උප්පත්තිය ගඟක්
ගලන්නැතුව පැවැත්මක් නැති....................
පාසල හිරගෙයක්
හොරෙන් පනින්නැතිව ආතල් එකක් නැති....................
අධ්‍යාපනය මැණිකක්
පොලිෂ් කරන්නැතිව ෂයින් වෙන්නැති....................
ආදරය වර්චස් ගොඩක්
වැහිලා තියෙනකල් මාට්ටු වෙන්නැති....................
කසාදය රෝස මලක්
නැට්ටේ කටු නැතිව කොලිටියක් නැති................
වයිෆ් මුගටියෙක්
බෙල්ලෙන්ම කඩාගෙන මිසක් අතඅරින්නැති.............
රැකියාව කොටිවල්ගයක්
අතඅරින්නට විදිහක් ම නැති....................
කොහොමත්
අන්තිමට බැලුවම,
ජීවිතය හෝටලයක්
පරිප්පු නැතිව කිසි ගතියක් නැති....................
කසුප් අනුරාධ
.
බලන් ගියාම ලිස්ට් එකම හරි වගේ
ReplyDeleteඒක නම් ඇත්ත ඉවා.
Deleteස්තූතියි ඉවා.............. ඕක හැමෝටම වගේ ඔහොමම තමා... වෙනස් වුණොත් ඉතින් ඉඳලා හිටලා තමා............
Deleteආපහු පරිප්පු කතාවමයි..
ReplyDeleteහැබැයි සුපිරි ඈ.....!
Deleteස්තූතියි නිමෝ....................
Deleteහැමදාම අපිට හයියක් වෙන මිතුරා............
This comment has been removed by the author.
ReplyDeleteමේ හැම දේකින්ම අපි ගැට ගැහිලා. මරණයත් refresh button එකක් විතරයි ආපහු පරණ ටිකම සිද්ද වෙනවා.අපි අළුත් විදියට විඳ ගන්නවා.
ReplyDeleteඅපේ කුරුටු ගෑ ගී පවුරට සාදරයෙන් පිළිගන්නවා සප්‍රි,
Deleteකතාව ඇත්ත. සීයට සීයක් ඇත්ත. අපි හැමදාම මේ රඟමඩලේ රඟන නළුවෝ තමයි කවුදෝ කිව්වා වගේ.......
සප්‍රි,
Deleteඔබ විසින් බ්ලොගයක් පවත්වා ගෙන යනවාද??? ඒ පැත්තට යන්න බැලුවට විදිහක් නෑනේ................
ඔව් ඔව් . http://ipanella.blogspot.com/
Deleteකුරූටු ඒ පැත්තෙ ඇවිත් ගිය පාර දිගේ තමයි මාත් ආවෙ. සබඳ කම් වැඩි දියුණු වේවා.
ඉපනැල්ල දන්නවා. මේ නමින් දන්නේ අද...
Deleteඇත්තනේන්නම් ... :)
ReplyDeleteස්තූතියි තුශානි..................
Deleteමරුනෙ බොලන්… හැක්.
ReplyDeleteඅනුරාධ නියමෙට ලිස්ට් එක ලියලා තියෙන්නෙ? :)
ප්‍රියා තව ලිස්ට් එක අපේ කට්ටිය දික්කරන්නැතෑ...
Deleteමේක පොඩි ආරම්භයක් විතරයි. බැරියැ ට්‍රයි එකක් දීලා බලන්න......
ගහක් උඩ ගෙඩියක්
Deleteගෙඩියක් උඩ ගහක් ..!!
කොහොමද මගෙ කවි හැකියාව ..:D
හැක්.................... දැක්කාමයි......
Deleteලියමුකෝ තව කෑල්ලක් බලන්න. ඕකට ම ගලපලා......
නියමයි,අර වයිෆ් ගැන කියපුව ඇත්තද.මමනම් දන්නෙ නැ
ReplyDeleteස්තූතිය දමිත් අදහස් දැක්වීමට..........
Deleteඇත්ත කතාව. කාටවත් කියන්න එපා අපි කිව්වා කියලා.....
දමියා
Deleteවයිෆ් සුර දූතියක්
බීරන්ට කං ඇහෙන් නැති !!!!
පත්තරේ පට්ට කයි කෑල්ල හොදේ..........
Deleteඋත්පත්තිය තිළිනයක්
ReplyDeleteකලාතුරකින් ලැබෙන
පාසැල සරසවියක් සිප් සතර බෙදාදෙන
නිතර තුරුලට යන්න හිත දෙන
අධ්‍යාපනය මිණි පහනක්
සදා එළිය දෙන
ආදරය සොඳුරු නිය දහමක්
කිසිවෙකුට ගැටළුවක් නොවන
කසාදය නොනිමි බැම්මක්
කිසිදා බිඳ නොවැටෙන
බිරිඳ සිරි දෙවු දුවක්
දිවි ගමන සවිකරන
රැකියාව කප් රුකක්
සියලු යස ඉසුරු ලබාදෙන
සියලු සරින් පිරි මේ ජීවිතය..
සොඳුරු ගීයක් සවන් පිනවන..
හැබැයි ඒ මෙහේ නෙවෙයි. කේතුමතී නුවර..
ඒක හරි මනෝෂ්...............
Deleteඒත් මං බැලුවා මොකක් ගැනද කිව්වේ කියලා. කොහොම වුණත් හරි ලස්සන විදිහට කවියක් ගොතලා.............
හා.. හා කට කට. ඓශ්චර්යමත් රටේත් එහෙමයිලු ඕං ....
Deleteඇත්තට ම මේක නම් ඓශ්චර්යයක් තමයි. මෙහෙම දේවල් ආසියාවේ තියා ලෝකෙවත් වෙන්නේ නෑ... ආය ෂුවර්..................
Deleteනියමයි...අර මුගටි කතාව නම් දන්නෙ නෑ එහෙම වෙන්න කලින් ........ හැක්
ReplyDeleteනියම ගැලපුම
දැන් බොට කාලෙ හරි නේද මුගටිච්චි පැට්ටෙක් හොයාගන්න.... හෙක්...හෙක්...
Deleteසහෝදර.......
Deleteවුණාම තේරෙනවා. මං ඔයිට වඩා හොද එකක් කල්පනා කරා කරා. ආවේ නෑ. ඔයිටත් දරුණු එකක් තියෙනවානම් කියන්න. මොකද ඒක ඒ තරම්ම අනාථ වීමක් සහෝදර...
කෙන්ජි පදින්නේ ජපන් වාහනයක් ද????
Deleteමේ දවස්වල නම් සවුත් අමරිකන් එකක්..... :) :)
Deleteඉතින් ජපන් වාහන පට්ට කන්ඩිෂන්නේ................ ඇයි ලතින් ඇමරිකන් වාහන පදින්නේ..........
Deleteඅර ලිස්ට් එකේ ගල් ගැන නැති එකට මාගේ බලවත් විරෝධය !!!!
ReplyDeleteඔන්න මං වැරැද්ද හැදුවා
ඉරිදා දවස කල්පයක්
අරක්කු ඩිංගක් නැති :D
ඔබගේ සංකල්පය හා මා එකෙන්ම එකඟ වෙමි...
Deleteපත්තරයෝ..............
Deleteඉරිදට පත්තරේ එනවානේ... එක බලාගෙන කරබාගෙන හිටිං... පත්තරේ තියෙන ඒවා දැක්කම කෝමත් වෙරි වෙනවානේ....
@ විදානේ...
Deleteදී කිරට බළලුත් සාක්කි.....
බයවෙන්නෙපා ගී පවුරෙ, පත්තරය මොන විරෝධය පෑවත් මං ඉන්නවා ගී පවුර එක්ක මේ කාරණාවෙදි. හැක්..හැක්..
Deleteඅන්න කොල්ලෝ....................
Deleteසුපිරි ගැලපිල්ල....
ReplyDeleteඉස්පිල්ලක්,පාපිල්ලක් වරද්දා නැති.....
බොහොම ස්තූතියි කෙන්ජි...............
Deleteකෙන්ජියා ඉතින් මේවට උඩින්ම කියලා දන්නවානේ....
එකඟ වෙන්න පුළුවන් ගොඩක් ඒවාට.හැබැයි ඔක්කොටම නෙමේ.
ReplyDeleteඒකට කමක් නෑ..
Deleteවෙනස් වෙන්න ඕනේ තැන් ඒ විදිහට ම හදන්නත් ට්‍රයි එකක් දුන්නොත් මොකද???
//රැකියාව කොටිවල්ගයක්
ReplyDeleteඅතඅරින්නට විදිහක් ම නැති....................//
අනේද කියන්නේ..
ජය වේවා!!!!!!
අල්ලගත්තාම තමයි තේරෙන්නේ විදානේ.......
Deleteආය අතඅරිනවා බොරු. ජොබ් එක ජීවිතේ වෙනවා....
අඩේ මොනා වුනත් නියම කවිය.. ලියලා තියෙන හැම දේම වගේ ඇත්ත.. ඔය කෝම වුනත් ඉතින් අපි මේ ජීවිතේට කැමතියිනේ..
ReplyDeleteඔව් දිනේෂ්...........
Deleteඉතින් අපේ ජීවිතේ කියන්නෙත් මේකනේ... මේවා හැර ජීවිතයකුත් අපිට නෑනේ... ඉතින් විඳව විඳව ඉන්නවා....
ස්තූතියි අදහසට...
පට්ට කියන්නෙ පටේ පට්ට...
ReplyDeleteකුරුටු පවුරෙන් වෙනස්ම කවියටක්...
ජයවේවා
ස්තූතියි මහේෂ්..................
Deleteටිකක් වෙනස් කවියක් ලියන්න තමයි ඕනේ වුණේ..... ස්තූතියි අගය කිරීමට සහ දිරිගැන්වීමට මහේෂ්.........
මම නං අදමලු මේ පැත්තට ගොඩ උනේ....
ReplyDeleteකියපු ඔක්කොම හරි වගේ......හික්ස්....
මං හිතන්නේ මීට කලියෙන් රෙහානි ඇවිල්ලා තියෙනවා... ටිකක් මතක් කරලා බලන්නකෝ......
Deleteකොහොමත් කමෙන්ටුවට ස්තූතියි......
////ජීවිතය හෝටලයක්
ReplyDeleteපරිප්පු නැතිව කිසි ගතියක් නැති....................//////
ඇත්තමයි....ඔය ඔක්කොම තමයි ජීවිතය. වැඩිය ගණන් ගන්නේ නැතුව ඔහේ යන්න දෙන්න ඕන. නැත්නම් ලුණු වැඩි පරිප්පුවක් වෙනවා. මුට්ටිය පිටින් විසිකරන්න තමයි වෙන්නේ.
අරූ......................
Deleteජීවිතය ගැන අපිට වැඩිය අත්දැකීම් ඇති ඔබ ඒ ගැන මනාව දන්නවා ඇතිනේ.. කතාව නම් ඇත්ත මේ හැම දේම තමයි ජීවිතය කියන්නේ........
ලිස්ට් එක නම් හරියටම හරි.ඒත් මෙහෙම හිතලා ජීවත් වෙන්න අමාරුයි.මගේ නම් තියරිය තමයි කිසිවක් ගණන් නොගෙන සිටීම.මේ හැම දේම ලස්සන හෝ අවලස්සන කරගන්නේ අපි විසින්මනෙ.කේකුමතියක් හරි අපායක් හරි බිහි වෙන්නෙ අපේ සිතිවිලිවල වරදින්.
ReplyDeleteසිතිවිල්ල අගෙයි.ජය වේවා........
ස්තූතියි ඇනෝ..............
Deleteඒකත් ජීවත් වෙන්න ලේසි ක්‍රමයක් තමයි. කොහොම වුණත් ඔබ කියන කතාවනම් ඇත්ත. අපි ම තමයි ජීවිතේ හොද කරගන්නෙන් නරක් කරගන්නෙත්.... ඒක හරි....
ස්තූතියි අදහස් දැක්වීමට.....
ඔය තියෙන්නේ අඩුවක් නැතිවම ...
ReplyDeleteමේක ලියන්නැත්තේ දීර්ඝකාලින ජීවන අත්දැකීම මත වෙන්ටැති නේ ? හැක්.. හැක්..
ස්තූතියි සඳරු අගය කිරීමට.................
Deleteඅත්දැකීම් හෝ ගාලා... කොහොම වුණත් හැම කෙනෙක්ගෙම ජීවිත වලට මේවා අදාල වෙනවා. ඒ අපේ ජීවිත එක විදිහටම ගෙවිලා යන නිසායි....
100%ක් එකඟයි ඔබ සමඟ. පොදුවේ අපි හැමෝම විඳින , දැනෙන යථාර්තය තමා නිර්මාණයේ ප්‍රස්තූතය. ඒක රසට ගළපලා තියෙනවා.
Deleteවිඳවනු වෙනුවට වින්ඳෝතින්
ජීවිතය - රස සයුරක්
This comment has been removed by the author.
ReplyDelete