Sunday, June 1, 2014

මැකී ගිය සොඳුරු රුව .................



නෙත් සොයයි ඔබේ රුව
කාලයේ වැලි තල අතර
කඳුළු නෙත් පොකුණ තුළ
ගිලී ගිය ඔබේ රුව........................

ගෙවුණු හැම සිහිනතර
නුරා විත හෙළූ නෙත
සිත් අහස එකලු කර
මැකී ගිය සොඳුරු රුව..........................

තව තවත් සොයන්නේ 
මතක මල් සුවඳ මැද
පරව ගිය පෙම් කුසුම .......................

සිත් හැඟුම් නිදි වරන
අඳුරු සැමරුම් කුටිය
මළානික සඳ එළිය
එළි කරන නිශාන්තයක
රිදුම් දී ඔච්චමට 
යළි යළිත් ඉඟිකරන.........................


ඉසුරිකා චූලරත්න


.

20 comments:

  1. ලස්සනයි ඉසුරිකා.

    පරව ගිය පෙම් කුසුම් වලින් රිදුම් විතරයි ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියා....

      ඒ වේදනාව කොයිතරම් ද කියලා බොහොමයක් දෙනා දන්නවා මං හිතන්නේ.... ඒක තමයි ඔය කවියක් වෙලා ලියැවුණේ................

      Delete
  2. පරව ගිය පෙම් කුසුම
    නුඹ තබා ගිය සුවඳ
    විඳිනවා මම තවම
    තනිවෙනා මොහොතකම

    හිත කීරි ගැසුවාට
    නෙත කඳුළු හැලුවාට
    නුඹ මගේ පෙම් කුසුම
    අකාලයේ පරව ගිය

    නිදි නැතිව නුඹ හොයන
    රාත්‍රීන් මම ගෙවන
    නුඹ ගෙනා පෙම් සිහින
    නිදි ගෙනෙයි මට තවම

    සිහිනයකි තවම මට
    නුඹ පරව ගිය වග
    ඒ සිහිනයෙන් මිදෙන්නට
    හිතක් නෑ මට තවම

    ම්දුනු විට සිහිනයෙන්
    නුඹ නෑනේ මගේ ලගින්
    පෙම් කරමි සිහිනයෙන්
    නුඹ මගේ ලගට අරන්

    ලස්සන නිර්මාණයක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොමියා අගය කිරීමට....

      ඒ වගේ ම ඔබේ නිර්මාණයත් හරිම අගෙයි... දාමුකෝ ඒක බ්ලොගයේ............ අනික් අයටත් කියවන්නත් එක්ක..................

      Delete
  3. මැකීගියාම කොහොමත් ,යන්තමට බලලා ඔච්චමට ඉඟි කරනවා කියන එක හැමෝටම හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන්...

      කොයිතරම් ඉවත් කරගන්න හිතුවත් හිත වෙනස් කරගන්න හරිම අමාරුයි... ආයෙම දකින දකින පාරක් ගානේ හිතෙන්නේ ඔච්චමට ඉගි කරනවා කියලයි.. ඒ වගේ ම //රිදුම් දී හදවතට//...........

      Delete
  4. පරවුන පෙම් කුසුම් වල අතීත මතක සුවදට අවදි වෙන්නේ නැති හිත් ඇත්තෙම නැතුව ඇති මම හිතන්නේ.. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...............

      Delete
  5. ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි..............

      Delete
  6. සිතට දැනෙන රස සිතිවිල්ලක්......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි....................

      Delete
  7. This is a hearty poem about love. I think the real love is always away from us. Everyone is suffering the love. Nobody can touch the love they want but only can do is dreaming. Wish you all the success Isurika.....

    From.....

    White Man ( I can read Sinhala also...ha ha ha )

    ReplyDelete
    Replies
    1. white man,

      first of all thank you very much for visit our blog and write your feelings. that's true. I think it is the nature of love. all of us see the love, feel the love, touch it and get hurt......... it is human nature.....

      so thank you very much for your ideas.........

      welcome...............

      Delete
  8. සුන්දර සිතුවිල්ලක් ...

    පෙම් කෙරුවත් මහමෙරක් තරම් උසට
    මතක සුවඳ විතරයි අද මගේ තනියට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු,

      කවි පදයත් අගෙයි.....

      Delete
  9. පෙම් කුසුම් නම් පරව ගියත් සුවඳ දෙනවා.
    එත් වෙනසකට තියෙන්නේ එදා දුන්නේ මිහිරි සුවඳක්,පරව ගිය පසු දෙන්නේ අමිහිරි සුවඳක්.

    ReplyDelete
  10. විරහවම ‍රැගෙන අප
    උපන් හෙයිනුයි මෙලොව
    විරහගී මේ තරම්
    රසය ගෙන එන්නේ !

    ReplyDelete
  11. ලස්සන පද වැලක්..

    ReplyDelete
  12. "බොඳව ගිය අතීතයක, නොමැකී ගිය සෙනෙහෙ සිතුවම්, පාරවයි හද මඬල, යළි යළිත් හඬවමින්.."

    ඒත් මේ කටුක මතකය කවදාහරි විඳින්න තරම් සොඳුරු මතකයක් වෙනවාමයි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...