයි ).පොකුණක් විදිහට වෙනස් වෙන්න ඕනෙත් මේ මඩවලක් වුන සිස්ටම් එකම තමා.ඒකට බහින්න දෙයක් නෑ අසන්කය.අපි ඔක්කොම ඒ මඩ වලේ තමා ඉන්නේ.


      Delete
    6. සත්තකින්ම කටුසු, අපි හැමෝම ඉන්නේ මඩවලේ තමයි...ඒ වගේම මම ඔබේ විග්‍රහය ගැන සත්තකින්ම සතුටුයි...ඒකයි ඒක සාරගර්භ පැහැදිලි කිරීමක් බව කිව්වේ...ඇත්තෙන්ම පණ්ඩිතකම සහ දන්නා බව පෙන්විය යුත්තේ නිහතමානීව...ඔබ එය එලෙසම කළා... ඔබට බොහොම ස්තුතියි මෙවැනි පැහැදිලි කිරීම් මගින් එවැනි ආදර්ශයක් ලබා දුන්නාටත්...

      Delete
  6. Replies
    1. බොහොම ස්තුතියි අජිත්...

      Delete
  7. මටත් මතක් වුනේ ලඳුනේ ගීතය.. හිතට දැනුනු පද වැලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි...

      Delete
  8. මම ඉස්කෝලේ යන කාලේ ඉදලා චුටි දම්මි ගොලු සුමනා තව හුගක් අයව ආශ්‍රය කරා නෑ..නෑ කවදාවත් අද වෙනකන් එහම උඔලා හිතන ආශ්‍රයක් තිබුනේ නෑ..එදා ඉදලා මට ඔවුන් ගැන අනුකම්පාවක් තියෙනවා..එදා මට එයාලා මෙන්ඩිස් මල්ලි කියලා කතා කරා මම එයාලාට කටපුරා අක්කන්ඩි කියලා කතා කරා.
    නිර්මානය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩෝ ....
      මටත් ඔවැනිම අත්දැකීම් ඇත්තේය .කොටුවේ මැනින් මාර්කට් එකේ හිටිය කාලේ පුදුම අත්දැකීම් ලැබුවේ.

      Delete
    2. @ මෙන්ඩා සහ සින්දු,

      ඇත්තටම උඹල වගේ මිනිස්සු ගැන හරිම සතුටුයි බං...කලාතුරකින් අහන්න ලැබෙන දෙයක් මේ වගේ උතුම් ගතිගුණ තියන පුද්ගලයන් ගැන...ඒ ගැන මගේ ආචාරය...

      Delete
  9. තනි අතින් අප්පොඩි ගහන්ට බැරුවා
    මිනිස්සු තාවකාලික සැපක් නොසොයා යනව නං ඔහොම වෘත්තියක් ඇති වෙන්නෙත් නෑ නෙව
    ඒත් කොහෙද පාත් තැනිංම නෙව වතුර ගලන්නෙ

    සුපිරියි අසංකයො
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මහේෂයෝ...දෙන්නෙක් එක්ක කරන දේකදි එකෙක් විතරක් නිවැරදි වෙලා සුදනා වෙන්න බෑ නොවැ...උඹටත් ජය...

      Delete
  10. ඕනම ගෑනියෙක් ඔය තත්වෙට වැටෙන්නේ පිරිමියෙක් නිසා. ඒක වල්කමටද, සල්ලි වලටද, නැතිබැරි කමටද කියන එක පස්සෙයි එන්නේ.. නිර්මාණය හොදයි..

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව දේශකයා...මේකට පිරිමියා සම්බන්ධ නිසා එහි යම් වගකීමක් අනිවාර්යයෙන්ම ඔහු සතුයි...(කවුරු මුලින් ඉදිරිපත් වුණත්)

      Delete
  11. මනරම් නිර්මාණයක්. රස වින්දෙමි. ඊට වැඩි දෙයක් නොකියමි. ඊයේ මට්ටු වුනෙමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධු...ඒත් මං එකක් කියන්නම්...මේ වගේ දේවල් වලදී මට්ටු වෙනවා කියලා දෙයක් නෑ...හැමෝම තම තමන්ගෙ අදහස් කියනවා විතරනේ...ඉතිං ඕන එකක් කියල අරින එකනේ තියෙන්නේ...ආයෙ මොකටද මේව හිතේ තියාගෙන ඉන්නෙ...මොකද ආයෙ කවුරුත් ඇවිත් හපාකනවයැ...හිකිස්...

      Delete
  12. පෙර නිර්මාණයද මේ නිර්මාණයද එකසේ රස වින්දෙමි. එවා නිර්මාණයන් ලෙස මිස යම් අයෙකුගේ ක්‍රියාවක් හෝ යම් සිදුවීමක් ඕපාදූප ලෙස ගෙන ඒමක් ලෙස නොසිතූ හෙයින් රස විඳීමට බදාවක් නොවුණි.

    මාගේ අදහසට අනුව නම් (ඉහතින් බොහෝ අදහස් දැක්වීම් කර ඇති නිසා..) නිර්මාණයක් කිරීමේදී ඒ නිර්මාණකරුවාට ඇති නිදහස විචාරයේදී ලඝු කොට නොසිතිය යුතුයි.. විචාරය සිදුවිය යුත්තේ නිර්මාණකරුවාගේ රාමුවේ සිට එයින් වී ඇති අපගමනය හුවා දැක්වීමට විනා නිර්මාණකරුවා තමන්ගේ රාමුවකට කොටුකොට ඊට අනුරූපීව නිර්මාණයේ අපගමනය පාදක කොට ගෙන නොවේ.. තවදුරටත් කියන්නේ නම් නිර්මාණකරුවෙකු අදාල නිර්මාණය තුල කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද සොයනවා විනා ඔබේ නිර්මාණය මෙසේ විය යුතුයැයි කීමේ අයිතියක් විචාරකයෙකුට නොතිබිය යුතුයි හා/ හෝ එවැනි විචාරයක්, විචාරයක් ලෙස නොගත යුතුයි..

    මගේ 'විචාරයට' අනුව නම් ඔබ විසින් යටි පෙළ අරුත සාර්ථකව ගෙන හැර පෑමට සමත් වී ඇත.. භාශාවෙන් තව පොහොසත් වූයේනම් හා පද පේලිවල මාත්‍රා පිළිබඳව මීට වඩා සැළකිලිමත් වූයේ නම් අගය ඉතා ඉහළ වේ. දිගටම ලිවීමෙන් වඩ වඩා සාර්ථක විය හැක. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔබ බොහොම සාධාරණව සහ මැදහත්ව නිර්මාණ දිහා බලලා තියනවා කමියා...ඒ ගැන අපේ ප්‍රණාමය...ඇත්තෙන්ම නිර්මාණ සම්බන්ධයෙන් විය යුත්තේ ඒක තමයි...

      ඒ සමගම ඔබ පෙන්වා දුන් දුර්වලතා ගැන සලකා ඉදිරි නිර්මාණ නියමෙට කිරීමට උපරිම උත්සාහය යොදමි...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  13. maxxa පද ටික...නියමයි මචෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...