Monday, June 16, 2014

අලුත් ම ත්‍රස්තවාදී අවදානම..................



එරට උතුම් යැයි කියනා තැනක් වේ ගරු
මේ තැන ඉන්නේ බලගතු මැති ඇමතිවරු
ඒ අය එක්වී සමයක මේ සැරසෙන්නේ
සමුළුවකට යන්නට පිටරට සැනසිල්ලේ...........

මෙතැන තියෙන ඔළුගෙඩි ටික ගණන් බැලුවොතින්
බාගයකට වැඩිය ඇතේ පාර්ලිමන්ට් එකෙන්
ඒක නිසා රැකිය යුතුයි මේ රන් කඳවල්
ඉහළම රැකවල් දී ඇත දා මුරකාවල්...........

කෙසේ වුව ද යන මග ඇති තොටුපොළක ගුවන්
නවතන්නට සිදුවිය මේ යානය දොසකින්
එහෙදි සිද්ධ වුණේ දෙයකි නොසිතුව විලසින්
කඩා පැනපි ත්‍රස්තවාදි රැළක් හදිසියෙන්...........

ගත්තනේ මැති සෙට් එක මුන් ප්‍රාණ ඇපයට
ඊට පස්සේ කලබල වුණි එරට යමරෙට
රටේ ඉන්න මහතැන දුවමින් හතරකොනේ
ගිනිගත් හිස නිවා ගන්න විදි සොයනු පෙනේ...........

දුවන අතර කට්ටිය දැන් සිහිය විකල්ලෙන්
ඇමතුම එයි ඉහළට මැර නායකතුමගෙන්
රටේ ලොක්කා විමසයි දැන් උන්ගේ කප්පම
අනෙක් පසින් ඉල්ලන දේ බරයි හොඳටම...........

අපිට ඉන්න බෑ තවදුරටත් පිළිසඳරේ
ත්‍රස්තවාදි එක්ක කතා අපිට නොතේරේ
මොකද වෙන්නේ දුන්නේ නැතොත් කප්පම තොපිට
ලොක්කා ඇහුව විටදි ලැබුණා පිළිතුර යසට...........

එහෙනම් අපි කරනවා දඩුවමක් රටට ම
ඉතින් එයට වගකියන්න බැරිය අපිට ම
දුන්නේ නැතොත් අර ඉල්ලපු කප්පම අපිට
මුන් ටික සේරම ආපහු එවනවා රටට...........


(මා අසා තිබූ අමුතු විහිළුවක අදහස කවියට නැගීමකි.)


අසංක ගයාන් අබේසිංහ


.

35 comments:

  1. එල තමා අසා....!

    ReplyDelete
    Replies
    1. ඒ... මම එක ඈ...!

      Delete
    2. ස්තූතියි නිමෝ.................... මේක තමයි රටකට දෙන්න පුළුවන් හොදම දඩුවම නේද????

      Delete
    3. 1 වුණාට තෑග්ගක් දෙන්නම්කෝ...............

      කොහොමත් නිමෝලට අපි ඉතින් එකෙන් ම සලකනවානේ........................

      Delete
  2. හප්පේ අපේ තියෙන දෙයක් විකුනලා හරි මුන්ව නිස්දහස් කරන එක නවත්තමු

    ReplyDelete
    Replies
    1. රටේ බහුතරයක් දෙනා හිතන විදිහ ඔහෙමම තමයි. ඒ නිසා ඉල්ලන දෙයක් දෙන්න බැරි වෙන එකක් නෑ මයේ හිතේ........

      Delete
  3. අනේ මචෝ අතේ සල්ලි නැත්නම් හිඟාකාලා හරි ගාණක් හොයලා දෙන්නම්. මුන්ව එවන්න එපා. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රියා එහෙම හිගා කන තැනක් තිබුණොත් කියපං අපිත් එනවා සහයට..................

      Delete
  4. Replies
    1. ඉස්තූතියි.....................

      Delete
  5. පට්ටම පට්ටයි මචෝ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලියා..............

      Delete
  6. අනේ අපේ සබ්බ සකල මනාවම
    අරගෙන හරි දීපල්ලා අර කප්පම
    මුන්ටික මෙහේට ආපහු නො ආවම
    අනේ මගෙ රට වෙයි සුරපුරයක්ම

    ReplyDelete
    Replies
    1. අනිවා ලංකා..........

      මේ ඉන්න රැළ පන්න ගන්න පුළුවන් නම් ඒක තමයි රටට කරන්න පුළුවන් ලොකු ම සංවර්ධනය.............

      Delete
  7. ඔය වගේ දෙයක් කල හැකිනම් අපේ රටෙත්
    රට ගොඩ යනු ඇතේ නැත ඒ ගැන කිසි සැකයක්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,...

      මේක අපේ රටටම වෙන දෙයක් තමයි. මොක ද වෙන රටවල් වල පිටරට සමුළුවලට පාර්ලිමේන්තුවෙන් බාගයක් ම පටවාගෙන යන්නේ නෑනේ... මේක කොහේ ගියත් ෆ්ලයිට් එකක් පුරවලා පිරිවර අරන් යනවානේ....

      Delete
  8. උඹල සෙට් එකට...ජය වේවා....
    හෙහ්... හෙහ්... උඹල දන්නව ජප්පෝ රාබු වලට කොච්චර කැමතිද කියල....
    ඩයිකොන්ද ..... මන්ද.....????

    ReplyDelete
    Replies
    1. අනිවා..............

      ඔෂීන් එකේ එහෙම දැක්කා. ඒකයි කිව්වේ. රාබු ප්‍රධාන ම ආහාරයක් ද???? ඇත්තට ම ප්‍රධාන ආහාරය මොකක්ද???

      Delete
    2. බත්....... බත් කෝප්පය මැදට ඇඹුල් උමෙබොෂි ගෙඩිය තබල.....රාබු,ළුණු,ටෝෆු කපල දාල උණු මිසොසුරු සුප් එකට බිත්තරයකුත් කඩල දාල බොන ගමන් බත් කෑම තමා ප්‍රධාන.....

      Delete
    3. බත් දන්නවා. රාබු ළූණු දන්නවා. ඒත් උමෙබොෂි ගෙඩි ගැනයි, ටෝෆු ගැනයි, මිසොසුරු සුප් ගැනයි දන්නෑ අනේ කෙන්ජියෝ කයහංකෝ ටිකක්....................

      Delete
  9. හිගාකාලා කාලා හරි කීයක් හරි එකතු කරලා යවමු ඔය අපතයො ටික අපට එපා කියලා..............

    ReplyDelete
    Replies
    1. අනිවා මල්.....

      රටෙන් බහුතරයක් ඒකට නම් එකග වෙනවා ෂුවර්..........

      Delete
  10. පට්ට...
    අර මල් මල් කියනව වගේ අපිට මුංඑපා තොපි තියා ගනියවි කියල කීයක් හරි යවමු...
    ඒක අපිට වගේම රටටත් හොදයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...................

      අවුරුද්දක් තව පටි තදකරගත්තත් මොක ද නේද??????

      Delete
  11. ඇයි ඒතරම් දරුණු දඬුවමක්????

    ReplyDelete
    Replies
    1. ඒ තමයි රටකට දෙන්න පුළුවන් දරුණුම දඩුවම චාම්ස්.......

      ස්තූතියි අදහස් දැක්වීමට.........

      Delete
  12. වහාම කමිටුවක් පත් කරමු. ගම් නියම් ගම් සිසාරා යමු. එකෙග් ගෙන් අඩුම රුපියල් 10 ගානෙවත් එකතු කරමු. දුන්නැත්නම් ගහල හරි ගමු. කොහොමහරි කප්පම එකතුකරගෙන යවමු. පංසල් වල පිං කැට ටිකත් කඩමු. මොක්ද මීට වඩා වටින වෙන පිං කමක් නැති නිසා. එක මාසෙක පඩියෙන් බාගයක් හරි දෙමු. මේ ලැබුන ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගමු.

    අහපු විහිළුව කවි පංතියකට නඟල තියෙන විදියනම් හරිම අපූරුයි කුරුටු. අන්තිම කවියේ අන්තිමෙ පේලියට එනකල් කතාව හිතාගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්...............

      කරන්න පුළුවන් උපරිම දේත් කරලා කොහොම හරි මේ වැඩේ ගොඩදාගත්තා නම් හරි තමා..............

      Delete
  13. ඔබගේ හැකියාවට මාගේ ප්‍රණාමය ...! ( අහපු දෙයකින් ලස්සන නිර්මාණායක් කරලා තියෙන්නේ ... )

    අනේ හපොයි. ඕකත් ලොක්කගෙම ප්ලෑන් එකක්ද මන්දා ? එතකොට සල්ලිත් ලැබෙනවා , ජනතාවගේ ආදරෙත් ලැබෙනවා නොවෑ මදි නොකියන්න.
    ඒ විතරක්යෑ ආයි අර " වටිනා කියන " මොලගෙඩි ටිකත් ලැබෙනවානේ

    අහ්, වැරදුනාද මන්දා ??? මොලගෙඩි නෙමෙයි... හිස් ගෙඩි ටික

    ReplyDelete
    Replies
    1. ඒක හරි සඳරු................

      ලොක්කාම මේක ප්ලෑන් කළාද මන්දා නේද? මොක ද ඡන්දයත් ළගයි. අර කිව්වා වගේ ජනතා කැමැත්ත සහ ඡන්ද ටිකත් ගොඩනේ. මොක ද ඉස්සර හිටපු ලොක්කොත් ත්‍රස්තවාදීන්ට ආයුධ එහෙම දිලා හදාගත්තු එකේ මෙයත් මෙහෙම රඟපාන එක අමුුතු දෙයක් නෙමෙයිනේ................

      Delete
  14. හහ් හහ් හහ් නියමයි...
    බැරිද නිකං කප්පම නොගෙවා වැඩේ ගොඩ දාගන් න විදියක් අර පික්චර් වල වගේ...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ..............

      පික්චර් එකක වගේ වුණොත් මේ රැළ බේරෙනවානේ. ඒක මාර අවුලක්නේ අපිට. එහෙනම් පික්චර් එකක වගේ ගිහිං ත්‍රස්තවාදීන්ට හොරෙන් මරලා දාන්නයි වෙන්නේ......

      Delete
  15. ඉක්මනට ආධාර පත්තරයක් දාලා කීය කීය හරි එකතු කරමු..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්...............

      කරන්න පුළුවන් දෙයක් කරමු නේද?????

      Delete
  16. ඇත්තට බැරිද මේවගේ දේ කරන්නට
    කියන දෙයක් දී එන්නං වඳින්නට
    තියන දෙයක් විකුණා හරි කරන්නට
    වටිනා කියන වැඩකිය මේ කරන්නට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...