Tuesday, June 24, 2014

පමාවුණු කුසුම ඔබ, මගේ හද පිපෙන්නට..............



අනුන් සතු උයන් ඉමක
පිපී මදහස පාන
පමාවුණු කුසුම ඔබ
මගේ හද පිපෙන්නට ..................

එහා ඉම කොනක හිඳ 
නෙතු දෑල රස මවන
පිපි කුසුම නෙලන්නට
නොහැක මට අනුන් ඉම ..................

එහෙත් මදනල ගෙනෙන
ඔබෙ සුවඳ විඳින්නට
සිනා මුව දකින්නට
පමණි හැකි අද මා හදට ..................

නුවන් යුග පවසන ඔබේ
රහස් කරවයි මහද මුකුලිත
සලිත වූ රස හැඟුම් රෑනක්
ලැගුම් ගයි සිත පතුලට ම වැද .................

ආදරේ හිරිමල් හැඟුම්
හද පුරා මගෙ දැනී යන්නට
සැලසුවේ පමණක් ඔබම වුව
නොවෙයි පිං මට එය ලබන්නට ..................

ඉඩක් තිබුණොත් ලෝ දහම මත
අයිති කරගනු මිසක ඔබ මට
නොම සිතමි රස විඳ බලන්නට
ඵලය වන තහනම් ගසක ................

සසර ඉපදුන අනෙක් භවයක
අපට අප හිමිවී තිබෙන්නැති
ඒත් මේ අත්භවයේ මම වෙමි
වෙනත් මලකට සෙවන සලසන ..................

පතා ආ ලෙස මේ සසර ඉම
මේ භවයෙ අපි අනුන් සතුවුව
සපත කරනෙමි ඔබේ හද මල
නෙළන්නට මතු හැම භවේදිම .................


අසංක ගයාන් අබේසිංහ


.

46 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. // සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම් //

    අහිංසක ප්‍රාර්ථනාවක් !

    ආදරේ අහිමි උනහම, මරන්න , සිය දිවි නසාගන්න , අනෙකාගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කරන " මානසික රෝගීන්ට " සැබෑ ආදරය පිළිබඳව හැඟීමක් ඇති කරන සොඳුරු , සංවේදී නිර්මාණයක් ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු...................

      ආදරය, ප්‍රේමය වගේ හැගීම් අපි විසින් දරාගන්නා විදිහ තමයි ජීවිතේදී වැදගත් වෙන්නේ

      ඉතින් බොහොම ස්තූතියි සඳරු.

      Delete
    2. යමක් ඔබේ අදහසට එක් කරන්න හිතුවා සඳරු..අහිමි ආදරේ විතරක් නෙවෙයි හිමි ආදරය පවා තුට්ටු දෙකට දාලා සලකන පමිනිසුන් කොතෙකුත් මේ සමාජයේ ඉන්නවා.තමාගේ සැමියා බිරිඳ රවටමින් පෙම් සුව හොයන අයම ගෙදර ගිහින් අනෙකාගෙ වැරදි හොයන සමාජයක්.සමාජය ඉදිරියේ තමන්ගෙ සහකාරයා අවමානයට ලක් කරන මිනිසුක් කොච්චර ඉන්නවාද.සැබෑ ආදරය යහන විතරක් කියලා හිතන මිනිසුන් අපි අතර කොතෙකුත් ඉන්නවා.හිමි ආදරය මෙහෙම දෙකේ කොලේට වැටෙද්දී අහිමි ආදරය වෙනුවෙන් මොනවා නොකරයිද
      මට මේ සමාන අත්දැකීමක් තියනවා සඳරු.සමාවෙන්න මට එය අකුරු කරන්න අපහසුයි.............

      Delete
    3. ඔබගේ අදහස් සමග මා එකඟයි. අපි ලඟින්ම ඉන්න අය පවා අපිව රවට්ටනවා. ඒ වගේම අපි ලගින්ම ඉන්න අයව පවා අපි රවට්ටනවා. එහෙම කරලා තමන් නිර්දෝෂී විදිහට අනෙකාට චෝදනාත් කරනවා.... ‍රැවටෙන , රවටන දෙපිරිසම ඉන්නේ අපි අතරමයි. ආදරය අහිමි වෙනකොට වගේම , ලඟට අරන් තුරුල් කරගත්තු ආදරය ඈත්වෙනකොට දැනෙන වේදනාව ඒ ආකරයෙන්ම අකුරු කරන්න බැහැ. වේදනාවක් කළකිරීමක් ඇති උනත් අනෙකාගෙන් පළිගැනීම අනුමත කරන්න බැහැ නේද ?

      Delete
    4. ඔබ කියන දේ ඇත්ත සඳරු........මේ දෙපැත්තටම පළිගැනීම සාධාරණ නැහැ තමයි.අනෙකාව නොරවටා ඉද්දිත් අපිම රැවටෙනවානම් වේදනාව තදින් දැනෙනවා.අපේ කියලා ළඟට ගත්ත දේවල් අපේ නෙවෙයි කියලා දැනෙද්දි දැනෙන ාව්දනාව අවුරුදු ගණනක් විඳවනවා මම.ලෝකෙට පේන්න හිනාවෙන ගොඩක් දෙනෙක් රහසින් හඬන අය.ඒත් ඒවා විඳදරා ගන්න තරම් මානසික හයියක් තියෙන්න ඕනි.එහෙම නොවුණාම තමයි ප්‍රචණ්ඩත්වයන් මුදා හැරෙන්නෙ.

      මට ගොඩක් සමීප අත්දැකීමක් නිසායි යමක් කියන්න හිතුවේ.

      අසංක නිර්මාණය හරිම හැඟුම්බරයි.ජය වේවා.........

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ගී පවුර ඔබේ කමෙන්ටුව ඇයි මැකුවේ....
      ඔබට උත්තර දෙන්නම් මම.ඔබ කිව්වා වගේ මම කාන්තාවක්.මම ඔබෙන් මෙහෙම ඇහුවොත් ඔබේ බිරිඳ ඔබට හොරෙන් කලින් පෙම්වතාත් එක්ක සබඳකම් පැවැත්වුවොත් ඔබට දැනෙන්නෙ මොනවගේ හැඟීමක්ද.....
      එවන් අවස්ථාවකින් නොනැවතී අවස්ථා කිහිපයක් මගේ දෑසින් මා එය අත්වින්දා.එහි වේදනාව මෙන්න මෙච්චරයි කියන්න බැරිතරම්.මගේ සම්පූර්ණ ජීවිතය නැවතුණා වගේ මට දැනුනා.අදටත් එහි කම්පනයන් මගෙ තුළ ඉතිරියි.සාමාන්‍ය ජීවිතයට එන්න කොච්චර උත්සාහ කළත් ඒක හරිම අසීරුයි.මානසිකව වචන කරන්න බැරි තරම් වියවුලක ඉන්න බිරිඳකගෙන් හද සැලෙන ආදරයක් හොයන එක ප්‍රායෝගික නැහැ.මේ කනා කරන්නෙ කාන්තා විමුක්තිය නෙවෙයි.මා විඳි ඇත්ත.......

      එක පැත්තකින් දහසක් අඩුපාඩු වෙද්දි අනෙත් පැත්තෙන් 100%ක් දේවල් ලැබෙන්නෙ නැහැ.ගී පවුර ඔබ කිව්වා වගේ පලිගන්න වැරැද්දට යොම්වුණා නෙවෙයි ඔහු ඒක අවස්ථාවක් කර ගත්තා.

      මගෙ අතින් අඩුපාඩු නොවුණා නෙවෙයි.මේ තත්වයට පත් වුණ කෙනෙක්ට මිසක මම කියන දේ තේරෙන්නෙ නැහැ.මම ඔහුට වෛර කරන්නෙ නැහැ.......

      පිහියක් අතට ගන්නෙ කොහොමද.ඒ මගේ ආදරය.......

      Delete
    7. ඇත්තට ම ඇනෝ.

      මේකට කලින් කමෙන්ටුව දැම්මේ මම තුෂාර විතාරණ. ඒත් ඒක අපේ අඩවියේ කෙනෙක් විසින් ඉවත් කරගන්න කියලා කිව්වා. ඉතින් ඒ කමෙන්ටුව අයින් කරා. ඒක ගැන තර්ක කළ යුතු නැහැ. ඔබේ අත්දැකීමට අපි ගරු කරනවා.

      Delete
  3. හෙළනු එපා කඳුළැල් ඔය නෙතගින්
    දකිනු රිසිවෙමි - සතුට ඔබේ උවනෙන්
    ඉවසන්නම් හමුවෙන තුරා මතු භවයෙන්
    තහනම් පෙමක රස එපා නුඹගෙන්

    ReplyDelete
    Replies
    1. හ්ම්........................ අගේ ඇති කවියක්නේ ගොතලා තියෙන්නේ. සඳරු කියන්නේ කොහොමත් කවියෙක් නොවැ........

      Delete
    2. සඳරු...............

      තරහා වෙන්නැතුව උත්තර දෙනවාද පොඩි ප්‍රශ්ණ කීපයක් තියෙනවා.......

      ඔබේ අඩවිය මොකක්ද?
      ඔබ කලින් සිටි සඳරුද?
      ඔබ කලින් ලියූ අඩවිය දැන් ලියන්නැත්ද????

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මම බ්ලොග් ලෝකයට අළුත්.
      කවි අරණ
      මේ තියෙන්නේ අපේ අඩවිය. මේකටත් වැඩි වයසක් නැහැ. ඒත් යම් යම් හේතූන් මත දැන් මේ අඩවිය නඩත්තු වෙන්නේ නැහැ. මෙහි " සඳරු " නමින් නිර්මාණ කරේ සහ අඩවිය පවත්වාගෙන ගියේ නම් මා විසින් තමා.

      Delete
    5. ගියා ඒ පැත්තට. අලුත් ම කමෙන්ටුව බලන්න. මං හිතන්නේ අපි ඒ බ්ලොගය නැවතත් පටන් ගත්තොත් හොදයි. හරිම සුන්දර අඩවියක්. ඇයි අතරහැරලා දාලා.... ඇත්තට ම සඳරු ඒක අපරාදයක්..............

      ඔබලා වැනිම කණ්ඩායමක් තමයි අපිත්. අපි දෙගොල්ලෝ කීප පැත්තකින් ම සමානයි.... අපි ආයෙම ඒ අඩවිය පටන් ගනිමු................

      Delete
    6. ඔබලාගේ අගය කිරීමට සහ දිරි ගැන්වීමට මගේ හෘදයාංගම ස්තූතිය පළ කරනවා. ඔබගේ වචන ලොකු ශක්තියක්.

      Delete
    7. එහෙම කියලා මදි සඳරු......

      ඉක්මනට ම කවියක් දාලා අඩවිය ආයෙමත් පටන් ගනිමු. අපි උපරිම සහයෝගය දෙන්නම්. අනික් සගයින්ටත් කියමු. ඉක්මනට ම කවියක් දාමු. මං හිතන්නේ දැන් ම දාමු කියලා. මොකද කියන්නේ...........

      Delete
  4. අපූරුයි අසංක...
    කොහොමත් අසංක ලියන කවි වල පොඩි ගතියක් තියෙනව..
    පොඩි කීවට පොඩිමත් නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්............

      පොඩිගතියක් කියන එක තමයි ගැලපෙන්නේ. ඒක මට ලොකු ගෞරවයක් මහේෂ්...............

      බොහොම ස්තූතියි.. ඒ වචන ටික මාව දිරිගන්වනවා...

      Delete
  5. සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
    සිනහව අතරින්

    හිමකැට වැටෙනා සීතල උදයක
    ඇය හමුවූවා කඳුකර පෙදෙසක
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

    සිනහව අතරින්...

    හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිනි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

    සිනහව අතරින්....


    ජය වේවා!!!

    ReplyDelete
  6. සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා..
    සිනහව අතරින්

    හිමකැට වැටෙනා සීතල උදයක
    ඇය හමුවූවා කඳුකර පෙදෙසක
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
    හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ..
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
    කඳුලැලි දුන් ඔය නිල්මිනි දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

    සිනහව අතරින්...

    හදවත ගොළු නැත මා මියුලැසියේ ගොළු කලෙ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඔබ පමණයි මට සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
    නිල්මිනි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

    සිනහව අතරින්....


    ReplyDelete
    Replies
    1. හ්ම්.........................

      දැන් තමයි කතාව තේරෙන්නේ. මේ අදහස තියෙනවා කියල ද විදානේ කියන්නේ. ඇත්තට ම මේ ගීතය මං ටිකක් වෙනස් විදිහටක් හිතාගෙන හිටියේ....

      ස්තූතියි සහෝ.........

      හැමදාම අපේ සහයට ඉන්න අපේ ම මිතුරා..........

      Delete
    2. ගායනය : මිල්ටන් මල්ලවආරච්චි

      Delete
    3. @ අරූ.................

      බොහොම ස්තූතියි..... එ් කටහඩට ඒ ගීතය මොනවට ගැලපෙනවා. ඒක ඉතා සුවිශේෂී කටහඩක් අරූ.........

      Delete
  7. වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..//
    මිලින වුනත් ඝණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...

    සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්..
    නොවසා ඇති දොර කවුළු තුලින්..//
    සුවඳ දිඳී තිබුණත් මිදුලේ..
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...

    වැටෙන් එහා...

    තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
    ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්..//
    පිපුනු නිසා අන්සතු උයනේ...
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...

    ඔන්න මට මතක් වෙච්ච එක

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ව ම ඉවාන්...........

      මේ ගීතය දයාන් විතාරණ විසින් ගායනා කරන හරි ලස්සන ගීතයක්. වැටෙන් එහා මල් පදුරේ පිපුණු මල ගැනයි කියන්නේ. හරියට ම අපේ කවියත් එක්ක නියමෙට ගැලපෙනවා.................

      ස්තූතියි එකතු කිරීමට..............

      Delete
    2. මම දාන්න මතක් කරන්නම ආව එක මේකා දාලනේ පැන්න ගමන්..

      Delete
    3. ගායනය : දයාන් විතාරණ
      පද....සුනිල් ආරියරත්න
      සංගීතය.....රෝහණ වීරසිංහ

      Delete
    4. @ දිනේෂ්.................

      ඇත්තට ම දිනේෂ් ඒ ගීතය මේ අදහසට පැහැදිලිවම සමාන අදහසක් දෙනවා. කමක් නෑ කලින් ඉවාන් දැම්මට. අපි දිනේෂුත් දැම්මා කියලා හිතාගන්නම්කෝ.............

      Delete
    5. @ අරූ

      බොහොම ස්තූතියි ඌණ පූර්ණයට. ඒ අයට ලැබිය යුතු ගෞරවය දෙන්න පුළුවන් ඒ විදිහට තමයි අරූ...........

      Delete
  8. ලස්සනයි අසංක නිර්මාණය.…

    //නොම සිතමි රස විඳ බලන්නට
    ඵලය වන තහනම් ගසක ................//

    දැන් කාලෙ නම් ඕක නෙමේ කි‍යන්නෙ. වෙන එකෙක් බැන්ඳත් කමක්නෑ කොටුවක් පනින්න තමා කතා කරන්නෙ. හැක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා..................

      ස්තූතියි කවිය අගය කිරීමට.. කතාවත් ඇත්ත. ඒත් හැමවෙලාවෙම හිතන්න වෙනවා ඒකත් පවුලක් නේද කියලා. අපි ගොඩක් වැරදි කරන්නේ අපිට ඒවා වෙන්නෑ කියලා හිතාගෙනනේ. ඒත් හැම කෙනෙක්ගෙම ජීවිතයක් අපේ ජීවිතය කියලා හිතුවොත් අපි ගොඩක් දේවල් කරන්නෑ ප්‍රියා. කොටු පැනීමත් එහෙමමයි....................

      Delete
  9. දෙන්නාගේම සිතුවිල්ල අකුරු වෙලා තියෙන හැඩයි.
    අනුන්ගේ වත්තේ පිපුණු මල් නෙලන්න යන්න ඕනේ නැහැ.හැබැයි ඒ මලේ සුවඳ හෙමිහිට විඳගන්න එක බාධාවක් කර ගන්න ඕනෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්...................

      බලන එක එකක්. බදාගන්න එක තවත් එකක්. ඉතින් ජීවිතේ සමහර දේවල් කරන්න කලික් කීප පාරක් හිතන්න වෙනවා. මේකත් එහෙමයි. කරන්න ලේසියි. ඒත් ඒකෙන් ලැබෙනවාට වඩා අහිමි වෙන දේවල් ගොඩයි.................

      Delete
  10. ඔහේ ගියපු මගේ හිතත් එක දවසක් නතර උනා
    කවුද මන්දා ඇවිත් හෙමින් ඒ හිත ලග දිගා උනා
    මහවැලියයි හන්තානයි නැතුවම මට බැරිම උනා
    හීන ගොඩාක් හිත පුරාම එහේ මෙහේ යන්න උනා


    මලක් වෙලා මන් පිපුනේ මගේ බඹරෝ ඔයාටමයි
    මටත් කලින් වෙන මලකට පියෑඹුවේ ඔයා තමයි
    ඒහින්දා අනේ ඉතින් මගේ හිතට හරිම දුකයි
    ඒත් ඉතින් කරමි කුමක් හනිකට පරවෙන්න හිතයි


    නෙතු දකිනා රුව නුඹගේ හද පත්ලෙම නිදන් උනේ
    කදුලු විලස නෙතට දෙන්න නුඹ නැති විට අනාගතේ
    අතේ ඇගිලි ගනණට ඒ දිනත් කෙමෙන් ළoම වෙතේ
    නොසිත හිදිමි මන් සැනසෙමි තාමත් නුඹ හිදින නිසා නෙත් මානේ


    ආස උනත් ළගින් ඉදන් එකම මගක ඇවිද යන්න
    කොහොමත් බෑ වෙනකෙනෙකුගේ අයිතිය ළග හරස් වෙන්න
    ආදරය පමණි හිත පුරාම තවත් හීන නෑනේ ඔන්න
    ජීවිතේම කවි පොතකි,උඩම පේළියේ ඔයා ඉන්න

    මේක මන් බුකියේ දාපු නෝට් එකක්..පවුරේ කවි ටික දැක්කම ඒක මතක් උනා..

    ReplyDelete
    Replies
    1. නිකම් කුරුටු ගාපු දෙයක් වුණාට හරිම ලස්සන පද පෙළක් සුසී......

      කවිය ගේය පදයක් කියලයි මටනම් හිතෙන්නේ. ඒ තුළ තාලයක් විතරක් නෙමෙයි ගැලපෙන වචන එකතුවකුත් තියෙනවා. ඉතාම අලංකාරයි. සුසී කියන්නේ කොහොමත් හොද කවිකාරියක් නෙවැ...........

      ස්තූතියි අදහස් දැක්වීමට සුසී....

      Delete
  11. පෘථ්ග්ජන මිනිස් හිතක ඇතිවෙන සංවේදී සිතිවිල්ලක්...
    ඇත්තටම අල්ලපු ඉඩමට ගිහින් එකෙ අයිතිකාරයාටත් පිහියෙන් ඇනලා මේ මලත් නටුවෙන්ම කපාගෙන එන ලෝකෙක හැමෝටම මේ විදියට හිතන්න පුලුවන්නම් කොච්චර හොඳද.

    \\ඉඩක් තිබුණොත් ලෝ දහම මත
    අයිති කරගනු මිසක ඔබ මට
    නොම සිතමි රස විඳ බලන්නට
    ඵලය වන තහනම් ගසක//

    බලන්න ඔහු කෙතරම් හික්මුනු ප්‍රේමවන්තයෙක්ද කියලා. ඔහුගෙ තුන් හිතකවත් නෑ අහිමි උන මලටවත් ඒ මලේ හිමිකාරයාටවත් කැළැලක් වෙන දෙයක් කරන්න. මේ තමයි ආදරයක සැබෑම ස්ව්භාවය.

    \\පතා ආ ලෙස මේ සසර ඉම
    මේ භවයෙ අපි අනුන් සතුවුව
    සපත කරනෙමි ඔබේ හද මල
    නෙළන්නට මතු හැම භවේදිම //

    අවසානයේ ඔහු කරන්නෙ බොහොම අවිහිංසක ප්‍රාර්ථනාවක්. ඔහු ලෑස්තියි මේ මල වෙනුවෙන් මතු ආත්ම භවය දක්වා බලා හිඳින්නට.

    විශිෂ්ඨයි ගී පවුරේ... නිර්මාණය නම් අති විශිෂ්ඨයි..

    එයාලා ඊළඟ ආත්මෙ මුණ ගැහෙන කල්...

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ්............

      දැන් දැන් අපේ කවිත් මනෝෂ් අතින් විචාරයට ලක්වෙනවා. බලන්න අපි කොයි තරම් පොහොසත්ද කවි, රසිකයින්, විචාරකයින් හැමෝම අපි ළගින් ම ඉන්නවානේ..........

      මං අහලා තියෙනවා ඉස්සර ගුවන් විදුලියේ ළමා පිටිය, සිරි අයියා වගේ තැන් වලින් සරල ගී කියලා ගොඩනැගුණ චරිත බොහොමයක් ම අනාගතයේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම දිනුවා කියලා. ඉතින් මේ බ්ලොග් කෙරුවාවත් එහෙමම ගමනක් යයි කියලා හිතෙනවා මනෝෂ්. අනාගතයේ බිහිවන මහා චරිත අපි අතර ඇති. ඒ ලක්ෂණ මොවුන්ගේ තියෙනවා. එදාට බ්ලොග් ගැනත් කතා කරයි හරියට නන්දා මාලනීලා ටී එම්ලා ගුවන් විදුලිය ගැන කතා කරනවා වගේ.

      Delete
  12. ආදරය අසමතයි කියලා දකින්න මම කොහෙත්තම කැමති නෑ.. අපිට එන හැඟීම් වලට වැට බඳින්න අපි කටත් බැහැනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. හ්ම්.......................

      දිනේෂ්ගේ අදහස....... එක එක්කෙනා විවිධ අදහස් දරනවා වගේ දිනේෂ්ගේ අදහස. ඉතින් දිනේෂ් අපිට ඒක හරි හෝ වැරදියි කියලා තර්ක කරන්න බෑනේ. මොකද ඒක ඔබේ අදහස. ඉතින් බොහොම ස්තූතියි අදහස් දැක්වීමට. විශේෂයෙන් ම අපිත් එක්ක හැමදාම එකතු වෙලා අපිව දිරිගන්වනවාට.................

      Delete
    2. සම්මතය සහ අසම්මතය ...ප්‍රේමය නම් විෂයේදී වෙන් කරන මිණුම් දණ්ඩ මොකක්ද?

      Delete
    3. අරූ....................

      කතාව නම් හරි. ඒත් ඒක ගැන නම් ටිකක් කතා කළ යුතුයි කියලා හිතෙනවා. ඇත්තට ම අරූ ඔය හරි වැරදි කියන දේ ගැනත් ඔය විදිහට ම තමයි. මොකද ඕවා එකක් වත් ඉරි ගහලා පෙන්නන්න බෑනේ....

      අනික අරූ ඔය කියන හරි සහ වැරදි සමාජයෙන් සමාජයටත් වෙනස් වෙනවානේ. ඒක ඔබට පැහැදිලි ව පේනවා ඇතිනේ. ලංකාවෙදි සහ ඔහෙදි කොහොමද කියලා. නමුත් ඒ වෙලාවේ සමාජයට ගැලපෙන විදිහට ජීවත් වීම හරිය කියලා කිව්වොත් ඒක වැරදිද අරූ.......???

      Delete
    4. ප්‍රේමය ...සමාජය සහ පරිසරය අනුව වෙනස් වෙනවාද....ප්‍රේමය..මම කියන්නේ ප්‍රේමය...අපි උඹලා පරසක්වල ගහලා කතා කරන ප්‍රේමය.....රටින් රටට..ජාතියෙන් ජාතියට වෙනස් වෙන ප්‍රේම තියෙනවාද බන්...කළු හමට සහ සුදු හමට ගාන සබන් වර්ග වගේ..

      Delete
    5. අරූ පටලා ගන්න එපා. මේ කවිය තියෙන්නේ අසම්මතය ගැන. ඒකෙදී තැනින් තැනට මේක තේරුම් ගන්න විදිහ වෙනස් වෙනවා. අපි ගමකදී ගත්තොත් සමහර විට දෙන්නෙක් කතා කරත්, හිනා වෙලා බැලුවත් ඒක වැරදියි කියයි. ඒත් නගරයට ආවාම ඒ සීමාව ටිකක් පුළුල් වෙනවා. අපි බටහිර රටක් ගත්තොත් මේක තවත් පුළුල් වෙනවා. අපි කිව්වේ ඒක ගැන විතරයි.

      ඔබ කියනවා වගේ ප්‍රේමය කියන මාතෘකාව ගත්තොතින් ඉතින් රට නෙමෙයි මොකක් වෙනස් වුණත් ප්‍රේමය එකයි. ඒක මිනිස්සුන්ට විතරක් කියලා සීමා කරන්නත් අමාරුයිනේ....................

      Delete
  13. අවසර නැත මට ඔබේ අත ගන්නට....
    බැමි බැද ඇත ලොව සතර දිගේ.............

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...