Wednesday, March 30, 2016

නොසිඳෙන ආශාව...



ඈත මෑත සොයමි නිතර
හද ඇඳි රුව ඇතිද කියා
වරෙක මහත් වෙහෙසකි මට
එකම රුවක් මදිය කියා

මේ ලැබුණා දැන් ලැබුණා
කියා සිතට සැනසුම එයි
ඒත් සැනින් නිමේශයෙන්
ඊට වැඩිය රුවක් මැවෙයි

එකම පෙමක රැඳුනු සිතක්
සතුටු සිතින් හිඳිනු කෙසේ
එයද මහත් පැනයකි මට
සලකන විට වෙනස් රසේ

සනසනු බැහැ මගේ සිතත්
තිබහට ලුණු දිය බිව් සේ
ගහෙන් ගහට පනින්නටයි
හිත කියන්නෙ හැම මොහොතේ

සංස්කෘතිය සභ්‍යත්වය ආගම හා ලැජ්ජා බිය
පසුපසටම අදිනු වගේ මගේ නොතිත් ආශාවම
ඒත් අනේ කෙසේ කියා අමතක කරනට හැකිවෙද
මගෙ සුන්දර අන්තඃපුර සිහින රාජ මාලිගාව

-අසංක ගයාන් අබේසිංහ-

103 comments:

  1. මුට අන්තඃපුරය ක් දාගන්න ද දැං ඕන වෙලා තියෙන්නෙ
    කෝ අප්පේ අර කුරුට්ටි.. හැක්..
    අද නං අසංකය හොද බෝතල් පාරක් කනව ලෝස් නැති වෙන්ට.
    හිහි......
    ඕක නං හොඳ ලෙඩක් නෙවි ගොයියෝ. ටොකු කාලම දිවියලෝක ගත වෙන්න වෙන කතාවක් හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. හැබැයි මේකයි හිතේ තියං නොයිද ඕක කියල දැම්ම එකත් හොදයි ගෙදර අයට බොලා ගැන ඇහැගහං හිටියෑකි
      හැක්

      Delete
    2. මෙම පෝස්ටුවේ පිදුම - මහේෂ් රත්නායක සූරීන්ට...(කලින් කියන්න අමතක වුණානෙ බොල )...හැහ්...හැහ්...

      බෝතලෙකින් දිවිය ලෝකෙ යන්න තියනවනං හප්පා...දැන් කොහිද එහෙම ඉඩක්...දැන් අපේ උන්දෑ මම වතුර බිව්වත් චැක් කොරනවනෙ හයියෝ...

      Delete
    3. මහේෂය හොද එකා....උට ගෑල්ලමයෙකුට වැඩිය ශීට් එක වටිනව නේද බං...

      Delete
    4. නෙලුං පොකුණෙදි කුරුට්ටො ටික මහ‍ේෂයව බදාගත්තයි කියන එක ගැන සැකයක් උපදී. හැක්...

      Delete
    5. හත්තිලව්වයි ප්‍රසා අයියා කුරුට්ටෝ ටික කියන්න එපා... එතැන අපේ කුරුට්ටියෝ තුනක් ම හිටියා නොවැ....... ආය මහේෂයාට ලැජ්ජා හිතෙයිවත්....... හැක්

      Delete
    6. ආ............. අහන්න බැරි වුණානේ ප්‍රසන්න අයියා කවුද දැන් නෙලුම් පොකුණට ගියේ...... හැක් හැක් හෑ............. ප්‍රසා අයියාට වැරදුණා.... හහ් හහ් හා......... මෙන්න වරෙල්ලා..... නෙලුම් පොකුණක් ගැන කියනවෝ..... ප්‍රසා අයියාට ලූස්මෝෂන් හැදිලෝ..................

      Delete
    7. මං හිතුවෙ නෙලුං යායවල් තියෙන්නෙ නෙලුං පොකුණුවල කියල. කවුද දන්නෙ උඹල ගොයං නෙලන්න ගියා කියල. හැක්..

      Delete
    8. අලේ මන්දා ඉතින් දැන් ඔය එක එක කතා කිව්වාට වැරදුනානේ.... හා නෑ කියනවද???? හා ඇත්තම කියමු බලන්න.......

      Delete
    9. දෙමල නයන්නට වැරදුනේ නැහැ උබලට මතකද කියලා බලන්න තමයි ඌ එහම කිව්වේ

      Delete
    10. උඹත් කියනවානං අපි පිළිගන්නංකෝ.... ඒත් හිත කියන්නෙම ප්‍රසා අයියාට වැරදුණා කියලා තමා.... හැක්

      Delete
    11. අන්න හරි මෙන්ඩො. මුං අාෆ්ටර් නෙලුමෙ කරපු දේවල් වල හැටියට ගියේ කොහෙද කියලවත් මතක තියේද බලන්න එපැයි. අර ශ්‍රංගයට ඌ බයිට් එකට කෑවෙ මොනවද කියලවත් මතක නැති වෙලා තියෙන්නෙ.

      Delete
    12. බයිට් තිබුන්නෑ..... විදානේ සුරංගයා එහෙම හිටියානේ..... ආය බයිට් මොකට ද ප්‍රසා අයියා....

      Delete
  2. ඕවා දැන් ඉතින් හීනම තමා අසංක අයියා............ මොනවා කරන්නද අපි හදිස්සි වුණාද මන්දා නේද???????????

    තුෂාර

    ReplyDelete
    Replies
    1. ඉක්මන් වෙලා නෙමෙයි , ප්‍රමාද වෙලා ... මීට වසර තුන් හාරසියකට විතර කළින් රජ පවුලක ඉපදෙන්න තිබුනා නොවෑ ..

      Delete
    2. රජ පවුලක ඉපැදිලා කාන්තාවක් හෙම වුණානං අනාථයි නේද?????????

      Delete
    3. දෙකේ ඒවා විසි හතරයිද?????

      Delete
  3. මට මගේ නොවන මගේම අන්තපුරයක් තිබුණා Bratex එකේ ...
    දුක තමයි සඳ රංජනී තාත්තට පඩි හම්බවෙනකන් කිව්වලු

    ReplyDelete
    Replies
    1. ඔය එන්නේ කස්ටියගෙම කෙරුවාව එළියට..... මෙන්ඩලා නිකං ඉදලා නෑ එහෙනං......

      Delete
  4. අසංක, වර්තමානයේ ගැහැණු / පිරිමි අනුපාතය 3/1 යි. ඒ කියන්නේ ගැහැණු ළමයි 3ට පිරිම ළමයි 1යි. ඔය කවදාවත් විවහා වෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න දෙතුන් දෙනෙක් එක්ක ගිවිසුමක් ගැහුවා නම් ඔයා ආශාව ඉෂ්ට කරගන්න තිබුනා. ☺ ☺ ☺

    මං අදහසක් දුන්නා විතරයි. මෙය ක්‍රියාත්මක කිරීමට ගොස් මුහුණ දීමට සිදුවන ගැටළුවලට ( අන්තඃපුර පිහි‍ටුවන්න ගිහින් ඉන්න එකත් නැතිවීම වැනි ) වගකියනු නොලැබේ.☺ ☺ ☺

    ReplyDelete
    Replies
    1. මේවා ලිව්වා වුණාට ඉතින් දැන් කරනවා තියා අපි කරන්න හිතන්නේවත් නැහැ....... (රහසින් - දැන් ඒවා සුම්මා බං)

      Delete
    2. අනේ නිකන් හිටහන් ඔය කිව්වට කෙල්ලෙක්ගෙන් අහපන් ගත් කටටම බැහැ කියයි

      Delete
    3. දැන් අහන්න බයයි බං......

      Delete
  5. මට හිතුවේ මදාවියාට කියපු කවියක් කියලමයි බං. හැක්

    ReplyDelete
    Replies
    1. ඇයි ආරංචි නැද්ද දේශා......... එදා සම්මාන උලෙළෙදී කියපු විදිහට මධාවියාට අන්තිමයි කිව්වා....... විදානයා තමා ඔය කතාව ඉවානයාගේ කණට දාලා තිබුණේ.... පස්සේ ඇහුවාලු ඒ කියපු විදිහ වැඩි නැද්ද කියලා.... ඌ කිව්වාලු ඒක තමා කියවුණේ ඒත් ඉතින් කිව්වට පස්සේ මක්කොරන්න ද කියලා...... දන්න විදිහට ඌට ඒ තරම් අවුලක් නැහැ..... ට්‍රැවල් කරන්න එපා කියලා විතරයි......

      Delete
    2. මම බ්ලොග් දෙක තුනකම කමෙන්ට් එකක් දැම්මා මදවිය ගැන හොයලා බලන්න කියලා
      ඌ ට මොකද බං

      Delete
    3. විදානයා ඌව ලෙඩෙක් කරා......... ඔන්න ඇත්ත....

      Delete
  6. අසංක අයියට බැන්දට පස්සෙ ආපු අදහසක් ද මේ. එහෙමනම් හිතන්න වෙනවා. අර මහේෂය කියනව වගේ බෝතල්, වලං, පිහි, හැඳි පාරක් කාල මැරෙන්න වෙනවා.
    මේක බඳින්නත් කලින් හිතුනනම්, අපරාදෙ බැන්දේ. එහෙමනම් මේ ආසාව ඉස්ට කරගන්න තිබුන නෙහ්.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම හිතාගෙන ඉන්නේ ගොඩක් දේවල් කරන්න තමා කසුනෝ...... ඒත් පතාගෙන එන විදිහද මන්දා අපි අත ගහන තැනින් ම ඒ ප්‍රාර්ථනා සියල්ල ම ඇණ වෙලා අපි නිකං අහිංසක පොරවල් වෙනවා අෆ්ෆා.......... උඔත් පටන් අරන් බලහංකෝ....... එදාට මේ කයිය මතක් වෙයි..... හැක්

      Delete
  7. මේ කතාව විහිළුවක් නෙවෙයි. ඇත්ත දෙයක්. ඕක පිරිමින්ට හිතෙන විදියටම හිතෙන ගෑනුත් ඉන්නවනේ අප්පා. ඔහොම හිතෙන පිරිමි 'පට්ට කොල්ලෝ' වෙලා, ගෑනු 'පට්ට වේ*යෝ ' වෙන්නේ කොහොමද කියල මම කල්පනා කරන්නේ..

    ReplyDelete
    Replies
    1. කවුද අක්කෙ එහෙම කියන්නෙ...

      Delete
    2. උපේක්ෂා නියම මාතෘකාවක් ගැන කියලා තියෙනවා...... ඒ කතාවට අපිත් සීයට සීයක් එකගයි... (එකග නොවී බෑනේ. දැන් අවුරුදුත් ළගයි... අපේ කුරුටු ගැන්සිය ම අවුරුද්දට ගමේදී ෆිසිකලි සෙට් වෙනවා. එතකොට බාගෙක විතර බලයක් තියෙන්නේ කාන්තා පාර්ශවයටනේ) මේ සමාජය ඒ දේවල් දෙක දිහා දෙවිදිහකට බලන එකයි අවුල. මේ කතාව ම මේ විදිහට ම විහිලුවක් විදිහට වුණත් කාන්තාවක් කිව්වානං ටිකක් වෙනස් විදිහට තමා බලන්නේ.... ඒක උපේක්ෂා එක එක කෙනාගේ බුද්ධි මට්ටම නේද?????

      Delete
    3. රසික:
      ඔයා ඉන්නේ ලංකාවේද?

      කුරුට්ටෝ:
      වරහනේ තිබ්බ ටික පොඩියට දාන්ට එපැයි. තව ඩින්ගෙන් කට්ටියට පේනවා! කොටිම්ම ඔහොම කියන්නම ඕනේ නැහැ, ඒ මාතෘකාව යටතේ කවියක්, කතාවක් හෝ වෙනත් නිර්මාණයක් කරපු ගමන් අහන්නේ 'ආ.. කොටුවක් පැන්න නෙහ් ...' වගේ දේවල්.

      මේ දවස්වල මම මේ ජාතියෙන්ම කතාවක් ගොතනවා. ( කවද වෙනකොට ගෙතෙයිද දන්නේ නැහැ මගේ නූල්බොලේ පැටලිලා හින්ද හෙහ් හෙහ්) එතැනදී බලන්න පුළුවන් තත්වේ කොහොමද කියල.

      Delete
    4. මෙහෙමයි උපේක්ෂා.......

      අපි හැමවෙලාවෙම අපිට වෙන් කරගත්තු කොටු අස්සේ ගුලි වෙලා ඉන්නවා. ඒවා අස්සේ ඉදන් අපිට බොහෝ දේවල් කරන්නට හැකි වුනාට ඒවා සීමිතයි. එයින් එහා ලෝකය අපි දකිනැති තාක් අපි ලිං මැඩියෝ.... සාර්ථක නිර්මාණකාරයෙකු නිර්මාණකාරියක වෙන්නනං ඔය සීමා කඩා දාන්න වෙනවා.... ඒක සමාජය බලන්නේ මහ අමුතු විදිහට තමා.... ඒත් ඒ සීමා කඩාගෙන ගිය අය ගොඩක් ඉස්සරහාට ගියාම ඒ අය සමාජයම මහා පොරවල් විදිහට භාරගන්නවා.... ඒත් එක කඩන්න උත්සහ කරන එකා දිහා බලන්නේ කුහක විදිහට...... මේක තේරුම් ගැනීමම ප්‍රමාණවත්...ඔබේ නිර්මාණයට අපේ සුභ පැතුම්.....

      Delete
    5. උපේක්ෂා කිව්ව කතාව හරි...ඔය දේවල් සාධාරණීකරණය කරන්න ගොතපු කතාවක් මෙහෙම කියනවා...හැබැයි මේ මගේ අදහසක් නෙවෙයි...අහපු කතාවක්

      මොකක් හරි යතුරකින් දොර අගුළු ගොඩක් අරින්න පුළුවන්නම් ඒක පට්ට යතුරක්...

      ඒත් හැම යතුරකින්ම ඇරෙන දොරක් තියනවනම් ඒක බාල අගුලක්...

      හිතලම බලන්නකෝ...

      අසංක

      Delete
    6. අසංක:
      යතුරු හදලා තියෙන්නෙම අගුලු අරින්න. ඒ කියන්නේ යතුරකින් වෙන දෙයක් (කන කහනවා වගේ වැඩක් ඇරෙන්න) කරන්නේ නැහැ නේද?

      අගුලක් කියන්නේ යතුරකින් යැපෙන කෙනෙක්, ඒ කියන්නේ යතුරක් නැතිවෙච්ච අගුලක් දෙපාරක් හිතන්නේ නැතුවම කඩනවා නේද?

      උපමාව, උපමේය එතරම්ම නොගැලපෙනවා..... කතාව ගෙතුවේ කවුරු විසින්ද කියන එක එයින්ම පැහැදිලි වෙනවා.

      Delete
    7. උපේක්ෂා මෙහෙමයි...මෙතන මම අදහසක් විදිහට කවියක් ලිව්වෙත් ඊට පස්සෙ අහපු කතාවක් ලිව්වෙත් ඒ සියල්ල හරි කියල කියන්න නෙවෙයි...ඒ සියල්ලම මට අදාළ හින්දත් නෙවෙයි...කෙනෙක්ට තමන්ගේ අත්දැකීම් වගේම අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගෙනත් ලියන්න පුළුවන්...මට සමාජයේ දකින්න ලැබුණු කිහිප දෙනෙකුගේ අදහස් දැකලයි මේක ලිව්වේ...

      මම කළ දේ කොහොම වුනත් මේ ගැන සංවාදයක් ආරම්භ කළාට ස්තුතියි...ඔබේ අදහස් වලට සම්පූර්ණයෙන් එකඟ වන අතර මේවා එළියට අරන් සමාජයේ අදහස් නිවැරදි කරන්න පුළුවන්නම් එය ජයග්‍රහණයක්...

      Delete
    8. අය්යෝ.. කවුද කිව්වේ මේවා ඔයාගේ අදහස් කියල. මම එහෙම පුද්ගලානුබද්ධව හිතුවේ නැහැ. මම කිව්වේ මේ කවියෙන් මතුකරන අදහස ගැන සාමාන්‍ය මතය. ඒ එක්කම මම ඒ දෙස බලනහැටි.

      ගණන් ගන්න එපා අය්යෝ

      Delete
    9. කව්ද අය්යෝ ඕව ගණන් ගන්නේ...අපි දන්නවා උපේක්ෂා මේ දිහාවෙ උපේක්ෂාවෙන් බලන බව...හැ...හෑ...

      Delete
    10. @උපේක්ෂා අසා ඇත... දැක ඇත....විදවනවාද දැක ඇත...හැබැයි ඔහොම වෙන්නෙ ඒ දේ එලි උනහම....නැත්තන් හැමෝම ආසයි තව මලකට ඉගිලෙන්ඩ....සමාජ වගකීම්...බැදීම් වලින් අපිව බැදල හිර කරල....ඉතින් බැදීම් විලංගු ඉවත් කරවිට එහෙම එවුන් නැත...හැබැයි රාමු තුලට බැසගත් විට වේසියෝ ද .... පට්ට කොල්ලෝද සිටිති.. (වේසියෝ වචනෙ පාවිච්චි කරාට කුරුට්ටන්ට අවුලක් නෑනෙ??)

      Delete
    11. මෙහෙමයි රසික උපේක්ෂා.....

      මිනිස්සු වුණාම අපිට නිදහසක් තියෙන්න ඕනේ... අපිට නිදහසේ ජීවත් වෙන්න අපේ තීරණ ගන්න සහ අපිට කැමති දේ කරන්න නිදහස තියෙන්න ඕනේ. නැත්තං අපි කරලා තියෙන්නේ අනුන් හිතන පතන දේ කර කර ඉදලා මිය යෑමක් විතරයි.... විශේෂයෙන් ම නිර්මාණකරණයේ දී නිදහස වැදගත්.....

      Delete
    12. අනිවාරයෙන්ම බං....නිමානකරනය ඇතුලෙ විතරක් නෙවෙයි...ජීවත් වීමේදීත් නිදහස වැදගත්...හැබැයි අපි කොටුවක් ඇතුලට වෙලා ඉන්න එවුන් කියන ඒව අහගෙන උන්ගෙ නිදහස් කියවීමෙ කටයුතු කරොත් කිසිම වෙලාවක නිදහසක් ලැබෙන්නෙ නෑ...නිදහස කියන වචනෙම තියනවනෙ මොකකටවත් හිරවෙල..ගැතිවෙල නැති බවක්.....හැබැයි අපේ උන්ගෙ නොදහස සංස්කෘතිය ඇවිත් වහනව......සබ්‍යත්වය ඇවිත් වහනව....හැබැයි අති උත්තම නිදහස් ජනතාවක් ඉන්නවලු අපේ රටේ.....අඩුම ගානෙ තමන් කැමති විදිහට ආගමක් දර්ශනයක් අදහන්ඩ අනුගමනය කරන්ඩවත් නිදහසක් නෑ...ඉතින් මචං කොහෙ නිදහසක්.

      Delete
    13. මේක තමා නිර්මාණකරණයේ දී අපි කතා කළ යුතු ම දේ. අපි කොයිතරම් හිතින් පොහොසත් වුණත් ඒවා වචන කරලා සමාජගත කරන්න බැරි නං ඒ නිර්මාණකරුවන් කොටු කරලා වැටවල් බැදලා තියෙන්නේ... ඒ වගේම ඒ සමාජයත් කොටු වෙලා වැටවල් බැදගෙන ලිංමැඩි තත්වයක් හදාගෙන තමා තියෙන්නේ.... ඒත් අපි වැටවල් බැදගත යුතු දේවල් සහ විවෘත විය යුතු දේවල් ගැන ඇත්තට ම අපිට අදහසක් තියෙන්න ඕනේ.... එක එක අය දේශපාලනික අරමුණු වෙනුවෙන් සංස්කෘතිය, සදාචාරය වගේ වචන ඉස්සරහට දාගෙන කරන්නා වූ සමාජ විරෝධී වාරණයන් ඇත්තට ම අපි හෙළාදැකිය යුතුයි... නිදහස් චින්තනයක් ඇති සමාජයක් හැමදාම ඉස්සරහාට යනවා.. අලුත් දේ අත්හදා බලනවා.. අලුත් දේ සොයා ගන්නවා....ඒත් අපි එකම තැන පල්වෙනවා.......

      Delete
    14. //නිර්මාණකරුවන් කොටු කරලා වැටවල් බැදලා තියෙන්නේ...//ඒ දේ අප විසින්ම කරගන්නා දෙයක්....ඔය කියන වැටවල් කඩා බිඳ දාගෙන යන්ඩ ඕනෙ අපිමයි...නැත්තන් වෙන කවුරුත් ඇවිත් වැටවල් ගලවල දෙන්නෑ..

      Delete
    15. උපේක්ෂා කට ඇරපන් ගල් කාලක් වක් කරන්න

      Delete
    16. මෙන්න මූ වැට කඩලා.....

      Delete
    17. ගල් හරියන්නෑ බං.....බැලැක් ලේබල් එකක් වගේ

      Delete
    18. ඇයි ගෝල්ඩ් ලේබල්....... හැක්

      Delete
  8. කුරුට්ටලාට හොද වැඩේ....හූ හූ....නහින දෙහින කාලෙ මොන කෙල්ලොද...ඕන් ඔහෙ හිටු...

    ReplyDelete
    Replies
    1. යකෝ අපි එච්චර වයසද??????? කුරුට්ටෝ අපි තමා කියලා වෙන කවුරුවත් රසිකයාව රැවුට්ටුවාද?????? අඩෝ කවුද එහෙම කරේ....... අඩෝ..... කවුද අපේ රසිකයාව රැවුට්ටුවේ.......

      Delete
    2. කුරුටු අංකල්ලා සහ ඇන්ටිලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්..:P:D:P<3:D

      Delete
    3. ආ........... මේ රසික කියන්නේ එදා අර නිදහස් සිතුවිලි එකෙන් ආපු අයගේ ළග හිටපු දරුවෙක්ද????? අනේ පුතේ නිකට මිරිකලා හුරතල් කරාට කතා කරන්න බැරි වුණානේ.... සොරි හොදේ.........

      Delete
    4. ආ............ අන්න කමියාගෙන් අහගං අපි ගැන... හැක් හැක් ....

      Delete
    5. අම්මෝ...ඇති ඇති.....ඉට්ස් ඕකේ...කුරුටු නංගිලා මල්ලිලා...

      Delete
    6. අන්න රසික තේරුම්ගත්තා...... හැක්....

      Delete
    7. අපිට තවම 24යි නැද්ද මචෝ

      Delete
    8. විසි කියලා ෂුවර් ද ??????

      Delete
  9. හැක්.. හැක්... අදනං අසංකය කනව හොඳ කෑමක්.
    මොනව උනත් ඔය ආසාව ඉෂ්ටකරගන්න තිබුන ඡංදෙ ඉල්ලුවනං.

    ReplyDelete
    Replies
    1. කඩයක් දා ගත්තොත් බැරි වෙයිද?????????

      ඒක නෙමෙයි ප්‍රසා අයියා අන්න විදානයා ෆොටෝකොපි මැෂිමක් දා ගන්න යනවා.... ජොබට ෂොට් එක වදීද දන්නෑ..... ඔන්න අපි නෑ ඕවාට හරිය.......

      Delete
    2. එහෙම උනොත් මම යනව මිනින්දෝරු වැඩේට. හැක්..

      Delete
    3. අන්න රස්සාව නං රස්සාව ප්‍රසා අයියේ.....

      ඕකේ වැඩ තියෙන්නේ සති අන්තේ විතරයි... ඒවත් ගතමනාව සෙට් වෙන ඒවා..... සතියේ දවස් පහට වෙන රස්සාවක් හොයා ගන්නත් පුළුවන්.......

      Delete
    4. කාර් එකකුත් ගනනින් මම දෙනවා තාප්පයක්

      Delete
    5. සපත්තු දෙකකුත් ගන්න වෙයි.

      Delete
    6. හත්තිලව්වයි විදානේ කාලා......

      Delete
  10. නෙලාගන්න බෑ - මගේ අත දිග නෑ

    ඒත් අනේ තව මල් පිපියං :D

    ReplyDelete
    Replies
    1. නෙලාගන්න බැරිත් නෑ. අත දිග නැත්තෙත් නෑ. මල් පිපෙන්නැත්තෙත් නෑ. ඒත් වෙන මොකක් හරි අවුලක් තියෙනවා පත්තරේ...... අම්මපා ඒ මොකක් ද බං......??????

      Delete
    2. පෙර පව්ද බං.....

      Delete
    3. නොලැබීම :D
      (පත්තරයගෙ අනිත් එක.)

      කුරුට්ටන්ටත් ලෙඩේ බෝ වෙලා. උඹලට එදා කම්මලයව මුනගැහුනද?

      Delete
    4. ඔව් බං...... උඹ ගාව ඉදලා දෙපාරක් නම කියලා අපිට කතා කරේ....... හම්බුණානේ බං....

      Delete
    5. ඇයි පත්තරයෝ උඹට ලංකාවට ආව වෙලාවේ නෙලා ගන්න බැරි වුනයි. (මේලක් දාලා ඇති පත්තරයෝ උඹට)

      Delete
    6. නෙලුවා නෙලුවා - බරටම නෙලුවා :D

      හිටු බලන්න ..

      Delete
    7. ඒකේ තියෙන ඒවා අපිටත් කියහංකෝ.............. රහසින් කමෙන්ටුවක් දාහං......

      Delete
    8. පුරේ කොල්ලන්ට ඒවගෙන් අඩුපාඩු නැහැ
      අනික පත්තරය ජෝසපියන් කෙනෙක්

      Delete
    9. අන්න පත්තරේ රෝල් කරලා.......

      Delete
  11. නෙක නෙක මල් පිපී දිලුණත් වත්ත පුරා අගේ
    පොරෝ තියන් රාක්ෂයින් සැඟව ඇතිය මලේ
    එක නිසා මේ ඔවදන් සිතට ගනින් බොලේ
    එක මලකට විතරක් පෙම් බැඳ හිටපන් අගේ

    ReplyDelete
    Replies
    1. අපි හොද අහිංසක සැමියන් හිතට ගනින් මලේ
      හිටු කිව්වොත් උලක් උඩත් හෙල්ලෙන්නෑ බොලේ
      යමු කිව්වොත් අපායටත් යනවා අපි රැලේ
      කුරුටු අපිත් මනෝ වගේ හොද කොල්ලෝ අලේ.............

      Delete
    2. නෙක නෙක මල් පිපි දිලෙන වත්ත පුරා අගේ
      දිලෙන බැතින දෙව්ලියන් සැඟව ඉදි මලේ
      එක නිසා සොයන් පමා නොවි මගේ මලේ
      මල් දාහක සුවඳ විදී වටහනු බැ අගේ

      Delete
  12. එනමුත් නෑ මම නම් ඇත්තට කරන්නේ ආදරෙ....
    ලබන්න මං හරි ආසයි කෙල්ලන් ගොඩකගේ ආදරේ... හැක්!

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම ද කිව්වේ බං........... අපි මෙච්චර වචන ගොඩක් වියදම් කරේ අපරාදේ වගේ දැනෙනවා......

      Delete
    2. පිස්සුද බං... බොරුවට කිව්වෙ.. හැක්!!

      Delete
    3. ඒක මිසක්....... අපි බය වුණ තරම......

      Delete
  13. ඔය වගේ නොහිතෙන එකෙක් හිටියොත් තමයි පුදුමෙ

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා කතාවක්...ඕවට උත්තර දෙන්න ගිහිල්ලා උපේක්ෂාගෙන් හොඳවයින් අහගන්න වෙයි...හැහ්...හැහ්...දැක්කනේ උඩ නෙළල තියන හැටි...

      Delete
    2. ඩිෂ්යැඋං..... ඩිෂ්යැඋං.!! ( වෙඩිතැබීම් )
      බහුවාහ්.... බහුවාහ්.... බහුවාහ්.... ( පයිට් )

      Delete
    3. දඩාස් බඩාස් චටාස් පටාස්............... (මනෝලාගේ ගෙවල් පැත්තෙන් හවසට ඇහෙන ශබ්ද)

      Delete
    4. උපේ වලියට එන්නේ එකෙන්ම. විචාට කියලා මල්ටි බැරල් ප්‍රහාරයක් එල්ල කරලා තමයි බෙරෙන්න වෙන්නේ.

      Delete
    5. කමියාට කියලා නැවකුත් ගෙන්නා ගම්මු...........

      Delete
    6. සභාවේ සිනා...:D:D:P:D

      Delete
    7. මං ඔන්නොහේ උපේක්ෂගේ කරාතේ මරාටි ගුජරාටි බලන් ඉන්නවලු

      Delete
    8. අන්න ගැහිලි.............

      Delete
  14. ඒ කාලෙනේ ඉන්ඩ තිබුනේ.. ඕක තමා මට කියන්න තියන්නේ මෙයාට. :D

    ReplyDelete
    Replies
    1. මේ කාලෙත් බැරි නෑ අඟහරුවෝ කරනවනං...ඒත් ඉතිං...එක්කො ඕනෙ නෑ...හැහ්...හෑ...

      Delete
  15. අපුරැයි කුරැට්ටෝ...කියන්න හිතුව ඔක්කොම උඩ අය කියලා... ;)

    ReplyDelete
    Replies
    1. ඒකනේ කිඹුලියේ...අපිට මොකුත් නෑ අලේ...

      Delete
  16. අපි හැමෝටම තියෙන්නෙ එකම ප්‍රශ්ණ

    ReplyDelete
    Replies
    1. ඒකන අලේ...අලි...අලි...

      Delete
  17. අපුච්චේ... තියෙන චපලකම නොවැ.. වෙන මොකක්ද..)))

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා අනේ...දුකයිනේ...බොහොම ස්තුතියි වැසි...

      Delete
  18. ඒ කාලෙ හිටපු රජ කෙනෙක්ද කොහෙද හැබෑටම ??

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටනම් ඕකම හිතිලා තියනවනේ හැබෑටම...

      Delete
  19. අපේ සිතුවිලි එකිනෙකාට බැඳෙන විදිහ අනූව අපේ හිතේ හැඟිම් ඇති නැති වෙන විදිහ ගැන හිතත් බුද්ධියත් එකතු කරගෙන තේරුන් ගන්න පුළුවන් නම් මේ දේ පිටට නොපෙනුනාට මේ ලෝකේ හැමතැනම වෙනවා කියල වැටහේවි, ඒ වගේම එකේ කිසිම වරදක් නැ. වැරද්ද තියෙන්නේ බලන කෝණය අනුවයි මං හිතන්නේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...