අකල් ගිම්හානෙකට වී
දෛව මාරුතේ සමග
ගිලිහී ගිය මුදු මලෙක
සුවඳ සිහිනෙන් විඳිමි..............
ගොම්මන් සැඳෑ යාමේ
ඇය දැවෙන චිතකයේ
අවසාන ගිනි සිළුද
ගිල ගනී නිශාන්තය ...............
වියරුවෙන් ලය පතුල
නොනැවතී ඇවිලෙනා
වියෝවේ චිතකයේ
දැවෙයි මා සියොළඟම ...............
ඇගේ පියැවුණු දෙනෙත්
දකින්නට පවු කරපු
මා දෙනෙත් වලට තව
කඳුළු නෑ හඩන්නට ...............
සිනා සැලු ඇගෙ උවන
උණුසුම් වූ රත් කොපුල
සෙනෙහසින් පිරුණු සුව
ගෙන ගියා උඩු හුළඟ ..............
සසරෙ මා පැතු එකම පෙම් මල
අහිමි වූ සඳ නිමේෂයකින්
කුමට මා හට අන් කිසිත් සුව
ඇය නොමැති මේ බොල් අහස යට .............
දැවෙන රිසි වෙමි සදාකල්හිම
තුරුළු කරගෙන ඇගෙ සොඳුරු පෙම
ඉතින් එනු එපා වසන්තය
කිසිම දා යළි මා වෙතට ...................
අසංක ගයාන් අබේසිංහ
.
වෙනස් සංවේදි සිතුවිල්ලක්...
ReplyDeleteඇය ගැන දැවෙන මතකයත් පුතු පෙම නිසා උපන් බැදීමත් නිසා ඇති වෙන කටුක වේදනාව...
අපුරුයි අසංක...
පියෝ විප්පයෝගෝ දුක්ඛෝ
මහේෂ්..................
Deleteකවියේ යම් ගැටළුවක් තිබුණා ඒක හැදුවා. //පැතු පෙම// කියා එතැන නිවැරදි විය යුතුව තිබුණා. නැතහොත් කියවන කෙනා විසින් වෙනස් ම අදහසක් ගන්නා බව තේරුණා. නමුත් ඔබ එය සූක්ෂම ව කියවා සොයා ගැනීම ගැන අපගේ ස්තූතිය....................
හුටා...
Deleteකවිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා...
දැං මොකෙයි දං වලදන්නෙ...
ඒක තමයි මහේෂ්........
Deleteඑක අකුරක් වෙනස් වුණාම සම්පූර්ණ කවියක අදහස වෙනස් වෙන විදිහ නේද???
කුරුටු.. මේ නම් මාව ගොඩක් සංවේදී කරන වර්ගයේ නිර්මාණයක්. මෙහෙම අත්දැකීමක් පුද්ගලිකව විඳගන්න තරම අවාසනාවන්ත වෙලා නෑ මම. ඒත් හෙට මේ දේ උනොත් කියන පරිකල්පනයෙන් මට මේ වර්ගයේ නිර්මාණ හදවතට ගොඩක්ම සමීපව විඳින්න පුලුවන්. තම සඳවතිය අහිමි වූ මෙවන් පෙම්වතුන්ගේ ශෝකාග්නිය කදිමෙට නිරූපණය වෙන ගී නිර්මාණ කිහිපයක්ම අපේ ගීත සාහිත්‍යෙයෙන් අපිට උරුමවෙලා තියෙනවා. ඉන් කිහිපයක්ම මං මගේ බ්ලොග් එකෙනුත් අරන් ආවා.
ReplyDelete"පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...නුඹ ඇයි නැත්තේ.."
"මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන.."
"එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා... "
නිර්මාණ්යනම් විශිෂ්ඨයි ගී පවුරේ.. ඔය උඩ ගීත තුනෙන්ම මං ලබපු මිහිර එලෙසින්ම ඔබේ නිර්මාණයෙනුත් ලැබුවා.
\\සසරෙ මා පුතූ එකම පෙම් මල
අහිමි වූ සඳ නිමේෂයකින්
කුමට මා හට අන් කිසිත් සුව
ඇය නොමැති මේ බොල් අහස යට//
ඇත්තෙන්ම සසරෙ පැතු එකම මල මිලින වී ගියොත්..හිතන්නවත් කැමති නෑ මං..එවන් වේදනාවක් කාටවත්ම හිමි නොවේවා...!
හරිම අගෙයි මනෝෂ්.
Deleteඔබ විසින් අපේ කවිය තව තවත් අර්ථවත් කරා කියලා හිතෙනවා වෙනදා වගේ ම. ඉතින් මනෝෂ් ඉහත ගීත තුන ම අතිශය ජනප්‍රිය වුණා වගේ ම හරිම අර්ථවත් ගීත තුනක්. ඒක අත්දැකීමක් වෙලා තව තවත් ගීත හෝ කවි නොලියවේවා කියලා අපි පතමු..............................
හොදයි අසංග.. දැං උඹ නේද වැඩිපුර මේක රන් කරන්නේ
ReplyDeleteහැක් දේශකයා ඇහැ ගහගෙන ම තමයි නේද ඉන්නේ.... ඒක නෙමෙයි දේශකයා ලියමුකෝ අපේ බ්ලොගයට කවියක්. අපි අලුතෙන් ම හඳුන්වා දෙන දේ තමයි බ්ලොග් සහෘදයන්ගේ කවි වලට ඉඩක් දීම. ඉතින් අපි මුල් ම කවිය දේශකයා දැම්මොත් හොදයි කියලා හිතනවා.... මොකද කියන්නේ අභියෝගය භාරගන්නවා ද නැත්තම් ඉතින් දන්නවානේ.....................????
Deleteදේශකයා ලියමු වෙරලුමල් සුවද ගැන කවියක්. හැක් හැක්....
Deleteනලියාටත් ඉස්සරහට දවසක් එනවා. එදාටත් එහෙනම් මාතෘකාවක් දේශකයා දෙයි...
Deleteඒක නෙමෙයි නලියා බලමු දේශකයාගේ කවි සිත කොහොම ද කියලා... ඔට්ටුයි දේශකයා ලියනවා සුපිරි කවියක්. හා නෑ කියනවද????
හැහ්.! කෝ මේ දේශකය. එමුකො බලන්න පපුව එහෙම ඉස්සරහට දාගෙන. මෙයා හැංගිලා ඉන්නවා වැඩියි දැන්.
Deleteදැන්නම් දේශකයා අමාරුවේ වැටෙන්නයි යන්නේ. දැන්මම ඇවිත් මේවට උත්තර දුන්නොත් ලැජ්ජාව වහගන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින්..................
Deleteනෑ. දේශකයා එහෙම වෙන්න ඉඩ තියන එකක් නෑ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න මනුස්සයානේ.......
මං සාමාන්‍යෙයන් ලණු කන්න කැමති නෑ අනේ.. හැක්
Deleteනෑ දේශකයා මේක ලණුවක් නෙමෙයි. වැරදියට හිතන්න එපා. අපි කුරුටු ගෑ ගී පවුරෙන් අලුතෙන් ම හදුන්වා දෙන දේ තමයි මේ. අපේ බ්ලොග් සගයින්ගේ නිර්මාණයන්ට අපේ බ්ලොගයේ ඉඩක් දීම. අපි කුරුටු ගෑ ගී පවුරේ සීමා ටිකක් පුළුල් කරන්නට ඉස්සරහා කාලෙදි වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ තුළින් අලුත් චරිත බොහොමයක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා අපි කරපු මුල් ආරාධනාවකට දේශකයා බෑ කියන එකක් නෑ කියලා අපි හිතනවා... අපි අනික් හැමෝටමත් අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා..........
Deleteweerasinghehasitha@gmail.com
මෙන්න අපේ මේල් එක..........
ස්තූතියි.
දුකක් තමයි තමන් ආදරේ කරන අය මේ විදියට තමන් තනිකර ජිවිතෙන්ම සමුගෙන යන එක නම්.
ReplyDeleteඇත්ත මනෝජ්,
Deleteඒ විදිහ අදහසක් හිතට ආවා. ඒක මත්තේ ටිකක් හිතුවා. ඒක කොයිතරම් අපහසු දෙයක් වෙනවා ඇත්ද කියලා හිතුණා. ඉතින් වචන කීපයක් ඒ අතරේ කුරුටු ගෑ වුණා.
කවදාක හරි දෙන්නාගෙන් කෙනෙකුට මේ දේ දරාගන්නා වෙනවානේ කියලා හිතුණා මනෝජ්...............
This comment has been removed by the author.
ReplyDeleteඑපා හිරු පායන්න
Deleteඅදින්පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න
සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල බිදී...
හිදී නැවතී ඉන්න
එපා හිරු පායන්න...
පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න.
එපා හිරු පායන්න..
ගායනය - වික්ටර් රත්නායක
පද - කුමාරදාස සපුත්‍රන්ත්‍රි
සංගීතය - වික්ටර් රත්නායක
ස්තූතියි විදානේ......................
Deleteඇත්තට ම මේ කවිය මේ විදිහට අදහසක් ද දෙන්නේ. මම මේක නිතර ම අහනවා. මගේ නිතර අහන ලිස්ට් එකෙත් තියෙනවා. ඒත් අදහස මෙහෙම දෙයක් කියලා දන්නේ නෑ...
හිතට දැනෙනවා තදින්ම ,නිර්මාණය නියමයි කියන්න ඕන මොනවද කියලා කල්පනා කරේ ,මේ වගේ නිර්මාණ නිසා ඇස් තිරය උඩ ටික වෙලාවක් නතර කරන්න පුළුවන් ,මොනවා කියන්ඩ ද මන්දා ????
ReplyDeleteමමත් ලිව්වා මතකයි කාලේකට කලින් මේ වගේ එකක්,පෞද්ගලික අත්දැකීමක් එක්කම ......බුකියේ ශේයා කරන්න අවසර තියෙනව ද ?
ස්තූතියි සහෝදර අගය කිරීමට.................
Deleteඔබගේ අත්දැකීම් කීමෙන් අපිව දිරිගැන්වෙනවා සහෝදර. ඔබ නිතරම විත් අපිව දිරිමත් කිරීටමත් ස්තූතියි...
ඕනෑම වෙලාවක අවසර තියෙනවා. අපි නම් බුකියට සම්බන්ධ නෑ. ඉතින් ඔබ විසින් ඒ දේ කරනවානම් අපි උඩින්ම අවසර දෙනවා....
කුරුටු පවුරේ ලියවෙන්නෙ කවි නිසදස් වගේ එවා විතරයි ද ???? කතා ලියවෙන එකක් නෑනේ
Deleteඒ කියන්නේ සහෝදර,
Deleteඔබ අදහස් කරේ අදහස් විදිහට හරි, විචාරයන් විදිහට හරි කවි හැඩයෙන් නැතුව කතා විදිහට ලියැවෙන ඒවා ගැන ද???
ඇත්තට ම සහෝදර අපි මේ බ්ලොගය පටන් ගත්තේ කවි ලියන්නම කියලා හිතාගෙන. ඉතින් අපි බොහෝ දුරට කවි වලටම සීමා වුණා. ඒක ගැන අපි වැරැද්දක් දකින්නෙත් නෑ. මොක ද අපිට පුළුවන් වුණා බ්ලොග් සගයින් අතර කවි බ්ලොගයක් විදිහට විවිධත්වයක් ඇති කරන්නට. අපි විවිධ මාතෘකා සහ විවිධ සිදුවීම් කවි වලට නගලා ඒකාකාරී බවක් නැතුව බ්ලොගය ගෙනියන්න උත්සහ කරනවා. ඉදිරියේ දී යම් යම් වෙනස්කම් ටිකක් ගැනත් හිතමින් ඉන්නවා. ඒත් බ්ලොගයේ හැඩය වෙනස් කීරීම ගැන බ්ලොගය ලියන සගයින් ටික තාම එකගතාවයකට ආවේ නැහැ. ඉතින් ඉදිරියේ දී යම් වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා.
අදහසක් තියෙනවානම් වෙනස් වෙන්න ඕනේ විදිහ ගැන අපිට ලියන්න
weerasinghehasitha@gmail.com
ස්තූතියි සහෝදර....................
අපි සිතන්නට වත් අකමැති සිතුවිල්ලක්..:)
ReplyDeleteපතන්නම්.. එපා යලි
සුවද මල් පිබිදෙන්න,
ඇගෙ සුවද ගෙන එන්න..
පතන්නම් වස්සාන
යලි යලිත් නොම එන්න
ඇගෙ අඩුව සිහි වෙන්න..
කිසි විටක නොසිතන්න
ඇය සොයා පිවිසෙන්න
ඇය ගියපු ඒ ගමන..
කාලයට ඉඩදෙන්න
හදෙහි ගිනි සුව වෙන්න
පතන්නම් මතු බවෙත්,
ඈ ඔබට හිමිවෙන්න..
_අදහස්_
දුල්ෂාන් නියම කවියෙක්නේ...........
Deleteහරිම ලස්සන අදහස් ටිකක් තමයි ගොණු කරලා තියෙන්නේ. ඉතින් බ්ලොගයේ මේක පෝස්ට් එකක් විදිහට දාමුකෝ.............
එන්නෙ නෑ ඇය යළිත් මා ළගට......
ReplyDeleteසැබෑවක්ද එය සිතන්නත් බෑ මෙමට.....
ස්තූතියි මල්.....
Deleteඒ වගේ ම පද දෙක වුණත් ලස්සනයි. හැමෝම කවියක් ලියනවා දකින්න අපි හරිම කැමතියි. ඉතින් මේ විදිහට කමෙන්ටුවක් දැක්කට ම සතුටුයි...................
හිතට දැනෙන , සංවේදී නිර්මාණයක් ....
ReplyDeleteකිසිවෙකුත් සිහිනෙන්වත් නොදකින්නට , නොවෙන්නට ප්‍රාර්ථනා කරන අවාසනාවන්ත සිදුවීමක් " ආදරයේ වියෝව ". එය අත්විඳින්න සිදුවෙනවා කියන්නේ අවාසනාවක්. යමෙකුට ඒ වියෝව අත්විඳින්න සිදු උනහොත් ඔහු / ඇය අතිශය සංවේදී වේවි. ඔබ ඒ හැඟීම සංවේදී විදිහට නිර්මාණය තුළින් ඉස්මතු කරලා තියෙනවා.
බොහොම ස්තූතියි සඳරු...............
Deleteමේ දේ කෙනෙකුට කොහොම දරාගන්න පුළුවන් වෙයිද කියලා ඇත්තට ම හිතන්නත් බැරි තරම් සඳරු. එය කවදාවත් කාටවත් නොවේවා කියලා අපි පතමු.
ඔබේ හැගීම් එකතු කරමින් කමෙන්ටුවක් දැමීම අපිව දිරිගැන්වීමක් සඳරු. එයට බොහොම ස්තූතියි......
පිපෙන මල් පරවෙන්න
ReplyDeleteඇරඹෙන්නෙ පිපෙනකොට
ඒ තමයි ලෝ දහම
දැකිය යුතු වෙයි මෙලෙස
එය ඇත්ත පිළිගනිමි.
Deleteනමුත් මල් පොට්ටුවක්
පිපෙන්නට පෙර දිනෙක
වියලිලා මියගියොත්......................
හීනෙන් වත් හිතන්න අකමැති සිතුවිල්ලක්.
ReplyDeleteපද ටික අපුරූයි.
ස්තූතියි ප්‍රියා....
Deleteහීනෙන් වත් එහෙම දෙයක් පෙනෙන්නටවත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රියා...
වහින්න මුතු වැස්සක්
ReplyDeleteවස්සානෙම ඉවුරු තලා යන්න
දකින්න නව ලොවක අරුනළු
පිපාසිත සිත් මඩලට.
කදුළක් වු ආදරයක් ලග
වැලපෙන්නට හිතක් නැහැ තවත් මට
නික්ම යන්නට නුඹේ ආදරය
වස්සානය එන්න මගේ ලෝකයට.
මහ වැස්සෙන් හේදිලා ගිය
බිමක දළුලන අලුත් ලෝකයක
තැනෙවි මගේම ලොකයක්
මම හැමදාමත් පතන.
අසංකගේ කවිය දැක්කම මම අතීතයේ ලියපු මේක මතක් වුනා..
හරිම අගේ ඇති කවියක් දිනේෂ්............
Deleteබොහොම ස්තූතියි කලින් ලියපු කවියක් වුණත් අපි එක්ක බෙදා ගන්නට අපේ අඩවියට කමෙන්ටුවක් විදිහට දැම්මට... ඉදිරියේ දී අපි බ්ලොග් සගයින් අතර ඉන්න කවි කාරයෝ ඔක්කොම එළියට ඇදලා ගන්න තමයි අදහස. තව ටික දවසකින් ඒක කරන විදිහ පෝස්ටුවක් දාන්නම්කෝ ...................... එදාට මේ කවිකාරයෝ ඉදිරියෙන් ම ඉදියි මං හිතන්නේ............