නොබලන මුත් කිසි කෙනෙක් අප දෙස
කෙල්ලෙක් පාරේ හිටගෙන
හිටියොත් නම් නිකමට
කී දෙනෙක් බලයිද ඇය දෙස.................
හිරවෙලා යන කළ පොදු බස්රථ වල
පොඩ්ඩක්වත් ගෑවුණොත් ගැහැණු සිරුරක
ඇය කෑ ගසන විට
වරද කාගේදැයි නාවිමසා ම
රවයි සියලු මගියන් අපිට ම
ගුටිකන්නත් වෙයි විටෙක
දෙපිටින් ම යයි ලැජ්ජාව....................
එකඳු මගියෙක් වත් නොගත්තද අපේ තඩි බෑගය
අමාරුවෙන් අපි හිටගෙන යන විට
ඇගේ පුංචිම පුංචි අත් බෑගය හරි
ගන්නට පොරකන මගීන් කීයද.................?
සමාජයේ කිසියම් ම හෝ තැනකට
මොනතාලෙන් සැරසිලා ගියද
පිළිගැනීමක් නැති කලට
වැඩක් කරවාගත නොහැකි විටෙක
හැටහතරෙන් එක මායමක්වත් නැතුව
අපි අසරණ වෙන තරම............................
පෙම්වතියක වූ කලෙක
පතියකු හා දීග ගිය කලෙක
ඇය හිදීවි නම් හරියට
ඇය මත්තේ ම මැරි මැරි හිඳින
ඇය ගැන ම සොයා බලන
රැකවරණය හා ආදරය
ලැබෙනවා නොවෙද ඇයට.........................
මවක් වන්නට සුදුසු වෙයි ඇය
මතුබුදුවනු කියා සැමගේ ආසිරි මැද
මුළු ලෝකයෙන් ම ගුරු බුහුමන් ලැබ
පියෙකු හට කවදානම් එසේ වේවිද.................?
ඉතින් කෙල්ලනේ.......... මේ කිව්වේ ටිකයි..........
ඔබ හට ලැබී ඇත උපන් දායාද
පිරිමින් හට කිසිදාක නොලැබෙන
සමතැන් නිසිතැන් උස්තැන් තවත් ඉල්ලනු අවැසි නැත
හිටියොත් රැකගෙන ඔබේ වටිනාකම
හිටියොත් නියම කුල කාන්තාවක ලෙස
ලැබෙනවා නේද ඔබට ඕන හැමදේම අත ළඟටම...........
අසංක ගයාන් අබේසිංහ
.
තව ටිකක් දුන්නට මක් වෙනවද අප්පා...
ReplyDeleteකියලා වැඩක් නෑ මාතලං..... දෙන එක අත දිගඇරලා දෙන්න බැරියැ..............
Deleteඔය කියන දේවල් එසේම දිගටම විය යුතුයි .පිරිමින්ට නොක්කාඩුවක්වත් කියන්ට තියෙන්නේ ඔච්චරයි
ReplyDeleteඇත්ත තිලක,
Deleteනැත්තම් අපිට කියන්න කිසිම දෙයක් නෑනේ... ගැහැණුන් සමතැන් ඉල්ලද්දි අපිටත් මේවට සමතැන් ඉල්ලන්න වෙනවා නේද????
ඒ කවියෙත් හැබැයි ඇත්තක් තියෙනවා.. සමතැන් ඉල්ලුවට හැම වෙලාවකම වගේ සමතැනට වැඩිය තැනක් ලැබෙනවනේ ඉතින්...
ReplyDeleteකියලා වැඩක් නෑ දිනේෂ්.......
Deleteඑච්චර ලැබිලත් තවත් ඉල්ලනවා... හැම කෙනාට තමන්ට ලැබෙන දේවල් දිහා බලන්නැනේ.. නොලැබෙන දේටනේ අඩන්නේ...
බැඳගත්තට පස්සේ
ReplyDeleteකඳුලෙන් හා වර්ජනෙන්
බලය පෙන්නා අපහට
බොසා වෙන බව නොදනිමුද අපි ?
අන්න මාතෘකාව ලංකා....
Deleteඅපි දන්න විදිහට ගෘහ මූලිකයා කියන්නේ පිරිමියාට වුණාට ඇත්තට ම ගෙදරක් පාලනය කරන්නේ ගැහැණිය නේද??? පිරිමියාට කොච්චර නම් සද්දේ දානවාද ? අපි ඉන්නේ නිකං ගෙදර ඉන්න බල්ලා වගේනේ... හිටු කියන තැන ඉන්නවා... එච්චර දේවල් තිබිලත් තව විමුක්තිය හොයනවා.. හරිනම් විමුක්තිය හොයන්න ඕනේ අපි..........................
අපෝ......තව දෙන්න ඕනි........
ReplyDeleteඋඹ ඉක්මනට ලංකාවට වරෙන්කෝ දෙන්න.........
Deleteමගේ කමෙන්ට් එක ගිල්ලෙ කවුද????? :)
ReplyDeleteහත්තිලව්වයි...... අනේ මං ඒකෙ නම් සොරි කියලා කිව්වා.... ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැති තැන ආයෙම පෝස්ට් කරලා අරක ඩ්‍රාෆ්ට් කරලා දැම්මා.... ඇත්තට ම ඒක තැන් කීපයක ම අප්ඩේට් වෙලා තිබුණේ නැ ප්‍රියා...
Deleteඔන්න හැමෝට ම කිව්වා...... පළවෙනි ම කමෙන්ටුව දැම්මේ ප්‍රියා හොදේ.... අනික ඒක ටිකක් දිගයි හොදේ.................
හරිනේ................. (සොරි මකන්න වුණාට)
ඕවා දුන්නා වගේ නෙවෙයි තව අර සමතැන් කියන ඒවත් සමහරි ඉල්ලනවනේ අර කිව්වා වගේ
ReplyDeleteඒක තමයි..... සමතැන් ඉල්ලන්න ඕනේ ගැහැණු නෙමෙයි අපිනේ.... මොක ද බස් එකකට නැග්ගා ම අපිට ඒ පහසුකම් නෑනේ.... ඉතින් අපිනේ ඉල්ලන්න ඕනේ.. ඕක බස් එකේ දි විතරක් නෙමෙයි. ගොඩක් තැන් වලදී ඔහොමයි....
Deleteමගේ කාෙමන්ටුව කෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteඅම්මෝ...................
Deleteවිදානේ මචං ඒ පෝස්ට් එකේ අවුලක් වුණා. මං උඹේ කමෙන්ටුවට විස්තරේ කියලා සමාව අරන් තමයි අයෙම ඒ පෝස්ට් එක අලුතෙන් ම දැම්මේ... ඒක උඹේ බ්ලොගයේ අප්ඩේට් වෙලා තිබුණට වෙන තැන් කීපයක ම තිබුණේ නෑ...
හරි මම ඒක හදන්නම් කෝ ...................
මේ අපේ මේ පෝස්ටුවට දෙවැනියට කමෙන්ටු දෙකක් ම දැම්මේ අපේ විදානේ.... හරිය.....
ඒක මකන්න වුණාට උපරිම කණගාටුව විදානේ.... ප්‍රියායි උඹයි විතරයි ඇවිත් තිබුණේ. ඒ නිසා උඹලාට ඒක කියලා මම ආයෙම පෝස්ට් කරා... අවුලක් නෑනේ... ආයේ එහෙම වෙන්නේ නෑ.....
:) කාන්තාවට පිරිමි කෙනෙක්ට වඩා සමාජයෙන් සැලකුම් ලැබෙනවා කියලා හිතනව නම් ඒ හැම දෙයක්ම අම්ම නිසා කියලයි මම හිතන්නේ .. මොකද අපි හැම කෙනෙක්ම අම්ම කෙනෙක්ගෙ දරුවෙක් නිසා.
ReplyDeleteඇත්ත තුශානි......
Deleteඅපි හැමෝම බුදුන්ට පස්සේ සලකන්නේ අම්මට තමයි... මට වුණත් බස් එකක යද්දි අපේ අම්මා වගේ කෙනෙක් දැක්ක ම ඒ කෙනාට හිටගෙන යන්න පුළුවන්කම තිබුණත් සීට් එක දෙන්න හිතෙනවා.. ඒ අම්මට තියෙන ආදරය නිසාම තමයි...
ඒත් තරුණ ගෑණු ළමයි දැක්කම බෑග් එහෙම ගන්නේ අම්මා මතක් වෙලා නෙමෙයි මගේ හිතේ.....????
ඇත්තටම මං දකින විදියට කාන්තාව කියන්නෙ ඉතාම සොඳුරු වටිනා වස්තුවක්. පිරිමි අපිට සොබාදහමෙන් නොදීපු දායාද ගොඩක් කාන්තාවට දීල තියෙනවා. ඒකයි සොබාදහම තුල ඇය සුන්දර වස්තුවක් වෙලා තියෙන්නෙ. නමුත් සොබාදහම අතික්‍රමණය කරමින් යාමට උත්සාහ කිරීම සහ කාන්තාවගේ වටිනාකම ඇය විසින්ම නොතේරුම්ගැනීමත්, ඇගේ වටිනාකම ඇය විසින්ම නැතිකරගැනීමත් නිසා මේ වටිනා වස්තුව, සොබාදහමේ අපූර්වතම නිර්මාණය අද විකෘති වෙලා තියෙනවා. ඇත්තටම ඔබ ඔබේ වටිනාකම ආරක්ෂා කරගත්තනම්..
ReplyDeleteඔව් මනෝෂ්...
Deleteකාන්තාව තමන් විසින්ම විකෘති වෙනවාය කියන ඔබේ අදහස නම් පැහැදිලි ඇත්තක්... ඇය ඇය විසින් ම විකෘති වෙමින් තමන්ගේ වටිනාකම අඩු කරගන්නවා වගේ ම ඇය විසින් ම අනවශ්‍ය තත්වයක් හොයමින් තමන්ට තියෙන තත්වය නැති කරගන්නවා........
ස්තූතියි මනෝෂ් අදහස් දැක්වීමට...
මේක හරියට ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ කතාවක්.. ඔය කියන සැලකිළි දක්වන්නෙත් පිරිමි මිස ගැහැණු නෙවෙයිනෙ..ඉතින් මේ ලිපියෙනුත් ඉල්ලං කන්නෙ අපිම නේද?
ReplyDeleteමේ ලිපිය ගැන කාංචනා ඉසුරිකා සහ චතුරිකාගෙ අදහස් මොනවාද ?
අම්මෝ................
Deleteලංකා බෙල්ල ගහලා යන කතාවක් නෙව ඇහුවේ.... අපි කියමු එයාටලත් කමෙන්ටු දාන්න කියලා.. එතකොට වලිය නියමෙට යයි. ඔන්න ලංකා වග කියන්න වෙනවා කියන ඒවට හරිය.
කාංචනා චන්ද්‍රසේකර
Deleteලංකා අහපු නිසා මං කියන්නම්කෝ මගේ අදහස. මම නං කාන්තා විමුක්තිය කියන කාරණාව එක්ක නම් එකඟ නෑ. මොකද අපි ඒක කතා කරන්න යන තැන ම තියෙනවා කාන්තාව පීඩනයට පත්වුණ සමාජයෙන් නොපිළිගන්නා කොන්වුණ වගේ හැගීමක්. ඒත් ඇත්තට ම එහෙම එකක් නෑ. කාන්තාවන් හැටියට අපිට තියෙන අවස්ථාවන් බොහොමයි. මගේ අත්දැකීමේ හැටියට නම් කාන්තාවක් හැටියට මට යන්න බැරිවුණ තැනක් නෑ. මට කිසිම සීමාවක් නෑ. ඉතින් ඇයි මම කාන්තා විමුක්තියක් ගැන හිතන්නේ.
අයිතිවාසිකම් දිනා ගැනීම කියන දේ වෙනුවෙන් මේ තරම් විකාර කරන්නට ඕනේ නැහැ. අපි අපේ ගමන හරියට ගියානම් ඒ හැම දේම අපිත් එක්ක ඉදිවී. අයිතිවාසිකම් කියන්නේ වගකීම් සහ යුතුකම් කියන කාරණාවත් එක්ක එකට බැදිලා තියෙන ජාතියක් කියලා අපි අමතක කරන්න හොද නැහැ..
ඔව් ඒ අතින් ලංකාව ටිකක් ඉස්සරහින් ඉන්න නිසා ඔහොමත් කියන්න පුළුවන්. ඒත් බලන්න ඉන්දියාව.. තාමත් කාන්තාව කුස්සිය මුල්ලට දාල දොරවල් වහලා.
Deleteඅනික තමයි පුද්ගලයෙක් වෙනුවට ලිංගික මේවලමක් හැටියට කාන්තාව සැලකීම. ඒකට යම් සීයයට ප්‍රමාණයක් කාන්තාවත් වගකිවයුතුයි.. ඒකත් ලංකාවෙන් තුරන් වෙලා නෑ. කියවන්නකො සමහර බ්ලොග් සහ අදහස්..ඔය එන්නෙ සමාජයේ ඉදිරියෙන් ඉන්නවා යයි සිතන්නන්ගෙ අදහස් නේද ?
දුක හිතුණ අපි ගැනම කියවන වෙලේ...
ReplyDeleteඇත්ත අසංක ඕක නං වෙලාවකට හිතෙනව මුංට පිස්සුද කියල
ඔව් මහේෂ්...
Deleteසද්ද නැතුව ඉදලා හැමදේම ගන්න තියෙද්දි මොකට කෑ ගහලා දුක් විදිනවාද මන්දා?
මෙහෙනම් ඉතින් සමතැන් ඉල්ලන්නෙත් නැහැ....සමහන් ඉල්ලන්නෙත් නැහැ...හැබැයි දුන්නත් නොදුන්නත් සමානම තමයි. සහයෝගෙන් වැඩේ යනවා..ඇයි ඒ ?
ReplyDeleteගැහැනියට ඇති ගරුත්වයේ අඩුවකුත් නැහැ.
අනිවා අරූ..............
Deleteඇත්තට ම ලංකාවේ ගත්තාම ඔය තත්වය හොදින් ම පේන්නට තියෙනවා. බහුතරයක් පිරිමින් කාන්තාවන් පිළිබද ව හොද අවබෝධයකින් කටයුතු කරනවා. කාන්තාව පහත් කිරීමක් දකින්න ලැබෙන්නේ අඩුවෙන් තමයි...
අනේ ඇත්තට... මේ මගුල් ඔක්කොම තියාගෙන ඒ මදිවට ඉන්න හබියා හෝ පෙම්වතාට තග දාලා තියෙන ඉල්ලීම් ඔක්කොම දින ගන්නවා... හැබැයි අපි හැමදාම වැරදියි. පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් ගනින්...., ආය සතියක් ගේම.... එක්කෝ ගස්සයි, එක්කෝ ඔරවයි, කතා කොලොත් යුද ප්‍රකාශ කරයි...
ReplyDeleteයාලුවොත් එක්ක ට්‍රිප් එක්ක යන්න හැදුවොත් හෙම.... මලා ඉවරයි.....
හා මන් බොරුද කියන්නේ.....
:D
අන්න නිමෝ වැදගත් කතාවක් කිව්වා... කාන්තාවන් පිරිමින්ගෙන් විශේෂයෙන් තම සැමියාගෙන් අවශ්‍ය දේ කර ගැනීමට කොයිතරම් නම් මායම් ටිකක් පාවිච්චි කරනවාද. විශේෂයෙන් ම අපිට තග දාගෙන දිනා ගන්නා දේවල් කොච්චර තියෙනවාද. ඇත්තට ම අපි කතා කරන්නට ඕනේ කාන්තා විමුක්තියටත් වැඩියෙන් පිරිමින්ට වන ගෘහස්ථ හිංසනය ගැන කියලයි අපිටත් හිතෙන්නේ..................
Deleteඕකනේ අපි හැමදාමත් තනිකඩ ..... කාටවත් යටත් නෑ
ReplyDeleteෂැහ් මැලේ...........
Deleteනියමයිනේ... ආය කීයටවත් බය වෙන්න දෙයක් නෑ. කව්රුත් පුප්පන්නෙත් නෑ. බනින්නෙත් නෑ. තහංචි දාන්නෙත් නෑ. කෑ ගහන්නෙත් නෑ. මගේ රාජ්ජේ වගේ ඉන්නයි තියෙන්නේ නේද????
වැඩේ නම් හොදයි හැබැයි පරිප්පු නැති හෝටලයක් වගේ ගතියක් දැනෙන්නැත්ද???
@ මැලේ,
Deleteජය වේවා.. අපි වගේ තනිකඩ වෙලා ඉන්න ඕනේ....!
@ කුරුටු.
පරිප්පු නැති උනාට මොකෑ වෙන්නේ, වෙන දේවල් තියෙන්නේ.
පරිප්පු තිබුනත් ඉතින් ඒ පරිප්පුනේ බන්....! :D
මොකටද පරිප්පු කන්නේ....! :P
කතාව ඇත්ත නිමෝ...............
Deleteවෙන මොනවා තිබ්බත් හෝටලේක පරිප්පු නැත්තම් ඉතින් ඒක හෝටලයක් නෙමෙයි..
අපි කොච්චර එපා කිව්වත් කෙල්ලෙක් නැති ජීවිතේ මාර අඩුවක් තියෙනවා. විශේෂයෙන් කසාද බැන්දම ඕක නියමෙට ම තේරෙනවා. කොච්චර එපා කියලා හිතුණත් දවසක් ළග නැතිවුණාම මළාවගේ...
කලේ පැන් ඇත නැවුම් රහ නැත කියන ගීතය නම් සීයට සීයක් ඇත්ත. අපි මනෝෂ්ට කියමු ඒක ගැනත් විචාරයක් කරන්න කියලා...
ඔයා කියන කතාව සහතික ඇත්ත..
Deleteකසාදයක් බැන්දම හැමදේම වෙනස් වෙනවා..
ඒ කසාදේ සාර්ථකව පැවතෙනවා නම් විතරයි.
නැත්තන් ඉතින් සෝ සොරි....
කසාද බදින්න එක අතකට වාසනාව වගේම අවාසනාවත් තියෙන්න ඕනේ... :D
නිමෝ නම් එකෙන් ම කසාදය ප්‍රතික්ෂේප කරනවා වගේ... ඒ කියන්නේ ගෙදර පැත්තෙන් හෝ ගාලා මගුල් බලනවා ඇති මයෙ හිතේ... මංගල යෝජනා තීරුව පැත්තෙත් එහෙනම් නිමෝ හම්බෙතැහැකි. ඔය මොනවා කිව්වත් උරුමක්කාරි(කරුමක්කාරි) හම්බුණ දවසට රන් රස වගේ තියෙයි. හැක්....................
Deleteඅඩේ අසා,,,, හරියටම හරි බන්...
Deleteවෙඩින් අරන් මගුල් කාපු උන් දැන් ඉන්න විදිය දැක්කම ඇග හිරි වැටෙනවා.. ඒ මදිවට වටේ ඉන්න උන් උන් වැටිච්චි වලටම මාවත් තල්ලු කරන්න යනවනේ බොලන්.
ගෙදරින් වොර්නින් දීලා තියෙන්නේ. මේ අවුරුද්දේ බැදපන් කියලා.
ෆිස්සු හැදෙයි, මම දාගන්න තොන්ඩුව. එකත් හොදට ඇදලා කරලා ලස්සනට පොටෝ හේම ගහලා,
මම පත්තරේක දැක්කා මෙහෙම එකක්. ඊයකින් මටත් ලැබුන එකක්.
"කිස්ටෝපර් කොලොම්බස්"
විවාහ වී සිටියා නම් ඔහු කිසිදිනක ඇමරිකාව සොයාගන්නේ නැත. මක්නිසාද යත් ඔහුගේ බිරිද අසන පහත සදහන් ප්‍රශ්න වලට පිළිතුරු දී, ගමන පිටත් වෙනවාට වඩා නිවසට වී සිටීම දහසින් සම්පතක් බැව් ඔහුට වැටහී යනු නියත හෙයිනි.
කොහෙද ඔය යන්න හදන්නේ?
කාත් එක්කද යන්නේ?
මොකටද යන්නේ?
කොහොමද යන්නේ?
මොකක් හොයාගෙනද යන්න හදන්නේ?
මොකටද ඕකට ඔයාම යන්නේ? වෙන එකෙක් ඇත්තෙම නැද්ද?
ඔයා ගියහම මම මොකද කරන්නේ?
මාත් ඔයා එක්ක එන්නද?
කවදද ආපහු එන්නේ?
යන ගුබ්බැයමක ගිහින් රෑ කෑමට ගෙදර එන්න බැරිද?
ඔයා මට මොනවද ගෙන්න හිතාගෙන ඉන්නේ?
මගෙන් ඈත් වෙලා ඉන්න ඔයා ගහපු ප්ලැන් එකක් නේද මේක?
මම දන්නවා පහු වෙනකොට ඔයා නිතරම ඔහොම ගමන් යයි?
මට කියන්න ඇයි මට මෙහෙම කරන්නේ කියලා?
මම අපේ මහගෙදර යනවා...!
මාව අපේ මහගෙදරට දාලා යන්න බැරිද?
මං ආයේ ජීවිතේටම මේ ගෙදර පස් පාගන්නේ නෑ..!
ඔයා මට ඇත්තටම ආදරේ නම්, ඇයි මට මහගෙදර යන්න එපා කියන්නේ නැත්තේ?
මටනම් තේරෙන්නේ නෑ මොකක්ද ඔය "දේශ ගවේෂණය" කියලා....!
ඔයා ඉතින් කලොත් කරන්නේ ඔහොම තකතීරු වැඩ තමා...!
ගිය පාරත් මට මතකයි ඔයා ඔහොම ගමනක් ගියා..!
ඔයා දැන් ලගකදී ඉදලා ඔහොම වැඩ තමයි යොදාගන්නේ..!
මට කියන්නකෝ අලුතින් මේ ලෝකේ මොනවද හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා...!
ඉතින් දැන් මට උබලම කියහන් මේවා දැක දැක කොහොමද බන් රන් රස උනත්, කසාදයක් දිහා බලන්න වත් පුලුවන්ද කියලා......!
කතාව නම් ඇත්ත තමයි නිමෝ.........
Deleteසීයට පන්සීයක් ඇත්ත. ඒක බැදපු හැම එකාම පිළිගනියි කියලා මං හිතනවා..... මෙහෙම දෙයක් හිතුව එකත් මාර දෙයක් තමයි... බැදපු අපිට නම් ඕවා හිතෙන්නෙම නෑනේ.........
හරි දැන් ඒ කියන්නේ නිමෝ තමයි කොලම්බස්... එතාකොට උඹ නොබැද ඉදලා හොයාගත්තු ඇමරිකාව කෝ කියහන්කෝ.....
පට්ට හොඳේ ...!
ReplyDeleteමම නම් හිතන්නේ, " කාන්තාවට ස්භාවායෙන්ම උරුම වුනු ගෞරවණීය තැනක් තියෙනවා. ඒ නිසා ආයෙමත් අමුතුවෙන් නිසි තැන , සමතැන ඉල්ලන්න ඕනෙ නැහැ " කියලයි.
නිර්මාණයේ ප්‍රස්තූතය නම් ඇත්ත, කාන්තාව කෙරෙහි ඇති වෙන අවධානය වැඩියි, පිරිමියාට වඩා. අවධානය වගේම කාන්තා පාර්ශවයේම ඉරිසියාවට ලක් වෙන්නෙත් කාන්තාවමනේ.
( අපි නම් කාටවත් ඉරිසියා කරන්නේ නැහැ .... )
ඇත්ත කතාව සඳරු...................
Deleteස්තූතියි නිර්මාණය අගය කිරීමට. ඒ වගේ ම සඳරුගේ අදහසට. හැමදාම මේ පැත්තට ගොඩවෙලා ඔබ විසින් කරන්නා වූ දිරිගැන්වීමට බොහොම ස්තූතියි සඳරු.................
අම්මාවරුන් විතරද මතු බුදුවන්නේ..... මට මතක් උනේ මෙන්න මේ සිංදුව
ReplyDeleteස්තූතියි මල්.....................
Deleteමේ පැත්තට ඇවිත් අපිව දිරිගැන්නුවාට..........
යූ හෑව් අ පොයින්ට් කිව්වලු
ReplyDelete