Wednesday, March 2, 2016

සුවඳ අඬගසයි හෙමිහිට මා වෙත එනු මැන හනිකට.....



කීරි ගැහෙන අතීතයක
සොඳුරු මතක දිගන්තයක
තනි වී සිටි අනන්තයක
සිත දිවයයි මිරිඟුව දැක

සුවඳ අඬගසයි හෙමිහිට
මා වෙත එනු මැන හනිකට
අවනත වී නපුරු හිතට
ළං වෙන්නට බෑ නුඹ හට

චපල වේද නුඹ ළ සිත
මතක පොතෙන් නොමැකෙන වත
මට අවනත නොවේ මනෙත
දැවටෙයි රුව සමඟ මසිත

නිහඬ රැයක අඳුරු පැයක
ලොව නැවතුනු නිමේෂයක
යළි කිසිදා නොඑන දිනෙක
සිත දිවයයි අනන්තයක
.
.
.


ඉසුරිකා උත්පලානී


.

57 comments:

  1. Replies
    1. බොහොම ඉස්තූතියි තුශානි

      ඉසූ...

      Delete
  2. කවිය ලස්සනයි ඉසුරි...............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාංචනා අක්කේ.....

      Delete
  3. ලස්සන කෙල්ලෙක්ගෙ පින්තූරයක් දැම්මම කවියට යන්න ඕන හිත ඒකට යනවනේ ඉසුරිකා.2nd verse //අවනත වී නපුරු හිතට// කියනවට වඩා 'අවනත වී බොලඳ හිතට' කිව්වනම් වඩා හොඳයි කියා සිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔබේ විචාරය සතුටින් භාරගන්නවා ඉයන්...ස්තූතියි

      Delete
  4. Replies
    1. ස්තූතියි ගිම්මි......

      Delete
  5. මටනම් ලස්සන "ඉසුරිකා උත්පලානි" කියන නම

    ReplyDelete
  6. හා ඉසුරිකා බොහොම කාලෙකින්. කොහොමෙයි?

    ඉඳලා ඉඳලා ඇවිත් අගේ ඇති කවියක් ලියලනෙ. නියමයි ඈ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කසුන් බොහොම කාලෙකින්..පහු ගිය දොහේ මං නාට්ටි ලියන එක කොළේ... කවි සිතුවිල්ලක් ආවා..ඉතිං මාත් ආවා..

      Delete
  7. මට අවනත නොවේ මනෙත.. ලස්සනයි.. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර...

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි............

      Delete
  9. යන්ට
    කියන්ට මෙයා
    යන්ට කියන්ට..
    (කොහොමද මගෙ කවිය..?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලස්සනයි ලබු අයියේ........... ලස්සන කවිය.....

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. godak kaalekin mama asa karana widiye wachana tikak...
    wishishtai....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ අගය කිරීමට.........

      Delete
  12. දුක් මතක අඳුරුයි
    මුත් මෙකව් පද සොඳුරුයි

    ReplyDelete
    Replies
    1. පද ගැලපුම අපූරුයි......
      ඔබේ අදහස අපට මහරුයි...

      Delete
  13. ලස්සනයි ඉසුරිගේ කවිය

    ReplyDelete
  14. මනරම් අෑ...
    අායෙත් ලගදීම ඒකක් දාන්ඩ අැෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑැැැැැැ

    ජ ය ෙව් ව වා ාවා වා !!!

    ReplyDelete
    Replies
    1. තුසාර අයියේ අනිත් කවියත් දාන්නලු..
      ස්තූතියි විදාන අයියෙ...

      Delete
  15. ඇත්ත තමයි.ඔය හිත කියන එකා මහ එපාම කරපුඑකෙක්.හැම තිස්සෙම දෙන්නේ වැරදි කමාන්ඩ්'මයි.
    ලස්සනයි ඉසුරිකා.

    ReplyDelete
    Replies
    1. මහ එපාම කරපුඑකෙක්/
      ඔ්ව් බං තුසාරයා නේද

      Delete
    2. විදානේ...............

      තුෂාර නෙමෙයි බං ටිකිරා.... ටිකිරා......

      මීට තුෂාර
      කුගෑගීප

      Delete
  16. //නිහඬ රැයක අඳුරු පැයක

    ලොව නැවතුනු නිමේෂයක

    යළි කිසිදා නොඑන දිනෙක

    සිත දිවයයි අනන්තයක///

    මම කැමතිම ටික.....

    ReplyDelete
    Replies
    1. මාත් කැමතිම ටික..
      ස්තූතියි රසික

      Delete
  17. ආයේ ඉතින් කියන්න වචන නැහැ....

    බොහොම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විභීෂණ..

      Delete
  18. හිත කියන එකාට රැවටෙන්න එපා :D

    ReplyDelete
    Replies
    1. බලාගෙනයි පරිස්සමෙන්..

      Delete
  19. ලස්සනයි... ලස්සනයි...
    කවිය.

    ReplyDelete
    Replies
    1. ආ............. ඒක මිසක්...

      තුෂාර

      Delete
  20. අපූරු නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්ද්‍රජීත්.............

      Delete
  21. ඔය වගේ හූල්ල හූල්ල ඉන්න වෙන නිසා තමා මම ආදරේ කොරන්නේ නැත්තේ කාටවත්.

    ReplyDelete
    Replies
    1. ඒකනං හොද අදහසක් තමා.... ඒත් තව කොච්චර කල් ඉදීවිද බලමු......

      Delete
  22. අපොයි මගෙ දිරිය
    බිඳියි මේ කවිය
    කවුද මේ දැරිය
    කරගන්ට මා බිරිය

    ReplyDelete
  23. අපොයි මගෙ දිරිය
    බිඳියි මේ කවිය
    කවුද මේ දැරිය
    කරගන්ට මා බිරිය

    ReplyDelete
    Replies
    1. හෙක්ටර් ඔබේ කවිය
      කොටින් කිව්වොත් සුපිරිය
      නමුත් එකියන දැරිය
      නොවෙයි ඔබගේ බිරිය

      ස්තූතියි

      Delete
  24. මක්ක කියන්නද මන්දා...මට හිතෙන විදිහට මෙච්චරයි..ඒක ආදරේට ආදරේ හිතෙන කවි පොඩ්ඩක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දබොස්.........

      Delete
  25. කුරැටු හැමදාම වගේ සුපිරි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිඹුලී..

      Delete
  26. ලස්සන් කවි පෙළක් ඉසුරිකා. මේ දවස් වල බිසී නිසා මේ වැඩ කෙරෙන්නේ නැහැ.

    ReplyDelete
  27. බොහොම ස්තූතියි අජිත් අයියෙ..බිසී වෙලත් මේ පැත්තට ගොඩ වෙලා අපිව දිරිමත් කරනවට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...