Saturday, May 31, 2014

විමල් පැන්නෝ.............. මෙන්න පුවත්......



අඩිය අඩිය තියලා ගොඩවුණ
අම්මෙක් අප්පෙක් වගේ හදාගත්තු
පක්ෂයට පයින් ගහලා 
ජම්මාන්තර වෛරයක් තිබුණ
ධනවාදයත් එක්ක පැනලා ගිය එකා...
කසාද බැදලා අවුරුද්දෙන් දෙකෙන්
දික්කසාද නොවෙයි කියලා කාට ද කියන්න පුළුවන්...????

දේශපාලනයේ අකුරු කියවපු දා ඉඳලා
රුසියාවේ ලේ කැකෑරුණු හදවතක්
බටහිර පැත්තට කොක්ක ගැහුව ම 
මොන මෝඩයාට ද හිතාගන්න බැරි 
මේකා ඇමරිකාවට හරි එංගලන්තයට හරි
රිංගනවා ම තමයි කියලා...... ????

දවස් දෙකක් විතර හොරෙන් කාලා
කලන්තයක් වත් හැදෙන්නැති
මාරාන්තික උපවාස කරද්දි ම 
කන පැලෙන්න දෙකක් දීලා
පුටුව අස්සට තල්ලු නොකළාම
ඕනෙ ම බූරුවෙක්ට තේරෙන්න එපැයි
මේ ඇට මැස්සා උඩ යනවාම තමයි කියලා.........!!!!

77 ඡන්දෙ වෙලාවේ
පොල්ලෙල්ලක් දැම්මත් පාර්ලිමේන්තු යනවා වගේ 
රැල්ලට ඡන්ද අරන් පාර්ලිමේන්තු ගියාට
තමන්ගේ තරම දන්නැති උන් කීපයක් ම ඉන්නවා
ඒ පුම්බන ගෙම්බෝ පුම්බලා පුම්බලා
පුපුරලා යනකල් ම උං දන්නෑ.
තමන් කවුද, කොහෙන්ද ආවේ තියා
තමන්ට මොනව ද කරන්න පුළුවන් කියලාවත්
තඹ දොයිතුවක තේරුමක් නෑ..........!!!!


හැබැයි එක දෙයක් විමල් දන්නවා
ඒ තනියම ඉල්ලුවොත් ඇපේ තියා 
ඇගේ කෑලිවත් ඉතුරු වෙන්නෑ කියන එක...
එක දෙයක් අපිත් දන්නවා
ඒ කොච්චර කෑ ගැහුවත් 
විමල් තියා විමල්ගේ මයිලක්වත් මේ වෙලාවේ පනින්නෑ කියන එක.....


කසුප් අනුරාධ



.

20 comments:

  1. පට්ට ලියවිල්ලක්නේ \m/ අනේ ඇත්තට තුන්මුල්ලේ විමලේට ගිය කල, දේශමාමක දේශහිතෙෂි කම අධෝ මුකයෙන් එලියට දාගන්නත් වායු සමීකරණයක පහස ඕන ඇති කියල වෙන්නැති අර කාලේ තියපු ප්‍රසිද්ද පන්ති පහේදී ඉගෙනගන්න ඇත්තේ. රෙද්ද තමා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ සොමියා

      මේවා එක ආකාරයක දේශපාලන විගඩම්..... අපි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයෝ වෙමු.

      Delete
  2. එළ අම්මප එළ. ලඟ හිටියනම් ඔබනව මසුරන් ගෝනියක් කටේ. මූ හිතුවෙ මූ ගියාම ජේවීපී එක නැතිවෙයි කියල. තවත් කට්ටිය එහෙම හිතාගෙනත් හිටිය. ඇත්තමයි මූ වගේ කෑව පතේ පහරපු එකෙක් මං දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. එහව් එකේ තවත් පාරක් කරණම් ගහන එක මහදෙයක් නෙමෙයි මනෝෂ්... ඒත් මේ වෙලාවේ නෙමෙයි.. මේක අනාගත ලාභ තකා කරන රඟපෑමක් විතරයි. ඡන්දෙට ඔන්න මෙන්න තියෙලා ඕක වෙනස් කරලා ඡන්ද ටික වැඩි කරගනියි....

      හැබැයි පළවෙනියට ම මේ ආණ්ඩුව පෙරළන සෙට් එකේ අංක එකේ පුද්ගලයෙක් තමයි මේ..........

      Delete
  3. ඇපේ නෙවෙයි ඕකගේ අමුඩ කෙටියට ඇතුලෙන් තියන ඒවාවත් ඉතුරු වෙන්නේ නැහැ තනියම ඡන්දේ ඉල්ලුවොත්.

    ReplyDelete
    Replies
    1. ඒක තියා ඒක වටේ තියෙන ඒවාවත් ඉතුරු වෙන එකක් නෑ... හැබැයි මේ වගේ වටේ යන ඈයෝ වැද්දගන්න පක්ෂ නිසා තරමට වඩා මුන් ඉදිමෙනවා...

      Delete
  4. ඇපත් නෑ.. සැපත් නෑ.. ජනතාව මේ යකා නැති කරනවා... මොකෝ ලොක්කා එක්ක ඇර අනික් ඔක්කෝම එක්ක කොක්ක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන්...

      ඔය කඩේ යන අයගේ හැටිනේ... ලොක්ක ඉල්ලන දෙයක් දීගෙන කඩේ යනවා. අනික් අයත් එක්ක තරගයට ඉදගෙන උඩ යන්න තමයි ට්‍රයි එක.. හැබැයි තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.... මේ ඇත්තට ම ජනතා නියෝජිතයෝ නෙමෙයි. ඒ සංකල්පය මේ වගේ දෙපැත්ත කන උඩ පනින උන් ඉදිරියේ සාධාරණ වෙන්නේ නෑ......

      මීට වඩා ජනපදනමක් තියෙන නායකයෝ රටේ ඕනේ තරම් ඉන්නවා. හැබැයි පුද්ගලයෙක් හැටියට තඹ දොයිතුවක වැඩක් නැති මේ වගේ පුද්ගලයින් ගත්තා ම ප්‍රජාතන්ත්‍රවාදය කොයිතරම් දූෂිතයි ද කියලා හිතෙනවා....

      Delete
  5. අනුරාධටත් ආර්ථික ඝාතකයා කියලා අහගන්න ආස හිතිලා වගේ.

    විමල් පචවංශ ගිරා පැටියෙක් නෙ. :)

    ReplyDelete
    Replies
    1. අනිවා... අනිවා......

      විජාතික කුමන්ත්‍රණයක් නේ මේ කරන්නේ කියයි. කුරුටු ගෑ ගී පවුර විජාතික බලවේගයක් කියයි. ආර්ථික ඝාතකයෙක් කියයි... ත්‍රස්තවාදයට යළි පණ දෙන්න යනවා කියයි... එතකොට මේ රටේ පොදු ජනතාව වෙන අපි ත්‍රස්තවාදීන්.. ඌ.....

      Delete
  6. මේකට මට නම කියන්න තියෙන්නේ "විමල් පැන්නෝ" කියලා නෙවෙයි "විමල් පැඩ්ඩෝ " කියලා තමා. ගණන් ගන්න එපා සද්දේ විතරයි ගඳ නෑ

    ReplyDelete
    Replies
    1. හැක්................... මිනිස්සු මේ තරම් බනින ජනතා නියෝජිතයෙක් දැක්කමයි... මිනිස්සුන්ට පෙනෙන්නට බෑ.. එතකොට කවුද මේ නියෝජිතයට ඡන්දය දුන්නේ... ඉවාන්..................

      Delete
    2. එත් ඔය බනින මිනිස්සුම තමා , අපේ මිනිස්සු චන්දෙ දවස් දෙක තුනේදී ඉන්නේ මෝහනය වෙලා , ටකරමටයි, හාල් මල්ලටයි චන්දෙ දුන්නම් ඔහොම වෙනවා

      Delete
    3. ඇත්ත ඉවාන්..... දේශපාලනය කියන්නේ මොකක් ද කියලා නොදන්න මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැන ගෙන ඡන්දය දේවි යෑ... උපතින් ම සිංහල බෞද්ධ වෙනවා වගේ අපි උපතින් ම ජනතා පරමාධිපත්‍යය උරුම කරගත්තා ය කියලා ඔවුන් දන්නෙවත් නැතුව ඇති.... ඡන්ද අයිතිය මගින් අපේ පාලන බලතල සීමිත කාලයකට නියෝජිතයෙකුට පවරනවා කියන දේ ගැන හීනයක්වත් දැකලා නැතුව ඇති.....

      ඉතින් ටකරං ටිකයි, ටොයිලට් කෑලි වලටයි... හාල් මල්ලටයි... බෝතලයටයි කතිරයක් දෙකක් ගහන එක ඔවුන්ට නතින්....

      මොනවා කරන්න ද ඉවාන්.... නූගත් සමාජයකින් මහා සංකීර්ණ පාලන ක්‍රමයකට අවසර ඉල්ලීම හරියට මීහරක් එක්කන් එන්න බූරුවට භාරදීම වගේ වැඩක්.. වගේ වගක් නෑ... ඌ මුකුත් දන්නෙත් නෑ... ඌට වැඩකුත් නෑ....

      Delete
  7. විමල් පනිනවා කියා
    ඉඟි ලැබුනු දා සිටන්..
    උගේ බිරිදටත්..
    වරෙන්තු පණවලා..

    (දන්නව ඇති නේ නිවුස් එක??)

    ReplyDelete
    Replies
    1. විස්තරේ දන්නේ නෑ.. පුළුවන් නම් සෑමෝ ලින්කුවක් දෙන්න කියවලා බලන්න. නැත්තම් විස්තරේ ටිකක් කොටන්නකෝ බලන්න......

      Delete
  8. නාට්‍යක නමක් මතක් වුණා
    "නරි බුරති" කියලා.
    විමල් කියන්නෙත් නරියෙක්,කපටි ඒ වගේම මෝඩ නරියෙක්.
    හැබයි එකම දේ "හු"කියන එක වෙනුවට බුරන එකයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.....

      එලස් කතාව මනෝජ්......
      තමන් කවුද කරන්න ඕනේ මොකක් ද කියලා දන්නැති කමයි ඔය...

      Delete
  9. wimal weerawansa hariyata berayak wagei ambanata sadde thibunata ethula his!!!.Batahira geththek wisini.

    ReplyDelete
  10. ඒ රඟපෑමවත් හරියට කරගන්න බැහැනෙ,..එතනත් අනාගන්නවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...