Wednesday, October 1, 2014

සක්කර බෙහෙත් දැම්මත් වළකනු බැහැනේ .........



කොච්චර සැන් පුයර හැලුවත් මේ මූණේ
වලවල් වහන්නට හැදුවත් හතරකොණේ
වියැකී රැළිගැසී යනවා දිනෙන් දිනේ
සක්කර බෙහෙත් දැම්මත් වළකනු බැහැනේ ...........................

කලුකරගෙන සුදුවෙන කෙස් ලොවට හොරා
නෝනලා මහත්තුරු යන්නේ කිරුළු දරා
හැදුවත් වෙන්න තිරිහන් ජීවිතේ පුරා
වයසට යනවා යනවා රූ සපුව මරා ...........................

මොන මොන ක්ලෝරයිඩ් දාලා මැදගත්තත්
දවසින් දවස හොදහැටි සුදු කරගත්තත්
දිලිසි දිලිසි කොමලෙට සිනහව මැව්වත්
හැලෙනවාය වයසට යනකොට මේ දත් ...........................

කළු හම තියන් ඉන්නේ ඇයි කැතයි හලෝ
මේ මේ දේ හොද හැටි තවරනවා බොලෝ
අර නිළියයි මේ නිළියයි නිතර කළෝ
ඒ කාටත් තේරෙයි යන කලට එළෝ ...........................

"සුන්දරීගේ මළගම දා පෙර දවස
උත්තම බුදුන් කර මිනියට වෙන්දේසි"
රජ සිටු මැති ඇමතිවරු කාටත් අහගන්න
ඉහළම මිල ගණන් කීවා එය දෙන්න ...........................

ඉස්සර එයා වෙත ආවත් සැතපෙන්න
ළං වෙන්නෙවත් නැහැ කවුරුත් අද මෙන්න
කවුරුත් නෑ මිනිය ගන්නට පොරකන්න
සල්ලි නැතිව නිකමටවත් ගෙනියන්න ...........................

එහෙම තමයි සුන්දර රුව වියැකෙනවා
උපන්නොතින් අපි දවසක මිය යනවා
ලැබුණු දෙයින් ජීවිතයම සැනසෙනවා
පසුම්බියත් ඒ විදිහට සුරැකෙනවා ...........................


ඉසුරිකා චූලරත්න


.

47 comments:

  1. ඕකනේ කිව්වේ "සංසාරේ භවේ දුකා" කියලා ...

    සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
    දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..

    අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
    කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..

    නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
    මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...

    ගායනය - කේ . මයිකල් පීරිස්
    http://www.m.ananmanan.lk/song/1849/sansare-bawe-duka-michael-peiris-sinhala-mp3.html

    ReplyDelete
    Replies
    1. සින්දු.........

      ස්තූතියි ඔබේ එකතු කිරීමට. ඒ ගීතය නියමෙට ම අදහසට ගැලපෙනවා.. ස්තූතියි සින්දු ඔබේ එකතු කිරීමට............

      Delete
  2. ඉසුරිකා ආනාපානාව වඩවනවා වගේ..

    ReplyDelete
    Replies
    1. දේශෝ අනාපනාව නෙවෙයි පිළිකුල් භාවනාව .....
      මෙන්න - http://buddharashmi.blogspot.com/2012/01/04.html

      Delete
    2. දේශකයා..............

      මොකක් ද ඇත්තට ම ඔය ආනාපානාව කියන්නේ........ ඇත්තට ම තේරුණේ නැහැ නොවැ.........................

      Delete
    3. සින්දු

      ඒ ලිපිය කියෙව්වා.. අම්මෝ හිතුවටත් වඩා දේවල් තියෙනවා නේද??? ටිකක් අවුල් වගේ...................

      Delete
  3. ඉපිද මැරේ යළි ඉපදේ
    නොතිර සසර සාගරේ
    අතර තුරේ නොමැරි මැරේ
    දස දහස් වරේ
    නිසල නෙතේ සසල වෙතේ
    නොතිර සසර සාගරේ
    කුමන නැටුම් කෙළි කවට සිනා දා
    මරුට නොමැත කිසි විටකදී බාධා
    ඔබට නොදන්වා මරු මෙහි ආදා
    යන්නට සිදු වන්නේ්-
    ඉන්නට බැරි වන්නේ
    නොතිර සසර සාගරේ
    කුණු කය නිසරුයි නැත පවතින්නේ
    කළ හොඳ පමණයි මෙලොව
    රැඳෙන්නේ
    නැති බැරිකම් ලෙඩ දුක් ඇති වන්නේ
    අපටයි මිනිසුනේ ඇයි එය
    නොසිතන්නේ

    රචනය – කරුණාරත්න අබේසේකර
    සංගීතය – එඩ්වින් සමරදිවාකර
    ගායනයා - ඩබ්. ඩී. අමරදේව

    ReplyDelete
    Replies
    1. ආයෙමත් ස්තූතියි සින්දු................

      ඔබ අපේ කවිය තව තවත් රසවත් කරනවා අර්ථවත් කරනවා කියලා හිතෙනවා. ඇත්තට ම මේ මාතෘකාව යටතේ ලියැවුණු ගීත, සාකච්ඡා එමටයි. ඒත් අපි තාමත් ඒක ඒ විදිහට ම කරමින් ඉන්නවා. ඇත්ත ඒක තමයි සින්දු.............................

      Delete
    2. කරදර පොදි බැද
      ගැලපිට පටවා
      කරුමයෙ කලු ගොනු
      පෙරටුව බැදගෙන
      මෙ ජිවන මග අපි යනවා......

      Delete
  4. කොච්චර කිවුවත් ඔය සමහරක් දොස්තර නෝනාවරු පවා බෙහෙත් විද්දවගෙන නහිනවා නොවැ!

    එහෙම කියලා හිපාටු විදිහට ඉන්න එකත් හරි නෑ. මැදුම් පිළිවෙත කෝකටත් හොදයි.

    කවිය නම් නියමයි ඉසුරිකා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා...............

      කතාවට මමත් එකගයි.. ඇත්තට ම මැදුම් පිළිවෙත හොදයි තමයි. නැත්තම් ඉතින් දැක්කමත් එපා වෙනවානේ....

      ස්තූතියි අදහසට ප්‍රියා......

      Delete
  5. එල ද බ්‍රා..අපි කාටත් හිතන්න යමක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත සංජීව..............

      ස්තූතියි අදහස් දැක්වීමට. ඒ අදහස් තව තවත් අපිව දිරිමත් කරනවා....

      Delete
  6. ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
    සැප දුක සමබර වේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ
    සැප දුක සමබරවේ

    උකුළේ ළමැදේ සමබර උසුලන
    ගැමි ලිය යන ගමනේ
    මුදු බඳ නැළවෙන සේ
    කඳූවැටි ගංගා සාගර එකසේ //
    පොළොවට සමබර වේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ
    සැප දුක සමබරවේ

    වැඩිවන ආශා මැඩලන වේගේ //
    ජීවන මග කැළඹේ
    ඒකම රස මුසුවේ
    මහ මඩ වගුරේ වන විල් මතුවේ
    පියුම් පිපී නැටවේ
    මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ
    සැප දුක සමබරවේ

    ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
    සැප දුක සමබර වේ

    සිකුරු තරුව චිත්‍රපටියෙන්..

    ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
    පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
    තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්...................

      හැමදාමත් වගේ අදත් ලස්සන ගීතයකින් කවියේ අරුථ වැඩි කරලා තියෙනවා. ස්තූතියි මනෝෂ්...............

      Delete
  7. මේ යථාර්තය තේරුම් ගන්න බැරුව අපේ කෙල්ලො කොල්ලො ජීවට්ය් වෙන ටික කාලෙදි මොනතරම්නම් නාඩගමක් නටනවද. පවු ඉතින්.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්..................

      ඇත්ත මේක තමයි. ඒත් මිනිස්සු මේ ඇත්ත පිලිගන්න කැමතිත් නැහැ. තේරුණත් ඒ දේවල් වෙනස් කරගන්නත් කැමති නැහැ... හැබැයි හැමෝම මේ දේ දන්නවා...

      Delete
    2. මං හැමදාමත් කියන්නෙ, අපි කරන්නෙ අපි ජීවිතේ විඳිමින් ජීවත් වෙන එක නෙවෙයි, අපේ ප්‍රතිරූපය නඩත්තු කරමින් අනිත් මිනිස්සුන්ට ඕනි විදියට ජීවත් වෙන්න අපේ ජීවිතේ විඳවන එකයි.

      Delete
    3. ඇත්ත මනෝෂ්..........

      අපි හැමදේම කරන්නේ අනුන්ට පේන්න. අපි ලස්සන වෙන්න යන්නේ අනුන්ට පේන්න. අපි මුළු ජීවිතය ම වැය කරන්නේ ඒකට... ඒත් අන්තිමට ඉවර වෙන්නේ අපේ ජීිවතය නේද????? ඇත්ත ඕක තමයි මනෝෂ්.........

      Delete
  8. අපේ ඇමතිලාත් ඔන්න ලක්ෂ ගානක් දීල තිරිහන් බෙහෙත් විදගන්න ගිහිං මාට්ටු වෙලාලු... ඒ නං ලස්සන වෙන්නම වෙන්න බෑ නේද????

    කවිය අගෙයි ඉසුරිකා.. ආයේ ආපු එක ගැන සතුටුයි (රහසින්-- මටනං අර අසංකයාගේ කවි එපා වෙලා තිබුනේ) රහස ඉවරයි...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. එළිපිට......: අම්මට හුඩු...විදානයෝ...මම මේ බොට හොඳින් කියන්නේ හරි...මගෙ කවි නොබලා හිටියොත් බලාගම්මු...කැමති හෝ අකමැති...අනික අපේ ඉසුරිකා ළමයට රහස් දොඩන්න එහෙමත් තහංචියි ඕං...ආයෙ මට කියන්න තියන්න එපා...

      රහසින්......: අනේ විදානෙ මචං...මෙහෙම පොරසිද්දියේ ලැජ්ජා කොරන්න එපා බං...මං පව්නේ...අමාරුවෙන් හරි මගේ කවිත් බලහං ඉතිං හොඳ කොල්ල වගේ...

      අසංක...

      Delete
    2. විදානේ.................

      ස්තූතියි අගය කිරීමට.... දිගට ම ලියන්න බලන්නම්. මං හිතන්නේ කාංචනා එහෙමත් කවි ලියන්න පටන් අරන් තියෙන්නේ.. ඒ නිසා අසංක අයියව ටිකක් විතර නිදහස් කරන්න පුළුවන් වේවි... රහසින් (සම්පූර්ණයෙන් ම නෙමෙයි හරිද)

      Delete
  9. අනිත් කට්ටිය අසංකට පොඩි නිදහසක් දෙන්න හිතපු එකම මදැයි.. දැන් ඉසුරිකාටත් තියන්නෙ අසංක වගෙම නොනවත්වා ලියන්න. බලමු කවුද වැඩිය දස්සයා කියල. :p

    //උපන්නොතින් අපි දවසක මිය යනවා// හුඟ දෙනෙකුට අමතක වෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මුං හදන්නේඅපි අතර තරඟයක් ඇති කරලා හති වට්ටලා ආතල් ගන්න...අපිනම් ඒවට අහුවෙයි...පුහ්...නේද ඉසුරු...(මට විරුද්ධව මොකුත් කාරිය එහෙම මෙතන කොටන්න එපෝ නංගියෝ...මට ලැජ්ජාවෙ බැරුවා එහෙම වුණොත් නම්...හික්ස්)

      අසංක...

      Delete
    2. ආ............... ඔන්න මං චන්දනට කඩේ යනවාලු ඈ..............

      Delete
  10. දැනට මෙහෙම්ම ඉඳල තව ටිකක් වයසට ගියහම ඕක තේරුම් ගන්න උත්සහ කරලා බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. එ් කියන්නේ ජීවන තිරිහන් වෙන්න වගේ ට්‍රයි එක.... හරි හරි කරලා බලමුකෝ...................

      ආ අනික කවදාද ඔය වයසට යන්නේ................????

      Delete
    2. දහඅට සන්නියේ නටාගන්න බැරිවෙච්චි ටිකක් තියෙනවා. ඒ ටිකත් නටලම බන භාවනාවක් ගැන හිතන්න තමා අදහස

      Delete
    3. ඒකත් නරකම නැහැ ජීවන.............. කරලාම බලමුකෝ............

      Delete
  11. ජීවිතේ දුකයි මචං..මේ දේවල් අපි තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි බං..

    ReplyDelete
    Replies
    1. ඇයි උමේෂ් ඒ තරම් වයසට ගිය කෙනෙක්ද??? නමෙන් නම් එහෙම එකක් පේන්නැහැ..................

      Delete
  12. කවි ටික සුපිරියි.හැබැයි පින්තූරෙ දැක්කහම නම් කවි කියන්න බැරි අයටත් කවි කියවෙනව හික්ස්
    ලස්සන කියන්නෙ තාවකාලික මායාවක්.එය සොබා දහම විසින් කරන රැවටිල්ලක්.ජාන ඉදිරියට යවන්න දෙන අල්ලසක්.පාරිභෝගික සමාජෙ මේ වගෙ දේවල්වලට ව්‍යාජ තත්වයක් ආරෝපනය කරනව.
    ඒ පස්සෙ හැල්මෙ දුවනව. ලැබෙන දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන යකා.............

      කතාව ඇත්ත. අපි වෙළද පොළ ක්‍රමය විසින් ගිලගෙන ඉවරයි... අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපේ ජීවිත තීරණය කරන්න නෙමෙයි. ඔවුන්ගේ නිර්මාණයන් කොයි විදිහට පාවිච්චි කරනවාද කියලා හිතන එක විතරයි........ අපි ඒ තරම් අනුන් විසින් මෙහෙයවන ජාතියක් වෙලා. ස්තූතියි යකා.................

      Delete
  13. විශිෂ්ට නිර්මාණයක් ...

    සදා නොවෙනස් වෙන , ඒත්, බහුතරයක් දෙනා පිළිගන්න අකමැති සත්‍ය ඉතාමත් අපූරුවට කවි කරලා තියෙනවා.

    @අසංක : දැන් ඔබතුමා හිතන්න එපා, ඔබගේ නිර්මාණ මගහැරලා මේකට කමෙන්ට් කරනවා කියලා, මමත් ගොඩ දවසකිනුයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං එහෙම කිව්වට පස්සෙ නම් මට හිතෙන්නේම සඳරු මාවම මගහැරියා කියලමයි...හික්ස්...විහිළුවට කිව්වෙ සඳරු...අපි කවුරුවත් එහෙම හිතන්නේ නැහැ...අපේ කුරුටු ගෑ ගී පවුරේ ඕනම වෙලාවක ඕනම කෙනෙකුගේ නිර්මාණ වෙනුවෙන් කමෙන්ට් කරන එක අපි හැමෝටම ලොකු හයියක්...පුළුවන් වෙලාවට මේ පැත්තෙ නිතරම එන්න...

      අසංක...

      Delete
    2. ස්තූතියි සඳරු,

      පුළුවන් ෙවලාවට ෙම් පැත්තට අැවිත් අපිව දිරිමත් කරනවාට........

      Delete
  14. අසංක

    යථාර්තය ඕක තමයි ඉසුරු...අපේ මේ සමහර මෝඩ තකතීරු පුස් නෑම්බියන්ටයි ගොන් වහන්සේලාටයි තේරුම් ගන්න බැරිවුණාට...ජීවිතේ හරිම පුහු දෙයක්...මේ ඉන්න ටිකට සිරුරට වද දිදී කිසි තේරුමක් නැතුව නඩත්තු කරන්න බහුබූත නටනවා...හැබෑ ලස්සන තියෙන්නේ ස්වභාවිකත්වයේ සහ හදවතේ කියලා තේරෙද්දී හොට බිම ඇනිලා ඉවරයි...මනුස්සකම තියේ නම් ඔය මොන ආලේපයක්වත් නැතුව හරිම ලස්සනට ප්‍රසන්නව වයසට ගියත් අපූරුවට හිටිය හැකි...මම දැකලා තියෙනවා ඕන තරම් ඒ වගේ ලස්සන මිනිසුන්... ඒ වගේම මම මේ ගමෙන් පිට ඉඳන් කරන රැකියාව හින්දා ඔය කිව්ව වගේ පුහු දේවලුත් ඕන තරම් පේනවා...ඒවයෙ බොරුව හොඳට දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. අයිය මොකෝ තරහින් වා...ගෙ ? ;)))

      Delete
    2. තරහක් නෙවෙයි නංගි...ඇත්තටම බැලුවොත් අනුන්ගෙ ඔටෝ අපිට මොටෝ කියලා නිකම්ම ඉන්න බැරියැ...වැඩේ තියෙන්නෙ මොකක් හරි අවුලක් දැක්කම අපිට ඩෝං යන එකනෙ ඒක අපිට අදාළ නැතත්...ඒත් ඉතිං අනුන්ගෙ හොඳට තමයි මේව කියන්න යන්නෙ...තේරුමක් නැති පුස් දේවල් දැක්කම එහෙම හිතුණ හින්ද කිව්ව මිසක් පුද්ගලික තරහක් නම් කොහෙත්ම නෑ...කවුරු වුණත් බොරුවක් පස්සෙ යනව නම් පව්නේ...ඒකයි මෙහෙම ආවේගශීලී වුණේ...හික්ස්...

      Delete
  15. පෙර නිමිති සිව් නොවේද සිව් අත
    බැලු බැලූ කල නුව නෙතට නොගැටෙන
    කලකිරින්නේ කවුරුන්ද මේ දැක
    බලන් කෝඳුරු වසුරු පිඩ මත

    හීන අහුලන අකුරු අතරේ
    බලන් හිස්පිටු සරණ නගරේ
    කමටහන් තව මොටද මිතුරේ
    නිවන ඇත අපි අපිම අතරේ

    ReplyDelete
    Replies
    1. අන්න සොමියා.................

      ලස්සන කවියක්........... ඇත්තට ම ස්තූතියි අදහස් එකතු කරාට විශේෂයෙන් ම කවියෙන්...................

      Delete
  16. ලස්සන වෙන්නට අපි කවුරුත් ආසයි
    එක එක දේ මුණේ උලනුයේ එකයි
    එනමුත් වැඩ වරදිනවා නොම ඇතයි
    එසේ වූ දාට සැමටම අබ සරණයි

    ReplyDelete
    Replies
    1. නියමයි........... මනෝජ්................ නියමයි.................

      ලස්සන කවිය............ ඇත්තට ම හරිම ලස්සනයි............ ලියමුකෝ කවි ටිකක් මේ විදිහට ම .......................

      ස්තූතියි අදහස් දැක්වීමට

      Delete
  17. ඇත්ත,
    නමුත්....
    ජීවිතය ගැන ඕනවට වඩා කළ කිරෙන්න එපා. එයත් ජීවත් වෙන්න භාධාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මලා..................

      හැබැයි ප්‍රශ්ණය තියෙන්නේ අපි මේකේ සීමාව නොදන්න එකයි. අපි හැමවෙලාවෙම අසීමිත ව ආශාවන් පස්සේ දුවනවා... අවසානය හෝ නැවතීම කොතන ද කියලා අපිම දන්නේ නැහැ....................

      Delete
  18. කවිය අමතක වුනා පින්තුරේ බැලුවම , ආපහු කවිය කියෙව්වා ,එත් බලන්න හිතෙන්නේ පින්තුරේ , ඒ කියන්නේ කවියෙන් කියවෙන දේ අපි තේරුම් ගන්නෙම නෑ

    ReplyDelete
    Replies
    1. ඉවාන්..................

      ඕක තමයි ඇත්ත. ලස්සන විසින් අපේ ඇස් රවට්ටනවා... ඇස් විතරක් නෙමෙයි අපිත් රැවටෙනවා. අන්තිමට අපි ඇත්ත දැක්කත් ඒක ඇත්ත කියලා පිළිගන්න කැමති නැති වෙනවා... ඇත්ත ඕකයි.................

      ඇත්තම කිව්වාට ඇත්තට ම ස්තූතියි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...