Sunday, March 6, 2016

අහවල් වැඩේ කොරන්නේ නැත්තං - ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ...............



ළමයෙක් කෑම බෙදා ගත්තාට
ළගින් හිටියාට, එකට කෑම කෑවාට 
ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ.................

ඔය කිව්වාට කෙළ ගෑවුණාම
ඒඩ්ස් බෝවෙනවා කියලා කිව්වා
අල්ලපු ගෙදර සිමියොංගේ පවුල...... එන්සිනා.............

ළමයෙක්ගේ ගෑවුණාට ඇතිල්ලුනාට
ඇදුම් වලින් හරි වැසිකිලි වලින් හරි
ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ................

ඔය කිව්වාට ළගින් ම ඉන්න එකාගෙන්
බෝවෙන්නට පුළුවන් ය කියලා කිව්වා
උඩහෙ ගෙදර ලොකු මල්ලිගේ පුතා....... දර්සන..............

අහවල් වැඩේ කොරන්නැත්තං
උගෙන් කිරි බොන්නෙත් නැත්තං
ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ...............

දැන්කාලේ එවුන් විස්වාස කොරන්න බෑ.
ඒවත් වෙන්න බැරි නෑ කියලා කිව්වා
දුවගෙ පන්තියේ උගන්නන ටීච........ සකුන්තලා...........

හරි ඔය මෙකෙන් බෝවෙනවා කිව්වත්
ඔය අහිංසක පොඩි එකාට ඒඩ්ස් නෑ කියලා
දොස්තරලා කියනවා යකුනේ...................

බුදු අම්මෝ වම් දණිහට දකුණ කපන උන්
කන කිව්වා ම නහය සුද්ද කරන උන්
දැන් විස්වාස ම නැති ජාතියක් තමා ඔය...... දොස්තරලා......


කසුප් අනුරාධ



පසු සටහන -

HOW IS HIV SPREAD?

You can get or transmit HIV only through specific activities. Most commonly, people get or transmit HIV through sexual behaviors and needle or syringe use.
HIV is not spread easily. Only certain body fluids from a person who has HIV can transmit HIV:
  • Blood - ලේ
  • Semen (cum) - ශුක්‍ර
  • Pre-seminal fluid (pre-cum) - ශුක්‍ර තරලය
  • Rectal fluids - ගුදීය තරලය
  • Vaginal fluids - යෝනි තරලය
  • Breast milk - මව්කිරි
These body fluids must come into contact with a mucous membrane or damaged tissue or be directly injected into your bloodstream (by a needle or syringe) for transmission to occur. Mucous membranes are found inside the rectum, vagina, penis, and mouth.
If you think you may have been exposed to HIV, get tested. You can get tested at your healthcare provider’s office, a clinic, and other locations. You can also get a HIV home test kit from your local pharmacy. Use the AIDS.gov HIV Testing and Care Services Locator to find a testing site near you.


මේ සම්බන්ධයෙන් තිබූ තවත් වැදගත් සටහනක් - http://anithkona.blogspot.com/2016/03/blog-post_10.html


.

64 comments:

  1. ඇත්ත තත්වේ බොරු ආටෝප නැතිව ඇනෙන උන්ට ඇනෙන්නම දීලා....අගය​න්න ඕන වැඩක්...පස්ට ය !!

    ReplyDelete
    Replies
    1. මේක පනස් පාරක් විතර කප කප ලිව්වා බං... කොච්චර ලිව්වත් මදි හිතෙනවා... ඒ තරං මෝඩ චූන් එකක්නේ බොල මේක....

      Delete
  2. ඇත්ත තත්වේ බොරු ආටෝප නැතිව ඇනෙන උන්ට ඇනෙන්නම දීලා....අගය​න්න ඕන වැඩක්...පස්ට ය !!

    ReplyDelete
    Replies
    1. යකෝ කම්මලේ සින්ඩ්‍රෝමය හැදිලාද කොහෙද ...??? වම දකුණ අවුලක් නැති නිසා ළගම ඇති රෝහලට යමං...

      Delete
    2. හිකිස්....ඩබල් වැදුනු පලියට රෝහලට ගාටන්ට ඕන නෑ ආයුබොවන්ඩ​...මොනවද අනේ...සූටි mistakes අප්පා සූටි mistakes...අර අපි හැමෝටම වෙන ජාතිය​...අන්න ඒක කුරුටු මහත්තයා....ජය වේවා! මෝඩ චූන් නෙවෙයි බොල​ කවිය එලකිරි අනේ...

      Delete
    3. හරි හරි.............. කම්මල් කේස් එක නැත්තං එච්චරයි. මෝඩ චූන් කිව්වේ බොසා දැන් බලන්න මේ රටේ තියෙන ජාති. එහෙන් දනිස්සක් කපලා, අනික් පැත්තෙන් ළමයෙක් පාසලට යන්න විදිහක් නෑ, අධ්‍යාපන ඇමතිත් හිල් ටික වහගෙන ජනාධිපති පාසල් දෙන්න යනවා, අරෙහෙන් පොහොර ඉල්ලනවා, අනික් පැත්තෙන් පක්ෂ හදනවා, මේවා දැක්කා ම නිකං ලැජ්ජා හිතෙනවා වගේ එකක් එක්ක පොඩි කිති ගතියක් පවා දැනෙනවා අෆ්ෆා............. ඇයි මන්දා.............

      Delete
  3. ඒ වුනාට කුලියාපිටිය බෝහන්දිය පැත්තට ගියොත් එහෙ තියන මොලේ ඒඩ්ස් කියන අලුත්ම රෝගය බෝවෙනවා. වයඹ අජ්ජපාන ඇමැත්ත තුමාටත් ළඟදී හැදුනා එහෙ ගිහින්.

    ReplyDelete
    Replies
    1. මේ AIDS වුණාට ඒවා කියන්නේ ADS(ඇඩ්ස්) කියලා විචා මාමේ.....

      Delete
    2. @ විචාරක තුමා ..

      අකිල විරාජ් කියන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සුපිරි විද්‍යඥයෙක්. ඔහු තමා සොයාගෙන තියෙන්නේ AIDS වැළඳුණු මව අසළ නිදියන දරුවාටත් AIDS වැළ‍ඳෙන බව. මං හිතන්නේ මෙහිදී සම්ප්‍රේෂණය වෙන්නේ ප්‍රාශ්වාස වායුවෙන් වෙන්නැති. එවන් විශිෂ්ඨ සොයාගැනීමක් කළ ඔහුව අගය නොකර මොනවද මේ කියන පිස්සු කතා..?

      Delete
    3. අම්මපා සදරුවෝ............

      ඔය දරුවාගේ මානසිකත්වය දැන් කොහොම ඇත්ද???? හරියට මහපාරේ තියලා රෙදි ගලවලා දූෂණය කරා වගේ දෙයක් නෙවෙද කරලා තියෙන්නේ.... අර ඒ ළමයින්ගේ ගේ ඉස්සරහා අන්ත්‍රාවයි කියලා ගහපු එකාගේ අහවල් එකෙන් අල්ලලා හිරේ දාන්න එපැයි. යකෝ මේ තමා ළමා අපයෝජනය........ ළමයින් අමු අමුවේ දූෂණය කිරීම. ඔය පාසලේ අනික් දරුවන්ගේ අම්මලා තාත්තලා ටිකට ආයෙම වෙනම පන්තියක් දාලා පෙර පාසල් අධ්‍යාපනය ඉදලා ම දෙන්න කියලත් මතක ඇතුව කියන්න වෙනවා..... අම්මපා මේක ලංකාව හින්දම හොදයි....

      Delete
  4. සුපිරියි කසුප් ...! වටේටම නෙළලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. මෙච්චර ලිව්වත් මදි කියලමයි හිතෙන්නේ.... තාම අත් කකුල් නලියනවා.... දැන් කොහොමත් මං පොඩි බොක්සින් ගහන අය භාවිතා කරන වර්ගයේ පුහුණුවීම් කොට්ටයක් එල්ලගන්න කියලා හිතාගෙන ඉන්නේ... ඒකෙන් ලොකු පහසුවක් වේවි ඉස්සරහට කෝපය පිට කරගන්න...... මේ බ්ලොගය විතරක් මදි කියලා හොදට ම දැනිලා තියෙන්නේ.....

      Delete
  5. ඇත්තට කෝ අර ඇම්බියුලන්ස් එපා කියන පිස්සු දොස්තරලා...

    ReplyDelete
    Replies
    1. වම දකුණ දොස්තරලා විතරක් නෙමෙයි බං අර කලින් ආණ්ඩුව තියෙන කාලේ උඩ පැනපු මානව හිමිකම් අයියලා අක්කලා ටිකයි, ළමයින්ගේ කලිසං රෙද්ද අල්ලං උඩ පැනපු සර්ලා මැඩම්ලා ටිකයි, විකිල අරාජ් ලොකු මල්ලියි කට්ටියම අර කාලයක් සරං ඇදල් ඔලුවෙන් හිටගෙන හිටපු ළමා රක්ෂක අධිකාරිය ද මොකක් ද කියන කෙහෙම්මලත් එක්ක පොහොර උරයක දාලා කට ගැට ගහලා මුහුදට විසික් කරලා දැම්මානං හිත සුද්දයි...

      Delete
  6. ළග නිදා ගැනීමෙන්ද ඒඩ්ස් බෝවීමට ඉඩ ඇත.
    මීට සිරි ලාංකාවේ ඉස්කෝල ඇමති

    ReplyDelete
    Replies
    1. යකෝ මේ කතා වලට අම්මා ඉවසං ඉන්නවා පුදුමයි..... වෙන අම්මෙක්නං ගහලා දනිස් පොල්කට්ට පනින්නම....

      Delete
  7. අමමට සිරි ලංකාව +++++++++++++++

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා.......... අම්මට සිරි සිරි ලංකාව....

      Delete
  8. අර කෑගහපු කට්ටියට අර ඒඩ්ස් හැදෙන එක විදිහක් (ගුදීය තරලය ක්‍රමය) කරලා පෙන්නුවා නම් හොඳයි. හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්............

      ඔය ළමයි කියන්නේ පොඩි දේටත් හිත් බය වෙන පිරිසක්. ඒක දරුවාගේ අනාගතයට බොහෝ දුරට බලපානවා. දැන් ඔය දරුවාගේ ඔය අත්දැකීම මහා දරුණු බලපෑමක් කරනවා ෂුවර්... ඒ විතරක් නෙමෙයි මේ සිදුවීම හරහා අනික් ළමයින් තුළත් තම දෙමාපියන් ගැන සැගවුණු සැකයක් ඇති වෙනවා. ඔය උඩ පනින දෙමාපියන් ඒක දන්නෑ... එ්ත් හොදට හොයලා බැලුවොත් ඒක තේරෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවන්ට පාසල ගැන ගුරුවරු ගැනත් සැගවුණු බියක් ඇති වෙනවා. මේවා දරුවන්ගේ අනාගතයට බලපානවා. විශේෂයෙන් ම ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට.... ළමා විය කියන්නේ සමස්ථ ජීවිතයේ ම පදනම.....

      මං හිතන්නේ මේක ගැන ට්‍රාන්ස් එහෙම තවත් පැහැදිලි ව විස්තර කරාවි...

      Delete
  9. ගොඩක් හොදයි කුරුටු කියන්න තියන දේ කෙලින්ම කියල දාල....නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්මි අදහස් දැක්වීමට සහ සහය දීමට... ජය

      Delete
  10. අද දවසේ දැන ගතයුතුම “ඇත්ත“ ලස්සන නිර්මාණයක් ලෙසින් සටහන් කළාට ස්තුතියි . දැන ගත යුතුම වැදගත් දෙයක් වන්නේ “හදුනාගත් ආසාදිතන්ට වඩා“ තවමත් හදුනානොගත් “HIVආසාදිතයන්“ සෑහෙන ප්‍රමාණයක් ඉන්න පුළුවන් . විශේෂයෙන්ම අපේ වගේ රටවල . ඒ නිසා මේ “විකටයින්“ කරන කියන දේ අනුව හැම කෙනෙක්ම වෙන වෙනම පොලිතින් බෑග් ඇතුලට වෙලා ජීවත් වෙන්න වේවි. මේ සිද්ධියට අදාල එක් ලිපියකින් නවතින්නට ගියත් , ඇමතිවරු දෙන විනෝදසමයන් නිසා ලිපි දෙකින් නතර කළා. අපි අපේ අදහස් , හැඟීම් මෙලෙසින් මුදාහැරියත් , ඒවා අවශ්‍ය තැනට යොමු වෙනවාද කියන එකයි ගැටළුව ග
    ස්තුතියි ඔබේ ලිපිය වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඔබ හොද තර්කයක් මතු කරනවා මහේෂ්......

      හදුනානොගත් ආසාදිතයින් කියන කතාව. ඒ කියන්නෙම අපි හැමෝම ඉන්නේ අවදානම් තත්වයක. ඉතින් යමෙකුට ආසාදිතයි කියලා දන්නවානං අපි නොකළ යුතු ගණුදෙනු වර්ග එකක් දෙකක් විතරයි තියෙන්නේ.... නැතුව ඔවුන් අයින් කිරීම නෙමෙයි කළ යුත්තේ... ඔවුන්ට සහය විය යුතුයි ජීවත් වීමට...... ස්තූතියි මහේෂ් විස්තරාත්මක අදහස් දැක්වීමට...

      Delete
  11. දැනටනම් කමක් නෑ තමයි.ඒත් තව ටිකක් ලොකුවෙනකොට මොනවා වෙයිද කියලා කවුද දන්නේ?අපි ඒකාලේ කරපුවා අපිනේ දන්නේ....
    -කුලියාපිටිය ගම් වාසීන්-

    ReplyDelete
    Replies
    1. ඒක හරි......... ලොකු නෙමෙයි දැන් ඉන්න පොඩි උන්වත් විශ්වාස කරන්න පුළුවන්ද????
      - අැඹිලිපිටිය පොලීසිය -

      Delete
  12. ඔන්න ඕක තමයි සහතික කරන ලද සත්‍යය

    ReplyDelete
    Replies
    1. අනිවා විභි........ වෙන ඉතින් මොනවා කියන්නද මේවාට...

      Delete
  13. මටත් මේක කියවද්දි කල්පනා උනේ! දැං මේක හුලඟෙං බෝවෙනවනං අැයි මේ කට්ටිය මෙච්චර කලබල වෙලා. මං කිව්වෙ (උං හිතං ඉන්න විදියට) පොඩි එකාට AIDS නං, උෟට බෝවෙන්න අැත්තෙත් හුලඟෙං නෙ! :D

    ReplyDelete
    Replies
    1. අම්මපා............. තම තමන්ගේ උන්ටත් ඒ හුළග වැදිලා නැතෑ.....

      Delete
  14. අඬන්නට කඳුළක්
    සුසුමකට මොහොතක්
    කියන්නට අකුරක්
    හිමි නැත්තෙ ඇයි මට විතරක්?

    සුදෝ සුදු ඇඳුමක්
    ඇඳන් ඉන්නා එකත් සතුටක්
    අලුත් පොත් ගොඩකුත්
    කියවන්න බැරි ඇයි මට විතරක්?

    පිට්ටනියේ පුරාවට
    මටත් ආසයි දුවන් යන්නට
    අතින් අත අල්ලගෙන
    යන්න කෝ අනෙ යාලුවෙක් මට?

    රෑ තිස්සෙ ඉකි ගසන
    අම්මගෙ කෙඳිරිය
    දෙය්යොවත් නැහැ අහන් ඉන්නේ
    අපිම විතරද පව්ම කෙරුවේ?

    තිබහකට වතුර ඩිංගක්
    බත් කන්න හාල් චුට්ටක්
    ලියන්නට මටත් පෑනක්
    නැතිද "දානය" මටත් උරුමේ?

    ඇහෙන නෑහෙන හඬින් දෙස් දෙන
    නැන්දලා අනෙ කියනවද මට
    අප්පච්චි මගෙ ලොකුම වීරයා
    මාත් මැරුණේ නැත්තේ කොහොමද?

    " මගේ එකෙක් නම් දන්නවා මං
    කරන දේ මම හෙමින් ඕකට"
    අනේ නැන්දේ කීයන්නේ ඇයි
    මැරෙන්නද අපිටත් කියන්නේ?

    බුදුන් වැඩි මේ සිහල දේශයේ
    පෑ දයාවට ඉඩක් නැතිමය
    කර වටක් පන පිටින් වළලා
    ගල් ගසා මැරුවත් සැපක්නෙ?

    http://nihandasiththaraawi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දුටුමි දුටුමි............. නිර්මාණය අගෙයි... මෙතැනටත් ගෙනැත් කමෙන්ටුවකට එකතු කරාට තවත් ස්තූතියි

      Delete
  15. Replies
    1. ස්තූතියි ඉන්දරේ........

      Delete
  16. මරු වැඩක් බං....මුහුනු පොතටත් ශෙයා පාරක් දුන්න....ජය ජය

    ReplyDelete
    Replies
    1. අනිවා රසික............

      කියන්න තියෙන දේ කියන්න එපැයි නේද?????? මේක හොද වෙලාවක් ජනතාව අතරට මේ ගැන දැනුම පොම්ප කරන්නට... ජය

      Delete
  17. ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය නෙව...

    ReplyDelete
    Replies
    1. අමුම අමු අමුතු ඇටය ලයියා.................

      Delete
  18. මොකක්ද බං අහවල් වැඩේ කියන්නේ ? :P

    ReplyDelete
    Replies
    1. හුස්ම ගැනීම

      ඒක නෙමෙයි අර කුලියාපිටියේ ප්‍රාඥයෙක් ඉතාලි ගියානේද?
      කෝ දැන්?

      Delete
    2. @ ඉවාන්............

      ඒක කියන්න තරම් උඹලා වයසින් වැඩිලා නැහැ. අනික් ඒක තේරුම් ගන්න තරම් මොලේ වැඩිලත් නැහැනේ....ඒක නෙමෙයි මේ දවස් වල බිසී ද ,,,,????? 26 වෙනිදා කියන පොරටෝක් ටික කටපාඩම් කරනවාද?????

      @ ප්‍රා..........

      අන්න උත්තරේ...... ඒක තමා අහවල් වැඩේ.... අහවල් වැඩේ කියන්නේ අහ වල් වැඩේ කියන එක බං... මේ ඔය කුලියාපිටියේ උන්ට ළමයි හම්බෙන්නෙත් හුළගින් ද කොහෙද බං.... අපේ ඇමැට්ටත් හම්බෙලා ඇත්තේ හුළගින් ප්‍රෙරා්හණය වෙලා ද කොහෙද?????

      Delete
  19. මේක ගැන මෙහෙම කිව්ව එක හොඳයි කසුප් අයියේ.. මාත් හරිම සංවේදී වුනා මේ ප්‍රශ්නේ ගැන. ඒත් මේක රටේ තියෙන වරදක් නෙමෙයි මිනිස්සුන්ගෙ ආකල්පවල තියෙන අවුලක්.ආත්මාර්ථකාමී කුහකකම

    ඉස්සී

    ReplyDelete
    Replies
    1. කවුද මේ ඉස්සී....

      Delete
    2. උඹ දන්නෙම නැහැ........ බබානේ........... ඇයි බං දුරකථනය උස්සන්නැත්තේ මං බීලා කියලා හිතුවාද???????

      Delete
  20. ඇයි මෙහෙම වෙන්න බැරිද??

    ReplyDelete
    Replies
    1. අපි බෑ කිව්වේ නැහැනේ අයියේ.... ඇයි ඉතින් මේ තරහා අරන්.....????? 

      Delete
  21. පට්ට...

    විශ්වාස කරන්න බැරි එකෙක් තමයි ඔය කසුප් අනුරාධයව

    ReplyDelete
    Replies
    1. ඌ දොස්තරකෙනෙක් නෙව බොල කොන්දොස්තර කමකටවත් සුදුසු නැති එකෙක්........

      Delete
  22. අන්තිම කවියනම් පට්ටයි. හික් හික්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ................. ලලිත් සහෝ...

      Delete
  23. මේ දරුවාට ස්කෝලයක් දෙන ගමන්ම හෝඩියේ පන්තියට අධ්‍යපන ඇමතියාවත් ඇතුල් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව......... මොනවා වුණත් මේ ළමයා නිසා රටම ඉගෙනගත්තු පාඩම් ගොඩක් තියෙනවා මනෝජ්....... ඒ අතින් ඒ දරුවා කවදා හරි සතුටු විය යුතුයි.....

      Delete
  24. හරිම සංවේදී සිද්ධියක්...
    සාක්ෂරතාව ඉහලයි කිව්වට මේ රටේ මිනිස්සුන්ගෙ දැනුම ගැන නම් දුක හිතෙනව....

    ReplyDelete
    Replies
    1. දියෙහි ඇදි සිත්තම් පැත්තටත් ගියා... ඒ සිත්තම පාට කරගත්තා නං හොදයි නේද,,??????

      මොනවා වුණත් අපේ කට්ටියගේ සාක්ෂරතාවය ගැන හැබෑම තත්වය දැන් පේනවානේ...

      Delete
    2. මට හිතෙන්නේ ඔය සාක්ෂරතාවය මැනලා තියෙන්නේ බස් වල බෝඩ් කියවන එකෙන් වෙන්න ඇති කියලා.

      Delete
    3. ඒකත් හරි............ ඒත් ඉතින් හැබැයි අපි දකුණ වම කියවගන්න බැරි ජාතියක්....

      Delete
  25. සහතික ඇත්ත. ඒඩ්ස් හැදෙන්නේ ලිංගිකව සහ මවගෙන් දරුවාට පමණයි. එහෙම නොවෙනවා නම්, බස් ඒකෙ කෝච්චියේ එහා පැත්තෙන් ඉඳගන්න එකාගෙනුත් ඔයි තමුසෙට ඒඩ්ස් තියනවද කියල අහල ඉඳගන්න වේවි.

    ReplyDelete
    Replies
    1. කමෝන් අගහරුවා..............

      ඔය තියෙන්නේ කතා..... ඔය කෑ ගහන කට්ටිය කී දෙනෙක් ඒඩ්ස් ආසාදිතයින් ළගින් වාඩි වෙලා ගෑවි ගෑවි ගිහින් ඇත්ද??? මොකද ආය බෝඩ් ගහගෙන ඉන්නවා යෑ.....

      Delete
    2. ඇයි බං හෝටලේකට ගිහින් ටී එකක් බොන කෝප්පේ කී දෙනෙක් පාවිච්චි කරලා ඇතිද ?.

      Delete
    3. පොදු වැසිකිලි............ අමාරු වුණාම මොන ඒඩ්ස් ද බං..

      Delete
  26. අර ඉංදියාවෙන් එනව කියන සෙට් එකත් එක්ක පාර අයිනෙ දත් ගලෝන එකෙකුයි රවුල කපන එකෙකුයි ගෙනල්ල මුළු ගමම උන් දෙන්න ලඟට පෝලිමේ යවන්න ඕනෙ.. එදාට තේරෙයි මුන්ට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒඩ්ස් හැදෙයි කියලා නෙමේ බං අපි බය වෙන්න ඕනේ.... මේ යන විදිහට බය වෙන්න හේතු ඕන තරම් තියෙනවා...

      Delete
  27. මේ දවස් වල නම් කතා කරන්න මාතෘකා එමටයි. මේ එකක් ... මේ දේත් හොඳ විදිහට විසඳේවි කියල හිතනව.

    ReplyDelete
  28. මේ ලිපිය දැක්කේ නැහැ. බිසී වැඩි නිසා එන්න බැරි වුණා. හොඳයි. අර ඒඩ්ස් ගැන ලියවිල්ලත් සිංහලෙන් දැම්ම නම් තවත් හොඳයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...