Thursday, October 23, 2014

ඇයි මට තුන්පාරක් ඉල්ලන්න බැරි ........... ?



ආ....................... මෙන්න කතාවක්
මං හොරකම් කරපු දෙයක් ඇත්තේ නැහැ
ඕනනම් අපේ අම්මා පේන කියනවා
ගිහින් අහලා බලන්න.............
(හොර විසින් ප්‍රකාශ කරනු ලබයි)

දී කිරි ද ? ..................... 
නැහැ නැහැ. දී කිරි ගෙනාවේ නැහැ.
ඔයාලට වැරදිලා ඇති. මට ෂුවර්....
දී කිරි මෙහෙ තිබුණෙ නැහැමයි..................
(බලළා විසින් ප්‍රකාශ කරනු ලබයි)

ආ......................... වතුරට ද ??
ඔන්න ඔහෙ කමක් නැහැ ඉතින්.
ආය ඉතින් මං මොනවා කියලා කියන්නද
වතුරට දැම්මාය කියලා. ඔයාලගේ කැමැත්තනේ.
(ඉබ්බා විසින් ප්‍රකාශ කරනු ලබයි)

ආ..................... මෙන්න කතාවක්
ඇයි මට තුන්පාරක් ඉල්ලන්න බැරි
ඕනනම් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය තියනවා
ගිහින් අහලා බලන්න...........
(හිටපු ජනාධිපතිනිය විසින් ප්‍රකාශ කරනු ලබයි)


කසුප් අනුරාධ


.

46 comments:

  1. ආ.. තුන් පාරද.................ඕක මොකක්ද?
    ඔයා පොදු පැත්තෙන් එන්න මං මෙහෙන් එන්නං
    ඒක මට වඩා ලේසියි..
    දැන් ඔයා කොහොමත් අවලංගු කාසියක්නේ..
    (මහින්ද රාජපක්ශ ජනපතිවරයා විසින් ප්‍රකාශ කරයි)

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්‍ටුව ....

      Delete
    2. කළ්‍යාණ මිත්‍ර................

      නම වගේ ම කමෙන්ටුවත් එළස්..............

      Delete
  2. ආ.... තුන්වෙනි පාරද
    ඔන්න ඔහේ මං ඉල්ලනවා
    කොම්පියූටර් ජිල්මාට් දාලා හරි දිනන්න
    නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුරුවන්ගේ
    හින්දම , නැහැනේ කාරියක් බයවෙන්න

    මහින්ද රාජපක්ෂ

    ReplyDelete
    Replies
    1. හප්පා...................

      බරපතල කමෙන්ටුවක් නෙවැ........... බය නැත්ද???

      Delete
    2. අහ්, බැරිවෙලාවත් ඉදිරි නිර්මාණ වලදී මගේ කමෙන්‍ටුවක් දකින්න නොලැබුනොත් පොඩ්ඩක් හොයලා බලන්න හොඳේ. පවු නේ මේ අහිංසක මං ...

      Delete
    3. දැන් එහෙම කරන්නැහැ.... ඇයි එස් බී ඇමතිතුමා කිව්වේ... ඡන්දෙයක් නැත්තං මං දනී කියලා.. ඒ නිසා දැන් අපිට ආරක්ෂාවක් තියෙනවා.....බය වෙන්න එපා....

      Delete
    4. වැදගත් කතාවක් කුරුටු කිව්වෙ.චන්දෙ නිසා සියළුම පුරවැසියන්ට දැන් ආරක්ෂාවක් තියනවා තමයි.

      Delete
    5. ඔව් යකා... නැත්තම් ඉතින් කවදද මේ විදිහේ බජට් එකක් දකින්න ලැබෙන්නේ.. හැමදේට ම ඉතින් ඡන්දයක් තිබ්බනම් හොදයි කියලා හිතෙන්නේ එතතකොට තමා...................

      Delete
  3. හි හි... නිර්මාණශිලී අදහසක්.. අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි...

      ඔය අගය කිරීම අපි තව තවත් දිරිගන්වනවා....

      Delete
  4. මෙන්න කවි... නිර්මාණ කියන්නේ මේවට..

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාතලං මචං...

      කාටද කිව්වේ... අපේ අනික් උන් ටිකටම ද ??? තුෂාරයා... අසංකයාට එහෙමද????

      Delete
  5. මේක මං හිතන්නෙ හිටපු ජනාධිපතිනියට නෙවෙයි, ඉන්න ජනාධිපතිට තමයි ගොඩක්ම ගැලපෙන්නෙ.

    සෙලාන් බැංකුවේ සභාපති ගෙනත් අගවිනිසුරු පුටුවෙ වාඩිකරවන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න තමයි. මේවා දිගුකාලීන සැලසුම්.

    නිර්මාණය නම් හරිම අපූරුයි ගී පවුරේ..

    ReplyDelete
    Replies
    1. //මේක මං හිතන්නෙ හිටපු ජනාධිපතිනියට නෙවෙයි, ඉන්න ජනාධිපතිට තමයි ගොඩක්ම ගැලපෙන්නෙ.//

      කිව්වේ ඒක තමයි.....

      Delete
    2. //(හිටපු ජනාධිපතිනිය විසින් ප්‍රකාශ කරනු ලබයි)\\

      මං කිව්වෙ මේක ගැන අප්පා.

      Delete
    3. ඔව් මං කිව්වෙත් ඒකම තමයි........

      හිටපු ජනාධිපතිනිය කවුද කියලා ඉතින් මනෝෂ්ට ම තීරණය කරත ඇහැකි....

      Delete
    4. අඩේ නෑ බං. මං කියන්නෙ ඔය කතාව කියන්න ඕනිත් දැන් ඉන්න ජනධිපති. හිටපු කෙනාටත් වඩා ඕක හරියන්නෙ මෙයාට.

      Delete
    5. කොච්චර කිව්වත් මනෝෂ් තේරුම් ගන්නෑනේ... කිව්වේ ඒක තමයි......

      Delete
  6. ලොකු කතාවක් හොඳට වදින විදියට රසවත්ව කියල.

    ReplyDelete
    Replies
    1. තැන්කූ යකා.................. වදුනා නම් ඇති...

      Delete
  7. මට නම් පුදුමෙම මේ යෝධයා තුනෙන් නතර වෙච්ච එකයි!

    අපූරුයි කසුප්.

    ReplyDelete
    Replies
    1. තුනෙන් නතර වෙනවා කියලා කවුදෑ කිව්වේ....??? නවතියි මෙන්න කියලා...

      Delete
  8. ඔහැක්...
    මං හෙන කැමතියි අර ජනප්‍රිය ඇත්ත පත්තරේ තිබ්බ වගේ ශීර්ෂ පාඨයක් බලන්න...
    ඩඩ්ලිගෙ තුනම නෑ... එක හදල
    මහින්දට තුනත් නෑ වගේ එකක්...

    ReplyDelete
    Replies
    1. උඹට අද දවසෙම උදෑසන ඔක්කාරෙද බං? මං දෙතුන් පොලක දැක්කා.

      Delete
    2. ඔහැක්...™ © ℗ @ Mahesh Rathnayaka

      Delete
    3. @ මහේෂ්//.

      ඩඩ්ලිගේ කතාව නම් පට්ට ඈ...

      Delete
    4. @ මනෝෂ්............

      මොකක්ද කේස් එක

      Delete
    5. ඔය ඔහෑක් ඔහෑක් ගාන්නේ.

      Delete
    6. ආ.............. එ්ක ඔක්කාර කේස් එකක් ද???

      මහේෂ්...

      මොනවද මේ කියන කතා බං... ඇත්තද සිද්ධිය

      Delete
    7. දැන් කල වයස් හරි, ඔක්කාරෙට එනවා කියන්නේ හිටලා තමා, බොලට අපි ඕවා කීවා, කොහෙද අහන එකක්යැ, :D

      Delete
    8. මටත් හිතුණා මේ බ්ලොග් වල රවුම් ගහන හැටියට ඔහොම එකක් කරගනියි තමයි කියලා..........

      මේ සොමියා මනෝෂ් වගේ අහිංසක කොල්ලෝ ආශ්‍රය නොකර වි--, ඉ--, මා---, වගේ එවුන් ආශ්‍රයට ගියාම ඔහොම නොවී තියෙයි යෑ...................

      Delete
  9. නියමයි නියමයි එහෙම කොහොමද බැරිවෙන්නේ

    ReplyDelete
    Replies
    1. අන්න......

      කතා කරන්න දමිත්.. එළ කොල්ලෙක් නේ..

      Delete
  10. හෙක් නියම උපහාසය, අපුරුයි, ජයවේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ......... සොමි මචං

      Delete
  11. වරෙන්කො තුන් වැනි පාර
    ගන්නේ ඉලපත.

    ReplyDelete
    Replies
    1. හහ් ............. හහ්....................

      එහෙම වුණොත් අද බජට් එකෙන් පඩි වැඩි කරන්නෑ ඔන්න...

      Delete
  12. වැටෙන්න ඔන්න මෙන්න තියෙන තුන මේපාරත් කොටි අමුඩෙන් හරි තදකරලා බැඳ ගනියි වගේ.

    ReplyDelete
    Replies
    1. හහ්.............. හහ්.......... හා..................

      ඔන්න බජට් එකත් දැම්මෝ................

      Delete
  13. නඩුත් හාමුදුර්වන්ගේ , බඩුත් හාමුදුරුවන්ගේ, පට්ට සහ එල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..................... ඉවාන්..................... කියලා වැඩක් නැහැ ඉතින් මේවා ගැන... ඒත් ඔන්න ඔහේ කිව්වා....

      Delete
  14. නෑ..ඉතිං මට ඉල්ලන්නේ නැතුවත් ඉන්න පුලුවන් ඒත් ඡනතාවගේ ඉල්ලිම නිසා මම ඉල්ලනවා..
    මිට
    මරා..

    ReplyDelete
    Replies
    1. අනිවා සංජීව....................

      මේ පාලකයන්ගේ විතරක් නෙමෙයි රටේ ජනතාවගෙත් හැටි...........

      Delete
  15. මේ අනං මනං බෑ...
    කවුරු ඉල්ලුවත් මමයි ජනාධිපති,
    හරිය....


    වා වේ ය ජ !!!

    ReplyDelete
    Replies
    1. ආ..................... මෙන්න වැඩක්.... උඹ ජනාධිපති වුණාම උඹේ ඔය මලදානේ ලියන්නේ කවුද විදානපතිරණයෝ.......................

      අතිගරු විදානපතිරණ උතුමාණන් කියද්දි නිකං මොකදෝ වගේ බං........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...